Wednesday, September 18, 2013

සත පහක් දෙන්නැහැ ඕකුන්ට (Fucking Beggers)

හිඟන්නෙක්ට රුපියලක් හෝ සීයක් දුන්නා කියල අපි දුප්පත් වෙන්නෙ නැහැ. නමුත් මම හිඟන්නන්ට සල්ලි දෙන්නෙ නැහැ. 
ළඟදි දැක්කා පොරක් බොරැල්ලෙන් බස්එකට නැගල අලුත් විදියකට හිඟා කනවා. අපේ මල්ලිගේ ඔලුවෙ බෝලයක් වැදිල. මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර නැහැ. මං හොඳ කම්පැනියක රස්සාව කලේ. මගේ කකුලෙ ආබාධායක් නිසා නවතින්න වුනා රස්සාවෙන්. මං තැන් තැන්වල ඉඳන් නරක වැඩ කරන 3ර්ඩ් ක්ලාස් කොල්ලෙක් නෙමෙයි. මං හොඳට ජීවත්වුන කොල්ලෙක්. 

මූ ඔය අස්සට ඉංගිරිසි වචනත් දාල මූ හෙන පොෂ් සමාජෙන් හිඟන්නෙක් වෙච්චි බව පෙන්වලා ලොකු ගානක් බස් එකේ අය ගෙන් ගලවා ගත්තා. කෙනෙක් හිතන්න පුලුවන් ඒ කතාව හදිසියෙවත් ඇත්ත වුනොත් පවු නේද කියලා. ඒත් ඉතිං මටනම් කියන්න තියෙන්නෙ සොරි තමයි. මට දිරවපු නැති ලොකුම කෑල්ල තමයි මං තර්ඩ් ක්ලාස් කොල්ලෙක් නෙමෙයි කියපු කතාව. ඒ යෝදය පිළිගන්නවා තර්ඩ් ක්ලාස් කියල එකකුත් තියෙනවා කියලා. මිනිහ ඒකෙ නෙමෙයි කිව්වෙ හෙන ලොකු කමකින්. අන්ත අසරණ වෙලා ගොබ්බය වගේ පාරට වැටිල මිනිස්සුන්ට අතපාන අතරෙත් උගේ ලොකුකම ගිහිල්ල නැහැ. ඌ මාකටින් වලට හරි ලොකුකම විකුනනවා. 
ආත්මය නොව වාසනාව විකුනන වෙළඳ මහතෙක්
හිඟන්නො බිහිවෙලා තියෙන්නෙ අපේ ජීවිත වලට පිං කරන්න අවස්ථාවක් ලබාදෙන්න. අපි ඉස්කෝලෙ යන කාලෙ දෙනවා පිං පොත ලියන්න. හප්පා ඒක ලියන්න අමාරුයි අනික් හැම ගෙදර වැඩටම වැඩිය අමාරුයි ඒක. අම්මට පොල් ගෑවා..තාත්තට දර පැලුවා.. අක්කට තනියට ගියා. ආදි බොරු ගොඩක් ලියනවා ඒකෙ. හොඳම බොරු හොයන්න කියාපු පොතක් තමයි ඉස්සර පිං පොත. ඉතිං දැන් අපිට අද ලොකු මහත් වෙලා පිං පොතක් මේන්ටේන් කරන්න බැහැ. නමුත් අපේ හිත ඇතුලෙ තියෙනවා.. අඩෝ මං දැන් පිනක් කරන්නෙ ම නැහැ නේ.. කියලා. 

එහෙම හිත හිතා තැවෙන හිතට ඔන්න අස්වැසිල්ලක් එනවා හිඟන්නෙක් දැකලා.අනික හිඟන්න හරියට ක්ෂණික නූඩ්ල්ස් වගේ.. බතක් උයල හොද්දක් හදාගන්න අපිට පැය දෙකක් විතර යනවා. නමුත් හිඟන්නෙක් අපේ ඉස්සරහටම ඇවිත් අපිටත් පින් දීල යනවා එක රුපියල් දහයට. හරියට හොදි බත් මාලු පිණි උයන්නෙ නැතුව නූඩ්ල්ස් කනවා වගේ. අපිට සමාජයේ අසරණ මිනිහෙක්ට හෝ කන්ඩායමකට උධව් කරන්න ටිකක් අමාරුයි. ඒකට කාලය ශ්‍රමය ධනය සහ කැපවීම අවශ්‍ය වෙනවා. ඉතිං ඔය අමාරු වැඩ කරන්නත් අපිට කම්මැලියි. ඔය අතරෙ අපේ ඇස්පනාපිට අපිට පිං කරගන්න පුලුවන් අවස්ථාව හිඟන්නො විසින් සලසා දීල තියෙනවා. 

අපේ මූර්තිය කොපි කලාය..අපේ චිත්‍ර පල්ලියෙ ඇන්දය කියලා සමහර අය ක්‍රිස්තියානි ආගමේ පල්ලි වලට බැනගෙන යනවා. නමුත් ක්‍රිස්තියානි පල්ලිය කියන එක සමහර දේවල් වලදි අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. මං දන්න ළමා නිවාස කිහිපයක්ම ක්‍රමානුකූලව ක්‍රිස්තියානි පල්ලි වලින් පාලනය වෙනවා. නමුත් අපේ බෞද්ධ පිංවතුන් ඒ වගේ ළමා නිවාස, අනාථ නිවාස, අඳ ගොලු බිහිරි දරුවන් සිටින ස්ථාන හෝ අසරණ දුප්පත් ජනතාවට සේවය කරන්න සංවිධානය වීමේදී ටිකක් ෆේල් ගතියක් තමයි පෙන්නුම් කරන්නෙ. අද මහමෙව්නාව කියන ලොකු වෙළඳ නාමය යටතේ රට වටා කොන්ක්‍රිට් තට්ටු විශාල ගානක් ඇතිවෙලා තිබෙනවා. මේවා හරහා විශාල ධනයක් හුවමාරු වෙනවා. නමුත් ඔවුන් කොන්ක්‍රිට් වලට වියදම් කරන මුදල් වලට සාපේක්ෂව සමාජ සේවා වලට සල්ලි යොදවනව අඩුයි. 

මීට අවුරුදු හැට හැත්තෑවකට කලිං මාටින් වික්‍රමසිංහ ලියපු පොත්වල කතාවල හිඟන්නො ඉන්නවා. මං කෙටිකතා දෙක තුනකම දැකපු විදියට මාටින් වික්‍රමසිංහටත් තිබුන ලොකු ගැටලුවක් තමයි ඇත්තම හිඟන්නො තෝරා ගන්න එක. ඊට පස්සෙ කාලෙක නන්දසේන රත්නපාල මහත්මයා හිඟන්නන්ගේ රෙදි ගලවලා පොතක් ලිව්වා. නමුත් අපේ මිනිස්සුන්ගේ සෝබනයට හිගන්නන්ට සල්ලි දෙන එක නම් නැවතුනේ නැහැ. 

මම නම් මගේ ප්‍රතිපත්තිය විදියට හිඟන්නෙක් මං ඉස්සරහා යමා මහ පෙළහැර පෑවත් සත පහක් දෙන්නෙ නැහැ.

33 comments:

  1. මමත් හිගන්නන්ට සල්ලි දෙනවනම් අඩුම අඩුයි . හිගන්නොත් එක්ක ඇරගෙනත් තියනව සල්ලි නෑ කිව්වාම දිගින් දිගටම (කීයක් හරි දෙන්න පිංසිද්ද වෙයි මාත්තයා) කියපු අවස්තාථා වල .
    මේ මගෙ කුණු කමනම් නෙමේ . හිගන්නො හිගාකන විදිහෙ අඩු පාඩුවක් වෙන්නැති .
    අත පය හතර හොදට තියන් අරක්කු ටික බොන්නයි බීඩි මිටියටයි . කුඩු (හෙරෝයින්) වලටයි සල්ලි හොයන්න හිගාකන අයත් ඕනෑ තරම් දැකල තියනව .
    කලාතුරකින් ඇත්තටම අන්ත අසරනයොත් ඉන්න පුලුවන් ඒත් අතලොස්සක් .
    ලංකාවෙ හිගන්නො හිගාකන්න ගෙවල් ගෙවල් ගානෙ බස් රථ දුම්රිය ගානෙ මිනිහගෙන් මිනිහට අත දික් කර කර යන එක තමා දිරවන්නැත්තෙ .
    ඔයා කිව්ව වගේ පිං අවශ්‍යය අය ඉන්න පුළුවනි ඒ අතරෙ තව ඔයා හා මං වගේ අයත් ඉන්න පුලුවන් එතකොට තමා ගැටලුව මතු වෙන්නෙ අපි තරම්ම හිගන්නත් අපහසු තාවයට පත් වෙනනවා ඇති .
    කොහොමත් දැන් දැන් ලංකාවෙ හිගන්නො වැඩී වැහි වැහැල .

    ReplyDelete
    Replies
    1. මේ අපේ යාලුවෙක්ට කැළණිය පන්සලේදි හම්බුවුණ මනුස්සයෙක් කියපු කතාවක් "..............මහත්තයා මම මේ රස්සාව (හිඟන වෘත්තිය) කරලා තමයි මගේ ළමයි දෙන්නට උගන්නලා තට්ටු දෙකේ ගෙදරකුත් හැදුවේ" ............

      Delete
  2. මමත් බස් වල එන හිඟන්නන්ට. ට්‍රැෆික් ලයිට් ගාව ඉන්න උන්ට හා හැමදාම එකම තැන ඉන්න උන්ට සල්ලි දෙන්නේ නෑ. ඒත් කුඩු ගහන උන්ට නම් දෙනවා.. ගහලා මැරිලම පල කියලා..

    ReplyDelete
  3. හිඟන්නන්ගෙ මරු මරු උපක්‍රම තියෙනවා. ගොඩක් ඒවා මනෝ විද්‍යාත්මකයි. ඒවා දකිද්දි හිතෙනවා නන්දසේන රත්නපාල මහත්තයා තියන විදිහෙ හිඟන ටියුෂන් සිරාවටම ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ සමීක්ෂණ කරලා තියෙන්නෙ හැට ගන්නවල.. හැට ගනන් වල සමාජය තුල තිබුන සංවිධානාත්මක ගතිය පසුකාලීනව උඩ යටිකුරු වෙලා යනවා.. ඒ නිසා පසුකලෙක ශ්‍රී ලංකා වේ යාචකයා පොතටම නන්දසේන රත්නපාල මහත්මයම ලියපු පෙරවදනක තියෙනවා.. දැන් හිගන්නො කලිං හිගන්නන්ට වඩා වෙනස් කියලා..

      Delete
  4. මමත් ගොඩක් වෙලාවට බස් එකට එන සින්දු කියන බෝඩ් අල්ලාගෙන යන අයට නම් සත පහක් දෙන්න හිතෙන්නේ නැ මොකද කියල දන්නේ නැ බොරු කියලමයි හිතෙන්නේ... එත් ඉතින් ඇත්ත වගේ කියල හිතුන කෙනෙක් කොහේදී හරි දැකලා තිබුනොත් නම් නොදී ඉන්නෙත් නැ..

    ගොඩක් වෙලාවට හිගන අයගේ ටාගට් එක වෙන්නේ බස් වල ඉන්න කපල් වල කොල්ලා කියන එක මම හොදට දැකලා තියනවා. කෙල්ල ලගදි කොල්ලා නොදුන්නොත් අප්සෙට් ඇති කියලද කොහෙද හිතලා... එහෙම කරනවා දැක්කොත් නම් කොහොමවත් දෙන්නෙ නැ...

    ReplyDelete
  5. යකෝ, ඒකීය පුද්ගලයන් හිඟනන් වන්නේ තම කැමැත්තෙන් බව දන්නේ නැද්ද. හැම දේකම අවසන් තීරනය ඇත්තේ ඒකීය පුද්ගලයාටය. ඒකීය පුද්ගලයා කැමැත්තෙන් හිඟන විට සත පහක් නොදෙන ඔබ ඒකීය පුද්ගලයෙක් නෙවෙයිද??

    ReplyDelete
    Replies
    1. නෑ මං ඒකී පුද්ගලයෙක් නෙමෙයි. මොකද මට ඒ වචනෙ හරියට තේරෙන් නැහැ..

      Delete
    2. හික්ස් . . . . ... . මටත් පොඩි අණුකූල තාවයන් නෑ වගෙ දැණුන ( ඒකීය පුද්ගලය)

      ඉතින් ඇනෝ ඔය කියන. . . ... . ඒකීය පුත්ගලයා හිගනන් වන්නේ තම කැමැත්තෙන් අපේ කැමැත්තෙන් නොවන නිසා අපි සල්ලි දෙන්නෑ . . . ඕන්

      Delete
  6. මම නම් ප්‍රතිපත්තියක් විදියට හිඟන්නන්ට මුදල් දෙන්නේ නෑ. මම දෙන්නේ කෑම හෝ වෙනත් අවශ්‍යතා. කියන්නත් ලැජ්ජයි සමහර වෙලාවට වෙන සිදුවීම්. මේ ළඟදි දවසක මම නාවල මල් කඩයකින් මල් වගයක් අරන් එලියට එනවා. එක පාරට ආව ගෑණු කෙනෙක් මට ගහන්න වගේ එකපාරට ඇවිත් සල්ලි දෙන්න කියලා බල කලා. මගේ රියදුරාත් මේ වෙද්දි මට දුරින් හිටියේ. මම බය වෙච්ච පාරට තව පොඩ්ඩෙන් මට මිනී පෙට්ටියකම යන්නත් තිබුනා. මේක දැන් මට හිනා වෙලා මතක් කරන්න පුළුවන් වුනාට එවෙලේ මම ප්‍රෙසර් ඩවුන් කරගන්න බෙහෙතුත් ගත්තා.
    ලංකාවේ ඉන්නේ හිඟන්නෝ නෙමෙයි ඇත්තෙන්ම. අපියි හිඟන්නෝ උන්ට සල්ලි දෙන.

    ReplyDelete
  7. හිඟන්නන්ට සල්ලි දීලම දැන් මාත් හිඟන්නෙක් වෙලා

    ReplyDelete
  8. මනම් හිගනෝන්ට සල්ලි දීලාම ඇති වෙලා දැන් හිගන්නන්ට සල්ලි දෙන්නේ නැ.

    ReplyDelete
  9. ඉංගිරිසි කුණුහරුප ටයිටල් එකට දාන එක 'පොස්' නේද?

    ඔය වචනේ සිංහලෙන් දැම්මානං හු-යන්න දාලා ඊලඟට xx දාන්නත් වෙනවා...!

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමියෝ බහුල රටක.. සිංහල කුනු හබ්බ තහනම්. ඉංගිරිසි ඒවා ඔට්ටුයි !

      Delete
    2. සිරා ටෝක්(ස්)එක __ ස්Aම්(සෑම්)

      Delete
  10. මම නම් දෙන්නෙම නැහැ බං. රැපියල් 2000ක් එකෙක් මගෙන් ගැලෙව්වා. හිගන ටයිප් එකෙක් නෙවෙ. හොස්පිට්ල් එකේදි රිපෝට් එකක් ගන්න ඕන කියල අරන් ගියා එකෙක්. එදා ඉදන් හිගන්නෝ ඇවිත් සල්ලි ඉල්ලන කොට මම අර 2000න් දහය දහය අඩු කරල ගණන් හදා ගන්නවා හිතින්..

    :)

    ජය !

    ReplyDelete
  11. අද පෝදා ඔයා දැනට පිනට යමක් කාටවත් දෙන්නෙ නැත්නම් නොදී ඉන්න. ප්‍රශ්නයක් නැහැ. තමන් කරන දේ තමන්ට ලැබේවි. ඒ අතරෙදි මහමෙව්නාවේ වැඩ විවේචනය කරන්නත් පල්ලි වල වැඩ වලට සුදුහුණු ගාන්නත් යන්නේ මොකද? ඔබේ ලිපියෙන් මට නම් වැටහෙන්නේ මේක ලියල තියෙන්නේ බුදු දහමට බනින්න. ඔබට මහමෙව්නාව ගැන විවේචනය තියෙනවා නම් ඇයි එක කෙලින්ම කියල ලිපියක් ලියන්නේ නැත්තේ? එතකොට ඒක ගැන පුළුල්ව සාකච්චා කරන්න පුළුවන්. එහෙම නොලිය මෙහෙම වටෙන් ගහන්නේ ආත්ම ශක්තියක් නැති නිවටයෝ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  12. අද පෝදා ඔයා දැනට පිනට යමක් කාටවත් දෙන්නෙ නැත්නම් නොදී ඉන්න. ප්‍රශ්නයක් නැහැ. තමන් කරන දේ තමන්ට ලැබේවි. ඒ අතරෙදි මහමෙව්නාවේ වැඩ විවේචනය කරන්නත් පල්ලි වල වැඩ වලට සුදුහුණු ගාන්නත් යන්නේ මොකද? ඔබේ ලිපියෙන් මට නම් වැටහෙන්නේ මේක ලියල තියෙන්නේ බුදු දහමට බනින්න. ඔබට මහමෙව්නාව ගැන විවේචනය තියෙනවා නම් ඇයි එක කෙලින්ම කියල ලිපියක් ලියන්නේ නැත්තේ? එතකොට ඒක ගැන පුළුල්ව සාකච්චා කරන්න පුළුවන්. එහෙම නොලිය මෙහෙම වටෙන් ගහන්නේ ආත්ම ශක්තියක් නැති නිවටයෝ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පේන දකින දේවල් කියන්න වෙනම ලිපි ලියන්න ඕනි නැහැ.. මං ඔය ගැන කලින් ලිපියක් ලියල තියෙනවා.. එතන ඇවිල්ලා ඔය ගෝලයො රොත්තක් කමෙන්ට් කරලත් ඇති..

      හිගන්නොන්ට දීල හිත සනසවගන්නවාට වඩා ලොකු ආතල් එකක් මහමෙව්නාවට ගිහින් මිනිස්සු ලබනව ඇති.. කස්ටිය නයිට් කලබ් ගිහින් ආතල් ගන්නකොට තව අය සෙට් එකක් තමුන්ට වෙන්විච්ච අසපුවක් වාගේ තැනකට ගිහින් තමුන්ගෙ ආතල් එක ගන්නවා.. කිසිම වරදක් නැහැ..

      අපේ කොම්පැනියෙත් ඉන්නවා.. හැම පෝයටම ඔය අසපු ගානෙ යන හැම ඉවන්ට් එකටම සහබාගි හතර කොනින්ම බෞද්ධ වෙන අය... නමුත් ඒ ඔපිසු වලම වැඩකරන ක්ලිනින් මිනිස්සු ඉන්නවා කන්න නැතුව කුනු බාල්දි අහුලන් කන... මං ඒ ගැනත් ලියල ඇති...


      Delete
    2. අපිට ඉතින් දොළුකන්දත් මතකයිනේ,මේ රටේ ඊලග ව්‍යාසනේ වෙන්නේ ඔය අසපු තමයි ..

      Delete
  13. ඔය අත්දැකිම ගොඩ දෙනෙකුට තියෙනව.ඔක ගැන අටමත් සැරයක් ලියල තිබුන

    ReplyDelete
  14. සමාජයේ සද්ගුණවතුන් වගේ ඉන්න,නරිවාදං ගහන සමහරුන්ට උඹේ ලිපි හරියන්නැතිව ඇති.ඒත් දේශපාලන ලිපි හැරුනාම වැඩිපුර බලන බොග මේක

    ReplyDelete
  15. තමන් සන්තකයේ ඇති දෙයින් අල්පයක් තවත් කෙනෙකුට ලබා දීම ගැන මෙතරම් විවේචන ඇයි?.ඔබ අකමැති නම් යාචකයන්ට කිසිදු දෙයක් නොදී සිටියහැකිය.නමුත් එම අදහස සමාජ ගතකිරීම සුදුසුද?.සමහරවිට කෙදිනක අප කාහට වුවත් යම් අවස්තාවක සිඟා කෑමට සිදුවියහැකිය යන්න සිහියේ තබා ගතහොත් වැදගත් බව මගේ අදහසයි.මීට බොහෝ කලකට පෙර මා කුඩා පාසල් දරුවෙකුව සිටින කල මගේ බස් ගාස්තුවට ලැබුන මුදල නැතිවීම නිසා මහනුවර ප්‍රධාන බස් නැවතුමේ දී බයාදු මුහුණින් යුතුව මිනිසුන්ගෙන් මුදල් ඉල්ලු අයුරු මට කිසිවිටෙක අමතක නොවේ.

    ReplyDelete
    Replies
    1. යාචකයන්ට මුදල් දීමයි යාචකයන් ලෙසින් මුදල් ගරාගැනීමයි දෙකක් නෙමෙයිද? මේ අදහස් සමාජගතකිරීම තමයි විය යුත්තේ. එතකොට මේ යාචකයන් නිවැරදි මාර්ගයට එන්න ඉඩ වැඩි කියලායි මා හිතන්නේ. අනේ උඹ දෙන්නේ නත්නම් කට වහගෙන ඉන්න කියනවාට වඩා දැනුවත් කිරීමක් තුලින් නිවැරදිම කෙනාට මුදල් හෝ උදව් අවශ්‍යම කෙනාට ඒ ආධාරය කරන්න අපිට පුළුවන් වෙනවා නේද?
      හිඟන්නෙක් දැක්ක ගමන් ඉස්සර මම ගිහින් සපත්තු ඇඳුම් කෑම අරන් දීලා විතරක් නතර වුනේ නෑ සල්ලිත් දුන්නා. ඒ විතරක් නෙමෙයි මම තනියම ඇඬුවා. මගේ යාළුවෝ මට තේරුම් කරලා දුන්නේ නැත්නම් ඒ බොහොමයක් අය අසරණකමටත් වඩා මවා පෑමක් කරන්නේ කියලා මම අදටත් ඒ දේම කරයි. මුලින් මුලින් මිනිස්සු මට හිනා වුනත් එක්ක. ඒත් දැන් මම එතනින් එහාට ඇවිත්. දැන් මම උදව් කරන්නේ හොයලා බලලා. ඒක නිකම් ආවට ගියාට දෙන රුපියල් දහයට විස්සට වඩා බොහොම වටිනවා.

      Delete
    2. ඔබේ චේතනාව යහපත් වූ නිසා ඔබ කිසිවිටක රැවටී නැත.ඇමරිකාවේ, යුරෝපයේ පවා හොඳින් ඇඳ පැළඳ ගත් යාචකයන් සිටිනු දැක ඇත.කැමති කෙනෙකු ඔවුනට මුදලක් දෙයි,නොදෙන්නෝ නිහඬව යති.කිසිවෙකු තමන් රැවටුනායයි නොසිතයි.අපටද මෙසේ සිතන්නට බැරි ඇයි?.

      Delete
  16. වැලිමඩ කොළඹ බස් එකකට සෙනසුරාදා දවසක නැගපු පොඩි කොල්ලෙක් අත ඔපරේෂන් කරන්න අසූදාස් ගානක් ඕන. ඔපරේෂන් එකට තව පන්දාහක් විතර අඩුයි ඔපරේෂන්එක තියෙන්නෙ ඊළඟ අඟහරුවාදා කීවා. එදා බස් එකෙන් බැහැලා ගිය කොල්ලා ඊළඟ සතියෙත් ඒ බස්එකටම ගොඩවෙලා පරණ කතාවම කීවා. එදා රුපියලක්වත් එකතු කරගන්න දෙන්නෙ නැතිව බස් එකෙන් බලෙන්ම බස්සලා දැම්මා.

    ReplyDelete
  17. යාචකයා බොරුවක් කලත් නොකලත් ඒක එයාට.. අපි හිත හොදින් දෙන දේ අපිට... මම හිඟන්නන්ට සත පහක් දෙන්නේ නෑ කියලා කිවුවම පොරක් වෙන්නෙ නෑ..හිතේ තියෙන තණ්හාව නැති වෙන්නත් එක්ක කීයක් හරි‍ දෙන්න.. මගේ ගාව නම් මාරු සල්ලි තිබුනොත් අනිවාර්යයෙන් දෙනවා.. ඒ සල්ලි ඒ මනුස්සයා ‍මොකටද පාවිච්චි කරන්නෙ කියන එක මට අදාල නෑ..

    ReplyDelete
    Replies

    1. මචෝ ,අපේ හිත්වල තියෙන අනුකම්පාව සංවේදී කම අනිත් වුන් ගසාකනවා කියන එක මට දරාගන්න අමාරුයි.උන් කරන්නේ ජාවාරමක්.ඒකට උදව් කරන අයත් අපරාධකාරයෝ. උන් ඒවාට ඇබ්බැහි වෙනවා මිසක් ගැලවෙන්න බලන්නෑ.ලැබෙන්න ඕන ඈයන් කිසිම පිලිසරණක් නැතුව ඉද්දී හොරු ගසා කනවා.මේ රටේ කිසිම පිලිසරණක් නැතුව දුක් විදින අය කොච්චර ඉන්නවාද?

      Delete
  18. හිඟන්නන්ට දෙන සල්ලි මට දීපන්....එකවුන්ට් නොම්බරේ දාන්නද?

    ReplyDelete
  19. Mata sinhala font kotanna danne natha. Mage Balla wath hingannanta potta thambayak denne natha. Hethuwa maawa andawaa un hinaa wewee yana bawa maa danna nisaaya. Dawasak handi kollek wiridu keewoya.Ewita maage sitha pahadee pahan sanwegaya athiwee kollaata rupiyal 50 k dunnemi.Maa kanthawak bawada meya sidu wuuye 1990 dee bawada kiyawannange pahan sanwegagaya udesaa liyaa thabami.E wagath mesema............. GG

    ReplyDelete