Sunday, January 27, 2013

කුසුමාන්දරය The tale of Kusuma

නිල් පාටින් දිලිසෙන ලාම්පුතෙල් කාලක් එක අතක
සුදුපාටට කැපුන පාන් බාගයක් තව අතක..පාර්සලයක
ළමයෙක් ඉදි හොටු බේරෙන,, ඇගේ ඇකයක
කන්ද අදී කෙසටු සරීරය අදිමින් හති දාමින් විලසින් ටැක්ටරයක.

නරුම දත් පෙලක් ඉදිරියට ඇති
කාල වර්ණ දේහය ඈ සතුව ඇතී
වැඩිපුර වරුණ දෙන කිසිවක් ඇයට නැතී
එනමුත් ඇයද අම්මෙකි සැමියෙකුද නැතී..

සැමදා තැලෙන තණ මත
දවසක පිපිලා බිම්මල් දස අත
වාගේ එක දවසක් ඇගේ සිත
ඇදෙන් ඇති නොදැනිම රාග සිත වෙත..

ගෙවල දන මගුල් ඇති සැන සොයා දැන
ඒ හැම තැනදි කුස්සිය පැන වැඩ කරන
ගොයං කපන කල යහමින් වෙහෙස වෙන
ඇගෙ රති සුවය රහසකි ගම අවුලවන..

බඩු කිරනා පාල වාගේ නේද කොලූ..
නැත්තං තෙපා වාගෙද උගෙ නාසෙ කලූ..
කිසිවෙක් ළගත් විස්තර නැති රහස පෙලූ
මේ වනතෙක් ඒගැන ඇය කෙල නොසැලූ..

කුසුමා ලෙසින් නම් වුනු - පරවුනු නැතත් කිසි ලකයක් නොම පෙනුනු..
දෙමාපිය මේ ලොව නැතිවුනු..වරද නිසා ඇගේ නෑයො නැතිවුනු...
අසරනිය ගම විසුනු...කවුරු කවුරුත් ඇයට  පිහිට වුනු.
ගමුන් මුදලින් තැනුන..ගෙයක් විය ඇය හට රිසිසේ වසන.

එලවලු වගාවට ඇය යනෙන කලට හේනට..කුලියට වැඩට..
දිග ඇදුනු පොල් අත්තක නැත්නම් පිදුරු බිස්සක කොහේ හෝ අස්සක
දඟමින් දඟලමින් වැනෙමෙන් පෙරලෙමින්..කෑකොස්සන්ද ගසමින්..
කොලූ කැරකෙයි ඇය අවට හැමෝම බලා සැනසෙති උගේ කවට වැඩ..

ඉපදුන කලදි කොල්ලා ..මහත්තැන් කෙනෙක් ඇවිදිල්ලා
කෝ ඔය එකා දීපල්ලා.. කීවත් මේකි දුන්නේ නැහැ නෙව අම්මපල්ලා.....
මා හට ඇහැකි විදියට ..මට දෙන්න ඇහැකි ලෙසකට...
දීලා සැප දුක හැටියට...හදාගමි මා කොල්ල හොඳ යසට..

නිකං විසිවෙවි ගෙවල ගොවිබිම් දෙස..ඇදුනු ඇගෙ දිවිය දැන් විඇත වෙනස
කලක් කටුක කම මත තැනුන පතොක් ගස..බිහිවී මල් පොකුර ඇත සුවඳ බැස..

‍කොල්ලා බර දරා අනෙක් අතකින් දර මිටිය අරා..
කෝ බැහැපන් කිවත් නොබසින ඌට රව රවා..
තවත් පලා කොළ ටිකක් ඒ අතක රුවා..
ඈ සැන්දා යාමෙ යයි නිවහන වෙත රැජිනක් වගේ වෙලා..

එක දවසක කොහේ හෝ පැලක නැත්තං අකුලක කූඹි මතදී
හෝ රැයක පානක යනෙන මගතොට අසල තැනකදී..
බිඳුනු පතිවත ඇගේ සැනසුම..වී  ළමයෙක් ඇයට ඇත දිවියා..ක් දී..
වැටුනත් දුක් ගොඩෙහි ..දැන් කුසුමා ඇත ජීවිතයට අරමුණක් දී...

6 comments:

  1. නියමයි...වචන නෑ.....කියන්න...!!!

    ReplyDelete
  2. elama ela amila..

    පති වතක වත ..

    ReplyDelete
  3. මෙවැනිම කාන්තාවක් සිටියා අපේ ගමේ . ඔබ මේ ලියා ඇති පදපෙල ඈටම ලීවා වගේ . ඒ ළමයා හැදී වැඩි පුද්ගලික බස් කොන්දොස්තර කෙනෙක් ලෙස වැඩ කරනවලු දැන් . අපේ අම්මා කිවේ යන එන වැඩිහිටි අයට කරුණාවෙන් සලකන හොඳ කොල්ලෙක් කියලයි .

    ReplyDelete