Sunday, May 5, 2013

ජාති‍යේ මහා ලොකු බැංකු (Our Nations Great Banks)


පුරාණ බැංකුවක් නොවේ....
ආයතනයේ අලුත් පරිඝනක ගත පද්ධතියක් ස්ථාපනය කරලා. ඒ මගින් තමයි අපේ අතිකාල දීමනා සහ වැටුප් ආදිය ගෙවෙන්නෙ. ලොකු තැන් වල අනුමැතිය ගන්නෙත් මේ පද්ධතිය හරහාමයි. ඉස්සර වගේ කොළ අරගෙන අතන මෙතන යන්න ඕනි නැහැ කියල තමයි මහත්වරු කිව්වෙ. ඒත් ඒ පද්ධතිය ආවට පස්සෙ මටත් මගේ යාලුවොන්ටත් නියම පරිදි වැටුප් ලැබුනෙ නැහැ. ඒ ඒ ලොකු මහත්වරුන්ට ඔබන්න ටික් කරන්න අමතක වුනාම අපෙ අතිකාල දීමනා වල කොටස් අඩුවෙනවා.

ඉතිං සමහර වෙලාවට මේන් මේ ගාන ඔහේට දැන් ගෙවිලා කියලා පද්ධතියෙ පෙන්නුම් කලත් බැංකුවට ගිහිං බැලුවම තියෙන්නෙ පුරුදු ගානමයි. එතකොට අපි විසින් ඒක පැමිනිලි කරලා පලෝ කරලා පඩි ටික දාගන්න ඕනි..

ඒ නිසා මම තීරණය කලා පොතෙන් සල්ලි ගන්න. එතකොට පොතට කොයි තරං සල්ලි වැටිලා තියෙද මගේ ලෝං වලට කොයිතරං කැපිල තියෙද? මේ අපේ පඩි ගැන පද්ධති වල තියෙන ගානම බැර වෙලා තියෙද කියලා බලාගන්න පුලුවනි.

මං සාමාන්‍ය යෙන් පොතෙන් සල්ලි ගන්න යන්නෙ නැහැ. මොකද මගේ අස්සන හැමදාම වරදිනවා. එහෙම වැරදුනාම බැංකුවල ඉන්න ගෑනු මගේ දිහා බලන්නෙ හොරෙක් දිහා බලනවා වගේ. කන්නාඩි දාපු මැදිවයසෙ අංකලෙක් ඇවිල්ලා කන්නාඩියට උඩින් මගෙ දිහා බලනවා. යකෝ මගේ එකවුන්ට් එක මගේ කියලා අදුනගන්න බැරි එක මගේ වැරැද්දක්ද? අනේ මන්දා.

මං සතියකට සමහර කාලවල අස්සන් දෙතුන් සීය ගහනවා. මොකද කන්තෝරු රාජකාරි වලදි අස්සන් ගැහිල්ල තාම ජයට යන නිසා. ඉතිං සදුදා ගහන අස්සන සිකුරාද වෙනකොට වෙනස් වෙනවා පොඩියක්. ඉතිං මාස ගානක් ගියාම ටිකක් අස්සන වෙනස් වෙනවා. බැංකු වල තියෙන බංකු ආදිය එක එක උස...අස්සන ටෙස් කරන තැනදි අපි අස්සන ගහන උසේදි නෙමෙයි සල්ලි ගන්න තැනදි අස්සන ගහන්න තියෙන්නෙ. මේක විහිලු කතාවක් විදියට පේන්න පුුලවන් කෙනෙකුට..ඒත් එක එක උස වලදි ගහන අස්සන් වල ස්වභාවය වෙනස් වෙනවා කියලා මට දැනිලා තියෙනවා.

ඉතිං සල්ලි ගන්න බැංකු පොත අරං ගියාම සල්ලි ගන්න ස්ලිප් එකේ තැන් තුනක් අස්සන් කරන්න ඕනි...මට මතකත් නැහැ කලිං ගැහුවෙ දිග අස්සනද කොට අස්සනද පලල් එකද කියලා.මේ පාර කොට එක ගැහුවා. ඒ කැසියර් කෙල්ල මහත්තයා ගාවට ගියේ මොන්ටිසෝරි පන්තියෙදි කෙල්ලන්ගෙ පුක මිරිකුවාම දුවල ගිහින් ටීචට කියන්න යනවා වගේ. ලොකු මහත්තයා ආවා.මම කලින්ම අත්සනගහපු එකවුන්ට් එක ඕපන් කරපු සාකාවටම ගිහින් සල්ලි ගන්න කිව්වා. ඉතිං මං බොහොම සංවර විදියට හිනාවෙලා බැංකුවෙන් එලියට බැහැලා අනික් සාකාවට ගිහින් පැය බාගයක් විතර පෝලිමෙ ඉදලා..හරි අස්සන විය හැකියැයි කියන එක හොදට හිතලා ගැහුවා..

සල්ලි ලැබුනා. මට හරි සන්තෝසයි. මං වචනයක් වත් කාටවත් කිව්වෙ නැහැ. බැංකුවට බැන්නෙ නැහැ. බනින ටික මං ඉන්ටනෙට් එකේ පෝස්ට් දාන්න ඉතුරු කරගත්තා. මොකද අපි සයිබර් කාඩ්බෝඩ් විරයොනේ..අපේ අනන්‍යතාවය අපි ඉතිරි කරගන්න ඕනි. නැත්තං එතනම බැනලා කරදර කරන්න ගියාම අපි නාට්ටාමිලා ගානට වැටෙනවා.

ඉස්සර කාලෙ කණ අස්සන කියලා එකක් තිබුනාලු..ඒකෙදි කරන්නෙ ඇගිලි සලකුන අස්සන් කරන්න ඕනි තැන තියන එකලු. ඒහෙම තිබුනනං කොයි තරං නම් ලේසිද? අස්සන් ගහන්න හිතන්න ඕනි නැහැ. ගිනුම් අංකෙයි, ඕනි සල්ලි ගානයි ඇගිලි සලකුනයි විතරයි තියන්න ඕනි. නම ගම විස්තර ගිනුම් අංකයෙනුයි ඇගිලි සලකුනෙනුයි සර්ච් කරලා ගන්න පුලුවන් නේ. එතකොට අපේ අකුරු දන්නෙ නැති නැන්දලා මාමලාට අයියලා අක්කලාටත් ලේසියෙන්ම සල්ලි ගන්න පුලුවන්.

අස්සන නං හොරාට වුනත් ගහත හැකි. මං දන්න ලොක්කෙක් ඉන්නවා තැනක. එතන ඉන්න පියන් උන්නැහැ සෝක් එකට බොසාගෙ අස්සන ගහනවා. හොයන්න හරිම අමාරුයි.අපි නිතර දෙවේලෙ දකින අත්සනක් තියෙන මහත්තයෙක් ගමු. ඒ මහත්තයා බැංකුවෙ වැඩට පාවිච්චි කොරන්නෙත් ඒ අස්සනමයි. ඉතිං ඒ වගේ වෙලාවට අපිට අස්සන පැක්ටිස් වෙලා වෙලා ගිහින් මහත්තයාගේ එකවුන්ට් එකේ සල්ලි ගන්න ඇහිකි නේ. මොකෝ අස්සන තියාල අනික් අස්සනත් තියාල ඉස්කැන් කොරලා බලන්නෙ නැහැනේ. බැලු බැල්මට හරි නං එච්චරයි. අයිඩන්ටි කාඩ් හදන තැන් නං ඉතිං කොයි තරං නං සුලබද මේ කාලෙ ...


මේ වගේ වෙලාවට අර ඇගිලි සලකුනු ක්‍රමය එනවනම් පංකාදු පහයි. බැංකුවටත් අපිටත් ලේසියි. මං කලින් කිව්ව කණ අස්සන ක්‍රෙම් නැත්තං පොස් විදියට පිංගර් ස්කෑනර් තියන්න පුලුවන් කවුන්ටර් වල. එතකොට අපිට හිටගෙන නිදාගෙන නෙමෙයි පෙරලීගෙන අත පය කඩාගෙන ආවත් අර ඇගිල්ල චුට්ටක් මැසිමට තියලා සල්ලි ගන් ඇහැකි. අමාරු ලෙඩෙක් වගේ ඉන්නවා නං පෝටබල් මැසිමක් ගෙනියලා ලෙඩාගෙ ඇගිලි සලකුනු අරං ලග ඉන්න නෑයොන්ටත් ලෙඩාගේ එකවුන්ට් වල සල්ලි ගත හැකි එතකොට. කොයි තරං ලේසිද?
බැංකුවකට අදාල නොවන ගල් කණුවක්..
අකුරු දන්නෙ නැති නැන්දිලා මාමලා අයියලා ඉන්නවා කියලා ගොඩක් අය දන්නෙ නැහැ. ලංකාවෙ සාක්සරතාවය මෙච්චරයි කියලා කියනවා. ඒත් සාක්සරතාවය මනින්න බුවෙක් මගේ උපන්තෙකට අපෙ ගෙදරට බෝඩිමට ඇවිල්ලා නැහැ. මගේ යාලු මිත්‍රෙයන්ටත් එහෙම සාක්සරතා පරීක්ෂකයෙක් ආවද කියලා මතකයක් නැහැලු. අකුරු දන්නවද කියලා නං අහනවා සංගනනන වලදි. යකෝ එහෙම අහනකොට කවුද නොදන්නවා කියන්නෙ. ඉලක්කං දන්නවා වුනත් අකුරු සාස්තරේ දන්නෙ නැති අයට ඒ ටී එම් මැසිම හොද තැනක්. ඒත් මට වගේ සල්ලි කොච්චර තියෙද ලෝන් වලට කොච්චර කැපෙනවද කියලා බලාගන්න ඕනි මිනිහෙක් ඒ වෙලාවෙදි අසරණ වෙනවා.

එහෙමත් තැනක සාර්ථක බැංකු මැනේජර් මහත්තුරු ඉන්නවා. ඒ අය මිනිස්සුන්ගේ ඇදුම අමුඩෙ දිහා බලන්නෙ නැතුව සලකනවා. ඒඅයට නම මල් මිටියක් නෙමෙයි බොකියක් දුන්නත් වැඩි වෙන්නෙ නැහැ. නමුත් සමස්ථ ලංකාවෙ බැංකු පද්ධතියම තියෙන්නෙ දුප්පත් සාමාන්‍ය ජනතාව බයකරන මුහුනතකින්. සුහද බව තියෙන්නෙ ලේබල් වල විතරයි.

අප්‍රිකාවෙ ඉන්න සිංහල බ්ලොගර් කෙනෙක් ඉන්නවා. මිනිහා කියලා තිබුනා එයා ඉන්න අප්‍රිකානු රටේ ඒටී එම් මැසිමක් ලග තියෙන්නෙ හෙන දිග පෝලිමක්ලු. එක තැනකින් සල්ලි ගන්න පෝලිමෙ ඉන්නකොට එකපාර සල්ලි නැතිවෙනවාලු.. ඊලග මැසිම හොයාගන්න ගොඩක් දුර යන්න ඕනිලු. ඒ වගේම ඒ පරණ මැසින් වල කාඩ් බොහොම ඉක්මන්ට හිර වෙනවාත් එක්කලු.

ඉතිං අප්‍රිකාවෙ ඒ රටවලත් ලංකාවෙ වගේම බොහොම හොඳ විදේස උපාදි ගහපු අය ඇති. එහෙත් හොඳ මැනේජ්මන්ට් කොස් අනං මනං ගොඩක් තියෙන නමේ අකුරු ගාන්ටත් වැඩිය දිග සුදුසුකං තොගයක් තියෙන මහත්තුරු බැංකුවල ඇති . ඒත් වැඩ සිද්ද වෙන්නෙ අර විදියට.

ඒ අතිං අපි බංගලාදේසෙට අප්‍රිකාවට වඩා හොදයි කියලා සතුටු වෙන්න ඕනි. ඒගැන ආඩම්බර වෙලා සිංහයාගේ ලෝම ගැන ආඩම්බර වෙන්න ඕනි. ජයවේවා.

13 comments:

  1. හික් හික්..ඔය කියල තියෙන්නේ ජාතියේ මහා පහන ටැඹ ගැන වෙන්ටැ.. ගණන් ගන්නෙපා ඔහොම තමයි.. :) මේක ලංකාවනේ..

    ReplyDelete
  2. මාත් බැංකු පොතෙන් සල්ලි ගත්තා පොඩි කාලේ නං!

    ReplyDelete
  3. අනික බැංකුවෙ වැඩකරන ගෑනු හිතං ඉන්නෙ අපි උන්ගෙ සල්ලි ගන්න එනව කියල

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත....

      Delete
  4. වැඩක් නැහැ කියලා ගියොත් එන්නේ බැනලා

    ReplyDelete
  5. බෑන්ක් ගැන කියලා තියන නිසා නොකියා බැ..... මොකද ඔය ඇගිල්ල දික් කරන්නේ මමත් ගොඩාක් ආදරය කරන මම වැඩ කරන තැන හෝ ඒ වගේ තැනකට නිසා ...

    සාමාන්යෙන් ගනුදෙනු කාරයෙක් විදිහට අත්සන වරදින එක නිතර වෙන්න පුළුවන් දෙයක්..කෙටි අත්සන් දිග අත්සන් බාවිතා කරනවානම්... හැබැයි ඒ වෙලාවට අපි නම් තව අත්සන් කරන විදිහක් තියනවද කියන එක ගැන අහලා බලනවා...

    අනිත් එක එහෙම අත්සන හරි වෙන මොනවා හරි බලන්නේ ඒ සල්ලි වල නියම අය්තිකාරයාම ඒ සල්ලි ගන්නවද කියලා බලන්න මිසක වෙන අරමුණකින් නම් නෙමේ

    අමිලට පොඩි දෙයක් කරන්න පුළුවන්.... අමිල ඒ ටි එම් යුස්‌ කරනවා කියලා කිවනේ.... මම හිතන්නේ නැ අමිල එක පාරක් සල්ලි ගත්තට පස්සේ තව 10 පාරක් පොතට සල්ලි වැටෙන කන් සල්ලි නොගෙන ඉන්නවා කියලා... ඉතින් ඒ නිසා අමිලට පුළුවන්නේ ඒ ටි එම් ඒකෙන සල්ලි ගන්නකොට මිනි ස්ටේට්මන්ට් ( ආපස්සට ට්‍රාන්සක්ෂන් 10ක ) ගිණුම ප්‍රකාශනයක් ඒ ටි එම් එකෙන්ම ගන්න.... එතකොට කැපුන ගණන කැපෙන්න තියන ගණන ඔක්කොම බලාගන්න පුළුවන්...

    ඊටත් වඩා දෙයක් කරන්න පුළුවන් කම තියාගෙන බෑන්ක් එකකට බනින එක අසාධාරණයි....
    ලංකා බැංකුවේ නම් එකවුන්ට් එක තියෙන්නේ කිසිම අමතර වියදමක් නැතුව ඔයාටඊ බෑන්ක් වලට රෙජිස්ටර් උනා නම් ඔයාගේ එකවුන්ට් ගැන ලෝන් ගැන විස්තර ඔයාට ඕන වෙලාවක ඕන තැනක ඉදන් බලා ගන්න පුළුවන්නේ...

    ලොකු අවුලක් තිබුනොත් මොකද වෙලා තියෙන්නේ කියලා හොයා ගන්න බැරි උනොත් වැඩ කරන වෙලාවක නම් අර සමහර බ්ලොග් ලියන අය වගේ පුංචි කෝල් එකක් දුන්නොත් උත්තරයක් දෙන්න බැරි නැ එකවුන්ට් එක BOC නම් (ඔයාගේ එකවුන්ට් එක ගැන හොදේ )

    ReplyDelete
    Replies
    1. ස්ටේට්මන්ට් තියා මහජන බැංකුවෙ නං සල්ලි ගත්තෙ කොච්චරද කියන කොල කෑල්ලවත් ගන්න බෑ බං. එක්කෝ කොල ඉවර ඇති, නැත්තං තීන්ත ඉවර ඇති.

      Delete
    2. මගේ පොත පින්ට් කරන්න යනකොට එයා කිව්වා කොළ ගානක් ගන්න තියනවා අවසාන එක විතරක් පින්ට් කරලා දෙන්නද කියලා...
      මම කිව්වා මට ඕනි ගිය මාසෙ ඇතුලත වෙච්චි ඒවා කියලා..
      එතකොට එයා කියනවා එහෙම බැහැ ඔයාට එහෙනම් ඔක්කොම ගන්න වෙයි කියලා..ලොකු සෙනගක් ඉන්න වෙලාවක විනාඩි පහක් හයක් විතර නාස්ති වුනා පොත පින්ට් කරන්න..
      මට ඕනි පසුගිය සතිය පසුගිය මාසෙ වුන ගනුදෙනු නම් ඒක සෝර්ට් කරලා ගන්න තරම් සිස්ටම් එක මෙව්වා නැහැ කියලයි මට හිතුනෙ...
      සාමාන්‍යෙයන් ඒටී එම් එකකින් සල්ලි ගනිද්දි ලයින් දෙකක් කැපෙනවා...පොතේ..
      බැංකු පොත මාස තුනෙන් තුනට අලුත් කරන්න වෙනවා...බැංකු පොතේ තියෙන්නෙ කොළ හයයි...ඒක ඊට වැඩිය වදයක්...

      Delete
    3. අනිත් බෑන්ක් ගැන දන්නේ නැති නිසා ඒවගේ කොහොමද දන්නේ නම් නැ... එත් ලංකා බැංකුවේ නම් ඔයාට ඕනේ අන්තිම ටික විතරක් නම් අන්තිම 10 ප්‍රින්ට් කරගන්න පුළුවන්.... ඊ ට වඩා ඕනේ නම් ඉතින් ඔක්කොම ප්‍රින්ට් කරන්න වෙනවා තමයි...

      Delete
  6. උඹේ පිංතූර තෝරාගැනීම මරු!

    ReplyDelete
  7. my wife is working there, i hate it, she always late. :(

    ReplyDelete
  8. අත්සන පරික්ෂා කරද්දි අත්සන වැරදි කියලා ආයිමත් අත්සන ගහන්න කීවම මූනු නරක් කරගන්න බොහෝදෙනා නොහිතන දෙයක් තියෙනවා අත්සන වැරදියට තියෙද්දිත් සල්ලි ගන්න දුන්නොත් වෙනත් කෙනෙක් පොත හොරකම් කරගෙන අත්සනක් ගහගෙන ආවත් සල්ලි දෙන්න වෙනවා කියන එක. තවත් දෙයක් බොහෝවිට අපි දැකලා තියෙනවා එකම අංකයෙන් යුත් හැඳුනුම්පත් දෙක බැගින් භාවිතා වෙනවා. මේ වගේ අවස්ථාවලදි ඒක සැබෑ ගනුදෙනුකරුට අත්සන් කීපයක් ගහන්න වෙන එක හිරිහැරයක් වුනත් ඒක තමන්ගෙම ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක්. එක බැංකුවකටවත් මෙතැනදි වරදක් කියන්න විදියක් නෑ. මොකද බැංකු වල තැන්පත් කරන මුදල් නියම හිමිකරුටම ලබා දීම බැංකුවල වගකීමක්.. අත්සන වෙනස්නම් නව අත්සන බැංකුවට දන්වා වෙනස් කරන්න පුලුවනි.
    දැන් අපි කවුන්ටර්වල අලුතින් අත්හදාබලන ප්‍රින්ටර්වලට පිටුගනනාවක් විනාඩියක කාලය තුලදි ප්‍රින්ට් කරන්න පුලුවනි. මෙහෙම කියන්නෙ අපි දවස අවසන ගන්න ප්‍රින්ට් එකක එක පිටුවක් ප්‍රින්ට් වෙන්න පරන ප්‍රින්ටර්වලදි විනාඩි 3ක් පමණ ගතවුනත් දැන් තත්පර 20 දි පමන පිටුවක් ප්‍රින්ට් වෙන නිසා..
    +94 11 220 4444 හරහා පැය 24ම boc call center අමතන්න පුලුවනි. එහිදී වුනත් අනන්‍යතාව හඳුනාගන්න අපි විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඒ සේරම කරන්නෙ ජනතාවගේ මුදල්වල ආරක්ෂාව සඳහායි..

    ReplyDelete
  9. ithaama durlaba benkuwala nowana photo tikak,supiri.

    ReplyDelete