Tuesday, December 10, 2013

පොලිසියට සැකකරුවන් සොයාදීම

“සැබෑ අපරාධකරුවන්ට දැන් සිදුකල යුතුව ඇත්තේ පොලීසිය වෙත සැකකරුවන් කිහිප දෙනෙක් සහ සාක්කිකරුවන් කිහිප දෙනෙක් යොමු කිරීම පමණි.“ මෙය මං තුමා විසින් ෆේස් බුක් නැමැති උතුම් තන්හී බෙදා ගන්නා ලද අදහසකි. 

තෝ වගේ මෝඩ මූසල මී හරකෙක්. අතිගරු....තුමාගේ යෝධ සංවර්ධන ..... වෙලාවෙ..රටේ අපරාධ නැතිකරන්න මේ ගෙනියන වැඩපිලිවෙල පවා තොපි දකින්නෙ වැරදියට. ඕකුං අවුරුදු ගන්න උසාවි ගෙනිහිං පස්සෙ නිදහස් වෙලා යනවට වඩා හොඳ නැද්ද එවෙලෙම සොට් එක දෙන එක. අනික එයාල මිනිමැරුව කියල සාක්කිත් තියෙනව කියල තිබුනෙ. ඒ මගේ මිතුරු තුමාලා බහුතරයකට ඇති සාධාරන පිළිතුරයැ.

සැකකරුවෙකු යනු අපරාධකාරයෙක්මද? 

සෑම පුද්ගලයෙක්ම බලයලත් අධිකරණයකින් වරදකරු කරන තෙක් නිවැරදිකරු යැයි පූර්වමාන කළ යුතුය.  ඒ අනුව කටයුතු කරමින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්ණ කිරීම කල යුතු වේ. වරදකරු යැයි ප්‍රකාශ කරන තෙක් සෑම පුද්ගලයෙකුම නිර්දෝෂී යැයි පූර්වමාන කළ යුතුය. පුද්ගලික නිදහස,අත් අඩංගුවට ගැනීමේ විශේෂ අවස්ථාවන් ඇති පදනමක් මත හැර පොලිසිය මගින් යමෙකු අත්අඩංගුවට ගැනීම නොකළ යුතුය. 
(ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව 15(5) ව්‍යවස්ථාව) 
රටක නීතිමය රාමුව ඇති වන්නේ ව්‍යවස්ථාව අනුවය. රටක ව්‍යවස්ථාව වූ කලී රට පාලනය කරන උත්තරීතර ලියමන වෙයි. එයට අනුව එහි සිටින සියලුම පුරවැසියෝ සිය රටේ ව්‍යවස්තාවට අනුකූල විය යුතුයැ. යමෙක් අධිකරණ ක්‍රියාදාමයකින් තොරව වරදකරු යැයි නම කිරීම මේ ව්‍යවස්ථාව අනුව වැරදිය. ඔවුන්ට අනියමින් හෝ දඩුවම් පැමණවීමත් ඒ අනුවමැ වැරදි වෙති. 

අදාල නැති පිංතූරයකි.
ඔය මැරෙන උන් හොඳ මිනිස්සු නෙමෙයි නේ. ඕකුන් හිටියොත් ඉතිං හැමදාම අපරාද කරාවි.ඕ හැත්ත හුරත් කර කර නඩු අහ අහ හිටියොත් කවදාවත් අපරාද නවත්වන්න ලැබෙන් නැහැ. 

මෙසේ කිව් පුද්ගලයාට මම දුන් උත්තරය වනුයේ ස්වීඩන් ස්විට්සර්ලන්තය වැනි රටවල මරණීය දණ්ඩනය යැයි නීතියක් නොමැත. එහි ඇත්තේ උපරිම අවුරුදු විස්සක සිර දඬුවමකි. අපිට වඩා ප්‍රමාණයෙන්ද ජනගහනයෙන්ද වැඩි රටවල් වුවද ඒ රටවල අපරාධ ප්‍රමාණය සීමිතය. එහි දැඩි දඩුවම් නැති වුවද ජනතාවට අපරාධවලින් වන හිරිහැර ප්‍රමාණය අඩුය. මෙය කියන විට පුද්ගලයා උපහාසයෙන් සිනාසී ඔයා ඔය ඩිවලොප් ඉයුරෝපියන් කන්ට්‍රි එක්ක අපේ ආසියානු රට සංසන්දනය කරන්න එපා යැයි කීවේය. 
නමුත් මේ බී බීසී වාර්ථාව අනුව අපට ආසන්න ආසියානු රටක වන සිංගප්පූරුවේ 2011 වසරටම ඝාතනය වී ඇත්තේ මිනිසුන් 16ක් පමණි.සිංගප්පූරුව ලෝකයේ අපරාධ අඩුම රටවල් කිහිපය අතර පෙරමුණේම සිටී.

 2012 වර්ශයේ සිංගප්පූරු රටේ කිසිදු දරුණු අපරාධයක් සිදු නොවී තිබුන දින 80ක් ගතවී ඇත. සිංගප්පූරුව යනු ලෝකයේ අසතුටුදායකම මිනිසුන්  සිටින රටකි. එනමුත් එහි දැඩි ලෙස දඩුවම් දීම හා නීතියෙන් පිට පැන කලින්ම දඩුවම් දීමේ වල් බූරු ක්‍රම රහිතවම විනයවත් පරිසරයක් එහි ඇතිව තිබේ. සිංගප්පූරුව යනු සූදු කෙළිය අතින්ද වඩාත් ජනප්‍රිය රටකි. සූදු කෙළියත්, සංචාරක කර්මාන්තයත්, විදෙස් භාන්ඩ හුවමාරුවත් ප්‍රධාන අංග වූ සිංගප්පූරුවට ලෝකයේ මුල් පුටුවකට එන්නට වාසනාව ලැබීමට අපරාධ පාලනය හේතු වාසනා වන්නට ඇත. සිංගප්පූරුවද අපි වැනිම මිනිසුන් වෙසෙන ආසියාතික රටක් වීමත් එහි අපරාධ සාපේක්ෂව අඩුවීමත් සමහර විට අපට එරෙහි දේශද්‍රෝහී අධිරාජවාදී කුමන්ත්‍රනයක් විය හැක.

අපරාධ පාලනය යනු සැකකරුවන් සැකකරුවන්ව සිටියදීම වඩාත් ඉක්මනින්ම අපායට යැවීම නොවේ. එසේ කිරීමෙන් අපරාධ මර්ධනය වීමක් සිද්ද වන්නේ නම් දැනටම ලංකාවේ ආයුධ පෙන්වන්නට ගොස් මියගිය අපරාධ කාරයින්ගේ ලැයිස්තුවත් ඔවුන් කරන ලදැයි සැකකරන අපරාධ සංඛ්‍යාවත් අනුව ලංකාව අපරාධ සංඛ්‍යාව අතින් එන්න එන්නම අඩු විය යුතුය. නමුත් සිදු වන්නේ අනෙකකි. දිනෙන් දින සිදුවන අපරාධ ප්‍රමාණය වැඩිවෙමින් පවතී. මේ අනුව සැකකරුවන් කලින්ම බෝම්බ පෙන්වන්නට ගොස් ඝාතනය වූවාය කියලා රටේ අපරාධ අඩු වීමක් නැති බව ඇස්පනාපිටම පේන්නට තිබේ. 

ඔබට උසස් පෙළ ටියුෂන් යන වයසේ සිටින දරුවෙකු සිටිනවායැයි සිතන්න. කිසියම් ගැටළුවක් නිසා පිරිසක් සමග ඔහු දබර කරගන්නට පෙළඹේ. එසේ කළහ කරන පිරිසේ එකෙක් සමග කළහයකට ගොස් ඔවුන් අවුල පාරේ විසදාගත නොහැකි බැවින් ආවරණයවූ පංති කාමරයකට යයි. එහිදී ඔබේ දරුවාත් දරුවා කළහය ඇති කරගත් මිතුරාත් කතාකරමින් එහි සිටී. එක් වරම අනපේක්ෂිත ලෙස ඔබ දරුවා සමග කළහ කර අනෙක් සිසුවාට, පිටතින් සැනෙන් පැමිණි අයෙක් පිහි පාරක් ඇනගෙන ගොස් තාප්පෙන් පැන අතුරුදන් වෙයි. එවිටම කෑ ගසන පහර කෑ මිතුරා නිසා අනෙක් යහලුවන් ඒ වටපිටාවට එයි. එහිදී දකින්නේ ඔබ දරුවා සහ අර පිහි ඇනුම කා වැටී සිටින අය පමණි. නියම අපරාධකරුවා පැන ගොසිනි. 

ඉන් පසුව ඔබ දරුවා පොලිසියට ගෙනගොස් පසුදා හිමිදිරි පාන්දරම අවි ආයුධ පෙන්වන්නට රැගෙන ගොස් ආයුධ වලින් පොලිසියට දමා ගැසීමට යෑම නිසා පොලිසිය වෙඩිතබා ඝාතනය වෙයි. එවිට අර පිහි ඇනුම් පහර කෑ සිසුවා මියගොස් සිටියොත් බොහෝ දෙනා එසේ ආයුධ පෙන්වීමට ගොස් මියයෑම සාධාරනී කරණය කරනු ලබයි. එසේම සමාරවිට පංතියේ සිටි මිතුරන් පවා ඔබේ ළමයාගේ මලගමට සහභාගී වන එකක් නැත. එවන් වටපිටාවකදී ඒ දෙමාපියන්ට කිසිවක් කරකියා ගන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. මගේ දරුවෙක්ට නම් කවදාවත් ඔහොම දෙයක් වෙන්නට ඉඩ තියන් නැතැයි වහසි බස් දෙඩුවත්, තමාට එවැන්නක් සිදු නොවන්නේ යැයි  ලැබෙන සහතිකයක් මේ සමාජයේ කිසිවෙකුටත් නැත. 

සැකකාරයා අපරාධකාරයා යැයි තීරණය කිරීමට සාක්කි ලෙස  සූක්ෂම ක්‍රම අද දින භාවිත වෙයි. ඩී ඇන් ඒ ක්‍රම, විෂේෂ පරීක්ෂණ. මරණ පරීක්ෂණ, විද්‍යාත්මක ගණනය කිරීම් තාක්ෂණික යෙදීම් ආදියෙන් අද නව ලෝකය සන්නද්ධ වී ඇත. හුදෙක් යමෙක් දැක්කේය ඇසුවේය යන සාක්කියකට වඩා ප්‍රබල වූ සාධක අද දින දියුනු ලෝකයේ අපරාධ පරීක්ෂණ වලට යොදා ගැනේ. ඒවා කිසිවකින් තොරව යමෙක් මිනිමරුවෙකු යැයි හංවඩු ගැසීමෙන් නොනැවතී ආයුධ පෙන්වීමට ගොස් අතුරුදන් වූ විට තවත් අපරාධකාරයෙක් ලෝකෙට නැති වූ වා යැයි සතුටුවන්නෝ නරුමයෝ මැ වෙති. අංගුලිමාල නම් වූ මහා පාපතරයා ඇඟිලි 999ක් අතැතිවද රජුගෙන් සමාව ලැබ බුදු සසුනේ පැවිදිව රහත් වූ බවක් වත්මන් මොඩ් අසපු මොඩල් බෞද්ධයන් වටහාගන්නට උත්සාහ කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය හිසට හිසක් අපරාධයට ප්‍රති අපරාධයක් පමණි. 

අප රට යටත් විජිත සමයේ ගෙනගිය ආර්ථික මොඩලය තව තවත් කුණු වෙමින් විටින් විට පැලැස්තර ඇලවෙමින් යනවා විනා නව ආර්ථික සමාජ රටාවන්ට අනුගත වන ආකාරයක් නොමැත. යටත් විජිත සමයේ සුද්දන්ට වෛර කළ අපේ රටේ ඇත්තෝ සුද්දනුත් උන්ගේ නීතිත් එපා යැයි කීවෝය. සුද්දන්ට වඩා අපෙ අය රජුට ඇලුම් කරන්නටද ඇත. සුද්දන් විසින් කෙතෙක් කලිසම් කමිස අන්දවා,එක ගෑනියෙක් කසාද බන්දවා, පාරවල් හදලා අපි ශිෂ්ඨයින් කරන්නට තැනුවාට අපි බහුතරය අවිඥානිකව තවමත් සිටින්නේ රාජ පාක්ෂිකවය. එම නිසා සුද්දන් විසින් එකී සමාජ වල ඇති වූ විපිලියාස විප්ලව මගින තනා ගත් නීති තවමත් අප සමාජ දේහය තුලට ජීර්ණය වී නැත. ඒ නීති පොත් වල නීති තවමත් අප බහුතරයකට අනුව කරදරකාරී නීති වේ. ට්‍රැෆික් පොලිස් කාරයා ඉර කපන විට දඩ ගැසීමේ සිට පොඩි කල හෝලායකට දවස් සති මාස ගනන් උසාවි යන්නට සිදු වන විට බොහෝ දෙනා බනින්නේ නීති ගෙනාපු සුද්දන්ටත් එක්කය. 

එවි ට අප හුදී බුද්ධිමත් ජනයා නීති, ආයතන, සමාජ පද්ධති මෙහෙයවීමේ බලයක් සහ වගකීමක් සිය ඡන්දයෙන් පත්වූ මන්ත්‍රින්ට ඇති බවක් නොසිතති. බඩු අඩු කිරීම,පඩි වැඩි කිරීම වැනි සිල්ලර ඉල්ලීම් හැර රටේ බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිසට වුව සමාජ දේහය පිළිසකර කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැත. (6%ක් වැඩිකරගත්තාම පඩියද දීමනාද වැඩිවන බව දන්නා නිසා එවන් වැඩිකරන කාරණා වලට බුද්ධිමතුන්ද වඩාත් සංවේදීය)

“නීති ගැන සඳහන් කිරීමේදී කිව යුත්තේ නීති මෙහි නැති බවය. රජුගේ අභිමතයම විනා අන් කිසිදු නීතියක් මෙහි නැත්තේය“ මෙය එදා රොබට් නොක්ස් නැමැති උඩරට රාජධානියේ විවෘත විදෙස් සිරකරුවෙකු  විසින් කියන ලද්දක් වේ. අද අපේ  රටට පැමිනෙන විදේශිකයෙක් වුව මෙහි සිදුවන දේ බලා මේ කියමන කිවහොත් එය අප විසින්  රටට එරෙහි සතුරු බලවේගවල කුමන්ත්‍රණයක් ලෙස සූක්ෂමව හඳුනා ගත යුතු කාලය එළඹ ඇත.

20 comments:

  1. වැදගත් පොස්ටුවක්... ගොඩක් දේවල් ඉගන ගත්තා. බොහොම ස්තුතියි..
    ලංකාවේ ගොඩක් දේවල් බුද්ධිමත් ලෙස සංශෝධනය විය යුතුයි කියලා මමත් හිතනවා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බුද්ධිමතුන් බහුතරයකගේ බලාපොරොත්තුව බුද්ධිමතුන්ට නිකං කත හැකි රටක්.

      Delete
  2. වරද කොතැනද මේවා නිවැරදි කරගන්න පටන් ගත යුත්තේ කොතනින්ද. මේ අපිම දවසකට මොන තරම් වරදවල් සංක්‍යාවක් කරනවද? ඒවාට අපි දඬුවම් ලබනවද? අප අනුන්ට ඇගිල්ල දික්කරනවා අරූ වැරදි කරනවා කියා. ඒත් එ වරදම අපද නොකඩවා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කතා කරන්නෙ පාරෙ අනික් පැත්තෙන් යෑම කහ ඉරින් පාර මාරු නොවීම, වැඩිපුර ඕවර් ටයිම් කිරීම වගේ සිද්දි. නමුත් මා මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ තරම් බොලඳ තැනක් නෙමෙයි.
      මිනිහෙක් නොකළ වරදක් නිසා මරණයට පත්වන්නට සිදු වෙනවා කියන්නෙ ඔය එදිනෙදා ජීවිතේ සිද්ද වෙන බස් එකේ ජැක් ගැසීම, පාරෙයන බල්ලොන්ට ගල් ගැසීම වගේ සරල කාරණාවක් නෙමෙයි.

      Delete
    2. ඔබ කතා කළ දේ නොවැටහුණා නොවේ. ඒත් සමස්තයම වැරදිකරන කල එය නිවැරදි කිරිම පටන්ගත යුත්තේ සරලම තැනින් බවයි මගේ හැඟීම. වරද නම් එය සරලද නැද්ද නොව වරදකි එතැනින් පටන් ගත යුතුයි.

      Delete
  3. ඔය කියන පොලීසියට යුක්තිය විසඳන්ඩ දෙන්ඩ ඕනෙනං උසාවි ටික වහලා දාලා නීති සම්පාදන ආයතනය වෙන පාර්ලිමේන්තුවත් වහලා දාලා සෑහෙන මුදලක් ඉතුරු කරගන්ඩ නං තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර දේවල් වල අවසාන ප්‍රථිපල දිහා බැලුවාම හිතෙනවා මේ වගේ ආයතන තිබෙන එක අපිට පාඩුවක් කියලා.

      Delete
  4. මෙන්න අපේ වැඩපිළිවෙල.

    අපට නොව වෙන උන්ට කෙල වුනාට් අපට ජමක් නැත.

    විශේෂයෙන්ම උං අප්ට්ස් වඩා හාතියෙන්, ආගමෙන්, කුලයෙන්. සමාජ තත්වයෙන් වෙනස් නම් සියුම් සතුටක් හෝ ඇතිවේ.

    උං පිරිස සමග අපේ තරහක්, කෝන්තරයක්, උං ගැන බියක් ඇතිනම් උංට ජෙලවෙන කොට එය සාධාරණීකරනය කරන්නට හේතු ද අපි සොයමු.

    මොරටුවේ නිකාබ් තහනමේදී ද අප ප්‍රදර්ශනය ජරමින් සිටින්නේ එයයි.

    ReplyDelete
    Replies
    1. කොළඹ සිටින කාන්තා සංවිධාන වල ලිපියක් මා පසුගිය දවස්වල දැක්කා. ඔවුන් කියලා තිබුනා සිරි මහ බෝදය අසලට කාන්තාවන්ට යන්ට නොදීම, දලදා වහන්සේ ලගට යන්න නොදීම කාන්තාවන්ට පහත් කොට සැලකීමක්ය කියලා. තර්කානුකූලව ගත්තොත් ඔ්‍ය සිරිමා බෝදිය සහ දන්ත ධාතුව ලංකාවට ගෙන එන්නෙ කාන්තාවො ඒ නිසා නිවැරදි දේ තමයි කාන්තාවන්ට මුල් තැන ලැබෙන්න ඕින කියන එක.

      තර්කානුකූලවත් ගැලරිය පිනවීම පිණිසත්... රාජ්‍ය නොවන සංවිධානයන්හි පැවැත්ම පිණිසත් ඒ කාරණා හොඳයි. නමුත් අද රටේ කාන්තාව මුහුන දීල තියෙන මහා පස්න එක්ක බැලුවාම අර කියපු මාලිගා, බෝධි ගාවට යන්න නොදෙන පස්නෙ ඉතාම සුලු එකක්. නමුත් වරදක් කියන්න බැහැ. මොකද කොළඹ ඉන්න සුපිරි විදියට කන බොන ගෑනුන්ට තියෙන ලොකුම පස්නෙ තමයි සිරි මහ බෝධිය ගාවටයි, දලදා මාලිගාව ගාවටයි ලගටම ගිහිල්ල වැදගන්න බැරි එක..

      ඒ වගේ ඔබතුමාටත් දැන් පේන ලොකුම ගැටලුවක් තමයි ඔය කියන මොරා කැම්පස් කේස් එක. නමුත් ආගමික අතින් වෙනස් කොට සැලකීම කියන තැන ඉඳන් බැලුවත්...පිරිසක් හිතාමතාම වෙන්කර සැලකීම බැලුවත් ඔය කියන ඉතාම බොලඳ මොරටු කැම්පස් උදාහරණයට වඩා ඉතාම විශාල උදාහරණ ලංකාවේ එමට තිබෙනවා. නමුත් ඔබට වරදක් කියන්න බැහැ. මොකද අර කොළඹ කාන්තාවන්ට බෝදිය අතගාන්න ලැබුනෙ නැති ගැටලුව වගේ ඔබේ මට්ටමේදී තියෙන අලිම ගැටලුව තමයි නිකාබ් එක දාගෙන කැම්පස් එක ඇතුලට යන්න නොලැබුන එක..

      Delete
  5. MONAWADA ME APABRANSA. DANNE NATHNAM GONA WAGE HITU

    ReplyDelete
    Replies
    1. ගොනා වාගේ සිටියාම දන්නේ නැති බවද දැනගන්නට නොහැකි වෙනවා නෙව..

      Delete
  6. මිනිසුන්ට ඔකේ භයානක කම තේරෙන්න තමන්ටම වෙන්න ඕන, ඔය විදියට ම තමයි 88-89 කලේ සමහර උන් තමන්ගේ පෞද්ගලික තරහකරයන්ගේ නම් ගම දුන්නේ, JVP කොල්ලෝ කෙල්ලෝ මැරෙන අතරේ ගොඩක් පෞද්ගලික තරහ පිරි මහපු මිනි මැරුම් උන, ඒවා මිනිසුන්ට මතක නැ, ප්‍රා කළු බළල්ලු කහ බළල්ලු එක එක නම් වලින් එක එක සංවිධාන එලියට අව මෙඅවත් එක්ක. මේ දැන් වෙන දේත් කෙලවර වෙන්නේ එහෙම තමයි, මොකද නඩුවක් අහන්නේ නෑනේ. තමන්ගේ හිත මිතුරෙක්ට උනාම තමයි තේරෙන්නේ මේකේ බරපතල කම. එතකොට ඉතින් වැඩක් නැ. අදටත් මිනිසුන්ගේ ඔලුවේ තියෙන්නේ අපි දේශප්‍රේමී නම් ඕන එකෙක්ට ගහන්න පුළුවන් මරන්න පුළුවන් කියන අකල්පේ, යුද්දේ පස්සේ දේශප්‍රේමය උඩ දැමීමේ ආනිසංස වැඩිකල් නොගොස් තේරේවි

    ReplyDelete
    Replies
    1. ඕනෑම ජන රාශියක් පාලනය කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පොදු සතුරකු නිර්මාණය කොටගැන්ම. එල් ටී ටී එක නැති වුනාට පස්සෙ අපේ පොදු සතුරා නැතිවුනා. නමුත් අපේ දේශප්‍රේමය තාමත් තිබෙනවා. ඒ දේශප්‍රේමය තවත් ටික කලකින් මුස්ලිම් අයට පහරදෙන්නටද බැරි කමක් නැහැ.. නමුත් මේ වගේ මොරාල් එක අප් කිරීමේන විතරක් ම පාලනය වුන රටවල් බොහොමයක් අදත් ලෝකයෙන් කොන් වෙලා තිබෙනවා.. ඒ තත්වය ඉදිරියේදී අපිටත් ලැබේවි.

      Delete
  7. පොලිස්බල්ලො නිතිය අතට ඇරගන අපරාදකාරයෝ මරනකොට ගොං හැත්තට හරි චූන් . එය විදිහට ගෙදර එකෙක් අල්ලගන ගිහින් මරලා දැම්ම දවසට තමා පුක මූට්ටු වෙන්නේ , යකුනේ තොපි දැක්කේ නැද්ද අර බියගම හෝටල් කාරයා මරපු කේස් එකට අහිංසකයෙක් අලි්ලගෙන ගලිහින් මා තුනක් තියාගන ඇට තැලු වා උසාවියටත් ත් නොකර , අර මොරටුවේ කොල්ලො දෙන්නෙක් මැරුවා නිව්ටන් කාරයගේ වේසාගැනිට ටොක් කරා කියලා , , උස්සගන ගිහින් මරලා දානකං උඩ පැන පැන පොලිසියටයි මරාටයි පුක දීපියව්

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන එක දෙයක් තමයි ජනතාවට නිසි තොරතුරු ගලා නොයෑම. ශක්තිමත් විපක්ෂයක් ඇති නොවීම මත ප්‍රබල විවේචන මාධ්‍ය හරහා එළිදැක්වෙන්නෙ නැහැ. ඔබ ඔය කියන ඇට තලන කතා අන්තර්ජාලයේ තැන් තැන්වල පළ වුනත් සමාජයේ අති බහුතර මහජනයාට ගලා යන්නේ ආන්ඩුව කැමති ප්‍රවත් පමණයි.

      Delete
  8. මෙරටෙ නිතිය ක්‍රියාත්මක නොවිමට තනිකරම වගකිව යුත්තෙ පොලිසිය.මුන්ට ඔන නම් ඔනම එකක් හොයාගන්නව ඔන නැත්තම් වහල දානව.එවට ඔන තරම් උදාහරන තියෙනව.අගුලානෙ අහින්සක කොල්ලො දෙන්නෙක් මැරුනෙ ඔය විදියට නිතිය උන්ගෙ අතට දිපු නිසා.මෙ රටෙ නිතියෙ රැකවරනය සාමන්ය මිනිස්සුන්ට නැ.තියෙන්නෙ බලය තියෙන එවුන්ට විතරයි.මාතරදි අපෙ බෙබිගෙ වාහනෙක තුන්සකයක් හැපුන.ඩ්‍රඉවර් පැහැදිලිව කියනව මොකක්ද උනෙ කියල.එත් පොලිස් කට උත්තරෙ තියෙන්නෙ එලියක් එක්ක සද්දයක් ආව.ඉට පස්සෙ මට මතක නැ කියල.

    ReplyDelete
    Replies
    1. ස්වාධීන පොලිස් කොමිසම. ඒක යටගියා නිකං ගැරඩියා දැකපු බූමිතෙල් වගේ. නමුත් අපිට ඒකටත් හරියන්න ස්වාධීන රූපවාහිනිය තිබෙනවා. දැන් සමහර මහජනතාව විකට වැඩසටහන් නැරඹීම නවත්වල ස්වාධීන රූපවාහිනිය නරඹමින් සිටිනවා.

      Delete
  9. දැන් කාලේ පොලීසිය වැඩ කරන්නේ ඒ ඒ කේස් එකේ හැටියටනේ.. හරි ක්‍රමයක් ඇත්තෙම නෑ.. ඕවා ගැන ඉතින් කියලා වැඩක් නෑ..

    ReplyDelete
  10. (අදාල නැති COMMENT 1K)

    අපේ ගමන යන්නේ නැද්ද බන්??
    CALL ME

    ReplyDelete
    Replies
    1. බැහැ බං මේ වීකන්ඩ එකේ ගෙදර යනවා

      Delete