Tuesday, October 15, 2013

පාදඩ නීතිය සහ අරක්කු

යාලුවෙක් බාර් එකෙන් කාලක් අරගෙන පොඩ්ඩක් එහා කඩ පිලකට ගොඩවෙලා ඒක බිබී ඉඳලා. සිවිල් පිට පොලිසියෙන් ඇවිත් මිනිහා කුදලගෙන ගිහින්. 
“දැන් බලන්න මහත්තයෝ උසාවි දැම්මම අඩු තරමෙ දෙතුන් දාහක් දඩ..ඒ වගේද රස්තියාදුව, අද දවසම මේ ක ඇතුලෙ. මේ මුලු වැඩේටම මහත්තයට රුපියල් පන්දාහක් විතර වියදම් ඇති. අපිට හිතුමතේ මහත්තයල අල්ලන්න බැහැ. මේව ලන්දේසි රෝම නීති. ඒ නීතියෙ පාදඩ නීතිය කියන කොටසේ එක උප වගන්තියකට අනුව තමයි අපි පාරෙ බොන අයව අත්අඩංගුවට ගන්නෙ. ඔය බ්‍රැන්ඩි කාලකුයි බයිට් එකකුයි අරගෙන පොඩි බාර් එකක් ඇතුලට ගියා නම් , නැත්තං කාමරයක් අරං ගියානං..කොයි තරං ලස්සනද? කොය් තරම් ලාබද? අපිට කරන්න දෙයක් නැහැ. අපි ඉන්නෙ නීති අනුව වැඩ කරන්න. ඕන්නං උසාවියෙදි වරද පිළිගන්න පුලුවන්. නැත්තං නඩු වාර දහයක් පාලවක් නඩුව ගෙනියන්න පුලුවනි වරද පිලිගත්තෙ නැත්තං“ අපේ වෘත්තිය හැඳුනුම්පත් දෙකේ පොටෝකොපියකුයි ඇප කොලෙයි අරගෙන කොස්තාපල් මහත්මයා අපිට ඇප දෙන්න ගිය අපිට කතාන්දරය පැහැදිලි කරලා දුන්නා.

කොස්තාපල් මහත්මයා ඇත්තටම හොඳ මනුෂ්‍ය යෙක්. එතුමා සැරයි. ඇප දෙන්න ගිය අපිවත් සැලකුවෙ වැරදි කාරයො විදියට. නමුත් එතුමා අපිට කරපු වරදත් ඒකෙ තියෙන ආනිශංසත් නීතිමය පසුබිමත් එතුමාට හැකි පමණ විස්තර කළා. ලංකාවෙ දොස්තර ගොල්ල ගාවට බෙහෙත් ගන්න ගියාම අපි ලෙඩ බාගයක් කියන කොට බේත ලියල ඉවරයි. හද් දෙයියනේ අපිට තියෙන ලෙඩේ අපි අහගන්න වෙන්නෙ ෆාමසි එකේ ඉන්න එකාගෙන්. ඒකත් ඉස්පිරිතාලෙනං වොයිස් රෙකෝඩරයක් ඇන්න යන්න ඕනි අර බෙහෙත් දෙන කංකානම බේත් ගන්න පිළිවෙල කියාගෙන යන වේගෙට රෙකෝඩ් කරගන්න. ඔය දොස්තර ගොල්ලා ඔහොම නරුම වුනාට ඒ ගොල්ලා ඉගෙන ගන්න කාලෙදි ඔය හැමදේම කරුණාවෙන් ලොඩාට කියල දෙන්න ඕනි කියන කාරණාව කියලා දෙනවාලු. නමුත් ඉතිං එක ලෙඩාට විනාඩි ගනන් පිහිට වෙන්න ගියොත් අනික් ලෙඩ්ඩුන්ව චැනල් කරන්න බැරිවෙනවා කියන මහා කරුණාව නිසා ඒ අය එහෙම කරනවා වෙන්න ඇති.


යාලුවට ඇප දෙන්න ගියේ මායි තව අපේ දන් කියන ඩයල් එකකුයි. මං ඔය පොලිස් රිපොට් එකක් ගන්න පෝං නැතිවෙලා ඇන්ට්‍රි දාන්න හැර පොලිසියකට ගියාමයි. මේ කියන්නෙ මං වැරදි නොකරන සෝක් බබා කියලා නමෛයි. ඒත් මම පොලිසියට වැරදිකාරයෙක් වෙල ගිහින් නහැ. එදා රැ මගේ යාලුව එක්ක බ්ලොග් පෝස්ට් කීපයක්ම හිර කූඪුවෙ ඉදලා තිබුනා. හිට් දෙදාහ පනින බ්ලොග් පෝස්ට් එකකුත් ඉඳලා තියෙනවා මගේ යාලුව එක්ක ඊයෙ රෑ හිර කූඩුවෙ. ඒ තමයි තාත්ත කෙනෙක් දුවව දූෂණය කරපු සීන් එකක සැක කරුවෙක්. සැක කරුවා ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයෙක්. “තාත්තා විසින් දූෂණය කල දුවනිය සහ මව හැඬු කඳුලින් පොලිසියේ“ ඔය කෑල්ල විතරක් හෙඩිමෙ තිබුනත් ඇති හිට්ස් දාහක් විතර ඇවිත් තියේවි. නමුත් ඔය හිට්ස් උගසට තියල මට බැංකුවෙන් ණයක් වත් ගන්න ඇහැකිය? බැහැ නෙව. ඒ නිසා ඒ ගැන ලියන අය ඒ සිද්දිය තව ටික දවසකින් සිද්දිය ඇහින් දැකපු ,දූෂණය කරනකොට කාමරේ හිටපු, හූනෙක් කැරපොත්තෙක් සිද්දිය දැක්කා වැනිව ගොසිප් චැනල් එකක දාවි. අපි මොකටද ඕවට නිකං මාන්සි වෙන්නෙ. 

රෝම කාරයො මම මුලින්ම දැක්කෙ‍ෙසූරපප්පා කතාවෙන්. මතක විදියට රෝම කාරයො අපේ රට යටත් කරගත්තෙත් නැහැ. ඒත් රෝම ලන්දේසි නීති පොත් වල කොටස් කෑලි අපි අතර තවමත් තිබෙනවා. හොඳ දෙයක් නම් කොයි තරම් කල් තිබුනත් අගේ අඩුවෙන්නෙ නැහැ. දැන් ඔය අපේ රටේ නේ විවස්ථාව කියන එක වෛශ්‍යාවගේ පස්ස  වගේ හැමදාම අතගාන්නෙ.ඒ අතගෑවත් හැමදාම එකම තැන. වෛශ්‍යාව වගේමයි. පහන් කණූව යට කුඩේ තියං වන වන තොල් රතු කරගෙන බලං ඉන්නවා. හරියට අපේ ආන්ඩු වල මහත්වරු චීනෙ, රුසියාව, ජපානෙ, අමරිකාව, යුරෝපෙ ආධාර කුට්ටි ගේනකල් මග බලාගෙන ඉන්නවා වගේ. මෙච්චර දියුණු නම් මෙච්චර ආහ්චරිය නම් ඇත්තටම මොකටද ආයිබොන්ඩ ඔය තරං ආධාර හිඟා කන්නෙ? ඔහොම හිඟා කාල පච වෙලා ඉන්න රටක ඉන්න අපිට අභිමානයක් ගැන පොයි කියවන්න තියා අඩුතරමෙ ජාත්යන්තරේ පාරක රෙද්දක් ඇඳං යන්න ඇහැකිද? ..

පොලීසිවල වෙන අකටයුතුකම් විතරක් යන සයිට්ස් වගයක් තියෙනවා ලංකාවෙ. මානව හිමිකම් වලට වඩා බල්ලන් වැදගත් වෙන මිනිස්සු තමුංට වැරැද්දක් වුනාම අර මානව හිමිකම් ආයතන වලට පැමිණිලි කරනවා. ඒ මානව හිමිකම් ඒජන්තවරු ඒ සිද්ධි ගෙඩිය පිටිං පැමිණිලිකාරයාගේ කතාව විතරක් ඉන්ටනෙට් එකේ දානවා. එතනදි අර දියුණු මාද්‍ය සම්ප්‍රදාය වෙන සැම දෙසකින්ම තොරතුරු එක්රැස් කිරීමක් නැහැ. කවුරු හරි මොකක් හරි පැමිණිල්ලක් දැම්මද. ඒක ඉන්ටනෙට් එකේ ගෙඩිය විතරක් නෙමෙයි නැට්ටත් එක්කම.

 ඒව බලන මං හිතුවෙ ඉස්සර “ආ..වැඩිදවස් නැහැ ආන්ඩුවට. මෙච්චර වැරදි කරලා අහුවුනොත් ජාත්යන්තරෙන් අපිට කෙලවෙයි“ කියලා. නමුත් මං එහෙම හිතන්න පටන් අරං දැන් අවුරුදු පහ හයක් වෙනෝ. අනේ ඔ්‍ය යසට ආන්ඩු සහ ඒ මූනුම වැජබිලා ඉන්නෙ. ඒ සමාර වෙබ් අඩවි වලට අනුව අපේ රටේ ඒකාධිපති පාලනයක් තියෙනවා ඒක නිකං හිට්ලර්ගෙ පාලනේ වගේ ලු. සමාරු කියනවා උතුරු කොරියාව වගේලු. අනේ උන්දැලෑ බණ ඒ අයටම හොදයි. හිට්ලර් තමංගෙ රටේ මිනිස්සුගෙ හැඟීම් අවුස්සලා අවි ආයුධ හදලා නවීන තාක්ෂණික යෙදීම් කරලා ලෝකෙම අල්ලන්න ගියා. එතනදි හිට්ලර් අමරිකාවට හෝ වෙනත් රටවලට ගිහින් හිගාකාලා තාක්ෂණය ගෙනාවෙ නැහැ. ඒ වගේම ණය ආධාර අරගෙන රට දියුණු කරලත් නැහැ මම දන්න විදියට. හිට්ලර් යුද්දෙන් පැරදුනා. ඒනිසා දැන් හිට්ලර් සතුරා සමූළඝාතකයා. නරක පාලකයා වෙලා. නමුත් හිට්ලර් දින්නා නම්? ඕකෙ අනික් පැත්ත සිද්ද වෙනවා.  සිංහලෙන් සුද්දට බැනලා බැනලා ඒ කටින් රටවලට ගිහිං ඉංගිරිසියෙන් හිඟාකන හිඟන පාලකයොන්ට හිට්ලර් ගෙ නම ගාවවන් වත් හැකිද? බැහැ නෙව.

පොලිස් මහත්වරු කියන්නෙ අඩු පඩියට ලොකු සේවයක් කරන හැමෝගෙන්ම බැනුම් අහන ජාතියක්. ඉතිං පොලිසිය ඇතුලු ලාංකික නීතිමය රාමුවම අද වෙනකොට යම් යම් ඉරිතැලීම් ගානකට අහු වෙලා තියෙන බවක් පේනවා. මාලු අල්ලන්න බිලි පිති දානවට වඩා වලම ඉහලා කන එක ලේසියි. නමුත් ආතල් එක වැඩිවෙලා හිටිනේනෙ නැහැ. මොකද වලේ මාලු ටිකයි වතුරයි ඔක්කොම ඉවර වෙනවා. මං මීට කලිනුත් කියලා තියෙන විදියට සංචාරක කර්මාන්තෙට හෝටල් කාමර දාස් ගනන් හදලා උධ්‍යාන හදලා සංවර්ධනේ කොලත් අවසානෙ නීතියක් සමාදානයක් නැති රටකට පය තියන්න සුද්දො කැමති නැහැ. එතකොට අර කාමර දාස් ගනන් හෝටල් හදන්න ගිහිපු සල්ලි අයියෝ සල්ලි වෙනවා. 

මේ ක්‍රමයට වග කියන්න ඕනි ජේ ආර්. ඕක ඔය විදියටම නැතත් අපේ අය නිතර මතුරන මන්තරයක් තමයි ඕක. ආතර් සී ක්ලාක්ගේ කතාවල තියෙනවා සිසිර තාරකාගත නින්ද කියලා සංකල්පයක්. ඒ කියන්නෙ අභ්‍යාවකාශ යානයක වෙනත් ග්‍රහලෝක සොයාගෙන යනකොට කාලය බොහොම වර්ශ ගනන් ගතවෙනවා. ඒ කාලය ඇතුලත මිනිස්සු සිහි මූර්ජා කරලා හෝ නිදි කරලා තියලා නියමිත දවස් වේද්දි අවධි කරලා ගන්නවා. ඒ වගේ වික්ටර් අයිවන් සහ පිරිසකුත් ඔය ජේ ආර්ට පස්සෙ අද වෙනකල් ගෙවුන කාලෙ අමුතු නින්දක නිදාගෙන ඉදලා වාගේ හිටිවනම අවධිවෙලා ලියනවා. ජේ ආර් තමයි රට කෑවෙ කියලා.  ජේ ආර් මුත්ත මේ ක්‍රමය ගෙනල්ල දැන් අවුරුදු තිහකට වැඩියි. ඉතිං ඒ වෙනකල් මේ අද දක්වා මේ ක්‍රමය වෙනස් කරන්න බෑහැ කියලා හිතන අය තාමත් ඉන්නෙ අර සිසිර තාරකා නින්දෙ වෙන්න ඕනි. නිදිමත ඇතුලෙ මදුරුවෙක් කෑවම ඇහුරුන විටදි පොඩ්ඩක් ලියල දානවා.. ජේ ආර් තමයි අපි කෑවෙ කියලා. 

පොදු හේතුවක් අපි හැමෝටම ලැබනවා මේ සියල්ල උපේක්ෂාවෙන් විඳදරා ගන්න. ඒක තමයි විවෘත ආර්තිකය සහ ජේ ආර්. සමහර විට අර තාත්තා දුවනිය දූෂණය කරපු එකටත් විවෘත ආර්ථිකය සහ ජේ ආර් හේතුවෙන්න පුලුවන්. නිකමටවත් චින්තනය සහ ආන්ඩුවනම් ඕකට වග කියන්න වෙන එකක් නැහැ.

9 comments:

  1. පාදඩ නීති වෙනස් කරන්ඩ කවුද කතා කරන්නේ?වෙනස් කරන්ඩ ඉන්න උන්දැලා පාරේ බිව්වා නෙමේ ගෑනියෙක් දූෂණය කළත් උන්ට විරුද්දව පාදඩ නීති ක්‍රියාත්මක වෙන්නේ නෑනේ.ඒක හින්දා උන්ට ගාණක් නෑ.

    ReplyDelete
  2. පාදඩයො පාලනය කරන රටක් තියෙනව මචන්.එක නිසා ඔය නිතිය වෙනස් කරන්න බැලු
    ඉඩක් ඇතිවෙලාවක මෙ පැත්තට එන්න http://damgune.blogspot.com/

    ReplyDelete
  3. රට ගැන කථා කරන වෙලාව අපරාදෙ

    ReplyDelete
  4. කවුරු කොහොම කිව්වත් තමන්ගේ ලෙයින් මසින් හැදුනු දුවව දූෂණය කරන්න තාත්තාට සදාචාරාත්මක අයිතියක් තිබේ. මම නම් ඕනෑ තරම් මගේ ම දුව ව දූෂණය කරලා තියෙනවා. දුව කරන්නේ පොඩ්ඩක් අඬලා සිද්ධිය කාටවත්ම නොකියා නිදා ගන්න එක විතරයි. මේ නිස මට වයිෆ් නැති දවස්වලටත් මාර ෆන් එකක් දුවට කියලා ගන්න ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. http://frozenlazyowl.blogspot.ca/2013/10/blog-post.html#comment-form

      Delete
    2. හක්කෙ බුදු‍රැස් , බොක්කෙ දඩමස් :)

      Delete
  5. ඔය හැම නීතියක්ම අදාල වෙන්නේ සාමාන්‍ය මහජනයට විතරයි බං!
    අනිත් එකාලට ඔය කිසිම හෙනයක් නෑ..

    ReplyDelete
  6. ලංකාවෙ නීතිය කියලා දෙයක් තාම තියෙනවද????

    ReplyDelete