Thursday, July 11, 2013

බස්වල වෙනුවට බයිසිකල් වලට හුරු වෙමු. (Lets move to bycycles)

  1. රාජ්‍ය අංශයේ ප්‍රබලත්වය විගනනය,පරිපාලනය සහිතව පාලනය වන දුම්රිය සහ ලංගමය පාඩු ලබයි.
  2. රාජ්‍ය අංශයෙන් පරිපාලනය වන දුම්රිය සහ ලංගමයේ සිටින නිළධාරින් බොහොමෙයක් පුද්ගලික බස් සේවාවන්හි සේවයේ නිරත සහ ඒවා පරිපාලනය කරන අයට වඩා උගතුන් බුද්ධිමතුන් වෙති. මේ ලංගම සහ දුම්රිය සේවාවන්ට බඳවා ගන්නා විටද අඩුම තරමේ සාමාන්‍ය පෙළවත් සළකා බලන බැවින් ලංගම සහ දුම්රිය යනු පුද්ගලික බස් සේවාවට වඩා උගතුන් සපිරි කෙම් බිමකි. 
  3. රාජ්‍ය අංශයට අයත් ආයතනයක් යනු ලේසියෙන් ගසා කෑම දූෂණය තිබිය හැකි තැනක් නොවේය. පුද්ගලික අංශයට වඩා විගනනය, ආයතන සංග්‍රහ, පරිපාලන කෙටුම්පත් නීති රෙගුලාසි සහිත තැනකි. එවන් පරිපාලනමය දේහයකින් සවිමත්ව සිටින දුම්රිය සහ ලංගමය යනු සුලුපටු තැනක් නොවේ. කුඩා බස් සේවාවක් වුවත් පාලනය කිරීමට නිළධාරින් බොහොමයක් අවැසි බව ලංගම දෙස බැලීමෙන් අපිට පෙනී යයි. 
  4. ලංගම සහ දුම්රිය පාඩු ලබන ආකාරය දෙස බැලූවිට අපිට කිසිසේත් පුද්ගලික බස් සේවාවන් ලාබ ලබනවා යැයි සීනෙන් වත් සිතිය නොහැක.
  5. සාපේක්ෂව බුද්ධියෙන් අඩු පිරිසක් අතින් පාලනය වන කිසිදු නීති රෙගුලාසි කොන්දේසි නැතුව දුවන පුද්ගලික බස් සේවාව අනිවාර්යෙන් ලංගමටත් දුම්රියටත් වඩා පාඩුය. 
  6. එබැවින් මා සිතන අයුරින් පුද්ගලික බස් සේවාවන්හි ගාස්තු ඔවුන් ඉල්ලන ප්‍රමාණයට වැඩි කල යුතුයැ. 
  1. එසේ වැඩි නොකල යුතු යැයි රජය සිතන්නේ නම් පවතින තත්වයන් යටතේ මෙ ්ගාස්තු වලට අනුකූලව  ලංගම සහ දුම්රිය සේවාව ලාභ ලබා එය සමාජයට මාධ්‍යට පෙන්විය යුතුයැ. 
  2. මෙවන් ආශ්චර්යමත් ගමනකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති අවස්ථාවක ලොවටම ආශ්චර්ය පෙන්වමින් සිටින අවස්ථාවක එයට බාධා කිරීමට පුද්ගලික බස් කරුවන්ට ඉඩ නොදිය යුතුය. ආශ්චර්ය රාජ්‍ය දේහය මගින් පාලනය වන අති කාර්යක්ෂම ලංගම සහ දුම්රිය සේවාවන් පාඩුවට දුවද්දි කිසිසේත් පුද්ගලික බස් සේවාව නම් ලාබ ව්‍යාපාරයක් විය නොහැක.
  3. මට සිතෙන අයුරින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කරුවන්ගෙන් රටට වින කෙලින්නට බලා සිටින එන් ජී ඕ කාක්කන්ගෙන් මානව හිමිකම් සංවිධාන වලින් සහ එල් ටී ටී ඩයස්පෝරාවෙන් කලු සල්ලි මුදල් ලබාගෙන ඒවායෙන් පඩි ගනිමින් පුද්ගලික බස් සේවාවන් රටට අහිතකර කුමන්ත්‍රන වල නිරත වෙයි. නැත්තං කොහොමද ඒ අය ලාබ ලබන්නෙ? 
  4. මේ කුමන්ත්‍රන සියල්ල අනාවරණ කරගෙන සියලු පුද්ගලික බස් සේවාවන් යලිත් ලංගමට පවරා ගැන්මට රජය ක්‍රියා කල යුතුයැයි මා සිතමි. 
බස් පෙරට අපි හරහට..

අද පිටපත අන්සතු දිනපොත් රචකයාගෙනි. 

9 comments:

  1. යමක් ඕනෑවට වඩා සංකීර්ණ උනාමත් අවුල්. රාජ්‍ය සේවයට වෙලා තියෙන්නෙත් ඒකයි. ඔක්කෝටමත් වැඩිය පෞද්ගලික අංශය නිශ්චිත එක් දිශාවකට ගමන් කරනවා[ලාභ ලැබී‍මේ දිශාවට]. රාජ්‍ය අංශයට ඒ වගේ දැක්මක් නෑ. ඕලෙවෙල් නැතත් පෞද්ගලික බස් එකක ඩ්‍රයිවර්ට කොන්දොස්තරට දවසට නියමිත ටාගට් එකක් තියනව. රාජ්‍ය සේවෙ ඉන්න අය රස්සාව කලාට එයාලට ටාගට් නෑ, කවුරුවත් දෙන්නෙත් නෑ. වෙනස ඒකයි.

    ReplyDelete
  2. වෙනස් විදිහට බලලා තියනවා
    (බස් එක්ක අයිති කරයක්ද?)

    ReplyDelete
  3. ඇත්ත ඇත්ත කතාව ඇත්ත...

    වෙළඳ දැන්වීමක් : රැඳී සිටින්න .මීළඟට කෝපි කඩේ .

    ReplyDelete
  4. කරුණු කාරණා එක්ක නං එකඟය. ඒත් අරයගේ පිටපතට නං ලංවන්නවත් බැරිය.

    ReplyDelete
  5. මට නම් නිකම් පිස්සු වගේ මෙයා.....

    ReplyDelete
  6. මම මේ පාර මගේ පා පැදිය හදාගෙන හොස්ටල් එකට ගෙනියන්ඩයි ඉන්නේ.

    ReplyDelete
  7. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. උඹේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි නැහැදිච්ච කම පෙන්න පෙන්න තොගේ බොග කඩමාල්ලෙ ලින්කුව හැමතැනම දාන එක. බ්ලොගක් හැදුව නම් ඒක ලියාගෙන ඉඳපං, එන එකෙක් ඇවිල්ලා කියවලා යයි. උඹ මැරෙන්න හැදුවට වැඩක් නැහැනේ.

      Delete