Tuesday, December 31, 2013

යකා වැවට අපේ දෑත

අපේ කන්තෝරුවෙ කන්ඩායමක් එක්ක එකතුවෙලා පහුගිය දවසක අපි යකා වැව කියන නැසීගිය මායිම් ගම්මානයට ගියා. ගිහින් ඒ ගමේ තියෙන ප්‍රාථමික පාසැලට තෑගි ගොඩක් දීල පොඩි ළමයින්ගේ සිත් සතුටු කරලා ආවා. ඒ ගමන අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න අවස්ථාවක් වුනා. පොත් ගෙනියපු හැටි දීපු හැටි, පොත් පැක් කරපු හැටි අපි ගිහින් බිල්ඩින් වල තීන්ත ගාපු හැටි ආදිය ගැන ඉතිං විස්තර කොරාන්ඩ දෙයක් අමුතුවෙන් නැහැ. අපි වගේ තෑගි දෙන වෙනත් අය දුර කතර ගෙවාගෙන කටු කාගෙන ගිහින් දුෂ්කර පාසැල් හොයාගෙන ගිහින් තෑගි දෙන්නෙ යම් සේද අපිත් ඒ ලෙසටම ඒ වැඩේ කලා. 
ඒ වගේම නෑයෙක් ඒ ගමට ගියාම සලකන්නෙ යම් සේද ඒ ආකාරයෙන්ම අපිට කෑම බීම ආදියෙන් ගම්මු සංග්‍රහ කලා. 
 යකාවැව පාසැලේ විදුහල්පතිතුමා පාසැලේ තිබෙන විසාල ඉඩමෙන් කොටසක් කුරහන් වගාවකට බදු දීල. බද්ද කන්නෙටම රුපියල් තිස්දාහක් විතර. ඒ සල්ලි වලින් ස්කෝලෙ ලයිට් බිල් ආදිය ගෙවලා ඉස්කෝලෙට යමක් කරන අදහසක් තියෙනව කියල එතුමා කිව්වා. වෙනත් කන්ඩායමක් මේ ළඟදි ලොකු ආධාරයක් පාසැලට කරලා තිබුනා. ඒ සල්ලි වලින් විදුහල්පතිතුමා පාසැල වටේට වැටක් ඉදිකරලා අලුත් පරිඝනක විද්‍යාගාරයක් ඉදිකරගෙන යනවා.

මේ තියෙන්නෙ ඉරිඟු සහ කුරහන් වගාවක්.මේ ඉරිඟු කුරහන් වගාවල් වලට තෙල් පෝර ගහන්නෙ නැතුව හදනවා කියල බොහොම දෙනා හිතනවා. නමුත් මේ ඉරිඟු වලට මුල් කාලෙදිම තෙල් ගහන්න ඕනය කියලා මම කතාකරපු ගොයි මහත්තයෙක් කිව්වා. මේ යකාවැව ආදී කැබිතිගොල්ලෑව කියන කුඩා නගරයට ආසන්න බොහෝ ගම්මාන වලට ස්ථිර වාරිමාර්ග පද්ධතියක් නැහැ. හුදකලා වුන වැව් කිහිපයක් තිබෙනවා. ඒ නිසා මේ අයට වගා කරන්න වෙන්නෙ අහස් දියෙන්. මහවැලි ව්‍යාපාරයේ බොහොමයක් වැව් අමුණු වලට වතුර හිග කාලෙදි වතුර කඩ අරන් එන්න පුලුවන් ඇලවල් වැව් අමුනු ආදී පද්ධතියක් තිබෙනවා. නමුත් මේ කැබිතිගොල්ලෑව ආසන්න ගම්මාන බොහොමයකට ඒ වගේ පහසුකමක් නැහැ. ඒ නිසා ගොවිතැන කියන්නෙ වාසනාව උරගා බලන ලොතරයි ඇදීමක් වගේ. මහන්සි වෙල මහන්සි වෙල හරියට වැහි වැටුනෙ නැති වුනොත් ඉවරයි. අහස් දියෙන් කරන වගා ගැන ලොකු විශ්වාසයක් තියන්න බැහැ.

මෙන්න මේ අලපත්වැව කියන පාසැලටත් අපි තෑගි අරං ගියා. ඒකෙදි මටත් තෑගිදෙන්න අවස්ථාව ලැබුනා. මේ උත්සවය තිබුනෙ එළිමහනේ. අපි උදෙන් එනවා කියල කිව්ව නිසා ඒ විදුහල්පති තුමා උත්සවය එළියේ සංවිධානය කරන්න ඇති. මේ පාසැලේ මම තෑගි දෙන්න නියම වුන පලවෙනි දරුවා ඇවිත් හිටියෙ නැහැ. ඒ දරුවාගේ පියා ඇවිල්ලා අපි දුන්න තෑගි පාර්සලය අරං ගියා. මේ පාසැලේ දරුවො අපි තෑගි දෙන හැම වතාවෙම දන බිම තියලා අපිට වැන්දා. වැලි පොලවෙ දරුවො දණ ගහන එක දරුවන්ටවත් දෙමාපියන්ටවත් ගැටලුවක් නොවුනට අපිට ඒක පොඩි ගැටලුවක් වුනා. මොකද ඒ දරුවන්ට දඩුවමක් වගේ සිද්ධියක් නේ ඒක. මම ගිහින් විදුහල්පති තුමාට ඒ ගැන කිව්වාෙ. වැඩක් නැහැ. සමාර ළමයි ඔලුව අතගානකල් නැගිටින්නෙත් නැහැ කියල එතුමා කිව්වා. 
ඉන් පස්සෙ අපි දනගහන්න අවශ්‍ය නෑ කියල පොඩියට දැන්වීමක් කරත් දරුවො පුරුද්දට වගේ වඳින්න ගත්ත නිසා අපි පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් දාලා දණහිස් බිම වදින්නෙ නැතිවෙන්න ට්‍රික් එකක් දැම්මා. 
මේ ඉන්නෙ තැගි ගනිපු දරුවො කිහිප දෙනෙක්. මේ පාසැලේ තියෙන්නෙ එකම එක ගොඩනැගිල්ලයි. ඒක ළමයින්ට මදි කියලා ඒකෙ විදුහල්පති තුමා තාවකාලික මඩුවක් වගේ එකක් ගියවසරේ යනකොට ඉදරිකරගෙන තිබුනාලු. ඒක දැකපු ගියවසරේ ගිය කන්ඩායමේ අපේ අය අතර හිටපු දානපති මහතෙක් අලුත් මාදිලියේ අඩු මිල ක්‍රමයකට ගොඩනැගිල්ලක් තනා දෙන්න උත්සාහයක් අරං තිබෙනවා. නමුත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කළාප අධ්‍යාපන කාර්යාලයෙන් අදාල අනුමැතිය විදුහල්පති තුමාට ලැබිල නැහැ. විදුහල්පති තුමා ඒ ගැන කිව්වෙ එතුමා ගිහින් ඒ ක්‍රමයට හදපු ගෙවල් සහ ආන්ඩුවෙ කන්තෝරු ගැන අධ්‍යාපන කාර්යාලයේ ඇත්තන්  දැනුවත් කලාලු. නමුත් අවසානෙ අනුමැතිය නැති නිසා අර දානපති අයත් පස්ස ගහන්න ඇති. වැඩේ කොට උඩ. නන්දා මාලනී මහත්මිය ගේ සිංදුවක් තිබෙනවා පූජාසනයේ ඔබ හිඳුවා ඔබම පුදන ඒ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ... මේ පාසැල් දරුවන් වෙනුයෙන් විදුහල්පති තුමාට ඉහලින් ඉන්නෙ කලාප අධ්‍යාපන කාර්යාලය. නිල වශයෙන් කලාපෙ සියලුම පාසැල් ගරුකරන කලාප අධ්‍යාපන කාර්යාලයම දරුවන්ට අලුත් ගොඩනැගිල්ලක් හදාගන්න කාරණාවට විරුද්ධ වෙලා තියෙනවා. 

 අපි පාසැලට එන විට දරුවො කිහිප දෙනෙක් බුලත් අතක් අරගෙන ඉස්සරහට ආවා. අර තට්ට හිසක් තිබෙන මහත්මයා තමයි විදුහලේ විදුහල් පති තුමා. මං කලින් කියන්න ආපු කාරණාව තමයි අර ළමයා නොපැමිණි නිසා පියා මගෙන් තෑග්ග ලබාගත්තා කියන කාරණාව. මම පස්සෙ ගිහින් පියා එක්කල ටිකක් කතා කලා. එතුමා කිව්වා. රෑට පැලට යන්න කොල්ලත් ආවලු.තාත්තයි පුතයි පැලට ගිහින් එනකොට ටිකක් දවල්වෙලා.උදේ ගෙදර ආහම කොල්ලට උන ගතිය වගේ තිබුනලු. උදෙන්ම එන්න කියල තිබුන නිසාත් කොල්ල උණුවතුරෙන් නාවල ලෑස්ති කරගන්න වෙලාව යන නිසාත් දවල් වෙල ආවොත් කරදර වෙයි කියලා ඒ ළමයා ඇවිත් තිබුනෙ නැහැ.
මේ ඇලපත්වැව කියන ගමේ හේන් වලට නම් අලිත් එනවය කියල තමයි කතාකරපු අය කිව්වෙ. මුලු මාසයක් හේනේ පැලේ ඉදලා එක දවසක් අලි දෙන්නෙක් හේනට පැන්නාම ඇති ඉතිං ඔක්කොම විනාස කරගෙන යන්න.
මේ පිංතූරෙ තියෙන්නෙ අපි වෙනුවෙන් එක පාසැලක හදල තිබුන සුළු සංග්‍රහය.කුරහන් පිට්ටු, කුරක්කන් හැලප, කිරිබත් මුං කැවුම් ආදිය අපිට කන්න ිතබුනා.. තව  ඉඳිආප්ප කෙසෙල්ගෙඩි ආදියත් තිබුනා. අපි ගිය විද්‍යාල පහේම මේ වගේ සුළු සංග්‍රහ තිබුනා. මං නම් විද්‍යාල පහෙන්ම කිරිබත් කෑවා. මොකද කිරිබත් කෑම කියන්නෙ අපේ චාරිත්‍රයක්. අපි එක්කෙනක් වත් කිරිබත් වලට අතවත් නොතිය ආවනං ඒ ගම්වල අය අපිගැන වැරදියට හිතාවි කියලා මම කිරිබත් කෑල්ල බැගින් හෝ කන්න වගබලා ගත්තා. 
මේ කැබිතිගොල්ලෑව අද්‍යාපන කොට්ඨාශයටම තිබෙන කුඩාම පාසැලක් වන විහාරහල්මිල්ලෑව පාසැලේ ලමයි අපි එනකල් බලාගෙන හිටපු හැටි. . මේකෙ එකේ සිට පහවසර දක්වාම ඉන්නෙ ළමයි දහයක් පාලවක් අතර ගානක්. මේ පාසැලේ විදුහල්පති තුමා පත්වෙල ඇවිල්ල තියෙන්නෙ මේ අවුරුද්දෙ මුලදි. එතුමා එනකොට පාසැලේ එවක හිටපු ළමයි පස් දෙනාගේ දෙමාපියන් එක හඩින් එකම ඉල්ලීමක් කලාලු. ඒ තමයි වෙනත් පාසැලකට ඇතුලත් වෙන්න දරුවන්ගේ අස්වීම් සහතිකේ ලබා දෙන්න කියන එක. නමුත් විදුහල්පතිතුමා අවුරුද්දක් දෙමාපියන්ගෙන් ඉල්ලලා අදවෙනකොට එතුමාට සහ ගුරුමන්ඩලයට ළමයි සංඛ්‍යාව වගේම විදුහලේ තත්වයත් තරමක් දුරට දියුණු කරගන්න හැකියාව ලැබිල තිබෙනවා. 
මේ පිංතූරෙ ඉන්නෙ මේ පාසැලේ හිටපු දරුවො ටිකඅපි දීපු තෑගි ටිකත් එක්ක. මේ පින්තූරෙ මැදින් ඉන්නෙ විදුහල් පති තුමා. මේ පින්තූරෙ පොඩි හාස්‍යජනක ගතියක් මට පේනවා. පිංතූරෙ ගතපු මමත් එක්ක බැලුවාම මේ පින්තූරෙ තෑගි ලබාගතපු ලමයි ගානයි තෑගි දෙන්න ගිහිපු අපි කිහිප දෙනයි ගනනින් සමානයි. ඒ කිව්වෙ තෑගි ගතපු ළමයි දොලහයි. තෑගි දෙන්න ගියපු අය දොලහයි. අපි කස්ටිය වාහන තුනකින් ගියේ. කෝමවුනත් අපි කැබිතිගොල්ලෑවෙ පාසැල් පහකට තෑගි දුන්නා. ළමයි ඔක්කොම දෙසීයකට විතර තෑගි ලැබුනා කියල මම හිතනවා. මේ පාසැලේ විදුහල් පතිතුමා බොහොම කෙටි වුනත් බොහොම සංවේදී කතාවක් කලා. 
කැබිතිගොල්ලෑව අවට අපි තෑගි දීපු හැම ගමක්ම ත්‍රස්ථවාදී තර්ජන වලට දැඩිව මුහුන දීපු ගම්. මේ තියෙන්නෙ ඒ හමුදා කෑම්ප් එකකින් ඉතිරිවෙච්චි මතක සටහන් කිහිපයක්. මේ ඇවිල්ල ජිම්නාස්ටික් කරන්න කෑම්ප් එකකට  තෑගි ලැබුන කට්ටල දෙකක්. යකාවැව කියන පාසැල් සීමාවෙම සැඟවෙන්න බංකර් වගේම හමුදා පොලිස් කඳවුරු තිබිල තියෙනවා. අර විහාරහල්මිල්ලෑව විදුහලේ විදුහල්පති තුමා උසස් පෙළ හදාරන අවධිය කොටි කලබල සැරට තිබුන කාලයක්ලු. කොටි කලබල නිසා ගොඩක්ම අසරණ වෙලා තිබුනාලු එතුමාගේ පවුල. ඒ කාලෙදි කැබිතිගොල්ලෑව පාසැලට කොළඹින් පැමිණි පිරිසක් මේ සිසුවා එක්ක කතා බහ කරල තියෙනවා. එතනදි කතාකල මහත්වරු විෂයානුබද්ධ පොත්පත් සියල්ලම කිසිදු කරදරයකින් තොරව අර කොළඹින් ආපු අය ලැබෙන්න සැලැස්සුවාය කියල විදුහල් පති තුමා කිව්වා. එතුමාගේ ජීවිතයේ ඒ සිද්ධිය එක්තරා සංදිස්ථානයක් කියල ඔහු කිව්වා. ඒ පුද්ගලයාම අද පොතින් එලියට බැහැල ලෝකෙත් එක්ක ගැටෙන දුයිෂෙන් කෙනෙක් වෙලා තියෙනවා. 

ගුරු ගීතය කටපාඩම් තියෙන බොහෝ දෙනා දන්නෙ නැතිව ඇති රුසියාවට ගොඩක් මෙහායින් ලංකාව කියන රටේ ඉතාම සුළු වැටුපකට දුෂ්කර පාසැල් වල උගන්වන ගුරුවරු ගොඩාරියක් ඉන්නවාය කියලා. ඒ දුෂ්කර පාසැල් වල ඉන්න දරුවන්ට තමුන්ගේ උපරිම ශක්තියෙන් සේවය කරන ගුරුමහත්වරු කියන්නෙ පැතලි පිටුවක මුද්‍රනය වුන චරිතයක් වගේ ලේසි පාසු චරිතයක් නෙමෙයි. ඊට වඩා එහා ගිය සමාජ ගැටීම් ගනනාවකට ඔවුන්ට මුහුන දෙන්න සිද්ද වෙනවා. 

Friday, December 27, 2013

අද විකුනන ලඳ (ada seller girl)

අයි පෝන් විකුනන ලදක්

හිමිදිරියෙ බස් එකට ඈ ගොඩවෙලා
විස්තරය පත්තරේ පෙළ ගස්වලා
උස්සා ඇස් දක්වා වටපිට බල බලා..
දායයි අද දහයයි කියයි..

නිල්පාට ඩෙනිමේ..කහපාට කමිසේ..
හැමදාම නිළ ඇඳුම, පත්තර ඇත අතේ..
ඇස් කරකවල බලලා දහයක් දික්කල විගසා..
පත්තරය දෙයි සිනහවක් දහයට දාලා..

කලු කෙස් ඇගේ යයි දුඹුරුවට හැරිලා
සුදු මූන යයි අවුවටම මැලවිලා..
බස් සෙකේ මහ පාරේ දූවිලි මැද ඉඳන්..
හෙට දවස වෙනුවෙන් ඈ අද විකුන..තී..

මල් කුමරියක් නොවේ..සුරදූතියක් නොවේ..
හෙන ගොඩාක් ලස්සන රූ ඇත්තියක් නොවේ..
පිහිටට ඇගේ අද ඇත ඈ අතේ..
එය විකුනලා ඇය ගෙවයි ජී විතේ..

හැමදාම අද ගන්නෙ ඇය ගැන සිතා..
ඇය ගැන මවා හීන මාලිග නගා..
මා වන් හීනෙන් පිරුනු පොරවල් නිසා..
අද හැමදාම විකිනේවි ඈ අත නිසා..




අඩි පහේ ටියුබ් ලයිට් සඳහා :- අද නමින් දිනපතා පුවත්පතක් ලංකාවෙ ඇති අතර එය රුපියල් දහයකි. මිලෙන් අඩු එම පුවත්පත විකිනීමට ගෑනු ළමයි කොළඹ නගරයෙ තැන තැන ඇත. 

Wednesday, December 25, 2013

අලිංගික සුනාමිය (9,10,11)

9

සික් කාලකන්නි හැත්ත. මුං අර ගහගෙන ගිහිපු සුද්දියොන්ගේ ඇදං හිටපුව පවා ගලෝගනලු බං. සික් ඉතරක් පිටිං එනවයි ඉතිං. අපේ ගමේම උන් තමයි.

ඉස්කෝලෙ මහත්තයා හැමටම ඇහෙන්නට මැරිච්ච සුද්දියන්ට සිය කණගාටුව පංසලේ සිට පල කරයි.

අනේ ඉස්කෝලයයි කරුණාව. මෙච්චර මෙහෙ මරණ ගෙවල් වගයක් වෙලා තියෙනවා. කෙහේද යන සුද්දියො වගයක් ගැන මේ මෝල් වහන්සෙ කතා කොරනවා. පංසලේ සිටි එකෙක් සිහින් නදින් අනිකාට කිව්වේය.

පංසලේ සිට මෙය අසා සිටි චමින්දට යමක් කල්පනාවට ආවේය.

දරුවා එක් ගැහැනියකට දුන් චමින්ද. මාත් යනව මිනි හොයන්න යැයි හැන්දෑවෙම පිටත් විය. මහ කැරැන් ගාල්, කඩොල් පිටි අස්සේ මිනි නැතැයි සමාරු සිතූහ. සමහරු සිතුවේ මිනි ගොඩාරියක් ආයිත් මූදට ගහගෙන ගොස් ඇති නිසා යලිත් කඩොල් කැල අස්සේ මිනි සෙවීම වැඩක් නැති වැඩක් ලෙසයි.

නමුත් සුද්දෝ සුද්දියෝ වෑන් එකක් පිරෙන්නට සිට ඇති අතර උන් වෑන් එක පිටින්ම මහා වතුරට අසුව ගසාගෙන ගොස් ඇත. ටිකක් වතුර එනවිට පැන දුවන්නට හදපු සුද්දො සුද්දියෝ රෑනම එකවිට රැල්ලට අසුවන්නට ඇතැයි ගැමියෝ සිතූහ.

සුද්දන්ගේ හොම්බ දිග කැමරා මැනමින් උන් මුහුදේ ගල්ගෙඩි පොටෝ ගනිමින් ඉන්නට ඇතැයි චමින්දද සිතුවේය. මාදැල් අදින කාලෙක එක සුද්දො රෑනක් මාදැල වටා සිට හැම එකම පොටෝ ගහන් ගිය හැටි චමින්දට මතක් වුනේය. ඒ අතර එක සුද්දියෙක් දැල් අදින වෙරලේ දිගාවී සිට දැල් අදින උන්ගේ  සරං කෙටි අස්සෙන් දැල පොටෝ ගන්නට හැදුවා චමින්දට මතකය. අදින දැලේ එවිට ඉදිරියෙන් උන් සයිබු උන්නැහේ.. මේකි මගේ වල්ල පොටෝ ගන්නවද කොහෙද? බලාපල්ල..කොහොමද මගෙ වල්ල එංගලන්තෙ පත්තෙරේ යනකොට..යැයි කිව්වේය.

එයට කට්ටියම හිනා වුනි.

මේ සුද්දන් රෑන නිසාම ලොකු පොලිස් හමුදා කට්ටියක්ද පැමින දවල් බලලා ගියෝය. ඔවුන්ද මහ කඩොල් කැලය සහ කැරන් ගාල බලන්නට බැරි නිසාත් රට වටේම විපත් තව දාස් ගනන් ඇති නිසාත් ආපසු යන්නට ගොස් සිටියේය. මහ කරුවලේ පන්දමක් වත් හොයාගන්නට බැරිවිය. නමුත් පෝයදා බැවින් හඳ යහමින් පායා තිබුනි. තව උන් ඇද්දැයි යන බයෙන් චමින්ද වගුරට බැස්සේය.

හදිසියේම මිය ගිය උන්ගේ හොල්මන් අවතාර ඇතැයි යන බිය නිසා වෙනත් බිය ඇති කිසිවෙක් මේ වගුර බලන්නට මේ රාත්තිරි ආවේ නැත. පේන ගෙවල්දොරවල් ආදිය බලා කියා ගන්නට මෙන් කිහිප දෙනෙක් සිටියෝය. නමුත් ආයිත් මහ වතුර කඩක් ඒ යැයි යන බයෙන් බොහෝ දෙනා සිටියේ දුවන්ට බලාගෙනය.

දනිහට උඩින් වතුර ඇති නිසා එගොඩ වීමට චමින්ද සරම ගලවා දැමුවේය. ලංකට් එකක් ඇදගෙන කඩේට නොගිය බැවින් ඔහුට ලංකට් එකද නොවීය. නිරුවතින් මහ වගුරේ ලී කෑලි. පෙට්ටි කෑලි, ගෙවල් වල බඩු සාරි රෙදි ආදිය පසුකරමින් කෝටුවකින් අනිමින් චමින්ද හොදින් අවුස්සා බලයි.

වැසුනු ගාලක් අසල සුන්බුන් ගොඩක් තිබු අතර එතනින් සතෙකු පැනයනු චමින්ද දුටුවේය. එතැනට ගිය චමින්දට සුද්දියකගේ අලි පස්සක් දකින්නට ලැබුනි.. කිසිවෙකු ඇතිදැයි කියා හොදින් බලා අනතුරු නැතිව දියේ ගිලීමෙන් වූ මරණයක් වූ එය හොදින් පෙරළමින් චමින්ද විසින් බලන ලදී. මහා විසාල තන පටයද නිරුවත් තැන්ද ගලවා බලන්නට විය.

ඒ වන විට කරදියට අසු ව මිනිය මදක් නරක් වෙමින් පැවති නිසා චමින්ද වල් අදහස් පැත්තක දැමුවේය. ගලවා දැමූ ඇඳුම් අස්සේ පසුම්බියක් විය. ඔහු ඒවාහි වූ නොදන්නා සල්ලි කොල කිහිපයක් අතට ගත්තේය.

එසේ වටපිට ඇවිද්ද ඔහුට සුද්දෝ කිහිප දෙනෙක් හමුවුනි. ඔහු සියල්ල නිරුවත් කොට. මාල බේස්ලට් ඔරලෝසු සියල්ල කඩා ගත්තේය. නැත්නං ගලවා ගත්තේය. දරදඩු සමාර මිනියක බඩු ගැලවීම අපාසුය. ඔහු කෙසේ හෝ හැකි පමණ සුදු රත්තරං හා සුද්දන්ගේ සල්ලි ටික එකතු කරගෙන පොට්ටනියක් හදා ගත්තේය.

හම්මේ මුංගෙ සරීරවල කෑලිවල සයිස් එක. අතපයද? කටවල්ද, පුකවල්ද, ඒ මදිවට අරවත් ලේසි නැහැ. කියා චමින්ද සිතමින් මැරුණ සුද්දන්ගේ මිනි වල ඇඳුම් අස්සවල් සහ ඔවුන්ගේ වොලට්, අත්බෑග පීරන්නට විය.

හොද පාරෙන් ගියොත් මිනිසුන් මුලිච්චි විය හැකි නිසා ඔහු සරම ගැන අදහස පසක දමා වතුරේම දුර පාරකින් පොට්ටනියද ගෙන ඔහුගේ ගෙදරට ගියේය. ඔහු දවල් වතුර බේරුන ටීවි එකේ වූ සිදුරකින් අර සියලු දේ එබුවේය.

10

අනාථයින් සිටි පංසල අතහැර ගිය චමින්දට මිනිස්සු කොයි තරං විරුද්ද වුනත් චමින්ද ඔහුගේ බාගෙට කඩාවැටුන ගෙදරම සිටියේය. ඔහුට පිස්සු හැදී ඇතැයි බොහෝ දෙනා කිව්වෝය. මිනි සොයාගැනීම. ආධාර පෝලිං වල සිටීම. ගෙවල් දොරවල් හදාගැන්ම ආදී බොහෝ දේවල් වල පිරිස කඩිසරව නිරත විය. නමුත් තමුන්ගේ ගෙදර අසලම වූ මිනි වලවල් කපන තැන මිනි වලවල් කපන්නට දායක වුනා හැර..චමින්ද කරන ලද වැඩක් නැත. වැඩෙහි අලස කුසිතයකු වූ චමින්ද මිනි වලවල් කැපීමට වෙහෙසීම සමහරකුට පුදුම ඇතිකරවන සිද්දියක් විය.

මිනි ගාන වැඩිවීමත් ගඳ ගහන්නට වීමත් නිසා කන්ද දිහායින් ආ ඩෝසරයක් මගින විසාල වලවල් කපා ඒවාට මිනි තොග දාන්නට විය. ඒ තඅර මිනි වල වූ රත්තරන් සොරා ගත්තේ යැයි බොහෝ මිනිස්සු චෝදනා ලත්හ.

වැඩක් නැති හැමවිටම ආධාර පෝලිම් වල සිටීම ගෑනුන්ගේ සිරිතක් විය. නමුත් චමින්ද ඔහේ දෙන දෙයක් කා ගෙන පැත්තකට වී සිටියේය. සුනාමිය නිසා මානසිකව වැටුනේ යැයි සැලකුනු චමින්දට බල්ලන්ටද කන්නට එපා වී තිබුන නිකං ලැබුන බත් පැකට් බිස්කට් ආදිය යහමින් ලැබුනි. එක එක වෑන් බස් වලින් පැමිණ ගමට කෑම ජාති බෙදන්නට විය. වැවුන රැවුලෙන් යුතුව. නිවස ඉදිරිපිට කැඩීගිය ටීවි එකක් අසල සිටින මේ මිනිහාට මිනිස්සු කැම ජාති ගෙනත් දුන්හ.

ගමේ උන්ද චමින්දයට පිස්සු. නැත්තං අර පැට්ටි බලන්න මූ එකදවසක් වත් ඉස්පිරිතාලෙට වත් යන්න ඕන නෙව. යැයි කීහ.

නොගැලපෙන බාච්චු කලිසමක්ද ටි සර්ට් එකක්ද කූඩාරමක්ද ලිප්,පොරෝනා ආදිය චම්න්දට ලැබුනි. නමුත් පැට්ටි තවමත් ඉස්පිරිතාලයේය.

11

සුමනසිරි මහත්තයා චමින්දට හොදට සැලකුවේය. මාස තුන හතරකට පසු සුමනසිරි මහත්තයාගේ නැතිව ගිය බෝට්ටුවලටද අයිස් පැක්ටරියටද රක්ෂණ සමාගම් වලින් වන්දි ගෙවා තිබුනි. සුමනසිරි මහත්තයා අයිස් ෆැක්ටරියේ වැඩකල මිනිස්සුන්ටද උදව් කර තිබුනි.

නමුත් සුමනසිරි මහත්තයා වැඩිපුරම සලකා තිබුනේ වැඩි මහන්සියක් නොවී පැක්ටරියේ තේ හදමින් අතුගාමින් සිටි චමින්දයාටය. ඌට ගේකුත් ගෙට බඩු ඔක්කොමත් මහත්තයා ගානේ දී තිබුනේ..

“දුබල එකාට තමයි බාංල වැඩියෙන් සැලකෙන්න ඕන“ , කියලාය.

මාසයක් විතර ගෙයි උන්න පසු බඩුද ගෙයද යලිත් ලැබුන පලමු පිංවතුන්ගෙන් එකකු වූ චමින්ද සොයා යලිත් පැට්ටි ආවේය. තෝ තනියම මේකෙ මක්කකොරන්නද? අනික පුංචි එකාට අර අනුන්ගේ පිල් වල ඉන්න බැහැ.

ඔන්න මාත් ආව. පැට්ටිද බඩු ටික පොදි ගහගෙන අලුත් ගෙදට්ට ආවේය.

සුමනසිරි මහත්තය අර චමින්දය එක්ක ගල් පිට් එකක්වත් තිබුනද බං එච්චර සැලකුවෙ අරූට. අනික ඒ ගෑනිත් අබ්බගාත වෙල ඉද්දි නේ.. ගමේ කොල්ලෙක් අනෙකාට පැවසීය.

අපිට මක්කට බං ඒව. උන්ගෙ නාඩගං උන්ට. අපේ ඒව අපිට. මං මේ බැලුවෙ ගෙයක් ගන්න විදිය. දැන් යන විදියට වතුර දැක්කෙත් නැති උන් ගෙවල් දෙක තුන ගන්න විදියයි අපිටත් කලිං. අනිකා උත්තර දුනි.

සුමනසිරි මහත්තයා චමින්දට දැක්වූ කරුණාවත් ඔහු යලි නගා සිටවන්නට වූ උනන්දුවත් පංසලේ හාමුදුරුවන්ගේද පැසසුමට ලක් විය. දේශපාලකයින්ද ඉක්මනින්ම සිය සේවකයින්ට සැලකූ සෝමසිරි මහතා ආදර්ශමත් හාම්පුතුන්ට උදාහරණයක් කොට ගත්තේය.

චමින්ද දැන් අලුතින් හදන අයිස් පැක්ටරිය බලන්නට යයි. එහි සිටින පැක්ටරිය හදන උන්ට අවශ්‍ය දේවල් ගෙන ඒමට කඩේ යයි.

චමින්ද විසින් මැරිච්ච සුද්දන්ගෙන් හොරකං කරන ලද ආබරණ සහ රට සල්ලි ටිවි එක තුල හංගන ලදී. චමින්ද පිස්සෙකු වගේ ඒ ආබරණ සහ සල්ලි තිබුන ටීවි එක මාසයක් විතර ගෙදර සිට මැණිකක් රකිනා නා රජිදෙකු මෙන් බලාගන්නා ලදී. ටීවි එකද රැගෙන දවල්ට ආධාර කාරයින්ට පේන්ට නිවස ඉදිරියට ආ චමින්ද රෑට ටීවි එක රැගෙන ගේ ඇතුලට ගොස් එලාගත් මෙට්ට කෑල්ලක නින්දට යයි.

ටීවි එක අලුත්ම එකක්  නිසා චමින්දට දුක වාවාගත නොහැකි යයි ගැමියෝ සිතූහ. එගමට පැමිණි මනෝ විද්‍යා උපදේශකයෙක්ද එය ගැඹුරින් විග්‍රහ කරන ලදී. කලක් යනවිට එය පහව යනු ඇතැය ිඇතැමෙක් සිතූහ. මිනිස්සුන්ට අනුන් ගැන කතාකරනු විනා අනුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට වෙලා නොවීය. තමුන් ගැන තමුන්ගේ ආදායම ්ගැන ලැබෙන්නට යන දේවල් ගැනීම ගැන ක්‍රියාකරන්නට මිනිස්සුන්ට සිද්ද වෙලා තිබුනි.

එක් රාත්‍රියක චමින්ද විසින් අර ටීවි එක කරතියාගෙන සුමනසිරි මහත්තයාගේ ගෙදර ගොස් තිබුනි. ඉන් පසුව සුමනසිරි මහත්මයාගේ සිත චමින්ද කෙරෙහි වෙඩරු මෙන් උණු වූ බව දන්නේ චමින්ද පමණි. සුමනසිරි ගේ ගෑනි මහ රෑ චමින්දයා පැමිණ දොරට තට්ටු කල බවත්. එපා කියද්දී සුමනසිරි ගොස් දොර ඇරිය බවත් දැන සිටියාය.

එහි කුමක් වීදැයි දැනගන්නට බැරිව නින්ද යෑම ගැන ඇය තාමත් දුක්වෙයි. පොඩි පහේ උදව් කරන මුත් මෙතරම් චමින්දයාටම බෙදන්නට අර මහ රෑ ආ ගමන හේතුවන්නට ඇතැයි ඉඳහිට සුමනසිරිගේ බිරියට සිතෙයි. නමුත් සාමාන්‍ය පෙළ සමගාමී සමීකරණ ඇයට එකල අමාරුම පාඩමක් විය.

Tuesday, December 24, 2013

අලිංගික සුනාමිය (6,7,8)

6

ඉතිරිකරගත් මුදල් රුපියල් දහදාහක් චමින්ද සතුව තිබු අතර සුමනසිරි මහත්තයාගේ හත් දාහකුත් තිබුන නිසා ටීවි එකත්, ඇන්ටෙනාවත්, ප්ලේයරයත් ගොඩ දා ගත හැකි විය. කපිල මල්ලී ඇවිත් සියල්ල සැට් කොර දුන් අතර ඔහුට රුපියල් දෙසීයක් අත මිට මිලෙව්වත් “පිස්සුද අයියෙ. යැයි ඔහු එය ප්‍රතික්ෂේප කලේය.

අක්කටත් හොද හිංදි ෆිල්ම් එහෙම තියෙනව මං ගාව. සිංදු තැටි දෙක තුනක් තියාගන්න සිංදු අහන්න. අලුත්ම ආපු රේන්බෝරේන්ජ්, ෂොපින්ස්, ලගෙ මියුසිකල් වීඪියො ටිකකුත් හෙන අමාරුවෙන් හොයාගත්ත පහුගිය දවස්වල..ගෙනාවනං නට නට බලන්න ඇහැකි..පට්ට සෝ එක.. ඒකෙ කෙල්ලො ටිකක් ඩාන්ස් කරන නිසා කොල්ලො ගන්නෙම ඒක. දැන් බස්වලත් දාන්නෙ රේන්බො රෙන්ජ් ලගේ සීඩි මනේ.. තියාගන්නම රුපියල් සීයයි සීඩි එක.

පැට්ටි විසින් හදා දුන් තේ වතුර එක බොන ගමන් සිය කඩෙ ඇති තැටි ගැන විස්තරයක්ද කපිල මල්ලී විසින් දෙන ලදී.

පොඩි එකාද අලුත් ටීවි එක දිහා කටඇරගෙන බලාගෙන ඉන්නට විය. මේ ළමයට එච්චර අවධියෙන් ඉන්න හොඳ නැහැ. මේ ළමය නිදිකොරනවා ඉක්මන්ට..චමින්ද ආරූඩ කරගත් විලාසයකින් රෑ වෙනතෙක් ටීවි එක දෙස බලා සිටින දරුවා දෙස බලා පැට්ටිට කියන්නට විය.

ඇයි තොපෙ අත්පයට හෙනද? ටිකක් තියාගෙන නලෝපං කෝ...පැට්ටි  සිය සැමියාට උත්තර දෙන්නට විය.

චමින්ද කරබාගෙන සිටියේය. පැට්ටිද ළමයාද, චමින්දද දැන් ටීවි එකේ කතා බලයි. අටට ගොඩක් චැනල් වල ප්‍රෝර්තිය. මොකට යන පෝර්තියක්ද මන් දන් නැහැ. හැම එකේම පෝර්ති. චමින්ද පෝර්ති විවේචනය කරයි.

දානව දානව ඕක..අර ගොංකටුආරෙ ගෑනු හතර දෙනෙක් දූෂනේ කොරල මරලලු. ඒක දැන් පෙන්නාවි. සිල්වවාහිනි එකේ තමයි හොදටම පෙන්නන්නෙ. සිල්ව වාහිනි තියනවකො හැම එකම මාරු නොකර..පැට්ටි සැමියාට කරුණාවෙන් උපදෙස් දෙයි. අවසන පෝර්ති විවේචනය කරන්නට ගොස් චමින්ද සිල්ව වාහිනියේ නාට්ටි ප්‍රවෘත්ති බලන්නට සිද්ද විය.

කෙසේ හෝ පාන්දර ජාමේ හොටු පෙරාගෙන පීනස පිට පවා නැගිට චමින්ද කුනුහබ්බ වීඩ්යෝ බලයි.

මේ ඒ..යි.. තමුසේ අර පාන්දර නැගිටල බලන කුනුහබ්බ මේ පුංචි එකා ඉන්න කොට දවල්ට හෙම බලනව නෙවෙයි ..හරිය..?

පොඩි එකාට පේන්න කුනුහබ්බ බලල අහුවුනොත් කපනව
තොගේ..දිව,බෙල්ල,අහවල් එක වගේ හැම ජාතියෙම හීන් ඒව ටික..  නයිට් එක කර ගෙදර පැමිණ පැය දෙක තුනක් නින්දේ සිටි සිය සැමියාට කරුණාවෙන් උපදෙස් දුන් පැට්ටී වැඩට ගියාය.

ටීවි එක උඩට රෙද්දක් දාන්න එපා යැයි කපිල මල්ලී කිව්ව නිසා ඔහු රෙද්දක් නොදැම්මේය. පෙරවන සීට් එකෙන් චමින්ද ටීවි එක නිතිපතා පිස දමයි. වීඩියෝ ප්ලේයරයද ඔහු හසුරුවන්නේ කපිල මල්ලී කියාදුන් ආකාරයටම පමණි. වැඩිය වැඩදාන්නට ගොස් ඕවා කැඩේ යැයි සිතුවිල්ලක් අලුතින් ගෙනා උපකරණ කෙරෙහි චමින්දට විය.

7

චමින්දත් කොල්ලා වඩාගෙන කඩේට ගොස් එමින් සිටියදී මහ වතුර කඩ ගැන ආරංචි එන්නට විය. එ් වතුර පසුව සුනාමි වුවත් ඒ වචනය ගොඩක් දෙනා කලින් දැනං හිටියෙ නැත. අහල පහල කඩ ගොඩක් පෝය නිසා වසා තිබුන බැවින් චමින්ද කන්දෙ කඩේට යන්නට ගොස් සිටියේ කොල්ලාට බිස්කට් එකක් ගේන්නට සහ දවාට කන්න උයන්න මක්කහරි අරං එන්නටය. කඩේ ගාවට ගිය එකේ ගල් බනිසක් කමින් පොඩි එකාටද කෑල්ලක් කවමින් තේ වතුර එක ලෑල්ල උඩ නිමෙන්නට හරිමින් නිවිහැනහිල්ලේ චමින්ද සිටින්නට විය.

කඩය තුලද අවටද එක එක කතා පැතිරෙන්නට විය. මූද ගොඩගලන කතාවක් ඇහුන මුත් එය අප්‍රෙල් පලවෙනිදට කියන බොරුව වැනි බොරු එකකැයි කඩේ මුදලාලියාගේ අදහස විය. නමුත් ටිකකින් ගෑනු ඇදං හිටිය නයිටි පිටිං. තං එල්ලව එල්ලව අඩාගෙන දුවගෙන එන්නට විය.

සුමනසිරි මුදලාලිද පවුල සමගින් වේගෙන් කාර් එකේ ආවේය. මුදලාලි දුවද මුදලාලිද පවුලද බය වී සිටියෝය.

එවිට මේ විජ්ජුම්බරය මැද ගත්ත ගල් බනිස කාල තේ එකවත් බොන්නට විදියක් නැතිවෙන විදියක් තමයි පේන්නෙ යැයි චමින්ද සිතන්නට විය.

..දූපල්ල රට ඇතුලට මූද ගොඩ ගලං එනෝ. යැයි කියමින් ගෑනු දුවති. කන්දෙ කඩේ දඩ බඩ ගා වසන්නට විය.

සුමනසිරි මුදලාලි චමින්දයා ආපහු කන්දේ සිට එන විට චමින්දට අසු විය.

තොපෙ මොලෙ හොද නැද්ද. ? මිනිස්සු ගොඩක් මැරිලලු. මට දැන් කෝල් එකක් ආවෙ. බෝට්ටු වල රේඩියෝ වලිනුත් ආරංචිය එනවා. බෝට්ටුත් නැතිවෙලලු. තිරිකුනාමල පැත්තම ඉවරලු..දුවපං ඇහැක් වේගෙන්..ඇතුලට.

සුමනසිරි මහත්තයා චමින්දට කියන්න විය.

මං හැදුවෙ ටීවි එක අරං එන්න කියල. චමින්ද කියන්නට සැරසුනි.. අනෙ තොගේ *ම්බෙ ටීවි එක නෙමෙයි තොට ඔය දරුවත් නැතිවෙයි ගියොත්. කිව්ව දේ අහල බයිසිකලේ හරවං වරෙං..

කියා තත්පර ගානක දෙබස අවසන් කල සුමනසිරි මහත්තයා යලිත් කාර් එකේ හෝන් එක උඩ අත තියාගෙන අඩු ගියරයක දමා ඇක්සලරේටරය පාගන්නට විය.

එන්න එන්නම මිනිස්සුන්ගේ විරෝධය නිසා චමින්දට ආපසු යන අදහස අත හැර ගන්නට විය. බොහෝ දෙනා දරුවා ගැන කියා බනින්ට වූ බැවින් චමින්දට බයිසිකලය අනෙක් දෙසට හරවා ගෙන කන්දේ බයිසිකලය තල්ලු කරන් යන්නට විය.

අයියෝ මගේ ටීවි එකට වතුර එයිද දන් නැහැ. ඔහුගේ හිත වටා සක්මන් කලේ ඒ සිතුවිල්ලය. පැට්ටී නං ඔය වතුරට අහුවෙන එකක් නැහැ යැයි චමින්ද දැඩිව සිතුවේය.

නමුත් වතුර කඩට හසු වූ පැට්ටිගේ කකුලේ ගසාගෙන ආ බෝට්ටුවක ෆයිබර් කෑල්ලක් වැදීමෙන් මැහුන් හත අටක තුවාලයක් සිදු වි තිබුනි.

8

එදා හවස් වනතුරු කිසිවෙකුට වැල්ල දෙසට යන්නට දුන්නෙ නැත. එයින් පස්සෙ එපා කිව්වත් එක එකා ගම දෙසට යන්නට විය. ඒ වනවිටත් බොහෝ දෙනා ගම වෙත යන්නට පටන් ගෙන තිබුනි. චමින්ද යන විට ඔහුගේ ගෙවල් හරියේද වතුර ගොඩ ගසා තිබුනි. තමුන්ගේ ඉහටත් උඩ තැනක වතුර මට්ටම සටහන් වී තිබෙනු දුටු චමින්දට සැබැවින්ම පුදුම සිතුනි.

ඒ කුමක් වුවත් චමින්ද ටීවී එක හොදින් ඇතැයි තවමත් සිතුවේය. ගේ තුලපේන්නට නොවූ ටිවී එක චමින්ද විසින් අසල කඩොල් කැලයෙන් සොයාගෙන ඇවිත් තිබුනේය. සොයාගන්නා විටත් වතුර බේරෙමින තිබු එය ගෙනැවිත් වතුර නැති තැනකින් තිබූ චමින්ද එය හරව හරවා වතුර බේරෙන්නට හැරියේය. ටීවි එක පිටුපස කුඩා සිදුරක් තැනී තිබුනේ මොකක් හෝ යකඩ කෑල්ලක් වැදීමෙන් විය යුතුය. මෙය හිල් වුන නිසා හදන්න බැරි වෙද් දන් නැහැ යි චමින්ද සිතුවේය.

අනික් මිනිසුන් වැලපෙමින්, සියදරුවන් බිරිය, ළමයින් සොයද්දී චමින්ද ටිවි එක ගේ ඉදිරිපිට තබාගෙන සොයාගත නොහැකි වූ ප්ලේයරය ගැනද දුක් වෙමින් සිටියේය. ඔහු අලුත්ම ටීවි එකේ වූ වතුර දැක සෝ බර මුහුනින් සිටියේය. තෙත බරි ගේ මත වූ ගසාගෙන ගිය කැබිනට්ටුව උඩ යලිත් ටීවි එක තබා ඔහු ඒ දෙස දරුවකු මෙන් බලා සිටියේය. ඒ වනතුරුත් චමින්ද සමග සිටි කුඩා එකා අලුත් වතුර සමග සාලයේ සෙල්ලම් කරන්නට විය.

Monday, December 23, 2013

අලිංගික සුනාමිය (3,4,5)

3

වෙරලේ වූ පොල් කොට කෑල්ලක වාඩි වී පොඩි එකා ඔඩොක්කුවේ තියාගෙන චමින්ද පොඩි එකාට ඈත යන බෝට්ටු පෙන්නයි. ආන්න අර බෝට්ටුවෙ ඇතුලෙ තියෙනව අයිස් ගොඩවල්. ආන්න ඒ අයිස් හදන්නෙ අපෙ කොම්පැනියෙ. දැනගනිය. ඕව හදන එක ලේසි නැහැ. සුමනසිරි මහත්තය කියන්නෙ මැසිං එකපාරක් කැඩුනම මාස දෙකක විතර බිස්නොස් පාඩුයි කියල..

පොඩි එකා ඔඩොක්කුවේ සිට වැලි අහුරක් ගෙන එය මිරිකා බලයි. චමින්දයා සිතන්නේ ඔහුගේ කතා පොඩි එකා අසමින් සිටිනවාය කියලාය. හිටපල්ල බොලාට ටීවි එකක් ගෙනාපු කාලෙක මං සීඩි එකක් දාල පෙන්නන්නං කො මූදු යන හැටි. අවුරුදු තුනක් වයසැකි පොඩි එකාට නොදැක්ක ටීවි එක ගැන වැටහීමක් නැත. ඌ ඔඩොක්කුවෙන් පැන වැලිගොඩේ නටන්නට සැරසෙයි.

වරෙං යන්න.ඔය වැලි නෑව ඇති. චමින්ද කිව්වාට ඌ එන පාටක් නැත. ඉන් පසු චමින්ද ගොස් පොඩිඑකාගේ වැලිටික පිසදා නැවත වඩාගෙන ඔහුගේ පැල්කොටයට එයි.

චමින්දගේ අදහස වූයේ සීඩි ප්ලේයරේකුත් ටීවි එකකුත් දෙකක්ම එකපාර ගන්න එකය. ඇත්තටම කලින් සුමනසිරි මහත්තයාට කිව්ව විදියට ගෑනි දුන්න කෙංගෙඩියක් නැතත් චමින්ද විසින් ඉතිරි කරගත් රුපියල් දහදාහක් ඔහු ළඟ තිබුනි. විටින් විට සුමනසිරි මහත්තයා රෑ වැඩකරන දවස්වලට ආ.. චමින්ද ගිහින් මේ කට්ටියට රොටි අරං වරේං යැයි කියා රුපියල් දාහක් දෙදාහක් දික් කරයි. කොත්තු හෝ පරාට ඕන කස්ටිය අහගෙන ඒවා නයිට් කඩයෙන් අරං ඒම චමින්ද සිදු කරයි. බොහෝවිට ඉතුරු සල්ලි සුමනසිරි මහත්තයාට දුන්නත් ඒ සල්ලි දෙස බලා ආ.. රොටි එහෙම ගනන් ගිහිල්ලැති නේ බං.. කියා.. ඕක උඹ තියාගනිං.. කියා කියයි.

චමින්ද හැර මෙතන වෙන එකෙක් කඩේට යැව්වොත් රුපියල් දාහක් දුන්නොත් සිගරට්, සුරුට්ටු, ආදියද ගෙන රුපියල් දාහ කරමුලටම වියදම් කර දවස් දෙක තුනක් ගිය කල මහත්තය දැන් දාහට කෑම ගේන්න බැහැයි කියා ගසාකෑමට යොමුවන බව සුමනසිරි මහත්තයා අත්දැකීමෙන්ම දනී.

එසේ ඉතිරිකරගත් සල්ලි ටීවි එකක් ගන්නට යොදාගන්නට චමින්ද සිතා සිටියේය. පැට්ටි යැයි හැඳින්වූ චමින්දගේ පවුලගේ නියම නම පවනි වීය. නමුත් පවනි යැයි ඇගේ නම කියවන්නේ චන්ද පොලේ චන්ද දාන විට පමණි. පැට්ටි කෙල්ල යැයි වැඩිහිටියන් කියන අතර ඇය නම්මාගත නොහැකි රස්තියාදු කාරයින්ට ඇය නැතිතැන ඇය “වේස පැට්ටි“ වේ. කඩේ මුදලාලිගේ ණය මොන කරදර තිබුනත් දවසට ගෙවන නිසා ඇයට මුදලාලි පැට්ටි නංගා යැයි කිව්වේය. මේ කාට මොක වුනත් චමින්දට නම් ඇය “ඔහේ“ විය.

ඇය අසල කොකු කර්මාන්තශාලාවක වැඩට ගියාය. ඒ සමාගම කලේ කොකු හදන එකය. කම්බි වලින් පිටරට යැවීමට සෙල්ලම් බඩු තැනෙන කර්මාන්ත ශාලාවට මිනිස්සු කීවේ කොකු පැට්ටරිය කියලාය.. පොඩි එකා බලාකියා ගත්තේ අම්මලාය. සමාර දවසට රෑ වැඩ කර උදේ දවල් ගෙදර සිටින චමින්ද පොඩි එකා බලා කියා ගනී. ගෙවල් කුලිය ගෙවීම. කන්න බොන්න. වතුර ලයිට් බිල්. සහ මාසෙකට එකපාරක් විතර වැඩිවෙන පොඩි එකාගේ සෙමට බෙහෙත් ගන්න යන වියදම මේ දෙදෙනාගේ ආදායමට යන්තම් ඇතිවිය.

අම්මලාට ද සීනි තේ කොල නෙස්ටමෝල් ටිකක් මාසෙ අන්තිමේ පැට්ටි විසින් ගෙනගොස් දෙයි. ඒ දරුවා බලාගන්නා කුලියට ම නොවේ. ඔවුන්ටද දැන් සලකන්නට තරං ලොකු රස්සාවක් කොරන එකෙක් වත් ඒ පවුලේ නැත. ඒ නිසා පැට්ටි හැකි පමණ දෙමාපියන්ටද උදව් කලාය. චමින්දයාගේ පැත්තේ දෙමාපියෝ චමින්දයා ගනනට නොගනී. පැට්ටී හා විවාහ වීම මෙතෙක් ඔහුගේ එවක පවුල නැමැති ලෑල්ලේ අවසානයේ සිටි චමින්ද එයින් එලියටම තල්ලු කරන්නට මාපියෝ සහ නෑයෝ හේතුවක් කොටගති. චමින්දට උගත් සහෝදර සහෝදරියන් සිටි අතර ඔවුන් ඇතැමෙක් කොළඹ ලොකු කන්තෝරු වල වැඩ කලෝය. දෙමාපියන්ට පවා චමින්ද හා ආස්‍රය කරන්න එපා යැයි උපදෙසෙ ්දෙන්නේ ඒ කොළඹ වැඩකරන බුද්ධිමත් පිරිසය.

ඔවුන් චමින්ද නාකි වී මැරෙන තුරු ගෙදරට වී අම්මා සහ තාත්තා බලාගෙන ඔවුනගේ දරුවන් සහ වතුපිටි ගෙවල් බලාගෙන සිටිනු ඇතැයි සිතුවෝය. නමුත් පැට්ටි හදිස්සියේ පැමිණ චමින්දව කසාද බැඳගත් හෙයින් ඔවුන්ට සහෝදර ප්‍රේමයේ නාමයෙන් කන්න බොන්න විතරක් දී නොමිලේ ගන්නට තිබුණු චමින්ද නම් වූ ශ්‍රම නිධිය අවසන් වුනැයි ඔවුන් යටිසිතින් දුක් වූහ.

“අපෙ මල්ලිට අපි හොඳ කටයුත්තක් කතා කොරන්න හිටියෙ. කොහෙද මූට ඕන වුනානේ අර වේස අම්මන්ඩි එකක්ම හැමිනෙන්න. අනිත් එක ඕකුං අපෙ ගෙවල් වොලට ගන්න ඇහැක් උන්ය. මල්ලි ගැන හිතන කොට නං බඩ පපුව හෝස් ගාල යනව. ඒත් ඉතිං කොරන්න දෙයක් නහැ. උන්ද ගෙනාපු කරුම නෙව. “ඒ චමින්දගේ අක්කා කෙනෙකු චමින්ද ගැන ලෝකයා හමුවේ දුක්වන ආකාරයයි.

4


රෑ කළුවර අතරින් හඳපාන එබිකම් කරයි. ඉඳහිට ඈත ගෙදරක බල්ලෙක් බුරනු ඇසෙයි. චමින්ද මේ රෑ සිය ලිංගික කොටය අතගගා අහස දෙස බලා කල්පනා කරයි. දැඩි තීරණයක් ගත් ඔහු සිටි පැදුරෙන් නැගිට පැට්ටි සිටි ඇඳ කරා යයි. ගොස්..

ඇයගේ නිරුවත් අත් ගොබ පිරිමදින්නට වෙයි. මේ අද ටිකක් හීතලයි නේ.. ටිකක් නැකිටින්න බැහැයි ?

යැයි අසයි.

මේ විකාර නැතුව හීතල නං පොරවං නිදාගන්නව හලෝ.. තමුසෙ කොච්චර තල්ලු කොරල ස්ටාට් කොරං ආවත් තව විනාඩියෙන් ඉවරයි නෙ.

චමින්ද සහ ඇන්ටන් අතර වෙනස අහසට පොලොව මෙනැයි පැට්ටිට සිතුනි. මෙ මිනිහා දෙස බැලු විට අනුකම්පාවක් ඇති වුවත් ඉන් එහා කිසිදු සිතුවිල්ලක් චමින්ද කෙරෙහි පහල වෙන්නේ නැත්තේ ඇයිදැයි පැට්ටිටද නොතේරේ. ඇන්ටන් තමුන්ගේ කෙස් වැටිය සමග සෙල්ලම් කරන සැටි.. කම්මුල සිප වැළඳගන්නා සැටි. රති කලාවේ ප්‍රවීණයෙකු මෙන් දෙතොල් සෙමෙන් ඔහුගේ දෙතොලින් වැළඳගන්නා සැටි මඳින් මද සිය අත් වලින් පැට්ටිගේ ශරීරය සම්බාහනය කරන සැටි පැට්ටීට මතක් වන්නට විය.

නමුත් චමින්ද ඒ සියලු කලාවෙන් තොර වූ මහත් අමු මිනිසෙකි. ඔහු මූලික කාරණා පමණක් ඉටු කොරන්නට පැමිණ එයද කොරගත නොහී එක් හීසරයක් විද්ද පමනින් දුන්නද කඩාගෙන ගොස් ඇද වැටෙන ජාතියේ එකෙකි. එබැවින් පැට්ටි විසින් දැන් මාස ගණනාවක සිට චමින්ද සමග එක ගෙයි සිටියත් රෑට ඌ සමග බුදියාන්ට යන්නේ නැත.

නමුත් ඇන්ටා සමග කඩොල් ගාලක දී පැටලිමට ඇය මග බලමින් සිටී. ඇන්ටා බඳින්නට යන වගක් ආරංචි වී තිබුනි. නමුත් ඇන්ටා තවම තමුන්ගේ අණසක යටතේ යැයි අභිමානයක් පැට්ටීට විය. මේ කඩොල් ගාල් අස්සේ පෙම් කෙලින ජෝඩු යනු මේ ගමට කලකට පෙර නම්  මහත් විශ්මිත දෙයැක් නොවීය. ඉස්කෝලෙ ගොස් එනවිට කඩොල් කෑල්ලට ගිය කෙල්ලෝද කලක් එහි ගොස් බඩට මාස තුන හතරක් වූ විට රෙජිස්ටර් වෙන්නට යන අවස්තා එකල නම් සිදු වූයේ වරක් දෙවරක් නොවේ. දැන් නම් තත්වය එතරම්ම සැර නැත.

5

ආ..හ්.. චමින්දයියා.. මොකෝ තාම ටීවි එක ගත්තෙ නැහැයි.. ඒ අසන්නේ වීඩියෝ සෙන්ටර් එකේ කපිලය. කපිල විසින් දිනක් චමින්දට කුනුහබ්බ වීඩියෝවක් පෙන්නුවේය. කුනුහබ්බ වීඩියෝවල ඉන්න ගෑනු ඉස්සර නං සුද්දියෝ විතරය. කොල්ලන් සමග බෝල ගහන්න ගිය විට බැට් කරන්නට ලැබෙන තෙක් කොල්ලෝ සමහරක් හොරාට ජොයින්ට් ගසති. තව උන් පෝන් එකක් වටේ සිට කුනුහබ්බ බලති. චමින්දයාට බෝල ගහන්නට ආසාවක් නැති මුත් චමින්ද ඉස්සර බෝල ගහන තැනට ගියවිට කොල්ලෝ ඔහුව එක ටීම් එකකට සෙට් කරගනී.බාගෙදා කොල්ලො ගොඩක් හිටිය දවසට චමින්ද ට ටීම්ස් වල ප්ලේස් එකක් නැත.

ඔහු වඩාත්ම ආස බෝල ගැහිල්ලට වඩා අර පෝන් වලිං කුනුහබ්බ බැලීමටය. චමින්දගේ මහගෙදරට කළු සුදු ටීවි එකක් එකල තිබුන නමුත් ඒකේ බලන්නේ අක්කට ඕන නාට්ටි කෑලි ටිකත් අම්මට ඕන බන පිරිත් ටිකත් විතරය. එයිට වඩා කලඩ් පින්තූර වල ගතියක් ඇතැයි චමින්දට සිතේ.

වීඩියෝ සෙන්ටර් එකේ දොර ටිකක් අඩවල්කොට ඈත එකෙක් එත්දැයි බලමින් කපිල මල්ලී දා දුන් කුනුහබ්බ වීඩියෝ එකේ ඉන්නේ ලංකාවෙ ගෑනු වගේම කලුපාට කහපාට වගේ උන්ය. කට ඇරගෙන ඇසිපිය නොහෙලා ඒ වික්‍රම දෙස චමින්දයා බලා සිටී.

“මේව පෙන්නන්න තහනං .. තියන වග දන්නවනං මේකත් එක්ක වහනව. ආ අදට ඇති. උඹ ටීවි එකකුයි පොඩි ප්ලේයර් එකකුයි ගනිං. මං මේ සීඩි වලට දවස් දෙකටම රුපියල් තිහයි ගන්නෙ. “ කපිල කීවේය.

කපිල මල්ලි සොප් එක දාගත් පසුව ගමේ ගෙවල් කීපයකටම ප්ලේයර් ගන්නා ලදී. සමාර ඒවායේ කෙල්ලො හින්දි ෆිල්ම් ඇති පදං බැලුවෝය. සමාර ඒවායේ කොල්ලෝ ස්පයිඩර් මැන් සුපර්මෑන් බැලූහ. නමුත් බොහෝ ගෙවල මිනිස්සු රෑ හෝ දවල් ගෑනි නැති අතර අර ප්ලේයර් වලින් කුනුහබ්බද බැලුවෝය. ඇතමෙක් රාත්‍රි ඇදේද ජිම්නාස්ටික් පෙන්වන්නට ගොසින් ..අර වලත්ත කපිලයයි වලත්ත විඩියො තැටි නිස තමයි බොලා මේ වෙනද නොදාන සෙල්ලං දාන්නෙ. හෙමිජ්ජ වගෙ හිටියට *කය ගමේම උන් නරක් කරල.. ගමේ ගෑනියෙක් මහ රෑ සිය මිනිහාටද කපිලයාටද බැනවදියි.

Sunday, December 22, 2013

අලිංගික සුනාමිය. (1,2)

1

සංවේගයට පත් සියලුම පිංවතුනි. අපේ ශාන්තිනායකයන් පවසා ඇති අන්දමට මේ අපි විසින් සියලුම පුද සත්කාර දීල බොහොම හොඳින් නඩත්තු කරන ශරීරය කියන්නෙ කුනු ගොඩක්. මේ කුණුගොඩ සැබෑ කුණුගොඩක් කියලා අපිට පේන්නෙ නැහැ. නමුත් අද මේ විපතෙන් ඉතිරි වෙල ඉන්න පිංවත් අය හිතන්න ඕනි අපිත් ඒ මියගිය අයත් ඉන්නෙ එකම සසරක. එක පොඩි නැවතුමක විතරයි. ඒ නිසා මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා අපිට දැන් ඇතිවෙලා තියෙන දුක මඳක් තුනී කරගන්න ඕනි ධර්මානුකූලව සිතලා.

හාමුදුරුවෝ එක් මිනියක් අසල සිට මතක බණ කියයි. හාමුදුරුවෝ හති වැටිලා වගේය. එකම ධර්ම දේශනය කිහිප කිහිප වාරයක් කීමට සිදුව ඇත. උදෑසන දහවල් බේධයක් නැතුව දානෙ වේල පවා බිස්කට් පැකට් එකකින් සප්පායම් කොටගෙන මතක බණ කීම මිනීවලට සෙතක් අත් කර දීමැකැයි හාමුදුරුවෝ සිතයි. මේ විපත නිසා නැති වී ගිය බොහෝ දේ නිසා ස්වාමින් වහන්සේට ඇති වූ දුක විපතින් ජීවත්ව සිටි අයට පිහිට වීමත්, මිය ගිය අයට සෙත් පැමිණවීමත් නිසා මඳකට දුරු වී ගොසිනි.

ගෑනු නම් පිටින් සිරි නරඹන්නට එන පිරිසට විස්තර කියති. වතුර කඩ එන වෙලාවේ වතුර ඇසින් වත් නුදුටු ගෑනු වතුරේ උස අසන උන්ට අභිනයෙන් ඉස්සී වතුර කඩ ගිය තැන් ලකුණු කර පෙන්වති. සමහර ගෑනු නම් සැබැවින්ම වතුර සමඟ පොර බැදුවෝය. ව්‍යායාමයක් නොදී කඳද බඩද මනාව ඉතිරී යන්නට ඉඩ දී බලාසිටි කාන්තාවන්ට වඩා කෙසඟ වැඩ පල කල කාන්තාවෝ විපතින් ගැලවී ගත්හ. දේපල මිනිසුන් නැතිවී ඇති නිසා ගැහැනු සමහරෙක් සැබැවින්ම දුක්වෙයි. සිය පුතා දුව, හෝ සැමියා ගැන නිසි ආරංචියක නැති අම්මලා එන පිරිසට විස්තර කීමට පැන එන්නේ නැත. ඔවුන් බොහොමයක් නිවෙස් වලට වී ගෙනගොස් දෙන බත් පතද එපා යැයි කියමින් කඳුලු සලති.

පිරිමි බොහෝ දෙනෙක් බොහෝ වැඩ කරති. පිරිසක් මිනී සොයති. පිරිසක් බඩු මුට්ටු සොයති. තවත් අය මිනි වලවල් කපති. ඒ අතර කෑම ඉවීම පිටින් එන ආදාර බෙදාගැන්ම ආදියෙහිද කට්ටියක් නිරත වෙති. මිනි වලවල් කපන ඈයෝ දහඩිය මුගුරු දමමින් නිහඩවම ඒ කටයුතු කරති. ඒ දහඩියට මිලක් නොලැබෙන මුත් හදවත් හරහා හමා ගිය වතුර කඩ උහුලා ගත නොහී මියගිය උන් ගැන වූ දුක උදලු පහරවල් වල බොල් හඩින් යටප්ත වෙනු ඇතැයි උන් සිතූහ.

2

සති තුනකට පෙර..

අයිස් පැක්ටරියේ චමින්ද වෙනදා වගේම ෆැක්ටරිය අතුගා වැඩකරන අයට තේවතුර සදා කේතලයට දැම්මේය. චමින්ද කෙසග පුද්ගලයෙකි. ඔහුට විශාල බර වැඩ කල නොහැකි යැයි ඔහුත් අවට අයත් සිතති. නමුත් චමින්ද අයිස් පැක්ටරියේදී බර වැඩ නොකලාට ගෙදරදී දර පැලීම ගස් නැගීම ආදිය කරනවා දකිනවා යැයි ෆැක්ටරියේ ඈයෝ කියති. සුමනසිරි මහත්තයා ඒවා නෑසු කන්ව සිටී.

“චමින්දය බොලාට වෙලාවට තේ වතුර ටික හදල දෙනව, මෙතන අතුපතුගාගෙන හොදට තියාගන්නවා. තව ඉතිං වතුර ටැංකි ටිකට ගානට වතුර පුරෝනව. ටැංකි සුද්ද කරනව. ඒ මැදෑ බං. උඹල උඹලැයි වැඩ කොරපල්ල. අනික් උන්ගෙ ලබ්බවල් හොයන් නැතුව.“ චමින්ද ගැන චෝදනා ඉදිරිපත් වන හැමවිටම සුමනසිරි මහත්මයා අනික් උන්ට එසේ කීවේය. අනික් උන්ට දවසට එක්දාස් එකසීයක් ගෙවනවිට චමින්දට හම්බුවෙන්නේ රුපියල් හයසීයකි.

රුපියල් හයසීය වැඩිකරන්නැයි කිසි විටක චමින්ද ඉල්ලා නැත. අනික් උන්ට පඩිය පනහකින් සීයකින් වැඩිකරන හැමවිටම චමින්දට ද රුපියල් පනහක් සීයක් සුමනසිරි මහත්තයා වැඩි කරයි. පඩි වැඩිකරන්න යැයි ඉල්ලීම් කිරීම ගැන චමින්දට වූයේ උදාසීන ආකල්පයකි. ඔහුද පඩි වැඩිවෙනවට ආශාය. නමුත් ඔය වැඩියෙන් ඉල්ලන්න ගිහින් තියෙන එකත් නැතිවුනොත්.. කියලා චමින්ද හිතුවේය.

“මහත්තය. මගෙ මාස් පඩියෙන් අඩුකොරගන්න මට රුපියල් පන්දහක් ණයට දෙන්න ඇහැකිය? “ දින ගනනාවක් හොරගල් ඇහිලිමෙන් පසුව චමින්ද විසින් සුමනසිරි මහත්තයාගෙන් ණයක් ඉල්ලන ලදී. උඹට මොකටද පන්දහක්.. ? සුමනසිරි ඇසීය..

නැහැ සුමනසිරි මහත්තය.අපෙ ගෑනි කියනෝ ටීවි එකක් ඕනෙ කියල. මං ලග පන්දහක් තියෙනෝ. ගෑනි ගාවත් තුන්දහක් තියෙනෝ. ගෙවන්න ගත්තම ටීවි එක ටික දවසකින් ඇවිල්ල උස්සං යාවි කියල ගෑනි කියනව. ඒක නිස සල්ලි ඔක්කොම දීල ටිකක් පරණ එකක්වත් ගන්න කියල හැදුවෙ.

අදනං ටිකක් අමාරුයි බං. හෙට ලෝඩ් දෙකක් විතර තියෙනවා දෙන්න. හෙට බලමු. මේ දවස්වල බෝට්ටුත් අඩුයි නේ. සුමනසිරි මහතා කීවේය.

හා..යැයි ඔලුව පද්දා චමින්ද පැද්දෙමින් ඈතට යන්ට ගියේය. කිසිදු බාදා කිරීමකින් හෝ සුසුමකින් හෝ තොරව කරබාගෙන යන චමින්ද දුටු විට සුමනසිරි මහත්තයාට දුක හිතුනි.

මේ ඒයි.. සුමනසිරි මහත්තයා තේ වතුර එක අතට අරගෙන බිරිඳට කතා කලේය.

අන්න අර අපේ චමින්දයයි ගෑනි කියනවලු උන්ගේ ගෙදෙට්ටත් ටිවි එකක් ගේන්න කියල. ඒ මිනිහ පන්දහක් ඉල්ලනව ටීවි එකක් ගන්න ආයි දෙන්නං කියල..සුමනසිරි මහතා කියයි..

ඔව් ඉතිං ඔහෙ වෙස්සන්තර වෙන්න යනෝනෙ. දෙනෝ දෙනෝ.. ගන්නම ඇහැක් වේවි සල්ලි. ඔය ගෑනි අර ඇන්ට එක්ක කීප වතාවක් ම අහුවෙල තිබුනෙ. වැටකෙයි ගාල් අස්සෙ.. ඔය ඉන්න ලමයත් චමින්දයගේ වගක් නැහැ නේ. ඔහෙටත් ඉතිං ගෑනියෙක් කිව්වොත් ඉතිං..සුමනසිරි මහතාගේ බිරිය බනින්ට විය..

අපෝ මේ ගෑනිට කිව්වට වැඩිය හොදයි.. කියා සුමනසිරි සිතලා නිකං උන්නේය.

පසුදින ෆැක්ටරියට ගොස් විජයසිරි සාප්පුවට කෝල් කොට ටිවි එකක මිල අසා රුපියල් දාහතර දහක් වෙන බව දැනගත්තේය. සුමනසිරි විජයසිරි හා මිතුරු හෙයින් චමින්දයා ටිවි එකක් ගන්න ආවොත් ටික්ක සලකලා දෙන්නැයිද කීවේය.

ඒ අවසන්ව චමින්දට කතා කලේය. දැන් උඹගාව ඔක්කොම තියෙන්නෙ අටයි නේ බං. උඹට මං පහක් දුන්නත් උඹට ටීවි එක ගන්න සල්ලි මදි. ඉඳා මෙතන හතක් තියෙනවා. විජේසිරි ගෙන් ගන්නව නං මං කිව්ව කියපං..කීයක් හරි අඩුකරාවි.

චමින්ද සල්ලි අතට ගත්තේය. මහත්තය එහෙනං පඩියෙං අඩුකොරල දාන්න හොදෙයි. එකපාර කපන් එපා..

හරි හරි පන්ඩිතකං නැතුව පලයං..අඩුකොරන එක මං කොරගන්නං..

මේ රුපියල් හත්දාහ දිනකට අතගාන දස දහස් ගානක මුදල් එක්ක බැලුවිට පොඩි ගානකි. බෝට්ටු දෙකක්ද අයිස් පැක්ටරියක්ද තව ඉඩකඩම්ද ඇති සුමනසිරි මහත්තයා වැඩිකලක් අයිස් පැක්ටරියේ සිටියද ඉතිරි වෙළහෙලදාම්ද හොදින් නඩත්තු කරන අයෙකි. චමින්ද විශ්වාසවන්ත සේවකයෙකු වන නිසා ඔහුට මුදල් දීමට සුමනසිරි දෙවරක් හිතුවේ නැත. නමුත් මේ ගාන පඩියෙන් කපාගන්නේ නැහැයි කීවොත් හෙට අනික් උන්දපෝලිමේ සල්ලි ඉල්ලං එනු ඇති නිසා මුදල් දුන්නත් සුමනසිරි මහත්තයා චමින්දට බුරුලක් නම් පෙන්නුවේ නැත. 

Tuesday, December 17, 2013

ගාමන්ට් කරණය වන ගොවිතැන

ගාමන්ට් එකකින් අපිට සල්ලි ලැබෙනවා. අපේ රටේ ජීවත්වෙන ගෑනු ලමයින්ට තමුන්ගේ ජීවිතය ගෙවාගන්න පුුලුවන් පනම් හතරක් ඒවා නිසා ලැබෙනවා. අපි ඊට පෙරාතුව මදක් සලකා බලමු මේ විපරීත සමාජය ඇතුලෙ බඩුවක ගහල තියෙන මිලෙන් කොයි තරම් ප්‍රමාණයක් ඒ බඩුව හදන්න වැයවෙන ශ්‍රමයට වියදම් වෙනවාද කියලා. 

මගේ යාලුවෙක් ඉන්නවා ඔහු බිල්ඩින් වල විදුලි ඉංජිනේරු මහත්මයෙක්. ඔහු කරන්නෙ බිල්ඩිමක් හදන කොට ඒ ඒ කොටසට හදන අවස්ථාවෙ ඉදලම විදුලි බලය ලබාදීම කළමනාකරනය කරන එක. ඔහුගේ සමාගම කේබල් මිලදී ගන්නෙ විශාල වශයෙන්. මොකද එක බිල්ඩිමකට කේබල් විශාල ප්‍රමාණයක් වැය වෙනවා. මේ විදියට ලොකු බිල්ඩින් හදන කොම්පැනි වලට කේබල් එක සිල්ලර වෙළඳපොලේ විකුනන මිලෙන් 50%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවාලු. ඒ කිව්වෙ සාමාන්‍ය හාඩ්වෙයාර් එකකින් ඔබ මිලදී ගන්න කේබල් රෝලක මිලට වඩා අර ලොකු සයි්ට් එකේ අයට 50%කින් මිල අඩුවට කේබල් ගන්න හැකියාව තිබෙනවා. අර සයිට් එකේ අයට කේබල් ඒ විදියට අරගෙන විකුනන්න බැහැ. 

මොකද හාඩ්වෙයාර් වලට කේබල් සප්ලයි කරන ඒජන්ත වරුන්ට මාට්ටු වෙනවා. එතකොට කේබල් එකක මිල සඳහන් කරලා තියෙන්නේ රුපියල් 1000/= ක් නම් ඒක නිෂ්පාදනාගාරයෙන් එලියට එන්නෙ රුපියල් 500/=ටත් අඩු මිලකට. ඔතනින් අමුද්‍රව්‍යය,යන්ත්‍ර සූත්‍ර, විදුලිය කියන සෑම අවස්ථාවකදීම වැයවන මිනිස් ශ්‍රමය බැලුවොත් ඒ කේබල් එකේ සඳහන් කරලා තිබෙන මිල වෙන රුපියල් 1000/= ට සාපේක්ෂව ඉතාම අඩු රුපියල් සීයකටත් අඩු මිලක් තමයි අර ශ්‍රමයට හිමි වෙන්නෙ. ඉතිරි විශාල කොටසක් වෙලෙන්දන් අතර බෙදී යනවා. එතකොට ඔබට සරලවම පේන දෙයක් තමයි නිෂ්පාදනය කරන කම්කරුවන්ට වඩා ලොකු බිලක් විකුනන්න ඉන්න කම්කරුවන් විසින් ලබාගන්නවා. 

ඒ වගේමයි ඔය කේබල ඇතිකරන්න දායක වුනු අයට ඒ කිව්වෙ මැසින් හදලා, විදුලිය සපයලා, යටිතල පහසුකම් දීපු අයටත් යම් සැලකිය යුතු සල්ලි කොටසක් වෙන් වෙනවා. නමුත් මෙතනදි අඩුම මිලක් ගෙවන්නෙ සාමාන්‍ය කම්කරු ශ්‍රමයට. ඒකිව්වෙ කේබල් ෆැක්ටේරියෙ මැසින් ඔපරේටර් වැඩේ කරන අයට.

ලංකාවෙදි කෘමිනාශක වලින් සියයට තිහක වාසියක් ලැබෙනවා සාමාන්‍යෙයන් අවසාන මට්ටමේ වෙලෙන්දන්ට. සලකුනු කරලා තියෙන මිලෙන් සියයට විස්සක මිල වාසියක් සහිතව කෘමිනාශක මිලදී ගන්න පුලුවන් තොග කඩවල් වලින්. බටහිර බෙහෙත් පෙති කරල් පැණිය ආදියත් එහෙමයි නිශ්පාදන වියදමත් විකුනන මුදලත් අතර අති විශාල වෙනසක් ඇතිවෙලා තිබෙනවා. එතකොට ඔබට දඩාස් ගාල මීටරේට යන්න ඕනි දෙයක් තමයි ඔය සමාගම් කාරයො ඇඩ්වල පෙන්වනවා  තරං අපිට ආදරේද කියන කාරණාව.

ගාමන්ට් ෆැක්ටරි සැලකුවාම ඒවයි රෙදි නූල් ඉදිකටු මැසින් ආදී හැමදේම රටින් මෙහෙට එනවා. බාගෙදා මහන්න ඕනි ඇදුමේ ඩිසයින් එක පවා මෙහෙට එනවා. එතනින් ගියාම මෙහෙදි කරන ලොකුම වැඩේ තමයි මේ රෙදි කපලා ගාන්ට මහන එක. එතකොට පිටරට  ඉදන් එන නූල්,රෙදි,මැසින්,ඉඩම් වලට  අපේ රජය මහා බදු සහන දෙනවා. ඒ කියන්නෙ රජයට මේ හරහා විසාල බද්දක් ලැබෙන් නැහැ. නමුත් අර රක්ෂා හරහා රටට යම් ආර්ථික ගැම්මක් ලැබෙනවා. 

දැන් අපි ලංකාවෙ ගොවිතැන දිහා බැලුවොත් මං හොදටම දන්න වැටකොළු වගාවෙ වැටකොළු ඇටය එන්නෙ මැලේසියාවෙන්. ගහන පෝරජාති එන්නෙ සවුදි අරාබියෙන් හෝ මැදපෙරදිග රටවලින්. අපිට ගහන්න සිද්ද වෙන කෘමිනාශක, වල් නාශක ආදිය එන්නෙත් තායිලන්තෙ වගේ රටවලින්. එතකොට ටැට්ටර් වගේ මැසින් එන්නෙ චීනෙන්. ඒවට තෙල් ආයිම මැදපෙරදිගින්. අවසානෙ ගාමන්ට් වලදි පැහැදිලවම අපිට ශ්‍රමයට හිමි මුදල් කොටස ගෙඩිය පිටින් මාස අන්තිමට ලැබෙද්දි ලංකාවෙ ගොවිතැනේදි අපිට ලැබෙන්නෙත් අර ගාමන්ට් එකේ අය ලබාගන්න ශ්‍රමයට අයිති කොටස විතරයි. ගොයියා විසින් අවසානෙ මුලු වියදම ආදායමින් අඩුකරලා ලාබය කියලා එකක් ගණනය කලාට එතන සැබෑවට ලාබයක් නැහැ. තමුන් වියදම් කරපු ශ්‍රමය පමණක් එතන ඉතිරි වෙලා තිබෙනවා. එතනින් එහාට කොටසක් ගන්නත් ගොවියාට හැකියාවක් හෝ සංවිධානාත්මක හැකියාවක් නැහැ. 

ගාමන්ට් කාරයින්ට ලැබෙන බදු සහන ආදිය ගොවි නිශ්පාදන වලට ලොකුවට ලැබෙන් නැති නිසා ගොවියා කියන කෙනා පෝර සහනාධාරය පමණක් හිමි වෙච්චි අමුතු ආකාරයේ දුප්පත් මට්ටමේ නිස්පාදකයෙක් බවට පත්වෙලා තිබෙනවා. 

ලංකාවෙ රුපියල් 100/= ට කරිවිල කිලෝව ගොවියා තොග වෙලෙන්දෙකුට දෙන කාලෙක කොළඹ බොහෝ කඩ මැහි සහ ෆූඩ් සිටි වල කරිවිල ග්‍රෑම් දෙසී්‍ය පනහක් රුපියල් 100/=ක් වෙනවා. එතකොට සිල්ලර මිල රුපියල් හාරසියක් වෙන කරිවිල කිලෝවෙන් කොටසක් ප්‍රවාහනයේදී තැලිලා ඉදිලා අපතේ යනවා. තවත් විශාල කොටසක් අතමැදියා සහ අවසාන වෙලෙන්දා ලබා ගන්නවා. 

තාක්ෂණිකව සන්නද්ධ කිරීම..

හැමෝටම කරන්න පුලුවන් ලාබ වැඩවලට ලැබෙන මුදල සාපේක්ෂව අඩුයි. නමුත් තරමත් තාක්ෂණික අතින් වැඩිදියුනු වුනාම ඒ ශ්‍රමිකයන්ට ලැබෙන වැටුප වැඩියි. අපේ ගොවිතැන තාමත් තාක්ෂණික මට්ටමෙන් ප්‍රාථමිකයි. හැම තැනම කරන ලාබ වැඩ වලින් පිරිලා. අපේ රටේ සුද්දා තේ ගස් හිටෝනකොට ඒත් එක්ක තේ ගැන පරීක්ෂණ කලා. කෝපි ගැන පරීක්ෂණ කලා. ඒ හරහා සිලෝන් ටී යන විශේෂ නමක් හදාගත්තා. ලෝකෙ අනික් රටවල් වල තේ වලට නැති වෙළඳපොල නමක් සිලෝන් ටී කියන එකට තිබුනා.

අද ඔය කියන තේ පොල් රබර් කුරුදු වගේ සුද්දා ටයිප් බෝග හැරුනාම අනික් බෝග වගාවලදි අපිට ලංකාවෙ කියල ලොකු නමක් හෝ තාක්ෂණයක් නැහැ. වී ගොවිතැන කියන එක ඉතාම සාම්ප්‍රදායික යල්පැනගිය ක්‍රම මත තවමත් රඳා පවතිනවා. එලවළු ගොවිතැන කියන එක තනිකර එළවලු පෙඟෙන තරමට ගහන කෘෂිරසායන වලින් පිරිලා. අවම කෘෂි රසායන ප්‍රමාණයක් යොදලා වැඩිය සැර නැති විස අඩු ඒත් විසල් ඵලදාවක් ලබාගන්න ක්‍රමවේද බිම්ගත වෙන පාටක් පේනතෙක් මානයක නැහැ. මේ වගේ පරීක්ෂනාත්මක පාර්ශවයන් හීන වෙන නිසා අවසානෙ කය විතරක් වෙහසන්න කැමති පුද්ගලයින් ඉන්න සරල තැනක අපේ ගොවිතැන නවතිනවා.  අඩු සම්පත් වලින් වැඩි ප්‍රෙයා්ජන ගන්න විදිය ගැන හිතන්නෙ නැති නිසා හුදෙක් යැපුම් කෘෂි කර්මාන්තය බවට පත්වෙලා තිබෙනවා. 

වෙළඳපොල හඳුනාගැන්ම..

සුද්දො තේ පොල් රබර් ගෙනාවට පස්සෙ ටිකක් ඇඟට දැනෙන වැඩකට සාර්ථක වුනේ කෙසෙල් වැවිල්ල විතරයි මට මතක විදියට. වෙනත් අපනයන බෝගයක් අලුතින් කරළියට ආවෙ නැහැ. වී ගොවීන්ට වී විකුනගන්න බැරිව අතිරික්තය ගබඩා වල පුස්කනකොටත් ආයෙත් රජය වී ගොවීන්ටම පෝර සහනාධාරය දෙනවා. ඒ පැත්තෙන් විශාලම තැන්වලින් වෙළඳපොල අනුව ගොවිතැන් පාලනය කිරීමක්වෙන්නෙ නැහැ. මේවා බලලා සමාරු හිතයි ඕවා හිතන තරම් ලේසිද කියලා. නමුත් මහ විසාල රටක් වගේම දියුනුව අතින් වැඩි රටක්වෙන අමරිකාවෙ ගොවින්ට ඕනි දේවල් හිතුමනාපෙට වවන්න බැහැ. ඒ කාලෙට අනුව රජයට අයිති සංවිධාන මගින් ගොවීන් අදාල වගා වලට පෙලගස්වනවා. 

අපේ ගොවියා කියන කෙනාට වුනත් වෙළඳපොලේ විකිනෙන හැටි ගැන ලොකු අවබෝධයක් තිබෙන පාටක් නැහැ. ගොවීන් පිරිසක් එකතු වෙලා තමුන්ගේ නිෂ්පාදන විශාල තොග බවට පත්කරගෙන කෙලින්ම විශාලතොග වෙලෙන්දන්ටම ලබා දෙනවා නම් එතනදි ගොවියාට ලැබෙන්නට තිබෙන මුදල වැඩියි. නමුත් අද බොහෝ ගොවියන් විකිණීම කියන කාරනේදි එන ඕනි එකෙක්ට යන ගාන්ට දීල දාන මානසිකත්වයක ඉන්නවා. ගොවියො සංවිධානය වෙලා තමුන්ට මේ ගාන ලැබෙනකල් අපි බඩු දෙන්නෙ නැහැ කියලා ඩිමාන්ඩ් කරන්න හැකියාවක් ගොවියන් ලබාගෙන නැහැ. අද තොරතුරු තාක්ෂණය දියුනු කාලෙ ගොවින්ට එකතුවෙලා සැබෑවටම සිල්ලර වෙළඳපොලේ එලවලු පලතුරු මිල සහ තොග විදියට ඔවුන්ට විකුනන්න වෙන මිල අතර පොඩි සම්බන්ධයක් තියාගන්න පුලුවනි. එහෙම හරි සූත්‍රයක් විදියට ගණනය කරගෙන තියාගන්න පුලුවනි නම් එන එන තොග වෙලෙන්දාට කියන ගාන්ට බඩු දෙන්න වෙන් නැහැ.

රජය පැත්තෙන් ආර්ථික මධ්‍යස්ථාන හරහා මිලට බලපෑමක් කරන්න හැකි වුනත් අද ආර්ථික මධ්‍යස්ථාන වල සිටින වෙලෙන්දන් සහ අතරමැදියන් ලොරිකාරයින් වෙන්කරලා හදුනාගන්න බැරි තරමට මැටි වෙච්ච ගොවියන් නිසා ඒ කාර්යය සාර්ථක වෙලා තියෙනවා කියල පේන්න නැහැ.

මහතැන් කිහිපයක් සරං කෙටි ඇදන් මඩ ටිකක් පුකේ ගාගෙන හරක් පස්සෙ ගිහින් ටීවී වල පෙනීසිටියාට ගොවිතැන දියුනුවෙන්නෙ නැහැය. ඒකට බිම් මට්ටමේදි ක්‍රියාත්මක වෙන වැඩපිලිවෙල් ආදිය ඕනි වෙනවාය කියල මහජනයා හිතට ගන්න ඕන. බිම්මට්ටමේ ක්‍රියාත්මක වැඩ කියන්නෙ උපාධිදාරින් යොදවල ඇට පැකට් ගෙවල් ගානෙ බෙදිල්ල වගේ සරල දෙයක් කියල හිතාගෙන ඉන්න ආර්ථික සංවර්ධන ඇමතිලා ඉන්න රටක මේ ලියන දේවලුත් අයියෝ යුනිකෝඩ් ගොඩටම ඇතුලත් වෙනවා ඇති. 

Friday, December 13, 2013

සංගමයක නායකත්වය

අපි තනි තනිව වාසය කලාට අපිට පොදු වූ අරමුණු තිබෙනවා. ඒ වගේ පොදු අරමුණු වලට පිරිසක් එකතුවෙලා අපිට සංගමයක් පිහිටුවන්න පුලුවනි. මේ වගෙ මැරෙනවා කියන පොදු ධර්මතාවයට අනුකූලව පිහිටුවාගත් සංගමය තමයි මරණාධාර සමිතිය. උසස් අධ්‍යාපන ආයතනයක නම් සිසුන්ගේ පොදු අරමුණු වලට සප් එක දෙන්න ශිෂ්‍ය සංගමයක් පිහිටුවාගන්න පුළුවනි. ඒ වගේම විද්‍යාලයක ආදි සිසුන්ට පොදු අරමුනක් ිතබෙනවා තමුන් ගිය පාසැල ගැන. ඒ අරමුණ වෙනුවෙන් පිහිටවනු ලබන තැන තමයි ආදි සිසු සංගමය. තව ඉතිං ආයතනයක ඉන්න සේවකයින්ට පුළුවන් සේවක සංගමයක් පිහිටුවාගන්න. 

ආයතනික වෘත්තිය සමිති සහ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් වල ලාංකික අර්ථය සලකා බැලුවොත් හුදී බුද්ධිමත් මහජනයාට හිතෙන්නෙ ඒවායින් කරන්නෙ පුරාවිද්‍යාඥයින් විසින් කරන රාජකාරියක් කියලා. පුරාවිද්‍යාඥයෝ කියන්නෙ හැමතිස්සෙම නැතිවෙච්චි හෝ නැතිවෙන්න යන දේවල් හොයන එක. උදාහරන විදියට සේවකයො හැමදාම වෘත්තිය සමිති වලින් කරන්න උත්සාහ ගන්නෙ එයාල කියන විදියට  නැතිවෙලා ගිය හෝ යමින් පවතින සේවක අයිතින් සොයා යන එක. ලංකාවෙ ශිෂ්‍ය සංගම් සැලකුවොත් ඒ අය නැතිවෙලා යන නිදහස් අධ්‍යාපනය ගොඩගන්න හදනවා. ඒ වගේම නැතිවෙලා යන අධ්‍යාපන අයිතීන් පහසුකම් වගෙ දේවල් වෙනුවෙන් බළධාරින් එක්ක නිතර ගැටෙනවා. 

මේ ගැටුම් වල කිසි වරදක් නැහැ. ගැටලු වටා මිනිස්සු ඒකරාශී වුනේ නැත්තං බළධාරි බබාල හිතන්නෙ ඒ අයට ගැටලු නැහැ කියලා. ඒ නිසා ඒ තොත්ත බබාලගේ නිදි ගැට කැඩෙන්න වෘත්තිය සමිති සහ ශිෂ්‍ය සංගම් තියෙන්නෙ ඕනි. නමුත් හුදෙක් ඔය සමිති කියන රාමුවම තියෙන්නෙ අර පුරාවිද්‍යාඥයොන්ගේ රාජකාරිය විතරක් කරන්න නෙමෙයි. එතනින් එහාට ලොකු දේවල් කරන්න පුලුවන් සංගම් හරහා. 

තව දෙයක් මං මේ කියන්න යන කාරණා හරහා ලංකාවෙ සංගමයක හොද නායකයෙක් වෙන්න බැරිවෙයි. නමුත් මේ කොදෙව් ලෝකෙන් එපිට තැනකට යන්න ලැබුනොත් ඇත්තටම ඇත්තම නායකත්වයක් තිබෙන එක වැදගත් වේවි. උදාහරන විදියට ලංකාවෙදි අපිට සංගමයක් මැරෙනකල් අදින්න පුලුවන් පොදු සතුරෙක් සොයා ගත්තොත්. ඒ කිව්වෙ අපේ සංගමේට විරුද්ධ කාරයෙක් හොයාගෙන ඌට ගහන්න හැමදාම ප්ලෑන් කරනවා. ගහනවා ඒවා විසඳනවා. එතකොට නායකයින්ට සිය ජීවිත කාලෙම අර වලිය උඩ ජීවත් වෙලා නායකත්වය රැකගන්න පුලුවනි. නමුත් දියුනු පරිසර වලදි වලි පවත්වාගෙන යනවාට වඩා වලි වලට විසඳුම් හොයන්න සිද්ද වෙනවා.

අපේ රටේ හිටියා සේනක බිබිලේ කියලා මහත්මයෙක් මම දකින විදියට එතුමා ලෝක මට්ටමේ නායකයෙක්. මෑතදි මැරුන නෙල්සන් මැන්ඩෙලා එංගලන්තය හා සම්බන්ධ සමහර රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්ණ වලට පවා උත්තර හොයන්න මැදිවෙලා තිබෙනවා. මැන්ඩෙලා කියන්නෙ දකුණු අප්‍රිකාවට පමණක් නෙවෙ ලෝකෙට ම නායකයෙක්. අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් එක් කාලෙක හිටිය රංජන් මඩුගල්ලෙ කියන ක්‍රිකට් ක්‍රීඩකයා දැන් මුලු ලෝකෙම නම පතල වෙච්චි තරඟ තීරක වරයෙක්. සංගක්කාර උන්නැහේ ලංකාවේ ටීම් එකේ නිකම්ම නිකන් නායකයෙක් නෙමෙයි දැ්න මුලු ලෝකෙම ඉහල පිලිගැන්මක් එයාට තිබෙනවා.

අපි දැන් බලමු සංගමයක් අටෝගත්ත නායකයෙක් කොරන්න ඕනි කාරණා කීපයක්. 

ගිරවු එලවීම. 
කුඹුරක සහ වගාවක ගිරවු කියන්නෙ අහසින් පාත්වෙලා බෝග ජාති අරං යන ජාතියක්. අහසින් පාත් වුනේ නැතත් හැමදේටම කෑ ගහන හැමවෙලේම කට ඇරගත්ත ගමන් අදහස් දක්වන්න බලං ඉන්න ගිරවු කියන්නෙ සංගමේකට වදයක්. අදහස් වැදගත් වුනත් වැඩිය කියවන්න ගත්තම නාස්ති වෙන්නෙ අනික් අයගේ කාලෙ. කොයි තරං වැදගත් අදහස් වුනත් තැන නොතැන නොබල ඔහේ කියවන මනුස්සයොන්ගේ අදහස් වලිං ඒ හැටි වැදගත් කමක් සංගම් වලට නැහැ. උදාහරණ විදියට මරණාදාර සමිතියෙ රැස්වීම වෙලාවේ අතිගරු ජනාධිපතිතුමාගේ යෝධ වැඩ ගැන කතා කරලා වැඩක් නැහැ. එතනදි කතා කරන්න ඕනි සමිතියෙ වැඩ රාජකාරි ගැන. 

ඔය වගේ ගිරවු ආවම අනික් අදහස් දක්වන්න ඉන්න අයත් බයවෙලා අදිමදි කරනවා අදහස් දක්වන්න. මොකද අර ගිරවුන්ට වගේ හොදට කතාකරන්න හැකියාවක් අනික් අයට  නැති නිසා. ගිරවු එලවන්න තියෙන එක හොඳ ක්‍රමයක් තමයි ගිරවුන්ට බර ගැට ගහන එක. ඒ කිව්වෙ දැන් අපි ශිෂ්‍ය සංගමයක වැඩක් කරන්න පටන් ගත්තම වැඩිපුරම අදහස් දක්වන කෙනාට අපි වැඩ කිහිපයක් බාරදෙනවා. ඒ වැඩ විතරක් නෙමෙයි වැඩ වලට අදාල කාලයකුත් ලබාදෙන්න ඕනි. ඒ වැඩ දෙනකොට එයා වැඩිපුර කතාකරන මාතෘකාවල වැඩ දෙන්න පුලුවන් නම් පංකාදුයි. 

උදාහරණයක් විදියට අපි හිතමු සංගීත සැංදෑවක් තියන්න ශිෂ්‍ය සංගමේ කතා කලාම එක් අයෙක් කියනවා අපි ඩී ජේ එකක් තියන්න නැතුව ආටිස්ලා ගෙනල්ලා සුබාවිත සැදෑවක් තියෙමු කියලා. ඒත් එක්කම තව අයෙක් කියනවා ප්‍රොෙපසනල් ඩී ජේ එකක් කරමු කියලා. මේ දෙන්නාම හොද අදහස් දක්වන දෙන්නෙක්. ටික වෙලාවක් ගියාම දෙපැත්ත බෙදිලා කියෝනවා මේක ඉවරවෙන පාටක් නැහැ. එතකොට නායකයෙක් කරන්න ඕනි දේ තමයි. හරි ඔය සුබාවිත කෙනා ගිහින් සුබාවිත ගායකයො, බෑන්ඩ් එක, හෝල් එක, ඕගනයිසර්ලා ඔය ඔක්කොටම යන කොස්ට් එක බලාගෙන ඊලග දවසෙ මීටිමට රිපෝට් එකක් අරන් එන්න ඕනි. ඔය ඩී ජේ කරන කෙනා ගිහින් ඊළග දවසෙ එනකොට ලංකාවෙ ඉන්න හොදම ඩීජේල සහ එයාලගේ ෂෝ එකකට යන ගනන අරගෙන එන්න ඕනි. අපිට ටිකට් එකක් රුපියල් දාහට එහා විකුනගන්න අමාරුයි කැම්පස් එක ඇතුලෙ. ඒ නිසා අපිට වඩාත් ලාභදායි වැඩසටහනකට යන එක වැඩිය හොද වෙයි. අපි ඊළග දවසෙ ගනන් මිමි එක්කම කතා කරමු. 

ඔය ගන්නෙ පලවෙනි මීටිම නම් ඔය කතාකරපු දෙන්නගෙන් දෙන්නම රිපෝට් එදාට අරං එන්න නැතිවෙන්න තියෙන හැකියාව බොහොම වැඩියි. ඒ රිපෝට් දෙක ආවොත් තෝරගත්ත වැඩේ ලොකු වගකීමක් අර වැඩිපුර කතාකරපු කෙනාට වැටෙන්නත් ඕනි. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක මර්ධනය කිරීමක් කියලා. නමුත් කතාකරනවා කියන එක තුල විතරක් නායකයො බිහි වෙන්නෙ නැහැ. එයාලට වැඩ කරන්න හැකියාව තිබෙන්න ඕනි. ටික දවසක් යනකොට කතාකරන පොර විසින් කරන වැඩ දෙක තුනක් අල වෙනකොට ළමයි අවබෝධ කරගන්නවා මේ යකා රියල් ගිරවෙක් කියලා. නැත්තං මෙලෝ තැනක ක්‍රියාත්මක වෙන්නෙ නැති තියරි පොත් බලලා ඇවිත් දේශන තියලා...ළමයින්ට මේ වගේ ගිරවු ඇණ වෙන්න තියෙන අවස්ථාව වැඩියි. හැබැයි කතා කරන්න වගේම වැඩට බැස්සමත් මිනිහා දක්ෂනම් පොරට ඒකට හිමි නිසි ගෞරවය ලබා දෙන්නත් ඕනි.

වෙලාව බැලීම. 

මේ කියන්නෙ කාල රාමුවක් සැකසීම වගේ වැඩක්. හිතන්න ඔන්න අපි මරණාධාර සමිතියට අලුත් දවුලක් මිලදී ගන්න දැන් සබාවාර කීපයකදීම කතා කලා. හැමදාම කතා කරනවා විතරයි වැඩේ වෙන පාටක් නැහ. ඒ නිසා තෙපානිස් ගුරුන්නාන්සේ එක්ක හොඳ දවුල් තියෙන තැනක් බලලා ඊළඟ පෝයට පංසලට එනකොට දවුල් වල ගනන් හිලවු ටික සමිතියට හරි නැත්තං ලොකු හාමුදුරුවන්ට දීල තියන්න කියලා සමිතියේ සබාපති තුමාට කියන්න පුලුවනි. ඒ වගේමයි ලොකු වැඩක් නම්. ඒ කිව්වෙ ඔන්න මරණාධාර සමිතියට පේනවා මරණයකදි පිටිින් ඇවිත් තම්මැට්ටම් දවුල් ගහන්න ලොකු ගානක් ගන්නවා කියලා. ඒකට අපේ ගමේ මිනිස්සුන්ට ලොකු ගානක් යනවා මරණයක් වෙලාවට. ඒ නිසා හොඳ ගමේම ඉන්න කොල්ලො කුරුට්ටො කීපදෛනක්ට ගුරුන්නාන්සෙ ලව්ව දවුල් තම්මැට්ටම් ගහන්න පුරුදු කොරන්න කියල කස්ටිය කතා වුනා. 

ඉතිං ඕක කතාවට බොහොම හොද වැඩක් වුනාට ඉතිං ගුරුන්නාන්සෙට තියෙන වැඩත් එක්ක උන්දැට ඕකට වෙලාවක් තියෙද දන් නැහැ. එතකොට එක්කෙනෙක් කිව්ව ඉස්කෝලෙ අලුත් නැටුං ගුරුතුමා හොද මිනිහෙක් වගේය. මිනිහගෙනුත් වැඩක් ගන්න හැකිය කියලා. ඉතිං ඒ වගේ වෙලාවක ගුරුතුමා එක්ක කතා කරලා වැඩේ සති දෙකක්  ඇතුලත වත් පටන් ගන්න තීරණයක් ගන්න ඕනි. ඒ වගේම අර අලුත හදන කන්ඩායමට බඩු ආදිය තියෙද කියලත් හොයන්න ඕනි. හැබැයි අර හැම වැඩේටම කරන්න නියමිත කාලයක් දාගන්න එක වැදගත්. 

වෙලාවට වැඩ කරන එක මරණාධාර සමිතියට වඩා සංකීර්ණයි වෙනත් සංගම් වලදි. උදාහරණ විදියට අපි ශිෂ්‍ය සංගමයක් ගතහොත් සිසුන්ට හැමදාම නාට්ටි,අලුත් දේශණ, ක්‍රීඩා උත්සව, කලා උලෙලවල් කරන්න බැහැ. ඒවාට කාලයක් තිබෙනවා. ඒ කාලෙට ඒවා නිසි පරිදි සංවිධානය කරගන්න නම් වැඩ කරන එයට අනිවාර්යෙන්ම ටාගට් දවසක් කියන්න වෙනවා. 

මේ සංගම් වලදි ඇජෙන්ඩා එකක් හදාගන්න එකත් ඒක අනුව කතාබහ කරගන්න එකත් වැදගත්. න්‍යාය පත්‍රය අනුවම වැඩකරන්න බැරිවුනත් අනවශ්‍ය පරිදි සමහර කාරණා ගැන කයි ගහන්නත් සමහර කාරණා ගැන අවශ්‍යම දේවල් මගහැරෙන්නත් තියෙන අවස්ථාව අඩු වෙනවා න්‍යාය පත්‍රයක් තිබෙන කොට. 

විශේෂඥ උපදෙස් ගැනීම. 

මේ කියන්නෙ ඇවිල්ලා අපි දන්නෙ නැති කාරණා සහ අපිට සීමිත දැනුමක් තියෙන කාරණා ආදිය ගැන කතාකරන කොට අපේ දැනුමෙ දිගින් විතරක් උත්තර හොයන්න යන්නෙ නැතුව අපි ඒ ගැන දන්න දැනමුත්තන් ගෙන් උපදෙස් ගන්න ඕන. මට කවි කියන්න පුළුවන් නිසා අපේ ආයතනයක තිබුන අවුරුදු උත්සවයක ජනකවි කියන්න මාව තෝරාගත්තා. මේකබොහොම සරල දෙයක්. කොලේක ලියාගත්තා මයික් එක ගත්තා කිව්වා. 

නමුත් මට ලොකු ගැටලුවක් තිබුනා අවුරුදු උත්සවේ අපි ගායනා වගේ ඇද ඇද ජනකවි කිව්වාම ඒ අවස්ථාව ඇත්තටම බලන අයට බෝරින් වෙනව නේද කියලා. බලන අයට ඕක බෝරිං නොවෙන්න ජනකවිත් එක්කම පොඩි ප්‍රාසාංගික අවස්ථාවකුත් කරන්න ඕනි කියලා අපේ යාලුවො සෙට් එක හිතුවා. ඒ වගේම අපිත් එක්ක හිටපු කෙල්ලො කීප දෙනෙකුත් වැඩේට කැමති වුනා. හැබැයි ඉතිං අපි නැටුං, නාට්‍ය විෂය ගැන ඒ තරං දන්නෙ නැහැ. 

එතකොට යාලුවෙක් කිව්වා අපි කෙලින්ම ගිහින් සෞන්දර්ය විශ්ව විද්‍යාෙලත් එක්ක කතාකරලා පොඩි උදව්වක් ගන්න බලමු කියලා. ඇත්තටම අපි සෞන්දර්ය විශ්ව විද්‍යාෙලට ගියා. ඒකෙදි කෝලිත භානු කියන සර් අපිට උදව් කරන්න ඉදිරිපත් වුනා. ඒකෙ හිටපු දේශකවරියො දෙන්නෙක් තමුන්ගේ වියදමින් අපේ ආයතනයට ඇවිත් අපිට ජනකවි සහ ඒකෙ ප්‍රාසාංගික අංග පුහුනු කලා. ඒ වෙලාවෙ අපේ අයත් අපේ ආයතනික මට්ටමින් ඒ වැඩේට අවශ්‍ය ලේඛනාදිය සකසා ගන වැඩේ බොහොම ලස්සනට කලා. 

ඒකෙ රියසල් එකත් බොහොම ලස්සනට තිබුනා. ටීචර්ලා අපිට අලුත් ජනකවි වගේම ඒවාට අනුව මූන සහ අතපය සොලවන සැටි කියලා දුන්නා. ඒ වැඩේට සමාර ළමයි ලෙක්චර් කට් කරගෙන ආවා. නමුත් අවාසනාවට අවුරුදු උත්සවේ දවසෙ වලියක් ගිය නිසා අපේ ඉවන්ට් එක තියන්න බැරි වුනා. නමුත් නිකාං අඩනවා වගේ ජනකවි කියාගෙන යන්න නැතුව අමුතු ගතියකින් ඒක කියන විදිය අපේ ගෑල්ලමයි සෙට් එකට ඒ ටීචර්ලා කියලා දුන්නා. 

මේ අදට ඇති වගේ. තව දවසක මම සංගම්වල ඉද්දි කොරාපු පොඩි පොඩි වැඩ රාජකාරි ටිකක් කියන්නත් හිතේ තියෙනවා. ඒ වගේම වරද්දගත්ත තැනුත් කියන්න හිතේ තියෙනවා. මේවා ගොඩක් අයට පොරෝජන නැති වේවි. ඒත් ලියල තිබුනම පස්සෙ කාලෙක මටම හරි ආයිත් බලත හැකි නෙව.

Thursday, December 12, 2013

කොටය(සිගරට්,බුරුත)




දෙන්න ඔන්න මෙන්න වගේ
පෙන්නගෙන ගියාට
ගන්න ඔබන්න ඔබේ
සැඟවුනු මන්න පහර
හොයාගන්න දුක් වින්ද තරම්.

පින්න වැටී ලන්දෙ දිව්ව
කිකිනි හඩින් සිනා දුන්න
සුලගට පාවෙලා ආපු
ඒ සොදුරිය නෑ අද
මහ තඩි කොටයක් ඇඳ උඩ

සිනිදු මල් පෙත්තක
සමනල පිහාටුවක
අහසේ වලාකුලක
සයුරේ රල පෙලක හැංගුන උඹ.....
ඒ වචන හොදයි රෑට එස් එම් එස් වලට

මොන කරුමයක්ද
ඉන්න දෙනවා ඕයි
නාකි විසේ කියල බනිද්දිත්
හබල් ගහන්නා වගේ
කොරන සෙල්ලම එපා වෙලා මට

කාලයෙන් වැසුන
ආලයෙන් වෙලුන
ඒ ලොවෙන් මිදුන..සිතට
 පාලමෙන් ඇදුන
පොල් ලෙල්ලක් සිහිවුනා ඉබේටම

Tuesday, December 10, 2013

පොලිසියට සැකකරුවන් සොයාදීම

“සැබෑ අපරාධකරුවන්ට දැන් සිදුකල යුතුව ඇත්තේ පොලීසිය වෙත සැකකරුවන් කිහිප දෙනෙක් සහ සාක්කිකරුවන් කිහිප දෙනෙක් යොමු කිරීම පමණි.“ මෙය මං තුමා විසින් ෆේස් බුක් නැමැති උතුම් තන්හී බෙදා ගන්නා ලද අදහසකි. 

තෝ වගේ මෝඩ මූසල මී හරකෙක්. අතිගරු....තුමාගේ යෝධ සංවර්ධන ..... වෙලාවෙ..රටේ අපරාධ නැතිකරන්න මේ ගෙනියන වැඩපිලිවෙල පවා තොපි දකින්නෙ වැරදියට. ඕකුං අවුරුදු ගන්න උසාවි ගෙනිහිං පස්සෙ නිදහස් වෙලා යනවට වඩා හොඳ නැද්ද එවෙලෙම සොට් එක දෙන එක. අනික එයාල මිනිමැරුව කියල සාක්කිත් තියෙනව කියල තිබුනෙ. ඒ මගේ මිතුරු තුමාලා බහුතරයකට ඇති සාධාරන පිළිතුරයැ.

සැකකරුවෙකු යනු අපරාධකාරයෙක්මද? 

සෑම පුද්ගලයෙක්ම බලයලත් අධිකරණයකින් වරදකරු කරන තෙක් නිවැරදිකරු යැයි පූර්වමාන කළ යුතුය.  ඒ අනුව කටයුතු කරමින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්ණ කිරීම කල යුතු වේ. වරදකරු යැයි ප්‍රකාශ කරන තෙක් සෑම පුද්ගලයෙකුම නිර්දෝෂී යැයි පූර්වමාන කළ යුතුය. පුද්ගලික නිදහස,අත් අඩංගුවට ගැනීමේ විශේෂ අවස්ථාවන් ඇති පදනමක් මත හැර පොලිසිය මගින් යමෙකු අත්අඩංගුවට ගැනීම නොකළ යුතුය. 
(ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව 15(5) ව්‍යවස්ථාව) 
රටක නීතිමය රාමුව ඇති වන්නේ ව්‍යවස්ථාව අනුවය. රටක ව්‍යවස්ථාව වූ කලී රට පාලනය කරන උත්තරීතර ලියමන වෙයි. එයට අනුව එහි සිටින සියලුම පුරවැසියෝ සිය රටේ ව්‍යවස්තාවට අනුකූල විය යුතුයැ. යමෙක් අධිකරණ ක්‍රියාදාමයකින් තොරව වරදකරු යැයි නම කිරීම මේ ව්‍යවස්ථාව අනුව වැරදිය. ඔවුන්ට අනියමින් හෝ දඩුවම් පැමණවීමත් ඒ අනුවමැ වැරදි වෙති. 

අදාල නැති පිංතූරයකි.
ඔය මැරෙන උන් හොඳ මිනිස්සු නෙමෙයි නේ. ඕකුන් හිටියොත් ඉතිං හැමදාම අපරාද කරාවි.ඕ හැත්ත හුරත් කර කර නඩු අහ අහ හිටියොත් කවදාවත් අපරාද නවත්වන්න ලැබෙන් නැහැ. 

මෙසේ කිව් පුද්ගලයාට මම දුන් උත්තරය වනුයේ ස්වීඩන් ස්විට්සර්ලන්තය වැනි රටවල මරණීය දණ්ඩනය යැයි නීතියක් නොමැත. එහි ඇත්තේ උපරිම අවුරුදු විස්සක සිර දඬුවමකි. අපිට වඩා ප්‍රමාණයෙන්ද ජනගහනයෙන්ද වැඩි රටවල් වුවද ඒ රටවල අපරාධ ප්‍රමාණය සීමිතය. එහි දැඩි දඩුවම් නැති වුවද ජනතාවට අපරාධවලින් වන හිරිහැර ප්‍රමාණය අඩුය. මෙය කියන විට පුද්ගලයා උපහාසයෙන් සිනාසී ඔයා ඔය ඩිවලොප් ඉයුරෝපියන් කන්ට්‍රි එක්ක අපේ ආසියානු රට සංසන්දනය කරන්න එපා යැයි කීවේය. 
නමුත් මේ බී බීසී වාර්ථාව අනුව අපට ආසන්න ආසියානු රටක වන සිංගප්පූරුවේ 2011 වසරටම ඝාතනය වී ඇත්තේ මිනිසුන් 16ක් පමණි.සිංගප්පූරුව ලෝකයේ අපරාධ අඩුම රටවල් කිහිපය අතර පෙරමුණේම සිටී.

 2012 වර්ශයේ සිංගප්පූරු රටේ කිසිදු දරුණු අපරාධයක් සිදු නොවී තිබුන දින 80ක් ගතවී ඇත. සිංගප්පූරුව යනු ලෝකයේ අසතුටුදායකම මිනිසුන්  සිටින රටකි. එනමුත් එහි දැඩි ලෙස දඩුවම් දීම හා නීතියෙන් පිට පැන කලින්ම දඩුවම් දීමේ වල් බූරු ක්‍රම රහිතවම විනයවත් පරිසරයක් එහි ඇතිව තිබේ. සිංගප්පූරුව යනු සූදු කෙළිය අතින්ද වඩාත් ජනප්‍රිය රටකි. සූදු කෙළියත්, සංචාරක කර්මාන්තයත්, විදෙස් භාන්ඩ හුවමාරුවත් ප්‍රධාන අංග වූ සිංගප්පූරුවට ලෝකයේ මුල් පුටුවකට එන්නට වාසනාව ලැබීමට අපරාධ පාලනය හේතු වාසනා වන්නට ඇත. සිංගප්පූරුවද අපි වැනිම මිනිසුන් වෙසෙන ආසියාතික රටක් වීමත් එහි අපරාධ සාපේක්ෂව අඩුවීමත් සමහර විට අපට එරෙහි දේශද්‍රෝහී අධිරාජවාදී කුමන්ත්‍රනයක් විය හැක.

අපරාධ පාලනය යනු සැකකරුවන් සැකකරුවන්ව සිටියදීම වඩාත් ඉක්මනින්ම අපායට යැවීම නොවේ. එසේ කිරීමෙන් අපරාධ මර්ධනය වීමක් සිද්ද වන්නේ නම් දැනටම ලංකාවේ ආයුධ පෙන්වන්නට ගොස් මියගිය අපරාධ කාරයින්ගේ ලැයිස්තුවත් ඔවුන් කරන ලදැයි සැකකරන අපරාධ සංඛ්‍යාවත් අනුව ලංකාව අපරාධ සංඛ්‍යාව අතින් එන්න එන්නම අඩු විය යුතුය. නමුත් සිදු වන්නේ අනෙකකි. දිනෙන් දින සිදුවන අපරාධ ප්‍රමාණය වැඩිවෙමින් පවතී. මේ අනුව සැකකරුවන් කලින්ම බෝම්බ පෙන්වන්නට ගොස් ඝාතනය වූවාය කියලා රටේ අපරාධ අඩු වීමක් නැති බව ඇස්පනාපිටම පේන්නට තිබේ. 

ඔබට උසස් පෙළ ටියුෂන් යන වයසේ සිටින දරුවෙකු සිටිනවායැයි සිතන්න. කිසියම් ගැටළුවක් නිසා පිරිසක් සමග ඔහු දබර කරගන්නට පෙළඹේ. එසේ කළහ කරන පිරිසේ එකෙක් සමග කළහයකට ගොස් ඔවුන් අවුල පාරේ විසදාගත නොහැකි බැවින් ආවරණයවූ පංති කාමරයකට යයි. එහිදී ඔබේ දරුවාත් දරුවා කළහය ඇති කරගත් මිතුරාත් කතාකරමින් එහි සිටී. එක් වරම අනපේක්ෂිත ලෙස ඔබ දරුවා සමග කළහ කර අනෙක් සිසුවාට, පිටතින් සැනෙන් පැමිණි අයෙක් පිහි පාරක් ඇනගෙන ගොස් තාප්පෙන් පැන අතුරුදන් වෙයි. එවිටම කෑ ගසන පහර කෑ මිතුරා නිසා අනෙක් යහලුවන් ඒ වටපිටාවට එයි. එහිදී දකින්නේ ඔබ දරුවා සහ අර පිහි ඇනුම කා වැටී සිටින අය පමණි. නියම අපරාධකරුවා පැන ගොසිනි. 

ඉන් පසුව ඔබ දරුවා පොලිසියට ගෙනගොස් පසුදා හිමිදිරි පාන්දරම අවි ආයුධ පෙන්වන්නට රැගෙන ගොස් ආයුධ වලින් පොලිසියට දමා ගැසීමට යෑම නිසා පොලිසිය වෙඩිතබා ඝාතනය වෙයි. එවිට අර පිහි ඇනුම් පහර කෑ සිසුවා මියගොස් සිටියොත් බොහෝ දෙනා එසේ ආයුධ පෙන්වීමට ගොස් මියයෑම සාධාරනී කරණය කරනු ලබයි. එසේම සමාරවිට පංතියේ සිටි මිතුරන් පවා ඔබේ ළමයාගේ මලගමට සහභාගී වන එකක් නැත. එවන් වටපිටාවකදී ඒ දෙමාපියන්ට කිසිවක් කරකියා ගන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. මගේ දරුවෙක්ට නම් කවදාවත් ඔහොම දෙයක් වෙන්නට ඉඩ තියන් නැතැයි වහසි බස් දෙඩුවත්, තමාට එවැන්නක් සිදු නොවන්නේ යැයි  ලැබෙන සහතිකයක් මේ සමාජයේ කිසිවෙකුටත් නැත. 

සැකකාරයා අපරාධකාරයා යැයි තීරණය කිරීමට සාක්කි ලෙස  සූක්ෂම ක්‍රම අද දින භාවිත වෙයි. ඩී ඇන් ඒ ක්‍රම, විෂේෂ පරීක්ෂණ. මරණ පරීක්ෂණ, විද්‍යාත්මක ගණනය කිරීම් තාක්ෂණික යෙදීම් ආදියෙන් අද නව ලෝකය සන්නද්ධ වී ඇත. හුදෙක් යමෙක් දැක්කේය ඇසුවේය යන සාක්කියකට වඩා ප්‍රබල වූ සාධක අද දින දියුනු ලෝකයේ අපරාධ පරීක්ෂණ වලට යොදා ගැනේ. ඒවා කිසිවකින් තොරව යමෙක් මිනිමරුවෙකු යැයි හංවඩු ගැසීමෙන් නොනැවතී ආයුධ පෙන්වීමට ගොස් අතුරුදන් වූ විට තවත් අපරාධකාරයෙක් ලෝකෙට නැති වූ වා යැයි සතුටුවන්නෝ නරුමයෝ මැ වෙති. අංගුලිමාල නම් වූ මහා පාපතරයා ඇඟිලි 999ක් අතැතිවද රජුගෙන් සමාව ලැබ බුදු සසුනේ පැවිදිව රහත් වූ බවක් වත්මන් මොඩ් අසපු මොඩල් බෞද්ධයන් වටහාගන්නට උත්සාහ කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය හිසට හිසක් අපරාධයට ප්‍රති අපරාධයක් පමණි. 

අප රට යටත් විජිත සමයේ ගෙනගිය ආර්ථික මොඩලය තව තවත් කුණු වෙමින් විටින් විට පැලැස්තර ඇලවෙමින් යනවා විනා නව ආර්ථික සමාජ රටාවන්ට අනුගත වන ආකාරයක් නොමැත. යටත් විජිත සමයේ සුද්දන්ට වෛර කළ අපේ රටේ ඇත්තෝ සුද්දනුත් උන්ගේ නීතිත් එපා යැයි කීවෝය. සුද්දන්ට වඩා අපෙ අය රජුට ඇලුම් කරන්නටද ඇත. සුද්දන් විසින් කෙතෙක් කලිසම් කමිස අන්දවා,එක ගෑනියෙක් කසාද බන්දවා, පාරවල් හදලා අපි ශිෂ්ඨයින් කරන්නට තැනුවාට අපි බහුතරය අවිඥානිකව තවමත් සිටින්නේ රාජ පාක්ෂිකවය. එම නිසා සුද්දන් විසින් එකී සමාජ වල ඇති වූ විපිලියාස විප්ලව මගින තනා ගත් නීති තවමත් අප සමාජ දේහය තුලට ජීර්ණය වී නැත. ඒ නීති පොත් වල නීති තවමත් අප බහුතරයකට අනුව කරදරකාරී නීති වේ. ට්‍රැෆික් පොලිස් කාරයා ඉර කපන විට දඩ ගැසීමේ සිට පොඩි කල හෝලායකට දවස් සති මාස ගනන් උසාවි යන්නට සිදු වන විට බොහෝ දෙනා බනින්නේ නීති ගෙනාපු සුද්දන්ටත් එක්කය. 

එවි ට අප හුදී බුද්ධිමත් ජනයා නීති, ආයතන, සමාජ පද්ධති මෙහෙයවීමේ බලයක් සහ වගකීමක් සිය ඡන්දයෙන් පත්වූ මන්ත්‍රින්ට ඇති බවක් නොසිතති. බඩු අඩු කිරීම,පඩි වැඩි කිරීම වැනි සිල්ලර ඉල්ලීම් හැර රටේ බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිසට වුව සමාජ දේහය පිළිසකර කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැත. (6%ක් වැඩිකරගත්තාම පඩියද දීමනාද වැඩිවන බව දන්නා නිසා එවන් වැඩිකරන කාරණා වලට බුද්ධිමතුන්ද වඩාත් සංවේදීය)

“නීති ගැන සඳහන් කිරීමේදී කිව යුත්තේ නීති මෙහි නැති බවය. රජුගේ අභිමතයම විනා අන් කිසිදු නීතියක් මෙහි නැත්තේය“ මෙය එදා රොබට් නොක්ස් නැමැති උඩරට රාජධානියේ විවෘත විදෙස් සිරකරුවෙකු  විසින් කියන ලද්දක් වේ. අද අපේ  රටට පැමිනෙන විදේශිකයෙක් වුව මෙහි සිදුවන දේ බලා මේ කියමන කිවහොත් එය අප විසින්  රටට එරෙහි සතුරු බලවේගවල කුමන්ත්‍රණයක් ලෙස සූක්ෂමව හඳුනා ගත යුතු කාලය එළඹ ඇත.

Sunday, December 8, 2013

අවජාතකයා සහ කුමරිය The Beauty and the Bastard

“කපාගත් සුදුලූනු,අවුමිරිස්,රම්පෙ කරපිංචා ටික පැත්තකින් තියලා අපි මාගරින් ටිකක් බාජනේට දමා ගනිමු“. කියලා දැන් පබිලිස් සිල්වා ගෑස් එක ඔන් කරලා ඒක උඩ බාජනයක් තියලා ඒකට මාගරින් දානවා ඒ මාගරින් තලිය, බඳුන රත්වෙනකොට බොහොම ලක්ෂණට දිය වෙලා යනවා. 

ආදරය හමුවේ සමහර මිනිස්සු වෙනස් වෙන්නෙත් ආන්න ඒ මාගරින් තලිය රත්වෙච්චි තාච්චියට දැම්මා වගේ. දැඩි තීරණ ගන්න හැඩි දැඩි මිනිස්සු සහ ගෑනු ආලය හමුවේ ළඳ බොළඳ සුකුමාර පුද්ගලයින් බවට පත්වෙනවා. යමෙක්ට ආදරය කරද්දි කිසිම දෙයක් වෙනස් කරගන්න වෙන්නෙ නැත්තං එතන සැබෑවටම ආදරයක් නැහැ.ඒක බොහෝවිට ගනුදෙනුවක් වෙන්න පුලුවනි. ආදරය කියන්නෙ කැපවීම් ගොඩකට කියලා මම ඉගනගත්තෙ සුසිල් නානායක්කාර සර්ගෙන්.  ඇල්ටන් ජෝන් ගේ සැක්‍රිෆයිස් කියන සිංදුව අපිට පංතියෙ කියලා දෙනකොට සුසිල් සර්ට ඕනි වුනා සැක්‍රිෆයිස් කියන ඉංගිරිසි වචනෙ සිංහල තේරුම කියලා දෙන්න. එතකොට එයා ආදරය ගැනත් පොඩ්ඩක් කතා කලා. 

සාලිය අසෝකමාලා වගේ ලොකු ලොකු කතා වගේම ගංතුලානෙ තියෙන පොඩි පොඩි ලවුස් ටෝරි බැලුවත් ආදරය හරහා මිනිස්සු වෙනස් වෙනවා. බඳින කල් කුරුල්ලො වගේ හිතුන අතේ රවුං ගහපු අය ගෙයි හාමිලා වෙනවා. සමාරු බඳින්නකලිං ගෙදට්ට වෙලා ඉඳලා බැන්දම ගෙදර කන්දොස්කිරියාව ඉවසගන්න බැරිව තැන් තැන්වල ඇවිදින්න යනවා. කොහොම වුනත් ආදරණීය බැඳීමකින් මනුස්සයො වෙනස් වෙනවා කියන එක ලෝක සත්‍යයක්. 

මේ චිත්‍රපටියෙ කතාව ආදර කතාවක්. සුඛාන්තයක් විදියට සාධාරනව ඉවර වෙනවා. ටිකක් රළු විදියට හැදුන රස්තියාදුකාරයකුට ආදරය නිසා වෙන බලපෑම මේ සිනමාපටිය හරහා කතා කරනවා. ඊට අමතරව ශිෂ්‍ය හෝ රස්තියාදු ජීවිතයේ ඉඳලා පවුල් ජීවිතයකට මාරු වෙනකොට අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙන බව සහ අපි විකුනන්න හිතපු නැති දේවල් විකුනන්න වෙන සිද්දියත් මේකෙ ලාවට පෙන්වනවා.

 ලංකාවෙදි ඩී ජේ කරන්නෙ කලාවක් විදියට නෙමෙයි බොහෝමයක් අය. ඒක නිකම්ම ෆැෂන් එකක් විතරයි. නමුත් ඩී ජේ වටා ගෙතුන අමුතු ජාතියේ දේශපාලනයකුත් වෙන රටෝල තියෙනවා.

මේ චිත්‍රපටිය ෆින්ලන්ත චිත්රපටියක්. නමුත් කතාව ඇදෙන විදිය සාමාන්‍ය ආදර කතාවක් ආකාරයමයි. ආදර කතා කොච්චර කියෙව්වත් බැලුවත් එපා වෙන්නෙ නම් නැහැ. මේකත් අලුත්ම දෙයක් නැතත් වෙනස් විදියට හදල තියෙන ෆිල්ම් එකක්. 

ෆිල්ම් එක යන්නෙ මියුසික් වලට ආස කරන දෙන්නෙක්ගේ බැඳීමක් ගැන. ඒ නිසා සංගීතමය අතිනුත් මේ චිත්රපටිය සවිමත් වෙලා තියෙනවා. ආදර කතාවක් බලන්න ආස අයට පස්ටම අත්දැකීමක් මේ හරහා ලබාගන්න හැකි වේවි. මේක අයි ඇම් ඩී බී රෑන්ක් වල හය හත අතර තියෙන්නෙ. ඒ වුනාට මම නම් මේකට නවයක් විතර දෙනවා.

http://www.imdb.com/title/tt0471957/

Friday, December 6, 2013

නිදහස සොයා ගිය මැන්ඩෙලා

මැන්ඩෙලා හිරගෙදරදි කලේ මොනවද?

මැන්ඩෙලා හිරගෙදරදී ඉගෙනගත්තා. ඔහු සිරගත වන විට වයස හතලිස් ගනන් වල හිටියෙ. ඒ කාලෙදි ඔහු උපාධි විභාග වලට මුහුනදුන්නා. උපාදි විභාග වලදි, මැන්ඩෙලා සිරගත වෙලා තිබුනත් පාඩං කරල තිබුන නිසා සමත් වුනා. සමහර විභාග වලදි මැන්ඩෙලා අසමත් වුනා. එතකොට ඒ විභාග අසමත් වුනේ ඇයි කියලා මැන්ඩෙලාගෙන් සමහරු ප්‍රශ්ණ කලා. එතකොට මැන්ඩෙලා උත්තර දුන්නෙ ඒ විභාග ෆේල් වුනේ දාම් ඇදීම නිසා කියලා. මැන්ඩෙලා සහ පිරිස කරපු පොඩි පොඩි දේශපාලනික සටන් නිසා දේශපාලන සිරකරුවන් වුනු ඔවුන්ට දිනාගත හැකි වුන එක ජයග්‍රහනයක් තමයි ක්‍රීඩා කරන්න ලැබුන පහසුකම. දාම් අදින්න මැන්ඩෙලා හරි දක්ෂයි. නමුත් එක ඉත්තෙක් අදින්න ඔහු පුුදුම වෙලාවක් ගත්තා. දාම් ක්‍රීඩාවෙදි මෙ වෙලාව ගැනීම නිසාම මැන්ඩෙලාට සමහර උපාධි සම්ත්වෙන්න බැරිවුනා.කියලා ඔහු කියලා තිබෙනවා.

මැන්ඩෙලා කියන්නෙ ඔහු විසුව හැම පරිසරයකදීම මිනිසුන්ට නායකත්වය දුන්න මිනිහෙක්. මැන්ඩෙලාට නායකත්වයට එයා ඉන්නෙ හිරේද එලියෙද නැත්තම් නිවාස අඩස්සියෙද කියන එක වැදගත් වුනේ නැහැ. මැන්ඩෙලා වෘත්තියෙන් නීතීඥයෙක්. ඔහු හිරේට ගියාම දකිනවා ගොඩක් මිනිස්සු නිසියාකාර නීති උපදෙස් ලබාගන්න හැකියාවක් නැති කමින් අසරණ වෙලා හිරගෙට ඇවිත් තිබෙනවා කියලා. රෑ නිදිවරාගෙන තමුන්ගේ සහෝදර සිරකරුවන්ගේ නඩු වලට අවශ්‍ය ගොනු සම්පාදනය කරලා දුන්නා. මැන්ඩෙලාගෙන් නීති උපදෙන් ගත්ත, ඈත අංගනයක ඉන්න සිරකරුවෙක් මැන්ඩෙලාව හරියට දැකලත් නැහැ. නමුත් සිරගෙදර මැන්ඩෙලාගේ කන්ඩායම තනාගෙන තිබුන සන්නිවේදන ජාලය හරහා ටොයිලට් පේපර් වැනි ඉතාම ප්‍රාථමික මට්ටමේ ඉඳලා තොරතුරු හුවමාරු ක්‍රමවේද තිබුනා.  මැන්ඩෙලා සාමාන්‍ය ජීවිතයේදී එක් හමුවීමකින් නිරාකරණය කරලා නීති උපදෙස් ලබාදෙන්න පුලුවන් ගැටලුවකට මැන්ඩෙලාට හිරගෙදරදි මාස ගනනාවක් ගියාලු. මැන්ඩෙලා ඒකෙන් විශාල මානසික සතුටක් ලබාගෙන තිබෙනවා. කෑම ගැනීමට පෝලිමේ යෑමේදී ඉඳහිට සගයෙක් මැන්ඩෙලාගේ කණට කොඳුරා කරන ස්තූතියක් ලැබෙන වෙලාවලුත් තිබුනාලු.ඒ මැන්ඩෙලා ගේ උදව්වෙන් නඩුවක් ගොඩ ගිහිපු සිරකරුවෙක් වෙන්න ඇති.

මැන්ඩෙලා ගෙ සෙට් එක කතා කලේ මොනවද?

මැන්ඩෙලා සහ ඔහු සමග සිටි දේශපාලන සගයින් සියල්ලම බොහෝ කලක් සිටියෙ රොබන් දූපතේ සිරකඳවුරක. මැන්ඩෙලා සිරගත වන විට ඔහුගේ දෙවනි කසාදයේ දුවනිය අවුරුදු තුන හතරක වයසේ පසුවුනා.  සිර ජීවිතයෙන් නිදහස් වෙලා  එනවිට ඒ දුවට අවුරුදු තුන හතරක දුවෙක් ඉන්නවා. සිර ජීවිතයෙන් නිදහස් වෙනකොට මැන්ඩෙලා සීය කෙනෙක්. 

මැන්ඩෙලා සහ පිරිස එකම සිරකඳවුරක එකම අංශයකට ඇතුලත් කිරීම පාලකයන් විිසින් කරපු වරදක්. ඔහු සහ පිරිස වැඩිපුරම වාද කලේ සමහර සුළු දේවල් වලටලු. වරක් අප්‍රිකාවේ කොටි ඉන්නවාද නැද්ද යන වග ගැන කරපු වාදයක් දුර දිග ගිහින් ගුටි හුවමාරුවක් පවා ඇතිවන්න ගියාලු. අප්‍රිකාවෙ කොටි ඉන්නවාද නැද්ද කියන කාරණාව ඒ සෙට් එකතෙිබුන විසදගන්න බැරි ජාතික ගැටලුවක් වගෙ එකක්ලු. එක එක අය එක එක මත නියෝජනය කරලා වාද විවාද කරගෙන තිබුනා. 
ඒ වගේමයි සුන්නත් කිරීම සම්බන්ධයෙන් මැන්ඩෙලාගේ මතය වුනේ ඒකහොඳයි කියන නැත. ඔවුන් සිරකඳවුරේ සිරකරුවන් සුන්නත් කිරීමට සුලු වැඩපිළිවෙලක් පවා සකස් කරලා තිබිල තියෙනවා. 

අවුරුදු විසිහතක රොබන් දූපත් සිර ජීවිතයෙන් කෙලින්ම ඩොග් ගාල මැන්ඩෙලා නිදහස් කලේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් මැන්ඩෙලා වෙනත් සිරකඳවුරකට මාරු කරලා එයින් පස්සෙ වෙනත් නිවාසයක නිවාස අඩස්සියේ තබාලා අවසානෙ නිදහස ලබාගන්නවා. ඒ්ත එක්කෙම මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික සංගමය කියන සංවිධානයේ තහනම සහ තමුන් සමග දේශපාලනික සිර දඩුවම් වින්ද බොහෝ දෙනා නිදහස් කරගන්න අවස්ථාව මැන්ඩෙලාට ලැබුනා. 


ඔහු සතුව තිබුනු අමුුතු ගතිගුන ගොඩයි. ඒත් ඔහු කිසිම දවසක අසාමාන්‍ය චරිතයක් කියලා හඳුන්වගන්න උස්සාහ ගත්තෙ නැහැ.  ඔහු නිකම්ම නිකම් සාමාන්‍ය මිනිහෙක් වෙන්න ගෙඩාක් උත්සාහ කලා. මැන්ඩෙලා හැමදාම ව්‍යායාම කලා. ඔහුට වැඩ නොතිබුන සිර ජීවිත කාලෙයේදී ඔහු තනිවම ලැබුන ඉඩකඩේ පවා ව්‍යායාම කටයුතු කලා. මැන්ඩෙලාට ජනපති කම ලැබෙන්නෙ බොහෝ මහළු වයසදෙි. මම හිතන්නෙ මැන්ඩෙලා ජනාධිපති වෙනකොට අවුරුදු හැත්ත පහක් විතර ඇති. ඒත් ඔහුගේ ස්මරණ ශක්තිය, ක්‍රියාකාරිත්වය අවුරුදු අනූ ගානක් යනතෙක් සුපිරියටම තියෙන්න මැන්ඩෙලා දිනපතා සිතා බලා ව්‍යායාම කිරීම හේතුවාසනා වෙන්න ඇති. 

යාලුවන් වැඩිය උනන්දු නොවුන මැන්ඩෙලා හැමදාම උනන්දු වුන තව රාජකාරියක් තමයි වැවිල්ල. හිරේදි රැවුල් කොන්ඩ වැවෙන එක සාමාන්‍යයි. නමුත් මැන්ඩෙලා එතනින් නොනැවතී තමුන් හිටපු හැම සිර කඳවුරකදීම කුඩා ගෙවත්තක් පවත්වාගෙන යන්න උත්සාහ ගත්තා. මැන්ඩෙලාගේ ඒවගේ සමහර පුරුදු තිබුනා, ඔහුගේ සිරගෙදර ආරක්ෂකයින්ගේ පවා ආකර්ශනය ලැබෙන පුරුදු. ඔහු තට්ටු නිවාසයක සිර කර තිබුන සිර ජීවිතේ අවසාන අවධියේ ඔහු ඒ තට්ටු නිවාසයේ වහලේ වගාකරන්න ලොකු උත්සාහයක් ගත්තා. ලොකු ගැලුම් වැනි ඒවායේ පස් පුරවලා වහලට ඔසවාගෙන ගිහින් මැන්ඩෙලා විසින් සාර්ථක එලවලු වගාවක් ඒ සිරගෙදරදි පවත්වාගෙන ගියා. 

නෙල්සන් මැන්ඩෙලා අරක්කු බිව්වෙ නැහැලු. ලොකු ලොකු ඇමති මැතින් හමු වුන වෙලාවට පුද්ගලික හිතවත්කම පිණිස විස්කි බ්‍රැන්ඩි ටිකක් වීදුරුවට වත් කරලා චියර්ස් කලාට මැන්ඩෙලාට තද සැර එතනෝල් බොන්න බැහැ කියලයි කියලා තියෙන්නෙ. එතරම් සැර නැති වයින් ස්වල්පයක් නම් මැන්ඩෙලා පාවිච්චි කලාලු. 

“ඉස්සර විනී ලොකු බඩකුත් තියාගෙන අනික් දරුවත් නලවගෙන ගෙදර වැඩ කරමින් ඉන්න සමාර වෙලාවට මම ඒ කිසි වගක් නැතුව පැත්තකට වෙලා මගේ වැඩ කොටස කරලා ඉවර වෙලා බලාගෙන හිටියා.“ මැන්ඩෙලා බිරියට දැඩි සේ ආලය කලාය කියලා තිබෙනවා. ඒ වගේම හිරේට එන්න කලින් වුන සිද්ධි සහ මැන්ඩෙලා නිසා පවුලට උරුම වුන අවාසනාවන්ත තත්වයන් ගැන මැන්ඩෙලා සැබෑවටම දුක් වෙලා තිබෙනවා. කියලා මැන්ඩෙලා පස්සෙ කාලෙකදි ලියල තිබෙනවා. ඔහුගේ දේශපාලන දිවිය මුල්කාලෙදි ඔහුගෙ අම්මා තාත්තා සහ පවුලේ අය අනුමත කලේ නැහැ. 

 සැත්තෑ එක් වියැති මහල්ලෙකු ලෙස සිර ජීවිතයෙන් නිදහස් වෙන මැන්ඩෙලා සිය දරු මුනුබුරන් සහ පවුල එක්ක සාමකාමීව ගතකරන්නට සිහින මැව්වා. “කඩේට ගිහින් වෙනදා වගේ ටූත්පේස්ට් එකක් මිලදී ගන්න. වෙන අය වගේ සාමාන්‍ය විදියට නිදහසේ ඇවිදයන්න පුලුවන් වේවි කියලා මම හිතුවා “ කියල මැන්ඩෙලා කියල තියෙනවා . නමුත් මැන්ඩෙලා නිදහස් වන විට ඔහුගේ පලවෙනි රැස්වීමට කිසිදු දැනුම් දීමකින් තොරව බත්පැකට්,අරක්කු බාග,රුපියල් පන්සීයෙ ඒවා නැතුවම මිනිස්සු එක්ලක්ෂ විසිදාහක් ඇවිත් තිබුනා. ඒ මිනිස්සු වැඩිකමට මැන්ඩෙලා තෙරපිලා පොඩි අකරතැබ්බයකට මුහුනදෙන්නත් සිද්ද වුනා. 

ඉතිං ඔහු එනකල් එලියේ ඔහු ඇදහූ ජනතාව පෙරුම් පුරාගෙන බලා ඉඳලයි තිබුනෙ. ඔහුට මහලු වයසේ තිබුන සැනසීම, පවුල සමග විශ්‍රාම සුවෙන් ගතකිරීම් අවස්ථාව දේශපාලනය වෙනුවෙන් කැපකරන්න සිද්ද වුනා. සිරගෙදර ජීවිතේ පුරාවට රැකවලුන් හා සිරකරුවන් අතර සිදුවුන ගැටුම් වලට මැදිහත් වුන ඔහුට ඉන් පසුව සාමාන්‍ය කළු ජාතික මිනිසුන් හා පාලකයින් අතර වූ මහා විශමතාවයට විසඳුම් සොයන්න සිද්ද වුනා. මැන්ඩෙලා ළග තිබුන හොඳ ගතිගුණයක් තමයි තමුන්ගේ විරුද්ධ කාර පාර්ශවයෙ සිටින පුද්ගලයන් කොයි තරම් කුරිරු වුනත් ඔවුන්ගේ හොඳ පැත්ත කෙරෙහි බලාපොරොත්තු තියාගත්ත එක. සිරගෙදර සිටියදී එහි රැකවලුන්, පසුකාලීනව ඔහුට හමුවුන හමුදා නායකයින්, විරුද්ධ පක්ෂ බොහෝමයක් සමග පුද්ගලික කෝන්තර වලින් තොරව හැසිරීමේ පුදුමාකාර ගතිගුණයක් මැන්ඩෙලාට තිබුනා. 

වරක් එක් නරක රැකවලෙක් සිටියා රොබන් දූපතේදී දේශපාලන සිරකරුවන්ට නිතරම හිංසා කරන. ඉතිං ඔහු කොහොම හරි නම්මගන්න එක තමයි කස්ටියගේ අරමුණ වුනේ. නමුත් ඔහු ලේසියෙන් නැමෙන කෙනෙක් නෙමෙයි. ගිිනිගහන අවුවේ සුදුපාටට දිලිසෙන හුනුගල් කඩමින් උන්නු මැන්ඩෙලාගේ පිරිසගේ එක් අයකුගෙන් අර රැකවලා සිරකාරයා ඇඳන් ඉන්න ෂර්ට් එක ඉල්ලුවා ඔහුට බිමදාල වාඩිවෙන්න.  පුරුදු විදියටම ඒ සිරකරුවා මැන්ඩෙලා දිහා බැලුවා. මැන්ඩෙලා ගල් කඩන අතරෙම තම මිතුරාට සංඥාවක් දුන්නා ෂර්ට් එක රැකවලාට දෙන ලෙස. එතනදි තමුන්ගේ සගයා නින්දිත ලෙස පහත් කිරීමකට යටත් වුනත් එයින් රැකවලා මෙල්ල කරගත හැකි වුනොත් එය ඒ රැකවලාගෙන් නිරන්තර ලැබෙන නොමනා සැලකීම් වලට සහනයක් වේවි කියලා මැන්ඩෙලා හිතුවා. 

කාල් මාක්ස් අයිති එක්දාස් අටසීය ගනන්වලට,කාල්මාක්ස් කියන්නෙ තියරි කාරයෙක්. බොහොම ලක්ෂණ තියරි ලියලා තියෙනවා මිනිහා. නමුත් ඒ තියරි පොලොවට මුල්වරට ගේන්නෙ ලෙනින්.  වී අයි ලෙනින් රන් කලේ නවසිය විසි ගනන්.. ඉන් පස්සෙ මහත්මා ගාන්ධි රන් කලේ නවසිය හතලිස් ගනන් වලදි. එයින් පස්සෙ කස්ත්‍රෝ හිටියා. කස්ත්‍රෝෙගන් පස්සෙ ලොකු වෙනසක් පවතින සමාජයේ කරපු මිනිහෙක් තමයි මැන්ඩෙලා. මැන්ඩෙලාට හැකිවුනා ඒ පැවතුන අප්‍රිකානු සමාජය උඩුයටිකුරු කරන්න. ලෝක නායකයන් දිහා බැලුවාම මට නම් මැන්ඩෙලා සහ ගාන්ධි කියන්නෙ විශේෂ චරිත දෙකක්. 

සාර් රජතුමාට යටත් වෙලා හෙමිජ්ජන් වගේ හිටපු රුසියන් ජනතාව ලෙනින් වෙත නම්මගන්නවාට , වඩා ලොකු අමාරු වැඩ තමයි මැන්ඩෙලාට ලැබුනෙ. යුද්ධයකින් හෝ විශාල සංක්‍රමනික තත්වයකින් පස්සෙ ඇතිවන අලුත් සමාජයක් පරිවර්ථනය කරනවාට වඩා හොඳින් දුවමින් පවතින සජීවී සමාජයක් වෙනස් කරන එක අමාරුයි. අනික අමරිකාව යුරෝපා වගේ රටක පවතින ඉදිරිගාමී චින්තනය හා බද්ධ වුන මිනිසුන් එක්ක ගනුදෙනු කරන එකට වඩා ආසියානු සහ අප්‍රිකානු මිනිස්සු එක්ක ජයග්‍රහන ලබාගන්න එක බොහොම අමාරු වැඩක්. දීර්ඝ කාලයක් තිස්සෙ පවතින ක්‍රමයෙන් වාසි ලබාගනිපු ධනපති කන්ඩායමක් සතුව අසීමිත බලතල තියෙද්දි ඒවා අරගෙන තලලා මට්ටම් කරලා කළු ජනතාවටත් වාසි ටිකක් එන විදියට සිස්ටම් අප්ඩේට් කරන එක සුන්දර දෙයක් නෙමෙයි. 

පවතින ක්‍රමයක් පෙරළන එක කොච්චර ලේසිදි කියලා අපි පසුගිය කාලෙ ඊජිප්තුවෙ සහ මැදපෙරදිග වෙච්චි සිද්දි වලදි දැක්කා. නමුත් ඒවා නිමාවුනේ නොනවතින ගැටුම් වලින්. මොකද පවතින ක්‍රමය විනාස කරලා ඊලගට ගොඩනගන සමාජය ගැන ලොකු අදහසක් විප්ලව වල මුල් පුටුවලට තිබුනෙ නැහැ. නමුත් මැන්ඩෙලාට සැමවිටම ජීවමාන අනාගතයක් තිබුනා. ඔහු ඒ වෙනුවෙන් සැබෑවටම කැපවුනා. මැන්ඩෙලාගේ සිහින රතුපාට හෝ පවුලේ කුරක්කන් පාට වලින් දැඩි ලෙස දූෂණය වෙලා තිබුනෙ නැහැ. ඒ නිසා මැන්ඩෙලාට වඩාත් සාධාරන දකුනු අප්‍රිකාවක් ගොඩනගන්න හැකිවුනා. මැන්ඩෙලා ජනාධිපති වීමට වසර දහයකට පෙර  ඒ රටේ ජීවත් වූනු කළු ජාතිකයින් හීනෙන්වත් බලාපොරොත්තු නොවුන වටපිටාවක් ඒ රටේ ඇතිකරන්න ඔහුට හැකි වුනා.

නෙල්සන් මැන්ඩෙලා කියන්නෙ නිකම්ම නමක්. ඔහු අතිගරු, ගරු, මහත්මා, නොමියෙන, ආදී නම් වලින් දූෂනය කරන්න අවශ්‍ය නැහැ. ඔය නම් එල්ලගෙන ඉන්න බහුතරය කරන්නෙ ඒ නම් විකුනගෙන කන එක. ආර් අයි පී පෝල්ට පස්සෙ දැන් හැමතැනම ආර් අයි පී මැන්ඩෙලා ඇවිත්. දෙන්න ගැනම වැඩිදුර නොදන්න අය ඒදෙකම උඩපැනල සෙයා කරන්නත් ඇති. නමුත් මම හිතන විදියට මැන්ඩෙලා කියන්නෙ අපි හැමෝම කියවා බැලිය යුතු ලොකු කතාවක්. 

මහින්ද හත්තක කියන මහත්මයා විසින්, මැන්ඩෙලා විසින් ලියපු ඔහුගේ ජීවිත කතාව නිදහස සොයා ගිය ගමනක් කියලා සිංහලට හරවලා තිබෙනවා. ඒ පොත කොටස් දෙකකින් යුක්තයි. මට ඉස්සෙල්ල ලැබුනෙ දෙවනි කොටහ. මේ පොත ගහල තියෙන්නෙ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රෙයන්. දෙවනි පොතේ මිල රුපියල් 660/=ක්.  මැන්ඩෙලා විසින් ඔහුට හරිගිය, වැරදුන, පසුතැවුන තැන් ද ඇතුලත්ව බොහෝ සාධාරන ලෙස ජීවිත කතාව ලියා තිබෙනවා. ඒ වගේම ඒක නවකතාවක් තරමට රසවත් සිද්ධි දාම වලින් පිරිලා තිබෙනවා. 

ධනාත්මක චින්තනය, පෞරුෂත්වය, නායකත්වය කියන්නෙ අද කාලෙ හොඳට විකිනෙන දේවල්. පොත්, ක්ලාස්, ලෙක්චර්, වැඩසටහන් ආදී බොහෝ ක්‍රම හරහා මේ දේවල් විකිනෙනවා. නමුත් මේ කොයි තරං විකුනුවත් අද ජීවත්වෙන බොහෝ දෙනා ගාව මේ දේවල් පේන්න නැහැ. නායකත්වයට පත්වෙන අය ළඟ පවා නායකත්ව ලක්ෂණ නැහැ. සැබැවින්ම මැන්ඩෙලා ඔයා ගියාට ඔයා අපත් එක්ක ඉන්නවා කියන්න පුලුවන් කමක් අපේ සමාජයට නම් නැහැ. අපේ සමාජයේ අතිමහත් බහුතර නායකයින්ට කොම්පැනියෙන්, රජයෙන්,සංගම් වලින් දුන්න නම හැර සැබෑ නමක් නැහැ. සිංහලෙන් කිව්වොත් යුනික් අයිඩෙන්ටටි එකක් නැහැ. ඒ අනුව බලනකොට මැන්ඩෙලා අපේ සමාජයේ දැන් මැරිලා ගොඩක් කල්.

ඒ වගේ ඉඳලා මියගිහිපු මිනිහෙක් ගැන දරුවන්ට කියවන්න දෙන එක වටිනවා.ඒ වගේ මිනිස්සු ගැන කියවෙන සිනමා පටි වීඩියෝ වාර්ථා නරඹන්න අවස්ථාව දෙන එක වටිනවා. “සංවේදී නායකයෙක්“ කියන වෙළඳ නම අස්සෙ හැංගුන හූ කියන නරි රෑන් අතර නියම සංවේදී නායකත්වය කියන එක හොයාගන්න දරුවන්ට ඒ තුලින් හැකිවේවි. 

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...