Posts

Showing posts from February, 2013

අපිට පිස්සු ඕයි !!!

Image
අන්න මනුස්ස ගෑනියෙක්...
ලොට තන් දෙක රෙදි අස්සෙන් වසාගෙන
දුවනවා හනිකට
මංගිහින් ගැලෙව්වා තදින්
ඇගේ ඇඳුම මහ පාර මැදදි...
මේ මොන විකාරයක්ද..කෝමද පොඩිඋං කිරි බොන්නෙ..


මගේ මනුස්ස සෙටිංග්ස්
හෝමෝ සේපියන්ස් සේපියන්ස් ලා
ආපු කාලෙටම ෆැක්ටරි රිසෙට් වෙලා
ඇඳුම්...අලුත් බඩු හැමදේම මට අලුත්..

අහෝ මා සේපියන්ස් සේපියන්ස් විත් පිස්සෙක් වූ සැටි.
ඇයි මේ මිනිස්සු රෙදි අඳින්නේ..
ඇයි මුං තමුංට කන්න බොන්න ඕනි දේවල් විතරක් නොකර
තව දාහාක් දේවල් වටකරගන්න හදන්නේ...

කෝ මගේ ගල්ගුහාව...
කෝ මගේ කෝමල ගෑනි...වහන් නැතුව ඇරං ඉන්න
කෝ මගේ ගල් ආයුධ කෑලි...ටික...
මෙන්න බොලේ මංකාපු අමුමස් වතුර දාල තම්බලත් එක්ක..
මුං මට දෙනවා කන්න...

මට පිස්සු වගේ ඕයි . .
වගේ නෙමේ ඕයි . .
හොදටම පිස්සු ඕයි !!!මාත් එක්කම ඇඩ්මිට් වුනා :ඕනයා|සිහින|අවංක පැට්ටා|ආගන්තුකයා | STRANGER|රනා|පසන්|බුල්ටෝ|සෝඩා ගුණේ|

laptop.lk සහ යුනිටි ප්ලාසා හි ටයිල් පාගපු මට වුන දේ..

Image
යාලුවෙක් කොහොදෝ කියලා තිබුනා ලැප්ටප් එල් කේ \ laptop.lk\ එකේ පස්පාගන්න එපා කියලා..ඇත්තටම දැන් කඩ ගොඩක් දියුනුයි..ඉස්සර කෝපි කාලෙ කෝපි කඩවල වගේ ගොම මැටි ගාල පස් නැහැ..ඒවයි තියෙන්නෙ ටයිල්..ඉතිං මම හිතන්නෙ ලැප්ටප් එල් කේ එකේ ටයිල් පාගන්න එපා කියලා වෙනස් වෙන්න ඕනි ප්‍රස්ථා පිරුල..

මම ගත්තෙ ඒ එම් ඩී පොසෙසර එකක් තියෙන මේන්න මේ  මැසිම..\hp pavilion 2005au\ ලැප්ටප් එකේ පිංතූර වීඩියෝ ආදිය සවුන්ඩ් ආදිය හෙම පස්ටෙට තියෙනවා..නමුත් රත්වෙන එකයි සද්දෙයි තමයි මට අවුලක් වුනේ.. 
පන්ඩිතයට A දන්ඩෙ යන්න බැහැ කියලා කතාවක් තියෙනවා...ඇයි එයාට ඒ දන්ඩෙ යන්න බැරිනම් බී \B\ දන්ඩක් ගන්න පුලුවන් නේ කියලා ඒ ලෙවල් මැත්ස් කරපු බුවෙක් කිව්වොත් බය වෙන්න දෙයක් නැහැ..මොකද සන්දි කල දඩු කියලා පාඩමක් තියෙනවා ඒ ලෙවල් මැතට.. කොහොම උනත් මාත් පන්ඩිත කමෙන් උපරිම ප්‍රෙයා්ජන අරගෙන අහවරක් වෙලා ලාබම තැනින් ලැප්ටොප් laptop  එක ගන්න තීරණය කලා...ඉතිං කෝම හරි ලැප ගත්ත කියමු කෝ...ගත්තෙ 2012 නොවැම්බර් මාසෙ...දවසක..

අරගෙන ටික දවසක් ගියා..අපේ බෝඩිමෙ තව යාලුවන්ටත් ලැප්ටප් තියෙනවා..මගේ ලැප් ටොප් එකේ සද්දෙ අසාමාන්‍ය විදියට වැඩිවුනා\Noise and Heat\…

අන්දරේ කතාවක්.(a story of andare)

Image
ඉතිං යාලුවනේ අපි අද අන්දරේගේ කතාවක් අහමු.. අන්දරේ කියන්නෙ රජවාසලේ හිටපු රජතුමාගේ ජේෂ්ඨ උපදේශකයෙක්..රජතුමා ඉස්සරහ වුනත් ඕනවට වඩා නැමීගෙන හිටපු, කියන හැම එකටම හුම් කියපු එහෙයියෙක් නෙමෙයි අන්දරේ කියන්නෙ..අන්දරේ කියන්නෙ ඉතාලි භාෂාවෙන් යනවා කියන එකලු. අන්දරේ ඉපදිලා තියෙන්නෙ දකුනු පලාතේ මාතර පැත්තෙ දික්වැල්ල බෙලිඅත්ත පැත්තෙ. ඒත් පසු කාලීනව අන්දරේ මහනුවර මහ වාසල දක්වා ගිහින් තියෙනවා. අන්දරේ මහ ාෙලාකු පොත්පත් උගතකු නෙමෙයි. ඉගනගන්න එහෙමට උනන්දුවක් දක්වලත් නැහැ. නමුත් ශූර බුද්ධියක් තිබුන තැනැත්තෙක් කියාල ජනප්‍රවාද වල සඳහන් වෙනවා..
අවාසනාවට අන්දරේ කවටයා වෙලා හැමෝම අන්දරේ දැක්කම හිනාව ලෝඩ් කරගන්නවා. නමුත්ඒ විහිලු ටික විතරක් මිනිස්සුන්ට මතක තියලා අනික් ටික අමතක වෙලා ඇති කියලා මට හිතෙනවා. හම්බන්තොට පැත්තෙ තිස්ස පාරෙ තියෙනවා උඩමලල කියලා ගමක් ආන්න ඒ හරියෙ තියෙනවා අන්දරේ ගෙ පිළිමයක්. ඒ හරියෙදි අන්දරේ මියගියා කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නෙ.
අන්දරේ රජවාසලේ ඉන්න කාලෙ රජතුමයි මහ ඇමතිවරු කන්ඩායමයි සංචාරයක් දාන්න සූජානම් වුනාලු. අද වගේම තමයි කස්ටිය කඳු කර පලාතට ආසයි. ඉතිං ඒ පැත්තෙ කඳු පලාත බලාන්ට රජතුම…