Sunday, April 28, 2013

නූපන් ජීවිතය සහ නරුම ගෑනු (sex story in the bus)

සූමින් රහිතව (without zooming)

මම බස් එකට නැග්ගා. බස් එකේ සීට් ගාණටම වගේ සෙනඟ හිටියත් බස් එකේ මැද හරියේ සීට් එකක් හිස් වෙලා තිබුණා. කරේ එල්ලන් උන්න අලි මල්ලත් ගලවලා මම එතනින් වාඩි උනා. බස් එක යන්න පටන් ගත්තා. මිනිස්සු එකා දෙන්නා වැඩි උනා. තරහා ගිය මූණවල්මයි මට පෙනුනේ. ඒක හෙණ සාධාරණයි. ගෙවල් වල, ඔෆිස් වල තියෙන ප්‍රශ්ණ මදිවට තමන්ම පත් කරපු ආණ්ඩුව තමන්ටම දාන ප්‍රශ්නත් අතරේ හිර වෙලා, ඒ අස්සේ බස් එකේ සෙනඟ ගොඩෙත් හිරවෙලා ඉන්න මිනිස්සුන්ට හිනා වෙන්න හේතුවක් නෑනේ. ඔය අස්සේ තමයි බඩ දරු අක්කා කෙනෙක් බස් එකට ඉස්සරහා දොරෙන් ගොඩ උනේ.

ඒ අක්කා බස් එකට නඟිනකොටම ඉස්සරහා සීට් එකේ ටිකකට කලින් කතා කර කර උන්න මැදිවයසේ වගේ පෙණුනු ගෑණු දෙන්නට නින්ද ගිහින් තිබුණා. ඊට පිටි පස්සේ සීට් එකේ ජනේලේ අයිනේ උන්නු කෙල්ල ඒ අක්කාව දැක්කේ නෑ(වගේ හිටියා). එයා ජනේලෙන් එළියේ, "එහෙව් දෙය නොබලන දෑස් මක්කටැයි" වගේ දර්ශනයක් නරඹන ඉරියව්වක හිටියේ. බඩ දරු අක්කා සෙනඟ අතරින් තෙරපි තරපි බස් එකේ මැදහරියට ආවා. මම සීට් එකෙන් නැඟිට්ටා. ඒ අක්කා වාඩි වෙලා මගේ බෑග් එක ඉල්ලුවා. මම "කමක් නෑ අක්කේ" කියලා බෑග් එක උඩ මලු දාන තැනින් තිබ්බා. 

මම ගණන් කරලා බැලුවා. ඒ අක්කා සීට් පේලි පහක් පහු කරගෙනයි මං ඉන්න තැනට ඇවිත් තියෙන්නේ. එතකොට ඒ සීට් පේලි පහේ උන්නු මිනිස්සු මෙයාව දැකලා නැද්ද? මේ මිනිස්සුන්ට මක් වෙලාද? හැඟීම් දැනීම් නැති වෙලාද? නැති වේගෙන යනවද? ඒ සීට් පේලි පහේ මැදි වයසේ ගෑණු තමයි වැඩි හරියක් උන්නේ. අඩුම ගානේ ඒ අයට මතක නැතිද තමන්ට ළමයෙක් ලැබෙන්න ඉන්න කාලෙක බස් එකක ගිය හැටි?. එයාලා ඒ කාලේ බස් වල ගියේ නැද්ද? නැත්නම් දැන් අනික් මිනිස්සු ගැන හිතන එක නවත්තලාද? බඩ දරු අක්කා බස් එකට නඟිද්දී නින්ද ගිහින්(වගේ) හිටපු, ඉස්සරහම පේලියේ උන්නු ගෑණු දෙන්නා ආයේ කයිය ගහන්න්න පටං අරං. තමන් ඉන්න තැනින් නැඟිටලා අත්‍යාවශ්‍යය කෙනෙක්ට සීට් එකක් නොදෙන තරම්ට මේ මිනිස්සු ආත්මාර්ථකාමී උනේ කොහොමද? අවුරුද්දේ දවස් තුන්සිය හැට පහම උදේ දවල් රෑ බණ අහන උපාසක අම්මලා බණ අහලා මොනවද ඉගෙන ගෙන තියෙන්නේ? බණ අහලාම මනුස්සකම් නැති වෙලාද? මෑත කාලයේ සමහරක් ස්වාමීන් වහන්සේලා දේශනා කරන කුණු බිත්තරාලංකාරය විතරමද මේ මිනිස්සු දන්නේ? මේ ධර්මද්වීපය යන්නේ කොහාටද? අපේ මිනිස්සු යන්නේ කොහාටද?
 

(සූම් කල පසු)(with 12x zooming)

අද බස් එකට නැග්ගට කිසිම ආතල් එක්ක නැහැ වගේ. සික්....ආච්චියෙක් ලඟ තමයි සීට් එක ලැබුනෙ..ඒ මදිවට අංකල් කාරයෙක් තමයි ලගින් හිටගෙන ඉන්නෙ..මෙතන මේ අංකල් වෙනුවට ටිකක් තප්පදෝරු ඇන්ටියෙක් වත් හිටිය නම්...පොඩි සේප් ආතල් එකක් හරි වදිනවා නේ... අංකල් කාරයත් දෙයියො දීපු සීට් එක වගේ අත්දෙකින්ම සීට් එක අල්ලගෙන. ආච්චිත් නිදි වගේ තමයි.

බස් එකේ මැද හරියෙන් නම් ආතල් එකක් යනවා වගේ.. ඒ අක්කා පස්ස බැලුවට ඒ කොල්ලට කැමති ඇති.දීගෙන ඉන්නවා. වගේ..සික් මොකට වාඩි වුනාද මන්දා මේ සීට් එකේ. ආහ්..කෙල්ලො ගොඩයි ඌ විතරයි වගේ...අනික් පැත්තෙනුත් ඌට ජැකක්ද මන්දා සෙට් වෙලා තියෙන්නෙ..හතරවටින් කෙල්ලො ඒත් මඳක් ඈතින්...

ඔන්න හොම පසුබිමක් යනකොට තමයි නිලිය එන්නෙ ලොකේෂන් එකට..අක්කෙක් නගිනවා බස් එකට..මං වාඩිවෙලා වටපිට බල බල යනකොට...මං හිතන්නෙ බඩේ ඉන්නෙ ගෑනු ලමයෙක්. ගෑනු ලමයි බඩ ඉන්නකොට තමයි ප්‍රෙග්නන්ට් අක්කලා ලස්සන වෙන්නෙ. ඉිටි රූපෙ වගේ. පිං කඳ වගේ...සේරොම නියමයි. පෙග්නන්ට් කර්ව්ස් වුනත් ගති...

සහ් ඒ ලමයා කොයි තරම් පිං කරලා ඇතිද ඒ ඇකයේ ඉඳන් කිරි බොන්න.. හොද වෙලාවට මේවා කැප්චර් වෙන්නෙ මෙමරියෙ විතරයි. නැත්තං මං වලත්තයෙක් කියලා මේ බස් එකනුත් එලියට දාල ඉවරයි..

අක්කා නැගලා වටපිට බලනවා..අනික් සීට් වල උන් නිදි වගේ....ඒකත් හොදයි.. මං ඉතිං අක්කා මේ පැත්ත බලනකොට ම සීට් එක දුන්නා.. අර දෑත බදං අල්ලං හිටපු අංකල් කාරයත් පොඩ්ඩක් එහාට වුනා..ආච්චි නං දැන් අවධි වෙලා වගේ...ඒත් නිදි ලයින් එකක් දෙනවාද මන්දා...

මං පොඩියක් බස් එකේ මැද වගේ හරියට හිටියට මං නැගිට්ට ගමං අක්කා වෙන සීට් දිහා බලන් නැතුව ඇවිත් වාඩි වුනා..අනික් කෙල්ලොත් ඉඩ දුන්නා අක්කට එන්න..දුරට විතරක් නෙමෙයි ලගටත් අක්කාගේ නම් ඇපල් හොදයි වගේ...

අක්කා මගේ බෑග් එක ගන්න හැදුවා..එත් හිස් වුනාට සයිස් එකෙං ලැ්ප් බෑග් එකක් වගේ වුනා නෙව මගේ බෑක් එක..ඒක අරං අක්කා  කකුල් උඩ තියාගත්තම වැරදිලා වගේ බිම බලන වෙලාවට අක්කගේ ගල් දෙකවත් පේන්න නැහැ... ඒ නිසා ඕනි නැහැ අක්කා කියලා මං ඒක උඩ රැක් එකෙන් දැම්මා..

බස් එකේ ඈතින් ඉන්න අනික් කෑලි නිකං නවදැලි හේනෙ දාල ගිහිපු වැදිරි සෙට් එක වගේ...උන් හතර පස්දෙනෙක්ගේම කෑලි ගලවලා පිට් කලත් මේ අක්කා තරම් ලස්සන කෑල්ලක් හදාගන්න අමාරුයි.. සික් උන් ඒ මදිවට අර ඒ වහතු කෑලි පස්සෙ ඉදන් ජැක් ගහන මෝඩයා...උෟනම් මටත ්වඩා කැතයි වගේ සික්..වගේ..

සමාර ඒවාට අපි ඇපල් කිව්වාට ඇපල් නෙමෙයි ඒවා වුඩ් ඇපල් වගේ..ඒත් මේවා..නම් සුදු වුනාට සෝස පාට වගෙ ්ඇපල්..හරි සියුමැලියි චමත්කාරයි..මන බැදිලා යන සුලුයි. හරියට කරීනා කපූර්ට බබා ලැබෙන්න ඉන්නවා වගේ..ඇයි ඒ මූසලයට මේ අක්කා කාර් එකක එක්කං යන්න බැරිවුනේ...

හෑ මහත්තයා කාර් එකේ අක්ක එක්කරං ගියානං මට කොයිද ඉතිං මෙහෙම මෙව්වා එකක්..හෙ හෙ හේ....

 අරං අංකලයා පොඩියක් එහාට කරලා දැන් මම සීට් එකේ පොල්ල දෝතින් අල්ල ගත්තා. මහතින් ගතින් සහ නෙතින් ඇය මෙතරම් අයස්කාන්ත වෙලා මා ගාවට ආවෙ මොකක් හරි ලයින් එකකට එන්න වෙන්න ඇති ....නැත්තං අර වෙන සීට් එකක් නේ පෙග්නනට් අයට තියෙන්නෙ..ඇයි මගේ ලගටම අක්කා ආවේ..

පෙරයිද කියවපු වැල කතාවෙත් තිබුනා බස් එකකට ඇන්ටියෙක්ට එහෙ ම කරන එකක්....මොකක් හරි ලයිං එකක් දාගන්න හැකි වෙයිද දන් නැහැ.... බලන්න ඕනි..හා....මල කෙලියයි...ඔන්න බොලේ වංගුවක් එනවා... මෙතන වංගුව හරියටම එනවා කියලා මම දන්නවා..වංගුව එන්න තත්පර දෙක තුනකට කලිං කෙල්ලගේ පැත්තට හේත්තු වෙලා වංගුව පහුවෙලා ගියාම ආයිත් හේත්තුවෙන්න තරම්ම එක්ස්පීරියන්ස් එකක් මට තියෙන විත්ත්ිය මේ පාරෙ සමාර කෙල්ලො දන්නවා ඇති.. .

හානේ මං හිතුවෙවත් නැති වෙලාවක(හිතුවෙ නැති වුනාට ඉතිං ඕක වෙනවා කියලා මං දන්නවා) මගේ තරමක් ප්‍රානවත් වෙච්චි පුරුස ලිංගෙ (සික් වනචර සතා..ඕ පුරුස ලිංගෙ තමයි ඔක්කොම කරන්නෙ...) අර අක්කාගේ උරහිසේ වැදුනා...

සදාචාරයට අනුව නම් පස්ට කේස් එකක්..ඒ දැරිවිට ලමයෙක් ලැබෙන්න හිටියත ් නේද? අනේ අම්මපා තෝ වගේ අසික්කිත කුපාඩියෙක්..එහෙව් ගෑනිට නේද තෝ ගිහිං අර  තොගේ මැන්ටලේ වගේ  සුකුරුත්තම අර දැරිවිගේ අතේ ගාවන්න ගියේ.. තෝ හිතාගෙන ඉන්නෙ අර රෑට උඹ හොරෙන් බලන ඒවයි ඉන්න ගෑනු දවලුත් ඉන්නවා කියලද..ඒ සුදු වේෂියො වගේ නෙමෙයි යකෝ මේ ආරිය සිංහල ගෑනු... මට අපේ සීයා ඒ වගේ වෙලාවට බනින විදිය මතක් වුනා...

හෑ මෙන්න කෑල්ල ගෑවුනා විතරයි අක්කා මගේ දිහා බලලා රැවුවා රැවිල්ලක්..එච්චර ලොකු මොනරෙක්ට වුනත් තියෙන්නෙ මහ කැත සද්දයක් ..ලස්සනට නැටුවට සද්දෙ කැතයි නේ... ඒ වගේ අක්කගේ බැල්ම නම් පස්ට කැතයි..අර ලස්සන කොහෙ ගියාද දන් නැහැ.. ඕයි තමුසෙගෙ ලබ්බ ගාවන්න නෙමෙයි හලෝ මගේ උරිස්ස තියෙන්නෙ.. අක්කා බොහොම සැරෙන් කියපු දේ හයියෙන් වචන බවට පත් වුනේ නැතිවුනාට බැල්මේ තිබුනා..රවපු රැවිල්ලට මම අගල් ගානක් පස්සට ගිහින් ශිෂ්ඨ තැනක සිටගත්තා...

දැන් එහා පැත්තෙන් වේරම්බවාතයක් (සුලි සුලගක් වගේ එකක්) ආවත් මම නම් අක්කගේ උරිස්සෙ අසුවල් එක වදින්න දෙන්නෙ නැහැ කියන දැඩි අධිෂ්ඨානයෙන් අත් දෙකින්ම සීට් එක අල්ලගෙන වටපිට බැලුවා...ඒ බලනකොට මට පේනවා....යකෝ මං විතරයි නේද මේ බස් එකේ පිනක් කරන්න මේ අක්කට සීට් එක දෙන්න හිටියෙ....

කකුල් දෙකත් රිදෙනවා හිටගෙන..වටපිට බල බල පොඩි එකෙක් වගේ .. මේ මගුල් බස් එක යන පාටකුත් නැහැ.. ඕන්න ඕ වෙලාවට මේ අයියාට සිතට එනවා මේ සමාජෙ මේ වගේ අක්කා කෙනෙකුට සීට් එකක් දෙන්න එක සුද්දවන්තයෙක් නැහැ නේ කියලා..

දැන් මේ අයියා බ්ලොග් එකේ මේ සිද්දිය ලියන පෝස්ට් එක බලන්න ආයිත් මුල ඉදලා සූමින් රහිත සෙට් එක කියවන්න..  සික් එක ගෑනියෙක් නැතිවුනානේ අර අක්කට සීට් එක දෙන්න....

මේ සිද්දිය හරියට රූපගත කරගන්න සුදු පූසා ලොකු සහයෝගයක් දුන්නා... බොහොම ස්තූතියි සුදු පූසා සිදු කරපු සද් ක්‍රියාවට.. 

මං පංසල් යන්නෙ නැත්තෙ ඇයි

ජානමය හේතු..
මේ ළඟදි අලුත් අවුරුද්දට අපි නෑයො බලන්න ගමේ යනවා. ඔන්න ඉතිං ගමේ පංසල පහු කරලා වාාහනේ යනවා....තව අපේ නෑයො වෙන නැන්දලා අක්කල ටිකකුත් යනවා වාහනේ. අපේ පියානෝත් වටපිට බලලා පංසල කිට්ටු වුනාම ඒක පෙන්වලා..
" ඔය තියෙන්නෙ අපි ඉස්සර හැම පෝයටම ගිහිපු පංසල" කියලා කිව්වා..

මටත් නංගිටත් අයියටත් පුදුම හිතුනා ඒ කතාවට..ඒක කියලා තාත්ත වාහනේ වීදුරුවෙන් එලිය බලාගෙන බාගෙට හිනා වෙවී ඉන්නවා... සාමාන්‍යයෙන් අපේ පියානෝ ඒ වගේ දේවලල් ආතල් එකට වගේ කිව්වට පංසලකට කවදාවත් යන කෙනෙක් නෙමෙයි. 


ඉස්සර අපේ තාත්ත කොල්ල කාලෙ දානෙ අරගෙන ගිහින් තියෙනවා පංසලට.තාත්තයි තව අපේ පුංචි තාත්ත කෙනෙකුයි තමයි ගිහින් තියෙන්නෙ දානෙ අරගෙන.පස්සෙ තාත්තලා ඇවිත් ගිහිපු හැටි ගැන ලොකු හාමුදුරුවො අපේ සීයට කියලල තියෙන්නෙ.. "අරුං දෙන්නා ඇවිල්ලා හොරු දෙන්නා වගේ දානෙ දානසාලාවෙන් තියලා දුවල මං කතා කරද්දිත් දුවලා ගියානේ... අපරාදෙ කියන්න බැහැ සෝක් පුතාල දෙන්නා.." කියලා..

කොහොම හරි ඉස්සර ඉඳන්ම පංසල ලඟින්වත් යන්න කැමති මනුෂ්‍යයෙක් නෙමෙයි අපේ පියානෝ. අපේ ගෙවල් දැන් තියෙන දිහා ඡන්දෙ තියෙන්නෙ පංසලේ..ඉතිං ඡන්දෙ දාන්න හරි නැත්තං වෙන සමිති සමාගමකට ගියොත් ඇර පංසල පැත්තෙ යෑමක් අපේ පියානෝගෙ නැහැ. දැනට අවුරුදු පහ හයකට කලිං අපේ ගෙදර දානයක් තිබුනා.

හීල් දානෙට දන් සැට් ගේන්න තාත්ත පංසලට යවලා තිබුනෙ එදා අයියා මොකක් හරි වැඩකට ගිහින් තිබුන නිසා. ඉතිං පංසලට ගියාම හාමුදුරුවො දන් සැට් එක දෙනගමන් ටිකක් බයේ වගේ බලං හිටියලු..තාත්තගේ විශේෂඥ අදහස වුනේ දන් සැට්ටික හොරකං කරන් යන්න පොරක් ඇවිත් ඇති කියලලා හාමුදුරුවො බය වුනාලු..

ඒ කියන්නෙ තාත්ත ඒ ගමේ අවුරුදු ගානක් හිටියත් පංසලේ හාමුදුරුවො අඳුනන්නෙ නැහැ..  

මම තාත්ත ගැන මුලින්ම කිව්වෙ ලොකු කමක් කියන්න නෙමෙයි..මට පංසල් යන්න නොහිතෙන ජානමය හේතු කියන්න.. 


ඉතිං අපේ දානෙ තියෙන  නිසා මාත් මේ මාස දෙකකට විතර ඉස්සල්ල අයියා එක්ක පංසලට ගියා. මෙන්න හාමුදුරුවො අපේ අයියගෙන් අහනවා.. මේ පුංචි මහත්තයා කවුද කියාල .. අහලා ඉවර වෙලා මං රස්සාවක් කරනවා කිව්වම හාමුදුරුවො කියනවා මේ දවස්වල ආවාස ගෙයි වැඩකටයුතු වලට දායක වෙන්න පුලුවන් කියලා.එතනින් නවත්වනවා නම් මැදැයි..දැන් ඉතිං ඒකෙ ආනිසංස සහ මට දෙන්න පුලුවන් ගාන අනම් මනම් කියෝනවා.. මට මේ මාසෙ අන්තිමට ගන්න තුට්ටු දෙක රන් කරන්න පුලුවන් දවස් කිහිපයක් විතරයි. එහෙව් එකේ හාමුදුරුවන්ගේ ආවාස ගෙටත් සල්ලි දීහල්ලකෝ....

මං එදායින් පස්සෙ පංසල් ගියත් ඉක්මන්ට වැදලා කියලා හාමුදුරුවන්ට පේන් නැතිවෙන්න එනවා..

මට ඒ වෙලාවට මතක් වෙන්නෙ මෙත්තවිහාරි හාමුදුරුවෝ.මං මෙත්තවිහාරි හාමුදුරුවො හම්බෙන්න ගිහින් ගොඩක් දේවල් අරගෙන තියනවා. නමුත් එක පිරිකරක දෙයක්හාමුදුරුවන්ට දීල නැහැ. එහෙම දෙයක් දෙන්න ඕනි කියලා හාමුදුරුවන්ගේ තුන් හිතකවත් නැහැ.

මට එක කාලයක් ඕනි වුනා උබුන්ටු ගැන දැනගන්න. ඉතිං ඒ කාලෙ උබුන්ට් සී ඩි තිබුනාට කවුරුත් ඒවා මැසින් වල දාගෙන ඉන්ස්ටෝල් කරගෙන තිබුනෙ නැහැ. මට ඕනි වුනා ඒක කරගන්න. ඒ වෙනකොට ඩොංගල් ආදිය වුනත් එච්චරම ජනප්‍රිය නැහැ. ඉතිං අන්තර්ජාලය නැතුව කොහොමද අප්ඩේට් කරගන්නෙ ආදිය හෙන ගැටලු මට. ලොකුම ගැටලුව තමයි උබුන්ටු දැම්මාම වීඩියෝ ප්ලේ වෙන්නෙ නැති එක. 

ඉතිං මට ආරංචි වුනා මෙත්තවිහාරි හාමුදුරුවො ඒ ගැන දන්නවාය උන්වහන්සේ කොළඹ 7 පංසලක ඉන්නවාය කියලා. එතකොට මෙත්ත විහාරි හාමුදුරුවො හිටියෙ බී ඇම් අයි සී ඇච් එකේ එහා පැත්තෙ නාරද සෙන්ටර් එකේ. ඉතිං මං ගිහින් හාමුදුරුවන්ට මගේ ගැටලුව කිව්වාම.

අලුත්ම ජාතියෙ උබන්ටු සී ඩී එකකුයි. ඉන් පස්සෙ තව ඩී වී ඩි දෙකකුයි හාමුදුරුවො නිකම්ම මට  දුන්නා. සීඩි එකෙන් උබන්ටු දාලා..අර කියන ඩීවීඩි දෙකේ තියෙන සොට්ටයා ටික මැසිමට දාගන්න ඕනි..පස්සෙ අපිට ඕනි සොට්ටයා තෝරලා ඉන්ස්ටොල් කරගන්න පුලුවනි.. මේකට ඕනි කෝඩ් කෑලි කීපයක් මෙත්තවිහාරි හාමුදුරුවෝ වෙනම වර්ඩ් ෆයිල් එකක ගහලා දුන්නා...

කොහොම හරි මම වැඩේ ගොඩදාගත්තා. අනික් වුන් උබන්ටු වල වීඩියො ප්ලේ වෙන්න නැහැ කියනකොට මම නොයෙක් වැඩ තියෙන සොට්ටයා දාල වැඩ කරන මට්ටමට ආවා. අදටත් මම උබුන්ටු වලට ආසයි. මේ ළඟදි මං දාපු ලිනක්ස් පෝස්ට් එකකටඑක් ඇනෝ මහතෙක් කියනවා උබුන්ටු හරියන්නෙ සර්වර් වලටය. ඒක ඩෙක්ස්ටප් වලට හරියන්නෙ නැතිය කියලා..

අනේ ඒ මහත්තයා ඩෙක්ස්ටප් එකකින් මොනවා කරනවාද මන්දා..ඒත් මටනම් 2007 ඉදලා මේ දක්වා උබුන්ටු හොදයි.. උබුන්ටු වලින් කරගන්න බැරි වැඩක් තියෙනවා කියලා මටනම් පේන්නෙ නැහැ සාමාන්‍ය භාවිත කරන්නෙකුට..

එදායින් පස්සෙ මං දාගෙන ඉන්න උබන්ටු වල අවුලක් ගියාම හරි මට අලුත් දෙයක් කරගන් ඕනි වුනාම මං මෙත්තවිහාරි හාමුදුරුවෙො හම්බෙන්න යනවා..ඒ කිසිම දවසක මුකුත් අරන් යන්නෙත් නැහැ. එහෙම දෙයක් තියෙන්න ඕනි කියලා ඇඟවීමක් වත් හාමුදුරුවන්ගේ නැහැ.

දැන් ඉතිං ගූගල් දෙයියොයි ඩොංගලුයි තියෙන නිසා ආයෙ හාමුදුරුවො හම්බෙන්නයන්න ලොකු උවමනාවක් නැහැ. ඒත් මීට අවුරුද්දකට පෙර හාමුදුරුවො හම්බෙන්න ගියාම මට හාමුදුරුවො ගැන පුදුම හිතුන. කොම්පියුටර හයක් හතක් ඕපන් කරගෙන සී ඩි වගයක් බර්න් කරනවා..බණ සීඪි වෙන්න ඇති. එක තැනක තමයි සොට්ටයා එක තියෙන්නෙ..


කොහොම හරිහාමුදුරුවො කරන්නෙ එක එක සී ඩී රොම් එකට සීඩි දාන එකයි ඒවා ගන්න එකයි විතරයි. අනික් වැඩ ටික ඔටෝ වෙනවා..ඇත්තටම අද කාලෙට හාමුදුරු කෙනෙක් කියන චරිතය මොන විදියට වෙනස් වෙන්න ඕනිද කියලා ජීවමාන උදාහරණයක් තමයි මෙත්තවිහාරි හාමුදුරුවො. 

සමහර දවසට මෙත්තවිහාරි හාමුදුරුවො පින්ඩපාතෙ ගියාම ලැබෙන සමපෝෂ, පලතුරු වගේ දේවල් අපිට දෙනවා.ඒ වගේ වෙලාවක අවේලාවෙ හාමුදුරුවො ආහාර වළඳන්නෙ නැහැ. ඒ නිසා අපි හාමුදුරුවන්ට ගිලන්පස එකක් හදලා දෙනවා. හාමුදුරුවොත් හොඳයි කියලා ඒක බොනවා.

මං කිසිම විදියකින් මෙත්තවිහාරි හාමුදුරුවො කලිං අඳුනන්නෙ නැහැ. ඒත් මං මුලින් ගිහිපු දවසෙ පවා මා එක්ක කතා කලේ නිකං කාලයක් දන්න කෙනෙක් එක්ක කතා කරන්වා වගේ. හාමුදුරුවො ඉන්න හරියෙ පොත් පත් සීඩි හෙම තියෙනවා. ඉතිං පෙරේතකමට මං හිටපු ගමන් ඒවා ඉල්ලනවා....

ඒ වුනාට හාමුදුරුවො දන්නවාද මන්දා මං ඒවා ගත්තට කියවන්නෙ නැහැ කියලා. වදෙන් බේරෙන්න එකක් දුන්නට වැඩිය ධර්ම සීඩි හෙම මට දෙන්නෙ නැහැ. මොකද හාමුදුරුවො කියන්නෙ ඒකට උනන්දුව ඇත්තටම නැත්තං නිකංඒවා අරං යන්න දෙන එක තේරුමක් නැහැ කියලා. 

පංසල් යෑම ගැන කියනකොට මහමෙව්නාව ගැනත් නොකියාම බැහැ. ඉස්සර අපිට සිල් ගන්න හිතුනත් තිබුන ජාතික පස්න තමයි ඇඳුම සහ ගිහින් ඉන්න ඕනි පිලිවෙල. නමුත් කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගේ මහමෙව්නාවෙ සිල් ගන්න අර පරණ ෆෝමැට් එක ඕනිම නැහැ. තමුංට තියෙන ලා පාට ෂර්ට් එකක් ඇඳගෙන කලු කලිසමක් වුනත් ගහගෙන යත හැකි. ඇත්තටම ඒක ලොකු දෙයක් වුනා..මං අසපුවට ගිහින් බණ ඇහුවට වැඩිය කලේ වට පිට බල බල හිටපු එක. නමුත් එහෙව් දේකට හරි අසපුවට යන්න හිතුනෙ අසපුවෙ තියෙන යූසර් ෆෙන්ඩ්ලි ගතිය නිසා.. 

අද පංසල් වලට තරුණ පරපුර යන්නෙ නැහැ කියලා ලොකු චෝදනා වන් තියෙනවා. ඒත් පංසලට ගියාම අපේ පොකට් එකට තට්ටු වෙනවා නම්..අපිට අලුත් දෙයක් ලැබෙන්නෙ නැත්නම්... අපි මොකටද පංසල් යන්නෙ. පංසල් වුනත් කාලෙට හරියන්න තමුන්ගේ කස්ටමර් බේස් එක වැඩිකරගන්න නිර්මාණාත්මක අත්හදාබැලීම් කරන්න ඕනි.. නැත්තං හැමදාම ලෝකෙ අනිත්‍යයි කියන එක කියලාම මිනිස්සුන්ගේ සල්ලි ගන්න අමාරුයි අද කාලෙ.. 

Thursday, April 25, 2013

මත නිසා නරක්වෙන සිත ( Alcohol, Smoking and Drugs)

මධ්‍යසාර 
රසායන විද්‍යාව අනුව මධ්‍යසාර වර්ග බොහෝ ගණනකි. නමුත් වඩාත්ම ජනප්‍රිය මධ්‍යසාර වර්ගය වන්නේ එතනෝල්ය. කසිප්පු, අරක්කු, බියර්, බ්‍රැන්ඩි, විස්කි, වොඩ්කා, රම් ආදී විවිධ නම් වලින් විවිධ රසවලින් එතනෝල් මධ්‍යසාරය විකිනීමට ඇත. එතනෝල් බොන්නේ මත් වීම සඳහාය. නිදහස් සහ සහනකාරී වටපිටාවක් මත් විම තුල ඇතිවෙන බවට මතයක් ඇත. නමුත් මධ්‍යසාර ප්‍රමාණය වැඩිවන විට විවිධ ශාරීරික සහ මානසික දුබලතාවයන් ශරීරය තුල ජනනය වෙයි. මධ්‍යසාර භාවිතය නිසා විවිධාකාර ශාරිරික හානි මනුෂ්‍යයින්ට ඇතිවෙයි. ස්නායු පද්ධතිය, අක්මාව සහ මොලය මධ්‍යසාර භාවිතය නිසා හානියට ලක්විය හැකි ප්‍රධාන ඉන්ද්‍රියයන් වෙයි. මධ්‍යසාර යනු එක් වරක් භාවිත කලොත් යලිත් පාවිච්චි කිරිමට ආශාවක් දක්වන ඇබ්බැහි වන සුලු ද්‍රව්‍යයකි.

මධ්‍යසාර භාවිතියේදී යෞවන වයසේ සිටින අයවලුන්ට සහ ළමුන්ට භාවිත කිරීමට සුදුසු මධ්‍යසාර ප්‍රමාණයන් මෙතැකැයි නිවැරදිව කිව නොහැක්කේ ඔවුන්ට මධ්‍යසාර මගින් ඇතිවන හානිය විවිධාකාර වන බැවිනි. යොවුන් වයසේ සිටින ළමුන් මධ්‍යසාර භාවිත කිරීමෙන් පසු නොගැලපෙන නොමනා ක්‍රියා සිදුකිරීමේ අවධානමක් ඇත. රන්ඩු දබර ඇතිකරගන්නට උත්සාහ කිරීම, අවධානම් සහගත ලිංගික ක්‍රියා වලට පෙළඹීම, බිය අඩු වීම නිසා අවධානම් ස්ථානවල දිය නෑම..කඳු නැගිම ආදි දේවලට පෙළඹීම ආදිය යොවුන් බේබද්දන් අතින් සිදුවිය හැකි බරපතල ගනයේ වැරදි ක්‍රියාවන් වෙයි. 

මධ්‍යසාර භාවිතයේ මානසික සෞඛ්‍යමය බලපෑම.

ඔබ මධ්‍යසාර භාවිත කරන්නේ නම් ඔබට පහත ආකාරයෙන් මානසික ගැටලු ඇතිවිය හැක.
·        විෂාද තත්වයන් (depression ) - නිතර මධ්‍යසාර ලබාගන්නා බේබද්දන් ගෙන් සියයට හැටකට පමණ මානසික අවපීඩනය සහ විශාද තත්වයන් නිරූපනය වෙයි.
·        මධ්‍යසාර භාවිතය නිසා සාමාන්‍යයෙන් මනුෂ්‍යයන්ගේ මනස විකෘති වීමකට භාජනය වෙයි. මේ මත් ගතිය නැති වීමට පැය ගනනාවක් ගත වෙයි. ඒ කාලය තුල ඇති වූ මනස් විකෘතිය නිසා තමාටත් තමා අවට අයටත් මධ්‍යසාර භාවිත කල අය කරදරයක් විය හැක.
·        ලිංගික බෙලහීනතාවය - බොහෝ පිරිස ලිංගික ක්‍රියාවලට පෙර උත්තේජකයක් වශයෙන් මධ්‍යසාරයෝ දකිති. නමුත් මධ්‍යසාර දිගුකාලීනව භාවිත කිරීමෙන් ලිංගිකමය බෙලහීනතාවය ඇතිවිය හැක. ලිංගිකව බෙලහීනවීමට එක් අයකු කෙතෙක් මධ්‍යසාර ගත යුතුදැයි සූත්‍රගත කල නොහැකි වූවාට සාමාන්‍ය පුද්ගලයින්ට වඩා නිරන්තර බේබද්දන් වන අයගේ ලිංගිකමය හැකියාව අඩු බව පරීක්ෂණ වලින් අනාවරණය කොට ගෙන ඇත.
·        මතකය හා පලපුරුද්ද සම්බන්ධ ගැටලු- මතකය හා පලපුරුද්ද යනු මිනිසුන්ට රැකියා කිරීමටත් සාමාන්‍ය ජීවිතයටත් අත්‍යවශ්‍ය වන දෙයකි. නිතර නිතර ඇල්කොහොල් හරහා සිය මොළය කෘතිමව උද්දීපනය කර පුබුදවාගන්නට සැරසෙන පුද්ගලයින්ගේ මතක ශක්තිය සහ ඔවුන් ගේ පලපුරුදු හැකියාවන් අඩුවිය හැක. එසේ වන්නේ මොලයේ සමහර කොටස් බීමත්බව නිසා අනවශ්‍ය ලෙස විඩාවට ලක්වීමෙනි. 


සිගරට්

සිගරට් භාවිතය මගින් පිළිකා, හදවත් රෝග සහ අධිරුධිර පීඩනය ඇතිවිමේ අවධානම දැඩි ලෙස වැඩිවේ. සිගරට් බොන හැමෝම ලෙඩවීමක් සිදු නොවන නිසා සමහර පුද්ගලයෝ මෙය බොරු යැයි කියති. නමුත් කරන ලද පරීක්ෂන නිරීක්ෂණ අනුව සිගරට් බීමෙන් හදවත් රෝග, පිළිකා සහ අධිරුධිර පීඩනය ඇතිවීමේ හැකියාව වැඩිවෙන බව සොයාගෙන ඇත. 

ඔබට මානසික රෝගී තත්වයක් ඇත්තේ නම් ඔබ සිගරට් බීමට වඩාත් නැඹුරු වන තත්වයක් ඇතිවේ. එසේම වඩාත් ඔබ සිගරට් බීමට නැඹුරු නම් ඔබට මානසික රෝග පැවතීමේ හැකියාවද වැඩි වෙයි. 

·        මානසික රෝග වැඩිදියුනු වීම.
·        විශාද සහ කාංසා තත්වයට ලක්වීම
·        සියදිවි නසාගැන්මේ සිතුවිලි පහල වීම සහ විටෙක ඒවා ක්‍රියාත්මක කිරිමට පවා සිතීම.
·        වැඩිපුර සිගරට් සහ මධ්‍යසාර ගැන්මෙන් මාන සික රෝග ඇතිවමේ අවධානම වැඩිවීම.
·        මානසික විකෘති ඇතිවිම මගින් ලේ වලට ඒ සිගරට් බොන තත්වය ඇතිවීම සඳහා කල් යත්ම බොන සිගරට් ගනන නිරන්තරයෙන් වැඩි කිරීමට සිදු වෙයි. එවිට නොදැනුවත්ම සිගරට් ලෝලයෙක් බවට තමා පත්වෙයි. 

මේ ආදි වාසි රැසක් මධ්‍යසාර, සිගරට් නිසා ඇතිවෙන අතර මනසින් උසස් සත්වයින් මිනිසා ලෙස හඳුන්වා ඇතත් වැඩිකලක් රෝගාතුර වී රටට සමාජයට වධයක් වීමට බොහෝවිට බේබද්දන්ට සහ සිගරට් භාවිත කරන අයට සිදුවෙයි.  නවත්වන්නට බැරිනම් මධ්‍යසාර සිගරට් පාලනය කරගන්නටවත් සිතීම මනාය. 

කෙසේ වෙතත් සිගරට් බීම සහ මත් පැන් භාවිතය තුල මිනිසුන්ගේ සාමාන්‍ය සෞඛ්‍යය තත්වය දැඩි ලෙස පිරිහීමට භාජනය වෙයි. ඒ තුල ජීවත්වීමට මිනිසුන්ට උපතේදී උරුම වන ආයුකාලයෙන් වැඩි කොටසක් රෝගියෙක් ලෙස ගතකිරීමට සිදුවෙන අතර සමහර විට අකල් මරණයන්ටද මධ්‍යසාර,සිගරට් භාවිතය හේතු විය හැක.

ගංජා භාවිතය

ලංකාවේ යොවුන් පරපුර අතර වඩාත් ජනප්‍රිය මත්ද්‍රව්‍යය ගංජා වෙයි. බොහෝවිට ගංජා ජොයිනට් යන අන්රවර්ථ වචනයෙන් හඳුන්වන අතර කොළයක ඔතාගත් ගංජා සිගරට් බොන ආකාරයට විටින් විට දුම ශරීරයට ඇතුලු කරගැන්ම සිදුකර ගනී. ගංජා මගින් පාවෙන වර්ණවත් ලෝකයකට යනවා යැයි ගංජා මත් කරුවන් පවසන අතර ඒ ඔස්සේ සහනදායී තත්‍ය ලෝකයෙන් එහා තැනක් වෙත ඔවුන් රැගෙන යන බව ඔවුන් පවසති. ගංජා මත මගින් ස්නායු මුලා කිරීම්ක් සිදුවෙයි. එයින් ස්නායු දැඩිලෙස විඩාවට පත්වීම සහ බඩගිනි ඇතිවිම ආදිය ඇතිවිය හැක. ගංජා භාවිතයෙන් පෙනහලු ආබාධ සහ සිගරට් භාවිතය නිසා ඇතිවන අහිතකර දේවල් ශරීරයේ ඇතිවිය හැක. ගංජා භාවිතය මගින් භින්නෝන්මාදය නැමැති රෝගතත්වය ඇතිවීමේ අවධානම දැඩි ලෙස ඉහල යයි. මානසික විකෘතිතා කිහිපයක් ම ගංජා නිසා ඇතිවිය හැක. 
 
ගංජා යනු උත්තේජකයක් යැයිද එය ලෝකයේ සමහර තැන්වල තහනම් නැති මත්ද්‍රව්‍යයක් යැයිද සමහර අය ගංජා වල සැර බාලකොට දක්වති. ගංජා ලෝකයේ සමහර රටවල තහනම් නැති බව සත්‍යයකි. සමහර සංස්කෘතින්  අනුව තහනම් සාධක වෙනස් වෙයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවේද ගංජා ඇත. ලංකාවේ තරුණයින්ට මේ අවස්ථාවේ ඇති සැරම ප්‍රශ්ණය ගංජාදැයි සිතෙන තරමටම සමහරු ගංජා තහනම ගැන කතා කරති. ගංජා සහ මත්පැන් බී හවසට ඒ මත පිටින් දේශපාලනය කතා කිරීම සමහර තරුණ කන්ඩායම් ඔවුන්ගේ දේශපාලනය යැයිද කියති. 
 
එතරම් සරලව දේශපාලනය කල හැකිනම් එය මහා පුදුම ලෝකයකි. මනෝ රාජික මත් ලොවක තනන සමාජවාදී ලෝකය ඒ මනෝරාජ්‍යය තුලම සිරවෙන බව ඔවුන්ට නොතේරෙයි. හැමදාම ඔවුන්ට හමුවන්නේ ඔවුන් වැනිම බීමත් හෝ ගංජා භාවිතයට නැඹුරු සහ එය අනුමත කරන සමාජය පමණක් වන බැවින් ඔවුන් සිතන්නේ ඔවුන්ගේ මහා සමාජය එයම බවකි. එවන් කුඩා මනෝරාජික කන්ඩායම් වලට මහා සමාජයේ ලොකු පොරවල් දෙක තුනක් එකතු වුන විට ඔවුන් එය විසාල විප්ලවීය දෙයක් ලෙසද සලකති. පිට සිට බලන්නකුට එය තවත් එක නාටකයකට එහාගිය දේශපාලන ගැඹුරක් ඇති දෙයක් ලෙස නම් දිස්වන්නේ නැත. 

එක්දාස් නවසිය හැටේ දශකයේ අතිශය ජනප්‍රිය බටහිර රොක් සංගීතඥයින් දෙදෙනකු වු The doors සංගීත කන්ඩායමේJim Morrison සහ Nirwanසංගීත කන්ඩායමේ  Kurt Cobain වයස අවුරුදු 27 දී මිය ගියේ උධිකතර මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙසය. 1987 දී එච් ආර් ජෝතිපාලයන් අප හැර යන්නේ දැනටත් අප අතර දිවි ගෙවන ඔහුගේ සමකාලීනයින් වන පුන්සිරි සොයිසා වික්ටර් රත්නායක, අමරදේව, ප්‍රියා වැන්නන් අප අතර තනිකර දාලාය. එච් ආර් ජෝතිපාලගේ අදිසි නික්මයෑමට ඔහුගේ අධිකතර මත්පැන් භාවිතය හේතු වූ බව දන්නෝ දනිති. එසේම ගුණදාස කපුගේ මර්වින් පෙරේරා වැනි ගායකයින්ටද සිය මුළු ජීවිත කාලය ගතකරන්නට මත් රකුසා ඉඩ කඩ ලබාදුන්නේ නැත. මත්ද්‍රව්‍ය වලින් ගීත ගායනයට ඇවැසි ගොරසැඬි පිරිමි කටහඬ ලබාදෙන බවට මතයක් සමාජය පුරා පැතිරී ඇත. අප දන්නා ගොරහැඩි පිරිමි කටහඩක් ඇති කාන්තාවක නම් හිටපු ජනාධිපතිනියය්. එතුමිය කිසිම විටක වොයිස් එක හදාගත්තේ මත් ද්‍රව්‍ය භාවිත කරලා බව අපි අසා නැත. නන්දා මාලනී. මාලනී බුලත්සිංහල වැනි ගායිකාවන්ගේ ගීත තාලෙට නලවමින් ගායනය කරන සංගීත සංදර්ශන වේදිකාවේ සුකුමාල කටහඩ ඇති ගායකයෝද මත් ද්‍රව්‍ය පැන් යහමින් ගනිති. එවිට ඔවුන්ට ගායිකාවන් ගේ ගීත ගායනයට හැකිවෙන තරම් මිහිර බවක් ඇතිකර දෙන්නේ ගංජා විසින්මද? එය එසේ නම් ගංජා යනු සිතු පැතු වොයිස් ලබා දෙන අමුතු ජාතියේ දෙයකි. 

නමුත් සැබෑව නම් මත් ද්‍රව්‍ය තුල නැති කිසියම් දෙයක් එයට ආරෝපනය කොට එය ලබාගන්නට මිනිසුන් මානසිකව පෙළඹීමයි..මෙය සරල උදාහරණයක් ලෙස දක්වෙන්නේ නම් කිඹූලා කෙලින්ම කිරිමැටි නොගිලියි. ඌ කිරිමැටි බෝල කරලා හොඳ අව්ව ඇති තැනකට ගෙනැවිත් ඌද අව්වේ සිට මඳක්නිදා ගනී. නිදාගත් කිඹුලා මදකින් ඇහැරී කට්ට අව්වේ වේලෙන මැටි ගුලි දෙස බලයි. එවිට දැඩි අව්ව හේතුවෙන්  ඌට කිරිමැටි  පේන්නේ රතුපාට මස් කුට්ටි දෙකක් මෙන් රත් පැහැ ගැන්විලාය. එසැනින් තමාම රවටාගන්නා කිඹූල් තඩියා ඒ කිරිමැටිනොව මස් යැයි සිතා මස් කුට්ටියක් කන්නා සේ පැන කිරිමැටි ටික වැරෙන් ගිලදමයි. එසේම ගංජා භාවිත කරන්නෝද විවිධ කැටයම් ඔස්සේ එහි ගුණ කියන්නට සැරසී ඇති අතර අනෙක් ගංජා බාස්ලාද ඒවා යහමින් අනුමත කරති. 

බොබ් මාලේගෙන් ගංජා ජොයින්ට් එකත්, කාල් මාක්ස් ගෙන් රැවුලත්, ෆිදෙල් කැස්ත්‍රෝ චේ ගුවේරාගෙන් ඔවුන් අඳිනජාතියේ ඇඳුනුත් ණයට ලබාගත් වෙස් නැට්ටුවන් පිරිසක් ඒ ඒ විශාල චරිත වල නම් කියමින් විවිධ නැටුම් ලාංකික සමාජය තුල දමයි. ඔවුන් ඇඳුමින් පෙනුමින් සහ ගංජා භාවිතයෙන් හෝ සුරුට්ටුවෙන් දේශපාලනය කරනවා විනා ඒ විශාල චරිත විසින් සිදුකරන ලද දේශපාලනික සෙල්ලම් ගැන අබමල් රේණුවක් වත් ලංකාවේ නැට්ටුවන් දන්නේ නැත. දීප්ති කුමාර ගුණරත්න වැන්නන් එවැනි දේශපාලනික සංකීර්ණ දේවල් තේරුම් කරන්නට යම් උත්සාහයක් ගත්තත් අවසන දීප්තිද අපේ අයට සෙට් වන්නේ බොනකොට ගන්න පුලුවන් බයිට් එකක් විදියට පමණි.

අපි මොන මතය මතධාරීව දැරුවත් අපි දිවි ගෙවිය යුතුවන්නේ වත්මන් සාමාන්‍ය සමාජය තුල වෙයි. මෙය තුල වයසක ගංජා ගසන්නන් හෝ කලක් මතෙහි ගැලී සිටියවුන් පවා පසුකලෙක තම දුවනිය කසාද බැන්දවීමට සොයන්නේ ගංජා නොගසන අරක්කු නොබොන සිගරට් නොබොන සුකුමාර මනාලයෙකි. මා දන්නා එවන් තත්වයක් නිසා ගැහැනු ළමයකුට සිය පෙම්වතා ජීවත්වුවත් මලා සේ සලකන්නට සිදු විය. ගෙවල් වලින් කැමතිව සියලු කේන්දර පොරොන්දම් සූදානම්ව එන්ගේජ් වීමට සිටි එම පෙම්වතුන් දෙපලගේ පෙම්වතා එක්වරම ගංජා ගසා පොලිසියට කොටු වෙයි. ඉන් පසු කිසිම හේතුවක් නිසා ඔහුට දුවනිය දීමට නොහැකි බව පවසන පෙම්වතියගේ දෙමාපියන් දුවනිය කාමරයට කොටු කොට වෙනත් මගුලක් ඇයට සෙට් කර දෙයි. 

සමහර විට  ඉතාම කළාතුරකින් ගංජා ගහන එකක් විය හැකිය ඒ පෙම්වතා. නමුත් වැරැද්ද පොලිසියටත් අසු වී සමාජය හමුවේ අප්‍රසාදයට පාත්‍රවී ඇති කලෙක බොහෝ විට ෆිල්ම් එකකවත් නැති නවකතාවක වත් නැති  අලුත්ම අහේතුවකට පෙම්වතුන්ට වෙන්වන්නට සිදු වෙයි. ප්‍රේමයෙන් වෙන් වීම කෙතරම් වේදනාකාරීද මාස ගානක් පුරා තැනූ මාලිගා එකවිට හිසමත කඩා වැටෙන විට කොතරම් ආතල්දැයි ඔබට සිතාගැන්මට මා ඉඩහරිමි. මොහොතක සුව දෙන ගංජා මිටියක් නිසා අවසන සොඳුරු පෙම් කතාවක අවසානය සිදු විය. 

මෙහි සමහර කාරණා කාරණා ජාතික මානසික සෞඛ්‍යය පිළිබඳ කවුන්සිල අඩවියෙන් උපුටා ගන්නා ලදී.. 

අපි නොදැක්ක ඩොල්පින් Waiting for Dolphins

පසුගිය සති අන්තෙ මම යාලුවොත් එක්ක කල්පිටි ගියා ඩොල්පින් බලන්න. අපිට ඩොල්පින් නම් බලාගන්න බැරිවුනා. මුහුද රලු නිසා ඩොල්පින් බලාගන්න චෑන්ස් එක ලැබුනෙ නැහැ. ඒත් හොඳ විනෝදයක් ලබාගත්තා මුලින්ම අපිට උදව් කරපු සංචාරක මගපෙන්වන්නා ගැන කියලා ඉන්නම්.
අපි ගියේ කල්පිටි කල්පිටිය කියන එකට ගිහින් එතන ඉදලා මූදෙ තමයි තල්මසුන්, ඩොල්පින් බලන්න යන්නෙ.

නවිඳු බෝට් ටුවර්ස් තමයි ඒ බෝට්ටු සේවෙ නම.
කොන්ටැක් නම්බරේ වෙන්නෙ 077 480 49 55
මේ කියන අයියාගේ නම කීර්ති. එයා දෙමලයි සිංහලයි භාෂා දෙකම දන්නවා. ඒනිසා මුස්ලිම් ටැමිල් යාලුවන් එක්ක වුනත් එහෙට යත හැකි.හය දෙනෙක් යන බෝට්ටුවකට සාමාන්‍යයෙන් බෝට්ටු ටුවර් එකට විතරක් රුපියල් පාලෙොස් දාහක් විතර යනවා.

මේ ඉන්නෙ එයා තමයි එයා අපිට ඩොල්පින් ඉන්න තැන් පෙන්වලා දුන්නා. ඒත් ඩොල්පින් නම් හිටියෙ නැහැ. මෙයාල අයිති වෙන්නෙ ජී පී  එස් තියාගෙන ලොකේෂන් හොයාගන්න දත කන වර්ථමානයට නම් නෙමෙයි. සෝක් එකට මූද දිහා බලාගෙන හතර වටේම මූද තිබුනත් අවශ්‍ය දිශාව හරියට මීටර් කරගන්න පුලුවනි මෙයාලට..ඒක බැලු බැල්මට පුදුමාකාරයි. එයාගෙන්ඒ ගැන ඇහුවාම කිව්වෙ..දැන් කොළඹ ගිහිල්ල අපිව දැම්මොත් අපිට පාරවල් හොයාගන්න බැහැ..ඒ වගේමේ මූදෙ පාරවල්  ඔයාලට හොයාගන්න බැහැඒත් අපිට හොයාගන්න පුලුවනි.

ලංකාවෙ සිතියම අඳිනකොට මන්නාරමට යටින් අපිට අඳිනකොට මල පනින කොටසක් තිබෙනවා. ඒ කොටස තමයි කල්පිටිය. ඒ කලපුව තමයි පුත්තලම් කලපුව. ලංකාවට පිටින් වගේ තීරුවක් විදියට දෙපැත්තම මුහුද තියෙන කොටසක් තමයි කල්පිටිය කියලා කියන්නෙ. මේ මල් තිබුනෙත් කල්පිටි යන අතරමග තමයි. වෙරලබඩ කලාපයට අයත් වෘක්ෂලතා ආදියෙන් මේ බිම පිරිලා තියෙන්න ඕනි වුනත්..අද වෙනකොට සංචාරක කර්මාන්තය සහ ජනාවාස නිසා ස්වාභාවික පරිසරයක් නම් දකින්න ටිකක් අමාරුයි. ඒත් කලපුව දෙසට වන්නට නම් යම්තාක් දුරට ස්වාභාවික පරිසරය ආරක්ෂා වෙලා තිබෙනවා.
අපිට දැකගන්නට ලැබුන එක් වටිනා දර්ශනයක් තමයි මේ පොකිරිස්සො. පොකිරිස්සො මරන්නෙ නැහැ. පණපිටින් අල්ලලා පණ තියෙද්දිම තමයි වෙළඳාම කෙරෙන්නේ. මූව එක් මනුෂ්‍යයෙක් අරගෙන ආවා. ඉන් පස්සෙ හොඳට පිහිදාල කාරිය තරාදිය උඩින් තියලා කිරුවා. මුගේ මුදල් වටිනාකම රුපියල් පන්දාහකට ආසන්න වෙනවා කියලා තමයි මේ අයියලා කිව්වෙ. අපි හිමීට ඔලුව දාල තුන් සක රිය ඇතුල බැලුවා. මෙන්න තුන් සක රිය ඇතුලෙ පොකිරිස්සෙ ාෙගාඩක්..වොල් පේපර් එකක් දාන්න පුලුවන් තරම් ලක්ෂන පොකිරිස්සො ගොඩක්. එක අතකින් පව්. අනික් අතින් මේක තවත් කෙනකෙුගේ කර්මාන්තයක්..
මේ ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතවත් මුහුදෙත් ධීවර කර්මාන්තය කෙරෙනවා. දෙමල මුස්ලිම් සිංහල බේධයක් නැතුව ඒ අය සමගියෙන් ඉන්නවා ඇති කියලා මට හිතුනා. අපි එක්ක ගිය සගයා නම ්බාසා දෙකම දන්නවා. ඒකට අපි? පොස් වෙන්න ඕනි නිසා ඉංගිරිසි වචන දෙක තුනක් වනාගන්න හැක ිවුනාට අපි ලංකාවෙ දෙවන බස වෙන දෙමල දන්නෙම නැහැ. දෙමල දන්නවා නම් අපිට තියෙන පස්න ඔක්කොම එකයි කියලා අපිට කතා කලාම වැටහෙනවා..එතකොට අපිට අර දෙමල මුස්ලිම් අය දැක්කම හිතට එන විරෝදී ආකල්පය අඩු වෙයි කියලා මට හිතෙනවා..
මේ වෙරළබඩ පරිසරයට අනුවර්ථනය වුන පොඩි පැලෑටියක්. මේක බටු ගහක්ද මන්දා..බොහොම පොඩි එකක්. වෙරල කලාපයට සුදුසු විදියට කටු ආදිය පිහිටලා තියෙනවා.අපි වාහනෙන් බැහැලා බෝට්ටුව දක්වා යන ගමනෙදි තමයි මේ කටු ගහ මට හමු වුනේ..
කන්ඩායමක් බෝට්ටුවට නැගලා ඩොල්පින්, තල්මසුන් සහ කොරල් බලන්න යන්න සූදානමින් ඉන්නවා. බෝට්ටුව බාර මාමලා තාම එන්ජිම පනගන්වලා නැති විදියක් තමයි පේන්න තියෙන්නෙ. එදා මුහුද තරමක් රලු දවසක්. අපේ චාරිකා සංවිධායක කීර්ති අයියා අපිට සිංහලෙන් කිව්වා අද ගියාට අපිට බලන්නෙ වෙන්නෙ පොඩි සීමාවක් විතරයි කියලා. ඒත් අිප කීර්ති අයියා අපිට උපදෙස් දුන්න විදියට මූදු යන්නෙ නැතුව කලපුවට ගිහින් ඒකෙ ඉන්න කලපු ඩොල්පින්ව බලලා එන්න කැමති වුනේ නැහැ. අපි ආවෙ මූද මැද ඉන්න ලොකු තල්මසුන් ඩොල්පින් ලා බලන්න . ඒ නිසා අපි තරමක් රලුයි කියලා ඇස් වලට පේන්නම තිබුනත් මූදටම යන්න තීරනය කලා...

මුහුද රළු වුන නිසා ගමන නිකං පොඩිකාලෙ මෙරිගෝ රවුම මාරක ලිඳ බලන්න ගියාම ලැබෙන හැඟීම අපිට දැනෙන්න ගත්තා. එකපාර යන බෝට්ටුව රල ගෙඩියක යට වදිනවා. ආයෙත් උඩ එනවා පහල යනවා. ඒ මැදින් සූ ගාල බෝට්ටුව ඉදිරියට යනවා. රළු අවස්ථාවක මූදු යනවා කියන්නෙත් එක්තරා සැර ආතල් එකක්. අපි එක්ක අල්ලපු රටේ උන් ( ඉන්ඩියන් කාරයො ) දෙන්නකුත් ගියා. උන් දෙන්නටත් ලයිෆ් ඔෆ් පයි මතක් වුනාලු. ලයිෆ් ඔෆ් පයි ෆිල්ම් එකේ තියෙන්නෙ මූද මැද කුනාටුවක් නිසා අතරමං වෙන ඉන්දියානු තරුණයෙක් ගැන. 

මෙ ්ඉන්නෙ අපෙ රියදුරු මහත්තයා. මෙයා ඉදිරිය බලාගෙන බොහොම සීරුවට බෝට්ටුවේ එංජිම හසුරුවන වැඩේ කලා. වැඩිය කතාවක ්බහක් නැහැ. සමහර විට දෙමල තරුණයෙක් වෙන්න ඇති. ගමනටම මේ මනුස්සයා අපේ සංචාරක මගපෙන්වන්නා වන කීර්ති අයියා සමග කතා කලා මිස අපි එක්ක වැඩිය ඇයි හොඳයියක් දැක්කුවෙ නැහැ.මිනිහාට නම් නියම ධීවර ලුක් එකක් තියෙනවා කියලා තමයි මට හිතුනෙ. 

වෙරළින් ඈතට යනකොට අපිට ගොඩබිම දර්ශනය වෙන්නෙ මේ ආකාරයට. මේ කල්පිටි වෙරලෙන් අපි නැග්ග තැනින්බෝට්ටුවට නැග්ගාම පැති දෙකකින් අපිට මූද පේනවා. මොකද කල්පිටිය කියන්නෙ මුහුද දෙපැත්තෙන්ම ගොඩබිම් තියෙන සීමාවක්.. 
මේ හරියෙ මූද බැලුවාම පේනවා ඇති පාට දෙකක් තියෙනවා. ටිකක් නිල්පාටයි ඈතට යනකොට කොළපාටයි. ඈත ගැඹුරු මුහුද පරණ භූමිතෙල් තරම්ම නිල්පාටයි. නොගැඹුරු මුහුද දුඹුරුපාට සහ කොළපාටට පේනවා. ඈත මූදට ගියාම ඒ නිල්පාට අපිව බයකරනවා සැඩපාරත් එක්ක. යාලුවෙක් නම් කිව්වෙ ගැඹුරු මුහුදු පතුලට හිරු එලිය නොවැටෙන නිසා ඒ වතුර ඒ තරම් තද නිල්පාටට පේනවා කියලා. මාත් දන්නවා වගේ ඔලුව වැනුවාට මට නම් ඒ හරුපෙ හරියට තේරුන් නැහැ. 

අපි කලපුවට ගිය හැටි..කොරල් බැලුව හැටි ගැනත් ලියන්න හිතාගෙන ඉන්නවා. බාගෙදා ඔය හිතං උන්නට කම්මැලි කම නිසා ලියවෙන එකකුත් නැහැ. කොහොම වුනත් දවසෙන් සැර ආතල් එකක් ගත හැකි හොඳ චාරිකාවක් තමය ිකල්පිටි වෙරළ බඩ බෝට්ටු චාරිකාව.

Sunday, April 21, 2013

ගැමුනු මරමු ලාබෙට යමු

මා ඊයෙ පෙරයිදා රූපවාහිනියේ උදෑසන පුවත් විශ්ලේෂණයක් බැලුවෙමි. එයට සම්බන්ධ කරගත් ගැමුණු විජේරත්නගෙන් නිවේදකයා නොයෙක් හරක් (හරස් නොවේ) ප්‍රශ්ණ අසයි. ගැමුණුට සිය අදහස කියන්නට නොදෙන නිවේදකයා ඌටම ඕනි උත්තරය ගැමුනුගෙන් ගන්නට හදයි.
හොඳයි දැන් එතකොට ඔබට අවසාන වශයෙන් රජය ප්‍රතිඥා දීල ිතයෙනවාද ජූලි මාසෙ බස් ගාස්තු ඔබ කියන ප්‍රමාණයකින් වැඩිවෙනවා කියලා?

ඉතිං ඔය පස්නෙට ගැමුනු මහත්තයා දුන්නෙ ටිකක් දිග උත්තරයක්..ඒක දීල ඉවරකරන්නත් කලිං බොහොම ඉස්තුතියි කියලා නිවේදකයා ලයින් එක කට් කලා..

නිවේදකයාට ඕනි වුනේ ගැමුනුලා ස්ට්‍රයික් කරලා බස්ගාස්තු නග්ගගන්න හදනවා කියන උත්තරේ ගන්න..ඒ කියන්නෙ මේ අහිංසක රජය ජනතාවගේ බස්ගාස්තුව නංවනවාට කොතෙක් විරුද්ධ වුනත් දුෂ්ඨ ගැමුණු විසින් බස් සංගම් ඒකාරාශී කොටගෙන බස් ගාස්තු වැඩිකරන්න යන බව පෙන්වීම තමයි ඒ මීඩියා කාක්කගේ වැඩේ වුනේ. සමාරවිට සජීවි වුනත් ඉයර් පෝන් එකෙන් එහාපැත්තෙ හිටපු හාදයා කිය්නන ඇති ඔය ගැමුනුවා වැඩිය අවුස්සන්නෙ නැතුව ස්ටයික් කරන්න නේද හදන්නෙ කියලා විතරක් අහන්න කියලා.. 

බස් ගාස්තු වැඩිකරීමට ජාතික ප්‍රතිපත්තියක් ඇති අතර රටේ අනික් සංරචක වල මිල අගයන් වෙනස් වෙන විට බස් ගාස්තු ඒ අනුව වැඩිවීම සිදුවෙයි. උදාහරණ ලෙස විදුලිය බිල වැඩිවන විට බස් ගාස්තු වැඩි වීම විහිලුවක් ලෙස පෙනුනත් විදුලිය වැඩිවෙන විට ඒ අනුව මිල වැඩිවෙන අනෙකුත් සංරචක හේතුවෙන් බස් ගාස්තු වැඩිවිය හැකි බව රජයේ පාර්ශවය විසින්ද පිළිගෙන ඇති ජාතික ප්‍රතිපත්තියේ සඳහන් ව ඇතිවා වන්නට ඇත. එවන් ගිවිසුම් ඇත්නම් ඒවා සාකච්චා මාර්ගයෙන් මහජනයාට සහන ඇතිවෙන පරිදි වෙනස් කල හැකි මාර්ග ආදිය සාකච්චා කල යුතුය. එසේ නොමැතිව මාධ්‍ය ලව්වා ගැමුණුලාට බැට දීමෙන් ගමේ චන්ඩි පස්න විසඳන ආකාරයට පස්න විසඳීමට යෑමෙන් කිසිදු වාසියක් කිසිම පාර්ශවයකට ලැබෙන්නේ නැත. 

කොහොම වුනත් මා ලිපියට දැම්ම මාතෘකාව අනුව අපේ රාජ්‍ය මාධ්‍ය සහ අනෙක් රජයට අනුබද්ධ සියලු මාධ්‍ය විසින් පෙන්වන්න යන චිත්‍රය වන මේ ගැමුනු ඇතුලු බස් නායකයින් මරා දැමුවොත් රජයට බස් ගාස්තු වැඩිකරන්න ඕනි නැහැ කියන තියරි ය නිරූපනය වේ. ඒ කියන්නෙ ඩීසල්, විදුලිය, අමතර කොටස්, බලපත් ගාස්තු සියල්ල වැඩිකලත් ජාතිය උදෙසා(වෙළඳ සලකුණකි) බස්කරුවන් මගීන් පැරණි ගාස්තුවලටම එක්කරන් යා යුතුයි කියන මතය රජය දරනවා කියලා තමයි බැලූ බැල්මට පේන්න තියෙන්නෙ. ඒ අනුව රජය අමාරුවෙන් බස් ගාස්තු වැඩිකලත් එය වැඩිවූයේ රජයේ ඩීසල් විදුලිය ජීවන වියදම් වල මිල ඉහලයෑමේ හේතුව නිසා නොව ගැමුණු විජේරත්නලාගේ උද්ගෝෂණ නිසා බව මහජනයාට පෙන්වීමට රජයේ මාධ්‍ය ටික උත්සාහ ගනී.
පසුගිය වතාවන් වලදි ගැමුනු විජේරත්නලා සිය කර්මාන්තය කඩා වැටෙන්නට නොදී වෘත්තිය අරගල කරනවිට ඩී ඇස් ගුණසේකර කොම්පැනිය සහ ලංගම බස් ඒ ස්ට්‍රයික් එකට සහයෝග නොදී සිටියෝය. නමුත් අර බස් ගාස්තු වැඩිකල විට සියලු ලංගම වලත් ඩීඇස් බස් වලත් ගාස්තු ඉබේම වැඩිවිය. අඩුතරමේ ලංගමේ හෝ අඩුවට දුවන්න කැමති වූයේ නැත.
රජයේ විකල්ප. 

අපේ රජයට පුද්ගලික බස් හැරුන විට විකල්ප දෙකකි. ඒ දුම්රිය සහ බස්.ඒ සේවා දෙකම රජයට දැඩි බරක් වෙන ලෙස පාඩු ලබයි. නමුත් පුද්ගලික බස් සුවපහසුව අතින් යම්තාක් හොඳ මෙන්ම ලංගමට වඩා ගුණාත්මක සේවාවක් ලබාදෙන අතර බොහෝ පුද්ගලික බස් හිමියෝ ලාබ ලබනු පිණිස බස් කර්මාන්තය කරගෙන යයි. සේවකයින් විසාල ප්‍රමාණයක් ගාල් කරගෙන කිසිදු වැඩපිලිවෙලක් නැතිව පාඩු ලබන ලංගම අයිති රජයම, වසර ගනනක් සිට පාඩුලබන දුම්රිය සේවයක් ඇති රජයම බස් ගැමුණු ලා යමක් කියන විට හදන්නේ හරහට යන්නටය. 


අපේ බහුතර පිංවත් මහජනයා හිතන ලෙස පුද්ගලික බස් සේවාද මහජනයාට සහන දී මගී දන්සැල් මෙන් මුදල් නොගෙන එහෙට මෙහෙට ප්‍රවාහනය කලොත් වන්නේ අපිට යන්නට එන්නට තියෙන පුද්ගලික බස් සේවාවද ඇන හිටීමය. එනිසා කොහේ හරි යන නන්නත්තාර මිඩියා අනාතයෙක් මයික් එකක් ඇල්ලුව පලියට සකල සරුවාංගයෙන්ම රාජපාක්ෂික වී ගැමුණුලා තලන්නට යෑම වගකිව යුතු මහජනයා විසින් නොකළ මනා කාරණාවකි. යම් වෘත්තිය කන්ඩායමක් යම් යම් ඉල්ලීම් ඉල්ලන අතර ඒවා අතර සාධාරන මෙන්ම අසාධාරන ඒවාද තිබිය හැක. නමුත් ඒ කර්මාන්තය වෙනුවෙන් කරන ඉල්ලීම් ඉටු නොවුනහොත් වන්නේ ඒ වෘත්තිය කන්ඩායම් විසින් සපයන සේවා ඇනහිටීමයි. නැතහොත් ඒ සේවාවහන්හි ගුණාත්මක අගය පහල යාමයි. 

වෘත්තිය සමිති යනු මහා කරදරකාරී දෙයක් ලෙස සමාජගත මතයක් මේ ක්‍රමය තුල නිර්මාණය කොට ඇත. ඒ තුල සිය අයිතිවාසිකම් ලබා ගෙන ඒ තුලින් මහජනයාට වඩාත් හොඳ ලෙසසේවය කිරීමට ඉඩ සැලසීමට යම් වෘත්තිය සමිතියක් සිතාගෙන සිටියද ඔවුන්ටද සිදුවන්නේ රජයේ නෝන්ජල් පක්කිලි කතා වලට අහුවෙන්නටය.

උදාහරණ ලෙස ලංගම සේවකයින් ඉතාම සුලු වැටුපක් ලබාගෙන එයද නියමිත දිනට නොලැබෙන කල ලංගම ලොක්කන් ලොකු සල්ලි කුට්ටි පිල්ලි යවනවා නම් අර පහල සේවකයින්ගෙන් සුපිරි සේවයක් අපේක්ෂා කල නොහැකි බව චූටි බබකුට බවා තේරුං යන කරුණකි. එවන් විටක ලංගම සේවකයින් පඩිය වෙනුවෙන් පොඩි උද්ගෝෂණයක් කරන විට හෝ වෘත්තිය අරගල දිගින් දිගමටම  කරන විට ඔවුන්ට හැමදාම සොච්චම් පඩි ලැබෙනවා නම් බස් කොච්චර ලංකාවට ආවත් ණය කොච්චර ලැබුනත් හැමදාම ලංගම පාඩුය.

පුද්ගලික බස් රියදුරන් කොන්දොස්තරවරුන් සෘජුව හෝ වක්‍රව දාස් ගනන් මුදල් දිනකට උපයයි. එසේම බස් හිමිටද විසල් මුදලක් ලබාදෙයි. නමුත් ලංගම වල බස් වල වැඩකරන කොන්දොස්තර රියදුරු මහත්වරු ඉතා අඩු වැටුප් ලබද්දී උපයන සියල්ල ඩිපෝවට ලබාදෙයි. ඉන් පසු ඒ සල්ලි වලට වන්නේ කුමක්ද? රජයෙන් වසර ගණනාවක් ආධාර දීලාත් ලංගම එකතැන පල්වෙන්නේ ඇයි. රජයක් සහ වගකිව යුතු මාධ්‍යයන් විසින් ඉලිප්පිය යුතු වන්නේ එවන් කාරණාය. නමුත් සිදුවන්නේ එහි අනෙක් පසය.

මේ බස්වල කිසිම අවුලක් තියෙන බවක්වත් දුම්රිය සේවා බස් සේවා ලංගම වල ප්‍රශ්ණ තිබෙන බවක්වත් කිසිදිනෙක දිවයින පත්තරේ යන්නේ නැත. සමහර විට දිවයින පත්තරේ ඇත්තන් හෙලිකොප්ටරෙන් ඇවිත් බහින නිසා එසේ වෙනවා වෙන්නට ද ඇත. 

නමුත් තව ටික දිනකින් පුද්ගලික බස් සංගම් වර්ජනයට සැරසුනොත් එයට එරෙහිව පිටපත් ලියන්නට කතුවැකි ගහන්නට නම් මාධ්‍ය සෙනග අඩු නොවනු ඇත. අහෝ මෙතරම් ලෙවකාලත් මුංට රසඇති  නොවෙන සැටි.

Friday, April 12, 2013

රජයේ රැකියාව ස්ථිර වෙයිද (my government dreams)

රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් ලබාගැන්මත් එහි පඩි වැඩිකරගෙන ස්ථිර කරගැන්මත් අවිවාහක රස්සා නැති ශ්රී ලාංකික තරුණ තරුණයින්ගේ සිහිනයකි. මෙහි එතරම් වරදක් නැත. අප වැනි සංවර්ධනය නොවූ රටක පුරවැසියෝ සියල්ල රැකියා කටයුතුය. ධනවත් රටවල මෙන් අප රටට නිකා ඉන්න අයට ආධාර දෙන්නට හැකියාවක් නැත.

මා මේ ලියන ලියමන ආර්ථිකය ගැන යැයි සිතා බොහෝ දෙනා නොකියවා යන්නට පුලුවන. ලංකාවේ ආර්ථිකය ගැන කාලයක් තිස්සේ පලවන පුවත්පත් ලිපි තිබේ. ඒවා අනුව රජයේ හැර අනෙක් සෑම පුවත්පතක්ම වසර ගනනාවක සිට මට මතක ඇති කාලයක සිට කියන්නේ අප රට ආර්ථිකය ශක්තිමත් නැති බවකි. ව්‍යංගයෙන් හෝ අප රට ආර්ථිකය හිතන තරම් සරු නොවන බව පුවත්පත් කතුවරු පෙන්වා දෙති. නමුත් ඒ පුරෝකථනය කලාට කිසි දෙයක් වෙනස් වන්නෙ නැත. හැමදාම රජයත් ඒ වැඩත් පවතින ක්‍රමයත් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ඒ නිසාම ලංකාවේ බොහෝ දෙනාට ආර්ථික විශ්ලේෂණ සහ ගණිතය එපාම වී ඇතුවා වන්නට ඇත. හැමදාම කඩා වැටෙන්නට නියමිත දිරාගිය බිල්ඩිමක් ලෙස පුවත්පත් විසින් දකින ආර්ථිකය මෙලෙසම දැන් අවුරුදු දහයක් පාලවක් තිස්සේ කිසිදු අවුලක් නැතුව ගමන් කරයි..

එක් අතකින් ලංකාව වැනි රටක ආර්ථිකය දියුනු රටවල ආර්ථිකය මැනීම සඳහා තනන ලද කෝදු වලින් මනින විට ඔවැන් අවුල් ඇතිවිය හැක. අනික් අතින් ලංකාවට කඩා වැටෙන්නට ආර්ථිකයක් නැත.මැලිබන් වීදියේ තට්ටු බිල්ඩිමක් කඩා වැටීම පසුගිය දිනෙක පුවත්පත්වල මුල් පිටුව සැරසුවේය. නමුත් ඈත ගමක සිල්ලර කඩයක සිවිලිමක් කඩා වැටීම කිසිදු පුවත්පතකට නිවුස් එකකට වැඩකට නැති දෙයකි. ලංකාව යනු එවැනි තුට්ටු දෙකේ හිඟන මට්ටමේ ආර්ථිකයක් සහිත රටකි. ඉතින් එවැන්නක් කඩා වැටෙන්නට කියා දෙයක් නැත.කඩා වැටුනාට සැරට දැනෙන්නෙද නැත.

·        විදේශගත ලාංකික ශ්‍රමිකයින් විසින් ලංකාවේ පවුල් දිගින් දිගටම නඩත්තු කරගෙන යෑම,
·        රටට ආධාර ලෙස සහ ව්‍යාපාති ලසෙ ලැබෙන ආධාර රිසි සේ පද්ධතිය විසින් ඉහල සිට පහලට ගසාකෑම.
·        ගම්බද ජනයාට ස්වයංපෝෂිත ලෙස තවමත් ජීවත්වීමට හැකියාවක් තිබීම.
ආදි කරුණු නිසා ලංකාව බොහෝ විට ආර්ථිකය අතින් අවුලක් නැතැයි පෙනෙන්න ට තිබේ.

වසන්තය හැමදාම තිබේවිද?
ගෙදරක එක් සුලු සොරෙක් සිටිය හැක. ඒ පොඩි සොරා පියාගේ සාක්කුවෙන් රුපියල් විස්සක් තිහක් ගෙන ඉදහිට සිගරට් එකක් බීවාට..අම්මාගේ පෝස් එකෙන් රුපියල් දහයක් ගෙන පහේ ටොපියක් කෑවාට ගෙදරට එතරම් දැනෙන්නේ නැත. නමුත් ගෙදර සිටින දරුවන් ආච්චිලා සීයලා ඇතුලු සියල්ල සොරුන් වුවහොත් ඇතිවන තත්වය සිතාගත නොහැකි තරම් සංකීර්ණය. ලංකාවේ දැන් ඇත්තේ එවැනි තත්වයකි. සියයට පනහකට වැඩි ලාංකිය ජනතාවක් සොරු වෙති. එසේම සමාරු සොරුන් වන්නට පෙරුම් පුරති.

වැඩක් පලක් නැති රජයේ රැකියාවක් සොයන්නේ සොරුන්ය. ආන්ඩුවේ සල්ලි ලැබෙන ව්‍යාපෘති වලිං ගසා කන්නේ සොරුන්ය. පාරිබෝගිකයා රවටා විච්චූරන කොට බඩු විකුනන්නේ සොරුන්ය. කොටින්ම ලංකාවේ ජීවත්වෙන මිනිසුන් බොහොමයකට සොරකම ජානගත වී තිබේ. වංචාව යන දෙය පයිත්තියං වී තිබේ. මෙවන් රටකට ආයෙත් සාධාරනත්වය ගැන පාඩම් කියා දිය හැකි මුත් ඒවා වැටහෙන්නේ එහෙමත් පිරිසකට පමණි.


අජිත් කුමාරසිරි නැමැති අයෙකු පසුගිය දිනෙක එක්තරා උත්සවයකට දුන් වීඩියෝවක් මට ලැබුනි. අජිත් කියන අයුරින් අපි අපි විසින් අදහන දේ වෙනුවෙන් කැපකිරීම් ජීවිත පරිත්‍යාගයෙන් කිරීමට සූදානම් විය යුතුය. නමුත් අජිත්ට නොතේරෙන දෙයනම් ලංකාවේ මිනිසුන්ට කැපකිරීම් යන වචනය නොතේරෙන බවය. ඔවුන් කැපකිරීම් ලෙස දකින්නේ තමුන්ගේ අතට සම්තින් එකක් ලැබෙන දේවල්ය. එසේ නොවන පද්ධතිය උදෙසා වැඩදායී වුවත් තමුන්ගේ ගොඩ සෘජු ලෙස වැඩෙන්නේ නැත්නම් එවැනි දේට මිනිසුන් ලංකාවෙන් සොයාගැන්මට වඩා කලුනික සෙවීම වාසිදායක විය හැක.

මේ කඩාවැටීම් වලට හේතු..

යුද්ධයට පෙර ලංකාවේ සිට පසුව විදේශගත වී සිට ලංකාවට එන ආන්ඩුවේ බත් ගොට්ටන් නොවන බොහෝ දෙනකුගේ මතය වන්නේ රට තුල ඉදිකිරීම් සිදුවුනාට පාර නැග්ගාට කිසිවක් යහපත් දෙසට මිනිසුන්ට වැඩදායි වෙන ලෙසට වෙනස් වී නැති බවයි. එනම් අපිට ලොකු දේවල් ලෙස පෙනුනාට හාබර්, එයාපෝට්, පාරවල් වැනි දේ සැබැවින්ම මිනිසුන්ට වැඩදායි වී නැත. බොහෝ දෙනා මෙයට හේතුව ලෙස රාජ පාලනය ගෙන හැර දක්වයි. නමුත් මට නම් පෙනෙන්නේ රජය යනු මේ පවතින ක්‍රමය තුල ඇති සියලුම අංග නිරූපනය කරන මරුම ජාතියේ කැඩපතකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සියල්ල රජය තුල නියම අයුරින්ම විද්‍යාමාන වෙයි.

දශක ගානක් තිස්සේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය නම් වූ කුකුල් කූඩු ටිකෙන් එලියට දැම්ම බ්‍රොයිලර් ලා විසින් බිහිකරන ලද වත්මන් සමාජය කිසිසේත් අහම්බයක් නොවේ. අලුත් නොවන එකතැන පල්වුන ලේබලයට පමණක් නිදහස් අධ්‍යාපනයක් හරහා පොදුජන විඥානය අලුත් ලෝකයෙන් ඈත්කර යටත්විජිත ආකල්ප වල ගිල්වනු ලැබීය. ලාංකික සරසවි වලින් එලියට බහින බොහෝ උගතුන්ගෙ ඒකායන පැතුම කසාදය සහ රැකියාවයි. වැඩදායි පුද්ගලයෙකු ලෙස ඔවුන් දකින්නේ සමාජය පිලිගත් ලොකු පුටුවක පුක තියාගත් පුද්ගලයෝය. ඉන් ඔබ්බට එහි වාඩිවුන පසු මිනිසුන් උදෙසා  වැඩ කිරීම ඔහු බාරදෙන්නේ ඔහුට ඉහල සිටින දේශපාලකයින්ටය.   එවිට සියලු වැරදි වලට වග කිය යුත්තේ ඒ දේශපාලකයෝ සහ තමුන්ට ඉහල නිලධාරින් ටික පමණි.

විදුලි බල මණ්ඩලය, දුම්රිය, ගුවන් සේවා, ලංගම, වාරිමාර්ග, මහාමාර්ග,වරාය ආදි බොහොමයක් රාජ්‍ය අංශයට අයත් ආයතන වල ඉහල පුටු සංඛ්‍යාව ඒ සේවාවම සලසන පුද්ගලික අංශයට වඩා වැඩිය. එසේම ඒ පුටු වලට ඇති රාජකාරි නැති වුවත් පුටු නැති වෙන්නේ නැත. හැමදාම එතනය. ලංකාවේ ලංගම සතුව සිටින සේවකයින්, වරායේ අතිරික්ත සේවකයින්, විදුලි බල මන්ඩලය දුම්රිය ගුවන් සේවා වල සේවකයින් වන්දි දි රජය විසින් අද එලියට දැම්මොත් මේ රජය අනිද්දා වෙනවිට සුවර් නැත. එවිට රජය පෙරලීමට ඒ අය පෙරට එති. විදුලිය බිල ගෙවාගන්නට මිනිස්සුන්ට බැරි වූවාට කාටවත් ගානක් නැති වුනාට විදුලි බල මන්ඩලයේ සිටින සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු වුවහොත් එය රජයට දැනේ.

විදුලිය ඇත්තේ ලංකාවේ පමණක් නොවේ. ලොව බොහෝ රටවල විදුලිය ඇත. නමුත් ලංකාවේ තරම් සැර ගානක් නැත. ජනයාට විදුලිය අඩුවට ලබාදීමට නම් ඒ රටවල විදුලිය ලබදිම සඳහා ඇති ආයතන පද්ධති ලාබ ලබන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුය. නමුත් ඒවා කස්ටිය බලන්නේ නැත. හැමදාම පරණ ආන්ඩුවටත් පාලකයින්ටත් වෙනත් අයටත් බනිමින් සිටීම වාසිදායකය. මා දන්නා තරමින් ඉන්දියාවේ ධනවතුන් වන අම්බානි නම් අයට අයිති ලාබ ලබන කොම්පැනියකි රිලයන්ස්. රිලයන්ස් යනු ඉන්දියාවේ විදුලිය ලබාදෙන පුද්ගලික ආයතනයකි.

විදුලිය නිපදීම, බෙදාහැරීම, නඩත්තුව ආදී සියල්ලම එක් පලාතක වත් පුද්ගලික කරණය කලා නම් මට අනුව එම පලාතේ විදුලිය ලාබ සහිත තත්වයට ගැන්මට එම සමාගම් වලට හැකිවෙනු ඇත. කොළඹ වරායේ පුද්ගලිකකරණය කරනු ලැබුයේ ඉතාම සවුත්තු  ලෙස සැලකුනු කොටසකි. නමුත් සේවකයින් ප්‍රමාණය රජයේ අංශයට වඩා දහයෙන් එකකටත් වඩා අඩුවෙන් වැඩි ලාබ පෙන්විමට එම කොටස සමත් වී ඇත.

ටෙලිකොම් නැමැති අර්ධ රාජ්‍ය ආයතනයට වඩා පුද්ගලික අංශයේ ඩයලොග් සමාගම ආදායම අතින් දැන් දැන් පෙරට පැමිනෙමින් ඇත. නමුත් ටෙලිකොම් ලංකාවේ රජය නියෝජනය කලා කියා ලංකාවේ පුරවැසියන්ට අඩුවට කෝල් ඉන්ටනෙට් ලැබෙන්නෙ නැත. ටෙලිකොම් සමාගම සම්බන්ධ සේවකයින් ප්‍රමාණය 8000කට ආසන්න වන අතර අනෙක් සියලුම මොබයිල් ජාල සහ ඒ නඩත්තු සමාගම් වල සියලුම ලංකාවේ ටෙලිකොමියුනිකේෂ්න අංශයේම සමස්ථ සේවක එකතුව පවා එතරම් අගයක් ගන්නේ නැත. නවීන මෘදුකාංග, ක්‍රමවේද, පද්ධති හරහා සේවකයින් ප්‍රමාණයත් අනවශ්‍ය ප්‍රමාදයත් අවම කරගෙන ඒ ටෙලිකොම් සමාගම ඉදිරියට යන්නේ නම් 8000ක් සිටින සේවකයින්ට පමණක් සහන දෙන අපිට මුල් හැන්දප්‍රතිපත්තියේන තොරව ලක්ෂ 8කට අධික වන සියලු පාරිබෝගකයින්ට සහන ලබාදිය හැක.


රජයෙන් රුපියල් දහදාහක් ලබාදී ගණිකා වෘත්තිය වැනි කිව්ව තැනකට යන්න කැමති පුද්ගලයෝ ටිකක් ප්‍රාෙද්ශිය ලේඛම් කාර්යාල වල මේ දිනවල සේවය කරති. ඔවුන් ඉහලින ්කිව්ව තැනට යති. කිව්ව දේ කරති. ඇමටි මැති තුමන්ලාගේ බලයෙන් ටික දෙනෙක් ඉස්තිර වෙති. ඉතිරිය දැන් වසර එකකටත් වැඩි කාලයක් තිස්සේ තාමත් අභ්‍යාසලාභී ලෙස බෝඩ් එකක් ගසාගෙන ප්‍රාෙද්ශිය ලේඛම් කාර්යාල වල අගුවේ වේලෙන්නට තබා ඇත. මේ වේලෙන්නට සල්ලිද රජයෙන් ගෙවයි. ඒ මදිවාට හෙට යලිත් අභ්‍යාස ලාබින් බඳවාගන්වා යැයි දැන්වීමක් දැම්මොත් බුරුතු පිටින් ඇප්ලිකේෂන්ද දමනවාය.

ඒ විතරක් නම් මැදෑ. දැන් වසර විස්සක තිහක සිටම උපාධියට සරිලන රැකියා නොලැබෙන පොල් සයන්ස්, ආට් උපාධි සඳහා තවමත් කලා වාණිජ අංශ වලින් බොහෝ ගණනක් අයදුම් කරති. අයදුම් කර වසර හතරක් සිය සහකරුවා සොයාගන්නට වැයකොට එලවටත් මෙලොවටත් නැති සහතිකයක් ගෙන එයින් පිටවී රැකියා නැතැයි ආන්ඩුවට දෙස් තියති. මේ ක්‍රියාදාමයේ සෑම පුරුකක්ම රජය තරමටම දූෂිතය. එයින් 95%කටත් වඩා උත්සාහ කරන්නේ නිකම් ඉදන් සාක්කුවට ගතමන්ට් එකක් දාගන්න උත්සාහ කරනවා විනා මහන්සි වී මුදල් ඉපයිම නොවේ.

මේ සමාජ ක්‍රමය දියුනු කරන්නට මේ රට දියුනු කරන්නට නම් දියුනු ආකල්පිය වෙනසක් අවැසිය. එය තුල අනුන් කියවීම වැනිම තමා ගැන ස්වයං විවේචනයක්ද ඇතුලත් විය යුතුය. එසේ නැතිව කොතෙක් හොඳ පාලකයින් අපිට ලැබුනත් ඔවුන්ට මේ ජඩ ක්‍රමය තුල පැවැත්මක් නැත. හොඳ නායකයින් පැමිණියත් හොඳ වැඩ කරන්නට ගියොත් වන්නේ ඔවුන්ගේ පැදුරටත් නොකියා දේසපාලන තීරයෙන් සමුගන්නටය. මිනිසුන් කැපවීම් යන වචනයේ තේරුම දත යුතුය. කැපකිරී්ම සිදු කිරීමට සූදානම් විය යුතුය. එසේම තමාද වැඩ කිරිමට සූදානම් විය යුතුය. වංචාවෙන් වක්‍රාකාරයෙන් නැතිවන්නේ තමාගේම සතුට සැපය බව අවබෝධ කරගත යුතුය.

මෙය මේ ආකාරයෙන් කීවාට කාටවත් ලේසියෙන් තේරෙන්නේ නැත. දැන් අපි සරල උදාහරණයක් ගනිමු. නිල් බලකාය ලෙස හැඳින්වුන ජනප්‍රිය අයෙකුට කඩේ ගිය බොහෝ දෙනකුට විවිධ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වල තාවකාලික තනතුරු සහ විවිධ කොන්තරක් ක්‍රම අනුව රැකියා ලැබුනි. දැන් වසර තුනක් පමණ ගෙවී ගියත් ඒ සමහරක් පෙරමුනේ ම කඩේ ගිය අයට පවා ලැබෙන්නෙ රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලකි. රැකියා ස්ථීරත්වය ගැන ඔවුනට ඇත්තෙ සිහිනයකි. ඔවුන්ගේ අනාගතය අසුවල් මල් මහතා අනුවම රඳා පවතී.

අපි එතැනින් මඳක් ඔබ්බට යමු. ඒ අය විසින් එදා යහපත් පාලකයෙකුට කඩේ ගොස් සාධාරනය අනුව රට දියුනු කරන පොරක් බලයට ගෙන ආවේ නම් කාගෙවත් පස්සෙන් නොගියාට බොහෝ දෙනාට රැකියා ලැබෙනු ඇත. එවන් පසුබිමක් ඇතිකරගත්තා නම් ඒ තරුණයින්ට නැවත නැවත රැකියාව ඉස්තිර කරගන්නට පඩි වැඩිකරගන්නට අර මහත්තයා හම්බ වෙන්නට යන්න වෙන්නේ නැත.

එක්තරා රජයක් විසින් ගාමන්ට් මෙරටට හඳුන්වා දී ඒ අංශය දියුනු කොට රැකියා ඉපැද්දවීය. ඒ නිසා ලංකාව තායිලන්තය මෙන් ලොවට ගණිකාවන් සපයන රටක් නොවුන අතර එකල රට ගොස් අරාබි කාරයාගේ යට කොටස්වලට ආතල් දී රට සල්ලි සොයන්නට ගිය ගෑනු පිරිසද අඩු වන්නට ඇත. ගම්බද පවුල් බොහොමයක් ඒ හරහා සැලකිය යුතු තත්වයක ආදායමක් ගෙන සාමාන්‍ය ජීවිත ගෙනගියෝය. එකල රජය ඒ සමාගම් වෙනුවෙන් පෙනී සිටියෝය. ඒ සමාගම් වල ඕනා එපාකම් අනුව වැඩ කලෝය. කොටින්ම මාක්ස්වාදින්ට අනුව අපේ ශ්‍රමය රිසි සේ සූරාකන්නට අවැසි වටපිටාව ඒ රජය විසින් විදේශ සමාගම් වලට ලබාදෙන ලදී.

නමුත් එලෙස සූරාගත් පසු ඉතිරිවෙන දංකුඩ ටිකක් හෝ අපේ ගෑනුන්ට ලැබුනි. ඒ නිසා අපේ සමාජයද ගමද එක්තරා මට්ටමක ආර්ථිකයක් සහිතව ගමන් කලේය. නමුත් අද අපේ රටේ එක් දෙසක ලොකු හෝටල හදන විට ඒ රජයම අමරිකාවට චන්ඩියා පාට්ස් දමයි. ඒ රජයෙම ප්‍රාෙද්ශිය මන්තිරිවරු සුද්දියෝ දූෂණය කොට රිසිසේ පාරේද ඇවිදිති. ඒ රජයම බටහිරට සහ විදේශ අතපෙවීම් වලට බනිති. බටහිරින් එන මානව හිමිකම් චෝදනා නෑහුන කන්ව සිටිති. ලංකාව සංචාරකයින්ට අවධානම් කලාපයක් කරගන්න හදනවාදෝ යි විටක සිතේ. ඉතිං විදේශ අත් නැතුව දේශිය අත් අර හෝටල් වලට කුමටද? මේ නැගෙන හෝටලවලට සල්ලි තියෙන අමරිකන්, යුරෝපියන් අරාබි කාර අත් කකුල් එන්නේ නැත්තං හිඟන ඉන්දියන් කාරයින් චිනුන් මෙහෙ ඇවිත් කෑවා කියා රට දියුනු වෙයිද?

කෝපිකඩේ සාලුවක් දාගෙන සිටින හැමෝටම හිත හොඳ  අබිලිං වැනි චරිත සුදුසු වන්නේ අබිලිං චරිතයට මිස පොලි මුදලාලි සාමෙල් හෝ කුරුං චරිත වැනි ගමේ පාලක පක්ෂයේ චරිත වලට නොවේ. ලංකාවෙ මිනිස්සු සාලුවක් දාන අබිලිංලා පත්කරගෙන ඔවුන්ගෙන් සාමලේලා, පොලිමුදලාලිලා, කුරුං කුරුං ලා කරන ජාතියේ මොලේ ඇති වැඩ බලාපොරොත්තු වෙති. අබිලිං පත්වුන විට අබිලිංගේ පවුලටත් වටේ සිටින ඇම්බැට්ටයින්ටත් සලකයි. එසේම පත් වූ දින සිට නැවත වතාවක් බලයට පත්වෙන්නේ කෙසේදැයි සොයා බලයි. රට ගම වටේ ගොස් හොටු එන පොඩිඑවුං වඩාගෙන ගමේ ගෑනුන්ගේ හොඳ හිත දිනාගනී. අඩු වශයෙන් ගමට පොලි මුදලාලි හෝ පත් වුනේ නම්, පැක්ටරියක් දමා කීයක් හෝ ලොකු කුට්ටියක් ඔහුද සාක්කුවෙ දාගෙන ගමේ උණ්ටද වැඩකට ඇති රස්සාවක් ලැබෙනු ඇත. ඒ පොලියා පාරක් හැදුව්ත් එය හදන්නේ ආයිත් සල්ලි ලබාගත හැකි විදිය කල්පනා කරලාය.

ලොකු වැවක් හැදුවාට ඒ අසල කුඹුරක් කෙතක් පේන තෙක් මානයක නැත්තං ඒක ගැන දාන ඇඩ් වලින් වැව හදන්ට ගිය මුදල් යලිත් නොලැබෙන බවත් මිනිසුන්ට නෑම රෙදි ඇපිල්ලීමට තැනක් ලැබීම හැර වෙනත් වාසියක් ගමට සිදු නොවන බවත් පොලි මුදලාලිලා දනී. කෝපිකඩේ චරිත වලට සුජාත දියනි හි  චංගුමි වැනි පරමාදර්ශී චරිත ගත නොහැකි බවද ඒ චංගුමි නාට්ටි වල එසේ තිබුනාට අපේ බුවාලට බුවීලාට ඒවා කරන්නට බැරි බවද අප රටේ වාමවාදී දෑහිතකාමී ජනතාවද අවබෝධ කරගත යුතුව ඇත.

ගම වටේ ඇවිදිමින් හැමෝ එක්කම හිනාවෙන කතාකරන හැමෝගම යාලුවා,පියා ලෙස රඟපාන අපේ අබිලිං මැතිතුමාලාට  ලාට වැදගත් වන්නේ කුමක් හෝ කර ගම වටේ ගොස් එයම නැවත නැවත කියවීමත් හැමදාම බලයේ සිටීමත් පමණි. ඉතිං සාලු දාන, ගසන, කියවන අබිලිංලාටත් නිකං ඉදං කන්න බලාගෙන ඉන්න සියලු ගම්වැසියන්ටත් ජයවේවා.  සියල්ලන්ටම සුබ කෝපිකඩයක්.

සැ. යු
*අබිලිං විසින් ගමේ වලි විසඳීම මගින් ලකුනු දාගැන්ම හිතාමතාම අමතක කරන ලදී.(අබිලිං ගමේ වලි විසඳන්නේ කෙසේදැයි කෝපිකඩේ බැලූ අයට මතක ඇතුවා ඇත.)








Thursday, April 11, 2013

බලපු හොඳ වැල ෆිල්ම් එකක් (one of my favorite)

වැල කියන්නෙ ගස් වල එල්ලිලා වැටෙන්න බලාගෙන තියෙන කොස් වල ඉදුන ජාතියෙ ඒවාට.. ඒ ඉස්සර. දැන් වැල කියන්නෙ නරක වීඩියෝ වලට. රස්තියාදු ශබ්ධකෝෂ වල තිබෙන විදියට වැල කියන්නෙ ඉස්ත්‍රී පුරුෂ සංසර්ගය විදහා දක්වන වීඩියෝ. බොහෝවිට ඒකාකාරී වීඩියෝ නාට්ටි චිත්‍රපටිවල , කලකදී ජනප්‍රියත්වය ඒවායේ ඒකාකාරිත්වය නිසාම ගිලිහී ගියත් මේ වැල ෆිල්ම්, ට්‍රිබල් එක්ස්, පෝනොග්‍රැපි ආදි ලෙස දක්වන ෆිල්ම් වල එදා ඉදලා තියෙන්නෙ එකම සංසර්ග ජවනිකාව වුනත් ලෝකයේ පුරා මෙම වැල ෆිල්ම් හැමදාම ජනප්‍රිය වෙනවා.

බස් රථයක පිස්ටන් එකක් වැඩකරන ආකාරය වෑන් රථයක පිස්ටන් එකක් වැඩකරන ආකාරයට වඩා වෙනස්. ඒ දෙකටම වඩා කාර් රථයක පිස්ටනයක් වැඩකරන ආකාරය වෙනස්. අපි මෝටර් යාන්ත්‍රික විද්‍යාව ඉගනගන්න කොට ඉගනගන්නෙ එකම ජාතියෙ පිස්ටන එකක් දෙකක් ගැන විතරයි. එතකොට අපිට මනෝමයෙන් ඉතිරි ඒවත් මෙහමයි කියලා හිතාගන්න  පුලුවනි. නමුත් ලිංගික ක්‍රියාව එහෙම නැහැ. රඟපාන ගැහැනු, අදාල රට, අදාල පුරුෂයා. ඔවුන් ඉදිරිපත් කරන ක්‍රම ආදි සුලු වෙනස් කම් නිසාම ලිංගික ක්‍රියා ඇතුලත් වීඩියෝ හැමදාම ලෝකයේ ප්‍රසිද්දියෙත් අප්‍රසිද්දියෙත් ජනප්‍රිය වෙනවා.

අප්‍රසිද්දියෙ කෝමද ජනප්‍රිය වෙන්නෙ කියලා ඇහුවොත් අජිත් මුතුකුමාරණ පේස්බුක් එකේ යූබටේ ජනප්‍රිය නැහැ. නමුත් ගම්වල බස්වල එයා ජනප්‍රියයි. අජිත්ට සම්මාන ලැබෙනවා අඩුයි. ගායකයෙක් විදියට සමාජ පිලිගැන්ම අඩුයි. නමුත් ලංකාවෙ මියුසික් ඇල්බම් එකක් වැඩිපුරම විකුනගන්න පුලුවන් මනුෂ්‍යෙයක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නෙ. ඒක එයාගෙ ටැලන්ට් එක කියලා පිලිගන්න ලංකාවෙ ජනප්‍රිය මාධ්‍ය පවා කැමති නැහැ. ඒත් අජිත් හැමදාම සමාජයේ පහල ස්ථර අතර එක්තරා තැනක් තබාගත්ත තරුවක්.

මේ වැල වීඩියෝ ලංකාවට ඇවිත් තියෙන කාලය අද ඊයෙ නෙමෙයි. ඒ වගේම ඉස්සර රජ කාලෙ පවා මේ වගේ දේවල් තියෙන්න ඇති. රජකාලෙ තිබිලා තියෙනවා දිග්ගෙයි නැටුම කියලා එකක්. ඒකෙදි ගැහැනු ළමුන් දිග ශාලාවක උඩුකය නිර්වස්ත්‍රව රජතුමා ඉදිරියේ නටනවා. නමුත් බෙරකරුවන් පවා සිටිය යුත්තෙ පිටුපාලා. එතනදි රජතුමාට අමතරව සමාරවිට ඇමතිවරුත් ඒ නැටුමෙ ලක්ෂණ බලාගන්න ඇති. සමූහ නර්ථනයක් වුවත් එය ටිකක් වැල පැත්තට බර වෙන්න ඇති කියලා මට හිතෙනවා. දැන් මෙතන ඒක හෙම නෙමෙයිඒක වුනේ ඒ තරම් නරක විදියට නෙමෙයි..ඒවා අපේ ජාතික උරුම..තමුසෙ වගේ අයට පේන් නැතිවුනාට ඒවා හරි වටිනවා..

කියලා කෑගහන්න ඒවි කස්ටිය. අනේ ද කියන්නෙ අන්තප්පුර තියාගෙන, තමුංගේ වසමට අයිති කැමති ඕනිම ගෑනියෙක් තමුංට තියා ගන්න පුලුවන් මට්ටමට බලය තියාගෙන  හිටපු දිසාව, ආරච්චි, අධිකාරම්, නිලමේ සහ රජ ගොල්ලා හිටපු ඒ කාලෙ කොයි තරං නම් කාන්තා නිදහසක් තියෙන්න ඇතිද? අයියෝ සිංහල රටේ ඒකාලෙ මිනිස්සුන්ට තිබුන නිදහස. උඩට ඇඳුමක් අඳන්නත් සමහර පැතිවල ජනයාට රජතුමාගෙන් අවසර ගන්න වෙලා තියෙනවාලු.

චන්ද්‍රිකා ආන්ඩුව කාලෙ ආවා අපූරු නීති රෙගුලාසියක්..වැඩිපුර යුද්ධය ගැන උනන්දු වෙන වැඩිපුර යුධකාමී දේවල් වලට උඩගෙඩි දීලා  බොරුවට යුධ මානසිකත්වයෙන් රඟන අය අහුවුනොත් සති දෙකක පුහුනුව දීලා යුද බිමට දානවා කියලා. කවුරුත් එහෙම යුද බිමට දැම්ම කියල ආරංචි ආවෙ නැහැ. නමුත් මිනිස්සුන්ගෙ තියෙන පුහු යුධ ඇම්ම පාලනය කරන්න ඒ ට්‍රික් එක පාවිච්චි වෙන්න ඇති.

ඇල්බට් අයින්ස්ටයින් කියපු දේවල් වලින් පරමාණු  බෝම්බය  නම් හැදුනා..ඒත් ඒ කියපු දේවල් අනුව කාලය හරහා ආපස්සට යන කාල යන්ත්‍රය නම් හැදුනෙ නැහැ. ඒක හැදුනා නම් මම සල්ලි වියදං කරලා, ඉඩකඩම් දේපල උගස් තියලා හරි ෆේස්බුකේ එකේ බොලොග් වල ජාතිය ආගම, දේශය, ඉතිහාසය, සිංහලකම, දේශිය ඇඳුම, කාන්තා ඇඳුම, හෙල ගතිය ගැන බහුරූප ටෝක්ස් දෙන ගෑනු ටිකක් ලංකාවෙම රජ කාලෙ අතීතයට යවනවා. එතකොට එයාලට ඒ රජ දවස කාන්තාවක් විදියට ජීවත් වෙලා ඒ ආතල් එක සැරටම ගන්න  පුලුවන් වෙයි. 


නවසිය පනස් ගනන් වල හතලිස් ගනන් වල බයිසිකල් වල පිටිපස්සෙ පෙට්ටියක් බැඳගෙන මිනිහෙක් එනවාලු ගමට ෆිල්ම් පෙන්වන්න. පෙට්ටියක තියෙන සිදුරු දෙකකට ඇස් දෙක තිව්වාම ඒක ඇතුලෙ ෆිල්ම් එකක් වගේ එකක් පේනවා. ඒක කරකවන්නෙ අතින්. පොඩි සයිස් සිනමා මෙව්වා එකක් වගේ එකක්. අපේ සීයලා රා බිව්වම හෙම ඒවා ගැන කතාවෙනවා මට ඇහිලා තියෙනවා. ඒකාලෙ හැටියට සතේ දෙක දීලා අර විනාඩියක් දෙකක් පෙන්වන හෙලු රූප වීඩියෝ බලන්න කොල්ලො පෝලිමෙ හිටියලු. කොහොමත් ඒ කාලෙ වගේම අදකාලෙත් පිටරට තියෙන පිංකඳවල්, නෙලූ පිලිම වගේ වුනු සුද්දියන්ගේ හෙලු රූප අපේ රටවල හෙලු රූප වලට වඩා ලක්ෂණ වෙන්න ඇති. ඒ මැසිමෙම ආච්චිලා සියලාට දඹදිව විස්තර පිටරට රජකුමාරියන්ගේ මගුල් ආදිය පෙන්නුවාලු.

පසුගිය දිනවල ඇතිවෙච්චි බොදු සහ වෙනත් ආගමික පිබිදිමත් එක්ක අරක්කු බීම, ගංජා ගැසීම, වංචා කිරීම, කොටට ඇඳීම, සදාචාරය පිරිහීම ගැන දැඩිව කතාවුනත් බොහෝ තැන්වල මේ වැල වීඪියෝ ගැන කතාවුනේ නැහැ. සාමාන්‍යෙයන් සමාජය නරක් කරනවා කියන දේවල් වලට අයිති එක ටූල් එකක් වෙන වැල වීඩියෝ ඒ බොදු සහ වෙනත් ආගමික පිබිදීම් වලට අමතක වුන එක මටනම් පුදුමයක්.

Q desire

මේ කිව් ඩීසයර් කියන සිනමාපටය ප්‍රංශ සිනමාවට අයිති එකක්. ප්‍රංශ සිනමාව කියන්නෙ බොහොම දියුනු එකක්. සිනමා කලාව අතින් ප්‍රංශය අමරිකානු බ්‍රිතාන්‍ය සිනමාවලට වඩා වෙනස් රටාවක් ගන්නවා. ප්‍රංශ සිනමාවට අයිති වුනාට මේ ෆිල්ම් එකේ අසුවල් ස්ත්‍රී පුරුෂ උපකරණ සියල්ල සහිතව මනුෂ්‍ය සංසර්ගය පෙන්වනවා. ප්‍රංශ රටේ ලිංගික නිදහස කියන එක සැරටම තියෙනවා. එහේ ගෑනු මිනිස්සු සෙක්ස් කරන එක කොටු පනින එක පත්තර වල යන්න බ්ලොග් වල ලියන්න තරම් අරුම පුදුම දෙයක් නෙමෙයි.

ඉතිං එහෙව් නිදහස තියෙන රටේත් මනුෂ්‍ය යෝ සතුටින් ඉන්නෙ නැහැ. ඔවුන්ට ඒ රටාව තුල ඇතිවෙච්චි ගැටලු තියෙනවා. අපි හිතනවා අපිට තියෙන ඔක්කොම අවුල් මේ සිස්ටම් එක හා ඒ අවුල් නිසා ඇතිවෙලා තියෙනවා කියලා. නමුත් දියුනු යැයි සම්මත රටවල සමාජමය තලවල පවා ලිංගික සංතෘප්තිය සහ මානසික සතුට ආදි දේවල් ගැන මතබේධ තිබෙනවා. උදාහරණ ලෙස ලෝකයේ වැඩිම පරපීඩක හෙවත් ගෑනුන්ට හිංසා කරන කාම චිත්‍රපටි නිපදවන්නෙ ජපානෙ.  ජපානෙ මිනිස්සු හරිම සාමකාමී සාමයටල ලැදි ජාතියක්. නමුත් ඔවුන් ඒ ක්‍රමය තුල සතුටක් ලබන බවක් පේන්නෙ නැහැ ඔවුන්ගේ විකාර රූපි කාම සිනමාව දෙස බැලුවාම.

කිව්  ඩීසයර් කියන ෆිල්ම් එකේ මොනවා වෙනවාද කියලා මම හරියට දන්නෙ නැහැ. සබ්ටයිටල් දාගෙන බැලුවෙ නැති නිසා ලොකු අදහසක් නැහැ. නමුත් ලිංගික සතුට ගැන කතාවෙනවා ඇති කියලා මට හිතුනා.


ඒකෙ ලිංගික දර්ශන හරි අපූරුයි. ලක්ෂණයි. ඒ වගේම බඩ ලොකු..විසාල වැඩි මසින් පිරි ගැහැනු සරීර ඒකෙ නැහැ.සුකුමාර කෝමල කාන්තා වස්තු ටිකක් නිරුවත් දර්ශන නිරූපනය කරනවා. කැමරාවේ සම්පූර්  අවධානය ලිංගික අවයව වල චලනයන් කෙරෙහිම යෙදෙව්වෙ නැතත් වෙනත් දර්ශණ හරහා සිනමාකරුවා ඒ හැඟීම ප්‍රේක්ෂකයාට ලබා දෙනවා.

සම්පූර්ණ ලිංගික අවයව පෙන්වන එහෙත් මස් කඩයක් නොවන ගෑනු අයටත් බැලුවාට වරදක් නැති එකක් විදියට තමයි මේ පිලුම් එක මම දකින්නෙ. නිරුවත ඇතුලත් ප්‍රංශ චිත්‍රපට අතුරින් මේ සිනමාපටය ඉදිරියෙන්ම ඉන්නවා කියලා ලියවිලා තිබුනා සමහර සිනමා වෙබ්අඩවි වල.

මේ චිත්‍රපටයට සිංහල සබ් තියෙද? මේකට ටොරන්ට් තියෙද කියලා මම දන්නෙ නැහැ. ෆිල්ම් එකේ නම (Q Desire) ගූගල් සර්ච් එකක් දාලා ටොරන්ට් සබ් ආදිය හොයාගන්න පුලුවන් වෙයි. අමාරුවෙන් හරි එකපාරක් ෆිල්ම් එකක් තනියම ගූගල් කරලා හොයාගන්න පුරුදුවෙන්න..සබ්ටයිටල් එකක් අරගෙන බාලා දාල බලන්න පුරුදවෙන්න. නැත්නම් හැමදාම අපි අර සිනමා වෙබ් අඩවි වලට සහ යාලුවන්ගේ පෝටබල් හාඩ් වලට වහල්ලු වෙලා ඒ ට්‍රෙන්ඩ් එක විතරක් බලන්න පුරුදු වෙනවා.

අලුත් අලුත් දෑ නොබලන ජාතියට ලොවෙත් නොනගී..ඒ නිසා අලුත් ජාති බලන්න.. මොන්ටිසෝරිය වගේ පේස්බුක් එක බ්ලොග් එක තියාගන්න නැතුව ඒවා සෙයාකරගන්න. එතකොට අපේ අසුවල් නිම් වලලු පුලුල් වෙලා ලොකු වෙලා , අපිට ලෝකයේ වෙනස් ගොඩක් දේවල් මැරෙන්  කලියෙං වීඩියෝ විදියට හරි දැකගන්න ලැබෙයි.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...