Sunday, April 28, 2013

මං පංසල් යන්නෙ නැත්තෙ ඇයි

ජානමය හේතු..
මේ ළඟදි අලුත් අවුරුද්දට අපි නෑයො බලන්න ගමේ යනවා. ඔන්න ඉතිං ගමේ පංසල පහු කරලා වාාහනේ යනවා....තව අපේ නෑයො වෙන නැන්දලා අක්කල ටිකකුත් යනවා වාහනේ. අපේ පියානෝත් වටපිට බලලා පංසල කිට්ටු වුනාම ඒක පෙන්වලා..
" ඔය තියෙන්නෙ අපි ඉස්සර හැම පෝයටම ගිහිපු පංසල" කියලා කිව්වා..

මටත් නංගිටත් අයියටත් පුදුම හිතුනා ඒ කතාවට..ඒක කියලා තාත්ත වාහනේ වීදුරුවෙන් එලිය බලාගෙන බාගෙට හිනා වෙවී ඉන්නවා... සාමාන්‍යයෙන් අපේ පියානෝ ඒ වගේ දේවලල් ආතල් එකට වගේ කිව්වට පංසලකට කවදාවත් යන කෙනෙක් නෙමෙයි. 


ඉස්සර අපේ තාත්ත කොල්ල කාලෙ දානෙ අරගෙන ගිහින් තියෙනවා පංසලට.තාත්තයි තව අපේ පුංචි තාත්ත කෙනෙකුයි තමයි ගිහින් තියෙන්නෙ දානෙ අරගෙන.පස්සෙ තාත්තලා ඇවිත් ගිහිපු හැටි ගැන ලොකු හාමුදුරුවො අපේ සීයට කියලල තියෙන්නෙ.. "අරුං දෙන්නා ඇවිල්ලා හොරු දෙන්නා වගේ දානෙ දානසාලාවෙන් තියලා දුවල මං කතා කරද්දිත් දුවලා ගියානේ... අපරාදෙ කියන්න බැහැ සෝක් පුතාල දෙන්නා.." කියලා..

කොහොම හරි ඉස්සර ඉඳන්ම පංසල ලඟින්වත් යන්න කැමති මනුෂ්‍යයෙක් නෙමෙයි අපේ පියානෝ. අපේ ගෙවල් දැන් තියෙන දිහා ඡන්දෙ තියෙන්නෙ පංසලේ..ඉතිං ඡන්දෙ දාන්න හරි නැත්තං වෙන සමිති සමාගමකට ගියොත් ඇර පංසල පැත්තෙ යෑමක් අපේ පියානෝගෙ නැහැ. දැනට අවුරුදු පහ හයකට කලිං අපේ ගෙදර දානයක් තිබුනා.

හීල් දානෙට දන් සැට් ගේන්න තාත්ත පංසලට යවලා තිබුනෙ එදා අයියා මොකක් හරි වැඩකට ගිහින් තිබුන නිසා. ඉතිං පංසලට ගියාම හාමුදුරුවො දන් සැට් එක දෙනගමන් ටිකක් බයේ වගේ බලං හිටියලු..තාත්තගේ විශේෂඥ අදහස වුනේ දන් සැට්ටික හොරකං කරන් යන්න පොරක් ඇවිත් ඇති කියලලා හාමුදුරුවො බය වුනාලු..

ඒ කියන්නෙ තාත්ත ඒ ගමේ අවුරුදු ගානක් හිටියත් පංසලේ හාමුදුරුවො අඳුනන්නෙ නැහැ..  

මම තාත්ත ගැන මුලින්ම කිව්වෙ ලොකු කමක් කියන්න නෙමෙයි..මට පංසල් යන්න නොහිතෙන ජානමය හේතු කියන්න.. 


ඉතිං අපේ දානෙ තියෙන  නිසා මාත් මේ මාස දෙකකට විතර ඉස්සල්ල අයියා එක්ක පංසලට ගියා. මෙන්න හාමුදුරුවො අපේ අයියගෙන් අහනවා.. මේ පුංචි මහත්තයා කවුද කියාල .. අහලා ඉවර වෙලා මං රස්සාවක් කරනවා කිව්වම හාමුදුරුවො කියනවා මේ දවස්වල ආවාස ගෙයි වැඩකටයුතු වලට දායක වෙන්න පුලුවන් කියලා.එතනින් නවත්වනවා නම් මැදැයි..දැන් ඉතිං ඒකෙ ආනිසංස සහ මට දෙන්න පුලුවන් ගාන අනම් මනම් කියෝනවා.. මට මේ මාසෙ අන්තිමට ගන්න තුට්ටු දෙක රන් කරන්න පුලුවන් දවස් කිහිපයක් විතරයි. එහෙව් එකේ හාමුදුරුවන්ගේ ආවාස ගෙටත් සල්ලි දීහල්ලකෝ....

මං එදායින් පස්සෙ පංසල් ගියත් ඉක්මන්ට වැදලා කියලා හාමුදුරුවන්ට පේන් නැතිවෙන්න එනවා..

මට ඒ වෙලාවට මතක් වෙන්නෙ මෙත්තවිහාරි හාමුදුරුවෝ.මං මෙත්තවිහාරි හාමුදුරුවො හම්බෙන්න ගිහින් ගොඩක් දේවල් අරගෙන තියනවා. නමුත් එක පිරිකරක දෙයක්හාමුදුරුවන්ට දීල නැහැ. එහෙම දෙයක් දෙන්න ඕනි කියලා හාමුදුරුවන්ගේ තුන් හිතකවත් නැහැ.

මට එක කාලයක් ඕනි වුනා උබුන්ටු ගැන දැනගන්න. ඉතිං ඒ කාලෙ උබුන්ට් සී ඩි තිබුනාට කවුරුත් ඒවා මැසින් වල දාගෙන ඉන්ස්ටෝල් කරගෙන තිබුනෙ නැහැ. මට ඕනි වුනා ඒක කරගන්න. ඒ වෙනකොට ඩොංගල් ආදිය වුනත් එච්චරම ජනප්‍රිය නැහැ. ඉතිං අන්තර්ජාලය නැතුව කොහොමද අප්ඩේට් කරගන්නෙ ආදිය හෙන ගැටලු මට. ලොකුම ගැටලුව තමයි උබුන්ටු දැම්මාම වීඩියෝ ප්ලේ වෙන්නෙ නැති එක. 

ඉතිං මට ආරංචි වුනා මෙත්තවිහාරි හාමුදුරුවො ඒ ගැන දන්නවාය උන්වහන්සේ කොළඹ 7 පංසලක ඉන්නවාය කියලා. එතකොට මෙත්ත විහාරි හාමුදුරුවො හිටියෙ බී ඇම් අයි සී ඇච් එකේ එහා පැත්තෙ නාරද සෙන්ටර් එකේ. ඉතිං මං ගිහින් හාමුදුරුවන්ට මගේ ගැටලුව කිව්වාම.

අලුත්ම ජාතියෙ උබන්ටු සී ඩී එකකුයි. ඉන් පස්සෙ තව ඩී වී ඩි දෙකකුයි හාමුදුරුවො නිකම්ම මට  දුන්නා. සීඩි එකෙන් උබන්ටු දාලා..අර කියන ඩීවීඩි දෙකේ තියෙන සොට්ටයා ටික මැසිමට දාගන්න ඕනි..පස්සෙ අපිට ඕනි සොට්ටයා තෝරලා ඉන්ස්ටොල් කරගන්න පුලුවනි.. මේකට ඕනි කෝඩ් කෑලි කීපයක් මෙත්තවිහාරි හාමුදුරුවෝ වෙනම වර්ඩ් ෆයිල් එකක ගහලා දුන්නා...

කොහොම හරි මම වැඩේ ගොඩදාගත්තා. අනික් වුන් උබන්ටු වල වීඩියො ප්ලේ වෙන්න නැහැ කියනකොට මම නොයෙක් වැඩ තියෙන සොට්ටයා දාල වැඩ කරන මට්ටමට ආවා. අදටත් මම උබුන්ටු වලට ආසයි. මේ ළඟදි මං දාපු ලිනක්ස් පෝස්ට් එකකටඑක් ඇනෝ මහතෙක් කියනවා උබුන්ටු හරියන්නෙ සර්වර් වලටය. ඒක ඩෙක්ස්ටප් වලට හරියන්නෙ නැතිය කියලා..

අනේ ඒ මහත්තයා ඩෙක්ස්ටප් එකකින් මොනවා කරනවාද මන්දා..ඒත් මටනම් 2007 ඉදලා මේ දක්වා උබුන්ටු හොදයි.. උබුන්ටු වලින් කරගන්න බැරි වැඩක් තියෙනවා කියලා මටනම් පේන්නෙ නැහැ සාමාන්‍ය භාවිත කරන්නෙකුට..

එදායින් පස්සෙ මං දාගෙන ඉන්න උබන්ටු වල අවුලක් ගියාම හරි මට අලුත් දෙයක් කරගන් ඕනි වුනාම මං මෙත්තවිහාරි හාමුදුරුවෙො හම්බෙන්න යනවා..ඒ කිසිම දවසක මුකුත් අරන් යන්නෙත් නැහැ. එහෙම දෙයක් තියෙන්න ඕනි කියලා ඇඟවීමක් වත් හාමුදුරුවන්ගේ නැහැ.

දැන් ඉතිං ගූගල් දෙයියොයි ඩොංගලුයි තියෙන නිසා ආයෙ හාමුදුරුවො හම්බෙන්නයන්න ලොකු උවමනාවක් නැහැ. ඒත් මීට අවුරුද්දකට පෙර හාමුදුරුවො හම්බෙන්න ගියාම මට හාමුදුරුවො ගැන පුදුම හිතුන. කොම්පියුටර හයක් හතක් ඕපන් කරගෙන සී ඩි වගයක් බර්න් කරනවා..බණ සීඪි වෙන්න ඇති. එක තැනක තමයි සොට්ටයා එක තියෙන්නෙ..


කොහොම හරිහාමුදුරුවො කරන්නෙ එක එක සී ඩී රොම් එකට සීඩි දාන එකයි ඒවා ගන්න එකයි විතරයි. අනික් වැඩ ටික ඔටෝ වෙනවා..ඇත්තටම අද කාලෙට හාමුදුරු කෙනෙක් කියන චරිතය මොන විදියට වෙනස් වෙන්න ඕනිද කියලා ජීවමාන උදාහරණයක් තමයි මෙත්තවිහාරි හාමුදුරුවො. 

සමහර දවසට මෙත්තවිහාරි හාමුදුරුවො පින්ඩපාතෙ ගියාම ලැබෙන සමපෝෂ, පලතුරු වගේ දේවල් අපිට දෙනවා.ඒ වගේ වෙලාවක අවේලාවෙ හාමුදුරුවො ආහාර වළඳන්නෙ නැහැ. ඒ නිසා අපි හාමුදුරුවන්ට ගිලන්පස එකක් හදලා දෙනවා. හාමුදුරුවොත් හොඳයි කියලා ඒක බොනවා.

මං කිසිම විදියකින් මෙත්තවිහාරි හාමුදුරුවො කලිං අඳුනන්නෙ නැහැ. ඒත් මං මුලින් ගිහිපු දවසෙ පවා මා එක්ක කතා කලේ නිකං කාලයක් දන්න කෙනෙක් එක්ක කතා කරන්වා වගේ. හාමුදුරුවො ඉන්න හරියෙ පොත් පත් සීඩි හෙම තියෙනවා. ඉතිං පෙරේතකමට මං හිටපු ගමන් ඒවා ඉල්ලනවා....

ඒ වුනාට හාමුදුරුවො දන්නවාද මන්දා මං ඒවා ගත්තට කියවන්නෙ නැහැ කියලා. වදෙන් බේරෙන්න එකක් දුන්නට වැඩිය ධර්ම සීඩි හෙම මට දෙන්නෙ නැහැ. මොකද හාමුදුරුවො කියන්නෙ ඒකට උනන්දුව ඇත්තටම නැත්තං නිකංඒවා අරං යන්න දෙන එක තේරුමක් නැහැ කියලා. 

පංසල් යෑම ගැන කියනකොට මහමෙව්නාව ගැනත් නොකියාම බැහැ. ඉස්සර අපිට සිල් ගන්න හිතුනත් තිබුන ජාතික පස්න තමයි ඇඳුම සහ ගිහින් ඉන්න ඕනි පිලිවෙල. නමුත් කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගේ මහමෙව්නාවෙ සිල් ගන්න අර පරණ ෆෝමැට් එක ඕනිම නැහැ. තමුංට තියෙන ලා පාට ෂර්ට් එකක් ඇඳගෙන කලු කලිසමක් වුනත් ගහගෙන යත හැකි. ඇත්තටම ඒක ලොකු දෙයක් වුනා..මං අසපුවට ගිහින් බණ ඇහුවට වැඩිය කලේ වට පිට බල බල හිටපු එක. නමුත් එහෙව් දේකට හරි අසපුවට යන්න හිතුනෙ අසපුවෙ තියෙන යූසර් ෆෙන්ඩ්ලි ගතිය නිසා.. 

අද පංසල් වලට තරුණ පරපුර යන්නෙ නැහැ කියලා ලොකු චෝදනා වන් තියෙනවා. ඒත් පංසලට ගියාම අපේ පොකට් එකට තට්ටු වෙනවා නම්..අපිට අලුත් දෙයක් ලැබෙන්නෙ නැත්නම්... අපි මොකටද පංසල් යන්නෙ. පංසල් වුනත් කාලෙට හරියන්න තමුන්ගේ කස්ටමර් බේස් එක වැඩිකරගන්න නිර්මාණාත්මක අත්හදාබැලීම් කරන්න ඕනි.. නැත්තං හැමදාම ලෝකෙ අනිත්‍යයි කියන එක කියලාම මිනිස්සුන්ගේ සල්ලි ගන්න අමාරුයි අද කාලෙ.. 

14 comments:

  1. සහතික ඇත්ත මචං...

    ReplyDelete
  2. බො.බ.සේනාවත් කිව්වද කොහෙද බණ කියන විදිහ වෙනස් කරන්න ඕන කියල. :)

    ReplyDelete
    Replies
    1. වෙනස් කිරීම් වල හොද දේවල් වගේම වැරදි දේවලලුත් තියෙනවා..නමුත් අපි පාලි පොත්වල ධර්මය එහෙම්ම තියෙන්න ඇරලා නිකම් බලාගෙන හිටියොත් පොත් එක්ක ඒවා නැතිවෙලා යනවා...
      වෙනස් කලාම යම් යම් අහිතකර දේවල් වෙනවා නම් කරන්න ඕනි වෙනස් කිරීම් වලල තියෙන අහිතකර තත්වය අවම කරගන්න උත්සාහ කරන එක මිසක් වෙනස් නොකර පොත් එක්ක ධර්මය වැලලිලා යන්න දෙන එක නෙමෙයි..

      Delete
  3. karanawa niwaradiyi kiyala matath hithenawa yalu

    ReplyDelete
  4. මෙත්තවිහාරි හාමුදුරුවො දෙන්නෙත්, උන්නාන්සේ කාගෙ හරි පොකට් එකකට තට්ටු කරලා ගත්තුවා නේද ?

    ReplyDelete
    Replies
    1. පොකට් වලට තට්ටු කිරීම නෙමෙයි මෙතන ගැටලුව...පොකට් එක අදින්නෙ නැත්තං අපිට තැනක් නැතිවෙන තැනට සිස්ටම් අවුල් යන එක...
      මෙත්තවිහාරි හාමුදුරුවො කරන්න ගිය ගොඩක් වටින වැඩ අනුග්‍රාහකයො නැති නිසා මග නතර කරන්න සිද්ද වුනා...
      එක අතකින් එතනින් එහා ඇඩ්වර්ටයිස් කරලා ලොකු කරගෙන වැඩ කරන්න ගියා නම් ඒක ආගමික දෙයක් නෙමෙයි තත්වයට එනවා...

      මම උනත් මෙත්තවිහාරි ස්වාමින් වහන්සේට මුදලින් උදව් කලේ නැති වුනාට මට පුලුවන් වැඩ ආදිය කරලා දීල තියෙනවා..

      ඩොනේෂන් බලාගෙන වැඩ කරන එකත් ඩොනේෂන් ලැෙබන විදියට වැඩ කරන එකත් දෙකක්...

      පංසල් ගොඩාක් තියෙද්දි අසපුවලට සල්ලි යන්නෙ මිනිස්සුන්ට අවශ්‍ය දේ අසපු හරහා ලැබෙන නිසා...එතනදි අපි පංසල උඩදාන්න නම් පංසලත් ටිකක් අර පංසලට යන ගැරඩියාගෙනුත් වැඩ ගන්න හදන සිස්ටම් එකෙන් පිටට ගිහිල්ලා වැදගත් දේවල් කරන්න උත්සාහ ගන්න ඕනි..

      Delete
    2. බුද්දගමෙන් පොකට් එකට තට්ටු කරන ක්‍රම ගොඩක් තියනවා.. ඔයා අහුවෙලා තියෙන්නේ මෙත්තවිහරිගේ මොඩන් ක්‍රමේට,,
      අනික් එව්වා තමා, ග්‍රාමවාසී,
      අරන්‍යවසී ,
      දේශපාලන බල ධාරී,
      පුරන සිද්ධස්ථාන වාසී,
      අසපු වාසී,
      ආයුර්වේද වේද මැදුරු වාසී ,
      ගුප්ත විද්‍යා මන්දිර වාසී
      එක්සේට්‍රා....
      අපි හැමෝම අපි කැමති ක්‍රමේකට එක එක කාල වලදී අහුවෙනවා.

      Delete
  5. මට හිතෙන්නේ ඔබ ගමේ පන්සලට වඩා අසපුව හොඳයි කියන්න මේ ලිපිය ලිව්වා කියලයි. මම පන්සලට වගේම මහමෙව්නා අසපුවටත් යනවා.ගමේ පන්සල ග්‍රාමවාසී වැඩ පිළිවෙලක් ගෙනයන අතර,මහමෙව්නා අසපුව ආරණ්‍ය වාසි වැඩපිළිවෙලක් ගෙනයනවා.මම මහමෙව්නාවේදී මිනිසුන් එයට මුදල් දෙන හැටිත් දැකල තියෙනෙව.මුදල් දීලත් තියෙනවා එබැවින් ඔබේ අදහසට එකඟ වෙන්න අමාරුයි.පුද්ගලයන්ට තම අත් දෙකින් කෝකද වටින්නේ කියල කවුරුහරි ඇහුවොත් උත්තරයක් දෙන්න බැ වගේම ග්‍රාමවාසී සහ ආරණ්‍ය වාසි වැඩපිළිවෙලවල් දෙකින් කෝකද හොඳ කියල ඇහුවොත්උත්තරයක් දෙන්නත් බැ දෙකම ඕනෑ. පොකට් එක ගැන ඔබට කිව්වොත් මට තියෙන්නෙත් මාසෙකට වරක් විතරක් පිරෙන කෙට්ටු පොකැට් එකක්. එත් දෙන්න ඕන තැනකට යම් මුදලක් දීමටමට ඒක බාධාවක් නෙමෙයි.තියෙන්න ඕන සර්ධාව විතරයි. සමා වෙන්න ඔනැ මෙහෙම කියනවට ඔබ ළඟ සර්ධාව නැහැ.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මේකනේ..අද පන්සල් කරගෙන යන එකත් බිස්නස් එකක් කරගෙන ඉන්නේ අපෙ කට්ටිය!

    ReplyDelete
  8. හැම පන්සලක්ම එහෙම නැහැ. මම ඊයෙ බෙල්ලන්විල පන්සලට ගිහින් හිතේ හැටියට වැදල කරල ආවා. ඊයේ සදුද නිසා සෙනගත් නැති නරම්. ගමේ පංසලට යනවට වඩා ලොකු පන්සලකට යන එක නිදහස්.

    ReplyDelete
  9. Mama nam kamathiy mama pansal giyaama paaduwe wandala enna puluwan nam....Mama wurthiyen specialist doctor kenek.Hamuduruwo maawa andunanawa.Mata respect karanawa.Eka mata harima apahasuwak..!

    ReplyDelete