Sunday, November 24, 2013

සොරයාට ගල් ගැසීම the stoning of soraya

රිසානා නෆීක් කියන්නෙ අඩු වයසින් සෞදියට ගිහිපු ගැහැනු ළමයෙක්. එයාගෙ අතින් වුන අත් වැරදීමකට එයාගේ හිස කඳින් වෙන්කරන්න කියලා සෞදි රජයේ නීතිය අනුව දඬුවම් නියම කලා. සෞදි රජතුමාට අපේ රජතුමා ඉල්ලීමක් කලත් රිසානා නෆීක් නන්නාදුන රටක, නන්නාදුනන නීතියකට යටත් වෙලා මැරුනා. සෞදි නීතිය පදනම් වෙන්නෙ ඉස්ලාමීය ෂරියා කියන නීතිය. ගොඩක් ඉස්ලාමීය රටවල් ෂරියා කියන කෝරාන නීතිය භාවිත කරනවා. 

සොරයා කියන්නෙ ඉරානයේ කඳුකර ගමක වසන දරුවන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්. ඇය ඇගේ සැමියාගෙන් දැඩිව හිංසාවට ලක්වෙනවා. සාමාන්‍ය සමාජයක සිද්ධ වෙන්න ඕනි සොරයා කියන ගැහැනියට සැමියාගෙ හිංසාව නැතිවෙලා ඇයට සාර්ථකව පවුල ගෙනියන්න සමාජය සහ නීතිය උදව් කරන්න එක. නමුත් සොරයා ඉන්න ගමේ දේශපාලනය සහ සංස්කෘතිය අහිංසක සොරයාට හරස් වෙනවා. සොරයා අහිංසකද නැද්ද කියලා හරියටම කියන්න බැහැ. නමුත් සොරයා මුහුන දෙන අත්දැකීම් ඉතාම කටුකයි. 

ස්ටෝනින් ඔෆ් සොරයා කියන මේ චිත්‍රපටිය තුල කියවෙන්නෙ ඉස්ලාමීය දැඩි නීති රීති පවතින ඉරානයේ ගමක සිදුවීමක් ගැන. ඒකෙදි ගැහැනියකට ගල් ගසා මරාදැමීම කියන අමානුෂික සිද්ධිය සහ ඒ ගල් ගැසීමේ තීන්දුව ලැබීමේ පිලිවෙල ගැන මනා කතාවක් ඉදිරිපත් වෙනවා. මම කඩුවෙන් ගහලා දඩුවමක් විදියට මරන සිද්ධියක් මුලින්ම දැක්කෙ රිසානාගේ සිද්ධිය කාලෙ ඉන්දුනීසියානු ගෑනු කෙනෙක්ව මරන යූ බට දර්ශනය. මේ ෆිල්ම් එක කුඩා කතාවක් වුනත් විශාල සමාජමය අතින් පුලුල් කතිකාවතතක් ඇති කරනවා. 

මුස්ලිම් ආගමට විරුද්ධ අයට මේ ෆිල්ම් එක ගොඩක් වටිනවා. ලංකාවෙත් එහෙම අය කන්ඩායමක් ඉන්න නිසා එයාලටත් මේක බලලා ගොඩක් ලේ කෝපකරගන්න අවස්ථාවක් ලබාගන්න පුලුවනි. ඉස්ලාම් කියන්නෙ දැඩි නීති සහිත ආගමක්. කුමන ආගමක් වුවත් අදහන්නෙ මනුෂ්‍යයින්. මනුෂ්‍යයින්ගේ ජීවන ස්වභාවය කාලය අනුව නීති පද්ධති වෙනස් වෙන්න ඕනි. දැන් ඉස්ලාම් ආගම අදහන අන්තවාදී අය ෂරියා නීතිය ගේන්න ඕනි කියලා ලොකු උනන්දුවක් ඇතිකරගෙන ඉන්නවා. කුරානය සම්පූර්ණයෙන් කියවා අවබෝධ කරගත් අයෙක්ට සම්පූර්ණයෙන් සහතික වෙන්න පුලුවන්ද ඔබකුරාණය අනුවම ජීවත් වෙනවා කියලා? මම හිතන්නෙ අදකාලෙ ඉස්ලාම් ආගම අදහන බොහෝ දෙනාට ඒකට ඔව් කියල උත්තර දෙන්න බැහැ. මොකද අපි මිනිස්සු විදියට නොදැනුවත්ව හරි අපි අතින් වරදක් වෙන්න හැකියාවක් තිබෙනවා. ඉතිං ඔබ අදහන පොත අනුව ඔබ විශ්වාස කරන පොත අනුව ඔබට සියයට සියයක් ජීවත් වෙන්න බැරිනම් ඔබට තියෙන අයිතිය මොකක්ද පොතේ තියෙන දඩුවම් ඒ විදියටම අකුරටම මිනිස්සුන්ට නියම කරන්න..

පොඩි වෙබ් අඩවියක් තිබෙනවා ජනසංසදය කියලා.අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන මහත්වරු නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේ තියෙන කැත ගතිය මේ ජනසංසදය අඩවියේ තිබෙනවා. මිනිහෙකුට දෙන්න පුලුවන් කැතම ආකාරයේ දඩුවම් දෙන්න අපේ රටේ පොලිස් නිළධාරින් පෙළඹුන අවස්ථා තිබෙනවා. ලෝකෙ කොච්චර ඉස්සරහට ගියත් තාමත් අපේ සමාජයෙ පොලිසිය සහ නිතිය කියන්නෙ මහ අමුතු දෙයක්. පොලිසිය පොඩි මිනිහාට සලකන විදියට නෙමෙයි යමක් කමක් ඇති මිනිහාට සලකන්නෙ. අපේ රටේ ෂරියා නීතිය නැහැ. නමුත් ඉඳලා හිටලා ඒ වගේ සිදුවීම් වාර්ථා වෙනවා. පහුගිය කාලෙ සුද්දෙක්ට ගහලා මරලා ඒ යාලුවෙල හිටිය කෙල්ලත් දූෂනය කරපු කතාවක් තංගල්ලෙන් වාර්ථා වුනා. ඒ ගම්බද ලොක්කා හිතන්න ඇත්තෙ පොරට පිටරට මිනිහෙක් මරන්න තරම් නීතිමය හැකියාවක් තිබෙනවා කියලා. ඉතිං ඒහෙම නීතිමය බලයක් නැහැය. ඌ කලේ වරදක්ය කියලා දැනෙන්න නම් මිනිහා හිරේ යන්න ඕන. අඩුවශයෙන් මිනිහා දරපු ප්‍රාෙද්ශිය නිලයෙන් හරි ඉවත් කරන්න ඕනි.  නමුත් එහෙම වුනේ නැහැ. ආන්ඩුවෙ ඉහලම තැන්වල ආනුභාවය අනුව අපිට බැලූ බැල්මට පේන්නෙ මිනිහා කල වැඩේ හරිය කියන්න වගේ හැසිරීමක්. 

මං එක් කාලෙක උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනගත්තා. ඒකෙ සැරට රැග් එක තිබුනා. රැග් එකට ඒ නම කියන්නෙ නැහැ ඒකට දැන් කියන්නෙ පරිවාසය හෝ වෙන නමක්. ළමයින්ට කුනුහරුපෙන් බනිනවා. ළමයින්ව කැත විදියට විහිලුවට ලක් කරනවා. ශාරීරික දඩුවම් ලබාදෙනවා.. මේවා දකින කිසිම අධ්‍යාපනයක් නැති ඒ ආයතනයේ වැඩකරපු පිරිසිදු කරන මිනිස්සු ගෑනු සමහර දෙනෙක් කඳුලු පිරුනු ඇස් වලින් අර ලමයිට වෙන හිරිහැර වෙලාවකට බලාගෙන ඉන්නවා. සමහර ලෙක්චර්ස්ල සීනියස්ල මේවා දැනගෙන හිටියත් එයාලගේ කන් ඒ වෙලාවට වැඩකරන්නෙ නැති විදියට තමයි එයාල ඉන්නෙ. 

මාසයක් දෙකක් රැග් එක තිබිල කුනු වතුර බාල්දි ඔලුවට හලලා වැඩේ ඉවර කරනවා. ආයිත් තව අවුරුද්දකින් බැලුවාම ඒ ළමයිම ඊළග බැජ් එකට රැග් එක දෙන්න පෝලිං ගැහිල ඉන්නවා. කලිං රැග් එකේදි ඉතාම අමානුෂික විදියට හැසිරුන ළමයින්ට කැතම වචනයෙන් බැනපු ලොකු සද්දයක් තියෙන කටවල් තිබුන අයියලයි අත්වල රැග් එක කාපු නංගිල එල්ලිලා පෙම් කෙල කෙල ඇවිදිනවා පේනවා. ඒ විදියට ඒ සංස්කෘතිය විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් කියලබෝඩ් එකකුත් එල්ලගෙන ඉස්සරහට අරගෙන යන්න අර බුදධිමත් සිසුන් පෙල ගැහිල ඉන්නවා. නමුත් යාන්තං ඉස්කෝලෙ ගිහිපු වැසිකිලි පිරිසිදු කරන රැකයාව කරන මිනිස්සුන්ට තේරෙනවා මේ උසස් පෙල සමත් වෙලා තේරිල ඉන්න උගත් ළමයි කොරන්නෙ සහ කරනකල් බලං ඉන්නෙ මහ අමානුෂික දෙයක් කියලා.

දෙවන ලෝක යුද්ද කාලෙ සමහර ජර්මන් උගතුන් බුද්ධිමතුන් පවා යුදෙව් ජාතිකයන් තොග ගනනින් මැරෙන එක දිහා ඇහැ කන වහගෙන බලාගෙන සිටියා. ඒවාට අනුබල දෙන්නත් ඇති. ඒ ගෑස් කාමරවල මිනිස්සු මරන්න ගෑස් නිකුත් කරපු අය තමුන් මහා විශාල රාජකාරියක් කරනවා කියලා හිතන්නත් ඇති. ඒ කාලෙ ඒකට විරුද්ධ වුන අය ගැන හිට්ලර්ගේ හමුදාව විතරක් නෙමෙයි ඒ සමාජයේම බහුතර මිනිස්සු විරුද්ද වෙන්න ඇති. 

වත්මන් ඉස්ලාමීය සමාජයන් තුලත්  ඒ නීති වලට විරුද්ධ මිනිස්සු ඇති. නමුත් හිතේ තියෙන විරෝධය ගතින් දක්වන්න ගියොත් වෙන්නෙ ජීවිතේ නැතිකරගන්න. යුක්තිය සාධාරනය වටා මිනිසුන් ඒකරාශී වනවාට වඩා ඉතාම ඉක්මනින් මිනිස්සු ගෝත්‍රිකත්වය ජාතිකත්වය වටා ඒකරාශී කරගන්න පුලුවන්. මිනිස්සුන්ට එහෙම වෙන්නෙ අවුරුදු දාස් ගානක් වනාන්තරේ පොඩි පොඩි ගෝත්‍ර විදියට ඉදලා අවසාන අවුරුදු සිය ගණන පමණක් අපි ගෝත්‍රිකයන් නොවුන නිසා වෙන්න ඇති.

සොරයා දිහා බලලා ඉස්ලාම් ආගමට ගල් ගහන්න ගල් ලෝඩ් කරගන්න පුලුවනි. සොරයාට ගල් ගහන මිනිස්සු  කිලෝ 1.2කට ආසන්න  මොළයක් තියාගෙන ගල් ගැසීම ඒ තරම් උද්යෝගයෙන් කරන්නෙ ඇයි කියලත් හිතලා බලන්න.

සොරයාට ගල් ගැසීම.  

කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා චිත්‍රපටි ගැන කතා කරන්න චිත්‍රපටි පිස්සෝ කියලා ගූගල් ගෘෘප් එකක් අටවගෙන තියෙනවා. ඒකෙ මාත් ඉන්නවා. කැමති අයට පුළුවන් ඒකට ඇතුලත් වෙලා චිත්‍රපටි ගැන අදහස් හුවමාරු කරගන්න. 

9 comments:

  1. තොරතුරට ස්තූතියි අමිලයෝ ...

    ReplyDelete
  2. ආගමික හරය සහා ආගමික අන්තවාදය අතර වෙනස මිනිස්සුන්ට පහදලා දීලා, මේ ගොන්පාට් වලින් මිනිස්සුන්ව ඉවත් කරගන්න, කිසිම ආගමක පූජක පක්ෂය, වර්තමානයේදී ක්‍රියාත්මක වන ආකාරය පප්‍රාමාණික වශයෙන් ඉතා පහල තත්වයකයි පවතින්නේ.

    ReplyDelete
  3. මේ දේවල් බුදුරජානන් වහන්සේ ඉන්න කාලෙත් තිබුණා. නමුත් උන් වහන්සේ ඕවා නවත්වන්න උත්සාහ නොකළේ, එහෙම කලත් ඒවා තාවකාලික බව දන්නා නිසා. අපිට කරන්න පුළුවන් අපි සභ්‍යව ජීවත් වීම විතරයි. හොඳ ලිපියක්.

    ReplyDelete
  4. මම කවදහාරි ලෝක බලවතෙක් උනොත් ( විහිළුවක් නෙමෙයි ) අම්මපා ඔය වගේ වද දෙන උන් අමු අමුවේ ඝාතනය කරනවා. ඕකුන්ට උන්ගේ සම්ප්‍රදාය අරක මේක හරස් කරලා මානව හිමිකම් බල්ලට දාල. ඒ ගැන කතා කරන්න ඔය ලොකු ලොක්කන්ට ඕනේ නැහැ...
    මම ඔය ෆිල්ම් බලන්න කැමති නැහැ. ලේ කෝප වෙනවා. සුදෙක අයියා කියනවා වගේ අපිට පුළුවන් ඒ දේවල් දිහා බලාගෙන සභ්‍යත්වය ජීවත් වෙන එක විතරයි

    ReplyDelete
  5. "... And in your Citadel I saw a crowd stoning a man to death in a pit. Ever seen that?"
    "It has to be done," Brutha mumbled. "So the soul can be shriven and--"
    "Don't know about the soul. Never been that kind of philosopher," said Didactylos. "All I know is, it was a horrible sight."
    "The state of the body is not--"
    "Oh, I'm not talking about the poor bugger in the pit," said the philosopher. "I'm talking about the people throwing the stones. They were sure all right. They were sure it wasn't them in the pit. You could see it in their faces. So glad it wasn't them that they were throwing just as hard as they could."

    - Small Gods, by Terry Pratchett

    ReplyDelete
  6. 'බැජ්' = 'බැච්' තමයි හරි යෙදුම

    ReplyDelete
  7. මමත් ඔය ෆිල්ම් 1ක බැලුවා .....
    මහා තිරිසන් නීතියක් ..

    ReplyDelete
  8. වැඩක් නැ කියල ඉස්ලාම් නම් තනිකර හිතන්න බැරි කරන ආගමක්

    ReplyDelete
  9. pariwasaya... amuthuwen kiyanna deyak na. mage ayya oya magulata gihin vinda duk man dannawa. api denna godak open hinda eka dipu dethis wadama mata kiyala thiyenawa. . ude 7 idan ra 2, 3 wenakal wadha dunna . nidagnna na, kanna na, anthimata hodatama asanipa una. eth un e wada dena eka nawaththuwe na. blog ekak lianna gaththoth e okkama dawasak liyanawa. manasika wada withrak nam kamakna, sharirikawath wada dena ekai iwasanna bari... smahara dewal kiyanna ba, amuthuwen kiyanna deyakna loku ayyala owa dannawa athi.eke gewapu masa 3ta eya puduma vidiyata wenas une. kollo unama katta kanna ona thamai nathnam un sinibola babbu wenawa. habayi onama deka simawak thiyenna ona. ayya e ayathane inna kale ekama eka kellektawath kathakarana. awurudu 3i masa 6kma. man eka danagaththe ape pawule malagamak wela e batch eke akkala awama.mata kiwe mechcharayi,oyalage ayyata kello penna ba nanagi. mara ganan. ayya kiyanne mechcharayi kawadahari badinna ona rag kala e ayathane charter unu kellek newe kiyala e kale ganu lamayita dipu wada dakkanam minihekta kawdawath thamange kellawa ethanata yawnna hithenne na , nangiwa ethnata yawanna hithenneth na kiwa. mokada unge ganna deyak na kiyala mata sahena visthara kandarawak kiwa. lankawe usas adyapane gana amuthuwen kiyanna deyak na hithune ethakotayi. usas adyapanedi kello kollo yaluwela simawa paina hatith, asimitha nidahasa ganth nanthawath visthara kiyala thiyenawa. kellek awurudu 2,3 ta 3,4k ekka yaluwena hatith ayya mata kiyala thiyenawa.campus giytha antirag wenna upadese hambune ekayi. mata kawadawath eya hitapu paththatawath enna epa kiwa.ewagema eya kawadawath rag karanna giyena kawawathma. usas adyapane kiyane lamayinta asimitha nidahasak dena deyakada kiyana prashne mata awe. ayya kiwa vidiyata kawadawath thamange kollanam kellawath, nangiwath , akkawath ehema dewal vidinawata kamathi wenne na, ganu lamayek thalila podiwenawta kamathina. isalam agame gal gahana ekata virudda wena ape aya kidenek ganu lamayita darunu widiyata rag karala thiyenawda?

    ReplyDelete