Friday, September 13, 2013

ටෙලිකොම් ප්‍රශ්ණ (Telecom Problems)

ඩේටා මදි නේ.

දැනට හෝම් පැකේජයට දෙන ඩේටා මදි බව මගේ බොහෝ යාලුවො කියති. ආන්ඩුවේ ආයතනයක් වන විදුලි සංදේශ නියාමනය කරන තැනින් දාන රෙගුලාසි අනුවය අන්තර්ජාල කුට්ටි ලබාදිය යුත්තේ. ඒ අනුව ටෙලිකොම් ආයතනයට හිතු මතේ හෝම් පැකේජයට ලැබෙන දත්ත ප්‍රමාණය වැඩිකල නොහැක. නමුත් පොදුවේ ගත්කල තවත් ගිගාබයිට්ටු ප්‍රමාණයක් ලැබෙන එක වැදගත්ය. දැන් ලෝකයේ අධ්‍යාපනික වැඩසටහන් පවා අන්තර්ජාලයේ වීඩියෝ මගින් බෙදාහරිනු ලැබේ. ඒ අනුව අධ්‍යාපනික අඩවියකට ඇතුලත්ව සතියකට ගිගා බයිට් තුන හතරක වීඩියෝ කොටස් නරඹා අධ්‍යනය කරන අයකුට ටෙලිකොම් සබඳතාවය සෑහෙන්නේ යන්තමිනි. ඒ අනුව ආන්ඩුවේ තැනක් හැටියට මිනිසුන් ගේ අවශ්‍යතාවයන් සලකන කොම්පැනියක් විදියට වැඩිපුර දෙයක් මිනිස්සු ටෙලිකොම් එකෙන් බලාපොරොත්තු වෙති.

අපිට මොකටද පෝන් එකක්.

සුදු අධිරාජ්‍යවාදීන් රටවල් අල්ලා ගත් කල ඒ රටවලදී සිදුකරන ලද යුද්ධ වියදම් ආදිය ඒ රටවල ජනයාගෙන් තලා පෙලා බදු ලෙස අයකරගන්නට ක්‍රියා කලෝය. ඒ පෙලිම නිසා අමරිකාව සොයාගත්තේ බ්‍රිතාන්‍ය කාරයන්ට වුවත් අමරිකාව යටත් විජිතයක් ලෙස වැඩිකලක් තබාගන්නට  නොහැකි විය. එසේම කොම්පැනියක් සිය මෙහෙයුම් වියදම් පරිපාලන වියදම් සියල්ලම පාරිබෝගිකයින්ගෙන් කෙලින්ම අයකරගන්නට යෑම වූ කලී පාරබෝගිකයාට එපා වෙන සිද්ධියකි. එවන් අවස්ථාවල ආයතන නව තාලේ ව්‍යාපාරික යෙදවුම් හරහා පාරබෝගිකයින්ගෙන් වෙනත් ආකාරවලට මුදල් අයකරගන්නට ක්‍රියා කල යුතු වෙයි.

ටෙලිකොම් ආයතනයෙන් ලබා දෙන ස්ථාවර දුරකථනය ටෙලිකොම් සබඳතාවයක් ලබාගන්නට බොහෝ වැදගත්ය. ටෙලිකොම් ආයතනය පැත්තෙන් එම අංකය පදනම් කරගෙන සිය පද්ධති කළමනාකරනය කරගෙන යන බව මා අසා ඇත. නමුත් ටෙලිපෝනය පාවිච්චි නොකරන පාරිබෝගික මහත්වරුන්ට මෙය අමතර කරදරයකි. භාවිත නොකරන දුරකථනයක් තබාගැන්ම සැබැවින්ම පාරිබෝගික මහතුන්ට හිරිහැරයකි. එයින් ටෙලිකොම් ආයතනයේ වැරදි රිපොට් කිරීම හැර වෙනත් කිසිවක්නොවන බව මා මිතුරන් කිහිප දෙනෙක්ද මා සමග පැවසීය. නවීන තාක්ෂණානුකූලව සලකා බලා ටෙලිකොම් සබඳතාවය සමඟ අංකයක් පමණක් ලබාදී මේ ටෙලිපෝන් කොටස ඉවත් කිරීම වඩා උචිතය. මේ ආකාරයෙන් මානව පරිණාමනයේදීද මුල් කාලයේ මිනිසුන්ට තිබූ නමුත් පසුකාලීනව අවශ්‍යතාවයක් නොවූ බැවින් හීණ වු කොටස් ඇත. ඒ එකකි වල්ගය. මනුෂ්‍යයා සිටගෙන ඇවිදින විට වල්ගය හැලී ගියා සේම ටෙලිකොම් දත්ත සබඳතාවයක් නිවස ට ගන්නා විට ටෙලිපෝනයක් ද දිමේ පරණ සිරිත දැන් හැලී යෑමට නිසි කල් එළඹ තිබේ.

ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික භාවිතය.

අප කතාකරන්නේ අද නවීන ලෝකය ගැන වුවත් ටෙලිකොම් ආයතනයේ තුල විශාල තාක්ෂණික භාවිතයක් සිදු නොවන බව මට සිතේ. මා දන්නා ස්වාමින් වහන්සේ නමකට වෙනත් කටයුත්තකට විශාල දත්ත ප්‍රමාණයක් හැසිරවීමට අවශ්‍ය විය. වීඩියෝ අප්ලොඩ් කිරීම ආදි රූපවාහිනි සම්බන්ධ රාජකාරියකි හාමුදුරුවන්ට කරගන්නට තිබුනේ. ඉදින් ඒ සඳහා ෆයිබර් කේබලයක් ස්ථාපනය කරගන්නට අවැසි විය. මෙය ටෙලිකොම් ආයතනයෙන් ඇසූ විට ඒ සඳහා ටෙලිකොම් ආයතනයට ඇති හැකියාව සහ වැයවන මුදල ගනනය කරගන්නට මාසයක කාලයක් ගත විය.

මා අභ්‍යන්තර යාලුවෙකුගෙන් දැනගත් පරිදි එවැනි වැදගත් අවස්ථාවල ඉලෙක්ට්‍රොනික සිතියමක් හෙවත් ගූගල් මැප් වැනි පහසුකමක් ටෙලිකොම් ආයතනය සතුව නැත. එවැන්නක් තිබුනා නම් අදාල ස්ථානයට සම්බන්ධතාවය ලබාගත හැකිද? ඒ කෙතෙක් කාලයක් තුලදැයි යන කරුණ ඉතා අඩු කාලයකින් සනාථ කරගන්නට තිබුනි. නමුත් වෙනත් බොහෝ ජංගම දුරකථන සමාගම් වල ඔවුන්ගේ කුළුනු හා ඒ ආශ්‍රිත කරුනු බොහොමයක් ඉලෙක්ට්‍රොනික සිතියම් වලට දමා තිබේ. කේබල් මගින්ම දිවෙන ටෙලිකොම් ආයතනයද එසේ තමුන්ගේ ජාලයේ ඉලෙක්ට්‍රොනික සිතියම් තබාගන්නේ නම් මනාය.

දැන් සමහර විට පොඩි කෑම කඩ පවා අන්තර්ජාලයේ ගූඝල් මැප් වල ඇත. නමුත් ටෙලිකොම් ආයතනයේ ශෘඛා පිහිටා ඇති තැන් තවමත් ගූගල් මැප් එකට එකතු වී නැත. පාරිබෝගිකයාට තමුන්ට අවශ්‍ය සම්බන්ධතාවයන් ගැන දැනගත හැකි නව ජාල උපකරණ මිලදී ගත හැකි ආසන්නම ස්ථානය බලාගන්නට විදියක් නැත. එසේ ටෙලිකොම් ශාඛා සහ ටෙලිසොප් මධ්‍යස්ථාන ගූග්ල මැප් තුලට ඇතුලත් කල හැකිනම් එය මනාය.

පාරිබෝගිකයා සම්බන්ද වන තැනදී තාක්ෂනික දැනුම.

අද පාරිබෝගියාට අන්ර්ජාලය යනු මැජික් එකක්නොවේ. ටෙලිකොම් ආයතනයෙන් නිවෙස් වලට සහ ආයතන වලට යන සේවකයින්ගේ තාක්ෂණීක දැනුම ප්‍රමාණවත් නොවන බවත් අන්තර්ජාලය ගැන ඔවුන් එතරම් අවබෝධයක් නැති බවත් මා කිහිප තැනකදීම අසා ඇත. එසේම නව සබඳතා ආදිය සඳහා නිවෙස් වලට යන අය ටෙලිකොම් ආයතනයේ නොව වෙනත් කුඩා සමාගම ්වල අය වේ. එවැන්නන් කිහිප දෙනෙකු මා කෑම කන කඩයේ දිනක් කකා සිටියෝය. ඔවුන් කේබලයක් පහත් වීමේ සංසිද්ධියක් සම්බන්දෙයෙන් කතා කලෝය. ඔවුන් ඒ අවස්ථාවේ කේබලය පහත්වීමෙන් අගතියට පත් වයෝවෘදයෙක් බැනීමෙන් පසු ප්‍රති උත්තර වශයෙන් නැවත ඔවුන් ඒ වයෝවෘද්ධ මනුෂ්‍යයාටද බැනගන ගිය බව මහත් උජාරුවෙන් කීවෝය.

එවන් අවස්ථාවල වෙනත් කුඩා කන්ඩායම් වෙනත් සමාගම් වලින් ටෙලිකොම් වැඩවලට අනුයුක්ත කරන්නේ කුමක් හෝ හේතුවක් මත වුවත් ඔවුන්ද පාරිබෝගිකයින්ට මනාව සැලකිය යුතු බව කියා දිය යුතු වෙයි. එවැනි පාරිබෝගික කළකිරීම් නිතරම ඇතැයි පැමිණිලි එල්ල වෙන ආයතනයකි ටෙලිකොම්. මනුපොත, ටුවිටර ආදි තැන්වල සමහරු නිර්ධය ලෙස ටෙලිකොම් ආයතනයට බැන ඇත. ඒවාට පිළියම් නොයෙදුවොත් විශාල මුදලක් දැන්වීම් සඳහා වියදම් කලත් ටෙලිකොම් යන නම සවුත්තු වීම නිසා අලෙවිය පහල යා හැකිබව මට සිතේ.


 එක අලුත් කොම්පැනියක් ගිගාබයිට් තුන්සීයක් තුන්දාහට දෙන්න ඉන්නවලු.. එතකොට මුං ඉවරයි.. 


පුද්ගලික ආයතන කරලියට පැමිණීමත් සමග තමුන්ගේ දේවාල උත්සවයට දෙවියන් වැඩියා වැනිව ගිගාබයිට් සිය ගනන් ඉතා අඩුමිලට ලැබේ යැයි පාරිබෝගික මහත්වරුන් සිතා සිටිති. නමුත් එය මුලාවකි. ටෙලිකොම් පාර්ශවයේ යටිතල පහසුකම් නිසිලෙස සපුරා ගැනීමට විශාල මුදලක් ආයතන වලට වැයවෙයි. එසේ නැතිව අහසින් හෙලිකොප්ටරෙන් ටොපි බෙදන්නාක් මෙන් ගිගාබයිට් සිය ගනන් එකවර ආයතන වලට ලබාදිය නොහැක.

ලංකාවේ අත්දැකීම් අනුව සම්පූර්ණ පුද්ගලීකරනය වූ නිෂ්පාදන සහ සේවාවන්හි ගුණාත්මක බව සහ මිල යන සාධකයේ ලොකු වෙනසක් නැත. උදාහරණ ලෙස හයිලන්ඩ් කිරිපිටි සහ වෙනත් කිරිපිටි වර්ග වල මිලෙහි ලොකු වෙනසක් නැත. එසේම මොබිටෙල් හා වෙනත් සේවාවන්හි සැලකිය යුතු ගුණාත්මක වෙනසක්ද නැත. සතොස සහ ෆුඩ් සිටි සැලකුවද පෙනුම හැර ලොකු තත්ව පාලනයක් ෆුඩ් සිටි වලද ඇති බවක් නොපෙනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා  ධීවර ඇමති කල ආරම්භ කල සී ෆිෂ් නැමැති මාලු අලෙවි හල් කලක් ඉතා හොඳ තත්වයේ පැවතුනි. අලුත් මාලු අඩු මිලට ඒවායින් මිලදී ගත හැකි වූයේය. පුද්ගලික අංශය පවා මවිත කරන තත්වයක් සමහර සී ෆිෂ් ශාඛා වල විය.

 රාජ්‍ය දේහයේ යන්තම් ඇලී ඇති සමාගම් සම්පූර්ණයෙන් පුද්ගලී කරණය කල පසු එවැන් ආයතන විශාල ලෙස මහජනයාට සෙත සලසන්නේය යනු අප රට තුලදී මිත්‍යාවකි. එසේ සම්පූර්ණ පුද්ගලී කරණය තුලින් හොඳින් වැඩුනු ආයතන හෝ හොඳින් සේවාවන් සහ නිෂ්පාදන සිදුකරන එකදු ආයතනයක් හෝ මට නම් මතක් වෙන්නේ නැත. 


ආන්ඩුව නිකං බලං සිටීම. 
 
පාරවල් හදන්නට ආන්ඩුව බොහෝ මුදල් වියදම් කරයි. ලෝකයෙන් බොහෝ කොටසක් බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවති විසිවන සියවසේ මුල් භාගයේ යටත් විජිත රටවල් වල ඇති භෞතික සම්පත් වලට වටිනාකමක් ගන්නට විදියක් බ්‍රිතාන්‍ය යෝ කල්පනා කලෝය. ඒ අනුව ඒ බ්‍රිතාන්‍ය ආන්ඩු විසින් රටවල් අභ්‍යන්තරටය පහසුවෙන් ළඟා විය හැකිවෙන ලෙස දුම්රිය මාර්ග ඉදිකලෝය. පසුකලෙක ඔවුන් විදුලි සංදේශ ක්‍රමද හඳුන්වා දුන්නේය. එමගින් එක් එක් නගර ඇති භෞතික දුර අවම කරගන්නට හැකි විය. ඒ තුල යටත් විජිත රටවල ඇති සම්පත් කොල්ලකාගන්නට නිසි ලෙස හැකි වූ බව වාමාංශිකයෝ එදා කීහ. 

නමුත් අදද සංවර්ධනය යනු විශාල මාර්ග,විශාල ගොඩනැගිලි, වරාය වැනි දේවල් යැයි ලංකාවේ මිනිස්සු සිතති. පාලකයින් විසින් ඒ හා සමානවම විදුලි සංදේශ ක්ෂේත්‍රය ගැනද අවධානය යොමු කල යුතුයැ. අද වන විට කර්මාන්ත ශාලා මෙන්ම සංචාරක කර්මාන්තයේදීද අන්තර්ජාල සහ ජාල භාවිතයන් වැඩි වී ඇත. සංවර්ධනයේ සැබෑ උවමනාවක් ඇතිනම් ලංකාව තුල අන්තර්ජාලය ජනතාවට සමීප කරවීමේ වගකීමේ විසල්කොටසක් රජයට සහ පාලකයින්ට ඇත. දකුණු කොරියාව නැමැති රට සිය රටේ විදුලි සංදේශ ක්ෂේත්‍රය දියුනු විය යුතු ආකාරය ගැන වසර කිහිපයකට පෙර පටන් සියලු සැලසුම් සකස් කර ඒවා නිසි අයුරින් ක්‍රියාවේ යෙදව්වෝය. එහි රජය මගින් නිසිලෙස අධීක්ෂණය පරිපාලනය සහ අනුග්‍රහය ලැබුන නිසා අද වන විට ලෝකයේ අන්තර්ජාල වේගය වැඩිම රට ලෙස දකුණු කොරියාව පත්ව තිබේ. 
 
කුමන අඩුපාඩුකම් ටෙලිකොම් හි තිබුනද අසුවල් පුද්ගලික සමාගම අපිට මෙච්චර අඩුවට දේවි යැයි සිතා සිටීම යනු විහිලුවකි.  එසේ බොහෝ කල් සිට සමහර ඇත්තෝ සිතාගෙනද සිටිති. නමුත් එසේ ලාබෙට දීපු කෙනෙක් නැත. රජය සතු කොටස් සහිත ආයතනයක අයිතිය ලංකාවේ හුදු මහජනයාටද අයිති වේ. පාරිබෝගිකයින් එක්රැස්ව සිය අවශ්‍යතා ආයතන වලට කෙලින්ම පවසන්නේ නම් රජයේ කොටස් ඇති සමාගම් ලෙස ඔවුන් ඒවා සලකා බලනු ඇති යැයි මට සිතේ. වාසුදේව මහතා පසුගිය දිනෙක පුවත්පතකට පවසා තිබුනේ ආන්ඩු, නිළධාරින් සහ අධිකරන පද්ධති කෙසේ ක්‍රියා කලද ඒ සියලු අකටයුතු දේ මහා ජන සමූහයකගේ එකතු වීම් හරහා කරන බලපෑම් වලින් මර්ධනය කල හැකි බවකි. 

එසේ නොමැතිව ඔන්ලයින් පෙත්සම් වල ටික් එක දැම්මාට නම් ලංකාවේ ආයතන වල කිසිවක් වෙනස් නොවන බව මා හට නම් සක්සුදක් සේ පැහැදිලිය.

16 comments:

  1. නියමයි ලංකාවෙ නෙට් වලට තියෙන්නෙ ඒකාධිකාරියක් මොකද ලෑන්ඩ් ලයින් එකක් විතරයිනෙ තියෙන්නෙ . අනිත් සමහර (බොහෝ) රටවල රජයේ ලෑන්ඩ් ලයින් එකට අමතරව තව 4ක් 5ක් තියන නිසා අර කිව්ව ඒකාධිකාරිය තියගන්න බෑ එකෙක්ට එකෙක් අඩුවෙන් දෙන්න ට්‍රායිකරන නිසා පරිබෝගිකයින්ට මාර වාසියි -
    ලිපිය නියමයි ස්තුතියි

    ReplyDelete
  2. අමිල මේ වෙද්දී ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර සේවක ප්‍රශ්න තියෙනවා.. මෑන් පවර් එකක් පටලන් කරන විගඩම් එක්ක තත්වේ තවත් අවුල් වෙලා.

    රියදුරෙක්ගේ පඩිය 28,000 උනත් මෑන් පවර් එක හරහා එද්දී රියදුරාට ලැබෙන්නේ 17,000 ක් වගේ. ඉතුරු 11,000 ම යන්නේ හොරෙක්ට.


    මෙවැනි තත්වයක් තියෙද්දී කවදාවත් ටෙලිකොම් ආයතනයට ගුණාත්මක සේවයක් දෙන්න බැහැ.. හැම කාර්යාලයකම රණ්ඩු.. එක්කෙනාට එක්කෙනා නැහැ..

    ඉහත හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙට මුලත් ඕකමයි අමිල.. මැප් එකක් හදලා වැඩේ ගොඩදාගන්න කෙනෙක් නැහැ. කාටවත් වගකීමක් නැහැ.. එක්කෙනාගෙන් එක්කෙනාට බෝලේ පාස් වෙනවා විතරයි ..


    ඩේටා කෝටා එක තීරණය වෙන්නේ නම් ආණ්ඩුවේ උවමනාවට..TRC එකේ ඉන්න හරක් එක්ක මුකුත් කරන්න බැහැ. උන් එනවා අපිට රේඩියෝ රෙගිව්ලේෂන් උගන්නන්න .. ඒ නිසා කෝටා එක ගැන කතා කරලා වැඩක් නැහැ මෙතැන්..

    ReplyDelete
  3. අමිල ලියලා තියෙන්නේ නම් වැදගත් මතෘකාවක් ගැන. ඒත් ටෙලිකොම් එක කියන්නේ හොර ගුහාවක්. අපේ පැත්තේ (මාතර) ටෙලිකොම් එකේ බිල ගෙවන කවුන්ටරේ ඉන්නේත් 60 පැනපු ලේඩිස්ලා. කිබොඩ් එකේ කී එකක් ප්‍රෙස් කරන්න විනාඩි 05ක් විතර ගන්නවා. කාර්්‍යක්ශමතාව බින්දුවයි. කිසිම එකෙක් වගකිමක් ගන්නේ නැති කථාවනම් ඇත්ත. අපිට ඉතින් වැඩි ඩේටා ප්‍රමානයක් කියන්නේ සිහිනයක් තමයි..

    ReplyDelete
    Replies
    1. පුද්ගලික බැංකුවක කවුන්ටරයකුයි ඔය කවුන්ටරයකුයි ගත්තොත් ලොකු වෙනසක් තිබෙනවා.. මුදල් කවුන්ටර අසාර්ථක නම් එයට උදාහරන ගත යුත්තේ තවත් රාජ්‍ය ආයතනයකින් නොවෙයි.. පුද්ගලික ආයතනයකින් හෝ බැංකුවකින්..
      කාලයේ තාලයට ආකල්ප වෙනස් වෙලා නැහැ..

      Delete
  4. fb share parak damma wadagath post ekak himda machooo

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් අඩුවෙන් වෙන දෙයක්..

      Delete
  5. Replies
    1. හරි එහෙනං දැං මම මේ පෝස්ට් එක ඇසුරින් ප්‍රශ්න 3 ක් අහනව මේ මහත්තයගෙන්. උත්තර දෙන්න පුලුවන්ද. ඔන්න නරක ලමයෙක් වෙන්න බෑ. ආයෙ පෝස්ට් එක කියවන්න බෑ. හරිය..

      Delete
  6. ලාබෙට ඉන්ටෙනෙට් සදා සිහිනයක් වේදෝ ?????

    ReplyDelete
  7. nodakin okun mathak wenakotatah le unuwenawaa.
    itnishantha

    ReplyDelete
  8. Mata thiyenne upahara package eka.3GB night,2GB day time.E wunaata mage internet bill eka hamadaama Rs 4000/- paninawa.Kawru hari dannawanam meeta wada laabha package ekak kiyanna.

    ReplyDelete
    Replies
    1. එටිසලාට්, හච් වල වගේම අනික් මොබිටෙල් වලත් පැකේජ් තියෙනවා.. ඒ කම්පැනි වල ඔරිජිනල් වෙබ් සයිට් වලටගිහි් විස්තර බලාගන්න පුලුවනි..

      Delete
    2. I am currently using Dialog 4G LTE connection. 25GB for 1570/= per month with Tax. and best thing is the router is portable. no fixed antennas or anything like Lanka Bell. I think it is better alternative for customers who are searching for only data package. though it is cost 7790/= initially, one can save that money from 10months when comparing having a ADSL which costs about 2300/= per month even if he does not uses the telephone :) good post BTW.

      Delete
  9. Telicom is the utmost experience of unpleasant headache of internet.And it's a kind of cool theft of users money.A 0 service for the highest price.

    ReplyDelete
  10. Answer this, then. Dialog gives 3 GB for 50 rupees/6 hours unlimited for 100 rupees (plus VAT, of course) at night. This kind of setup is perfect for heavy downloaders, and I've been using it exclusively for my downloads, despite having a 40 GB per month (previously unlimited) SLT connection.
    If Dialog can give something like this, why can't SLT? Why are SLT's nighttime rates just as horrible as their daytime rates?
    Don't give me that "TRCSL doesn't let them" bullshit. If not for TRCSL, SLT would've gotten rid of our old connections entirely and given us 25 GB packs. We still have at least 40 GB only thanks to TRCSL.

    ReplyDelete
    Replies
    1. මහත්මයා දුම්රිය සේවය දන්නවා ඇති නේද ලංකාවෙ...දුම්රියට ඕනි විදියට මිනිස්සු යනවා විනා එහි මගීන්ට ඕනි විදියට ගැලපෙන කිසිම දෙයක් නැහැ නේ...ඒ යල්පැනගිය රාජ්‍ය යාන්ත්‍රනයේ ඉතාම බලගතු තැනක්...
      තවමත් මම හිතනවිදියට ටෙලිකොම් ආයතනයේ ඇටම් බැහැගත්ත අය ඉන්නෙ අර ඉස්සරම කාලෙ තැන..
      එයාලට ඔය කිසි දෙයක් අදාල නැතුව ඇති.. කෝමහරි මාසෙ අන්තිමට පඩි ලැබෙනවා අවුරුද්ද අවසානෙ බෝනස් ලැබෙනවා..

      Delete