Sunday, June 2, 2013

සුන්දර කබරයා

සුමති උඹට ඒකට තරහ ගියෙ නැත්තෙ ඇයි? උඹ හිත ටිකක් වෙනස්. ඇයි ඒ කියලා මම දන්නෙ නැහැ. නමුත් උඹ ළඟින් වත් යන එකෙක් මට මීට කලිං හමු වෙලා නැහැ.

උඹ අහන්නෙ නැහැ මම ඇයි උඹේ ගෑනි එක්ක බුදිය ගත්තෙ කියලා..
 

සුමති :- " මචං මම උඹට ගරු කරනවා.උඹ එක්ක වැඩකරපු කාලෙ උඹ කෙලින් මිනිහෙක්.පාවාදීම් නැති චරිතයක්.. ගෑනු එක්ක බුදියගත්ත කියලා ඒ චරිතෙ තිබුන සාධනීය ලක්ෂන නැතිවෙන්නෙ නැහැ මචං. මෙතන අවුලක් තියෙනවා. උඹ නිදාගත්ත වාසනා කලංසුරිය කියනනෙ මගෙ පවුල. අපිට ලමයි දෙන්නෙක් ඉන්නවා. කෑල්ල සෙල්ලක්කාර වුනාට උඹට කලිං කවුරුවත් එක්ක ගිහින් නැහැ... මට හිතාගන්න බැහැ මොකද වුනේ කියලා.. සෙක්ස් විස්තර කරන්න කාටවත් බැහැ. උඹ ව තේරුම් ගන්නත් මෙලෝ යකකුට බැහැ. ගොඩක් උන් විප්ලව කලේ තමුංට..ඒත් උඹ එක්ක ඒ හිටපු කාලෙදි උඹ පෙනීසිටියෙ සමාජය වෙනුවෙන්. දැන් රැවුල සුදුවෙලා ටිකක් වියපත් වෙලා තිබුනත් උඹේ ඒ විප්ලවීය ජිවිතය හරිම ආනන්දජනකයි. එදා හිටපු ගොඩක් උන් උඹව තාමත් සලකනවා. "

වාසනා කලංසූරිය ටිකක් මහත සුදු කෑල්ලක්. ඒකිගේ මිනිහා තමයි මට මේ ටෝක දුන්නෙ. මිනිහා මගේ පරන බොක්කක්. ඒ යකා සුමතිරත්න. සුමතිරත්න ඇවිල්ලා එච්චර චරිතයක් නෙමෙයි. ඒත් සුමතිරත්නට තාම අපේ පක්ෂවල තිබුන කතා විලාශය පිහිටා තියෙනවා. අද වෙනකොට ගරාවැටිච්ච තැනක අරක්කු බොනකෙොට පට්ට ගහනවා ඇරෙන්න විප්ලවයක් කියන්නෙ අපිට දිරවන දෙයක් නෙමෙයි. ඉස්සර විප්ලව කතා අස්සෙ බඩු, සල්ලි, කාර් , ඉඩම්, ගෑනු ගැන කතාවුනේ නැහැ.නමුත් කාලීනව හැම දේම වෙනස් වෙලා. දැන් විප්ලවය කියන්නෙ අපේ දේපල ඔක්කොම අපි ලඟ තියාගෙන කරන්න ඕනි සුන්දර දෙයක්. අනේ හුකේ බොලා කරන විපලවේ.. මට එහෙම කියන්න හිතුන ගොඩක් වෙලාවට ..ඒත් ඒක කිව්වෙ නැහැ. මොකද තනියම බොනවට වඩා මුංගේ ජෝක් අහන එක ආතල් නිසා..

මචං මං වාසනාට මහා ආතල් එකක් දුන්නෙ නැහැ. අර ඇමරිකන් වැලක වගේ බුදු අම්මෝ පුක කියලා කෑ ගැස්සෙන්න මොකුත් වුනේත් නැහැ. කොටින්ම ඒ ගෑනි මැරිලා වගේ හිටියා හුම් හුම් ගගා මම ඔහේ කරන්න ඕනි ටික කලා.. ඒකෙ මහ ලොකු ආතල් එකක් නැහැ. මෙහෙම කිව්වෙ උඹ හිතනවා ඇති සුමති උඹේ ගෑනි උඹට දුන්නෙ නැති ආතල් එකක් මට දෙන්න ඇති කියලා. නැහැ මචං එහෙම එකක් නැහැ..

දැන් මට උඹට වගේ ලොකු දේවල් නැහැ. සමහර විට සුමති දැන් උඹට ලොකු රස්සාවක්.. ලොකු ගෙයක් ලොකු ගානක කාර් එකක් හෝ ඒ ආසන්න දේවල් ටිකක් ඇති. උඹ සහ පවුල ඒ දේවල් විඳිනවා ඇති. ඒත් මම තාම එතනමයි. හරියට බෝඩ් එකෙන් වැටිලා නැතිවුන කැරම් ඉත්තෙක් වගේ. මාව හොයාගන්න නැහැ. මම වලට වැටුනෙත් නැහැ. මම කොහේ හරි තැනක අතරමං වෙලා. මටවත් හිතාගන්න බැහැ.

ගෑනු එක්ක බුදියගන්න එක මගේ විනෝදාංශය. ගෑනු දන්නවා ඒක මගේ විනෝදාංශය කියලා.. මම ඒකෙන් තෘප්තියක් ලබනවා නමුත් මගේ සුරතාන්තය ඒ කිව්වෙ මම ලබන උපරිම සතුට සෙක්ස් නෙමෙයි. මම හරි ආසයි බැඳපු ගෑනු කොල්ලො එක්ක යාලුවෙච්චි කෙල්ලො එක්ක සෙක්ස් කරන්න. ඒ ගෑනු රූම් එකකට එක්කරං යන්න පොඩි පොඩි ගේම්ස් ටිකක්දාන්න ඕනි.. ඔය අතර ගෑනි තමුංගේ සැමියාට පෙම්වතාට බොරු ටිකක් කියන්න ඕනි..

බොරු කියලා සැමියාව පෙම්වතාව අන්දන තැන තමයි මම ආසම තැන. සමහර විට මේ වැඩේ කොර කොර ඉන්න ගමනුත් ගෑනු කියනවා..අද ෂොපින් ආවට හරි සෙනග බබා.. අද පොඩ්ඩක් පරක්කු වෙයි..මට තව නිශාලයි ගෙවල් දිහා යන්නත් තියනවා කියනවා..

නැත්තං අද බබා එක්කරං එන්න තියෙන නිසා මම පෝඩ්ඩක් මේ හවුස් ඕප පැෂන් එක පැත්තට යන්නත් එක්ක ආවා.. ඔයා තාම ඔපිස් නේද?"

ඔන්න ඔය වගේ ගෑනු මිනිහට බොරු කියලා එනවා ඇවිත් තව බොරු කියනවා..

සමහර විට මගේ නම්බර් එක අල්ලෙගන උන් පොලිසි යනවා. මට ගහන්න සෙට් වෙනවා.. බඩු ගැහිල්ල වගේ සුන්දර නැහැ හැම දේම.. සමහර දවසක ඩෝප් කාරයො මම එනකල් බස් හෝල්ට් ගානෙ බලාගෙන ඉන්නවා. උඹ දන්නවානේ පත්තර රස්සාවල හැටි..වෙලාවක් නැහැ. ඒ නිසා උන්ට මාව අල්ලගන්න බැරිවනෙවා.. ගුටිකාපු තැන් හත අටකුත් තියේ. ඒත් මාව දැක්කම උන්ටත් දුක හිතෙනවා ඇති.. වැඩිය ඉතිං තුවාල හෙම නැහැ.. තඩි ගහලා පුකට පයිං ගහලා යනවා.. ගුටිකන කොට සැරට කෑව වගේ ඇක්ට් කරන්න ඕනි.. පාරක් ගහනකොටම දෝයි ගාල පාර මැද ඇදං වැටෙන්න ඕනි..

ඔය වැඩේ මම ඉගනගත්තෙ පුට්බෝල් රගර් මැච් වලිං.. උන් පොඩි සොට් එකක් වැරදි තැනකට වැදුනම දෝයි ගාල ඇදං වැටෙනවා මොකද එතකොට අනික් පිලේ උන්ට කාඩ් වැටෙනවා නේ..මේකෙදි නං මම වැටෙන්නෙ ගුටි ප්‍රමාණය අඩු කරගන්න..

එනිවේ..ඒ මිනිස්සු මාව පෝන් වලින් හොයනකොට..මාව තැන් තැන් ව හොයාල  මට ගහන්න එනකොට මට එන සතුට අර ගෑනි එක්ක බුදියගත්තට වැඩිය ලොකු එකක්. ඒක උඹට තේරෙන්නෙ නැතුව ඇති. උඹ දන්නවා මම කැම්පස් කාලෙත් කෙල්ලො එක්ක නැහැ. ඒත් ඊටත් කලින් මට කෙල්ලෙක් හිටියා.

මේ මට තියෙන්නෙ මානසික කේස් එකක්.. මගේ පලවෙනි ආදරය විසින් ඇතිකල ව්‍යාධියක්.. ඒක හරිම දරුණුයි මචං.. මේක වැරදි දෙයක් කියලා දන්නවා ඒත් නැතිකරගන්න ලොකු උවමනාවක් නැහැ..

කොස් පොත්තක්

ඒ කෙල්ල හැමතිස්සෙම කතා කලේ අනුන් ගැන. මම ගැන නෙමෙයි. අවසානෙ ලස්සන උස මහත කොල්ලෙක් එක්ක ගියා. ඌත් එක්ක යන්න ඕනි වෙලා මේකි මට බොරු තොගයක් කිව්වා. මට මේකි අවසානයට සෙට් වෙනකොට උන් දෙන්නා අත් අල්ලෙගන අඹරවගෙන කිස් කර කර හිටියා බීච් එකේ. ඒත් මම ලව් කරපු කාලෙ ඒ කෙල්ල මට අඩු තරමෙ ඇඟිල්ලකින් වත් අල්ලන්න දුන්නෙ නැහැ..

හරිම මල් වට්ටියක් වගේ ලව් එකක්. අපි අතර තිබුනෙ. නමුත් අනික් පෙම්වතා හමුවෙලා බොහොම සුලු කාලෙකින් රූම් එකකට පවා යන්න ඇති. ඒක ලෝකස්වභාවය. එදා ඉඳලා මට ඕනි වුනේ දෙවනි පාර ගිහින් සිල් ගන්න ගමරාලගේ සිල්ගත්ත ක්‍රමය.. ඒ කිව්වෙ දෙවනි පාර අනියම් පෙම්වතා වෙන හීනය. මම අනියම් පෙම්වතා වෙනකොට නියම පෙම්වතා විඳින දුක තමයි මට ලැබෙන ආාතල් එක.. නියම පෙම්වතා අනියම් එකට වෛර කරනවා. එතකොට ඌ හිතන්නෙම අර අනියම් එකාගේ වැරදි..

මට අර මගේ පලවෙනි ලව් එකේ සොක් එකෙන් මිදෙන්න අමාරු වුනා. අත් අල්ලගෙන ආදරෙන් යන කපල් දකින හැම වතාවකම මට හිතුනෙ මම මහා දරුණු පරාජිතයෙක් කියලා. අලි අතර පයිට් එකක් යනවලු අලි ගෑනු බෙදාගන්න බැරුව. ඒකෙදි පරාද වෙන අලිය බොහොම සැරලු...

සමහර විට උඹලා ඔය කියන මගේ තිබුනා කියන විප්ලවීය ගුනාංග වලට හේතුවත් අර තනි අලි තියරිය වෙන්න ඇති. මිනිස්සුන්ට නිසියාකාරයෙන් විනෝදය ලබාගන්න බැරිවුනාම ඒ මිනිස්සු එක එක දේවල් කරනවා..ඒ කාලෙ මම පොලිටික්ස් බොක්කෙන්ම කලේ ඒ නිසා වෙන් පුලුවනි. නෝමල් කොල්ලෙක්ට කෙල්ලෙක් නිසා මෙච්චර වෙනස් වෙන්න බැරිවෙනවා මොකද උන් කෙල්ලගෙන් පස්සෙ හොයාගන්නව තව කෙල්ලෙක්.. නමුත් මම හොයාගත්තෙ ගෑනු... සමහර විට බැඳපු නැත්තං බඳින්න ඉන්න ගෑනු. ඉතිං මට තියෙන්නෙ සුලු වැඩයි. නමුත් ඒ සුලු රාජකාරියෙන් මම පුදුම විනෝදයක් ලබනවා..

පෝන් ඩයිවර්ට් කරගෙන, යන එන තැන් හොයල ඔපිස් ඇරුනම වාහනෙන් ගිහින් ඇරලවන ගෑනු මම ඇදලා තියෙනවා.. ඒ වගේම ක්ලාස් යන හැම දවසකම මුර කරගෙන යන පෙම්වතා එක්ක යන පොඩි කෑලිත් ඇදල තියෙනවා.. ඒක මෙහෙමයි කියන්න බැරි තරම් ජඩ මිනිහෙක් මම.. ඒත් මචං ඒ ගොඩක් අය කැමැත්තෙන්..අකමැත්ත තිබුනෙ ඉතාම සුලු පිරිසකගේ විතරයි..

ඉස්සර අපි රතු පක්ෂ වල වැඩ කරද්දි අපි පස්සෙන් ආපු සමහර උන් උඹට මතක ඇති..මස් සුවඳ ඉව වැටුනාම බල්ලො පස්සෙන් වැටෙන්න වගේ අපේ පස්සෙන් අපි හිතන්නෙ නැති උනුත් ආවා.. උන් මාකට ආවද කියන්න අපිවත් දැනං හිටියෙ නැහැ. සමහර උන්ට අපි කියන්නෙ කරන්නෙ මොනවද කියලාත් වැටහුනේ නැහැ. මේ බඩු කෙරුවාවත් හෙමයි..බඩු එක දෙකක් ඇදගෙන අපි ටිකක් හිට් වුනාම බඩු නිකං කාන්දමට ඇදෙන ස්ටේපර් පින්ස් වගේ අපි එක්ක ටිකටික සෙට් වෙනවා..

අපි කියන්නෙ මෙතන ඉස්සර උඹ අපි කරපු විප්ලව සෙට් එක නෙමයි..බඩු කාරයා ගැන තමයි අපි කිව්වෙ. සමහර ගෑනුන්ගෙන් බේරෙන්න බැරි වෙලාවල් තියෙනවා.. ටිකක් අමාරු ගේමක්..ඒත් ඇදගෙන යනවා.. සමහර ගෑනුත් කැමති නැහැ අනියම් පෙම්වතාට අනියම් සම්බන්ධතා තියෙනවාට ..ඒක නිකං අපිට අයිති නැති ඉඩමෙ වෙන උන් මොනවාහරි කරනවාට ඉරිසියා කරනවා වගේ..හරි සංකීර්ණයි..ඒත් උන්ට මට රිදවන්න විදියක් නැහැ.. මගේ අල්ලගන්න තැනක්..නැහැ..උන්ට ඔෆර් එක දෙන්න බැහැ කිව්වොත් මට ගන්න තැන් ගොඩක් තියෙනවා.. ඒ නිසා උන් පවු..

මම උඹව දැනගත්තට උඹෙ ගෑනිව දැනං උන්නෙ නැහැ. සමාව ඉල්ලන්නෙ නැහැ මම. ඒත් මෙතන පොඩි එරර් එකක් තියෙනවා.. උඹට තරහ ගිහින් මට ගහන්න ආවනම් උඹ පෝන් එකෙන් කතාකරලා මට කුනුහබ්බෙන් බැන්න නම් කිසි අවුලක් නැහැ..වැඩේ සම්පූර්ණයි.. නමුත් උඹ ඇවිල්ල නිකං මගේ ගෑනිට උඹ වැඩේ කලා වගේ නේ ටෝක් කලේ..ඒක මට අවුල් වගේ...

වැරැද්දක් කියන්නෙ වැරැද්දක් මචං...ඒකෙ මම අච්චර මෙච්චර හොද මිනිහෙක් වුනාද කියන එක අදාල නැහැ. සමහර විට ඒ හොඳ නිසාම හොඳට වශීවෙන ගැනු මම විසින් අමාරුවෙ දානවා වෙන්න පුලුවන්.. ඒත් කටින් කැරට් අලයක් කනකොට කට දූෂණය වෙනවද නැහැ නේ..කැරට් අලේ දූෂණය වෙනවාද..කැරට් අලේ තියෙන ගුණය අඩු වෙනවාද .. නැහැ නේ..


ඒත් ඒ වගේම පොයින්ට් එකකට බස්සන වැඩේට මිනිස්සු දූෂණය කියනවා..මට හරි හුලස් කතාවක් ..සෙක්ස් තියෙන්නෙ අවයව විදියට නෙමෙයි මනසේ.. මානසික කික් එකක් නැත්තං එතන ආතල් එකක් නැහැ. අපිට පුක කිව්වම මතක් වෙන්නෙ ජරා අදහසක් නමුත් ගල් කාරයෙක්ට පුක ගැන කියනොකට මහ පුදුම ආතල් එක්ක යනවා ඇති. මොකද ඒ යකාගේ විනෝද ගැජට් එක ඒක.. සමහර විට ලෝකෙ ගල් කාරයො ගොඩක් එකතු වෙලා පසු කාලෙක පිකටින්  කරාවි.. අපේ වටිනා පුකට අපහාස නොකරනු කියලා..

.. එකම බාසාව තිබුනත් අපිට හුවමාරු වෙන්නෙ නැති තොරතුරු තියෙනවා. උඹ පවුලක් ඉන්න මිනිහෙක්..මම මැරෙනතාක් ජීවත් වෙන මිනිහෙක්.. බොන එක බඩු අදින එක හැර මට තනන්න ලෝකයක් නැහැ. ලොකු බලාපොරොත්තු නැහැ ජීවත් වෙන්න..

ඉතිං මට ඔය සදාචාරෙ උඹ දකින මිමි වලින් මනින්න බැහැ. එහෙම උඹ මනිනවා නම් ඒක පට්ට අසාධාරනයි.. උඹට සාපෙක්ෂව මම හරිම සැහැල්ලු යි.. ඒ සැහැල්ලුවට මම ආයෙත් සමාජ නීති රාමු දාගන්න ඕනි නැහැ.

මම මේ වචන ටික ලිව්වෙ උඹට මොනවාහරි සාධාරන හේතු ටිකක් හිතාගන්න ඕනි නිසා..ඒ වැඩේ උඹ හිතින් ගොඩදාගනීවි කියලා මම හිතනවා.. ජය වේවා..

14 comments:

  1. අමිල,
    අපි පොතක් ගහමු...


    ජයවේවා!!!

    ReplyDelete
  2. පට්ටයි.වෙන කියන්ඩ දෙයක් නැත.

    ReplyDelete
  3. පිරිමි සංහතියේ උත්තම පුරුෂ ඒක වචනය!!
    sex...!
    ඇත්ත උඹ ඉස්සරහ හලපු එකට සුමතිරත්නට මගෙන් සැලූට් එකක්..!

    ReplyDelete
  4. උඹේ පොඩි කතා සෙට් එක නම් මරු....

    ReplyDelete
  5. පුරුදු විදිහටම රසවත්!

    ReplyDelete
  6. සුපිරියි ඉතින් උඹේ බහුතරයක් ඒවා වගේම.....වචනයේ පරිසමාප්ත අර්තෙන්ම සුපිරියි....

    ReplyDelete
  7. මරු මරු.... ජයවේවා...!!

    ReplyDelete
  8. යකෝ තොට මොකටද අනුන්ගේ කුණු. තෝ රදවෙක්ද

    ReplyDelete
    Replies
    1. කරුණාකර මගේ බ්ලොග් එකේ නම බලන්න...එය සමහර විට එය රදවකුගේ දිනපොතක්ද විය හැක..

      මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්නෙ නැත්තං ලෝකෙ නිවුස් කියලා ජාතියක් නැහැ...මානව විද්‍යාව ගවේෂනය කියන විෂයන් පවා නැතිවෙලා යයි...

      Delete
    2. @ AnonymousJune 2, 2013 at 6:25 PM

      ඔයත් රදවෙක් වගේ.. අනුන්ගේ කුනු හෝදන.

      Delete
  9. //ඉතිං මට ඔය සදාචාරෙ උඹ දකින මිමි වලින් මනින්න බැහැ. එහෙම උඹ මනිනවා නම් ඒක පට්ට අසාධාරනයි.. උඹට සාපෙක්ෂව මම හරිම සැහැල්ලු යි.. ඒ සැහැල්ලුවට මම ආයෙත් සමාජ නීති රාමු දාගන්න ඕනි නැහැ//
    එල අමිල එළ ..

    ReplyDelete
  10. //අමිල,
    අපි පොතක් ගහමු...//


    //ජයවේවා!!!//

    //පට්ටයි.වෙන කියන්ඩ දෙයක් නැත.//
    //උඹේ පොඩි කතා සෙට් එක නම් මරු....//
    //පුරුදු විදිහටම රසවත්! //
    //සුපිරියි ඉතින් උඹේ බහුතරයක් ඒවා වගේම.....වචනයේ පරිසමාප්ත අර්තෙන්ම සුපිරියි.... //
    //මරු මරු.... ජයවේවා...!!//
    //එල අමිල එළ ..//

    ටිපිකල් කබු ටෙම්ප්ලේට් එකේ කමන්ට්ස් ටිකක්,


    සමාජයේ එක්තරා පැතිකඩක් පිලිබඳව, එක් පුද්ගලයෙක්ගේ ආත්ම කථනයකින් අමිල පෙන්නන්න හදපු උත්සාහය ටිකක් සාර්ථකයි වගේ..

    ReplyDelete
    Replies
    1. kabu nowena comment 1k danda epai ubawath

      Delete
  11. උබ අපි කාගෙත් අහුවෙච්ච නැති පොට් එකකට ඇනල තියෙනව මෙතන.. සිරාම ලිපිය පුතා.. පොතක් ගහපන් හැබැයි ප්‍රිබ්ට් කරන්න ඉඩ ඩේඩ දම්නෑ

    ReplyDelete