Monday, October 28, 2013

කෑම ලෑස්තියි Kema Lesthiy

නීතිය අධිකරණය සහ ක්‍රමය තුල ඇති අසාධාරනයන් නිසා බහුතර මනුෂ්‍යයින්ට ගැටලු වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. ලංකාව වගේ රටක දේශපාලනය කියන දේ හැමෝම බනින පහල තැනකට පත් වෙලා. අපි ලංකාවේ කිනම් වූ මාධ්‍යක් බැලුවත් දේශපාලකයින් හෝ නිළධාරින් තමුන්ගේ සේවාවන් මූලික ලෙසවත් ඉටු නොකර තීරණ නොගෙන තමුන්ටම සලකා ගන්නා ආකාරය දකිනවා.

ඉරිදා ලංකාදීපය වුනත් මුල පිටුවල ආන්ඩුවේ වරුණාව ගියාට එක පිටුවක් හරි ආන්ඩුවේ මැටිවැඩ වෙනුවෙන් වෙන් කරනවා. රාවය පත්තරේ ආන්ඩුවට බනින්න පිටු විස්සක් විතර වෙන් කරනකොට ආන්ඩුවෙ හොද කියන්න පිටු එකක් දෙකක්විතරක් වෙන් කරල තියෙනවා. ඉතිං වියයුතු විදියටම ලංකාවෙ ආන්ඩුවට කැමති මිනිස්සු ප්‍රමාණය වැඩියි. ඒ නිසා ලංකදීපය වැඩියෙන් විකිනෙනවා ඇති. අනික හැමදාම අදෝනා මලගෙවල් වගේ දේවල් දකින්න මිනිස්සු ආස නැහැ. ඒ නිසා මිනිස්සු රාවය ගන්නවා අඩු ඇති.

ආන්ඩුව සහ නරක දේශපාලකයින් පරාජය වෙයි කියලා සාධාරන ජනී ජනයා හිතාන හිටියට එයාල හැමදාම දිනිනවා. ඉතිං පත්තර වල බ්ලොග් වල සහ වෙනත් මීඩියා වලින් ආන්ඩුවට බැනපු මිනිස්සු එකතු වෙලා ආයෙත් මුල ඉදල මැතිවරනෙකින් පස්සෙ විපක්සෙට බනිනවා. ඒ අහක් වෙල සමාරු පුරුදු විදියටම පෙර ස්ටයිල් එක ගේනවා. ටොයිලට් එකට ගියාම වැඩේ හරියට වෙන්නෙ නැත්තෙ අර්ශස් අමාරුවට..ඒත් ඒ අර්ශස් එකටත් වගකියන් ඕනි ආන්ඩුව කියලා ලියනවා. සමාරු මේ රටේ ඉන්නෙ පට්ට මෝඩ ජනතාවක් කියලා ජනතාවට බනිනවා..
කොකා
ඔය හැමදේම අස්සෙ ආන්ඩුවට ඉඳ හිට රිදෙන්න ටොකු අනින පිරිසකුත් ඉන්නවා. මීගමුවෙ ධීවරයො, කටුනායක වෙළඳ කලාප සේවකයො.. ළගදි ඉතාම සුලු කාලෙකට හරි රතුපස්වල ජනතාව අඩු තරමෙ ඔවුන් ගැන වත් හිතුවා. රටේ අනෙක් මිනිස්සු නිදි. ඒ නිදි මොකද? එයාල නිදියනවා කියලා එයාලවත් දන්නෙ නැති නිසා. ඉලක්කයක් නොමැතිව ණය අරන් කොන්ක්‍රිට් ගොඩක් තැන් තැන්වල හදනවා. ඒවා බලාල මහජනයා රට දියුනුයි කියලා හිතනවා. නමුත් හැමදාම දුප්පතුන් කියන ජාතිය තවත් අනාත වෙනවා. නමුත් සෝමාලියාවේ මිනිස්සු වාගේ ලාංකිකයෝ බඩගින්නෙ මැරෙන්නෙ නැහැ. එක්කො මැදපෙරදිග. නැත්තං කොරියා. ඒකත් නැත්තං පන්දමෙන් කොහේ හරි ගරානා පොට් එකෙකට සෙට් වෙනවා.

මේ වගේ සමාජයක් වෙනස් කරන්න නම් දුප්පත් මිනිස්සුන්ට රටේ බහුතරයට ඇඟට රිදෙන්න දැනෙන් ඕනි මේ දේශපාලන ක්‍රමයේ තියෙන නිරුවත. සීතාම්බර පට කතාවෙ මෝඩ රජා හෙලුවෙන් පාරෙ ගියාට දැන් දේශපාලකයො එහෙම තමුන්ගේ වැරදි මහජනයාට යන්න ඉඩ තියන්නෙ නැහැ. හැම මාධ්‍යක්ම හැකි පමණ වාරණය කරලා එක්කෝ නමලා. දැන් පාරෙ හෑන්බිල් බෙදන්න බැහැ මොකද පරිසරය දූෂනය වෙනවා. පෝස්ටර් ගහන්න බැහැ තාප්ප දූෂණය වෙනවා. අතුපැලේ ඉන්න කෙල්ල දූෂණය වුනාම ඒක කියන්න යන ගෑනිවත් හැකිනම් දූෂනය කරලා දාන බලවත් පිංවතුන් සිටින රටේ තාප්ප දූෂණය මහ ලොකු ගැටලුවක්. හෑන්බිල් එකක් බෙදන එක පොලිසියෙ ඇතුලෙ දාන්න තරම් පරිසර දූෂනය කරන හේතුවක්.

විද්‍යුත් මාධ්‍ය තමයි මිනිස්සුන්ට වඩාත් සමීප. ඒ අතරිනුත් රූප පෙට්ටිය සහ රේඩියෝව. ඒ සියල්ල අසාධාරනයේ කළු වලාවලට නතු වෙලා ඉවරයි. සමාරුන්ට අන්දලා. සමහරු කපලා මහල ඇඳගෙන. සමාරු හෙලුවෙන්. නමුත් හෙලුව පෙන්වන්න තැනක් නැහැ. ටික දවසක් පෙන්වන්න තැනක් නැති හෙලුව තියාගෙන වැඩක් නැතිය කියලා අවබෝධ වුනාම ඒ අයත් ගිහින් රජගෙදරින් රෙදි අරං ඇඳගන්නවා.
ජල්ලියා හෙවත් ජෙලි ෆිෂ්
මේන්න මේ වගේ වෙලාවට අපේ රටේ අහිංසක මිනිස්සුන්ව මර නින්දෙන් නැගිට්ටවන්න විදියක් අලුතින් හිතන්න වෙනවා. එහෙම හිතන්න පුලුවන් මිනිස්සු කන්ඩායමකට කලාකාරයො කියාල කියනවා. කලාකාරයා කියන්නෙ කලාකරු අයිඩෙන්ටි කාඩ් එක බෙල්ලෙ එල්ලාගත්ත මනුස්සයකුට නෙමෙයි. දොස්තරෙක්, ඉංජෙක්, කොන්දොස්තරයෙක්, රියදුරෙක්, කුනු අදින්නෙක්, නීතීඥයෙක්, මාලුකාරයෙක්. ඔය එකී මෙකී නොකී හැම කෙනෙක් ළඟම නිර්මාණාත්මකව මිනිස්සුන්ට ිදෙයක් කාවද්දන්න පුලුවන් හැකියාවන් ඇති. එසේ හැකියාව තියෙන මිනිස්සු දහසක් දුක් ගැහැට අස්සෙත් නිර්මාණ කරනවා. ඒ නිර්මාණ මහාජනතාවට පේන්න එලියට ගෙනියන එක අමාරුයි. නමුත් ඒ අමාරුව ජයගන්න එක තමයි ගේම් එක.

කලාකාරයා තමුන්ගේ සියුම් මෙවලම් පාවිච්චි කරලා ඉතා ලක්ෂණයට හෝ රලුවට නිර්මාණ කරනවා. ඒ නිර්මාණ වලින් ජනතාව හිතන පතන සාම්ප්‍රදායික විදිය වෙනස් වෙලා රටක් හෝ ජාතියක් කියන්නෙ එක පවුලක බූදලයක් නෙමෙය එක දේසපාලක නිළධාරි පංතියකට ලියල දීපු එකක් නෙමෙය කියලා තේරුම් ගනීවි. මොනම ආකාරයක වත් වෙනසකට බහුතර ජනයා අකමැතියි. තියෙන විදියට වැනි වැනි බැන බැන ඉන්නවාට තමයි හැමෝම කැමති. හරියට නිකං පොඩි එවුං ලෙඩ හොද වෙනවා කියල දන්නවා වුනත් තිත්ත බේත් බොන්න අකමැතියි. ඒ වගේ වෙලාවට සීනි පෙන්නලා හරි තිත්ත බේත් පොවන එක තමයි දෙමාපිය වැඩිහිටියන්ගේ අරමුණ.

මේ විදියෙ කලාකාරයො දෙන්නෙක් පහුගිය දවසක සූට්ටක් හිට් වුනා. ඒ සුනිල් පෙරේරා සහ චමින්ද පුස්වෙඩිල්ල. එයිනුත් ඕනි බබෙකුට තේරෙන සුනිල් පෙරේරාගේ නාට්‍යමය ජවනිකාව විශිෂ්ඨයි. අදහස් වල බරට වඩා වැදගත් වෙන්නෙ අදහස් තේරෙන මිනිස්සු ගානෙ බර. සුනිල් පෙරේර ඉදිරිපත් කරන සිංදු සහ නිර්මාණ ලාංකීය සමාජයේ අති බහුතර ජනයාට තේරුං යනවා. මං හිතන්නෙ ඒ අමු සරල ගතිය නිසාම තමයි සුනිල් පෙරේරා අද රේඩියෝ ඇඩ් වල උදැල්ල විකුනන එකේ ඉඳලා ටොපි ලොසින්ජර දක්වා වෙළඳ දැන්වීම් රාශියක පෙනී සිටින්නෙ.

පුදබිමක් වටා ගෙතුන තිත්ත නාට්ටියක් පහුගිය දවසක බැලුවා. ඒක තමයි “කෑම ලෑස්තියි“. කෑම ලෑස්තියි කියන්නෙ බොහොම සරල නාට්ටියක්. නමුත් නාට්‍යය දේශපාලනය සමග දැඩිව ගැටෙනවා. දේශපාලනය මගින් විකුනන සිංහයා, ආගම සහ මිනිස්සු ගැන කතාව හොදින් ඉදිරිපත් කරලා තිබෙනවා. නාටකීය වශයෙන් නාට්‍යය තුල අඩුපාඩු ඇති. හොඳ වෙලාවට මම නාට්ටි ගැන වැඩිය පොත් පත් කියවල නැහැ. ඒ නිසා මට එච්චර ලොකු අවුලක් නම් පෙනුනෙ නැහැ. බාගෙදා පොත් පත් වැඩිය කියවල තිබුන නම් මට ගොඩක් වැරදි පෙනේවි.

කෑම ලෑස්තියි තුල රඟපාන ශ්‍රියන්ත මෙන්ඩිස් දක්ෂ විදියට රඟපානවා. සාමාන්‍යෙන් ශ්‍රියන්ත දැන් ඉන්න තැන ඉඳන් රඟපායි කියලා හිතන් බැරි නාට්ටියක්. නමුත් ශ්‍රියන්ත නාට්‍යය ලක්ෂණයට අරගෙන යනවා. මේ නාට්ටිය වැඩිහිටි තේමාවක්. ඒත් ඒකෙ යන සීන්ස් වලට පොඩි උන් බඩ අල්ලගෙන උඩ පැන පැන හිනා වුනා. සමාර පොඩි උන්ට හිනාව වැඩි කමට නැගිට්ටුනා. ඒ පොඩි උන් ආස කරන නලු නිලියො පුක බිම ඇනෙන්න බිම වැටෙන ගෑනු ඇක්ටින් කරන අමුතු ළමා ගතියකුත් නාට්ටියෙ තියෙනවා. ඒ වගේම මෙලෝ දේසපාලනයක් නොතේරෙන එකෙක්ට වුනත් හිනාවෙත හැකි සරල ජෝක් ගනනාවකින්ද නාට්ටිය සමන්විත වෙනවා. ඒ අස්සෙ ලව් වලට ආස කරන යාලුවන්ට ලවුත් පරණ කතාවලට ආස අයට පරණ ආතල් එකකුත් තියෙන ඕල් ඕඩියන්ස් අච්චාරු නාට්ටියක් තමයි කෑම ලෑස්තියි.

කවුරු මොනවා කිව්වත් අද නාට්ටිය තියෙන්නෙ බල්ලොත් එක්ක බැරිව. අද පවතින දේවල් කතානොකරන පරණ සිංහබාහු මනමෙ වලට අද මාකට් එකක් නැහැ. ඒවා අතීතයට කැමති අයට ආවඩන්න තාමත් ඉඳහිට යනවා. නමුත් “බල්ලොත් එක්ක බෑ“ කියන නාට්ටිය ගිය දුරත් එක්ක ලංකාවෙ වේදිකා නාට්ටිය අලුත් තැනකට වැටුනා. කුහක මිනිස්සු මොනවා කිව්වත් නාට්ටි බලන්නෙම නැති සෙට් වේදිකාවක් වෙත අද්දගනිපු බල්ලොත් එක්ක බෑ කියන්නෙ මෑත කාලීනව විප්ලවීය වාණිජ නාට්ටියක්. වීරයා මැරිලා, ලාස්ට් බස් එකේ කතාව, සිංදු කිරිල්ලී,දෙබිඩ්ඩෝ වගේ කතා කොච්චර හොද වුනත් ඒවා සාමාන්‍ය පොදු මහජනයාට තේරුං යනවා අඩුයි. ඉහල මධ්‍යම පාංතික උගත් පිරිසකට හැර ඒ වගෙ වැදගත් කතා තේරුම් ගැනීම අනෙක් ජනයාට ටිකක් අමාරුයි කියලයි මට හිතෙන්නෙ.

එතනින් අදහස් වෙන්නෙ නැහැ සම්භාව්‍ය,කලාත්මක නාට්‍ය,කෙටිකතා, නවකතා, සිනමාව වැඩක් නැහැ කියාල. නමුත් ඒ හා සමානුපාතිකව පොදු බහුතර මහජනයාට තේරුම් යන නිර්මාණත් තියෙන්න ඕනි. පුරහඳ කළුවර වාගේ සැර නිර්මාණ කරපු හඳගම පස්සෙ කාලෙක විදූ කියන සරල ෆිල්ම් එක ගැහුවෙ අර කලිං පුරහඳ කළුවර ගහපු ප්‍රේක්ෂක පිරිස ඉලක්ක කරගෙන නෙමෙයි. ඒක අවබෝධ කරගන්න බැරිවුන සමහර විචාරකයෝ පුරහඳ කළුවරෙන් පස්සෙ විදූ ට ගිය හඳගම කලාවෙන් වැටුනා කියලා මෝඩ චූන් එකක් ගන්නවා.
පාවී යන ජබර
කෑම ලෑස්තියි තුල කියවෙන දේශපාලනික කතාව සාමාන්‍ය බහුතර මහජනයාට තේරුං යනවා. ඒ වුනේ මොකද්ද කියලාත් ඉතාම පැහැදිලිව තේරුම් යනවා. රාවය පත්තරේ කලම්බු ටෙලිග්‍රාෆ් එකේ යන මහප්‍රාන වලට වඩා ජනයාට කා වදිනවා. ඉඩකඩක් ලැබුනොත් කෑම ලෑස්තියි බලන්න යන්න. කෑම ලෑස්තියි නාට්ටිය රට වටේ අරං යන්නෙ ජූඩ් ශ්‍රී මාල්. ජූඩ් ශ්‍රී මාල් ගේ කන්ටැක් එකක් නම් හොයාගන්න වැඩි අමාරුවක් වෙන එකක් නැහැ. ඕන ඉරිද පත්තරේක නාට්ටි තීරුවෙ ජූඩ් ගේ නම තියෙනවා.

8 comments:

  1. සුපුරුදු බස් හරඹයෙන් ඉතාමත් අපුරු අයුරින් පණිවුඩ ගණනාවක්ම සමාජ ගත කොට තිබෙනවා අමිල.

    ReplyDelete
  2. මම ඔය කතාව බැලුවේ නැහැ .. ( බලන්න උනේ නැහැ ) හොඳ තේරුමක් තියෙන එකක් වගේ..අදටත් එවැනි නාට්ටිය එකක් දෙකක් හෝ හැදෙන එක ගැන සතුටු වෙමු ...එහෙකට දෙකකට වඩා හදන්නත් බැහැ එක අතකට...

    ReplyDelete
  3. ඒයි මචෝ උඹත් දාපන් මෝකක් හරි සෙල්ලමක්, කම්පෙටිශන් එකක් උඹේ බ්ලොග් එක ලක්ස තුන පැන්නා කියලා. දාන්නේ නැද්ද? උඹ වගේ මෝඩ මූසලයෙක්.

    ReplyDelete
  4. සුනිල් පෙරේරා තමයි ටිකක් හරි ඔය සම්බන්ධව රජයට දැනෙන්න දෙයක් කරපු කලාකාරයෙක්ට ඉන්නේ. අනිත් එවුනුත් කොහොමහරි බැලුවෙ කාගේ හරි උදව්වෙන් දියවන්නාවට ගොඩ වෙන්ඩ

    ReplyDelete
  5. //පුරහඳ කළුවර වාගේ සැර නිර්මාණ කරපු හඳගම
    punchi niwaradi kirimak.film 1ka haduwe prassan vithanage

    ReplyDelete
    Replies
    1. ඔව් එතන ටිකක් සැර වැරදීමක් වෙලා තියෙනවා..

      Delete
  6. මේකෙන් මම ඉගෙන ගත්ත දේ තමයි ආණ්ඩු පෙල්ලන්න පුළුවන් දුප්පත්ම පුංචි ජනතාවට මිස කන්ද බඩ මහත දේශපාලඥයන්ට නොවන බව.

    ReplyDelete
  7. අමිල මචන් විකසිත කරගනින්, විකසිත කරගනින්!!!

    ReplyDelete