Wednesday, March 27, 2013

අහිමි වන කප්රුක

පසුකරමින් මහ කඳුවැටි ඕවිටි..පාලු සෝන් පිටි රබර් වතු බඩවැටි...
ගල් මුල් වල පය හැපි හැපි වැටි වැටි...මතකයි හදපානෙ කැන්දන් ආ හැටි..

දැන් කෙල්ලට සල්ලි තියෙනවා.මට නැහැ. කෙල්ලට වස්තුව තත්වය දේපල හැමදේම තියෙනවා..මට ඒ ගොඩක් දේවල් සාපෙක්ෂවඅඩුයි. ඉතිං එයා දැන් බඳින්න යනවා. එයාට මනමාලයෙක් හමුවෙලා..
තියෙන්නෙ එක ඔප්ෂන් එකයි පැනලා යන එක..
ඒත් කෙල්ල ගැන හොඳටම දන්නෙ මම. මං කොහොමද පැනලා ගිහින් එයා එක්ක ඉන්නෙ..අනේ මන්දා..හිතන්න යනවාට වඩා නොහිතා ඉන්න එක හොදයි..

ගාන පර්ෆියුම් එක පන්දාස් ගානක්.. පන්දාස් ගානක් කියන්නෙ මගේ මාසික ආදායමෙන් හතරෙන් එකක්..
එකම දුව..ලොකු පවුලක. කොහොමද දෙමාපියො නෑයො එයාගෙ පරිසරය දාල ඇවිත් කාමරේක ඉන්නෙ.
ආදරය කියන්නෙ එකතුවීම නම් අනිවාර්යෙන් අපි එකතුවිය යුතුයි.
නමුත් ආදරය කියන්නෙ ජීවිතේ සතුට නම් එයාට මං එක්ක පැනලා ඇවිත් කුලී ගෙවල්වල ලගින එක පාඩුයි.
හැමදාම කතාකරන සන්තෝසෙ ජිවිත වල හැමදාම තියාගන්න බැරිවේවි. මම ගොඩක් හිතනවා වැඩියි. ඒත් අවුරුදු ගානක මගේ ඒකාකාර ජීවිතය මට උගන්වපු පාඩමක් තියෙනවා. හදිස්සියෙ සතුට සොයා යන්න ගිහින් විඳවනවාට වඩා හැමදාම විඳින දුක හොඳයි. මොකද ඒ දුක දැන්ට අපේ ඇඟට පයිත්තියං වෙලා. 

නිෂූ බඳින්න ඉන්න බෝයියා ඇවිත් එයාව කොහෙද එක්කරං යන්න. ඉතිං එයාට එලියට වෙලා ඉන්න කියලා නිෂූ කාමරේට ගිහිං මට කොල් කරලා අහනවා. සාලි මොකද්ද හොඳ ඇදුම කියලා..
නිෂු හමුවුනේ අහම්බෙන්. සල්ලිකාර වංශවත් බාගයක් අමරිකාවෙ සහ පිටරට ඉන්න් ඒ පවුලේ තිබුන පහලම කොක්කක් මිස් කෝල් වලින් සෙට් වුනා. ඉතිං ඒක දුරදිග ගිහින් අවසානෙ නිෂූ ගාව නැවතුනා..
වසර පහක ටෙලිපෝන් ප්‍රේමයක්. නිෂුට තාම මුකුත් දැනෙන් නැහැ. සමහර විට එයා මට ආදරේ කියාල සිය වතාවක ්කිව්වත් ඒක තාම දැනිලා නැතුව ඇති එකම පාරක්වත්. අපි හමුවුන වතාවන් වල සොඳුරු මතක සටහන් ගොඩක් එයාගේ රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක අහෝසි වෙලා යනවා කියලා ගානක්වත් නිෂුට නැහැ.

එහා හිතන තරම් සැහැල්ලුවෙන් මටත් හිතන්න හැකි වුනානම්. එයා බබෙක් වගේ. එයාලයි අම්මත් මට කිව්වෙ එහෙමයි. ඒත් බබෙක් වුනාට බබෙක්මත් නෙමෙයි. නිෂූව අතපත ගාපු මට එහෙම හිතුනා. එවේලෙ.
අපි නොගැලපෙන තැන් අපි කැමති දේවල් ගොඩායි. ඒත් අපි දෙන්නාට දෙන්නා.අනේ මන්දා.
තරහවෙලා දවස් ගනන් ඉඳලා ආයෙම කතා කරනකොට ආයිත් බැඳෙන හැටි හරිම ලක්ෂණයි.
මේක දිගට තිබුනොත් අවුලක්. හින්දි චිත්‍රපටියක් වගේ. ඒත් චිත්‍රපටියකට වඩා මේක දැනෙනවා. මොකද මම ඒකෙ පනගහන චරිතයක්.
සාලින්ද අයියේ.. ඔයාට මාව නැතුව ඉන්න බෑ වගේ නම් දැන්ම කියන්න ඈ.. තව මාසයයි තියෙන්නෙ? ඔන්න රෙජිස්ට්‍රේෂන් තියෙනකල් විතරයි හරිද?

ඔව් රෙජිස්ට්‍රේෂ්න් වලින් පස්සෙ වාහන ට්‍රෑල් යනවා. ඉන් පස්සෙ ඕනි ඩ්‍රයිවර මහත්තයෙක්ට පදින්න පුලුවන්. මට ප්‍රශ්ණයක් නැහැ තරිඳු තෙල් ගහයි මං පදින්නම්.. මම කියාගෙන ගියා.
චිකේ...සාලින්ද අයියා..ඔයා හරිම වල් වෙලා... තරිඳු අයියා දැනගත්තොත් මේවා කතාකරනවා කියලා මට පෝන් එකක්වත් අල්ලන්න දෙන්න එපා කියාල අම්මලට කියයි. ඒ නිෂු..
මං ඔයාට ඇප්ලයි කරන්න කිව්වට..අනේ මන්දා.. මටත බෑ වගේ...මං ඔයාට කවදා ඉදන්ද සාලින්ද අයියෙ කිව්වෙ..අලුත් රස්සාවක් හොයාගන්න.
කාර් කෑල්ලක් වත් ගන්න කියලා. ඔයාට ඒවා ඕනි වුනේ නැහැ. කොටින්ම බයිසිකලයක්වත්.. ඔයාට නැහැ..

හරි හරි නිෂූ..ඉතිං මට නැහැ. මට ගන්න ඕනිත් නැහැ.. කෙල්ලෙක් නිසා යකඩ ගොඩව්ල අතගාන්නයි ඒවා ගැරිජ් දාන්නයි මට බැහැ..විකාර..ගෙවල්..සල්ලි..ජොබ්..
ඔයාලයි තාත්ත මිනිස්සුන්ට දෙන්නෙ කීයද මාසෙට..ඔයාමයි කිව්වෙ ඔයාලගේ ලියන මහත්තයෙක්ට තාත්ත ගෙවන්නෙ විස්දාහයි කියලා..උන්ට කාර් තියෙද? උන්ට පර්පියුම් තියෙද? ඔය ජීවත් වෙන්නෙ සෝක් එකට..
නිෂු තේරුම් ගන්න..ඔයාලයි තාත්තලට බාප්පලට තරිඳු අයියලාට වගේ නෙමෙයි. අපිට දියුනුවෙන්න අමාරුයි. කොටින්ම මට ඔයාලයි තාත්තට වගෙ තුප්පහි බිස්නස් මට බැහැ..

ඔවු හැමදාම හිඟන්න වගේ ඉන්නවා. ඒ මදිවට හම්බ කරන මිනිස්සුන්ට ඉරිසියා කර කර කතා හද හද ඉන්නවා.. හැදෙන්න එපා.. හැදෙන්න හදන්නත් එපා.. මං මේ කතා කරාට ඔයාට වෙන කවුරුත් කෙල්ලො කතා කරන්නෙ නැහැනෙ. ඒ ඔයාගෙ තියෙන ඔය පන්ඩිත කමට.. ඔයාගෙ තියෙන ලොකුකමට..ඔයා ට මුකුත් නැතුවාට ඒ හැම එකටම උත්තර එනවානේ හොඳට..නිෂූට තරහ ගිහින් කියාගෙන ගියා..

(ම්ම්...නිෂු කොයිතරම් ෆේල්ද? එයා හිතනවා මං එයාට ඇත්තම කියනවා කියලා. අහෝ... දුර පරතරය නිසා අපි ඇතින් හිටියාම මං කියන ගොඩක් දේවල් ඇත්ත කියලත් නිෂූ හිතනවා.. කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති.. නරක වීඩියෝ බලන්නෙ නැති..කෙල්ලොන්ට විහිලු කරන්නෙ නැති මගේ සාලින්ද අයියා..මං නිකමට මං ගැන නිෂුගේ හිතේ තියෙන පිංතූරෙ ගැන හිතුවා..අහෝ කොයි තරම් ලස්සනද ඒ පිංතූරෙ..)
දවසට පුරා කනට ඇහෙන ඇහැට දකින කපටි ලෝකෙන් මිදිලා රෑට පැය බාගයක් නිසුගේ සුරංගනා ලෝකෙට යන එක මං පුරුද්දක් කරගත්තා. ඒක හරි ලස්සන එකක්..එයා ලස්සන සෙරෙප්පු ගන්න..එයාල ලස්සන ට්‍රිප් යන. එයාගේ ඥාති අක්කලාගේ බබාල සෙල්ලම් කරන සුන්දර ලෝකයක්. දවල් කාලෙදි මට හමුවෙන කපටි කයිරාටික මං වගේම මිනිස්සු අතරෙන් හෙම්බත් වෙලා අර සුරංගනා ලෝකෙ පැය බාගයක් ජීවත් වෙන එක මට නිකම් වෙහෙස නිවාගන්න කාටුන් ටෙලි බලන සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය පුරුද්ද තරමටම පුරුද්දක් වුනා. 

ඒත් නිෂුලා දුවන්නෙ එයාලට අයිති වතුවල,ෆැක්ටරිවල ආදායමෙන්..ඒ මිනිස්සුන්ගේ කඳුලු වලින් කියලා මම දැනගෙන හිටියා. එයා පෙඩිකාලෙ ඉස්කෝලෙ සුද්ද කරන්න ඉස්කෝලෙ මීටින් වලට පවා යන්නෙ එයාලගේ වත්තෙ හිටපු හොඳ මනුස්සයෙක්..එයාට ටිකක් උගතෙක් නමුත් ලේබර් කෙනෙක්..පොඩි බිස්නස් ගානක හිමිකාරයා වෙච්චි නිෂුගේ තාත්තගේ හොඳම සේවකෙයෙක් තමයි ඒ..ඉතිං අර අමරපාල කියන මනුස්සයා මහත්තයාගේ වැඩ කරලා ඒ මදිවට මහත්තයා වෙනුවට දෙමාපිය මීටින් වලටත් යනවා. ඒ දෙමාපිය මීටින් තියන්නෙ ඉස්කෝලෙ හදන්න..වත්ත සුද්ද කරන්න වගේ වැඩවලට කියලා නිෂුගේ තාත්ත දන්නවා. ඉතිං සුදුසු මනුස්සයා යවනවා. 

දවසක් නිෂුගේ කොන්සට් එකකට තාත්තා ගිහින්. වෙනදා තාත්තා විදියට අමරපාල එන නිසා හැමෝම ඇහුවලු නිෂූගෙන් තාත්තව පෙන්නලා කවුද මේ කියලා..ඒ හැමෝටම තාත්ත මුදලාලි මහතා..ඒ අපේ වැඩකරන කෙනෙක් මම තමයි නිෂුග් තාත්තා කියලා කිව්වලු..
ඒ කතා ටික ලියනවනම් ගොඩක් ..ඒත් ඒ කැත සල්ලි ගැන කිසිම කැතක් නිෂුගේ නැහැ. කොහොමත් මට ඒ කැත පෙනුනට කොහෙද සල්ලිවල කැතක්..

ෆැක්ටරියක වැඩකරපු මනුස්සයාගේ අතක් මැෂිමට ගිහින් තාත්තා ලක්ෂයක් දීලා සේප් කරගත්ත හැටි. ඒ මනුස්සයා පොලිසි යන්න හැදුවම පොලිසියට අරක්කු බොන්න දීලා සේප් කරගත්ත හැටි. පංසලේ හාමුදුරුවන්ට චෛත්‍ය හදන්න සල්ලි දීලා හාමුදුරුවො සේප් කරගත්ත හැටි..නිෂුට කතා ගොඩයි.
ලක්ෂ හතරක් දීලා පරණ කාර් කෑල්ලක් අරං පේන්ට් ගහලා ලක්ෂ 14ට දුන් හැටි.. ඒ කාර් එක බලන්න ආවොත් ආයිත් ගෙදර හොයං එයි කියලා තාත්තගේ ම වාහනේක කාර් එක පටවං ගිහින් මග බාලා මගදි පොඩිදුරක් ගිහින් අර මනුස්සයා මෝර කරලා කාර් එක වික්ක හැටි.. හරිම අභිමානෙන් හරිම කිංකිනි සද්දෙන් නිෂූ කියනවා. ඒවා නිසුගෙ තාත්තගේ වීරක්‍රියා..වගේ...

ඒ හැම එකටම මම හිනාවුනාට..මට අර දුකට පත්වුන මනුස්සයො ගැන වෙන වෙලාවට හිතෙනවා. ඉතාම අඩු දවස් කුලියට ෆැක්ටරිවල වත්තෙ වැඩකරන මිනිස්සු.. ඒ මිනිස්සු තමුංගෙ ගේ ළඟ තියෙන ගස්කොලං පවා මුදලාලිට ණයට දීලා හදිසිස්යට උගස් සල්ලි ගන්න මිනිස්සු..ඉන් පස්සෙ අර මුදලාලි මහත්තයා නියම දවසට ගිහිං ගෙදර අය බලා ඉද්දි ගහ කපං එන හැටි..ෆිල්ම් වගේ..ඒත් ඒ සල්ලි ..හරි වටිනවා..
මන්ත්‍රිතුමාට උදව්කරනවා කියලා ඇට් කරලා උන්දැලා සේප් කරගන්න හැටි..ඉන් පස්සෙ පාලං බෝක්කු කොන්තරත් අරං වැලි ගල් විතරක් දාල සිමෙන්ති නැතුව ඒවා හදන හැටි.. හරිම ලස්සන ඉංජිනේරු දැනුමකුත් මට ලැබුනා.. 

නිෂුට තාත්තා ඒ හැමදේම කියන්නෙ නැතුව ඇති.නමුත් නිෂුට ගොඩක් කතා ඇහෙනවා. ඒ ඇහෙන ඒවා හරිම හිනායන විදියට තාත්තගෙ වීර වැඩ විදියට මට කියනවා. ඒ කියන විලාසය හරිම ලස්සනයි.
ඔය මුදලාලියට පාඩමක් උගන්වන්නත ්පුලුවන් නිෂු එක්ක පැනලා ගියොත්. ඒත් එකම දුව..මුදලාලිගෙ..
අවසානේ..මුදලාලියෝද මනුස්සයෝය..කියලා මං වෙනදා වගේම නිකා ඉන්න තීරණය කලා.

10 comments:

  1. උඹ මේ ස්ටෝරිය නියම තැනකින් අල්ලගෙන තියෙනවා....... මරු මචං.

    ReplyDelete
  2. මනුස්සකම නිසා බලපුළුවන්කමට ජයවෙන්න දුන්නද?
    නැතිනම් තමන්ගෙ නැතිබැරිකම ඉස්සරහා බලපුළුවන්කම ජයගත්තද?
    කථාව නම් ලස්සනයි අමිල!

    ReplyDelete
  3. මේක නියමයි අමිල...
    අපි වටේ තියෙන ලස්සන සමාජයේ කැත උඹ බොහෝම ලස්සනට පෙන්නල තියෙනවා...

    ජයවේවා!!!

    ReplyDelete
  4. චිත්තරපටි, පොත් වල ඔය වගේ කතා තිබ්බට දැං කාලෙ ඇත්තට වෙන ඔය වගේ කතා හරි දුලබයි නේ?

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවතුල සමාජ ස්ථර අතර ගැටීම අඩුයි..ඒ කිව්වෙ සල්ලි තියෙනඅයත් සල්ලි නැතිඅයත් සෙට් වෙන්නෙ නැහැ...
      ඒ නිසා දෙගොල්ල ආතල් ලයින් දෙකක යනවා...

      සාමාන්‍යෙයන් දැන් මං වටේතියෙන සමාජයෙ සල්ලි සහ බලය තියෙන ගොඩක් චරිත ඒවා ලබාගෙන තියෙන්නෙ ලස්සන විදියට නෙමෙයි...
      නමුත් ඉතාම සාධාරනව ඉන්න අයත් ඉන්නවා..නමුත් එයාලට මේ වත්මන් සමාජයේ ඉල්පීම අඩුයි..

      Delete
  5. නියමයි බන් අමිලයෝ..ශබාෂ්..

    ReplyDelete
  6. මුදලලිලාද අමනුෂ්‍යයෝය කියල කිවුව නම් තමයි හරි..

    ReplyDelete
  7. යකෝ මේකෙ ස්පෑම් කමෙන්ට්ස් යනවා. ෆිල්ටරේ බලපං.

    ReplyDelete
  8. Isn't the very name," National News" mean that it s not just about themedication. Our readers will still be able to receive a placebo, wasn't significant enough to outweigh unknown safety risks.
    Research the online school that fits you best and make sure
    that they can further their own case against hijab. See for
    those who order farmacia on line to start considering a safer option
    - the natural supplements or methods. Video on
    the 900 performs just as admirably, with the noise-cancelling
    second mic helping to focus on the, er.

    Here is my blog post this contact form

    ReplyDelete