Monday, September 23, 2013

කළුනික සෙවීම (Martin Wickrmasinghe's Traveling blog)

බල්ලෙකුට වඩා ලොකු සතෙකු ඇතුළු වනු වලක්වනු පිණිස තනන ලද මේ කටු කම්බි වැටින් මා රිංගුවේ ඉතා අමාරුවෙනි. මා කෝට් එක උනා දමා හතර ගාතෙන් වැටෙන් ඇදෙන්ට වෑයම් කරනු දුටු මගේ සොඳුර කෑ ගෑවාය. හතර ගාතෙන් කොග්ගලට ඇදුනු මා සිනාසෙනු දුටු අනික් ඈයෝ හතර ගාතෙන් නොගොස් ඇතුළු විය හැකි තැනක් සොයා පාදා ගත්හ.
8 වන පිටුව...
මාටින් වික්‍රමසිංහයන් මහා වියතකු ලොක්කෙකු ලෙස දකින අය අමාරුවෙන් වැටක් යටින් ඔහු රිංගුවාය,අවසර නොගෙන ඇතුල්වෙන්නට ගියාය යන්න සත්‍යක් ලෙස පිළිගන්නට මැලිවෙනු ඇත. නමුත් මාටිං වික්‍රමසිංහ යනු අපේම සැට් එකක මුරන්ඩු කොල්ලෙකු යැයි සිතෙන තරමට ඔහුගේ ක්‍රියා කාරකම් ඔහු විසින්ම මනාව මෙහි හඳුන්වා තිබේ. 

කොග්ගල ඔය එකල ආදිම යුගයෙහි පෘථිවියෙහි වූ ජලාශයන් මූකලාන් හා ගොඩ දිය සතුන් සිහිකරන මඩ වගුරු හා මහා  ගස් වැල් සහිත ඉවුරු ඇති දිය කඳක් වන් වීය. ඉවුරු අසල වැවුන කිරළ, කඩොල් කදුරු, කුඹුක් ආදි ගස්ද ගස් වටා වැවුනු මහා වැල්ද ආදි යුගයෙහි වැවුනු මීමන පඳුරු සිහිකරවන කැරන් පඳුරුද සුද්දන් විසින් විනාශ කරන ලදින් ඔයබඩ දැන් පෙනෙන්නේ සම තලයක් ලෙසිනි. කවර තැනකින් වුවද නදියට ළං වන්නකුගේ ඇසට දැන් හසුවන්නේ සුන්දර දැක්මකි. එහෙත් පෙර එහි ළං වූ නුවරුන් තුල පමණක් නොව ගැමියන් තුළද ගුප්ත හැඟීමක් බියක්, මහා අඳුරු උමගකට හෝ වනයකට හෝ ඇතුළු වූ විට හටගැනෙන හැඟීම වැනි හැඟීමක් ඇති කළ ගඟබඩ මඩ වගුරු හා ඒ වගුරු බිමේ තවත් අඳුරු කරමින් වැවුනු මූකලානද දැන් නොදක්නා ලැබේ. 
14 පිටුව 

පරිණාමවාදය හා ඒ ආශ්‍රිත ජීව විද්‍යාත්මක සංසිද්ධි සිංහල පාඨකයාට තේරෙන බසින් සත්ව සන්තතිය ලෙස පොතක් මුලින්ම එළි දැක්වුවේ මාටින් වික්‍රමසිංහ විසිනි. එතුමා ඒ තුලින් පරිණාමවාදය යන ගැඹුරු ජීව විද්‍යාත්මක කරුණ සාමාන්‍ය ජනයාට වැටහෙන ලෙස ඉදිරිපත් කරන්නට වැර වෑයම් කොට ඇත. මාටිං වික්‍රමසිංහ ගේ විද්‍යා හා තාක්ෂණ නුවන මේ ඉහත ඡේදයෙන් මොනවට පැහැදිලි වේ. 

මෙකල නගරයෙහි ගැහැනුන් පමණක් නොව පිරිමින් ද නාන්නේ ගෙයි අහු මුළුවල තනන ලද බිම් ගෙවල් වැනි නාන කාමර තුලට වැදීමෙනි; කෙසකිළියත් නාන ගෙයත් හැඳින්වෙන්නේ එකම නමිනි. අතීතයෙහි නගරයෙහි පිරිමින් පමණක් නොව ගෑනුන්ද නෑවේ තමන්ගේ සුන්දර දේහයන්ද රූ සපුවද පානු පිණිස කෙළියට වැදුනවුන් ලෙසිනි. කොග්ගල ගැහැනුන් හා පිරිමින් නෑවේ එකම ලිඳෙනි. තරුණයෝ තමන්ගේ රෙදි උනා පොල්ගස් මුල් වටා තබා, අමුඩයෙන් හෝ සරමෙන් හෝ විළි වසාගෙන ලින් කඳට ඈදන ලද ගල් තලය උඩ හෝ බිම හෝ සිට නෑහ. තරුණියන් හා මැදිවියෙහි වූ ගැහැනුන්ද රෙදි හැට්ට හා ආභරණ උනා පොල් ගස් මුල් වටා තබා තන පට බැඳෙන සේ ඇඳි දිය රෙදි ඇතිව ගොස් ගල් තලයේ අනික් පැත්තට වී නෑහ. කුඩා දරුවන් නෑවේ සෙළුවෙනි. අඩ සෙලුවන් නෑ ගැමි ගැහැනු පිරිමින්ගේ කයද කකුල්ද පිරිමිහු, කදිම උරහිස් ද හැඩහුරු දඟ ද බලා සන්තෝෂ වීමට ලැජ්ජා නොවූහ. දියෙන් තෙමීම නිසා ඇඟ බදාගත් රෙදි කඩ ඇති ගැහැනියකගේ පිටත් උකුළු පෙදෙසත් නග්න ප්‍රතිමාවක පිටිපසට නිගා කළේය. එහෙත් ඒ ගැහැනිය දෙස බැලූ කිසිවෙක් ලැජ්ජාවෙන් කර බා නොගත්තේය; යටැසින් ඈ දෙස නොබැලුවේය. එය ඔවුන්ට සුපුරුදු දැක්මකි. 
 17 පිටුව
වික්ටෝරියානු සමාජයේ අනුකාරක එවක ලාංකික නාගරික සමාජයේත් ලංකාවේ ඇත්ත ගැමියන්ගේත් වෙනස මනාවෙ මෙම ඡේදයෙන් නිරූපනය වෙයි. 
 
අදාල නැති පිංතූරයකි.

රේල්  පාලම අසල නදිය, කනු හා රිටි වැනි මුල් රාශියක උදව්වෙන් නැගී සිටින දැවැන්ත නුග ගසකින් සෙවන වෙයි. නුග ගසට මඳක් ඈතින් නැඟී සිටින කඩොල් ගස්වලින් ඇදී දියෙහි ගෑවෙන තුඩු සහිත මුල් වනාහි උඩුකුරු කරන ලද සිවලිංගයන් වැන්න. යටින් මඩද උඩින් අඳුරද ඇති මේ රුක් ගොමුව යට කුඩා ඔරු තුනක් හා එහි වාඩිවී නැති වූ දෙයක් සොයන මගේ යහළුවෙක්,“ මේ තොට නාන්ට තරම් පරිස්සම ්තැනැක් දැ“යි ඔවුන් එකකුගෙන් ඇසුවේය.

කඩොල් ගස් වල දියෙන් එපිටට ඇදුනු මුල් වල විශ්කම්භය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර දෙකකට වඩා අඩු මිස වැඩි වනුයේ කළාතුරකිනි. එවන් දියෙන් එපිටට වන් කයිරු මුල් කැල විසාල ගල් ගෙඩි වන් ශිව ලිංගයන්ට සමාන ලෙස දැකීම මාටින් වික්‍රමසිංහයන්ට පමණක් පෙනුන දෙයක් විය යුතුය.  

මෙවැනි මූකලාන් තමන්ගේ පරිසරය කොට ගෙන ජීවත්වන මනුෂ්‍යයන් අතර ගුප්ත විද්‍යා බහුල වෙයි. ගුප්ත විද්‍යා දියුණු වූයේ කඳු හා මහා නදීන් අතර හෝ තණ ඇතිරියෙන් වැසුනු මහා තැණිතලාවන්හි හෝ ජීවත් වූ මූල ආර්යයන් අතර නොව ඉන්දියාවේ අනික් ජාතින් අතරය. මූල ආර්යයන්ගේ දෙවිවරු ඉර, හඳ, තරු, වළාකුළු, මාරුතය ආදි සුප්‍රකට ධර්මතා මිස මහා වනයෙහි අඳුරෙහි හා මඩ වගුරෙහි සැඟවුනු ගුප්ත ධර්මතා නොවූහ. 
බණ්ඩාරවෙල, නුවරඑළිය ආදි කඳුකරයෙහි ජීවත්වෙන මිනිසුන්ගේ සිත් ගුප්ත ධර්මයන් කෙරෙහිත් අනිත්‍ය ධර්මයන් කෙරෙහිත් යොමු කෙරෙන දේ එහි සුළභ නොවේ. හැමදාම එක සේ පළාවනින් බැබලෙන තණ ඇතිරියෙන් වැසුණු කඳු එකිනෙකට උස්ව නැඟී සිටියි. සියක් අවුරුද්දක් ජීවත්වන්නා වුවද ඒ කඳු දකින්නේ කිසි කලක වෙනස් නොවන නොමැරෙන දේ ලෙසිනි. බැදි කඩ මෙන් කදු නියගින් වියලී නොමැරෙයි; වැස්සෙන් තෙමීමෙන් අලුත් පණ ලබා නොපිපෙයි. 

මෙය අවිද්‍යාත්මක ලෙස පෙනී ගියත් කඳුකර ශුෂ්ක පැතිවල ජනයා සැබැවින්ම එසේ ගුප්ත විද්‍යාවන් කෙරෙහි නොබැඳුනේ වීදැයි යන කාරනාව සොයාගත හැකි වන්නේ නියැඳි ගෙන පරීක්ෂා කිරීමෙනි. නමුත් බලංගොඩ ආදී කඳුකර පෙදෙස්වලින් හමු වෙන ප්‍රාග් යුගයට අයත් සොහොන්කොත් ආදියෙන් ආදි කල කඳුකර මනුෂ්‍යයාද මලවුන් විශ්වාස කලා යැයි හැඟෙන බව  මට සිතේ. 

“චී! ඔය වතුරෙන් මූන සෝදන්නේ කවුද? “යි කියයි.
වතුර වල අසල බිම ; මී හරකුන් විසින් පාගා මඩ වගුරකට හරවන ලද්දකි. කිරි කැඳටත් වඩා උකු දිය සහිත ඒ වතුර වසා සිටින මල් රේණූ, උණු කළ කිරි නිවෙන විට සෑදෙන යොදේ වැන්න. මම ඒ යොදේ ඉවත් කොට අත් ගොටුවෙන් වතුර ටිකක් ගෙන මුහුනෙහි ගෑවෙමි.
“චී!“
ගෑනුන්ගේ කටින් විදෙන මේ නිපාත පද නොතැකූ මම තුවායක් ගෙන මගේ මුහුණ පිසදමා එක ගැහැනියකගේ මල්ලෙහි වූ පුයර ටින් එකෙන් ගත් පුයර ටිකක් මුහුනෙහි දමා ඇතිල්ලීමි.
“ මුහුනෙහි මඩ ගාගෙන ඒවා වහලා පුයර දමා අතුල්ලනවා!“ යි කියමින් තරුණ ගැහැනියක් සිනාසෙයි.

මෙවන් වූ සාමාන්‍ය අය නොකරන එහෙත් වික්‍රමසිංහෝ සිය මොලෙන් කරන විකාර වැඩ රාශියක් මේ පොතේ අන්තර්ගතය. තමුන් සමග චාරිකා යන්නට එක්වුන ගැහැනුන්ගේ මිනිස්සුන්ගේ ගති සොබාවන් වලට හාස්‍යය යොමුකරන තැන්ද මේ පොතේ බහුලය. 

පිරිමිකමින් හා බල පැරකුමෙන් නම් කසුප් රජ ලක්දිව අනික් බොහෝ රජුන් ඉක්මවූවෙකු බවට සීගිරිය දෙස් කියයි. කය උතුරා යන තරම් ශක්තිය ඇතිව උපදින ඇතැම් දරුවෝ, කුඩා කලම ගෙදරින් පිට වී කෙළියෙන් හෝ මැරකමින් හෝ තමුන්ගේ සාහසික ශක්තිය පිට කිරීමේන සිත කය දෙක සැහැල්ලු කරගනිති. එයට ඉඩ නොලැබන දරුවෝ ගෙදර දෙවනත් කරමින් අතට හසුවන හැම දෙයක්ම උඩු යටිකුරු කොට පෙරළති. කසුප් රජ ද අපූර්ව ශක්තියක් ඇතිව උපන් බල සම්පන්නයෙකි. තමාගේ ගෙදරින් නොහොත් ලක්දිවින් පිට ගොස් මහා සටනින් අනික් ජාතින් පරාජය කොට මැඩීමෙන් තමාගේ ශක්තිය පිට කිරීමට කසුප් රජුට ඉඩක් නොලැබුනේ ලක්දිව පරිසරය හා ආගම එවැනි සිතුම් මඩින්නක් වූ බැවිනි. එහෙයින් ඔහු ලංකාව දෙවනත් කිරීමෙන් තමාගේ අපූර්ව ශක්තිය පිට කළේය. සීගිරිය ඔහුගේ බල පරාක්‍රමයත් දැඩි සිතින් සිහි කරවන ස්මාරකයකි. 
කාශ්‍යප රජ කෙරෙහි වූ මුරන්ඩු කම සීගිරිය නැමති අසහාය නිර්මාණය කිරීමට හේතු වී යැයි වික්‍රමසිංහ පවසා ඇත. 

මේ පොතේ එන බොහෝ මත ඔහුගේම ඒවාය. අනුරාධපුර පොලොන්නරුව හා අනෙකුත් ඓතිහාසික ස්ථාන ගැන මෙන්ම එවක සමාජයේ වූ දීන ගති ගැනද මේ පොතේ කරුණු හා විවේචන ඉදිරිපත් කොට තිබේ. මාර්ටින් වික්‍රමසිංහයන් එවක පැවති සෝබන බුදුසමය හා බුද්ධාගම දේව ආගමක් ලෙස ඇදහීම වන්දනාමාන කිරීම ප්‍රතික්ෂේප කලේය. ඔහු විසින් බුදු දහමේ ඇති දාර්ශනික සහ යථාර්ථවාදය ඉස්මතු කිරීමට උත්සාහ කලේය. යුරෝපයේ නව විද්‍යාත්මක අදහස් පල්ලිය හා බද්ධ නොවන පිට පාදිලි උන්නාන්සේලා ඒ විද්‍යාඥ ගොල්ලාට පදනමකින් තොරව බැන වැදුනේ යම්සේද එසේම මාටින් වික්‍රමසිංහයන්ගේ අවසන් කාලයේදී එවක බුදුසමය තුල වූ හරසුන් කොටස් විවේචනය කිරීම නිසා ඔහුට ස්වාමින් වහන්සේලාගෙන් අවලාද බොහෝ කොට වීය. 

මාටින් වික්‍රමසිංහ අවසන් කාලයේදී රචනා කල බවතරණය කෘතිය නිසා මාටින් වික්‍රමසිංහ ඒකාන්තයෙන් උපදින්නේ අපායේ බව කී ස්වාමින් වහන්සේලා එකල සිටියෝය. අද පවතින විද්‍යාත්මක දියුනුව සමග ඔහුගේ අදහසක් දෙකක් නොගැලපුනද ඔහුගේ අදහස් වලින් සීයේට අනූවකටත් වඩා අදටද එකසේ ගැලපෙයි. කෙසේ වුවත් අමුතු අදහස් ඇති සාම්ප්‍රදායික නොවූ මුරන්ඩු චින්තනයකින් හෙබි මාටින් වික්‍රමසිංහ ඉපදුනේ අපායක වුවද ඔහු අපායේද යම් සේවයක් කරමින් එහි සිටිතැයි මට සිතේ. ජීවත් වුනත් මළවුන් වැනි කළාකරුවන්, ග්‍රන්ථ කතුන් සහ පුවත් පත් කතෘවරුන් බහුල මෙකළ සිරිලකට එකල වූ මාටින් උන්නැහේ ගේ ලිපි වල කාරණා අදටද මහාර්ඝ සම්පතකි. ඔහුගේ ලිපි සහ පොත් අතර අදටද ඔහු අකාලික චරිතයකි.
  
මෙහි ඉහල කළු අකුරින් මුද්‍රිත කෑලි ගත්තේ කළුනික සෙවීම නැමැති මාටින් වික්‍රමසිංහගේ පොතෙනි. ඒ පොත මේ දිනවල නැවත මුද්‍රනය වී ඇත. පිටු 150ක් වූ ඒ පොත කදිම අකුරින්ද ලක්ෂණ සාමාන්‍ය කවරයකින්ද යුතුව රුපියල් 200කට පමණ මිල කොට ඇත. මා මෙය බන්ඩාරණායක ශාලාවේ මහා පොත් සල්පිලෙන් මිලදි ගත් බැවින් මට මෙයට වැය වන්නට ඇත්තේ රුපියල් එකසිය පනහක් වැනි මුදලකි. පිටුවක් රුපියලට බොහොම ලාබෙට ලැබුන මේ පොත මා හට නම් හොඳ ගමන් විස්තර සහ තොරතුරු ඇතුලත් වටිනා බ්ලොග් ලිපි රාශියක් කියෙව්වා වැනි හැඟිමක් ඇති කලේය.

20 comments:

  1. හැමදාම වගේ හොඳ පෝස්ට් එකක්..ඔය පොතේ පොටෝ එකක් ගහලා දාපන්කෝ අපිට බලන්න...පොතේ නම එහෙමත් පොඩ්ඩක් දාපන් ...

    ReplyDelete
    Replies
    1. //පොතේ නම එහෙමත් පොඩ්ඩක් දාපන්//මචං ටොපික් එක විතරක් බලල කමෙන්ට් කෙලින්න එපා... නිකමට බ්ලොග් එකත් කියවල බලපං...

      Delete
    2. පිස්සුද බං මූ ටොපික් එක කියවලාම නෑ. මැද්දෙන් මාර්ටින් වික්‍රමසිංහ කියන නම විතරයි දැකලා තියෙන්නේ

      Delete
    3. //හැමදාම වගේ හොඳ පෝස්ට් එකක්//

      මෙන්න රට හදන්න බ්‍රහ්ම ටෝක් දෙන එවුන්ගේ හිස් බව.
      මේ හිකනලා "කළුනික සෙවීම" කියන පොත ගැන දන්නත් නෑ, මාර්ටින් ගේ අනිත් පොත් ගැන දන්නෙත් නෑ, පෝස්ට් එක කියවන්නෙත් නැතුව කියනවා "හැමදාම වගේ හොඳ පෝස්ට් එකක්" .
      මුං වගේ ව්‍යාජ හොර යක්කු නේ ඉන්න තරමක් ඉන්නෙ.

      Delete
    4. @ අමිල
      යකෝ නමක් ගමක් දාද්දි කැපිලා පේන විදිහට දාන්න ඉගෙන ගනින්.. දෙයක් කිව්වම හුකන කතා කියන්නේ නැතුව අහන්න පුරුදු වෙයන්..

      @ ඇනෝ

      අනේ පලයන් බන් යන්න..

      Delete
    5. @ sahan මෙහි ඉහල කළු අකුරින් මුද්‍රිත කෑලි ගත්තේ කළුනික සෙවීම නැමැති මාටින් වික්‍රමසිංහගේ පොතෙනි. ඒ පොත මේ දිනවල නැවත මුද්‍රනය වී ඇත. පිටු 150ක් වූ ඒ පොත කදිම අකුරින්ද ලක්ෂණ සාමාන්‍ය කවරයකින්ද යුතුව රුපියල් 200කට පමණ මිල කොට ඇත. මා මෙය බන්ඩාරණායක ශාලාවේ මහා පොත් සල්පිලෙන් මිලදි ගත් බැවින් මට මෙයට වැය වන්නට ඇත්තේ රුපියල් එකසිය පනහක් වැනි මුදලකි.

      Delete
    6. @ සිතුම්

      මම මේ පෝස්ට් එක මුල සිට අගට කියෙව්වා.. වෙන එකක් තියා අන්තිම චේදේ ලියලා තියෙන්නෙත් මාර්ටින් වික්‍ර.ද කියලත් ආයේ බැලුවා..දැන් බලනකොට මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ " සහන් පෝස්ට් එක කියෙව්වද " කියන එකනේ..

      ඕනේ තරම් බ්ලොග් වල මම කියලා ඇති " නිදහසේ කියවන්න එන්නම් / පස්සේ කියවන්න ඕනේ / දැන් වෙලාවක් නැහැ " වගේ දේවල්.. එහෙම මම කියන්නේ ඇත්තටම කියවන්න වෙලාවක් නැතුව යන ඒවට...

      පස්සේ කියවලා හරි කමෙන්ට් එකක් දානවා..ඒ මගේ හැටි...

      මේ තියෙන්නේ උදාහරණ

      September 21, 2013 at 11:54 PM

      September 21, 2013 at 6:14 AM

      මම බොරු කමෙන්ට් දාන්නේ නැහැ..

      Delete
    7. me sahan kiyana eka podi koyil case ekak!

      Delete
  2. අගනා සටහනක් මිත්‍රයා

    ReplyDelete
  3. බලපන් ටී වී එකේ හොඳ දේවල් පෙන්වනවා නම් කොච්චර හොඳද කියලා. අර ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩ සටහන ප්‍රමෝට් කරන්න. ඇඩ් එකක් යනවා තිස්ස අබේසේකරගේ ඉස්ටයිල් එකට චන්දන සූරියබන්ඩාරයා ඉන්න, සිරස ටී වී එකේ. අපේ පොඩි මෑන්ට ඕක හිතට වැදිලා තියෙන්නේ. පොර අම්මත් එක්ක පොත් ප්‍රදර්ශනේට ගිහින් පොරගේ පොත් ගත්තට පස්සේ අම්මට බල කරලා මාටින් වික්‍රමසිංහගේ පොත් ඕන කියලා.. ඕන් උස්සගෙන ඇවිත් කියවනවා..

    ReplyDelete
  4. කළුනික සෙවීම අමාරු වැඩක් කියනවානේ. මේ පොත කියවලා මෙහෙම පෝස්ට් එකක් ලියපූ එකට ස්තූතියි.

    ReplyDelete
  5. උඹට මේ මම මේ කියන දේ මීටර් වෙලා තියෙනවද දන්නෑ..,
    උඹ ලියන ගොඩක් සටහන් වල මාර්ටින් වික්‍රමසිංහගේ රචනා විරිත ගෑවෙන නොගෑවෙන ගතියක් තියෙනවා..,
    ඒ උනාට මම මේ කියන්න හදන්නේ උඹ මාර්ටින් වික්‍රමසිංහ වගේ කියනවා නෙවෙයි.., ඒත් ඒ අර නොස්ටැල්ජියනු රහ පොඩ්ඩ පොඩ්ඩ උඹේ ලියවිලි වල ගෑවිලා තියෙනවා
    මේ කොමෙන්ට් එක කියවලා නොසලකා හැරපන්..,
    අර උඹේ මේ පෝස්ට් එකේ ෆොටෝ එකවගේ.., ලිපියේ හරයට කිසිම ගැලපීමක් නැති සටහනක්

    ReplyDelete
  6. කළුනික සෙවීම වැනිම පොතකි "උපන්දා සිට"...

    ReplyDelete
  7. ශිව ලිංග සඳහන දැක්කොත් මාර්ටින් වික්ස් ද සමරිසි යැයි ඇනෝලා පවසනු ඇත.

    ඔය වැටෙන් රිංගා කෂ්ටිය ගියේ කොග්ගල අධි ආරක්ෂක කලාපේ සඳහා රජයේ හමුදාවට පවරාගත් තමන් ගේ ගම, ගේ දොර බැලීමටයි.

    ReplyDelete
  8. ඇත්තටම මාර්ටින් වික්‍රමසිංහගේ වෙන පොත්පත් ගැන දන්නෙ නැහැ.ඒක නිසා මේක හොදා දනගන්න

    ReplyDelete
  9. ඇත්තටම මාර්ටින් වික්‍රමසිංහගේ වෙන පොත්පත් ගැන දන්නෙ නැහැ.ඒක නිසා මේක හොදා දනගන්න

    ReplyDelete
  10. අහෝ දුකකි !. ඊ පොත් කියවනවා ඇර කඩදාසි සුවඳ විඳිමින් පොතක් කියවන්න පිනක් නැති හැටි.

    ReplyDelete
    Replies
    1. හිහී . ට්‍රයි කරොත් බැරි කමක් නෑ ඉන්න තැනකට ගෙන්න ගන්නත් .
      ඒත් ආර්ථිකේ තමා ටිකක් විතර කේස් වෙන්නෙ . ඊට හොදා ඔයා කිව්ව වගේ ඊ බුක්ස්ම .
      එක පොතක් තියන් කඩදාසි සුවද බලන්න ඊ බුක්ස් කියවන්න . ඊ බුක්ස් කියවන ගමන් උක්ත පොතේ කඩදාසි සුවද විදින්න ලොල් .
      ____________________
      විහිළුවක් පමනයි .

      Delete
  11. නියමයි . නියම ලිපියක් ස්තුතියි

    ReplyDelete