Saturday, March 30, 2013

පෞරාණික කෝට්ටේ (Great sinhala kingdom Kotte)

එක්වරම වැටුනු ගිනිපුපුරු පෙළ සෙනවියාගේ සිත සසල කිරීමට සමත් විය. එසැනින් කඩුව කොපුවෙන් ඇදගත් හේ තෙමේ මේඝ ගර්ජනා සේ මහා නාද කරන්නට විය. එතෙක් සමගිව සිටි දෙමළ හේවායෝත් සිංහල හේවායෝත් දෙපසකට වෙන් විය. දැන් එතැන තත්පර ගානක් තුල ඇතිවූ කුඩා යුද්ධයකි. ද්වන්ධ සටන් පෙළකි. මොහොතකට පෙර එකට සිටි සිංහල හා ද්‍රවිඩ සේනාවෝ එතැනම යුධ කරති. කඩුව කොපුවෙන් ඇද නාද කළ යුද්ධය ආරම්භ කල සෙනෙවියා වඩාත් නිර්භීතය. හේ සිය සමර්ථ කම් දක්වමින් යුධ කරයි. මැදිවියේ සිටියත් ආරෝහ පරිණාහ දේහයකින්ද මනා කොට පුරුදු වූ ශිල්පයෙන්ද ඒ සමාන ශූර බුද්ධියෙන්ද යුතු වූ සෙනෙවියා පරාජය කිරීම අමාරු කාරියක් බව පෙනුනි. සතර දිශාවෙන්ම එන පහර වලක්වන්නට අපාසු හෙයින් සෙනවියාට  උපායක් කල්පනා විය. අසල තිබු සියඹලා ගසට හේත්තු වූ සෙනවියාට දැන් පිටුපසින් එන සේනාවන්ගෙන් අනතුරක් නැත. එක දෙමලෙක් මූ නම් අද කඩුගාලාම මරමියි සිතා දෝතින්ම කඩුව අරා වේගයෙන් දිව එයි..සිංහල මහ සෙනෙවියා එසැනින් නැමී කඩුපහර වලක්වා ඒ දෙමලාගේ කඩුව වැරෙන් සියඹලා ගසේ වදින්නට සැලැස්වුයේය. ඉන්පසු කඩුව ඇදගන්නට තතනන දෙමල සෙබලාට වැරෙන් කඩුපතින් පහර දී ඔහු බිම හෙලුවේ කපාලු කෙසෙල් කදක් පරිද්දෙනි. මාරාවේශ වූ ද්‍රවිඩ සෙනෙවියෝද සෙබලුද මේ සිංහල සෙනවියාටම පහර දෙන්නට ආ මුත් ඔහු ගේ ශූර කඩු සරඹය ත් උපායශීලිත්වයත් නිසා සෙබලුන්ටත් සතුරු සෙනවිවරුන්ටත් මේ සිංහල සෙනෙවියා අසලට කිට්ටු වීමටවත් නොහැකි විය. ඒ අතර සිංහල සේනා සෙබලුද සෙනවියාට ආරක්ෂාව සැපයීමට වගබලා ගත්හ. එකිනෙකා කෑ ගහගෙන වැටෙන නදින්, කඩුපහර වල නදින් මුලු බිමම ඇලලී යන්නට විය. අනපේක්ෂිත යුද්ධය නිසා භූමියද දූවිල්ලෙන් වැසී ගියේයැ.

එක් සෙබලෙක් මේ වීර සිංහල සෙනවියා දෙස ඇසිපිය නොහෙලා බලාසිට ඔහුගේ සටනේ දුර්වල තැනක් සොයන්නට විය. නමුත් සටනටම කැපවූ දශක ගණනක අත්දැකීම්ද කාය ශක්තියද කැටිකරගෙන එය සිය අල්ලට  ලූ දුහුවිල්ලක්, මුඛයෙන් විදින සුළගින් අවටට පතුරවනවා සේ සිය කඩුවෙන් පාන සරඹය දුටු සෙබලාට සෙනවියාගේ එකදු හරඹ අඩු පාඩුවක් සොයාගත නොහැකි විය. තම සහෝදර සෙබලුන්ගේත් සෙනවියන්ගේත් හිස සහ කඳ බඩවල් කඩුපහරවල් වලින් කැපී යන අයුරු දුටු සෙබලාට මූ නම් ලේසියෙන් පැරදිය හැකි සෙනවියකු නොවේ යැයි හැඟුනි. එකනෙහිම ඔහුට උපායක් කල්පනා විය. පසුපසින් එන විපත් දුරුවනු පිණිස සියඹලා ගසට හේත්තු වී සිටින සෙනෙවියා  ගස මත සිට කරන සටනකින් පැරදිය හැකි වෙතැයි ඔහු සිතුනි.. අසල තිබූ හෙල්ලක්ද රැගෙන සියඹලා ගසට නැගුනු දෙමල හේවායා හොඳ ඉලක්කයක් බලා සෙනවියාට වැරෙන් හෙල්ල තුඩින් පහර දුනි. ඉදිරිපසින් එන දුනු හී කඩුපත් තෝමර පහර වලක්වාගනිමින් වේගයෙන් කඩුව හසුරවමින් සිටි සිංහල සෙනෙවියාට මේ ඉහලින් පැමිනෙන උවදුර ලකුණු වූයේ නැත. හෙල්ල පහරේ වේගයෙන්ම ඇද වැටුනු සිංහල සෙනවියා ඉදිරියෙන් පැමිණි කඩුපත් වලට හී වලට හෙලි පහරටද ලක්විය. තත්පර කිහිපයකින්ම වීරයාගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට සතුරු සේනාවෝ ක්‍රියා කලේ මූට යන්තම් වත් පණ ආවොත් අපිත් ඉවරයි යන මරණ භයෙනි.

මේ සෙනවියා වනාහි වීදිය බණ්ඩාරය.වීදිය බන්ඩාර කියන්නෙ කෝට්ටේ රාජධානියෙ හිටපු රණ ශූරයෙක්ය. මෙතුමා ඒ කාලයේ හිටපු රජුන් තනන්නෙක් විදියටත් හඳුන්වා දෙන්න පුලුවන්.  මේ අවසාන සටන සිදුවූයේ යාපනයේ නල්ලූර් කෝවිල අසබඩදීය.

වීදිය බණ්ඩාර කියන නම ඇසූ සැනින් එකල පෘතුගීසි සේනාවිධායකයින් පවා තැතිගන්නවාලු. මේ සෙවියාගේ අවසානය තමයි ඉහතින් දැක්වුවේ..මේ කාලෙ මුහුදුබඩ ප්‍රෙද්ශය තිබුනෙ පෘතුගීසින්ට..ඒ කිව්වෙ කෝට්ටේ හෙවත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහල රජෙක් ඉන්නකොට කොළඹ කොටුව පෙටා පැත්ත පාලනය කලේ පෘතුගීසින්..වීදිය බණ්ඩාර සෙනෙවියා වරක් පෘතුගීසින්ට අහුවෙලා අරගෙන යනවා පෘතුගීසින්ගේ කොටුවෙ තිබුන හිරගෙදරකට..නමුත් එවකට හිටිය වීදිය බන්ඩාරගේ බිසවක් කෝට්ටෙ ඉදලා කොටුවට උමගක් හදලා වීදිය බන්ඩාර නිදහස් කරගෙන ගියබවත් ඒ උමග බව සැකකරන්න පුලුවන් සාධක කෝට්ටේ තියන බවත් පුවත්පත් ලිපිවල සඳහන් වෙනවා.. 

මේ තියෙන්නෙ කෝට්ටේ ගැන මහැදුරු සෙනරත් පරණවිතාරණ මහතා පවත්වපු දේශනයක්..බොහොමයක් තොරතුරු මේකෙ තියෙනවා..මම ඒවා ආයෙ බ්ලෝග එකේ කොටන එක තේරුමක් නැහැ ඕනි අය මෙතන ඔබලා බලන්න.. 

දිගින් දිගටම ජනාවාස වීම නිසා පුරාණ කෝට්ටේ රාජධානියේ නටඹුන් බොහොමයක් නැතිවෙලා තියෙනවා. නමුත් අදටත් දකින්න පුලුවන් නටඹුන් කිහිපයක් කෝට්ටේ තියෙනවා..
මාධ්‍ය අතර සුප්‍රසිද්ධ දියවන්නා නව උයන අසබඩ බස් නැවතුමට පාරෙන් එහාපැත්තෙ දියවන්නා ඔය ළඟින්ම තියන පාරෙ තමයි මේ නටඹුන් බලන්නට යන්න තියෙන්නෙ..එතන ඉදලා කිලෝමිටර දෙක තුනක් ගියාම පැරණි සිංහල කොටු බැම්ම බලන්න පුලුවනි.


මෙන්න මෙතනින් තමයි හැරිලා යන්න තියෙන්නෙ.මේ තියෙන්නෙ කෝට්ටේ දියවන්නා ඔයට උඩින් අලුතින් හදන පාලම.
පුරාණ කොටුබැම්ම උඩ වැසිකිලි ගෙවල් ආදිය හදලා තියෙන්නෙ..සමහර ඉදිකිරීම්කිසිම හිරිකිතයක් නැතුව කොටු බැම්ම මතම ඉදිකරලා තියෙනවා. මේ කොටු බැම්ම අඩි හයක විතර පලලට ඉදි කරලා තියෙන්නෙ..කිලෝමීටර ගනනාවක් පුරා පැතිරුනු විසල් කොටුවක් තමයි තිබිලා තියෙන්නෙ..ඒ පාරෙ යනකොට දියවන්නා ඔය නෙමෙයි අනෙක් පස නිවාස අතරින් යාන්තම් කොටු බැම්ම දැකගන්න පුලුවනි.

 මේ බිම ඇවිල්ලා දුර්ගයක් ඒක මඩින් සමන්විත පංකජ දුර්ගයක් නිසා මේ කොටුවෙන් මෙපිට වගුර හරහා මේ කොටුවට පහර එල්ලකරන්න සතුරන්ට අපාසු වෙන්නට ඇති. ඒ වගේම මේ කොටුවට මෙපිට දියවන්නා වගුර මත තියෙනවා ඉස්සර පෘතුගිසි කාරයො කසිප්පු පෙරපු පොට් එකක්. ඒතැන පස්සෙ කාලෙක හැදුවා ලොකු බිල්ඩිමක්..ඒ පෘතුගිසි කාරයො කෝට්ටේ සීතාවක ආදි රාජධානිවලට ගහන්න සේනා සංවිධානය කරපු ගමන් ආතල් එකට බොන්න පෘතුගිසිකාරයො කසිප්පු පෙරපු පොට්ටෙකේ තමයි අපේ සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව අද පිහිටලා තියෙන්නෙ.



මේ පාරෙ තමයි යන්න තියෙන්නෙ. මේ පැත්තකින් තියෙන්නෙ ඇලක් වගේ එකක්..බාගෙදා ඒකත් පුරාණ අගලක් වෙන්නත් ඇති. මෙ හරිය පුරාවිද්‍යාත්මක අතින් අවුරුදු හත්සීයක් විතර පරණයි. නමුත් නූතන සිංහල බොදු අය මේ ගැන එච්චර තැකීමක් නැති බවක් තමයි පේන්න තිබුනෙ.
දිගටම ගියාම කොටුවෙ කොනේම මායිම එනවා. ඒ මායිමේ කොටුවේ කොටුබැම්ම මේ ආකාරයෙන් දිස් වෙනවා. මුලු කොටු බැම්මටම කොටු බැම්ම නිවැරදිව පේන්නෙ මෙතනදි තමයි..අනෙක් තැන්වල පස්වලින් කොටුව වැහිලා තියෙන්නෙ.
මෙතනදි ඔබට කොටු බැම්මේ පලල හිතාගන්නට හැකිවේවි..වත්මන් ගේට්ටු කණුවත් කොටු බැම්මත් සන්සන්දනය කලාම පුදුම හිතෙනව නේද? මේ විදියෙ පලල කොටුවක් කිලෝමීටර ගානක් දිගට ඩෝසර් නැතිකාලෙක හදනවා කියන්නෙ එක්තරා වික්‍රමයක්ම තමයි.
අවසාන හරියෙදි කොටුව  බැම්මට ටිකක් උස නගින්න තියෙනවා. එහෙම නැග්ගම මේ වගෙ පේනවා. මේ යට හියෙ තියෙන්නෙ ඇත්තෙ අගලක් වගේ එකක්. මේ කොටු බැම්ම මත ස්ථාන ගනනාවක මුර කුටි ආදිය පිහිටලා තිබුනා කියලා පුරාවිද්‍ය එකෙන් හොයාගෙන තියෙනවා. මේ කොටුව මත සිටි අලකෙෂ්වර ප්‍රභූ රාජයා මෙහි සිට සේනා සංවිධානය කොටගෙන යාපනයේ රාජ්‍යය කල ශ්‍රී ලංකා දේශයට එකල විවිධ අකටයුතු කම් කල පාලකයෙක් වූ ආර්ය චක්‍රවර්ති එලවන්නට සැලසුම් කල බව සෙනරත් පරණවිතාරණ මහතා කියා තිබෙනවා.
මේ අද පේන්න තියෙන කොටුවට වටා බොහෝ දුර පැතිරිච්ච පරාසයක මාලිගා මුර කුටි සේනා සංවිධාන සහ ප්‍රහාරක උපක්‍රමාදිය සහිත සහිත ප්‍රබල කොටුවක් ඒ කාලෙ තියෙන්න ඇති. නමුත් කෝට්ටේ රාජධානියෙන් පස්සෙ දිගින් දිගටම ජනාවාස වෙච්ච නිසා අනුරාධපුර පොලොන්නරුවේ වගේ කැලෑ වට නටඹුන් යටවුනේ නැති නිසාත් මේ නටඹුන් රාශියක් අද කොටුව සහතවත් තැන් කිහිපයක් පමණක් ඉතිරි කරලා කාලයේ වැලිතලාවට යටවෙලා ගිහින්. 
මේ තියෙන්නෙ කෝට්ටෙම කොටුව ඇතුලෙම පිහිටලා තියෙන පිරිසක් අලකේෂ්වර ප්‍රභූ රාජයාගේ රජ මාලිගය ලෙසත්, පිරිසක් ඔහුගේම සොහොන ලෙසත් හඳුන්වන ස්ථානයක්. කෙසේ වෙතත් මෙහි ප්‍රශස්ථ මට්ටමක ඉදිකිරීමක් එකල තිබෙන්නට ඇති.

 මේ අවට වෙසෙන මනුෂ්‍යෙයක් මා සමග මේ ගැන කතාබහ කලා. ඔහුගේ මතය වුනේ අලකේශ්වර කියන්නෙ දෙමල රජෙක් කියලා. නමුත් පරණවිතාරණ මහත්තයා කියන්නෙ අලකේශ්වරලා ඉන්දියාවෙන් ලංකාව ටඇවිත් බොහෝ කලක් මෙහි විසු බවත් ඔවුන් පොලොන්නරු යුගයේ පාලකයෙක් වුන නිශ්ශංඛමල්ල රජදවසේ සිට කෝට්ටේ දක්වා පරම්පරා දහයක සිට රාජ සභාවේ ප්‍රභූන් ලෙස සිටිබව ේඛනවල දැක්වෙනවාලු. ඒ අලකේෂ්වරගේ මුල්ම මුත්තලා ඇවිත් තියෙන්නෙ මලයාලම් රටෙ කාන්චිපුරෙන්ලු..බොහෝ කලක් තිස්සෙ ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහේ ඉලා ඉන්දියාවෙම රජෙක් වුන,එවකට ලංකාේ යාපනේ බලය හිමිව තිබුන ආර්ය චක්‍රවර්තිට කුඩුවෙන්න ගහලා සය වෙනි පැරකුම්බා රජතුමාට රජ වෙන්න සැලැස්සුවෙ මේ අලකේශ්වර බවත්, එසේ අලකේශ්වර විසින් මාර්ගය තනා දුන්නෙ නැත්න්ම සයවෙනි පැරකුම්බා රජට රට එක්සේසත් කරලා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන්න අමාරු වෙන බවත්, තමයි පරණවිතාරණ මහත්තයා කියලා තියෙන්නෙ. 

ඉතිං එහෙම දෙයක් කරපු ප්‍රභූ රාජයෙකු ගැන ඒ සොහොන තියෙන අවටම ජනයා මේ ...කොහෙද යන දෙමල රජෙකුගේ සොහොනක් නෙව කියලා අපහාස කරන එක වැරදියි.. ඒ අවට ජනයා ගොඩක් අය මේ වාගේ නටඹුන්  තියෙනවා කියල දන්නෙත් නැහැ. පාර නොදැන කස්ටියගෙන් පාර අහගෙන යන්න ගිහිපු මට හත් අටදෙනකුගෙන්ම පාර අහගන්නත් වුනා. නමුත් බොදු බල සේනාවේ  සිංහල සේනාව නංවන පෝස්ටර් නම් හැමතැනම තිබුනා. තමුං අවට තියෙන සිංහල උරුමයන් ටික තියෙන තැන්වත් නොදන්න සිංහලයින්ගේ බොරු සෝබන ජාති ලෙ මටනම් විහිලුවක්.
මේ වාහනේ ගියාට හරියට වටේම යන්න බැරිවුනා..ටිකක් පයිං යන්නත් වුනා..කොහොම වුනත් කොළට කිස්ටු අයට පයිං ඇවිදන ගමනක් දාන්න..පරණ දේවල් ගැන දැනගන්න පුලුවන් පස්ට තැනක් තමයි මේ කෝට්ටේ ඉපැරණි නටඹුන්..මම මේ දක්වලා තියෙන තැන්වලට අමතරව කෝට්ටේ රජමහා විහාරය, අම්බලම සහ තව ස්ථාන දෙකක් තියෙනවා මේ පැත්තෙ. මේ විශාල කොටුව හදන්න  කබොක් ගල් ලබාගත්තෙ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පිහිටලා තියෙන තැනින් කියලා ප්‍රකට මතයක් තියෙනවා.
 
 .හැමෝම ලස්සන කරපු අලුත් දියවන්නාව ගැනකතාකරනවා. ඒ ලස්සන කරපු දියවන්නාවට මෙපිටින් තිබුන සිංහලයාගේ  ඓතිහාසික උරුමයක නටඹුන් බලන්ටත් යනවා නම් එය වටිනවා. 

මේ නටඹුන් මේ තරමට හරි ආරක්ෂා වෙලා තියෙන්නෙ මේ කෝට්ටේ අවට ස්ථාන කීපයක් 1947දී අපේ නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ් ඩබ් කන්නංගර මහත්තයා විසින් නම්කරපු කමිටුවකින් පුරාවිද්‍යා ස්ථාන ලෙස නම් කරපු නිසා තමයි. එදා අපේ පරණවිතාරණ මහතා පරීක්ෂණ කරපු ඒ කාලෙට වඩා අද තාක්ෂණය දියුනුයි..තාක්ෂණය කොයි තරම් දියුනු වුනත් මේ වගෛ පුරාණ දේවල් ගැන ඒවා සංරක්ෂණය ගැන ඇතිවෙන කතිකාවන් සහ ක්‍රියාකාරී වැඩ එදාටත් වඩා අද අඩපන වෙලා අමතක වෙලා ගිහිල්ලාදෝ මන්දා. 

ඉතිහාසය රැකිය යුත්තේ මන්ද කියන එකට වාණිජමය හේතුවක් දෙන්න බැරිවුනත්..කොළඹ අවටම මේ වගේ පුරාවිද්‍යා ස්ථාන තියෙන එකත් ඒවා ලක්ෂණට හදලා තියෙන එක, සංචාරක ආකර්ශනය ලබාගන්න සහ ඒ හරහා විදේශ විනිමය එකතු කරගන්න අපි වගේ තුන්වෙනි ලෝකෙ රටකට  හේතුවාසනා වේවි කියලා මට හිතෙනවා. 

4 comments:

  1. උබ දන්නවද ඉස්කෝල යන කාලෙ මට ඉතිහාසය එපා කෙරෙව්වෙ අපේ ටීචර්.

    උබ ඊට වඩා උගත් වගේ..

    ජය !

    ReplyDelete
  2. //..වීදිය බන්ඩාර කියන්නෙ කෝට්ටේ රාජධානියෙ හිටපු රණ ශූරයෙක්ය. මෙතුමා ඒ කාලයේ හිටපු රජුන් තනන්නෙක් විදියටත් හඳුන්වා දෙන්න පුලුවන්. මේ අවසාන සටන සිදුවූයේ යාපනයේ නල්ලූර් කෝවිල අසබඩදීය...//

    වීදිය බණ්ඩාර පාලින්ද නුවර කියන ප්‍රාදේශීය රාජ්‍යයේ රජතුමා විදිහටත් හිටපු කෙනෙක්. වීදිය බණ්ඩාරව ඒ විදිහට මරා දැමුවත් ඔහුගේ වීරත්වයට ගරු කිරීමක් විදිහට යාපන රජතුමා නල්ලූර් කෝවිලේ වීදිය බණ්ඩාර වෙනුවෙන් දෙවොලක් ඉදි කරවනවා. එහි "වෛතිය පංඩාර් දෙවියන්" ලෙස පුද පූජාවට පත්වෙන්නේ වීදිය බණ්ඩාරවයි.

    //..නමුත් එවකට හිටිය වීදිය බන්ඩාරගේ බිසවක් කෝට්ටෙ ඉදලා කොටුවට උමගක් හදලා වීදිය බන්ඩාර නිදහස් කරගෙන ගියබවත් ඒ උමග බව සැකකරන්න පුලුවන් සාධක කෝට්ටේ තියන බවත් පුවත්පත් ලිපිවල සඳහන් වෙනවා....//

    මේ බිසව තමා මායාදුන්නේ රජතුමාගේ දියණිය වුණු කුඩා ට්කිරි අදහසින් කුමරිය

    //..පුරාණ කොටුබැම්ම උඩ වැසිකිලි ගෙවල් ආදිය හදලා තියෙන්නෙ..සමහර ඉදිකිරීම්කිසිම හිරිකිතයක් නැතුව කොටු බැම්ම මතම ඉදිකරලා තියෙනවා. මේ කොටු බැම්ම අඩි හයක විතර පලලට ඉදි කරලා තියෙන්නෙ....//

    සිරිකොත හදද්දිත් ලොකු කොටසක් අයින් කරලා තියෙන බව කියවෙනවා

    කෝට්ටේ නටබුන් ආරක්ෂා වෙන්න ඊ.ඩබ්.පෙරේරා මහත්තයාගේ කටයුතුත් ඉවහල් වෙලා තියෙනවා

    ReplyDelete
  3. අපුරුම විස්තර සහිත වැදගත් ලිපියක් සහෝ... මේ සටහන බොහෝ සෙයින් වටිනවා

    ReplyDelete
  4. උඹ හැරිච්ච තැනට පොඩ්ඩක් එහායින්(බත්තරමුල්ල පැත්තට වෙන්න) තියනවා කොන්තගන් තොට ඉස්සර නම් බෝර්ඩ් එකක් ගහල තිබ්බ දැන් නම් තියනවා ද මන්ද......

    ReplyDelete