Saturday, November 9, 2013

ජරා මිිනිස්සු (Jarawa)

ජාති ජරා මරණ  කියල සංකල්පයක් බුදු බනේ තියෙනවා. ඒ කියන්නෙ මේ ශරීරය ජරාවට පත්වෙල යනව කියන අදහස තමයි ජරා කියන වදනින් කියවෙන්නෙ. කෝමහරි ජරාවට පත්වෙලා යන මේ සරීරෙ කියලා හිතලා දානයක් දෙනවා නම් හොදයි නෙව කියලා අපිට සමහර අලංකාර වයසට යමින් තියෙන නොබැඳි කාන්තාවො දැක්කම හිතෙනවා. ජරාවට ගියත් සිරාවට වගේ පෙන්නගෙන යන එක තමයි කාන්තා ගතිය. ජරාව කියන අදහස යටිමඩි ගසාගන්නා සල්ලි සඳහාත් පොදුවේ නරක යන අදහස දෙන්න ජරාව කියල කියනවා. ජරා පප්පා විදියට හඳුන්වන පොලිස් මහත්තුරු විදුහල්පති වරු, කාර්යාල සේවකයෝ බොහොමයක් අපේ රටේ ඉන්නවා. මචං උඹලයි තාත්තව මං අපේ තාත්තට පෙන්නුවම අපේ තාත්ත කිව්වනේ බං ගත්ත කටටම ඕක මහ ජරා පප්ප කියලා. ඉතිං ඒ දරුවන්ටත් ලොකු ආඩම්බර කමක් දැනෙනවා ඇති ජරාව අතින් වුනත් තමුන්ගේ පියා ලොකු තැනක ඉන්න එක පිළිබඳව. 

ඉන්දුනීසියාවෙ බන්ඩා ආච්චි ප්‍රාන්තෙ ඉඳල ලංකාවට සුනාමිය එනකොට අතරමැද දූපත් සෙට් එකක් තිබුනා. කාටද මතක ඒ දුපත් සෙට් එක..? දැන් ඔලුව කසන්න ඕනි නැහැ. ඒ වගේ දූපත් ගොඩක් තියෙන්න ඇති. අපි දන්නවැයි මූදෙ තියෙන ඕකකොම දූපත් ගැන. ඒ අතර අන්දමන් සහ නිකොබාර් දූපත් ලොකුයි. ලංකාවෙන් මූදු ගිය බෝටටු අන්දමන් වලට ගහගෙන ගිහිපු අවස්ථා ඉඳලාම ඉස්සර නිවුස් වලද කියවුනා. අන්දමන් කියන්නෙ ලංකාවෙ නැගෙනහිර වෙරලේ ඉදලා කිලෝමීටර දාස් ගානක් ඈත මූදෙ තියෙන ඉන්දියාවට අයිති දූපත් සෙට් එකක්. ඒකෙ අයිතිකාරයො තමයි ඉන්දියානු රජය. 

මේ දූපත් සෙට් එක වර්ග කිලෝමීටර 8073ක් විශාලයි. ප්‍රමාණය සැලකුවොත් ලංකාවෙ මඩකලපුව, අම්පාර ත්‍රිකුණාමලය ආදි තීරුව අයිති නැගෙනහිර පළාතට වඩා පොඩ්ඩයි පොඩි. මේ අන්දමන් සහ නිකොබාර් දූපත් වල දැන් ඉන්නෙ ඉන්ඩියන් කාරයො. මට පුද්ගලිකව ඉන්ඩියන් කාරයො වැඩිය දිරවන්ෙන නැහැ. පිරිසිදුකම, කච කචය, මල පෙරේතකම ආදිය නිසා ඉන්ඩියන් කාරයො ටිකක් පිලිකුල් සහගතයි. ජන ගහනය ලක්ෂ හතරක් විතර වෙනවා මේ දූපත් වල. 



මේ අන්දමන් දූපත් වල ඉන්නවා ගෝත්‍රිකයො. ඒ එක ගෝත්‍රයක් තමයි ජාරවා හෝ ජරාවා කියන්නෙ. මේ ජරාවා ගෝත්‍රිකයො තාම ශිෂ්ඨාචාර ගත වෙල නැහැ. හෙලුවෙන් තමයි එයාල ඇවිදින්නෙ. එයාල හිටපු භූමිය හරහා මහා මාර්ගයක් ඉදිකලා ඉන්දීය රජය. ඉන් පස්සෙ එයාලට තියෙන කරදර වැඩි වුනා. දැනටත් මේ ජරාවා ගෝත්‍රිකයන් ඉතාම නින්දිත විදියෙ අපහරණ වලට ලක්වෙනවාලු. ඉන්දීය නීති අනුව නම් මේ පාර හරහා යන වාහන නවත්වන්න බැහැ. නමුත් අවාසනාවකට අද වෙනකොට වනෝද්‍යානයක සිටින සතුන් මට්ටමට මේ මිනිස්සු වැටිලා තියෙනවා. 

ඒකෙ අනික් පැත්ත අපි සැලකුවොත්. එතරම්ම සටන්කාමි නොවන මේ ජනයා ආස ඇති ශිෂ්ඨාචාර ගත වෙන්න. ඒ නිසා ඒ අය මිනිස්සු එක්ක එකතු වෙන්න ආස ඇති. ඉන්දියන් චාරිකා සංවිධායකයින් සහ රියදුරන් පිරිමි අයට එතනෝල් බොන්න දීල ගෑනු අය දූෂනය කරලා එයාලගේ ජරා ගති පෙන්වන්න පටන් අරං තියෙනවා කියලයි විදෙස් වාර්ථා කියන්නෙ. 

යූ ටියුබ් එකේ බැලුවොත් ඒ විදියට ජරා මිනිස්සුන් වඳුරො චිම්පන්සි මට්ටමට දාලා මෝඩ ආතල් ගන්න මිනිස්සුන්ගේ වීඩියෝ බලාගන්න පුලුවනි. මේ අය ඉතාම මෑතක් ඒ කිව්වෙ අනූළු දශකය වෙනකල් ඇගේ නූල් පොටක් වත් නැතුව හිටපු ජාතියක්. නමුත් අපේ සාරි ඇඳගෙන මූදෙ නාන්නත් යන ඉන්ඩියන් මිනිස්සුන්ට ඇඳුන් නැතුව සිටීම ගැටලුවක් වෙලා මේ අයට ඇඳුම් අන්දවන්න ගිහින් තියෙනවා.

මේ දූපත වටේ තියෙන පුරාණ ජනාවාස බැලුවොත් ඉන්දියාව, ඉන්දනීසියාව, ලංකාව දක්වන්න පුලුවනි. නමුත් ඒ වටේ තියෙන රටවල් එකකවත් නැති විදියෙ අප්‍රිකානු කළු ගතියක් මේ මිනිස්සුන්ගේ තිබෙනවා. මේ අය යටත් විජිත කාලෙ ගෙනාපු වහල්ලු නෙමෙයි. මේ අය අවුරුදු පනස්දාහකට එපිට අප්‍රිකාවේ සිට සංක්‍රමනය වුන ජාතියක් කියලා තමයි මානව විද්‍යාඥ  කස්ටිය කියන්නෙ. ගැලපගොස් දූපත් වලට ගිහිපු ඩාවින් එක එක දූපත් වල සිටින සත්තු එක එක ආවේනික තාවයන් දක්වනවා කියලා හොයාගත්තා. නමුත් වටේම කහ පාට මිනිස්සු ඉන්න දූපතක මේ මිනිස්සු කළු පාටට හැදුනෙ කොහොමද කියන එක මානව විද්‍යාඥයො අනාත කරන ගැටලුවක්. එසේ මෙසේ කළුවක් නෙමෙයි නෙව තියෙන්නෙ පුදුමාකාර දැකුම් කළු ගතියක්. 

අද වෙනකොට මේ මිනිස්සු ඉන්නෙ 400කට අඩු ප්‍රමාණයක්. ඔවුන් ඉන්න භූමිය ආහාර පිරුණ බිමක්. ඒ නිසා කෑම අඩුවකින් තොරව එයාලට ඉන්න කියන්න හැකිවෙල තියෙනවා ඇති. නමුත් එයාල තාම නොදියුනුයි. එයාල මිනිස්සු අතරට ගන්නවාද නැත්ද කියන එක ගැටලුවක්. එයාලට බේත් හේත් ගන්න වෙනමම තැනක් ඒ ආශ්‍රිතව පිහිටල තියෙනවාලු. ඒකෙ ඉන්න ඉන්දීය දොස්තර මහත්තුරු ජරා අයට තියෙන ලෙඩ වලට බේත් කරනවා. ඒ අතර කතාවක් තියෙනවා ජරා ගෝත්‍රයේ දැන් පවතින සමහර රෝග එහි ගිය සංචාරකයින් විසින් බෝ කරපු ඒවා කියලා. 

මේ මිනිස්සුන්ට උපන්තෙකට බේත් විදල නැහැ. ඒ වගේම නිසි ආකාර සෞඛ්‍යාරක්ශනයක් නැහැ. හැම තැනම ගිහින් ගෑනු එක්ක නිදාගන්න වල් සංචාරකයො ඩොලර් ටිකක් විසික් කලාම උන්ට මේ මිනිස්සු එක්ක ගැවසෙන්න හැකියාවක් ලැබෙනවා ඇති. ඉතිං උන්ට තියෙන කී සීයක් ලෙඩ මේ අහිංසක මිනිස්සු කස්ටියට වැලදෙනවාත් ඇති. 

අපේ මොඩ් වැද්දො වගේ නෙමෙයි. මේ අය නම් තාමත් බාසාව සහ අනෙක් බොහෝ දේවල් වලින් ගෝත්‍රික ගති පෙන්වනවා. ආදිවාසින් කියලා හදුන්වන අයටත් වඩා ඈත ආදිවාසි ගතියක් තමයි මේ ගෝත්රික අයගේ තියෙන්නෙ. ජරාවා කියන්නෙ අන්දමන් නිකොබාර් දූපත් ආශ්‍රිත එක ගෝත්‍රයක් විතරයි. තවත් ගෝත්‍ර කිහිපයක් මේ දූඵත් වල ඉන්නවා. 

මේ අන්දමන් නිකොබාර් දූපත් වල හිටපු ගෝත්රිකයින් සුනාමියෙන් මැරිලද කියල බලන්න 2004 වර්ශයේදී හෙලිකොප්ටර ගිහින් තියෙනවා. ඒ වෙලාවෙ සමහර ගෝත්‍රිකයන් නිරුවතින් දුන්නයි ඊතලයි අරං හෙලිකොප්ටර් වලටත් ඊතල වලිං පහරදෙන්න උත්සාහ අරං තිබුනා. මේ මිනිස්සු සංරක්ෂණය කරන එකෙ වාසියක් තිබෙනවා. මේ අය ජානමය අතින් වෙනස්කම් තියෙන මේ දූපත් වල කාලාන්තරයක් තිස්සෙ ඉන්න මිනිස්සු. මේ විශේෂ ජාන සැකසුම් මගින් මේ අයගේ සාමාන්‍ය ජනතාවට නැති ප්‍රතිශක්තිකරණ හැකියාවන් සහ වෙනත් ගතිගුණ ඇති. ඒ වගේම මෙයාලගේ දුර්වලතා තියෙන්නත් පුලුවන්. කොහොම වුනත් හැමදේම එකට මික්ස් කරන්න දගලන්නෙ නැතුව හැකිතාක් මේ අය ජනාවාස සහ පඩත්තල ඉන්ඩියන් කාරයින්ගෙන් අයින් කරලා තියන්න පුලුවන් නම් හොදයි කියලයි මගේ අදහස වෙන්නෙ. 

16 comments:

  1. යකෝ මේ ගෑනු එක්ක බුදියාගන්න උන් ඊට වඩා වල්සත්තු වෙන්න ඇති

    ReplyDelete
  2. ඇත්තටම පුදුමයි තාමත් ඔය මිනිස්සු තාමත් නව ලෝකය එක්ක මුහු නොවිච්ච එක. හැබැයි ඔය ඔය ගැහැණු පරාන වලට හදි කරන උන් නන් ඊටත් වඩා ගෝත්‍රිකයෝ ටිකක්.

    ReplyDelete
  3. කියන්න දේවල් තිබ්බට පසුව එමි .. ලිපිය ලිවීමේ අරමුණ දන්නේ ඔබගේ සීතයි .. යු ටුබ් එකේ තියෙන එම වීඩියෝ බැලීමේ අරමුණ දන්නේ ඔබගේ සිතයි ..හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. අපූර්වි ඔබායා...නරක දේ බැලීමේ අරමුනින් යන අයෙක් ඒවා යූ ටියුබයේ සොයන්නේ අඩුවෙන්.. යූ ටියුබයේ මා සෙවුවේ ගෝත්රිකයින් ගැන තොරතුරුයි. නමුත් මට ලැබුනේ එක එක ජාතියේ සුදු මිනිස්සුන් ගොස් සිම්පන්සින් සමග පොටෝ ගන්වාක් වැනිව ජරාවා මිනිසුන් සමග පොටෝ ගැනීමයි...

      Delete
    2. චතුරංගගේ කොමෙන්ට් එකම තමා අමිල තියෙන්නේ ,,මිනිස්සු කියන්නේ මහා පුදුමාකාර ජාතියක් ,, හොද ලිපියක් දැන් ඇවිත් කියෙවුවෙ සේරම ,,

      Delete
  4. මෙන්න ඔය කියන "ජරා" මිනිස්සුන් ගේ නම තියෙන පාරක්.

    මෙතනට යන්නේ බීජා පාරෙන් හැරිලා.

    http://kathandara.blogspot.com/2012/01/to-jarrah-via-bija.html

    .

    ReplyDelete
  5. \\\\\\\\\\\\මේ අය ජානමය අතින් වෙනස්කම් තියෙන මේ දූපත් වල කාලාන්තරයක් තිස්සෙ ඉන්න මිනිස්සු. \\\\\\\\\\\

    මෙතන තමයි වැදගත් තැන අමිල... මිශ්‍ර නොවූ ජන වර්ග හඳුනාගැනීම වටිනවා ....

    ReplyDelete
  6. ඔය වගේ මිනිමස් කන අඹිස්ඨ වනචාරි මනුස්සයෙක් අපේ ශිෂ්ඨ සම්පන්න රටකට ඇවිත් බෝම්බයනට අහුවෙලා මිනිස්සු ටිකක් මැරිල ඉන්නව දැකල "යකෝ අපිනම් බඩකිනි ,උනාම එකයි මරාගෙන කන්නෙ මුං නිකං මිනිස්සු මරල දාල" කිව්වලු

    ReplyDelete
    Replies
    1. නියම කතාව ලක්මිණි ...
      +++++++++++++++++++++++

      Delete
  7. අර උඩ තියෙන පින්තූරේ ගෑනු දෙන්නෙක් රෙදි හැට්ට ඇඳලා ඉන්නවා. ඒවා ලංකාවෙන් ලැබුණු ඒවද?

    මෑතකදී ඉඳන් අමිලගේ ලියන රටාව වෙනස්වෙලා. පරණ කෙනාම තමයි. හැබැයි ලියවිල්ල රසවත් වෙලා. මෙහෙම කීවා කියලා, ඔන්න බනින්ට එහෙම ඔට්ටු නෑ.:)

    ReplyDelete
    Replies
    1. මේකනේ ලංකාවෙ අය උඩ විතරයි බලන්නෙ... ලංකා ඉතිහාස කතා බොහොමයක් අනුව ඉන්දියාවෙන් තමයි ඔක්කොම ඇවිත් තියෙන්නෙ.. නමුත් මේ ඉන්දුනීසියාව මැලේසියාව පැත්තෙනුත් ලංකාවට මිනිස්සු එන්න ඇති.. ඒ මිනිස්සුන්ගේ සාම්ප්‍රදායික උත්සවාදිය බැලුහාම ලංකාවෙ තියන යක් නැටුම් ආදියේ හැඩහුරුකම ගොඩක්ම තියෙනවා.. ස්තූතියි.. මාත් දැන් දැක්කෙ රෙදි හැට්ට සීන්ස් එක...

      Delete
    2. ඒ රෙද්දෙයි හැට්ටෙයි තියෙන්නේ ඉන්දියානු උරුව

      Delete
    3. ඉංදියාවේ රෙද්ද හැට්ට සීන් එක තියෙනවාද?

      Delete
    4. පොඩ්ඩි කියන කතාව මටත් හිතුණා. දැන් අමිලගේ ලිවිල්ල පර්යේෂනාත්මකයි. එය අගයන්න මමත් එකතු වෙනවා.

      Delete
  8. "මට පුද්ගලිකව ඉන්ඩියන් කාරයො වැඩිය දිරවන්ෙන නැහැ. පිරිසිදුකම, කච කචය, මල පෙරේතකම ආදිය නිසා "
    මේකටනම් මමත් එකෙන්ම මචන්

    ReplyDelete
  9. මේ වගේ හුදෙකලා භූමි වලට ශිෂ්ට යයි කියා ගන්නා ම්නිසුන් පය නොගහා ඉන්නවා නම් හොඳයි. හොඳ ලිපියක් අමිල. දියාගෝ ගර්ෂියා කියලා තවත් පුංචි දුපතක් ගැන මම කියවලා තියෙනවා.

    ReplyDelete