Tuesday, September 17, 2013

පරඬැල් වෙච්චි අපිට මොන පෙඩරල්ද? (What is Suitable for North)


සංවර්ධිත පාරක් සහ එහි යන දියුනු වාහනයක්.
මලක් නැති ගසේ .. කොළයක් හැදිලා..
පලක් නැති වුවත්... ගහේ කොළයක් හැදිලා..
කොලයක් නෙමෙ බං.. ඒ ඉටිකොලයක්..
නිල්,රතු හෝ කොළ පාටට ඒ ඉටිකොලයක්..

ඉඩෝරයට අහු වෙලා.. වතුර පොදක් දැක්කෙ නෑ..
පොඩි එකාට බොන්නවත්.. වතුර ටිකක් නෑ..
ළිදේ අඩිය හඳ තරමට ..ඈත පේනවා..
ඒකෙ පතුල හාරනකොට.. කිවුල උනනවා..

පපු කැවුතු දිගේ..බොකු කෑලි දිගේ..
ඇදෙන ලේ කඳේ...අපේ...කිසි ගුනක් නැතේ..
බොර පාට මඩ වතුර..
පොදක් වැවේ තියෙන වා..
මාලු කොක්කු අපි ටිකක් ඒව නානවා..
පැන පැන ඒවා නානවා..

මහත්තුරු ඇවිත් වතුර බෝතල් දෙනවා..
එකපාරක් පුක හෝදන්නත් ඒ.. වතුර මදී..
නෝනල කොළඹ ඉඳන් අපේ ඇඟේ ඇට බලන්න එනවා..
ඇවිත් එහෙ ගිහිං ලෝකෙට අපෙ ඇට විකුනනවා..

බවුසර් එනවා.. ටැංකි බෙදනවා..
දැන්නං වතුර තියෙනවා..බොන්න අරක්කු දෙනවා..
චන්දෙ ඉවරවේවී.. ආපහු ටැංකි අරං යාවී..
උනුත් උඩින් යාවී... අපිට හුලං වේවී..

සාහිත්‍ය දන්නැතී.. ඉංගිරිසි දන් නැතී..
හරියට කලිසමක් නැතී.. අපිට දෙයියොත් නැතුවා..
අනේ වැස්ස වලාහකයෝ.. බොලැ අම්මට හැමිනෙන් නැතු.. වැහැපාන් දෙයියනේ..
අපිට නාල කියල වකුගඩ්ඩට කෙලවෙනකාල් වත් සතුටින් ඉන්න.. අනේ වැහැපාන් කෝ..

4 comments:

  1. තෙද බල ඇති කඳ සුරිඳුනි!
    ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි.

    ReplyDelete
  2. අමිල චතුරංග,
    තමුසේ මේ කවි, රචනා,
    කෙටිකතා,වගේ දේවල් දාලා,
    පොතක් ගහන්නේ නැතුව,
    තමුසෙගෙ ඇතුළේ ඉන්න,
    නිර්මාණකාරයාට පට්ට අසාධාරණයක්,
    ඕයි මේ කරන්නේ...

    ReplyDelete