Thursday, June 6, 2013

සුද්දො කොළ අතු ඇන්දෙ කවද්ද?

යුරෝපා ජාතිකයන් කොල අතු එල්ලගෙන ඉන්න කාලෙ ඒ අතීත විශ්මිත නිර්මාණ කළ පරම්පරාවේ වර්තමාන පුරුක් තමයි මේ බිමේ සිටින මේ දියණිවරුන්.
අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මහනුවර මහාමාය බාලිකා විද්‍යාලයේ 2013  වසරේ නිවාසාන්තර  ක්‍රීඩා උත්සවයේ සමාප්ති උළෙල මහනුවර, බෝගම්බර පිටියේ පැවති අවස්ථාවේ එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
ලංකාවෙ ඉතිහාසය ගැන සඳහන් වෙන බොහෝ අවස්ථාවල කියන කතාවක් තමයි අපි මෙහේ දාගැබ්, වැව් ඉදිකරන කොට යුරෝපා ජාතිකයින් කැලේ කොළ අතු ඇඳගෙන ගෝත්‍රික ජීවිත ගතකරා කියන කතාව. ඇත්තටම මෙහෙම වුනා කියලා කියන්නෙ මොන පදනමකින්ද?

01.   යුරෝපා රටවල කොළ අතු ඇඳගෙන ඉන්න පුලුවන්ද?
යුරෝපය කියන්නෙ සෞම්‍ය කලාපයට අයිති කලාපයක්. බොහෝ රටවල ශීත කාලයට දැඩි හිමපතනයක් තියෙනවා. ඒක අද ඊයෙ නෙමෙයි මීට අවුරුදු දාස් ගානක් තිස්සෙ හෙමයි. මුලු පෘථිවි ඉතිහාසය තුල අවසන් කාලයට අයිති වෙන මිනිසා ජීවත්වන කාල සමය තුල මේ සෞම්‍ය දේශගුණය යුරෝපය තුල පවතින්න ඇති. යුරෝපිය රටවල උෂ්ණ කාලයේදී නම් කොළ අතු ඇඳගෙන ඉන්න පුලුවන් වුනාට ශීත කාලයේදි එහෙම ඉන්න මිනිස්සුන්ට බැහැ. ඒ කාලයේදී දඩයම් යුගේදි පවා මිනිස්සු කොළ අතු හැර වෙනත් ඝන ආවරණ යොදාගන්න ඇති හීතලෙන් ආරක්ෂා වෙන්න. කොළ අතු කිව්වට ඒ කාලෙ විශේෂ මෝස්තරයක් තිබුනාද දන්නෙ නැහැ ඇඳුමෙ.
 
කරිවිල වැලක්

02.   ක්‍රිස්තු පූර්ව පස්වෙන සියවසේ ලෝකයේ බුදුන් වහන්සේ පහල වුනා ඒ කාලේ යුරෝපා ග්‍රීක ශිෂ්ඨාචාරය තුල හෙරක්ලිටස් කියන දාර්ශනිකයා වාසය කලා. ක්‍රිස්තු වර්ශ බිංදුවෙදි තමයි ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිද්ධ වෙන්නෙ. ක්‍රිස්තු වර්ශ බිංදුව කාලෙ ලංකාවෙ රජකලේ භාතිකාභය කියන රජතුමා. මේ කාලෙට අයිති රෝම කාසි ආදිය ලංකාවෙ ගොඩවාය වරාය, අනුරාධපුරය, මන්නාරම ආදි ප්‍රෙද්ශ වලින් සොයාගෙන තිබෙනවා. ඉතිං බුදුන් වහන්සේගේ කාලයේ සිට ක්‍රිස්තුස් වහන්සේ ගේ කාලය දක්වා ග්‍රීක රෝම ආදි නගර ආශ්‍රිතව මෙන්ම යුරෝපයේ තවත් ස්ථාන බොහොමයක හොඳ සංවිධානය වෙච්චි නගර පද්ධති තිබුනා කියලා සාධක තිබෙනවා. අපි අපේ ඉතිහාසය අවුරුදු දෙදාස් පන්සියක් පරණයි කියලා පටන් ගත්තට යුරෝපියන් එයාලගේ ඉතිහාසය පටන් ගන්නෙ අවුරුදු පන්දාහක් පරණයි කියන තැනින්. මේ ක්‍රිස්තු වර්ශ බිංදුව කියන සමයේ විසූ භාතිකාභය කියන රජතුමා රෝමයෙන් ගෙන්වූ පබලු ජාතියකින් රුවන්වැලි මහා සෑය වර්ණවත් කලා කියලා ලංකාවෙ වංශකතා වල තිබෙනවා. ඉතිං රෝම කාරයොන්ට පබලු මාල වලලු කාසි හදන්න පුලුවන් ඒත් හරියට ඇඳුමක් ඇඳන් ඉන්න බැහැ කොළ අතුමයි හොයන්නෙ..වනචර රෝමන් කාරයො..


03.   "ඔය කිව්වට සුද්දො හැමෝම ශිෂඨාචාරගත වෙන්නෙ නැතුව ඇති නේ..ලොකු පිරිසක් කැලේ ඉන්න ඇති." කියලා කෙනෙක් හිතන්න පුලුවනි.. ලංකාවෙ අනුරාධපුරය පොලොන්නරුවෙ ශිෂ්ඨාචාර බොහෝ කලක් කැලෑවට යට වුනා. ඉන් පස්සෙ කාලෙක මෑත යුගයේ ඩී ඇස් සේනානායක මහත්තයාගේ කාලේ ඒ පැත්ත ජනාවාස ඇතිවුනා. අපේ දිඹුලාගල ආරාමෙ වැඩවසපු කොටින් අතින් ඝාතනය වුනු කිතලගම සීලාලංකාර හාමුදුරුවෝ කියල තියෙනවා කිතලගම හාමුදුරුවො ඉස්සර දිඹුලාගල පැත්තට ආවම ඒ පැත්තෙ හිටියෙ සිංහල බාෂාවවත් හරියට බැරි අර්ධ වනාචාරියො ටිකක්ලු. ඉන් පස්සෙ කාලෙක තමයි ඒ අර්ධ වැදි ජනතාව යලිත් අපේ ශිෂ්ඨාචාරයට එන්නෙ. ලංකාවෙ රාජධානි තිබුන තැන් මාරුවෙලා ගියා වගේ යුරෝපා රටවලත් එහෙම වෙන්න ඇති. සමහර තැන් අවුරුදු සියගානක් මනුෂ්‍ය වාස නැතුව තිබිලා ආයෙ කාලෙක ජනාවාස වෙන්න ඇති. ඒත් යුරෝපය පුරා ශිෂ්ඨාචාර දියුනු සංවිධිත මානව පද්ධති දිගින් දිගටම තිබිලා තියෙනවා කියලා ඓතිහාසික සාධක එමට තිබෙනවා. ඒත් ලංකාවෙ ලොකු පොත් කීපයක් සහ තවමත් හරියට සනාථ නොකරගත්ත ගල් කණු සහ නටඹුන් රාශියක් ඉතිහාසය කියලා තවමත් අපි තියාගෙන ඉන්නවා.

04.   චීනය චීන මහා ප්‍රාකාරය හදලා චීනය රැකගන්න උත්සාහ ගන්නෙ අපෙ බුදුන් වහන්සේ පිරිණිවන් පාන කාලසීමාවෙ ඉඳලාමයි. ඉතිං චීනයේ හදපු රෙදි ගෙනියන්න ගොඩබිම සේද මාවත සහ මුහුදු සේද මාවත කියලා දෙකක් තිබුනා. ඒ රෙදි පෙරදි ගොඩක් ගෙනිච්චේ යුරෝපය පැත්තට. යුරෝපය පැත්තෙ හිටියෙ කොළ අතු අඳින ජනතාවක් නම් ඒ පැත්තෙ අයට මොකටද චීනෙන් රෙදි ගෙනියන්නෙ? මේ ළඟදි හොයාගත්ත ගොඩවාය වරාය මේ සේද මාවතේ එක් සන්ධිස්තානයක් වෙන්න ඇතිය කියලා ගොඩක් පත්තර වල තිබුනා. ඒ ක්‍රිස්තු පූර්ව 1වන සියවසේ සිට  ක්‍රිස්තු වර්ෂ හාරසිය පන්සිය දක්වා වෙන කාලසීමාවක තමයි ගොඩවාය වරාය සක්‍රිය වෙලා තියෙන්නෙ. මෙ හරියෙන් රෝම ඉන්දු කාසි ගොඩක් ලැබිලා තියෙනවාලු.  යුරෝපෙ ඇත්තො කොළ අතු ඇන්දනම් කොහෙන්ද ආයිබොවන්ඩ උන්ට කාසි?

යුරෝපා ජාතිකයින් කොළ අතු ඇඳගෙන අපි දන්න ඉතිහාසෙ ඇතුලත හිටියනම් ඒක වෙන්න පුලුවන් වෙන්නෙ ඔන්න එක කාලයක් රෙදි ඇඳගෙන ඉදලා පස්සෙ එපා කියලා එයාල රෙදි ගලවනවා. පස්සෙ ආයිමත් එයාලම හිතිලා රෙදි ඇඳගන්නවා. හරියට නිකම් අර පෙරහැරක නැටුමකට කොළ අතුර එල්ල ගන්නවා වගේ. පෙරහැරට කලිං අපි එල්ලගන්නවා. පස්සෙ ආයිත් ගලවලා දානවා. ඒ හැර කොළ අතු ඇඳගත් වනචාරී මට්ටමින් අපි දන්න 2500ක ලංකා ඉතිහාසය තුල සුද්දන් හිටියා කියන්නෙ තනි බොරුවක්. පුංචි ළමයි මල් වගේ. ඒ මල් රකින්න ඕනි කුනුහබ්බ වලිං විතරක් නෙමෙයි. මෙන්න මේ වගේ පට්ට පල් ගං කෙබරකාරයින්ගේ කෙබර වලිනුත් පුංචි ළමයි ආරක්ෂා කරගන්න ඕනි.

නැත්තං කොහේවත් කවදාවත් තිබුනෙ නැති ඉතිහාසයක් අල්ලාගෙන අපේ ඇත්තො ඉදිරියටත් ආතල් යුද්ධ වලට යාවි.

26 comments:

  1. ඔතන ගොඩක් අපේ උදවිය සුද්දො කියල අදහස් කරන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව වෙන්න ඕන මයෙ හිතේ.

    ReplyDelete
  2. සුද්දො කියන්නේ එංගලන්තේ කියන අරුතින්.

    රෝම-ටයිබර්, මිසර-නයිල්, යුප්‍රටීස් ටයිග්‍රීස්, මොහෙද්දොජාරෝ-හරප්පා, චීන යැන්සිකියන් නිම්නවල ඇතිවුණු ශිෂ්ඨාචාර ගැණ අපි සමාජ අධ්‍යයනයට ඉගෙන ගත්තානේ.

    කොල අතු නොවෙයි, මං හිතන විදියට පුරාණ නෝඩික්, වයිකිං ජාතිකයින් ඇඳලා තියෙන්නේ සත්ව හම්වලින් හදපු ඇඳුම්. ඔය කොල-අතු කියන්නේ ඒකේ සිංහල යෙදිල්ලයි. මොකද වැද්දෝ ගැණ හිතලා කියන නිසා.

    ReplyDelete
    Replies
    1. England wala Stone Henge eka Avurudu 10,000 k paranai. Ape echchara parana dewal naha. I am letting down our civilization, but, if we are to be proud of it, we need to respect the others heritage too...

      Delete
  3. අපිට තියෙන්නෙත් සුද්දෝම හොයල දීපු ඉතිහිහාසයත් නැත්නම් ඉන්දියාව අපේ රටට බලෙන් ඇතුල් කරපු ඉතිහාසයත්. ඉන්දියාවේ දාගැබ් වල භෙෘතික සැකැස්මයි අපේ දාගැබ් වල සැකැස්මයි දිහා බලන්න. අපේ දාගැබ් බුබ්බුලාකාර ඝණ්ඨාකාර ධාන්‍යා කාර හැඩ ගනිද්දි ඉන්දියාවේ දාගැබ් එහෙම නොවුනේ ඇයි. හරියට අපේ ඉතිහාසයත් ගැන අපි දන්නෙ නැතිව කොහොමද ඉතින් කතා කරන්නේ? බෙල් මහත්තය ඇවිත් සීගිරිය හාරල තිබිච්ච දේවල් අරගෙන ඉතිරි දේවල් වහල ගියා. ඒව අදටත් ඒවා වැලලීගිය ඉතිහාසයත් පමනයි. මුලින් කරන්න ඔන හරියට අපේ ඉතිහාසය හොයා ලන්න එක. එතකොට බලා ගන්න පුලුවන් සුද්දගේ ඉතිහාසයද අපේ ඉතිහාසයද බලවත් කියල. එය සුද්දොන්ට ආවඩන අයටත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. අදටත් ඔය තියන හැමදේම හොයන්න පටන් ගත්තෙ සුද්දො.... දැනුත් ලංකාවෙ ක්‍රියාත්මක ගොඩක් පුරාවස්තු සංරක්ෂන වැඩ වලට ආධාර දෙන්නෙ සුද්දො...ලංකාවෙ විදේශ ආධාර නැතුව කරපු ආකි සයිට් තියෙනවනම් ඒ අතේ ඇගිලි ගාන්ටත් වැඩිය අඩුයි...

      කොටින්ම සුද්දො ආවෙ නැත්තං ඔය සීගරි චිත්‍ර ටික පවා අපේ අය විකුනං කනවා... පැහැදිලිවම මම සුද්දොන්ට ආවඩනවා..ඒකෙ කතා දෙකක් නැහැ...කට මෙහේ පස්ස එහේ තියරි මගේ නැහැ...

      මෙහෙ මොන දේ තිබුනත් වර්ථමානය අයිති ඒ අයට...

      Delete
    2. මමත් සුද්දන්ට ආවඩනවා.ඒ උපතින් සිංහල වුනත් උඔලා වගේ දේශප්‍රේමී සිංහලයෝ නොවන නිසා වෙන්න ඇති.ඇමරිකාවට අවුරුදු 200ක ඉතිහාසේ ලෝකේ බලවත්ම රටක් වුනා. .අපි අවුරුදු 2500ක හ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබිලත් එන්න එන්නම ප්‍රපාතයට යනවා.කවුද දක්ෂයෝ?මම පැහැදිලිවම අතීත සිංහලයාගේ හැකියාවන් වලට ගරු කරනවා.රටේ අතීතය ගැන ආඩම්බර වෙනවා.හැබැයි දැන් ඉන්නේ අතීත හ්‍රේෂ්ඨත්වය නැමැති වංශෙ කබල් ගගා අන් ජාතීන්ට ගරහමින් උන් හදන දේවල් පාවිච්චි කරන ගුණමකු සිංහලයෝ ගැන දුක්වෙනවා.ඒ මිනිස්සුන්ට ආහ්චර්ය දෙවියන් වහන්සේ දුන්නද?තෝමස් අල්වා එඩිසන්10000වාරයකට වඩා දුක් විද විදුලි බුබුල හොයාගත්තා.හැම දෙයක්ම එහෙමයි.ලෝකෙ පුරා පැතිරී තිබුනු දැනුම උන් එකතු කලා .පර්යේෂණ කලා.උන් දියුණු වුනේ එහෙම.අපි මොකද කරන්නේ?ඉන්දියාවට බනිනවා.ඇමරිකාවට බනිනවා.නැවෙන් ආහාර එනකම් මුහුදට දත නියවගෙන ඉන්නවා.අභිමානය කියන්නේ ඕකටද?ජපන් ආක්‍රමණිකයා කොරියාවේ මිලියන ගණන් ගෑනු දූෂණය කලා.ඒ කාලේ කොරියානු පිරිමි අපා දුක් වින්දාහැබැයි අපේ රටේ වගේ මිනිස්සු එහේ හිටියානම් තව අවුරුදු 500ක් වත් වුනදේ ගැන කිය කියා ඉදීවි.
      චීන්නු ,කොරියානුවො,යුදෙව්වො මේ අය විතර අන් ජාතීන්ගෙන් ලාංකිකයෝ දුක් විදලා තියෙනවාද?ලෝ ක ඉතිහාසේ කියවලා බලපල්ලා .සමහර විට ඒ තමන්ට වෙච්ච අසාදාරණය ඒ මිනිස්සුන්ගේ හිත්වල ඇති .ඒකම ආත්ම ශක්තියක් කරගෙන දියුනු වෙන හැටි බලපල්ලා.අපේ රටේ වගේ නැති තැන බැණලා පස්සේ ගිහින් ආධාර ඉල්ලන මිනිස්සු නොවන බව දැකපල්ලා.
      මම නම් සුද්දෝ,සිංහලයෝ,දෙමලු,ජපන්නු මොකා වුනත් උන්ගේ නොනවතින ධෛර්යයට ගරු කරනවා.බුදු හාමුදුරුවෝ කිව්වේ ක්‍රියාවෙන් මිසක් ජාති කුල මල වලින් මිනිහා උසස් නොවන බවයි.තමන්ගේ දුර්වලකම් නොදැක උත්සාහවන්ත මිනිසුන්ට බැණීමෙන් රට දියුනු වේද?

      Delete
    3. පට්ට කොමෙන්ට් එක ඔයි..

      Delete
  4. මේ හාදයාගෙ කාලෙ නවවන ශ්‍රේණිය වෙනකොට යුරෝපා ඉතිහාසය එහෙම ඉස්කෝලෙ උගන්නල තියෙන්න ඕන. මේ හාදයා පහට වෙනකම් විතරයි ගිහින් ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඉස්කෝලෙ ගියේ නැහැ ඇයි යවන්නද අහන්නෙ?

      Delete
    2. balen thoppi daaganna epaa ooyi. me hadaya kiwwe wimalta

      Delete
  5. හරියට හරි කතාව. එක එකා කියන පලියට උඩුබුරන්නෙ නැතුව විචාරාත්මකව විමසලා බලන්න වෙනව මේ වගේ දේවල් ගැන. අනික ශිෂ්ඨවීම කියන දේ සාපේක්ෂකව සළකන්න වෙනවා. අපිට ශිෂ්ඨ දේවල් වෙන සංස්කෘතියක අශිෂ්ඨ වෙන්න පුළුවන්.

    ReplyDelete
  6. හඃ හඃ හඃ.......

    අපි හරිම ආඩම්බරෙන් කියනවා අපිට හොඳ වාරි තාක්ෂණයක් තිබුනා කියලා...ඒත් අපි කවුරුවත් හිතන්නේ නෑ මේ අනර්ඝ වාරි තාක්ශනේ අපිට ඕනේ උනේ මොකටද කියලා...ඔන්න ඔතනයි ප්‍රශ්නේ...අපි අපිට අවශ්‍ය දේවල් හැදුවා (ලංකාවට වැව් උවමනා උනේ ලංකාවේ කෘෂිකර්මය පදනම උනේ ජලය වැඩිපුර වියදම් වන මඩ ගොවිතැනට නිසා.වැඩිපුර වතුර ඕන උනා,ඒවා තියා ගන්න තැනක් ඕන උනා)...සුද්දා සුද්දට අවශ්‍ය දේවල් හැදුවා...සුද්දා හදපු දේවල් අතරේ අපි හදපුවා නෑ කියලා කොහොමවත්ම කියන්න බෑ සුද්දා පජාතයි අපි තමයි පොරවල් කියලා.

    ReplyDelete
  7. ඔය යකා කියන ඒවා වැඩිය ගනන් ගන්න එපා. මහල්ලා සහ මුහුද ලිව්වේ ගී ද මෝපසාන් කියල කිව්ව මිනිහනේ./

    ReplyDelete
  8. චතුරගේ ලිපියකට මම දමන පළමු කමෙන්ට් එක.
    මමත් පිළිගන්නෙ ඔබ කියන දේ. ඔය හැම දේම තම තමන්ගේ රටවල ඇති කාලගුණය සහ ඒ ඒ රටවල මිනිසුන්ගේ අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. අපේ දේ නොතිබුනා කියලාවත් අපිට උන්ගේ දේ නොතිබුනා කියලවත් සුද්දවත් අපිවත් උසස් හෝ පහත් වන්නෙ නැහැ. මගේ සිතුවිල්ල නම් මිනිස් වග එකම කාලයක තමයි ශිෂ්ඨාචාර වන්න ඇත්තේ. වෙන වෙනම සංස්කෘතීන් තිබෙන්න ඇති. නමුත් එකලත් තාක්ෂණය ඇතුලු විද්‍යා ආදී දැණුම හුවමාරු වෙන්නත් ඇති ඒකට ඕනෙ තරම් උදාහරණත් තිබෙනවානේ. හැබැයි අද වාගේ අනවශ්‍ය දේ ගොඩගසා ගන්න නම් නැතුව ඇති.

    ReplyDelete
  9. ඌගේ පුතා ඉන්නෙත් සුද්දෝ එක්ක..

    ReplyDelete
    Replies
    1. ළමයා ඇමරිකන් පාසැලකට දමාගන්න නටපු තොවිලේ ගැන වොෂින්ටන්වල ඇති අපේ තානාපති කාර්යාලේ කට්ටිය සාක්ෂි.

      Delete
  10. මේ කතාව හරි...අද අපි කරන දේ තමයි වැදගත්.එහෙම නැතුව එදා අපි මෙහෙමයි කියල කට කියව කියව ඉඳල හරි යන්නේ නෑ.ලෝකෙට විහිලු සැපයීමක් විතරක් වෙනවා.ඊජිප්තු කාරයන්ට වෙලා තියන දේ පේනවනේ.උන් පිරමිඩ හැදුවේ අපි කියල කියනවා හැබැයි අද මෙලෝ දෙයක් කරන්නේ නෑ.මරාගන්නවා මිසක්.අපිත් ඒ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ලෝකෙට පරකාසේ .ගෙදරට මරගාතේ

      Delete
  11. ගමන් මගේ මගියාගේ කතාවට මාත් එකඟ වෙනවා. ඉස්සෙල්ලම රෙදි ඇන්දෙ කවුද කියල හොයන එකේ තේරුම මොකද්ද?

    බුදුහාමුදුරුවො ජම්බුද්වීපයේ පහළ ‍වීමටත්, කාර්මික විප්ලවය යුරෝපයේ ඇති වීමටත් හේතු තිබුනා. ඝර්ම කලාපීය රටවල් කෘෂිකර්මාන්තය පැත්තට බර වෙනකොට ශීත රටවල් කාර්මික පැත්තට බරවුනේ ඒවායෙ හිටපු මිනිස්සුන්ගෙ ආනුභාවය නිසා නෙවෙයි, පාරිසරික හේතු නිසා.

    හැබැයි, අමිල චතුරංග කියන කතාව ඇත්ත වුනත් තර්ක කරල තියන හැටි වැරදියි. ඉතිහාසය පටන් ගන්නෙ බුද්ධ වර්ෂ 0න් නෙවෙයි. අදට අවුරුදු 10,000කට කළින් මිනිස්සු ඇන්දෙ මොනවද?

    විමල් වීරවංශ කාගෙන් හරි අහුලගත්තු කෑල්ලකනෙ ඔය කියව කියව යන්නෙ. ඔය කතාව ඔයිට කළින් මාත් අහල තියනවා. ඒත්, කතන්දරකාරයා කියල තියනව වගේ සුද්දො කියල අදහස් කරන්නෙ එංගලන්තෙ මිනිස්සු. එංගලන්තය දියුණු වුනේ බොහොම පරක්කු වෙලා. උන් අධිරාජ්‍යවාදීන් බවට පත් වුනේ කාර්මික විප්ලවයෙන් පස්සෙ. සමහරවිට උන් කොළ අතු හෝ සත්ව හම් ඇඳගෙන ඉන්න ඇති මෑතක් වන තුරුම.

    අපි ඉගෙනගෙන තියනවනෙ ලෝකෙ ශිෂ්ටාචාර වීම ගැන ඉස්කෝලෙදි. හැබැයි ඒ ඉගෙනගනිද්දි එංගලන්තයෙ ශිෂ්ටාචාරයක් තිබුන කියල ඉගෙනගෙන නෑ වගේම ලංකාවෙ ඉපැරණි ශිෂ්ටාචාරයක් තිබුන කියල ඉගෙනගෙනත් නෑ.

    ලෝකෙ එක එක පළාත් එක එක කාල වලදි ශිෂ්ටාචාර වෙලා තියෙන්නෙ. ඒ වුනාට ඒකෙ කිසිම වලංගුතාවක් නෑ. වෝකර් පුත්‍රයා සහ සමාගම සොෆ්ට්ලොජික් එකට වඩා බොහොම පරණ වෙළඳ ව්‍යාපාරයක්. විමල්ගෙ කතාවත් ඒ වගේ තමයි.

    ReplyDelete
  12. එංගලන්තයට ගිය කෙනෙක් දන්නවා ලන්ඩන් නගරයේ රෝම පවුරක් ඇති බව, බාත් හි රෝමක ස්නානාගාර හා නටබුන් තියෙනවා, ස්ටෝන්හෙන්ජ් එක හදපු කාලය අනුමාන කරනවා ක්‍රිපූ 3000 වගේ කාලෙක කියලා. යුරෝ-ආසියානු මහාද්වීපයේ තරම් [බැබිලෝනිය වගේ] ලොකු ඉදිකිරීම නොවුනත් එංගලන්තයට ත් අපිට වගෙම රජුන් මරාගත්තු, දුටුගැමුණු[ආතර්] ලා හිටපු, බලය නිසා සහෝදර-සහෝදරියන් ඇනකොටාගත්තු, කුමන්ත්‍රණ වලින් ගහණ ඉතිහාසයක් තියෙනවා. උන්ට ඇති, අපිට නැති එක තමයි ප්‍රජාතන්ත්‍රය වෙනුවෙන් දිවි දුන්නු ඔලිවර් ක්‍රොම්වෙල්, ප්‍රැන්කර්ස්ට් සහෝදරියන් වගේ ඓතිහාසික චරිත. අපේ දිවිදුන්නු තරමක් ඉන්නෙ ඒකාධිපතියන් රකින්න, ත්‍රස්තවාදය වෙනුවෙන් හා ප්‍රතිගාමී අදහස් වෙනුවෙන්.

    ReplyDelete
  13. මෙහි ලා ලිවිය යුතු වැදගත්ම කරුණ වන්නේ දියවන්නාවේ ඇත්තන්ගේ කතා, ක්‍රියා තරම් ගනන් ගන්ට එපා කියාය. කියන කියන දේ අසා පෝස්ටු ලියන්න ගත්තොත් මේ බ්ලොග් අවකාශේ පාර්ලිමෙන්තුවේ සභා වාර්තාවට කරට කර හිටිවි.

    ReplyDelete
    Replies
    1. පියුමි දැන් අපි හිතමු අපි ලංකාවට පහලින් අලුත් ලොකු දූපතක් හොයාගත්ත කියලා...ඒක හොයාගෙන අපි යනවා ඒකෙ පදිංචියට...ගියාට පස්සෙ අපි තමයි එහේ පලලවෙනි පුරවැසියො..

      ඒ වුනාට අපේ අත්ත මුත්ත නත්ත පනත්ත අපේ සියලු හැකියාවන් අයිති මෙහෙට...අපි ඒ දූපතට ගියාට පස්සෙ වෙන රටවල ඇත්තො ආන්න අර අලුත් දූපතේ උන්ට ඉතිහාසයක් නැහැ කියලා ජෝක් කරනවා නම්...ඒක මොන තරම් ගොන් පාට් එකක්ද?

      අමරිකාව හෝ එංගලන්තෙ අද ජීවත්වෙන මිනිස්සු බහුතරය පුරාණ ශිෂ්ඨාචාරවලට අයිති වෙලා ජීවත් වෙන්න ඇති. නැතිනම් පසුකාලිනව එයාල අමරිකාවට සංක්‍රමනය වෙන්න ඇති.. පැරණි නටඹුන් ගොඩක් තියෙන රටක පුරවැසියෙක් වුනා කියන්නෙ ඒකෙ මහ අමුතු ආතල් එකක් නැහැ...ඒකෙන් ලැබෙන දෙයකුත් නැහැ...

      වෙන්න පුලුවන් එකම දේ අපේ ජාතිය පරණයි..අපි තමයි රියල් වැඩර්ලා කියලා කන්ඩායම් බෙදිලා එකිනෙකා කුලල් කාගන්න එක...


      Delete
  14. ඔයා කියල තියෙන දේවල් ඇත්ත.මම අවුරුදු 20 ඉදල යුරෝපයෙ ඉන්න කෙනෙක්.මෙහෙ තියෙන පරන දේවල් දැක්කම අපිට හිතෙන දෙයක් තමය්,මේවයෙ ඉදල තියෙන්නෙ නිකම් ඉන්න බැරි මිනිස්සු වගයක් කියල.අපේ මිනිස්සු එදා ඉදලම කරල තියෙන්නෙ ගෑනු පස්සෙ දුවපු එකය් ඇති වෙනකම් බීපු එකය් විතරය්.බස් එකකවත් පාරකවත් රන්ඩු කරගත්ත කෙනෙක් මෙහෙදි මමදැකල නැහැ.ලන්කාව කියන්නෙ,පුන්චි ලමයෙකුටවත් පාරක තනියෙම යන්න බැරි එදා වේල නයට හොයාගෙන කන ආදි වාසින් ඉන්න රටක්.

    ReplyDelete
  15. ඔය අපේ ලොක්කංගේ තියෙන එකක් තමයි උංගේ නොහැකියාව වහගන්ඩ ඉතිහාසය ඇදලා ගන්න එක.ඉතිහාසයෙන් අපිට වෙච්ච වැරදි ඉගෙනගෙන ඒවා හදාගන්නවා මිසක් කරපු දේවල් කියව කියව විට කකා ඉඳලා වැඩක් නෑ.

    ReplyDelete
  16. Actually, ancient Greeks were comfortable naked, since they had decent spiritual development, they needed clothes only to protect themselves from weather..

    රෝමය ගැන කිව්වොත්, නීරෝගෙන් පසුව කාලයක, විශේශයෙන් ම ජර්මානු ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණ නිසා රෝමානු අධිරාජ්‍ය "අඳුරු යුගයකට" වැටෙනවා. ඊට කලින් අහසේ/පාලම් ඇල මාර්ග තැනූ රෝම ජාතිකයන් පැල්පත් අටවන්න ගල් සොයාගන්න පාලම් ඇල මාර්ග කඩාදානවා.

    ලංකාවේ අනුරාධපුර/පොලොන්නරු යුග වල වර්තමානයේ එංගලන්තය ලෙස හඳුන්වන කෙල්ටික දේශය ලංකාවට බොහෝ සමාන කෘශිකාර්මික සංස්කෘතියක් තිබුනේ. රෝමානු ආක්‍රමණ එක්ක මේ සංස්කෘතිය සහ කෘශිකාර්මික ආර්ථිකය වෙනස් වුනා, ඇදහිලි වෙනස් වුනා.

    ReplyDelete
  17. ක්‍රිස්තු වර්ශ බින්දුව ගනන් වල රෝම ඉතිහාසය බැලුවොත්, ලංකාව සහ රෝමය අතර කාසි විතරක් නෙමෙයි වාරිමාර්ග තාක්ශණ හුවමාරුවක් සිදු වුන බවට ඉතා පැහැදිලි සාක්ශි තියෙනවා.

    ලංකාවේ යෝධ ඇල හැතැප්මයට අඟල් 4ක බෑවුමක් ඇතුව හදද්දී ම රෝම වරු හැතැප්මයට අඟල් හතරක් බෑවුම ඇති පාලම් උඩ (අහස්) දිය අගල් හදනවා (Aqueducts). මේකට පාවිච්චි කරන විශේශ ගණිත ක්‍රම ගැන ලතින් භාශාවෙන් ලියැවුනු පුරාණ පොත් තියෙනවා වර්තමානයේ කාටවත් හරියටම තේරුම් ගන්න බැරි වුන.

    රෝම ජ්‍යෝතිශ්‍ෂාස්ත්‍රය, ගණිත ක්‍රම සහ මිනුම් ඒකක ලංකාව සහ රෝමයට පොදු සමාන කමක් තියෙනවා. මේ දැනුම් සහ තාක්ශණයන් දෙරට අතර සහයෝගයෙන් වර්ධණය වුන එකක් වෙන්න තියෙන ඉඩ ඉතා වැඩියි. අපේ උන් ලංකාවේ ඉතිහාසය විතරක් හදාරලා, එහෙ උන් උන්ගේ ඉතිහාසය විතරක් අදාරලා වියුක්ත දැනුමට මෙව්වා අහු වෙන්නේ නෑ. ස්වෝත්තමවාදයෙන් හෝ අනෙකා පහතට දමා කථා කිරීමෙන් නෙමෙයි අපේ පැරැන්නෝ දියුණු වුනේ, සහයෝගයෙන්.

    ReplyDelete