Tuesday, July 2, 2013

අභිමානී කැරපොත්තෝ (proud of ?)



මම ප්ලැන්ට් අර්ත් බලනවා... මේ පොටෝ එකේ ඉන්නේ ඉන්දුනීසියාව හරියේ තියෙන ලෝකේ ලොකුම හුනුගල් ගුහාව ඇතුලේ ඉන්න වවුලන්ගේ බෙටි වැටිලා හැදුන ගූගොඩේ ජීවත් වෙන මිලියන ගානක් කැරපොත්තෝ... මුන්ගේ මුලු ජීවිතකාලෙම ගෙවෙන්නේ මේකේ... මේ කැරපොත්තන්ට හිතන්න පුළුවන් උනානම් කොහොම වෙයිද... මේ ගූගොඩ උඩ ජීවත් වෙන කැරපොත්තන්ගේ ඇති කැරපොතු සමාජේ වෙනස් කරන්න හදන උන්...සදාචාරය හදන්න හදන උන්... හොඳට ගූ කාලා නිදාගන්න උන්... හැමවෙලේම කැරපොත්තියෙක් අදින්නේ කොහොමද කියලා ප්ලෑන් ගහන උන්... සෝසල් මීඩියා කැරපොත්තෝ... නණ ලළ බේදේ ගැන හිතන උන්... මනස කියලා දෙයක් තියෙනව නැද්ද කියලා තර්ක කරන උන්... කැරපොතු ජාතිය රැකගන්න මහන්සි වෙන උන්... ගේම් කාරයෝ.. හෙන වැදගත් සාධාරණ කැරපොත්තෝ... ‍එක්ස් කන්ඩායම් කැරපොත්තෝ... මේ හැම ජාතියකම කැරපොත්තෝ තම්න්ගේ මුලු ජීවිතේම ඒ වෙනුවෙන් කැපකරගෙන මේ ගූගොඩේ ඉඳීයි... :) ඒත් බාහිර ලෝකේ 99%ක් මෙහෙම සෙට් එකක් ඉන්නවද කියලවත් දන්නෑ..

මෙය වෙනත් අයකුගේ අදහසකි. ඒ මහතා නම සඳහන් කිරීමට අකමැතිය. 

15 comments:

  1. දූපත් මානසිකත්වය නොහොත් කොක්ක්‍රෝචස් මානසිකත්වය.....නෑ අපි දාමු කොක්ක්‍රෝචස් ආතල් කියලා....

    ReplyDelete
  2. ගුගොඩේ ඉන්නා මේ කැරපොත්තන් හැර වෙනත් ගුගොඩවල ද කැරපොත්තෝ සිටිත්ද?

    ReplyDelete
    Replies
    1. ESEYA KAKKA THUMANI, OYA SAMAHARA COMMENT KARAYOTH , CHOO, PADA, JEE GODAWAL WALAMA LAGA GENA INNE.

      Delete
    2. තමන් ගැන අවංකවම කතා කිරීම ගැන ඔබට මගේ ප්‍රණාමය!

      ඔබේ සෑම කමෙන්ටුවක්ම එක වගේ වෙන්නේ ඒ කැරපොතු ගතිය නිසා නොවෙද?

      Delete
    3. KAKKA KIYANNE KATADA KIYA OBA DANNAWA NE? e MAMA NOVA OBAMA KIYA.

      Delete
  3. වවුල්ලු බෙටි දාන එක කැරපොත්තන්ට විදේශාධාර වගේ ඇති

    ReplyDelete
  4. මෙවත් ගූගොඩවල් බොහොමයක් එක් වි සෑදුනි ගෝලය ගූගෝලය---> ගූගල් ලෙස හඳුන්වයි

    ReplyDelete
  5. ඇයි බන් බ්ලොග් ලියන කැරපොත්තෝ.වැටෙන කමෙන්ට් එහෙකට රිප්ලයි එකක් වත් නොදැන කැරපොත්තෝ.

    ReplyDelete
  6. ඔවා බලන්න එපා බං, උඹ නරක් වෙනව.

    ReplyDelete
  7. ඇයි ඕකේ ඇති කටින් බතල හිටවන කැරපොත්තෝ එහෙමත්! :D මාරු කතාව!

    ReplyDelete
  8. කෝ බං දාන කමෙන්ට් යක්කු කනවද දැන් දෙපාරක් දැම්මද කොහෙද

    ReplyDelete
  9. ඇයි තමුංගේ ආගමේ සෙට් එක ලොකු කරගන්ඩ ළමයි හදන්ඩ කිය කියා දේශනා කර කර බ්‍රහ්මචාරී (?) ජීවිත ගෙනියන උං...

    ReplyDelete
  10. ආයේ මොනාද හොරු සමග හෙළුවෙන් වගේ කවූරු කවූරුත් ඔය කියපු සාර්වත්‍ර කුලකයේ උප කුලක වලට දාන්න පුළුවන්.ඔකේ limit එක තමා ගූ ගොඩ හැබැයි ඉතින් limit එක ලොකු කරගත්තොත් තනිකරම තියෙන ගූ ගතිය පොඩි ගූ කැල්ලක් වෙනවා. ඒත් ඉතින් තාම NOLIMIT එකේ සීමාව පැනගන්න බැරි උන අපේ උන්ට ලිමිට් එක ලොකු කරගන්න උගන්නන්න එක පිස්සු හැදෙන වැඩක් තමා...

    ReplyDelete