Monday, June 17, 2013

සිංහල පේන ලාබ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් Sinhala enabled cheap android smartphone

ඔන්න එකපාරක් ඉස්කෝලෙකට ආව අලුත් කොල්ලෙක්. දැන් අර පරණ උන් අර අලුත් එකාට රැග් කරන්න තමයි හදන්නෙ.. අරඅලුත් කොල්ලාත් ලොකු ටෝක්ස් දෙන්න ගියොත් නෑම වැඩිවෙන නිසා බොහොම අහිංසක ලුක් එකක් මූනට දාගෙන ඉන්නවා.. කොල්ලො සෙට් එක ආවා.. එතකොට මූ ගාව තිබුනා අලුත් පැන්සල් පෙට්ටියක්. මූ දැන් පෙට්ටියතත් ඩෙස් එක උඩ තියාගෙන ඉන්නවා..

දැන් අර සෙට් එක ඇවිත් වටවෙලා ඉන්නවා. පෙට්ටිය දැකපු එකෙක්.. මේ තමුසෙට අලුත් පෙට්ටියක් ලැබිල නේ? 
ඔවු අලුත් එකක් ගෙනත් දුන්න අම්ම...
එතකොට කෝ උඹේ පරණ පෙට්ටිය?
ඒක නංගිට දුන්නා..
එතකොට නංගිගෙ පෙට්ටිය....
නංගිගෙ පෙට්ටිය පන්තියෙ කොල්ලෙක් කඩලා..

ඒ කාලෙ ලොකු අවබෝධයක් තිබුනෙ නැතත් ඒක විහිලුවක් වගේ..එකෙක් දෙන්නෙක්ට හිනා ගියාම සෙට් එකම මහ හයියෙන් හිනා වුනා..උන් හිනා වුනාම..මේකෙ මොකක් හරි දෙයක් ඇති කියලා හිතාෙගන හිනාවෙලා මුං ටික පිට් කරගන් ඕනි කියලා හිතාපු අර අලුත් කොල්ලත් හක හක ගගා හිනා වුනා..

යකෝ තොගේ නංගිගේ පෙට්ටිය කොල්ලෙක් කඩල තියෙන සතුටටද තෝ හිනාවෙන්නෙ? උලමා.. එකෙක් සද්දෙන් ඇහුවා..

ඉතිං එතනින් උගේ හිනාව නැවතුනා..

මමත් අලුත් ඉස්මාට් පෝන් එකක් ගත්තා. එතකොට අනික් අයට එන අවුල තමයි කෝ අනික් පෝන් එක කියන එක.. අවසන් වරට තිබුනෙ හුවාවේ ලාගේ රුපියල් එක්දාස් පන්සියට මොබිටෙල් එකෙන් දෙන huawei පෝන් එක..ලාබ උලුදු වඩේ එකේ හිල් තියෙනවා කියන්න වගේ මේ බාන්ඩේ නම් එපා වුනා. පෝන් ටිකක් බස් එකේ තැලෙන කොට ඕප වෙනවා.. කෝල් කට් වෙනවා.. බැටරිය දවසයි. වගේ පොඩි පොඩි දෝස ගොඩක් පොන් එකත් එක්ක නොමිලේම ලැබුනා.

කලිං තිබුනා ඇල්කටෙල් එකක්..ඒක හොරුගත්තා. මං බොරැල්ල පැත්තෙ සැරිසරන අතරෙදි නැතිවෙලා. කම්පෙලෙන් එකක් දැම්මා. දැන් මාස හයක් විතර ඇති. තාම නැහැ උත්තරයක්. මං ඒකෙ අදහස අත ඇරලාදැම්මා.

මටත් හිතුනා ඉස්මාට් පෝන් එකක් ගන්න. ඔන්න එකක් මං ගත්තා
මේකෙ විස්තර මේන්න මෙතනින් බලාගත හැකි පෝන් එකේ නම නම් ඇවිල්ල ගැලක්සි ෆේම්..පිංතූරෙ දැක්කම පේනව ඇති නේ බාන්ඩෙ සැම්සුන් කියලා..

සරලවම ගත්තොත් මේන්න මේ ටික තියෙනවා

Network/Bearer and Wireless Connectivity

  • GSM 3G, HSDPA / HSUPA
  • EDGE / GPRS Quad-band (850 / 900 / 1,800 / 1,900MHZ)
  • HSDPA 7.2, HSUPA 5.76 Mbps (900 / 2,100 MHz 3G Band)
  • Wi-Fi 802.11b/g/n (2.4Ghz)
  • Wi-Fi Direct available
  • GAP, GATT, A2DP, AVRCP, GAVDP, HFP, HID, HSP, MAP, OPP, PAN, PBAP, SPP
  • KIES support

Display

  • TFT
  • 262K
  • 3.5-inch
  • 320 x 480 (HVGA) pixels

Memory

  • 4GB Storage / 512MB RAM

OS

  • Android 4.1 (Jelly Bean)

Chipset

  • Single Core Application Processor
  • Cortex A9 1GHz Processor

Camera

  • 5 Megapixels Camera Resolution (Rear)
 මේක රුපියල් සල්ලි වලිං රුපියල් 20,000/=ක් වගේ ගානකට මට ගන්න පුලුවන් වුනා අරාබියෙ (UAE) ඉන්න යාලුවෙකුගේ මාර්ගයෙන්..මෙහෙ ටිකක් හෙව්වොත් රුපියල් විසි හතර දාහකට විතර ගත හැකි වෙයි.

මේ තියෙන්නෙ මේක ගැන යන දැන්විමක්..

මේ පෝන් එක ගැලක්සි වයි (Samsung galaxy Y) එකට වඩා හොඳයි..ඒ වගේම මේකෙ සිංහල අකුරු (Sinhala Unicode) බොහොම යසට පෝන් එක ගත්ත වෙලාවෙ ඉදල පේනවා..

ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි සිංහල හොදට පේන අඩුවට තියෙන පෝන් එකක් කියන එක.. මීට වඩා අඩුවට ඩයලොග් එකේ පෝන් එකක් තියෙනවා ඇන්ඩොය්ඩ් නමුත් ඒක ඇවිල්ලා ඇන්ඩ්‍රොය්ඩ් වල පරණ වර්ෂන්( Android 2.3) එකක්. මේක නම්(GT-S6810)  මූලිකව ස්මාට් පෝන එකක් ඔනි කෙනෙක්ට කියාපු බඩුව.

මේක2013 අවුරුද්දෙ අප්‍රේල් වගේ ආපු එකක්. තාම හරියට කවරයක් වත් හෙයාගන්න නැහැ.මගේ යාලුවො ගොඩදෙනක් අලුත් පෝන් එක අල්ලලා ටච් කරලා කාරිය එහෙ මෙහ ඔබලා කිව්වා පෝන් එක ඒ ගාන්ට වැඩිත් එක්ක කියලා..

මම මේ වගේම ඇන්ඩ්‍රොය්ඩ් තියෙන සෝනි පෝන් බැලුවා. සෝනි වල සිංහල හරියට පේන්නෙ නැහැ. රස්සාව වෙනුවෙන් වත් ඉංගිරිසි හරියට ඉගනගත්තෙ නැති අපි පෝන් එක වෙනුවෙන් ඉංගිරිසි ඉගන ගනීයැ. ඔන්න ඔහෙ සිංහල පේන වාසිය නිසාම සැම්සුන් ගැලක්සි පවුලේ අය එක්ක බැදෙන්න හිතුවා. හැබැයි මට නම් ගෙවපු ගානෙ හැටියට පෝන් එක හොදට වටිනවා..
සිහින දැකපු ස්ක්‍රින් සොට් එක.


11 comments:

  1. සිංහල සහය දක්වන ලෙස ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධනය කරන්නේ (දැනට) සැම්සුන් පමණි.

    ReplyDelete
  2. kohama hari kamak naha uba phone ekak gatane..ea ati.
    Jayawewa.

    ReplyDelete
  3. මමත් ෆොන් එකක් ගන්න ඉන්නේ.ඉතිං ලංකාවෙන් තමයි අපට ගන්න වෙන්නෙ.

    ReplyDelete
  4. හොඳ විස්තරයක්..බලමු අපිටත් එකක් ගන්න ලැබේද කියලා...

    ReplyDelete
  5. ඒ මේ දවස්වල මගේ හීන ෆෝන් එකනේ මෙයා අරගෙන තියෙන්නේ. මම තාම ප්‍රාග්ධනය රැස් කරනවා. රු. 20,000/- හොයා ගන්නකොට ෆෝන් එකේ ගාණ ඩබල් වෙලා තියෙයි ද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් බදු ආදිය වැඩිවුනේ නැත්නම් ෆොන් එක මුලින්ම එන මිලට වඩා පසුකාලීනව මිල අඩුවෙනවා.. කොහොම වුනත් මේ ගානට පරණ පෝන් එකක් ගත හැකි මිට වඩා හොඳ එකක්. නමුත් රූකාන්ත කියන සිංදුවක් තියෙන්නෙ විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගනී කියලා..ආන්න ඒ වගේ කවදාවත් සෙකන්ඩ් හෑන් පාවිච්චි කරපු පෝ්න් එකක් අලුත් පොන් එකක් නෙමෙයි නෙව..

      අලුත් එකක තියෙන ආතල් එක එතකොට මට දැනෙන් නැහැ..

      Delete
    2. ඒ සිංදුව කියන්නේ රූකාන්ත නෙමේ අතුල අධිකාරී.
      හොඳ ෆෝන් එකක්...
      ඕක පරිස්සම් කරගන්න...
      ජයවේවා!!!

      Delete
  6. මම දැක්ක ස්ක්‍රීන් සොට් එක අනුවනම් සිංහල රෙන්ඩරින් මාර විදියට දියුණු කරල තියනව.. දැංනම් ආසත් හිතෙනව ඇන්ඩොයිඩ් එහෙකට. ඇපල්(#Naya) ඇති වගේ..

    ReplyDelete
    Replies
    1. සිහින දැකපු සොට් එකත් අමුනලාම දැම්මා.. ඇපල් නං හොදයි ඉතිං ගනන් තමයි ඉවසන්න අමාරු..

      Delete
  7. මටත් ඔය කියන වර්ගයේ පෝන් එකක් ගන්න හිතිලා තියන්නේ.මගේ අතින් නැති වෙන සීන් එකක් තියන නිසා නොගෙන ඉන්නේ.මම තව අවුරුදු කීපයකට පෝන් වලට යන සල්ලි කලින්ම වියදම් කරලා නිසා, මොනවා හරි අමතර ඉන්කම් එකක් කඩා පාත් වෙනකල් ඉන්නවා කියල හිතාගෙන ඉන්නේ...

    ReplyDelete