Thursday, October 24, 2013

උබන්ටු 13.10 ඒකත් කලිං වගේම අජූතද?

ලංකාවෙ පරිඝනක භාවිතා කරන අයගෙන් අති බහුතරය භාවිතා කරන්නෙ වින්ඩොස් හොර කොපි. මේ ලංකාවෙ සාමාන්‍ය පරිඝනක භාවිත කරන කෙනකුගේ පරිඝනකයකට නිකමට ඇතුලු වෙලා බැලුවොත් දකින්න තියෙන ඉතාම සාමාන්‍ය දෙයක් තමයි මැසිම භාවිත කරන කෙනාට වැඩිය මැසිමෙන් වැඩ ගන්නෙ වෙනත් පාර්ශව. මැසිමෙ සමස්ථ ධාරිතාවෙන් විශාලකොටසක් වෛරස් වලට හෝ වෛරස් ආරක්ෂන මෘදුකාංග වලට වැයවෙනවා. ඉතිරියත් ඉතිං මැල්වෙයාර් වලට සහ වෙනත් කේස් වලට වියදං වෙනවා. දාගෙන ඉන්නෙ ක්‍රැක් වර්ශන් එකක් නම් බොහෝවිට මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන(update)නොවීමේ ගැටලුවක් මතු වෙනවා. 

උබුන්ටු වලට වෛරස්(virus) එන්නෙම නැද්ද?

ඒකට හේතු කීපයක් තිබෙනවා.එකක් තමයි ලිනක්ස් කොයි තරම් හොඳ වුන්ත ලොකු මාකටින් කැම්පේන් නැති නිසා මිනිස්සු අතර ජනප්රිය නැති එක සහ යූසර්ලා අඩු එක. යූසර්ලා අඩු ඕ ඇස් එකකට වෛරස් හදනවාට වඩා වාසියි ගොඩක් අය පාවිච්චි කරන වින්ඩොස් වගේ එකකට වෛරස් හදන එක.  කෝම උණත් මම ලිනක්ස් පාවිච්චි කරන්නෙ 2007 ඉඳන්. මේ වනතෙක් මගේ මැසිමකට දන්න කියන කාලෙක වෛරසයක් ඇටෑක් කරලා ස්ටක් වෙලා නැහැ. වෙනත් පොඩි පොඩි ඩ්‍රයිවර් කේස් අනම් මනම් ගියත් මැෂින් ස්ටක් වෙච්චි වාර ගාන නම් ඉතාම අඩුයි. 

උබුන්ටු 1310 මාස නවයයි නේද?

උබුන්ටු අලුත් දිගු කාලින සංස්කරණ විදියට උබුන්ටු 1404 නිකුත් කරන්න හිතාගෙන ඉන්නවාලු. ඒනිසා උබුන්ටු ලාගේ 1310 මෙහෙයුම් පද්ධතිය සඳහා යාවත්කාලීන කිරීම් කරන්නෙ මාස නවයක් විතරයි. කොහොම වුනත් ඊළඟ මෙහෙයුම් පද්ධතිය ආවම අපිට මාරුවෙන්න පුලුවන් නිසා ලොකු අවුලක් නම් මතු වෙන්නෙ නැහැ. මංගාව තියෙන ලැප්ටප් එක දුර්ලභ එකක්. ඒකෙ වෙනම පොඩි වීඩියෝ කාඩ් එකක් කාරිය තියෙනවා. ඒත් ඒ මැසිම උබුන්ටු 1310 එක්ක බබා වගේ වැඩ. තව ඉතිං අපේ බෝඩිමෙ තියනෙ හුවායි ඩොංගල් ජාති හතරක්ම යසට අලුත් උබුන්ටුවත් එක්ක වැඩ කරනවා.

ඔය අලුත්ම එකේ තියෙන වැඩකිඩ මොනවද?

මේකෙ කියලා මහා ලොකු වෙනසක් නම් වෙලා නැහැ. ඒත් ඉතිං හැමදාම වගේ පෙනුම වෙනස් වෙලා තියෙනවා. උබුන්ටු වල තියෙන එක වාසියක් වෙන විශාල ගනනක් මුහුනත් හෙවත් ඩෙක්ස්ටොප්(KDE,gnome,Xfce,LXDE) පාවිච්චි කරන්න පුලුවන් එක. අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට අපිට පෙනුම වෙනස් කරගන්න පුලුවනි. අඩු හාඩ්වෙයාර් වලට අවශ්‍ය විදියට අපිට උබුන්ටු ලබාගන්නත් පුලුවන් එක එක වර්ශන් වලින්. මේ අලුත්ම උබුන්ටු ජාතිය ඒ ආර් එම්. (ARM core)එනම් මොබයිල් පෝන් වලට සවිකරන ප්‍රොසෙසර සඳහාද සහයෝගය දක්වනවා කියලා සඳහන් වෙනවා. ඒ කිව්වෙ මා කලිං ලිව්ව රාස්බෙරි පයි වාගෙ එකකට මේ උබුන්ටු 1310 ලේසියෙන්ම සහයෝගය දක්වනවාලු. මේ පොඩි ඒ ආර් එම් ප්‍රොෙසසර වලට සපෝට් කරන එකත් අලුත් දෙයක් නෙමෙයි කියලයි යාලුවො නම් කියන්නෙ. කලිං උබුන්ටු වර්ශන් වලත් ඒ ආර් එම් වලට වෙනම වර්ශන් එකක් ඇවිත් තියෙනවා. 

උබුන්ටු හැමෝටම හොඳයිද?

ඇත්තටම උබුන්ටු කියන එක හරි පුලුල් පරාසයක්. උබුන්ටු වලට එක එක කොටස් ඇතුලත් කරලා දාන ඇප්ලිකේශන්ස් වෙනස් කරලා එක එක ජාතියෙ උබුන්ටු සංස්කරණ නිකුත් වෙනවා.
මීඩියා වැඩ හෙවත් වීඪියෝ පොටෝ එඩිටිං සහ පබ්ලිෂිං වැඩ වලට හරියන්න මීඩියා උබුන්ටු (media ubuntu)කියලා සංස්කරණයක් නිකතු වෙනවා. 
පොඩි ලමයින්ට සහ ලොකු ලමයින්ට වටින මෘදුකාංග රාශියක් එකතු කරලා එඩියු උබුන්ටු (edubuntu) කියලා තවත් අධ්‍යාපනික මෙහෙයුම් පද්ධතියක්එනවා. 
ඒ වගේම තවත් උබුන්ටු ඇසුරෙන් නිර්මාණය වුන ලිනක්ස් මින්ට්(Linux Mint) වගේ මෙහෙයුම් පද්ධතිත් ගනනාවක් තිබෙනවා. 
අපිට වින්ඩොස් සෙවන් දාන්න නම් මැෂිමකට අවශ්‍ය කරන හාඩ්වෙයාර් ප්‍රමාණයක් තියෙනවා. උදාහරන විදියට දැන් පෙන්ටියම් 4 වර්ගයේ පරිඝනකයට වින්ඩොස් 8 කිට්ටු කරලා අපිට වෙබ් බ්‍රව්සින් කරන්න, සහ වෙනත් වැඩ කීපයක් එකවර කරන්න අමාරුයි. නමුත් උබුන්ටු වල තියෙන අලුත්ම වර්ශන් එකවෙන 1310 වර්ශන් එකත් පරණ පරිඝනක වලට දාන්න පුලුවන් විදියට ලුබුන්ටු(Lubuntu) සහ එක්ස් උබුන්ටු(Xubuntu) කියලා වෙනමම සංස්කරන එනවා. 

අලුත්ම එක ගත්තම තියෙන ආතල් එක මොකද්ද?

අපි අලුත් කලිසමක් කමිසයක් ගන්නෙ පරණ එක අඳින්න බැරි හින්දම නෙමෙයි නේ. පොඩ්ඩක් ඉතිං වැඩකෑලි දාල සෝබනයක් දාන්නත් ඕනි නේ.මොකෝ අපි සාන්තුවරු නෙමෙයි නෙව හැමදාම හම්පඩ අඳින්න.  අපි ගොඩ දෙනෙක්ට අර දොස්තරලා කාර් මාරු කරනවා වගේ ලැප්ටප් හෝ ඩෙක්ස්ක්ටප් අවුරුද්දෙන් අවුරුද්ද මාරු කරන්නත් වැඩිය සල්ලිය බාගෙ නැහැ නෙව. අනික ඒ වගේ මාරුකරලා අපට කොරගන්න මහ බක්කකුත් නැහැ නේ. මේ අලුත් උබුන්ටු ඕ ඇස් එක දාල ටිකක් ඒකට හුරු වුනාම අපිට වින්ඩොස් 8 භාවිත කරන යාලුවන්ට පේන්න පොඩි වැඩ කිඩ ටිකක් දාන්න හැකි.ඒ වගේම අලුත් ඇඳුමක් බෝනික්කාට ඇන්දුවා වගේ අලුත් පෙනුමක් අලුත් හැඩයක් ඔබේ පරිඝනක වැඩවලට ළඟා කරගන්නත් උබුන්ටු අලුත් සංස්කරණය හේතු වාසනා වෙනවා. 

 ඇපල් හරි වින්ඩොස් හරි දාල වැඩ පෙන්වන්න ගියොත් එක්කො හොරකොපි දාගන් ඕනි නැත්නම් සල්ලි දීල ගන්න ඕනි. උබුන්ටු ලැබෙන්නෙ තනිකර නොමිලේ. ඒ නිසා අපිට කිසි වියදමක් මහන්සියක් නැතුව ගිගාබයිට් එකක් වියදම් කරලා උබුන්ටු වලට මාරු වෙන්න පුලුවනි. දැන් ලේට් නයිට් පැකේජ් තියෙන නිසා රුපියල් පනහට වුනත් ගිගා බයිට් එකක් අපිට ලබාගන්න හැකි වෙනවා. 

ඕ ඇස් තුන හතර දැම්මම මැසිම කේස් වෙයිද?

මේක ගැනුලමයිට වගේ එන ජාතියෙ දරුණු ගැටලුවක්. ඉස්සර කාලෙ ටීවි එක ගත්තම ගෙදරකට ඒක අල්ලන්නත් වෙලාවක් තියෙනවා. පිහදාල උඩින් රෙද්දක් දාල ලස්සනට තමයි අපි ඒක පාවිච්චි කරන්නෙ. තාමත් පරිඝනකය කියන එකත් සමාරු ඒ විදියට භාවිතා කරන්න උත්සාහ ගන්නවා. ලැප් එක ගත්තාම මාස ගානක් යනකල් ඒකෙ එන අර ගැස්සීම් වලට ඔරොත්තු දෙන විදියට පැක් කරන ටේප් කෑලි ගලවන් නැහැ. පැක් එකේ එන පොඩි ස්පන්චි කෑලි පවා සමාරු කාලයක් පාවිච්චි කරනව. කොටින්ම මගේ යාලුවෙක් ටච් පෑඩ් එකට උඩින් අලවලා එන ස්ටිකරේ පිටින් ලැප් එක ටච් පෑඩ් එකක් යනකල්ම පාවිච්චි කලා. 

නමුත් දැන් පරිඝනක බොහෝවිට හදලා තියෙන්නෙ ටිකක් සැර පාවිච්චියට ඔරොත්තු දෙන විදියට. ඕක බබෙක් වගේ රැකබලා ගන්න ඕනි නැහැ. කකුල උඩ තියාගෙන මඳ ගැස්සීමක් යටතේ වුනත් පාවිච්චියට ගන්න පුලුවන් මට්ටමට තමයි දැන් ලැප් හදන්නෙ. මේ ලැප් වල ට හෝ ඩෙක්ස්ටප් වලට මෙහෙයුම් පද්ධති දෙක තුනක් දැම්මාය කියලා ලොකු අල ගෙඩියක්වෙන්නෙ නැහැ. ඕනිම නම් ඔෆිස් වැඩවලට වින්ඩොස් කොපියක් දාගෙන ඉන්ටනෙට් එකට ලොග් වෙනවිට උබුන්ටු හරි ලිනක්ස් එකකට හරි මාරුවෙන්න පුලුවන්. ඉන්ටනෙට් බ්‍රවුසින් වලට ලිනක්ස් හොඳයි කියන්නෙ ලිනක්ස් වලදි වෙන වෙන අනවශ්‍ය ටූල් බාර්, සොෆ්ට්වයාර්, ආදිය ඇවිල්ලා පරිඝනකයට ඇතුල්වෙලා කෝලං කරන්න තියෙන අවස්ථාව බොහොම අඩු නිසා. 

ලිනක්ස් ගැන අපි කියනකොට සමාරු හිතනවා අඩේ මේ මුං මේ අයිටී කාපර්ලා උන්ගේ ලොකුව කියවන්න මේ හදන්නෙ කියලා. ඇත්තටම දැන් උබුන්ටු හෙම හරිම පහසුයි පාවිච්චි කරන්න. ගොඩක් ග්‍රැෆිකල් ටූල්ස් ඒ කිව්වෙ පිංතූරෙ ඔබන කෑලි එනවා. කොමාන්ඩ් ගහන්න නැත්තටම නැති තරම්. තවදුරටත් උබුන්ට හෝ ෆෙඩෝර හෝ ලිනක්ස් පාවිච්චි කරනව කියන්නෙ ලොකු කමට හේතුවක්නෙමෙයි. අනික මම ඇවිල්ල අයි ටී කාපර කෙනෙක් නෙමෙයි. අපේ මහන මැසින් හදන කාපර් කෙනෙක් වෙච්චි අයියා කෙනෙක් වෙන ලක්මාල් කන්දෙවිතාන උන්නැහෙත් ළගදි ලිනක්ස් වලට මාරු වෙලා තිබුනා. 

ලක්මාල් අයියත් අයි ටී ගැන මහ පරතෙරක් දන්න මහ ලොකු අයි ටී පප්පෙක් නෙමෙයි. නමුත් ගෙදර පාවිච්චියට වැඩක් කොරගන්න ලිනක්ස් ඕ ඇස් එකක් පාවිච්චි කරන්න දැන් එතුමා දන්නවා. ලිනක්ස් වලට ආස කරන අයටත් නැති අයටත් උබුන්ටු 1310 හොඳ ලස්සන ඕ ඇස් එකක්. නැති ඇපල්, ජනේල ගැන වාත වෙවී ඉන්න නැතුව ඔබත් ට්‍රයි කරලා බලන්න අලුත්ම උබුන්ටු 1310 (Ubuntu 13.10) .

27 comments:

  1. ඔව් උබුන්ටු වල වැඩකරන එක ලේසියි ඇත්තටම. දැන් විතරක් නෙවෙයි ටික කාලෙක ඉඳන්ම ඒක සැහෙන user friendly. මම සරසවියේ දී අවසාන ව්‍යාපෘතිය තනිකරම කරලා නිබන්ධනය ලිව්වෙත් උබුන්ටු වල ඉඳන්...ඔය 2007 දී. මම ඔය මහ ලොකු ලිනක්ස් එකක් දැනන් හිටියේ නැහැ ඒ දවස්වල. දැන් ඉතින් ඊටත් වඩා ලේසි ඇති.
    ළඟදි ඉඳන් නම් OS X වලට මාරු උනා සම්ප්‍රදායික Windows ඉඳන් :)
    අමිල Raspberry pi එක්ක වැඩ කරලා තියෙනවද? මටත් පොඩි ආසාවක් තියෙනවා ප්‍රෝග්‍රෑම් කරලා බලන්න, ඒත් වෙලාව හොයාගන්න බැරි උනා තවම.

    ReplyDelete
    Replies
    1. රාස්බෙරි පයි එක අරගෙන ඕ ඇස් එක දාල වයිෆයි සෙට් කරගත්තාම යස අගේට වීඩියෝ ප්ලේයරයක් යූ ටියුබ් ප්ලේයරයක් විදියට පාවිච්චි කරත හැකි.. පොඩි පොඩි වැඩ කරන්නත් පුලුවන්ලු..
      මම නම් මොකුත්ම කරල නැහැ..නමුත් කරන්න ආසාව තිනෙවා.. උත්සාහ කරල බලන් ඕනි..

      Delete
    2. රාස්බෙරි පයි ඒ වර්ශන් එක හොයා ගන්න.. නැත්නම් අලුත් පික්32 සීරීස් එක ෆර්ම් වෙයා අතින් ඒ ආර් එම් කොර් ඉක්මවනවා..ඒ.ආර්.එම් එක විදියක ට්‍රෙන්ඩ් එකක් විතරයි..දැන් ඊට වඩා පහසු බලගතු කොර් තියෙනවා..

      Delete
    3. අඩේ උඹලට කිඋවට උඹලා විශ්වාශ කරන්නේ නැති වෙයි මන් රාස්පෙන් අපාචි එකත් රන් කරනවා server වගේ ඒවා රාස්පෙට කෙළිද්දී උඩින් ෆෑන් එකක් දාගනිල්ල

      Delete
    4. මේ කතාව මම ඇඩ් එකට කිව්වට.. රාස්බෙරි වලට කෙලින්ම උබුන්ටු දාන්න බැැහ කියලයි කියන්නෙ.. උබුන්ටු දාන්න නම් වෙනම උබුන්ටු එක සකාසා ගන්න ඕනිලු..
      ඇත්තටම උය ගැන මට ගැඹුරු දැනීමක් නැහැ.. දාන්න යනවා නම් කවුරු හරි ගූගල් කරලා විස්තරේ ටක්කෙටම දැනගෙන ඉන්න ක සරීර සවුක්කියට හොදයි..

      Delete
  2. ගෙදර දොරේ භාවිතයට ලිනක්ස් හොදටම හොදයි , දැනට තියෙන්නේ '' හන්තාන '' උබුන්ටු දාලා බලන්න ආසයි , මේ කාඩ් කනෙක්ෂන් එකෙන් බාගන්න එක තමා අවුල

    ReplyDelete
    Replies
    1. මචෝ ලිපිනය එවන්න. DVD එකක් එවන්නම්.

      Delete
  3. ලංකාවේ ඉන්න බහුතරයකට ඕක තේරුම් ගන්න අමාරුයි.. ගොඩක් අය Windows පාවිච්චි කරන නිසා ඒ අය GNU/Linux වලට එන්නෙ Windows Mind එකම ඔළුවෙ තියාගෙන ඇවිල්ලා, Windows වල තිබ්බ දේවල් ඒ විදිහටම කරන්න තමයි උත්සහ කරන්නෙ.. පොඩි වෙනස්කම් ටිකක් තිබ්බත් ඒවා එයාලා අල්ලගන්න උත්සහ කරන්නෙ නෑ.. GNU/Linux එක්ක වැඩ කරද්දි නම් Terminal එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ, මොකද Graphical Interface වලට කරන්න බැරි ගොඩක් දේවල් Terminal එකෙන් කරගන්න පුළුවන්, ගොඩක් වෙලාවට මතුවෙන ප්‍රශ්ණ Terminal එකෙන් ක්ෂනිකව විසදගන්න පුළුවන්, ලංකාවේ බහුතරයක් Ubuntu, Fedora, Linux Mint වගේ Operating System එක පාරක් හරි පාවිච්චි කරලා ඇති, ඒත් ප්‍රශ්ණයක් අවාම Windows තමයි දෙයියා කියලා හිතන්නෙ. එතකොට Linux මහ චාටර්, කුජීතයි, පතයි, මෙලෝ රහක් නෑ කියලා යන්න යනවා.. ඕකයි සාමාන්‍ය සීන් එක.... Ubuntu වලට Virus නැත්තෙ Users ලා Windows තරම්ම නැති නිසා නෙවෙයි, Ubuntu වල තියෙන Supper User Feature එක නිසා, ඒ නිසා කොච්චර Virus තිබ්බත් ඒවා RUN වෙන්නෙ නැහැ... Linux Kernel එකට දවසකට Patches 143ක් පමණ යොමු කරනවා, Open Source කියන්නෙ Community එකක්, මු ලෝකේම ඉන්න Developers මේකට දායක වෙනවා.. Linux වලට ආදුනිකයෙකුට Ubuntu එක්ක පටන් ගන්න එක ගොඩක් ලේසියි.. Ubuntu is most popular "free" OS :) දිගටම ලියන්න සහෝ.. Ubuntu ගැන... අපි එනවා කියවන්න :) තව දෙයක්, Linux ගැන කතා කරද්දි GNU අත්හරින්න එපා... Linux is only monolithic kernel it's not a operating system without GNU project

    ReplyDelete
    Replies
    1. ඇඟිලි දහයකින් කරන වැඩ එක ක්ලික් එකෙන් කරන එක අමාරුයි.. ඇත්තටම කමාන්ඩ් ලයින් ස්පීඩ්. නමුත් අලුත් අය ගොඩක් මුසු වෙන්නෙ ග්‍රැෆිකල් ඉන්ටෆේස් එකට..
      සාමාන්‍ය කන්තෝරුවක භාවිතයට ගන්න නම් ඔය කමාන්ඩ් ලයින් එක ඕනිම නැහැ. නමුත් ඉතිං වැඩක් ඉගෙනගන්න අලුත් දෙයක් කරන්න නම් කමාන්ඩ් හුරු වෙන එක වැදගත්.

      Delete
  4. මමත් කාලයක් තිස්සේ පාවිච්චි කරන මගේ හැටියට පට්ට ඔපරේටින් සිස්ටම් එකක් මේක. ඉස්සර කාලේ අපේ යාලුවෝ අන්තර් ජංජාලෙන් සිඩි 10 - 15 ඉල්ලද්දී මම හැමදාම උබුන්ටු සයිට් එකෙන් ඉල්ලුවේ එක සිඩි එකයි. එක හින්දද මන්ද මම ඉල්ලපු හැමදාම වගේ මට උන් තැපැල් කරලා තිබුණා. දැන්නම් ඉතින් බාගන්න එක තමා කරන්නේ :)

    ReplyDelete
    Replies
    1. දැන් සීඩී කැම්පේන් එක නෑ මං හිතන්නේ... දැන් තියෙන්නෙම බාගන්ඩ දෙක එක විතරයි !

      Delete
    2. දැන් උබන්ටු ලංකාවෙනුත් දෙන නිසා බොහොම ඉක්මන්ට ඩිරෙක්ට් ඩවුන් කරන්න පුලුවනි.

      Delete
  5. උබුන්ටු වලට වඩා මම නම් ආස රෙඩ් හැට් වලට ! රෙඩ් හැට් ලින්ක්ස් පංකාදුයි.. හැබැයි උබුන්ටු වගේ නොමිලේ ලැබෙන්නේ නෑ.. රෙඩ් හැට් වල නොමිලේ ලැබෙන එකම වර්ශන් එක සෙන්ට් ඕස් විතරයි :)

    ReplyDelete
    Replies
    1. ඕපන් සූස් එකත් නිකං දෙනවා නේද? වැඩි වැඩ කෑලි තියෙන ඒ ඒ රාජකාරිවලට විශේෂයෙන් හදපු ඒවා නම් ඉතිං සල්ලි දීලා ගන්න එකම හොදයි. මම නම් හිතන්නෙ දෙයක් නිකංම දෙනකොට ඒකෙ පැවැත්ම ගැන ලොකු ගැටලු ඇති වෙනවා.
      ඒ ඩිවලපර්ලගෙන් පූර්ණ කාලිනව ඔය වැඩ කරන අයට හරි ආදායමක් එන්න සුලු මුදලක් අයකලාට කමක් නැහැ. දැන් අපි වින්ඩොස් ගන්නවා නම් අවම ඩොලර් පනහක් විතර යනවා නෙව.. උබුන්ටු ඩොලර් 5කට ගන්න පුලුවන් කියන්නෙ සැලකිය යුුත ලාභයක්..

      Delete
  6. මම නම් තාම 12.04 :)

    ReplyDelete
    Replies
    1. කීමට කිව්වාට අනෙක් පස්සෙ ආපු ඩිස්ට්‍රෝස් වල ලොකු අවුලක් නැහැ.. දැන් කර්නල් එක ස්ටේබල් නිසා බග්ස් එනවා අඩුයි කියලයි කස්ටිය කියන්නෙ..

      Delete
  7. මාත් Ubuntu 10.10 වලින් පටන් අරන් 12.04 වලින් තමා දැන් වැඩ. 13.10 දාගත්තේ නෑ ඉක්මනින් replace වෙන නිසා.
    ඇත්තටම හරිම පහසුයි ඒවගේම් PC එකත් අවුලක් නැතුව දුවනවා.. WINE/WINETRICKS දාගත්තාම අවශ්‍ය windows applications උනත් දාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. වයින් වලින් දාන්න පුලුවන් ඇප්ලිකේෂන්ස් රේන්ජ් එකක් තියෙනවා. ඇත්තටම උබුන්ටු වලට මයික්‍රොෙසාෆ්ට් ඔපිස් දාගන්න බැහැ. එතන පොඩි ගැටලු තියෙනවා. අපේ යාලුවො කාර්යාල සගයො මයික්‍රොෙසාප්ට් වලින් වැඩ කරනකොට අපිට විතරක් ඩොකියුමන්ට් ෂීට්ස් ඕපන් ඔපිස් වලිං වැඩ කරන්න අමාරුයි.
      ඒ වාගෙ වෙලාවකදි ඇත්තටම වින්ඩෝස් ඕනි වෙන්න පුලුවනි. නමුත් ලිනක්ස් වලදි ලැබෙන වේගය සහ අනික් සාධක එක්ක ලිනක්ස් හුරු වුන කෙනෙක් ආයෙත් වින්ඩොස් නම් මාරු වෙනවා අඩුයි..

      Delete
    2. Microsoft Office දාන්න ඕනේ නෑ.. Alternative තියෙනවා.. Kingsoft Office දාගන්න ඒක Microsoft Office වගේම තමයි

      Delete
  8. වින්ඩෝස් පාවිච්චි කිරිල්ලත් මහින්ද මහත්තයට චන්දෙ දෙනව වගේ වැඩක්. කවුරුත් බැන බැන පාවිච්චි කරනව. මාරු කරන්න හිත දෙන්නෙම නෑ.

    මචං මගේ ඩෙස්ක්ටොප් එක 2 ජීබී රැම්, 2.7 ඉන්ටෙල් පෙන්ටියම් ආර් එකක්. වින් 7 තියෙද්දිම උබුන්ටු දැම්මොත් අවුල්ද?

    ReplyDelete
    Replies
    1. හාඩ් එක ඉඩ තියෙනම් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මෙහෙමයි. අපිට වැදගත් හොද දේවල් නිකං ලැබෙන්නෙ නැහැ වගේ..උබුන්ටු වලට හරි ලිනක්ස් වලට හරි ආධුනිකයෙක්ට ගැටලු නැතිම වෙන්නෙ නැහැ. පොඩි පොඩි ගැටලු අවහිරතා එන්න පුලුවනි. මොකද පොඩිකාලෙ ඉදලා වින්ඩොස් නම් ටිකක් හුරුවෙන්න කල් යනවා.. නමුත් හුරුවුනොත් ගොඩක් හොද වැදගත් අත්දැකිමක් ලැබෙනවා.
      හිතන්න මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් ටච් පෝන් එකක් ලැබුනාම කොහොමද ආතල් එක...හපෝ කෝල් එකක් ගන්නත් විකාරයි වගේ.. නමුත් කාලෙත් එක්ක ඇන්ඩ්‍රොයිඩ්, ඇප්ස් සහ අපි කියන සාධක තුනම එක ගානකට සෙන්ටිමෙන්ටල් වෙලා අපේ පෝන් එකට ගැලපෙනම ඕ ඇස් එකක් විදියට ඇන්ඩොයිඩ් පත් වුනා.

      ආන්න ඒ වගේ බැලු බැල්මට අමාරු සංකීර්ණ වගේ පෙනුනාට පොඩ්ඩක් හුරු වුනාම ලිනක්ස් පට්ට ලේසියි..

      Delete
  9. මමත් කාලයකට ඉස්සර උබන්ටු දාලා බැලුවා.මට හරි ගියේ නෑ.ඒකට හුරුවෙන්ඩ වෙලාවක් තිබ්බේ නෑ මම හිතන්නේ.එග්සෑම් ඉවර වෙලා දාගෙන බලන්ඩ ඕනෙ.

    ReplyDelete
  10. මේක නියමයි අමිල...

    ජයවේවා!!!

    ReplyDelete
  11. මම Ubuntu භාවිතා කරනවා 2011 ඉදන්. මට තියන ප්‍රශ්නයක් තමයි Orcad 16.5 භවිතා කරන නිසා Windows භාවිතා කිරීමට සිදුවීම. Ubuntu වල Orcad 16.5 භාවිතා කරන්න පුලුවන් ක්‍රමයක් තියනවද?

    ReplyDelete
  12. මගේ ලැප් එක ගත්තු දවසෙ ඉඳන් opensuse linux පාවිච්චි කරන්නෙ. අලුත් වර්ෂන් ආවම package manager එකට අලුත් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරන්න පාත් එක දුන්නම ඉබේම අලුත් කරලා දෙනවා. ඒත් මම උබුන්ටු වර්ෂන් 12.4 දැම්මා 10 gb ඇතුලෙ. ලිනක්ස් වර්ෂන් දෙකක් ඒ කියන්නෙ opensuse 12.1 තියෙද්දි වෙනම පාටිෂන් එකකට 12.2 පවා දාලා ඩුවල්බූට් කරලා තියෙනවා.
    මේ මාසෙ මම අලුත් samsung ලැප් දෙකකට ලිනක්ස් මින්ට් දැම්මා. එක ලැප් එකක් ගනිද්දි ඒ samsung shop එකෙන් කීවා අපි නම් වින්ඩෝස් 8 රෙකමන්ඩ් කරන්නෙ කියලා. මම කීවා මම මීට කලින් ඒ වර්ගෙම ලැප් එකකට ලිනක්ස් දැම්මා කියලා. ඒ ලැප් ඕඑස් නැතිව එන නිසායි ලිනක්ස් වලට මාරු වෙන්න ලේසි. එ් නිසායි පළමු ලැප් එකට ලිනක්ස් දාන්න පුලුවන් වුනේ මට. දැනට ඒ ලැප් එක ගත්තු කෙනා වින්ඩෝස් දාලා දෙන්න කීවා. වින්ඩෝස් ඇප්ස් දාලා දෙන්න පුලුවන්නම් ලිනක්ස් විතරක් තිබුනත් කමක් නෑලු. ඩුවල් බූට් තියෙන්නත් ඕනලු. ඒ කියන්නෙ ලිනක්ස් අතාරින් නෑ කියන එකයි. ඒත් කොපියක් සල්ලි වලට අරන් දුන් නැතිනම් දාගන්න වෙන් නෑ මගේ අතින් නම්. (AMD PROCESSOR එක තියෙන samsung ලැප් එකේ ඕඑස් එක මොකක්ද ඇහුවාම ෂොප් එකේ කෙනෙක් කීවා AMD කියලා. එතකොට ඉන්ටෙල් ලැප් එකේ ඕඑස් එක ඉන්ටෙල් ද). යාලුවෙක් ගත්තු අඟල් 10 නෙට්බුක් එකකට ලිනක්ස් දාන්න බැරි වුනා ඒ නෙට්බුක් එකේ ඔරිජිනල් වින්ඩෝස් 7 තිබුන නිසා. ඒ වුනත් එ් ලැප් එකේ වේගය මදි වගේ දැනෙනවා මට නම්. ඒ වගේම ලිනක්ස් දානකම් නින්ද යන් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. මට තියෙන්නෙත් ඒ ඇම් ඩි පොසෙසර ලැපක්.. කිසි අවුලක් නැතුව වැඩ කරනවා.. හැබැයි ඩ්‍රයිවර් එහෙම තියෙද කියලා බලලා දාගන්න ඕනි ඉතිං..
      ඔය ඒ ඇම්ඩී සීරියස් වලට එනවා නේද ලිනක්ස් කැටලිස්ට් කියලා එකක්.. ආන්න ඒවා ටික දාගත්තාම හරි.. ලේසි..

      Delete
  13. I have tried several Linux distros like Ubuntu, Mint, Open Suse, Slax, Fedora and etc. But couldn't use it as my default OS because it doesn't the support the software I need (Wine is there but it doesn't support the latest versions of software and the no of software that support is limited). How ever once in a while I go to distrowatch.com and check about the latest and popular distros and try few for a change. Nice article, keep it up!.

    ReplyDelete