Sunday, October 27, 2013

රුවැති ජනපදිකයෝ.

ඔබගේ නාලිකාව කෙසේද? මා නම් සුපුරුදු සුවෙන් සිටිමි. මා සිටින ජනපදයේ විස්තර කිහිපයක් ඔබහට කියන්නටයි මා මේ ලිපිය අද දින ලියන්ට සිතුවේ. ඔබ දුටු ඒ මුල් දිනේ නොදුටු යමක් අවුරුදු දෙකකට පසුව එකල මා දුටුවා මතකයි. ඒ තමයි ඔබේ නිරුවත. ලැජ්ජාවෙන් ඇඹරෙමින් විටෙක වෙවුලමින් සිටි ඔබ කෙමෙන් කෙමෙන් මා  ඒ නිරුවත විවෘත කල දවස මට අද වගේ මතකයි. ඊයෙ හවස මට ඔබ වැනි යුවතියක මෙහිදී හමුවුනා. මුහුන ඔබගේ වැනි නොවුනත් ඇයගේ අනෙක් නිරුවත් සිරුර ඔබගේම හැඩයක් ගත්තා. එය මතක් වූ විට මගේ අතීත මතක සැමරුම් අතරේ සැරිසැරූ ඔබව එක්වනම සිහියට ආවා.

නාලිකා මේ වෙසෙන විසල් දේශය විශාල රටක් තුල පවතින කුඩා ජනපදයක්. මෙය කුඩා කියා කීවාට මෙහෙ මිලියනයක් හෝ ඊට අධික ජනතාවක් වාසය කරනවා. එක්තරා කලකදී මෙම ජනපදය පටන්ගෙන තිබෙන්නේ වඩාත්ම ලිංගිකව සක්‍රියව ඇති සමාජයට අවැඩදායී ගැහැනු පිරිමින් පුනුරුත්ථාපනය කිරිම සඳහායි. නමුත් පසුකලෙක මේ පුනුරුත්ථාපනයෙන් පසුව ඇතිවෙන මිනිසුන් සහ ගැහැනුන්ගේ තත්වය සලකා බැලූ පාලක මන්ඩලයක් මෙය ජනපදයක් ලෙස පවත්වාගෙන විවිධ කර්මාන්තශාලා මෙහි ඇතිකර තිබෙනවා.

සාමාන්‍ය මනුෂ්‍ය වාසයෙන් බොහෝ දුර දුෂ්කර පලාතක් වන මෙහි කර්මාන්ත ශාලා විශාල ගනනක් තිබෙනවා. ඒ සියල්ලේම සියලුම ගැහැනු පිරිමි සිටින්නේ නිරුවත්වයි. මෙහි ඇඳුම් කියා තිබෙන්නේ කාන්තාවන් මාස මාරුවන කාලයට ඇඳීමට ඇති කලිසමක් වැනි ඇඳුමක් පමණයි. ඉතිරි සියලුම සිරුරු සාමාන්‍ය තත්වය යටතේදී නිරුවත් ව තමයි පවත්වාගෙන යන්නේ.

මේ ජනපදයට සාමාන්‍යෙයන් ඇතුල් කරන ක්‍රම කීපයක් තිබෙනවා. කොහොම වුනත් මම මේ රටට එන්න කැමති වුන නිසා මාව මේකට තෝරාගත්තා. අනෙක් රටවල් වලින් පැමිණි අය ඇඳුම් රහිතව වැඩ කරන්න කැමති වුනේ නැහැ.

නාලිනී. ඔබ සිටියානම් කියාවි මගේ වල්කමට සරිලන ජනපදයක් ලැබී ඇතිය කියලා. නමුත් නාලිනී එදවස ඔබගෙන් හාදුවක් ගන්නට , බොරුවට තරහා වී සිටි ඔබ පසුපස අයදිමින් ඒ ගෙනගිය සොඳුරු කාල පරිච්චේද මගේ සිතට දැන් දැන් පිවිසෙනවා. මේ යාන්ත්‍රික ගැහැනුද ප්‍රේමයේ ආලයේ දක්ෂ මුත් ඔවුන් අතර ඔබ ඇසුරු කල සමයේ තිබූ බොහෝ ගැහැනු ගති වියැකි ගොසිනි.

මෙහි පන්ති බේද ආගම් බේධ නැති කර වඩාත් කාර්යක්ෂම සේවයක් පටැන්ගැන්මේ අදහසින් මේ නිරුවත් වැඩපිළිවෙල පටන් ගත්තත් ඒ පන්ති විශමතාවය කියන කාරණාව ලෝකයේ නැති කරන්න බැරි දෙයක්ය කියන කරුණ මෙහිදීද පිලිගන්නවා. එකල මා විසින් කියන ලද පන්තියක් නැති ලෝකය හුදෙක් මනෝරාජිකයක් බව මට පසක්වුනේ මෙහෙදීය. ලක්ෂණ ඇඳුම්, හැඩ ශරීර, සුන්දර සමේ පැහැය ආදියෙන් පන්තිය නිර්මාණය නොවේ. දැන් මෙහිදී පච්ච කෙටීම්. ඉසකේ වර්ණ ගැන්වීම්. ලිංගේන්ද්‍රියන් අතර වර්ණ ගැන්වීම් ආදිය අනුව පන්ති නිර්මාණය වී තිබෙනවා.

රහස් තැන්හී රෝම සිඳිනවාද නැත්ද යන කාරණාව අරභයා මෙහි පැවති මත ගැටුමක් අවසන් වුනේ ළඟදි දෙතුන් දෙනකුට මරු කැඳවමින්. නමුත් මෙහි සාපේක්ෂව අඩු අපරාද ප්‍රතිශතයක් තමයි වාර්ථා වෙන්නෙ. මේ රටේදි අපිට ලිංගික හිංසන ලමා අතවර අහන්නලැබෙන්නෙ බෙහොම අඩුවෙන්.

දරුවන් ගේ වගකීම බාරගන්නට කැමති අය දෙදෙනකුට දරුවන් තැනිය හැකි වන අතර ඒ දරුවා ගේ සියලු අයිතීන් පියා සතු වේ. ඒ සියලු ජීවිත ගෙවී යන්නේ විලි වස්තර වලින් තොරවය. ලංකාවේදී එකල ප්‍රසිද්ධියේ සිප වැළඳගැන්මක් පවා ඉතා විශාල මැජික් එකක් වූ නමුදු දැන් මෙහි නම් ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවන්හි නිරත වීම කිසිවෙකුට ගැටලුවක් නැහැ.

අන්තර්ජාල සම්බන්ධතාවය අපිට නැතිවුනේ අන්තර්ජාලය හරහා වීඩියෝ ඇමතුම් ලබාගත හැකි කාලයේදීමයි. ස්කයිප් හරහා කතාකරන විට සැමවිටම කාන්තාවන් නිරුවතින් සිටින නිසා මෙහි කාන්තාවන් මුදල් ඉපයීමට ස්කයිප් යොදා ගත්තා. ඒ හරහා ජනපදයට දැරිය නොහැකි මට්ටමේ ඉල්ලීම් රාශියක් ජනපදයට ආවා. නමුත් ජනපද පාලනය සියල්ල හොදින් පාලනය කරන නිසා ඒ අඩුව වසාලන්නට ඔවුන් විසින් අන්තර්ජාලය වසා දැඹීමට තීරණය කලා.

මෙහි රූපවාහිනී වල නිතරම ඇඳුම් අදින බාහිර රටවල් සහ ඒ ජනපද වල සිදුවන දූෂන වංචා සියල්ල ඇඳුම් ඇඳීම නිසා ඇති වූ බවක් යැයි කියල තමයි කියන්නෙ. දැන් මෙහේ ජීව විද්‍යාඥයො වෙන කිසිම ලෝකෙට වැදගත් දෙයක් හොයාගෙන නැතත් ඇඳුම් නැතිව සිටීමෙන් ඇඳුම් ඇතුව සිටිමට වඩා වාසි තිබෙන බව විද්‍යාත්මකව සොයාගෙන තිබෙනවා. මහා පාලක තැන වන ෆ්ලවර් කිංබැක් ගේ සිත දිනාගනු පිණිස ඔහුගේ අදහසක් වෙන මෙය වඩාත් වටිනා කියනඑ කක් බව පෙන්වන්නට රජයේ සියලු මාද්‍ය උත්සාහ කරනවා.

පුද්ගලික මාධ්‍ය වුනත් මේ ජනපදය තුල නිරුවත්ව සිටීම කියන උදාර සංකල්පයට කිසිම හානියක් කරන්නෙ නැහැ. එයාල හැමවිටම කිංබැක් පරපුර වර්ණනා කිරීම් සිදු කරනවා. මේ නුදුරු දිනකදී එක් පුද්ගලික පුවත් පතක් කිංබැක් පරපුරේ තරුණ කුමාරයාගේ ලිංග ඉන්ද්‍රිය නියම දිග අඟල් තුනක් තරම් කුඩා බව වාර්ථා කොට තිබුනා. නමුත් කුඩා ලිංගයන් ඇති වීම වඩාත් සාර්ථක ජීවිත ගතකරන්නට හේතු වන බවත් පුරාණ රාජවංශවල මිසරයේ බැබිලෝනියාවෙ චිත්‍ර වලද ඒසේ කුඩා ලිංග ඇති කුමාරවරු නිර්මාණ්‍ය වී තිබෙන බව ඉතිහාසඥයෝ රාජමාධ්‍ය වල කියලා තිබුනා.

ඔයා නම මේ රටට මේ ජනපදයට කැමති වෙන එකක් නැහැ නාලිනී. ඒත් මේ රට හරි හොඳයි කියාල මට ගොඩක් වෙලාවට හිතෙනවා. බොරු සෝබන ඇඳුමින් වහලා ඇඳුම් සියකින් විතර වහල තව මති මතාන්තර ගානකින් වහගෙන ඉන්න දේවල් කෙලින්ම පේන එක හොඳයි. ආහ් කියන්න බැරි වුනා. මෙහේ හොඳම බඩ සහ බුරිය තෝරන උත්සවේදි මට ලොකු තෑග්ගකුත් ලැබුනා. ගර්ස්ල මගේ මැදිවියේ බුරියට ආසයි මෙයා.(ඔයාට ඉරිසියා හිතෙයි නේ)

මෙහි සීමිත පරිඝනක අවස්ථා තිබුනත් ඇතුලත ක්‍රියාත්මක ජාල තිබුනත් ඒවායේ බොහෝවිට නිරුවත් දර්ශන නිරුවත් රූප අඩුයි. නමුත් මෙහි ඇඳුම් අඳින අයගේ පිංතූර දැඩිව වාරණය කොට තිබෙනවා. ළඟදී එක් කොල්ලකු කැළයට ගොස් කොළ අතු ඇඳගෙන එය පිංතූර ගෙන මේල් කරලා තිබුනා. අහෝ ඒ කොල්ලාට ඒ කොළ අතු දිරා ගොස් කොල හැලී යනතෙක් අර කොළ අතු ඇඳන් ඉන්නට යෝජනා වුනා. ඒ අනුව කොල හැලී නොයකේ වද වේදනා විදිමින් සිටිද්දී පවා ඔහුට නීති අවසරයක් නැහැ ඒක ඉවත් කරගන්න. ඒ නිසා ඒ දෙස බලන බොහෝ දෙනා කොළ අතු යනු වරදැකැයි සිතා ගන්නවා. මීට කලකට පෙර බ්‍රෙෂියර් ඇඳි යුවතියකටද මාස දෙකක් එකම බ්‍රෙෂියරය ඇඳගෙන ඉන්නට සිදු වුනා. ඇය දකින විට කිලෝමීටරයක් දුර සිටින දරුවන් පවා පැන දුවන මට්ටමේ ගඳකි ඇගේ පරණ බ්‍රෙසියරයෙන් වහනය වූයේ. ඇය උදෑසන හමු වීම ඉතා අසුබ දසුනක් ලෙසද ජනතාව සිතන්ට හුරු වී තිබුනා.

මේ නිරුවත් ජනපදයේ ජනයා අනික් ජනපද වලට වඩා බුද්ධියෙන් සහ තර්කන හැකියාවනේ වැඩිය ිකියල තමයි සාමාන්‍ය පිළිගැන්ම තිබෙන්නේ. මෙහෙ සිසුන් බොහෝ කලක් ස්ත්‍රී ලිංග පතාගෙන පෙම් කරන්නෙ නැහැ. බොහෝ දේවල් ඔවුන්ට යොවුන් කාලෙදිම ලැබෙනවා. ඔවුන්ට ඉගැනැගැන්ම වනාහි විනෝදයක්. ලිංගික අත්දැකීම් පිටුපස ලව් මල ඉලව් ලේබල් ගහගෙන දුවන අපේ කාලෙට වඩා මේ ළමයි බොහෝම වේගවත්.

ඉතිං නාලනී එදා ඔයාට මාව ලැබුන නැහැ කියලා මට ලොකු දේවල් නැති වුනේ නම් නැහැ. මට ලොකු තරහකුත් නැහැ. මට මේ රටේ තියෙන තද ගතිගුණ වැඩිය දිරවන් නැහැ. නමුත් මට දැන් මේ රට නැතුව බැහැ. ගොඩක් දේවල් එල්ලගෙන කරපින්නගෙන එහේ මෙහේ ඇවිදින බරබාග වගේ නාලිනිලගේ ජීවිත වලට වඩා මෙහෙ සැහැල්ලුව මට වඩාත් සහනයක් ගේනවා. මේ සැහැල්ලු ගතිය එක්ක මට ආයෙත් ලංකාවේ බර ජීවිතයට එන්න අමාරුයි.

මං මෙහෙ තරුණ උන්ට හොරෙන් ඇඳුම් ඇඳන් ඉන්න රටවල කතාන්දර කියනවා. මං ඒ දවස්වලත් කතාන්දර කියන්න දැනං හිටියනේ. දැන් ඉතිං පොඩි පොඩි සිද්දියක් වුනත් හරි ලොකු කරලා කියනව මුං කට ඇරගෙන අහගෙන ඉන්නව. හැබැයි ඉතිං වැඩිකල් ඔය වැඩේ අදින්න ලැබෙන් නැහැ. මෙහෙ කාට හරි ආරංචි වෙනකල් විතරයි. ඉන් පස්සෙ කටට ප්ලාස්ටරයක් ගහල තියන්න්ත් පුලුවනි.

7 comments:

  1. ඔබේ මේ විකාරරූපී කතා විලාශය අති සුප්‍රියි.

    රජුගේ නම බාත්ෆ්ලවර් කිංබැක් නේද?

    ReplyDelete
  2. මොකද අමිල මේ කතාව ලියුවේ? විශේෂ හේතුවකටද? :)

    ReplyDelete
  3. අමිල ඉතාමත් අපුරුම උරුවකට ඔබ කතාව ගොඩ නගා තිබෙනවා...

    ReplyDelete
  4. හෆොයි ලියන්න හිටිය පොස්ට් එකත් අමතක උනා

    ReplyDelete
  5. මේක නියමයි අමිල.. කවද හරි උඹ කූරියා ගහපු දාකට මේකේ ඉන්න උන් ටික උඹ ගැන කියවයි අම්බානට.. අර ටැබූ කාරයා ගැන කියවනවා වගේ.. ( එහෙම කියලා උඹ මැරෙන්න යන්න එපා.. තව ලියපන් )

    මචන් නිරුවත් වෙරළකට , කෑම්ප් එහෙකට ගිහින් එක පැයක් යද්දී තිබ්බ කිචි සේරම ටික අහවර වෙනවා.. " හයියෝ මේකනේ මේ බක්ක " කියලා හිතෙනවා.. එවැනි නිදහස් හැගීමක් භුක්ති විඳින්න ඕනේ අමිල.. එහෙම උනාම මේ ජංගි කේස් ඉවරයි...

    කෙසේ නමුත් අමිල කිව්වා වගේ \\\\රහස් තැන්හී රෝම සිඳිනවාද නැත්ද යන කාරණාව අරභයා මෙහි පැවති මත ගැටුමක් අවසන් වුනේ ළඟදි දෙතුන් දෙනකුට මරු කැඳවමින්. \\\

    තත්වයන් නම් නවත්තන්න බැහැ අපිට...මිනිස්සුනේ ඉතින් ...:(

    පෝස්ට් එක සුපිරියි..

    ReplyDelete
  6. මේ ලියන ඉට්ටැයිල් එක මරු...
    කොළ අතු හැලෙනකං ම ඇඳන් ඉන්න එකත් පවු වැඩේ නෙහ්.. !

    ReplyDelete