Saturday, May 18, 2013

ප්‍රජාතන්ත්‍රවාදය එක්ක පාන් කන්න පුලුවන්ද?

ලක්ෂණ බැල්ලියක්
ඇයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට මේ තරම් ලොකු බරසාර අකුරු තියෙන නමක් තියෙන්නෙ. ඇයි ඒක මාලු හොදි..කිරි හොදි අල හොදි වගේ සරල නමක් හිතුනෙ නැත්තෙ. අධිකරණය, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාධායකය ඔය වගේ වචන ගොඩක් බරයි. කියන්න වගේම තේරුං ගන්නත් ටිකක් අමාරුයි. නමුත් අපිට රජතුමා, නිළමෙතුමා, රාජ සභාව, ගම ්නියම්ගම්, කෝරාළ ආරච්චි, වගේ වචන අරිට වඩා ලේසියෙන් තේරෙනවා. පාර්ලිමේන්තු මන්තිරි, ප්‍රා බබා මන්තිරි ඇමති කියනවාට වඩා කලිං කියපු රාජ සභාවෙ මහාදිකාරම් මහ සෙනෙවි වගේ නම් අපිට තේරු යනවා ලේසියෙන්ම.

අපෙ හිරු, අපේ සෙනෙවි.. රටේ දේවතාවා, අපේ පියානෝ වගේ වචන චන්ද කාලෙට පෝසටර් වල කටවුට් වල යනවා..නමුත් ඒ කාලෙට අපේ මන්ත්‍රි අපේ ඇමති කියලා යන්නෙ නැහැ කිසිම තැනක. මොකද ඇමති මන්ත්‍රිට වඩා අපේ අයට සෙනවි, දෙයියෝ, පියානෝ වගේ වචන හුරුයි. කියවන්න වගේම තේරුං ගන්නත් ලේසියි.

ඩික්ෂනරි එකකින් හරි විශ්වකෝෂයකින් හරි මලලසේකර ශබ්ධකෝෂයෙන් හරි බලලා තේරුම බැලුවාම අපි හිතනවා අපිට ඒ වචන වල තේරුම හරියට ම අහුවුනා කියලා. නමුත් එහෙම වෙන්නෙ නැහැ. අපි ජිවත්වෙන පරිසරය අනුව වචන වලට තේරුම වෙනස් වෙනවා. අපි ලංකාවෙදි බස් එකක් කියන්නෙ මිනිස්සු පොල් පොදියට පටවං හැමතැනම කොටන රේස් යන දොරවල් වහපු නැති පොදු වාහනේකට. නමුත් එංගලන්තෙ එකෙක්ට බස් කිව්වම මතක් වෙන්නෙ වෙනමම චිත්‍රයක්. එංගලන්තෙ බස් යන්න කලිං දොරවල් වැහෙන ඒවා. සමහර විට පහ වසරෙ විතර ඉංගිරිසි දන්න පොඩි එකෙක්ගෙන් ලංකාවෙදි බස් එකක් කියන්නෙ මොන වගේ එකක්ද කියලා ඇහුවම දෙන උත්තරෙයි. එංගලන්තෙ එකෙක් දෙන උත්තරයයි වෙනස් වෙන්න පුලුවනි.

ප්‍රජාතන්ත්‍රවාදය කිව්වාම අපි හිතනවා හරිම සරලයි ඔන්න මොකක් හරි සබාවක් තියෙනවා. ඒකට මිනිස්සු පත්කරගන්නවා. පත්කරගත්තෙ දවසෙ ඉදලා අපි උන්ට බනිනවා. උන් ගසා කනවා. අපි හැමදාම බැන බැන ඉදලා නියමිත කාලෙ ඉවර වුනාම වෙන කට්ටියක් හරි නැත්තං උංම හරි පත් කරගන්නවා. සාමාන්‍ය මනුස්සයෙක්ට ලංකාවෙ පොජාතන්ත්‍රවාදය තේරෙන්නෙ ඒ විදියට.

නවසීලන්තෙ එලදෙනෙක් හරි ලොකුයි. කිරි ලීටර් දහයක් විතර එකෙක් ගෙන් ගන්න පුලුවන්. ටිකක් තරමක අලි පැටියෙක් සයිස් එකලු එක එලදෙනක්. අපේ කන්තෝරුවෙ මිස් කෙනෙක් නුවර එළියෙ අඹේවෙල නවසීලන්ත ගොන් පට්ටිය බලන්න ගිහින් ..දැන් හෙන වරුණාව. ඒකෙ ගොන්නු අඩුයිලු. එලදෙන්නු වැඩියි. ඉතිං අපෙ මිස්ලා ගියාම අර එලදෙන්නු පොරකනවාලු සීමිත ගොන් සම්පත බෙදා ගන්න. පට්ට ආතල් කතාව. මිස් රස කරලා කියනවා.

දැන් අපි කතාවට යමු. ඉතිං හම්බන්තොට ගොයියෙක්ගේ පුතෙක් ඉන්නවා නවසීලන්තෙ. ගොයියා එරෙප් පෙලෙන් එකේ නැගලා යනවා නවසීලන්තෙ. ගිහිං නවසීලන්තෙ ගොන්නුන්ගෙ කිරි තනේ දැකලා පුදුම වෙනවා. ඒ මනුස්සයා පුදුම වෙලා නවතින්නෙ නැහැ නවසීලන්ත පට්ටි ගොනෙකුයි එල දෙනකුයි ලංකාවට ගෙන්න ගන්නවා පුතාට කියලා. ඉතිං නවසීලන්ත ගොන්නු හරි ලොකුයි. පුතා එව්වට මොකද හම්බන්තොට දේශගුණය අර ගොන්නුන්ට අල්ලන්නෙ නැහැ. ඒ පාර තාත්තා පුතා එක්ක කතා කරලා ගොන් කපල් එකට ඉන්න ඒ සී කාමරයක් හදනවා. පස්සෙ හම්බන්තොට තණකොල දිරවන්නෙ නැති නිසා උන්ට කන්න තණකොල රටින් ගේනවා. කොහොම හරි දැන් අර නවසීලන්ත ගොන් කපල් එක හිටියාට මොකද නවසීලන්තෙදි තරං තන් ලොකු නැහැ. ඒ කියන්නෙ කිරි එච්චර ගන්න බැහැ. දැන් අර තාත්තා ගොන්නු දෙන්නාව බලන්න එන අයට ටිකට් කඩලා ලොකු ගානක් හොයා ගන්නවා.

දැන් අර ගොවියාගේ මුල් අදහස වෙලා තිබුනෙ නවසීලන්තෙදි ගන්නව වගේ ගොඩාක් ලොකු කිරි එලදෙන්නු හදලා කිරි කර්මාන්තෙ දියුනු කරගන්න. නමුත් නවසීලන්තෙ ගොන්නු කියන්නෙ මෙහෙදි ප්‍රදර්ශනාත්මක සංදර්ශනාත්මක දෙයක් විතරයි. තවදුරටත් ඒ නවසීලන්ත එලදෙන මෙහෙදි කිරි ලීටර් දහයක් දොලහක් ගන්න පුලුවන් වස්තුවක් නෙමෙයි. ලස්සනට ගාල් කරල තියන්න පුලුවන් සෝක් වස්තුවක් විතරයි.

එක්දාස් නවසිය තිස් හතලිස් ගනන් වලදී ලංකාවෙ පොරවල් එංගලන්තෙ ගිහිං එනකොට පොජාතන්ත්‍රවාදය කියලා එකක් උස්සං ඇවිත් මෙහෙ තියලා තියෙනවා. අර කතාවෙ ගොවියාගේ පුතා නවසීලන්තෙ. නමුත් මේ කතාවෙදි සුද්දො අපේ රට අල්ලගත්තා. එංගලන්තෙ ඉන්න සුද්දන්ගේ ඔරිම ජිනල් සුද්දො මෙහ ආවෙ නැහැ. එහෙ ඉන්න වතුවල වැඩකරපු තුන්වෙනි පන්තියෙ සුද්දො ටිකක් මෙහෙට ආවා. ඒ ආපු සුද්දන්ගේ පස්ස පැත්තට වතුර වක්කරපු සේනානායක, වික්‍රමසිංහ, බණ්ඩාරනායක වගේ නම් තියෙන පොරවල් ටිකකට ලංකාව පස්සෙ කාලෙක අයිති වුනා.

ඒ අයට එකපාර බලය ගන්න නිකං මොකද්ද වගේ. ඒ පාර පොඩි පොජාතන්ත්‍රවාදය කියලා ගැටයක් ගහලා බලය ගත්තා. එදා ඉදං මේ ක ප්‍රජාතන්ත්‍රවාදි රටක් ලු. ඒක කාලෙකදි නැතිවෙලා කියලා කට්ටියක් හොයනවා. ආයි කට්ටියක් හොයාගත්තා කියලා බලයට එනවා. නමුත් සමස්ථයක් විදියට ගත්තොත් එංගලන්තෙ අමරිකාවෙ හෝ ඉන්දියාවෙ තියෙන විදි වලට වැඩිය මෙහෙ විදිය අජූතයි. කාටවත් තේරෙන්නෙ නැහැ මොකද වෙන්නෙ කියලා.

අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය වගේ බර දේවල් ගොඩක් දැන් විනාසවෙලාලු. මට තියෙන පස්නෙ විනාස වෙන්න කලිං ඕවා හොදට තිබුනද කියන එක. සෑම වසර පහලවකටම වරක් වගේ අපේ අය පොඩි පහේ ආතල් වලියක් යනවා. ගිහින් කොල්ලො කෙල්ලො රොත්තක් මැරෙනවා. හරිම ආතල් එකක් තියෙන්නෙ. මාර ප්‍රජාතන්ත්‍රවාදි රටක්. පාරෙ යන බල්ලෙක්ට වඩා පොඩි වැදගත් කමක් එනවා දුප්පත් මිනිස්සුන්ට චන්ද කාලෙට. චන්දෙ නැති කාලෙට ඒ වටින කම නැහැ. ලංකාවෙ බුද්ධිමතුන් කියලා හොරු ටිකක් ඉන්නවා. උන් ලියන්නෙ ඉංගිරිසියෙන්. උන්ට බයයි උන් ලියන ඒවා අපිට තේරේවි කියලා. අපිට තේරුනොත් උන්ට කේස්. මොකද අපිට උන් ලියන ඒවා තේරුනාම අපිට වැටහෙනවා උන්ගේ ටයි කෝට් රෙදි බැනියං අස්සෙ මොකෙක් වත් නැහැ කියලා. සමහර විට ආදි කල්පික වනචාරියෙක් එංගලන්ත ලයිබ්‍රියකට පැන්නා වගේ ආතල් නම් උන්ලියන ඒවායේ තියෙයි.

මේ දවස්වල හරිම ට්‍රැෆික් එකක් කොළඹ තියෙන්නෙ. අර දෙමල පැත්තෙ ලොක්ක අපි හමුදාව දාල 2009 දි මැරුව නේ. ඒකෙ ඇනිවසරි එක තියෙනවා ගෝල් පේස් එකේ. මේ සතියෙම පිටකොටුව පැත්ත මරදාන පැත්ත බම්බා පැත්ත ට්‍රැෆික් එක වැඩියි. මේ වගේ ඉවන්ට් කොළඹ තියෙන එක අපිට හිරිහැරයි. මේ හැමදේම තියන්නෙ ඇයි? ඇයි මේ මැයි දින, සංදර්ශන ගොඩක් ඇයි තියෙන්නෙ. බලය ගන්න නෙව. ඉතිං බලය බෙදන්න ව්‍යවස්ථා හදන්නෙ ඇයි. ඔවා හැදුවා කියලා මොකෝ හතරමහ නිදානෙ ලැබෙනවයි.

ශ්‍රේෂ්ඨාදිකරනෙ හොද වුනා කියලා දුප්පත් මිනිස්සුන්ට මක්කද ලැබෙන්නෙ. මට නං හිතෙන්නෙ මක්කාවත් නැහැ. ලොකු ලොකු බිස්නස් කාරයොන්ගෙ වලි බේරගන්න ඒ වගේ තැන් හොද ඇති. ජනමත විචාරණයක් තියලා හරි ආයිත් අපිට රජකාලෙ තිබුන රාජාන්ඩු ක්‍රමය ගේන්න ඕනි. ජාත්‍යන්තරේ මොන විදියට කෑ ගැහුවත් රාජාන්ඩු ක්‍රමයක් කියන්නෙ අපිට ගැලපෙන ආන්ඩු ක්‍රමය.

එතකොට ඊළඟට රජ වෙන්න එන එකාට අපිට වද නොදී ගිහින් දැන් ඉන්න රජාව මරලා රජ වෙන්න පුලුවනි. ඕනිම නම් කුලි හමුදාවක් කොහෙන් හරි අරං ඇවිත් ගහලා යුද්ද පාරක් දාල රජ කම ගන්න පුලුවනි. මේ චන්ද කෙරුවාව නිසා හැමෝම හදන්නෙ බලය ගන්න. අරහෙම රජ ආන්ඩුවක් තිබුනොත් මිනිස්සු රජකම ගැන හීන දකින්නෙ නැහැ. බලයට මෙච්චර කෑදර වෙන එකක් නැහැ. රජතුමා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉඳීවි.

එතකොට චන්ද නැති නිසා බොහොම සාමෙන් මිනිස්සු ජීවත් වේවි. මිනිස්සු එකිනෙකා අතර වලි දාගන්න එකක් නැහැ. මොකද රජතුමා තමයි මූලිකයා. මිනිස්සුන්ගේ තියෙන අතෘප්තිකර ගතිය නැතිවෙලා යාවි. දැන් ලංකාවෙ මිනිස්සු ඉන්නෙ කිසිම විදියක තෘප්තියකින් නෙමෙයි. අපිට ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් එකක් හදලා රාජාන්ඩුවක් ගන්න පුලුවන් නම්..ඊට වඩා වැදගත් වෙනසක් ගැන මට නම් හිතාගන්නවත් බැහැ. රජතුමා ට කිසි ඇටෑක් එකක් නැහැ. විපක්සෙට උත්තර දෙන්න ඕනි නැහැ.සියලු අධිකරන බලය රජතුමාට. මිනිස්සු බලාගෙන ඉඳීවි රජතුමා වඩිනකල්. 


ප්‍රජාතන්ත්‍රවාදය කියන මෙව්වා එක ලංකාවෙ තියන විදිය අනුව හැමදාම පරාජිතයො ටිකක් ඉතිරි වෙනවා. නමුත් රාජ ආන්ඩුවක් තියෙනකොට පරාජිතයින් කියලා ජාතියක් නැහැ. බොහොම පැහැදිලියි. පියාගෙන් ලොකු පුතාට..ලොකු පුතා නැත්තං වැඩිමල් සහෝදරයට. මිලියන සිය ගනන් දීලා පෙට්ටි උස්සං ගිහිං චන්ද තියන්න ඕනි නැහැ. ඉබේම තැන ලැබෙනවා.

11 comments:

  1. Niyamai...Niyamai..ela post eka.
    Jayawewa.

    ReplyDelete
  2. අලිතින් ගේන්න දෙයක් නෑ.. දැන් තියෙන්නේ රාජාන්ඩුවක් තමයි...

    ReplyDelete
  3. මොන මලඉලව්ව කරන්නත් කලින් මිනිස්සුන්ගේ ආකල්ප එක තැනකට ගන්න ඔන. මහා ලොකු දේශනා දුන්නට පුද්කලිකත්වය තුළ හැම කෙනාම බලන්නේ තමන්ගේ වාසිය.. මේ මගේ රට යන හැගුම අප හැම අතින් ගිලිහිලා තියෙන්නේ දැන්...අඩුම තරමින් පෝලිමක ඉන්නත් අපි අකමැතියිනේ දන්න එකෙක් අල්ලං පිටින් වැඩේකරගන්නනේ බලන්නේ...

    ReplyDelete
    Replies
    1. මේක නම් ඇත්ත.ආකල්ප වෙනස් වෙන්නේ නැතුව මොනවා වෙනස් කලත් හරි ය එන්නේ නෑ.වෙනස් කරන්නත් බෑනේ.දැන් පහුගිය ටිකේ දැක්කනේ විදුලි බිල වැඩි කල එක හොදයි කියන්නත් පෙළපාලි ගිය හැටි.තව මොනවද???

      Delete
  4. නෝ ටෝක්ස්... නවසීලන්ත කතාවම තමයි හරි..

    ReplyDelete
  5. අපේ ගමේ නං පට්ටි හරකෙකුටයි, එළදෙනෙකුයි හිටි පලියටම එළදෙනට කිරි එන්නේ නෑ.

    එළදෙන බඩවෙලා, වහුපැටියා ඉපදෙන්න ඕනෑ. ඊට පස්සෙයි කිරි එරෙන්නේ.

    මේ හම්බන්තොට සීන් එක වෙනස් වගේ!

    ReplyDelete
    Replies
    1. දැන් මෙතන එලදෙනයි හරකයි සෙක්ස් කරන සීන් එකක් දාල....ඉන් පස්සෙ කිරි දොවන එකත් දාලම පැහැදිලි කරානම් හරි නේ....

      කන්න බොන්න දීල ඒ සී කාමරයකුත් හදල ඩබල ඒක අස්සට දැම්මම....ආයෙ උන්ට වැල ෆිල්්ම පෙන්වන්න ඕනි වෙන එකක් නැහැ මං හිතන්නෙ..

      Delete
  6. ලංකාවේ මිනිස්සුන්ට මෙයිට වඩා දේශපාලනය ගැන දැනුමක් දෙනවනං මෙයිට වඩා සුළු හෝ වෙනසක් දකින්ඩ පුළුවං වෙයි.ජවිපෙත් එක්ක ඇයි හොඳයියක් මගේ නැති උනත් උන් උංගේ පක්ෂේ උන්ට දේශපාලනය උගන්නනවා.උංගේ කෝණයෙන් උනත් දේශපාලන දැනුමනේ.....

    ReplyDelete