Friday, April 12, 2013

රජයේ රැකියාව ස්ථිර වෙයිද (my government dreams)

රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් ලබාගැන්මත් එහි පඩි වැඩිකරගෙන ස්ථිර කරගැන්මත් අවිවාහක රස්සා නැති ශ්රී ලාංකික තරුණ තරුණයින්ගේ සිහිනයකි. මෙහි එතරම් වරදක් නැත. අප වැනි සංවර්ධනය නොවූ රටක පුරවැසියෝ සියල්ල රැකියා කටයුතුය. ධනවත් රටවල මෙන් අප රටට නිකා ඉන්න අයට ආධාර දෙන්නට හැකියාවක් නැත.

මා මේ ලියන ලියමන ආර්ථිකය ගැන යැයි සිතා බොහෝ දෙනා නොකියවා යන්නට පුලුවන. ලංකාවේ ආර්ථිකය ගැන කාලයක් තිස්සේ පලවන පුවත්පත් ලිපි තිබේ. ඒවා අනුව රජයේ හැර අනෙක් සෑම පුවත්පතක්ම වසර ගනනාවක සිට මට මතක ඇති කාලයක සිට කියන්නේ අප රට ආර්ථිකය ශක්තිමත් නැති බවකි. ව්‍යංගයෙන් හෝ අප රට ආර්ථිකය හිතන තරම් සරු නොවන බව පුවත්පත් කතුවරු පෙන්වා දෙති. නමුත් ඒ පුරෝකථනය කලාට කිසි දෙයක් වෙනස් වන්නෙ නැත. හැමදාම රජයත් ඒ වැඩත් පවතින ක්‍රමයත් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ඒ නිසාම ලංකාවේ බොහෝ දෙනාට ආර්ථික විශ්ලේෂණ සහ ගණිතය එපාම වී ඇතුවා වන්නට ඇත. හැමදාම කඩා වැටෙන්නට නියමිත දිරාගිය බිල්ඩිමක් ලෙස පුවත්පත් විසින් දකින ආර්ථිකය මෙලෙසම දැන් අවුරුදු දහයක් පාලවක් තිස්සේ කිසිදු අවුලක් නැතුව ගමන් කරයි..

එක් අතකින් ලංකාව වැනි රටක ආර්ථිකය දියුනු රටවල ආර්ථිකය මැනීම සඳහා තනන ලද කෝදු වලින් මනින විට ඔවැන් අවුල් ඇතිවිය හැක. අනික් අතින් ලංකාවට කඩා වැටෙන්නට ආර්ථිකයක් නැත.මැලිබන් වීදියේ තට්ටු බිල්ඩිමක් කඩා වැටීම පසුගිය දිනෙක පුවත්පත්වල මුල් පිටුව සැරසුවේය. නමුත් ඈත ගමක සිල්ලර කඩයක සිවිලිමක් කඩා වැටීම කිසිදු පුවත්පතකට නිවුස් එකකට වැඩකට නැති දෙයකි. ලංකාව යනු එවැනි තුට්ටු දෙකේ හිඟන මට්ටමේ ආර්ථිකයක් සහිත රටකි. ඉතින් එවැන්නක් කඩා වැටෙන්නට කියා දෙයක් නැත.කඩා වැටුනාට සැරට දැනෙන්නෙද නැත.

·        විදේශගත ලාංකික ශ්‍රමිකයින් විසින් ලංකාවේ පවුල් දිගින් දිගටම නඩත්තු කරගෙන යෑම,
·        රටට ආධාර ලෙස සහ ව්‍යාපාති ලසෙ ලැබෙන ආධාර රිසි සේ පද්ධතිය විසින් ඉහල සිට පහලට ගසාකෑම.
·        ගම්බද ජනයාට ස්වයංපෝෂිත ලෙස තවමත් ජීවත්වීමට හැකියාවක් තිබීම.
ආදි කරුණු නිසා ලංකාව බොහෝ විට ආර්ථිකය අතින් අවුලක් නැතැයි පෙනෙන්න ට තිබේ.

වසන්තය හැමදාම තිබේවිද?
ගෙදරක එක් සුලු සොරෙක් සිටිය හැක. ඒ පොඩි සොරා පියාගේ සාක්කුවෙන් රුපියල් විස්සක් තිහක් ගෙන ඉදහිට සිගරට් එකක් බීවාට..අම්මාගේ පෝස් එකෙන් රුපියල් දහයක් ගෙන පහේ ටොපියක් කෑවාට ගෙදරට එතරම් දැනෙන්නේ නැත. නමුත් ගෙදර සිටින දරුවන් ආච්චිලා සීයලා ඇතුලු සියල්ල සොරුන් වුවහොත් ඇතිවන තත්වය සිතාගත නොහැකි තරම් සංකීර්ණය. ලංකාවේ දැන් ඇත්තේ එවැනි තත්වයකි. සියයට පනහකට වැඩි ලාංකිය ජනතාවක් සොරු වෙති. එසේම සමාරු සොරුන් වන්නට පෙරුම් පුරති.

වැඩක් පලක් නැති රජයේ රැකියාවක් සොයන්නේ සොරුන්ය. ආන්ඩුවේ සල්ලි ලැබෙන ව්‍යාපෘති වලිං ගසා කන්නේ සොරුන්ය. පාරිබෝගිකයා රවටා විච්චූරන කොට බඩු විකුනන්නේ සොරුන්ය. කොටින්ම ලංකාවේ ජීවත්වෙන මිනිසුන් බොහොමයකට සොරකම ජානගත වී තිබේ. වංචාව යන දෙය පයිත්තියං වී තිබේ. මෙවන් රටකට ආයෙත් සාධාරනත්වය ගැන පාඩම් කියා දිය හැකි මුත් ඒවා වැටහෙන්නේ එහෙමත් පිරිසකට පමණි.


අජිත් කුමාරසිරි නැමැති අයෙකු පසුගිය දිනෙක එක්තරා උත්සවයකට දුන් වීඩියෝවක් මට ලැබුනි. අජිත් කියන අයුරින් අපි අපි විසින් අදහන දේ වෙනුවෙන් කැපකිරීම් ජීවිත පරිත්‍යාගයෙන් කිරීමට සූදානම් විය යුතුය. නමුත් අජිත්ට නොතේරෙන දෙයනම් ලංකාවේ මිනිසුන්ට කැපකිරීම් යන වචනය නොතේරෙන බවය. ඔවුන් කැපකිරීම් ලෙස දකින්නේ තමුන්ගේ අතට සම්තින් එකක් ලැබෙන දේවල්ය. එසේ නොවන පද්ධතිය උදෙසා වැඩදායී වුවත් තමුන්ගේ ගොඩ සෘජු ලෙස වැඩෙන්නේ නැත්නම් එවැනි දේට මිනිසුන් ලංකාවෙන් සොයාගැන්මට වඩා කලුනික සෙවීම වාසිදායක විය හැක.

මේ කඩාවැටීම් වලට හේතු..

යුද්ධයට පෙර ලංකාවේ සිට පසුව විදේශගත වී සිට ලංකාවට එන ආන්ඩුවේ බත් ගොට්ටන් නොවන බොහෝ දෙනකුගේ මතය වන්නේ රට තුල ඉදිකිරීම් සිදුවුනාට පාර නැග්ගාට කිසිවක් යහපත් දෙසට මිනිසුන්ට වැඩදායි වෙන ලෙසට වෙනස් වී නැති බවයි. එනම් අපිට ලොකු දේවල් ලෙස පෙනුනාට හාබර්, එයාපෝට්, පාරවල් වැනි දේ සැබැවින්ම මිනිසුන්ට වැඩදායි වී නැත. බොහෝ දෙනා මෙයට හේතුව ලෙස රාජ පාලනය ගෙන හැර දක්වයි. නමුත් මට නම් පෙනෙන්නේ රජය යනු මේ පවතින ක්‍රමය තුල ඇති සියලුම අංග නිරූපනය කරන මරුම ජාතියේ කැඩපතකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සියල්ල රජය තුල නියම අයුරින්ම විද්‍යාමාන වෙයි.

දශක ගානක් තිස්සේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය නම් වූ කුකුල් කූඩු ටිකෙන් එලියට දැම්ම බ්‍රොයිලර් ලා විසින් බිහිකරන ලද වත්මන් සමාජය කිසිසේත් අහම්බයක් නොවේ. අලුත් නොවන එකතැන පල්වුන ලේබලයට පමණක් නිදහස් අධ්‍යාපනයක් හරහා පොදුජන විඥානය අලුත් ලෝකයෙන් ඈත්කර යටත්විජිත ආකල්ප වල ගිල්වනු ලැබීය. ලාංකික සරසවි වලින් එලියට බහින බොහෝ උගතුන්ගෙ ඒකායන පැතුම කසාදය සහ රැකියාවයි. වැඩදායි පුද්ගලයෙකු ලෙස ඔවුන් දකින්නේ සමාජය පිලිගත් ලොකු පුටුවක පුක තියාගත් පුද්ගලයෝය. ඉන් ඔබ්බට එහි වාඩිවුන පසු මිනිසුන් උදෙසා  වැඩ කිරීම ඔහු බාරදෙන්නේ ඔහුට ඉහල සිටින දේශපාලකයින්ටය.   එවිට සියලු වැරදි වලට වග කිය යුත්තේ ඒ දේශපාලකයෝ සහ තමුන්ට ඉහල නිලධාරින් ටික පමණි.

විදුලි බල මණ්ඩලය, දුම්රිය, ගුවන් සේවා, ලංගම, වාරිමාර්ග, මහාමාර්ග,වරාය ආදි බොහොමයක් රාජ්‍ය අංශයට අයත් ආයතන වල ඉහල පුටු සංඛ්‍යාව ඒ සේවාවම සලසන පුද්ගලික අංශයට වඩා වැඩිය. එසේම ඒ පුටු වලට ඇති රාජකාරි නැති වුවත් පුටු නැති වෙන්නේ නැත. හැමදාම එතනය. ලංකාවේ ලංගම සතුව සිටින සේවකයින්, වරායේ අතිරික්ත සේවකයින්, විදුලි බල මන්ඩලය දුම්රිය ගුවන් සේවා වල සේවකයින් වන්දි දි රජය විසින් අද එලියට දැම්මොත් මේ රජය අනිද්දා වෙනවිට සුවර් නැත. එවිට රජය පෙරලීමට ඒ අය පෙරට එති. විදුලිය බිල ගෙවාගන්නට මිනිස්සුන්ට බැරි වූවාට කාටවත් ගානක් නැති වුනාට විදුලි බල මන්ඩලයේ සිටින සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු වුවහොත් එය රජයට දැනේ.

විදුලිය ඇත්තේ ලංකාවේ පමණක් නොවේ. ලොව බොහෝ රටවල විදුලිය ඇත. නමුත් ලංකාවේ තරම් සැර ගානක් නැත. ජනයාට විදුලිය අඩුවට ලබාදීමට නම් ඒ රටවල විදුලිය ලබදිම සඳහා ඇති ආයතන පද්ධති ලාබ ලබන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුය. නමුත් ඒවා කස්ටිය බලන්නේ නැත. හැමදාම පරණ ආන්ඩුවටත් පාලකයින්ටත් වෙනත් අයටත් බනිමින් සිටීම වාසිදායකය. මා දන්නා තරමින් ඉන්දියාවේ ධනවතුන් වන අම්බානි නම් අයට අයිති ලාබ ලබන කොම්පැනියකි රිලයන්ස්. රිලයන්ස් යනු ඉන්දියාවේ විදුලිය ලබාදෙන පුද්ගලික ආයතනයකි.

විදුලිය නිපදීම, බෙදාහැරීම, නඩත්තුව ආදී සියල්ලම එක් පලාතක වත් පුද්ගලික කරණය කලා නම් මට අනුව එම පලාතේ විදුලිය ලාබ සහිත තත්වයට ගැන්මට එම සමාගම් වලට හැකිවෙනු ඇත. කොළඹ වරායේ පුද්ගලිකකරණය කරනු ලැබුයේ ඉතාම සවුත්තු  ලෙස සැලකුනු කොටසකි. නමුත් සේවකයින් ප්‍රමාණය රජයේ අංශයට වඩා දහයෙන් එකකටත් වඩා අඩුවෙන් වැඩි ලාබ පෙන්විමට එම කොටස සමත් වී ඇත.

ටෙලිකොම් නැමැති අර්ධ රාජ්‍ය ආයතනයට වඩා පුද්ගලික අංශයේ ඩයලොග් සමාගම ආදායම අතින් දැන් දැන් පෙරට පැමිනෙමින් ඇත. නමුත් ටෙලිකොම් ලංකාවේ රජය නියෝජනය කලා කියා ලංකාවේ පුරවැසියන්ට අඩුවට කෝල් ඉන්ටනෙට් ලැබෙන්නෙ නැත. ටෙලිකොම් සමාගම සම්බන්ධ සේවකයින් ප්‍රමාණය 8000කට ආසන්න වන අතර අනෙක් සියලුම මොබයිල් ජාල සහ ඒ නඩත්තු සමාගම් වල සියලුම ලංකාවේ ටෙලිකොමියුනිකේෂ්න අංශයේම සමස්ථ සේවක එකතුව පවා එතරම් අගයක් ගන්නේ නැත. නවීන මෘදුකාංග, ක්‍රමවේද, පද්ධති හරහා සේවකයින් ප්‍රමාණයත් අනවශ්‍ය ප්‍රමාදයත් අවම කරගෙන ඒ ටෙලිකොම් සමාගම ඉදිරියට යන්නේ නම් 8000ක් සිටින සේවකයින්ට පමණක් සහන දෙන අපිට මුල් හැන්දප්‍රතිපත්තියේන තොරව ලක්ෂ 8කට අධික වන සියලු පාරිබෝගකයින්ට සහන ලබාදිය හැක.


රජයෙන් රුපියල් දහදාහක් ලබාදී ගණිකා වෘත්තිය වැනි කිව්ව තැනකට යන්න කැමති පුද්ගලයෝ ටිකක් ප්‍රාෙද්ශිය ලේඛම් කාර්යාල වල මේ දිනවල සේවය කරති. ඔවුන් ඉහලින ්කිව්ව තැනට යති. කිව්ව දේ කරති. ඇමටි මැති තුමන්ලාගේ බලයෙන් ටික දෙනෙක් ඉස්තිර වෙති. ඉතිරිය දැන් වසර එකකටත් වැඩි කාලයක් තිස්සේ තාමත් අභ්‍යාසලාභී ලෙස බෝඩ් එකක් ගසාගෙන ප්‍රාෙද්ශිය ලේඛම් කාර්යාල වල අගුවේ වේලෙන්නට තබා ඇත. මේ වේලෙන්නට සල්ලිද රජයෙන් ගෙවයි. ඒ මදිවාට හෙට යලිත් අභ්‍යාස ලාබින් බඳවාගන්වා යැයි දැන්වීමක් දැම්මොත් බුරුතු පිටින් ඇප්ලිකේෂන්ද දමනවාය.

ඒ විතරක් නම් මැදෑ. දැන් වසර විස්සක තිහක සිටම උපාධියට සරිලන රැකියා නොලැබෙන පොල් සයන්ස්, ආට් උපාධි සඳහා තවමත් කලා වාණිජ අංශ වලින් බොහෝ ගණනක් අයදුම් කරති. අයදුම් කර වසර හතරක් සිය සහකරුවා සොයාගන්නට වැයකොට එලවටත් මෙලොවටත් නැති සහතිකයක් ගෙන එයින් පිටවී රැකියා නැතැයි ආන්ඩුවට දෙස් තියති. මේ ක්‍රියාදාමයේ සෑම පුරුකක්ම රජය තරමටම දූෂිතය. එයින් 95%කටත් වඩා උත්සාහ කරන්නේ නිකම් ඉදන් සාක්කුවට ගතමන්ට් එකක් දාගන්න උත්සාහ කරනවා විනා මහන්සි වී මුදල් ඉපයිම නොවේ.

මේ සමාජ ක්‍රමය දියුනු කරන්නට මේ රට දියුනු කරන්නට නම් දියුනු ආකල්පිය වෙනසක් අවැසිය. එය තුල අනුන් කියවීම වැනිම තමා ගැන ස්වයං විවේචනයක්ද ඇතුලත් විය යුතුය. එසේ නැතිව කොතෙක් හොඳ පාලකයින් අපිට ලැබුනත් ඔවුන්ට මේ ජඩ ක්‍රමය තුල පැවැත්මක් නැත. හොඳ නායකයින් පැමිණියත් හොඳ වැඩ කරන්නට ගියොත් වන්නේ ඔවුන්ගේ පැදුරටත් නොකියා දේසපාලන තීරයෙන් සමුගන්නටය. මිනිසුන් කැපවීම් යන වචනයේ තේරුම දත යුතුය. කැපකිරී්ම සිදු කිරීමට සූදානම් විය යුතුය. එසේම තමාද වැඩ කිරිමට සූදානම් විය යුතුය. වංචාවෙන් වක්‍රාකාරයෙන් නැතිවන්නේ තමාගේම සතුට සැපය බව අවබෝධ කරගත යුතුය.

මෙය මේ ආකාරයෙන් කීවාට කාටවත් ලේසියෙන් තේරෙන්නේ නැත. දැන් අපි සරල උදාහරණයක් ගනිමු. නිල් බලකාය ලෙස හැඳින්වුන ජනප්‍රිය අයෙකුට කඩේ ගිය බොහෝ දෙනකුට විවිධ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වල තාවකාලික තනතුරු සහ විවිධ කොන්තරක් ක්‍රම අනුව රැකියා ලැබුනි. දැන් වසර තුනක් පමණ ගෙවී ගියත් ඒ සමහරක් පෙරමුනේ ම කඩේ ගිය අයට පවා ලැබෙන්නෙ රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලකි. රැකියා ස්ථීරත්වය ගැන ඔවුනට ඇත්තෙ සිහිනයකි. ඔවුන්ගේ අනාගතය අසුවල් මල් මහතා අනුවම රඳා පවතී.

අපි එතැනින් මඳක් ඔබ්බට යමු. ඒ අය විසින් එදා යහපත් පාලකයෙකුට කඩේ ගොස් සාධාරනය අනුව රට දියුනු කරන පොරක් බලයට ගෙන ආවේ නම් කාගෙවත් පස්සෙන් නොගියාට බොහෝ දෙනාට රැකියා ලැබෙනු ඇත. එවන් පසුබිමක් ඇතිකරගත්තා නම් ඒ තරුණයින්ට නැවත නැවත රැකියාව ඉස්තිර කරගන්නට පඩි වැඩිකරගන්නට අර මහත්තයා හම්බ වෙන්නට යන්න වෙන්නේ නැත.

එක්තරා රජයක් විසින් ගාමන්ට් මෙරටට හඳුන්වා දී ඒ අංශය දියුනු කොට රැකියා ඉපැද්දවීය. ඒ නිසා ලංකාව තායිලන්තය මෙන් ලොවට ගණිකාවන් සපයන රටක් නොවුන අතර එකල රට ගොස් අරාබි කාරයාගේ යට කොටස්වලට ආතල් දී රට සල්ලි සොයන්නට ගිය ගෑනු පිරිසද අඩු වන්නට ඇත. ගම්බද පවුල් බොහොමයක් ඒ හරහා සැලකිය යුතු තත්වයක ආදායමක් ගෙන සාමාන්‍ය ජීවිත ගෙනගියෝය. එකල රජය ඒ සමාගම් වෙනුවෙන් පෙනී සිටියෝය. ඒ සමාගම් වල ඕනා එපාකම් අනුව වැඩ කලෝය. කොටින්ම මාක්ස්වාදින්ට අනුව අපේ ශ්‍රමය රිසි සේ සූරාකන්නට අවැසි වටපිටාව ඒ රජය විසින් විදේශ සමාගම් වලට ලබාදෙන ලදී.

නමුත් එලෙස සූරාගත් පසු ඉතිරිවෙන දංකුඩ ටිකක් හෝ අපේ ගෑනුන්ට ලැබුනි. ඒ නිසා අපේ සමාජයද ගමද එක්තරා මට්ටමක ආර්ථිකයක් සහිතව ගමන් කලේය. නමුත් අද අපේ රටේ එක් දෙසක ලොකු හෝටල හදන විට ඒ රජයම අමරිකාවට චන්ඩියා පාට්ස් දමයි. ඒ රජයෙම ප්‍රාෙද්ශිය මන්තිරිවරු සුද්දියෝ දූෂණය කොට රිසිසේ පාරේද ඇවිදිති. ඒ රජයම බටහිරට සහ විදේශ අතපෙවීම් වලට බනිති. බටහිරින් එන මානව හිමිකම් චෝදනා නෑහුන කන්ව සිටිති. ලංකාව සංචාරකයින්ට අවධානම් කලාපයක් කරගන්න හදනවාදෝ යි විටක සිතේ. ඉතිං විදේශ අත් නැතුව දේශිය අත් අර හෝටල් වලට කුමටද? මේ නැගෙන හෝටලවලට සල්ලි තියෙන අමරිකන්, යුරෝපියන් අරාබි කාර අත් කකුල් එන්නේ නැත්තං හිඟන ඉන්දියන් කාරයින් චිනුන් මෙහෙ ඇවිත් කෑවා කියා රට දියුනු වෙයිද?

කෝපිකඩේ සාලුවක් දාගෙන සිටින හැමෝටම හිත හොඳ  අබිලිං වැනි චරිත සුදුසු වන්නේ අබිලිං චරිතයට මිස පොලි මුදලාලි සාමෙල් හෝ කුරුං චරිත වැනි ගමේ පාලක පක්ෂයේ චරිත වලට නොවේ. ලංකාවෙ මිනිස්සු සාලුවක් දාන අබිලිංලා පත්කරගෙන ඔවුන්ගෙන් සාමලේලා, පොලිමුදලාලිලා, කුරුං කුරුං ලා කරන ජාතියේ මොලේ ඇති වැඩ බලාපොරොත්තු වෙති. අබිලිං පත්වුන විට අබිලිංගේ පවුලටත් වටේ සිටින ඇම්බැට්ටයින්ටත් සලකයි. එසේම පත් වූ දින සිට නැවත වතාවක් බලයට පත්වෙන්නේ කෙසේදැයි සොයා බලයි. රට ගම වටේ ගොස් හොටු එන පොඩිඑවුං වඩාගෙන ගමේ ගෑනුන්ගේ හොඳ හිත දිනාගනී. අඩු වශයෙන් ගමට පොලි මුදලාලි හෝ පත් වුනේ නම්, පැක්ටරියක් දමා කීයක් හෝ ලොකු කුට්ටියක් ඔහුද සාක්කුවෙ දාගෙන ගමේ උණ්ටද වැඩකට ඇති රස්සාවක් ලැබෙනු ඇත. ඒ පොලියා පාරක් හැදුව්ත් එය හදන්නේ ආයිත් සල්ලි ලබාගත හැකි විදිය කල්පනා කරලාය.

ලොකු වැවක් හැදුවාට ඒ අසල කුඹුරක් කෙතක් පේන තෙක් මානයක නැත්තං ඒක ගැන දාන ඇඩ් වලින් වැව හදන්ට ගිය මුදල් යලිත් නොලැබෙන බවත් මිනිසුන්ට නෑම රෙදි ඇපිල්ලීමට තැනක් ලැබීම හැර වෙනත් වාසියක් ගමට සිදු නොවන බවත් පොලි මුදලාලිලා දනී. කෝපිකඩේ චරිත වලට සුජාත දියනි හි  චංගුමි වැනි පරමාදර්ශී චරිත ගත නොහැකි බවද ඒ චංගුමි නාට්ටි වල එසේ තිබුනාට අපේ බුවාලට බුවීලාට ඒවා කරන්නට බැරි බවද අප රටේ වාමවාදී දෑහිතකාමී ජනතාවද අවබෝධ කරගත යුතුව ඇත.

ගම වටේ ඇවිදිමින් හැමෝ එක්කම හිනාවෙන කතාකරන හැමෝගම යාලුවා,පියා ලෙස රඟපාන අපේ අබිලිං මැතිතුමාලාට  ලාට වැදගත් වන්නේ කුමක් හෝ කර ගම වටේ ගොස් එයම නැවත නැවත කියවීමත් හැමදාම බලයේ සිටීමත් පමණි. ඉතිං සාලු දාන, ගසන, කියවන අබිලිංලාටත් නිකං ඉදං කන්න බලාගෙන ඉන්න සියලු ගම්වැසියන්ටත් ජයවේවා.  සියල්ලන්ටම සුබ කෝපිකඩයක්.

සැ. යු
*අබිලිං විසින් ගමේ වලි විසඳීම මගින් ලකුනු දාගැන්ම හිතාමතාම අමතක කරන ලදී.(අබිලිං ගමේ වලි විසඳන්නේ කෙසේදැයි කෝපිකඩේ බැලූ අයට මතක ඇතුවා ඇත.)








20 comments:

  1. හොද විවරණයක් ....

    ReplyDelete
  2. හැම තැනම අවනීතිය රජ කරලා තියෙන්නේ ලොක්කෙක් මිනියක් මැරුවොත් හොරකම් කරොත් පොඩි කෙල්ලෙක් දුෂණය කලොත් එයාලට දඩුවම් දෙන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ උන් නිදහස් වෙනවා සොක්කෙක් වැරද්දක් කරොත් උට එල්ලලා ගහලා උගෙන්ම අහගන්නවා ආයුද හංගපු තැන ඒ හංගපු ආයුද පෙන්නන යද්දී බල්ලෙක් වගේ මරලා දානවා, ආණ්ඩුවේ චන්ඩි වැහි වහලා හැම මනුස්සයම බලන්නේ කාගේ හරි බෙල්ලක් මිරිකලා හම්බ කරන්න මිසක් සාධාරණව හම්බ කරන්න නෙමේ

    ReplyDelete
  3. එකෙම්ම අමිල ආයේ කියන්න දෙයක් නැහැ ..
    +++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ මේ රටේ ජනතාවට තමුන්ගේ සිතුම් පැතුම් වලට හරියන ආණ්ඩුව තමයි මේ ලැබිල තියෙන්නේ.ඔන්න ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල දහ දාහෙ පත්වීමක් ගන්න ආවලු ඉන්ටර්නැෂනල් කොලීජියක උගන්න උපාධිධාරිනියක්. සම්මුඛ පරීක්ශනේ කරපු මහත්තය ඇහුවලු දැනට කීයක් පඩි ගන්නවද කියල .ඉන්ටර්නැෂනල් කොලීජියෙ පඩිය රුපියල් හතලිස් දාහක්ලු.එතකොට ඉන්ටර්විවර් මහත්තය ඇහුවලු ඉතින් දරුවෝ හතිස්දහක පඩියක් අතඇරල දහ දාහකට මෙතෙනට එන්න හදන්නේ මොකටද මට හම්බු වෙන්නෙත් ඔය වගේ පඩියක් නේ මම ඉන්න තැනට එන්න ඔය දරුවට තව අවුරුදු කීයක් නම් යාවිද කියල.එතකොට දැරිවි කියනවලු සර් ආණ්ඩුවේ රස්සාවට තමයි ගෙදරින් උනත් කැමති.අනික කසාදයක් බඳින කොට උනත් ඒක හොඳයිනේ එච්චර කට්ටකුත් නැහැනේ ! කියල.මේ වගේ හිතන පතන ජනතාවට මේ වගේ ආණ්ඩුවක් ලැබීම අරුමයක්ද ?

    ReplyDelete
  5. කෝපි කඩේ වැහෙන්නෙත් නැහැනෙ බං. නොනැවති යනවා :)

    ReplyDelete
    Replies
    1. ඉතින් බං උඹල වගේ ජනතාව ඉන්නකම් නොනැවතී පෙරටම!නිල පාටින් හරි කොළ පාටින් හරි කෝපි කඩයක් ඇරෙන එක ෂුවර් !

      Delete
  6. ඔබේ ලිවීමේ ශෛලිය / ව්‍යාකරණ යනාදිය දැන් ඉතා හොඳයි.

    ReplyDelete
    Replies
    1. he he.. ubata panda? ai uba meka mul guruthumada? kauda uben ahuwe? nikan dennathuwa hitapan yako..


      ඔබේ ලිවීමේ ශෛලිය / ව්‍යාකරණ යනාදිය දැන් ඉතා හොඳයි.

      :D koheda yana pissek..

      Delete
  7. මේ ලිපියට මල් මිටක් මදිය මල් වරුසාවක් වැස්සවිය යුතුය.මීට වඩා මොනවා කියන්නද ජය වෙවා....

    ReplyDelete
  8. දේශපාලකයනි යනු සමස්ත ජනයා නියෝජනය ක්‍රන කුඩා කුළකයකි!

    ReplyDelete
  9. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් සපිරුණු වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
  10. ඕං අද කාලෙට ෂෝක් එකට ගැලපෙන ලිපියක්. මරේ මරු.

    ReplyDelete
  11. Good article and straight to the point. I don't know if this is

    in fact the best place to ask but do you people have any ideea where

    to hire some professional writers? Thanks :)

    Here is my web page :: http://www.gloriouslinks.com/

    ReplyDelete