Tuesday, December 31, 2013

යකා වැවට අපේ දෑත

අපේ කන්තෝරුවෙ කන්ඩායමක් එක්ක එකතුවෙලා පහුගිය දවසක අපි යකා වැව කියන නැසීගිය මායිම් ගම්මානයට ගියා. ගිහින් ඒ ගමේ තියෙන ප්‍රාථමික පාසැලට තෑගි ගොඩක් දීල පොඩි ළමයින්ගේ සිත් සතුටු කරලා ආවා. ඒ ගමන අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න අවස්ථාවක් වුනා. පොත් ගෙනියපු හැටි දීපු හැටි, පොත් පැක් කරපු හැටි අපි ගිහින් බිල්ඩින් වල තීන්ත ගාපු හැටි ආදිය ගැන ඉතිං විස්තර කොරාන්ඩ දෙයක් අමුතුවෙන් නැහැ. අපි වගේ තෑගි දෙන වෙනත් අය දුර කතර ගෙවාගෙන කටු කාගෙන ගිහින් දුෂ්කර පාසැල් හොයාගෙන ගිහින් තෑගි දෙන්නෙ යම් සේද අපිත් ඒ ලෙසටම ඒ වැඩේ කලා. 
ඒ වගේම නෑයෙක් ඒ ගමට ගියාම සලකන්නෙ යම් සේද ඒ ආකාරයෙන්ම අපිට කෑම බීම ආදියෙන් ගම්මු සංග්‍රහ කලා. 
 යකාවැව පාසැලේ විදුහල්පතිතුමා පාසැලේ තිබෙන විසාල ඉඩමෙන් කොටසක් කුරහන් වගාවකට බදු දීල. බද්ද කන්නෙටම රුපියල් තිස්දාහක් විතර. ඒ සල්ලි වලින් ස්කෝලෙ ලයිට් බිල් ආදිය ගෙවලා ඉස්කෝලෙට යමක් කරන අදහසක් තියෙනව කියල එතුමා කිව්වා. වෙනත් කන්ඩායමක් මේ ළඟදි ලොකු ආධාරයක් පාසැලට කරලා තිබුනා. ඒ සල්ලි වලින් විදුහල්පතිතුමා පාසැල වටේට වැටක් ඉදිකරලා අලුත් පරිඝනක විද්‍යාගාරයක් ඉදිකරගෙන යනවා.

මේ තියෙන්නෙ ඉරිඟු සහ කුරහන් වගාවක්.මේ ඉරිඟු කුරහන් වගාවල් වලට තෙල් පෝර ගහන්නෙ නැතුව හදනවා කියල බොහොම දෙනා හිතනවා. නමුත් මේ ඉරිඟු වලට මුල් කාලෙදිම තෙල් ගහන්න ඕනය කියලා මම කතාකරපු ගොයි මහත්තයෙක් කිව්වා. මේ යකාවැව ආදී කැබිතිගොල්ලෑව කියන කුඩා නගරයට ආසන්න බොහෝ ගම්මාන වලට ස්ථිර වාරිමාර්ග පද්ධතියක් නැහැ. හුදකලා වුන වැව් කිහිපයක් තිබෙනවා. ඒ නිසා මේ අයට වගා කරන්න වෙන්නෙ අහස් දියෙන්. මහවැලි ව්‍යාපාරයේ බොහොමයක් වැව් අමුණු වලට වතුර හිග කාලෙදි වතුර කඩ අරන් එන්න පුලුවන් ඇලවල් වැව් අමුනු ආදී පද්ධතියක් තිබෙනවා. නමුත් මේ කැබිතිගොල්ලෑව ආසන්න ගම්මාන බොහොමයකට ඒ වගේ පහසුකමක් නැහැ. ඒ නිසා ගොවිතැන කියන්නෙ වාසනාව උරගා බලන ලොතරයි ඇදීමක් වගේ. මහන්සි වෙල මහන්සි වෙල හරියට වැහි වැටුනෙ නැති වුනොත් ඉවරයි. අහස් දියෙන් කරන වගා ගැන ලොකු විශ්වාසයක් තියන්න බැහැ.

මෙන්න මේ අලපත්වැව කියන පාසැලටත් අපි තෑගි අරං ගියා. ඒකෙදි මටත් තෑගිදෙන්න අවස්ථාව ලැබුනා. මේ උත්සවය තිබුනෙ එළිමහනේ. අපි උදෙන් එනවා කියල කිව්ව නිසා ඒ විදුහල්පති තුමා උත්සවය එළියේ සංවිධානය කරන්න ඇති. මේ පාසැලේ මම තෑගි දෙන්න නියම වුන පලවෙනි දරුවා ඇවිත් හිටියෙ නැහැ. ඒ දරුවාගේ පියා ඇවිල්ලා අපි දුන්න තෑගි පාර්සලය අරං ගියා. මේ පාසැලේ දරුවො අපි තෑගි දෙන හැම වතාවෙම දන බිම තියලා අපිට වැන්දා. වැලි පොලවෙ දරුවො දණ ගහන එක දරුවන්ටවත් දෙමාපියන්ටවත් ගැටලුවක් නොවුනට අපිට ඒක පොඩි ගැටලුවක් වුනා. මොකද ඒ දරුවන්ට දඩුවමක් වගේ සිද්ධියක් නේ ඒක. මම ගිහින් විදුහල්පති තුමාට ඒ ගැන කිව්වාෙ. වැඩක් නැහැ. සමාර ළමයි ඔලුව අතගානකල් නැගිටින්නෙත් නැහැ කියල එතුමා කිව්වා. 
ඉන් පස්සෙ අපි දනගහන්න අවශ්‍ය නෑ කියල පොඩියට දැන්වීමක් කරත් දරුවො පුරුද්දට වගේ වඳින්න ගත්ත නිසා අපි පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් දාලා දණහිස් බිම වදින්නෙ නැතිවෙන්න ට්‍රික් එකක් දැම්මා. 
මේ ඉන්නෙ තැගි ගනිපු දරුවො කිහිප දෙනෙක්. මේ පාසැලේ තියෙන්නෙ එකම එක ගොඩනැගිල්ලයි. ඒක ළමයින්ට මදි කියලා ඒකෙ විදුහල්පති තුමා තාවකාලික මඩුවක් වගේ එකක් ගියවසරේ යනකොට ඉදරිකරගෙන තිබුනාලු. ඒක දැකපු ගියවසරේ ගිය කන්ඩායමේ අපේ අය අතර හිටපු දානපති මහතෙක් අලුත් මාදිලියේ අඩු මිල ක්‍රමයකට ගොඩනැගිල්ලක් තනා දෙන්න උත්සාහයක් අරං තිබෙනවා. නමුත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කළාප අධ්‍යාපන කාර්යාලයෙන් අදාල අනුමැතිය විදුහල්පති තුමාට ලැබිල නැහැ. විදුහල්පති තුමා ඒ ගැන කිව්වෙ එතුමා ගිහින් ඒ ක්‍රමයට හදපු ගෙවල් සහ ආන්ඩුවෙ කන්තෝරු ගැන අධ්‍යාපන කාර්යාලයේ ඇත්තන්  දැනුවත් කලාලු. නමුත් අවසානෙ අනුමැතිය නැති නිසා අර දානපති අයත් පස්ස ගහන්න ඇති. වැඩේ කොට උඩ. නන්දා මාලනී මහත්මිය ගේ සිංදුවක් තිබෙනවා පූජාසනයේ ඔබ හිඳුවා ඔබම පුදන ඒ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ... මේ පාසැල් දරුවන් වෙනුයෙන් විදුහල්පති තුමාට ඉහලින් ඉන්නෙ කලාප අධ්‍යාපන කාර්යාලය. නිල වශයෙන් කලාපෙ සියලුම පාසැල් ගරුකරන කලාප අධ්‍යාපන කාර්යාලයම දරුවන්ට අලුත් ගොඩනැගිල්ලක් හදාගන්න කාරණාවට විරුද්ධ වෙලා තියෙනවා. 

 අපි පාසැලට එන විට දරුවො කිහිප දෙනෙක් බුලත් අතක් අරගෙන ඉස්සරහට ආවා. අර තට්ට හිසක් තිබෙන මහත්මයා තමයි විදුහලේ විදුහල් පති තුමා. මං කලින් කියන්න ආපු කාරණාව තමයි අර ළමයා නොපැමිණි නිසා පියා මගෙන් තෑග්ග ලබාගත්තා කියන කාරණාව. මම පස්සෙ ගිහින් පියා එක්කල ටිකක් කතා කලා. එතුමා කිව්වා. රෑට පැලට යන්න කොල්ලත් ආවලු.තාත්තයි පුතයි පැලට ගිහින් එනකොට ටිකක් දවල්වෙලා.උදේ ගෙදර ආහම කොල්ලට උන ගතිය වගේ තිබුනලු. උදෙන්ම එන්න කියල තිබුන නිසාත් කොල්ල උණුවතුරෙන් නාවල ලෑස්ති කරගන්න වෙලාව යන නිසාත් දවල් වෙල ආවොත් කරදර වෙයි කියලා ඒ ළමයා ඇවිත් තිබුනෙ නැහැ.
මේ ඇලපත්වැව කියන ගමේ හේන් වලට නම් අලිත් එනවය කියල තමයි කතාකරපු අය කිව්වෙ. මුලු මාසයක් හේනේ පැලේ ඉදලා එක දවසක් අලි දෙන්නෙක් හේනට පැන්නාම ඇති ඉතිං ඔක්කොම විනාස කරගෙන යන්න.
මේ පිංතූරෙ තියෙන්නෙ අපි වෙනුවෙන් එක පාසැලක හදල තිබුන සුළු සංග්‍රහය.කුරහන් පිට්ටු, කුරක්කන් හැලප, කිරිබත් මුං කැවුම් ආදිය අපිට කන්න ිතබුනා.. තව  ඉඳිආප්ප කෙසෙල්ගෙඩි ආදියත් තිබුනා. අපි ගිය විද්‍යාල පහේම මේ වගේ සුළු සංග්‍රහ තිබුනා. මං නම් විද්‍යාල පහෙන්ම කිරිබත් කෑවා. මොකද කිරිබත් කෑම කියන්නෙ අපේ චාරිත්‍රයක්. අපි එක්කෙනක් වත් කිරිබත් වලට අතවත් නොතිය ආවනං ඒ ගම්වල අය අපිගැන වැරදියට හිතාවි කියලා මම කිරිබත් කෑල්ල බැගින් හෝ කන්න වගබලා ගත්තා. 
මේ කැබිතිගොල්ලෑව අද්‍යාපන කොට්ඨාශයටම තිබෙන කුඩාම පාසැලක් වන විහාරහල්මිල්ලෑව පාසැලේ ලමයි අපි එනකල් බලාගෙන හිටපු හැටි. . මේකෙ එකේ සිට පහවසර දක්වාම ඉන්නෙ ළමයි දහයක් පාලවක් අතර ගානක්. මේ පාසැලේ විදුහල්පති තුමා පත්වෙල ඇවිල්ල තියෙන්නෙ මේ අවුරුද්දෙ මුලදි. එතුමා එනකොට පාසැලේ එවක හිටපු ළමයි පස් දෙනාගේ දෙමාපියන් එක හඩින් එකම ඉල්ලීමක් කලාලු. ඒ තමයි වෙනත් පාසැලකට ඇතුලත් වෙන්න දරුවන්ගේ අස්වීම් සහතිකේ ලබා දෙන්න කියන එක. නමුත් විදුහල්පතිතුමා අවුරුද්දක් දෙමාපියන්ගෙන් ඉල්ලලා අදවෙනකොට එතුමාට සහ ගුරුමන්ඩලයට ළමයි සංඛ්‍යාව වගේම විදුහලේ තත්වයත් තරමක් දුරට දියුණු කරගන්න හැකියාව ලැබිල තිබෙනවා. 
මේ පිංතූරෙ ඉන්නෙ මේ පාසැලේ හිටපු දරුවො ටිකඅපි දීපු තෑගි ටිකත් එක්ක. මේ පින්තූරෙ මැදින් ඉන්නෙ විදුහල් පති තුමා. මේ පින්තූරෙ පොඩි හාස්‍යජනක ගතියක් මට පේනවා. පිංතූරෙ ගතපු මමත් එක්ක බැලුවාම මේ පින්තූරෙ තෑගි ලබාගතපු ලමයි ගානයි තෑගි දෙන්න ගිහිපු අපි කිහිප දෙනයි ගනනින් සමානයි. ඒ කිව්වෙ තෑගි ගතපු ළමයි දොලහයි. තෑගි දෙන්න ගියපු අය දොලහයි. අපි කස්ටිය වාහන තුනකින් ගියේ. කෝමවුනත් අපි කැබිතිගොල්ලෑවෙ පාසැල් පහකට තෑගි දුන්නා. ළමයි ඔක්කොම දෙසීයකට විතර තෑගි ලැබුනා කියල මම හිතනවා. මේ පාසැලේ විදුහල් පතිතුමා බොහොම කෙටි වුනත් බොහොම සංවේදී කතාවක් කලා. 
කැබිතිගොල්ලෑව අවට අපි තෑගි දීපු හැම ගමක්ම ත්‍රස්ථවාදී තර්ජන වලට දැඩිව මුහුන දීපු ගම්. මේ තියෙන්නෙ ඒ හමුදා කෑම්ප් එකකින් ඉතිරිවෙච්චි මතක සටහන් කිහිපයක්. මේ ඇවිල්ල ජිම්නාස්ටික් කරන්න කෑම්ප් එකකට  තෑගි ලැබුන කට්ටල දෙකක්. යකාවැව කියන පාසැල් සීමාවෙම සැඟවෙන්න බංකර් වගේම හමුදා පොලිස් කඳවුරු තිබිල තියෙනවා. අර විහාරහල්මිල්ලෑව විදුහලේ විදුහල්පති තුමා උසස් පෙළ හදාරන අවධිය කොටි කලබල සැරට තිබුන කාලයක්ලු. කොටි කලබල නිසා ගොඩක්ම අසරණ වෙලා තිබුනාලු එතුමාගේ පවුල. ඒ කාලෙදි කැබිතිගොල්ලෑව පාසැලට කොළඹින් පැමිණි පිරිසක් මේ සිසුවා එක්ක කතා බහ කරල තියෙනවා. එතනදි කතාකල මහත්වරු විෂයානුබද්ධ පොත්පත් සියල්ලම කිසිදු කරදරයකින් තොරව අර කොළඹින් ආපු අය ලැබෙන්න සැලැස්සුවාය කියල විදුහල් පති තුමා කිව්වා. එතුමාගේ ජීවිතයේ ඒ සිද්ධිය එක්තරා සංදිස්ථානයක් කියල ඔහු කිව්වා. ඒ පුද්ගලයාම අද පොතින් එලියට බැහැල ලෝකෙත් එක්ක ගැටෙන දුයිෂෙන් කෙනෙක් වෙලා තියෙනවා. 

ගුරු ගීතය කටපාඩම් තියෙන බොහෝ දෙනා දන්නෙ නැතිව ඇති රුසියාවට ගොඩක් මෙහායින් ලංකාව කියන රටේ ඉතාම සුළු වැටුපකට දුෂ්කර පාසැල් වල උගන්වන ගුරුවරු ගොඩාරියක් ඉන්නවාය කියලා. ඒ දුෂ්කර පාසැල් වල ඉන්න දරුවන්ට තමුන්ගේ උපරිම ශක්තියෙන් සේවය කරන ගුරුමහත්වරු කියන්නෙ පැතලි පිටුවක මුද්‍රනය වුන චරිතයක් වගේ ලේසි පාසු චරිතයක් නෙමෙයි. ඊට වඩා එහා ගිය සමාජ ගැටීම් ගනනාවකට ඔවුන්ට මුහුන දෙන්න සිද්ද වෙනවා. 

22 comments:

  1. යුද්ද කාලේදී මේ ප්‍රදේශවල මිනිස්සු අපේ හමුදාවත් එක්ක නොසැලී කරට කර හිටියා. ග්‍රාමාරක්ෂක සේවය සඳහා කැපවුණා. මේ මිනිස්සුන්ට තවමත් කිසිම සාර්ථක පුනරුත්ථාපන වැඩසටහන් නැහැ. මහ එකාට මෙව්වා පේන්නේ නැහැනේ. කැබිතිගොල්ලෑව පැත්තේ නයිට් රේස් තියන්න බැරිද දන්නේ නෑ අලි පන්නන්න.

    ReplyDelete
  2. දෑත දිය යුතු, උපකාර ලැබිය යුතු අපේම සහෝදර මිනිසුන් ඔබ වැන්නවුන් දෙස දෑස් අයා බලා සිටී. හැකි පමණ, අපි අපේ සහෝදර දෑත දිගු කරමු.

    ---------------

    ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  3. //ගුරු ගීතය කටපාඩම් තියෙන බොහෝ දෙනා දන්නෙ නැතිව ඇති රුසියාවට ගොඩක් මෙහායින් ලංකාව කියන රටේ ඉතාම සුළු වැටුපකට දුෂ්කර පාසැල් වල උගන්වන ගුරුවරු ගොඩාරියක් ඉන්නවාය කියලා. ඒ දුෂ්කර පාසැල් වල ඉන්න දරුවන්ට තමුන්ගේ උපරිම ශක්තියෙන් සේවය කරන ගුරුමහත්වරු කියන්නෙ පැතලි පිටුවක මුද්‍රනය වුන චරිතයක් වගේ ලේසි පාසු චරිතයක් නෙමෙයි. ඊට වඩා එහා ගිය සමාජ ගැටීම් ගනනාවකට ඔවුන්ට මුහුන දෙන්න සිද්ද වෙනවා.//

    අපි තේරුම් ගත යුතු යථාර්තය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒකනම් ඇත්ත

      Delete
  4. ගොඩක් හොද වැඩක් අමිල .. ඒ අය ගොඩක් සතුටු වෙන්න ඇති ,

    ලබන්නාවූ අලුත් අවුරුද්ද වසන්නාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාටත් පවුලේ හැමෝටමත්

    ReplyDelete
  5. නියම වැඩක් අමිල සොහෝ...

    සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
  6. ඔන්න අලුත අවුරුද්දකට අරන් යන්න වටින කියන දේවල්
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  7. හුඟක් අගය කරන වැඩක් අමිල අයියේ.. අවුරුද්දක් ගෙවෙන වෙලාවේ හිතලා සතුටු වෙන්න පුළුවන් දේවල් මේවා..

    සුහ නව වසරක් වේවා..

    ReplyDelete
  8. ලිපිය දැක්ක හැටියේ හිතුණේ අනේ මටත් යන්ට තිබුණානම් කියලා. කරලා තියෙන්නේ ගොඩක් වටිනා වැඩක්.

    අමිලට මේ වගේ තවත් වැඩ ගොඩක් කරන්ට ඉදිරි අවුරුද්දෙත් හැකිවේවා කියලා ප්‍රාර්තනා කරනවා...

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  9. සුභ 2014ක් වේවා!

    ReplyDelete
  10. පරණ අවුරුද්දෙ අගේ ඇති වැඩක්.

    2014 සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  11. අර විදහගල්පති ගේ නං හොඳ වැදගත් පෙනුමක් තියෙනවා.

    ළමයි දන ගහන එකට විසඳුම තමයි තැගි ළමයින් ලඟට ගිහිල්ලා දෙන එක!

    ReplyDelete
    Replies
    1. මෙහෙම කලාට ඒක විසදුමක් වෙන්නේ නෑ. වැඳීම පුරුදු කරන එක සමාජයෙන් අයින් කරනකම්. මම ඕනේ තරම් ලොකු මිනිස්සුන්ගෙන් බැනුම් අහලා තියෙනවා වඳින්න එපා කියලා ළමයින්ට කියලා. ඒවා කල්චර් එකත් එක්ක පැවතෙන්න ඕන දේවල් ලු. අපිට කවුරුහරි වඳින එක නොගැලපෙනවා කියලා හිතුනාට අපේ රටේ සංස්කෘතියට එහෙම නෑ කියලා මම හිතන්නේ.

      Delete
  12. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
  13. නියම වැඩක් !
    සුබ නව වසරක් වේවා චත්තෝ !

    ReplyDelete
  14. මචන් උබල ඔය කරපු වැඩේනම් එල කිරි....

    යාලුවා මමත් කැබිතිගොල්ලෑවෙ ගියා ලගදි... මේක බලන්න....

    http://jeevithayasundharai.blogspot.com/2013/12/blog-post_24.html#.UsTgcOXQUVM

    ReplyDelete
  15. ආසාවෙන්ම බැලුවේ කුරක්කන් වගාවේ මල් පිපිලා තියෙන හැටි.
    මේ ගම්වල රජයෙ පාසල් වලට රජයෙන් උදව් ලැබෙන්නේත් නැතිද? නැත්නම් අර නාගරික පාසල් වල වගේ දෙමව්පියන්ගේ සල්ලි එකතු කරලාද පාසලේ ගොඩනැගිලි හා හැමදෙයක්ම කරන්නේ?

    ReplyDelete
    Replies
    1. රජයෙන් උදව් පදව් කරනවා. නමුත් මේ පලාතෙ ඉන්න මිනිස්සුන්ගේ ආදායම අඩුයි. ඒ නිසා ළමයින්ට සපත්තු පොත් පත් පවා අරන් දෙන්න විදියක් නැතිවෙල තියෙනවා. මෙතනදි දෙමාපියන්ගේ පැත්තේ වැරදි ඇති. නමුත් දරුවන්ගෙ පැත්තෙන් හිතුවොත් ඔවුන් අසරණයි.

      Delete
  16. කෝ බං උඹ මේකේ අනිත් කතා ටික ලියලා නැහැනේ...
    මටනං හොඳම සහ වැදගත්ම උනේ ඒ ටික...
    කොළඹින් ගෙනියන දේවල් වැඳලා බාරගනීවි කියන,
    කොළඹ මානසිකත්වය ගැන ඒ මිනිස්සුන්ගේ තියෙන ආකල්පයගැන,
    උඹ ලියයි කියලා මම පෞද්ගලිකව බලාපොරොත්තු උනා.
    ඒවත් ලියහං...
    මේක නිකං චාරිකා සටහනක්...
    මේකට වඩා මාර විදියට වටිනවා අර වගේ දෙයක් ලිව්වනං...
    මෙහෙම කෙළිංම ලිව්වොත් මොනාහරි අවුලක් යාවි කියලා හිතෙනවනං,
    උඹේ කෑලි 5හේ කෙටිකතාවකින්වත් ලියහං...

    ජයවේවා!!!



    ReplyDelete
    Replies
    1. රනා මෙතනදි මිනිස්සු දුප්පත්, ඔවුන්ට අපිට වඩා භෞතික විපත් ගොඩකට මුහුන දෙන්න සිද්දවුනා සහ වෙලා තියෙනවා. නමුත් එතනින් අපිට කෙලින්ම නිගමනය කරන්න හැකියාවක් නැහැ මොන මිනිස්සුද වඩාත් සාර්ථක කියලා. මොන අවුල තිබුනත් ඒ මිනිස්සු හරිම සැහැල්ලුයි කියල මට හිතුන.

      ගම්වල ජීවත්වෙලා ඉන්න අමුතු මිනිස්සු ආශ්චර්ය මිනිස්සු ඒ ගම්වලටම නාකිවෙලා මැරිල යනවා. හොඳ කතාන්දර කාරයො, දාර්ශනික පොරවල්, ආගම් ගැන අදහස් තියෙන මිනිස්සු, අලුත් අදහස් තියෙන අය, අලුත් විදියෙ බාස්ලා..අදහස් සහ කරපු නිර්මාණ කීපයක් විතරක් ඉතිරි කරලා මියැදෙනවා..

      අපි ගමේ කොල්ලා ශිෂ්‍යත්වෙ පාස්වෙලා රෝයල් එකට ගිහින් ගමට ඉටු දෙයියෙක් වගේ බහිනකල් බලාගෙන ඉන්නවා. රෝයල් කොලේජ් පහ වසරෙදි යන එකා ආයිත් ඒ ගමේ වැසියෙක් නෙමෙයි. ඒ යකාගේ ගැමි ආත්මය කපල වලලලා ඉවරයි.

      අපි ගිය ගම් වුනත් තවදුරටත් ගම් වලින් ඈත් වෙන කොළඹින් දුරස් කාර්මික පද්ධති වෙලා ඉවරයි.

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...