Tuesday, January 8, 2013

ඉනි අවන් බලන්න ගිය හැටි (Ini avan film)


එදා සෙනසුරාද දවසක්. මම එදා රාජගිරිය ආයුර්වේදයෙන් බෙහෙත් ගත්තා.. බෙහෙත් අරං වෙලාව ඉතිරි වෙච්චි නිසා ඉම්පාලා එකට ඉනිඅවන් කියන චිත්‍රපටිය බලන්න ගියා..

සෙනසුරාදා දවසට ෆිල්ම් හෝල් වලට කපල් එනවා. බොක්ස් එකක් රුපියල් හයසිය පනහක් දීලා ඒ අය වෙන් කරගන්නවා. වෙන් කරගෙන ෆිල්ම් එක බලනවා. ඒක ෆිල්ම් හෝල් වලට තියෙන සරු ආදායම් මාර්ගයක්. දැන් ඉස්සර වගේ හෝල් එක පිරෙන්න රසිකයො නැහැ. මම එහෙම තෙරපෙන පෝලිම් ෆිල්ම් හෝල් ලග දැකලා තියෙන්නෙ මරදොනෙ සිනෙසිටි එක ලඟයි දෙමටගොඩ සමන්තා එකයි ලග විතරයි. දෙමල ජනතාව චිත්‍රපට බලන්න බොහොම ආසයි වගේ. ඒ අය සිනමාව තාමත් කලාවක් කියලා හිතනවා. නමුත් සිංහල පෙම්වතුන්ට තවත් ගාල්වෙන්න තැනක් විතරයි අද වෙනකොට ෆිල්ම් හෝල් කියන්නෙ.. ෆිල්ම් හෝල් තුල බොක්ස් එකට කපල් එකක් යෑම සමහරුන්ට මාර ප්‍රශ්ණයක්.. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක රූම් එකට යන එක අපේ සමහර අති පන්ඩිතයින්ට ජාතික ප්‍රශ්ණයක්.. අද මම කොහේද දැක්කා කමල් අද්දර ආරච්චි කියලා තියෙනවා ලංකාවෙ ළමයි හම්බුවන්ෙන රෝස කැලෙන් කියලා සමහරු පිලිගන්නවා කියලා. එකෙ ව්‍යංගාර්ථය තමයි ලංකාවෙ ගෑනු පිරිමි සෙක්ස් කියන්නෙ අමුතු දෙයක්..ඒක නිකං අර පික් පොකට් ගහනවා හොරකං කරනවා වගේ ලැජ්ජාවෙන් අනවසරයෙන් කරන්න ඕනි දෙයක් බවට පත්වෙලා.. ගොඩක් කෙල්ලො කොල්ලො ජෝඩුදාල පාරෙ යන්නෙත් ගිනි බයකින්.. ඇයි එහෙම වෙන්නෙ කියන්න දන්නෙනැහැ.. ඒත් තමුං ආදරය හෝ මොකක් හරි රිලේෂන් ෂිප් එකක් තියාගෙන ඉන්නවා නං ඇයි ඒක අනවශ්‍ය විදියට හංගන්න හදන්නෙ..

ඕන්න අපි ලව් කරනෝ කියලා හැමෝටම පේන්න ඇවිදින්න තරම් පෙම්වතුන්ෙග් කොඳු නාරටි ශක්තිමත් නැත්තෙ ඇයි?

ලංකාවෙ හෝල් දැන් තියෙන්නෙ බොක්ස් නිසා. ඒ නිසාම ෆිල්ම් එක ගැන ඒ තරම් අවධානයක් හෝල් කාරයින්ගේ නැහැ වගේ. ඉස්සර තිබුන සීනු ගහන එක. ඉන්ටවල් එක දැනුං දෙන එක වගේ බේසික්ම දේවල් වත් රාජගිරිය ඉම්පාලා එකේ තිබුනෙ නැහැ. එ් මදිවට ෆිල්ම් හෝල් එකේ අයිතිකාරයොම විටින් විට මනුස්සයෝ ඇතුලට දාන්න ටෝච් ගහන එක හරිම වදයක්. මං නං හිතාගත්තා ආයෙ කවුරු හරි සල්ලි දුන්නත් ඉම්පාලා රාජගිරිය එකේ නම් ෆිල්්ම් බලන්න යන්නෙ නැහැ කියලා..
ඉනි අවන් හි රූපරාමුක්... 
ඉනිඅවන් ෆිල්ම් එක ගැන විචාර කරන්න නම් බැහැ. ලියනාඩෝ ඩාවින්චි කියන මනුෂ්‍යයා මෝනාලිසා කියලා චිත්‍රයක් ඇඳලා තියෙනවා. අපිට පුලුවන්ද ඒ චිත්‍රයේ වැරදි කියන්න..බැහැ නෙව..ආන්න ඒවගේ පරිණත සිනමාකරුවෙක්ගේ පරිණත සිනමා කෘතියක ආන්න ඒ චරිත හොඳ නැහැ..ආලෝකෙ සවුත්තුයි වගේ විචාර කරන්න බැහැ. මොකද ඒ ෆිල්ම් එක ෆිල්ම් එකටම අනන්‍ය වෙච්චි තලයක තියෙන නිසා. හරියට නිකං ෆේස්බුක් ගැන කතාකරනකොට අපිට ෆේස්බුක් විචාරය කරන්න බැහැ.. පොදෙුවේ ෆේස්බුක් එකෙන් වෙන වෙනත් බලපෑම් ගැන කියන්න පුලුවන් වුනාට ෆේස්බුක් වල තියෙන තාක්ෂණික දෝස.. ඒකෙ අලුතින් එන්න ඕනි දේවල් ගැන ආදිය අපිට කියන්න බැහැ. මොකද ෆේස්බුක් කියන්නෙ ඒ සමාජ ජාල කියන ජාතියෙ තියෙන හොඳ ම එක නිසා. ඒ වාගේ මං බලලා තියෙන ඉනිඅවන් ජාතියේ සිනමා කෘති තුල ඉනිඅවන් කියන්නෙ ප්‍රබලම එකක්. ඒක විචාරය කරන්න යන එක මෝඩ කමක්. ඒකෙ කතාව කියන්න යන එකත් ඒ තරං ගැලපෙන ව්‍යායාම එකක් නෙමෙයි..

ඉනිඅවන් කතාවක්ද?

ඉනිඅවන් බලලා ආපහු එන්න හදනකොට ආරක්ෂක අංශයක සේවය කරපු යාලුවො වගයක් කතා වෙනවා ඒ ෆිල්ම් එකේ ේතරුම හඳගමගෙන් ම අහගන්න ඔ්නි කියලා. හඳගම වගේ ප්‍රබල සිනමාකාරයෙක් කිව්ව ගමන් සාමාන්‍ය මිනිස්සු හිතනවා අපිට නොපෙනෙන වැදගත් දෙයක් සිනමා කෘතිය තුල ඇති කියලා. ඇත්තමට ඉනි අවන් තුල පෙන්වන දේවල් වලට එහා ගිය දැඩි ගැඹුරක් නැහැ. සාමාන්‍යයේන යුද්ධයෙන් පස්සෙ කාලෙක දෙමල තරුණයෙකුට විය හැකි දේවල් ටික ලස්සනට අමුනලා තියෙනවා ඒ ෆිල්ම් එක ඇතුලෙ. ඒක අස්සෙ නොතේරෙන අපබ්‍රංශ නැහැ.  සරලව දකින්න ආස අයට සරලවත්..බරසාර විදියට දකින්න ආසා අයට බර කරලාත් බලාගන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි ඉනිඅවන් කියන්නෙ.

ඒ කතාව ඉවර වුනේ නැහැනෙ..

පොත්වල තියෙන කතා ටෙලි නාට්ටි කතා ආදිය ඉවර වුනාට අපේ සාමාන්‍ය ජීවිතේ සිදුවන සිද්දි හරියටම මෙතනදි ඉවර වෙනවා කියලා එකක් නැහැ. ඒ වගේ වෙලාවක සාමාන්‍ය ජීවිතයම සිනමාත්මකව එලිදක්වාපු ඉනිඅවන් අස්සෙත් හරියටම ටක්කෙට ඉවරවෙන ආ අවසානෙ කෙල්ලයි කොල්ලයි සන්තෝසයෙන් ජීවත්වුනා ජාතියෙ කතා නැහැ. එතන එක්තරා ප්‍රමාණයකට ජීවිත පෙලගැස්ම පෙන්වලා නවත්වනවා. සමහර විට ඉන් පස්සෙ දේ හිතාගන්න පුලුවනි..නැත්තං හිතන් නැතුව නැගිටලා එන්නත් පුලුවනි.

කොහොම වුනත් සිනමාව කියන්නෙ ශ්‍රව්‍ය දෘෂ්‍ය අත්දැකීමක්.. ඒක කෙටිකතාවක් විදියට පත්තරවල බ්ලොග්වල දිගඅරින්න අමාරුයි. ඉනිඅවන් කියන්නෙ ඉතා සරල එහෙත් අපිට නොපෙනුන යථාවාදී දෙමල කොල්ලෙකුගේ කතාවක්. ඒක අස්සෙ ආමි කාරයො සහ යුද්දෙ පේන්නෙම නැති තරම් නමුත්. ඒයුද්ධයේ අතුරු ඵල බොහොම කාවදින විදියට අපි පෙන්වලා තියෙනවා. තව දුරටත් මේ ඉනිඅවන් විස්තර කිරීම නිකං හීනයක් දැකපු ගොලුවාගෙන් හීන විස්තර අහනවා වගේ වැඩක් වෙනවා. ඒ නිසා කස්ටියට කාලෙකට පස්සෙ තේරෙන විදියට තියෙන අපේම සහෝදර ජීවිත දැකබලාගන්න ඉනිඅවන් එක්ක එකතුවෙන්න කියාල මම ආරාධනා කරනවා..

9 comments:

  1. ///ඕන්න අපි ලව් කරනෝ කියලා හැමෝටම පේන්න ඇවිදින්න තරම් පෙම්වතුන්ෙග් කොඳු නාරටි ශක්තිමත් නැත්තෙ ඇයි?///

    එහෙම කොදු නාරටිය ශක්තිමත් උන එකෙන් මං ඒ ඇයි කියලා ඉගෙන ගත්තා... ඒ යාලු වෙලා හිටපු අවුරුදු 11ටම මං ඔය හැම එකම හොඳට වින්දා... අබිලිං ඇන්ටිලට කන් දෙකේ ඇඟිලි ගහගන්න කිව්වත් එක්ක... එකක් තමයි රටම උන් දෙන්නව ඉක්මණට කසාද බන්දන්න හදන එක... මුන් යාලු උනාට බඳින්න හදිස්සිය තියෙන්නේ බලං ඉන්න උන්ට... හදිස්සියේ මොනවා හරි වෙලා ඒ සම්බන්ධෙ කැඩුනොත් අර කෙල්ලව බැඳලා ඩිවෝස් වෙච්ච ගෑණියෙක් ගානට දාන එක... යාලු උනොත් බඳින්න ඕනේ කියලා හිතං ඉන්න අපෙ මේ මෝඩ සමාජේ තරම තමයි...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 11 කට පස්සේ එදා ඔයාගේ ආදරවන්තයා ඔයාව අත හැරලා ගියානම්.ඔයා දැන් අවසානයට කියන දේ කියනවද?.

      Delete
  2. "සරලව දකින්න ආස අයට සරලවත්..බරසාර විදියට දකින්න ආසා අයට බර කරලාත් බලාගන්න පුලුවන්" ඔන්න ඔය වගේ එහෙකට තමයි මම හොඳ නිර්මාණයක් කියන්නේ. හැබැයි ඉනියවන් වල මම ඒතරම් සරල කතාවක්නම් දකින්නෙ නෑ. ඒක තමයි අර යාළුවෝ දෙන්නා ෆිල්ම් එකේ තේරුම හඳගමගෙන්ම අහන්න ඔනෙයි කියන්න ඇත්තේ! එයාලට තේරෙන්න ඇත්තේ ලස්සන කතාවක් මැදින් ඉවර වෙච්චි ගතියයි. මම කලින් මේක ෆේස්බුක් එකේදි කිව්වා. මට හොඳ නිර්මාණයක් කියන්නේ හොඳ අවසානයක් තියෙන එකකට. හොඳ අවසානයක් කියන්නේ ප්‍රේක්ෂකයාට අනුමාන කළ නොහැකි ප්‍රේක්ෂකයාව අතරමං නොකරන අවසානයකට! අන්න ඒ අවසානේ මම ඉනියවන් වලින් දැක්කේ නෑ.

    (පුද්ගලික අදහසකි)

    ReplyDelete
  3. http://www.w3lanka.com/2012/12/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. මම ඒ විචාරය බැලුවා...
      ලංකාවෙ සිනමා විචාරයකයින් සිතන්නෙ සිනමාකරුවන් තමුංට අවැසි විදියට සිනමා නිර්මාන කරන්න ඕන ිකියලා....
      අනික ලංකාවේ ආන්ඩු විරෝධින්ගේ මනෝරාජික මතයක් තියෙනවා මේ කාලෙ මිනිස්සු අරින හචිමක් පවා ආන්ඩු විරෝදි වෙන්න ඕනි කියලා...

      අපේ විචාරකයින්ට අනුව දේශපාලනික කතාවක තියෙන්න පුලුවන් අන්ත දෙකයි..එක්ක රජයට පක්ෂ..අනික් එක විපක්ෂත..එතනින් එහා ගිය ගැඹුරු දේශපාලන මතවාදයක් බහුතර ලාංකිය පත්තර සහ අන්තර්ජාල කලා විචාරකයන් සතුව නැහැ... ඒ බංකොලොත් භාවය ඔය කියන ඩබ් ත්‍රි ලංකා පෝස්ට් එක ඇතුලෙ තියෙනවා...

      Delete
  4. තාම මේ කෘතිය නැරඹුවේ නැති නිසා මොනවත් කියන්න හැටියක් නෑ. ඔබගේ පුර්වාපර විවරණයන්න කැමතියි.

    ReplyDelete
  5. kiyaweemata pasuwa enna idak na dan amila...

    ReplyDelete
  6. ඉනිඅවන් හැබවින්ම ඉවර වෙනකල්ම බලන්න පුළුවන් වුනා. යුද්ධයෙන් පසු දමිල සමාජය නැගී සිටින්නට දරන උත්සහය හදවතට දැනුනා. ඒ සමාජය ගැන සංවේගයෙන් බලන්නට කණ්නාඩියක් දුන්නා වගේ මට හිතුනා.

    ReplyDelete
  7. හ්ම්ම්ම්.... මාත් බැලුවා.. මරු... ෆිල්ම් එහෙකට වඩා නිකන් ඩොකියුමන්ට්‍රි එකක් වගේ..
    චරිත් කතාව සේරම නියමටම පෙල ගස්වලා.. ලංකාවේ අනික් ෆිල්ම් එක්ක කතා කරද්දී
    හදගමගේ ෆිල්ම් වල ආයේ හොයන්න දෙය්ක් නෑනේ.. පොඩි අවුලක් කියන්නේ, මං දන්න
    විදියට ඕක තාම නුවර නොපෙන්නපු එක.... :(

    ReplyDelete