Sunday, March 31, 2013

පුරුෂ හිංසනය

ආ ආදිත්‍ය මොකද අද නිකම්...මේ කන්තෝරුවේ මිස් කෙනෙකි. මේ මිස් එන්නේ ආදිත්‍ය ගේ සුවදුක් විචාරන්නටය, ආදිත්‍ය සේප් එකේ තබාගැන්ම මිස්ලාට බොහෝ වාසිය..බදින්ට පෙර බලා ඇති කුනුහබ්බ පිල්ම් වල ආදිත්‍ය මෙවැනි පියන් වැනි සේවකයින්ට ආලෙන් කතාකරන කරුණාවන්ත යුවතියන් දැක ඇත. ඉන් පසු බලෙන්ම අහිංසක පෙනුමැති ආදිත්‍ය වැන්නන්ගේ ඇදුම් ගලවා අර ගෑනු ආදිත්‍ය වැනි අහිංසක  කොලුවන්ව දූෂණය කරති. අර ආදිත්‍ය වැනි අහිංසක කොල්ලන් ලව්වා දූෂණය වෙන ගෑනු මහ හඩින්ද කෑ ගසති.

ආදිත්‍ය රැකියාවට ආ කල පටන් එවන් මෝඩ සිතුවිලි වලින්ද ස්වභාවයෙන් ම පිහිටා ඇති කුලෑටි බවද අන් අයට උදව් කිරීමට ඇති කරුණාබර සිතද නිසා මිස්ලාට කඩේ යති. මිස්ලාද බැංකු කටයුතු බඩු ගැනීම් බිල් ගෙවීම් ආදි බොහෝ දේට ආදිත්‍යට බටර් ගා ආදිත්‍ය කඩේ යවයි. කාර්යාල රාජකාරි ලෙස ආදිත්‍යට ඇත්තේ සුවල්ප රාජකාරියෙකි. නමුත් බටර් තල්ලි විසින් මනාව බටර් ගා ලිස්සන සුලු වදනින් ආදිත්‍ය අන්දවා ගනු ලබන වැඩ ඔහුට බොහෝය. 

මෙය තමාගේම වරදක් ලෙස මුල්කල ආදිත්‍ය අවබෝධ කරගත් නමුත් පසුව ආදිත්‍ය සිතුවේ මෙය තමුන්ගේ රැකියාවේම කොටසක් බවයි. ආ මිස්ලට කඩේ යනවා නේද කියලා වෙන අයෙකු විහිලුවට කිව්වත් කාලාන්තරයක් තිස්සේ කඩේ යන ආදිත්‍යෙග් ගෑනුන්ට කඩේ යෑම කන්තෝරුවේ කිසිවෙකුටත් අලුත් දෙයක් වූයේ නැත. ආදිත්‍ය නම් ගෑනුන්ඩ කඩේ යන මට්ටමටම ආදිත්‍ය ඒ සඳහා පත්තියං වී තිබුනි.

පුරුෂ අසහනයේ කරමුලටම වැටී සිටින ආදිත්‍යට නිවසට ගිය පසුද එතරම් යහපත් වටපිටාවක් ලැබෙන්නේ නැත. ළඟදි අලුතින් ජොගින් කරන්නට තැනු ට්‍රැක් කුවෙහි ආදිත්‍ය ව්‍යායාම කරන්නට යන විට වයිෆ්ද එයට එකතුවෙන්නට තැනුවාය. නමුත් අවසානයේ ජොගින් කරන්නට සුදුසු ඇදුමක් ගෙනත් දෙන්නේ නැති යැයි යන ආඩපාලිය අසාගෙන ආදිත්‍යට තනිවම ජොගින් කරන්නට යන්න අවස්ථාව ලැබුනි. 

 බිරිය නිතරම ආදිත්‍ය දුටු දේවල් ආදිය ඇසීමට ප්‍රිය කලාය.නමුත් ගෑනු ජාතියේ බල්ලෙක් වත් දුටුවා යැයි කීවොත් ආදිත්‍ය ගැන බිරිය කෝප වෙන බැවින් ආදිත්‍ය කියන්නේ කාක්කො දැක්කා, අද නාකි මනුස්සයෙක් හිටියා පවු කියලා හිතුනා.. හිගන්නොත් ඇවිත්, ළමයි ගොඩක් සෙල්ලං කරා..ලස්සන බෝට්ටු වගයක් ඇවිත් තිබුනා වාගේ නීරස කතා පමණි. තමාට කලින් දුවයන ලගපාත ගෙදරක මැදිවියැති ස්ත්‍රිය නැමෙන අයුරු. ඇය සිය පස්චාත්තුව ආදිත්‍යට පේන්නට නැමී එක්සයිස් කරන ලක්ෂණ ආදිත්‍යද ඒ පසුපසට වී ඒ දෙස කෙලින් නොබලා අහම්බෙන් මෙන් ඒ දෙස බලන සැටි. ආදිය ගැන වයිෆ්ට කියන්නට යන්නේ නැත. කීවොත් ආදි පාක් යන අවසාන දවස ඒ විය හැකිය..


වෙනදා ගල් අරක්කු ටිකක් හැන්දෑවට බොන ආදිට දැන් බොන්න වෙලා  ඇත්තේ වයිට් ලේබල්ය. ගල් අරක්කු වලට වඩා වයිට් ගද අඩුය. මොනවා හෝ බුලත් විටක් කා සාරවිටක් කා ගිය විට කටේ සුවදින් බිරිය රැවටීම එතරම් අමාරු නොවී තිබේ. බිරිය මේවා නොබොන්නේ කටෝර රස නිසා විය යුතුය. අය්යෝ අරක්කු ටිකක් පැනි රස වුනානම් මේ ගැනිට බීම කියලා හරි ටිකක් දෙන්නතිබුන නේ කියලා ආදිට හිතුනි.. 

මේ ලග දිනක ආදිත්‍ය නව උයනේ දුවන්නට ගොස් එහි මහල්ලෙක් ලෙඩෙක්වැනි අය සිටියාය කිව්විට ආදිගේ වයිෆ් කිවේ සතර පෙර නිමිති වගේ ඒවනෙ හලෝ ඔයැයි දකින්නෙ..මොකො ගෑනියෙක්වත් දකින්නෙ නැහැයි. මං දකිනවා නේ ඔය එහෙ මෙහෙ දුවනවා ගැනු අය හෙම..

නැහැ මම වැඩිය ඕව බැලිල්ලක් නැහැ..ගියා එක්සයිස් කරලා ආයි එනවා හැරිලා..සික්...හරිම කැතයි..හිරට ඇදලා...කොටට ඇදලා..සික් විතරක්..

සතර පෙර නිමිති ගැන කියනවිට ආදිට පොඩි සිනාවක් ගියේ මනසෙ ්දිවගිය කුඩා ප්‍රෝගැම් එකක් නිසාය. තමා වැරදිලා හෝ සිද්ධාර්ථ වී මේ බිරිය යසෝදරා වූයේ නම් කවදාවත් මේ ආත්මට දුස්කර ක්‍රියා තබා චන්නයා සමග රවුමක් වත් යන්නට ලැබෙන් නැත..

තමුසෙ හැමදාම ගිහිං මහල්ලෙක් දැක්කාය, ලෙඩෙක් දැක්කාය, අර රුව මේ රුව දැක්කාය කියලා ඇවිත් කල්පනා කරනවා. බලන්න අල්ලපු රටේ අය කරන දේවල්..ඒ වා කිසි දෙයක් ඔයාට ඕනි නැහැනේ..අර චන්නයා එක්ක එකතුවෙලා උයනට ගිහිං ඇවිල්ලා දකින මල හෝන්තුවක් ගැන කල්පනා කොර කොර හිටියම හරි...තමුසෙටම හැදුන චන්නයා...වාසලෙන් දෙන පෙට්‍රල් නේ...නිකම් යන්න බලං ඉන්නවා..

දැන් මගේ බඩට මාස නවයයි. ඔයා උයන් යනවා.. සිරි නරඹනවා.. බාගෙදා අන්තප්පුර පැත්තෙත් යනව ඇති. ටිකක් හිතන්න..තාම නර්සින් හෝම් එකක් හෙව්වද? අපිට නිකම්ම ඒවට යන්න බැහැනෙ..
හරියට කාර් එකක් හොයලද තියෙන්නෙ? 
කොයි වෙලාවෙ හරි මට හදිස්සි වෙලා මොකක හරි දාල කවුරුහරි ඉස්පිරිතාලෙ ගෙනියකල් බලාගෙන ඉන්නවා..තවටිකක් සසර ගැන හිත හිත...
 මේ ලමයට හොඳ කොලේජ් එකක් හොයන් ඕ්නි..රජතුමා කියල රජකම් හැමදාම සුවර් නැහැනෙ..ඊලග රජා වෙන පරපුරක වුනොත් හෙම ලමය ඉස්කොලෙ දාලත් ඉවරයි..

සිද්දාර්ත මං මේ හොදට කියන්නෙ සිද්ධාර්ත..ඔය පිස්සු හිතන් නැතුව මෙ ්මං ගැන බලන්න..මේ උපදින්න ඉන් ලමය ගැන හිතන්න.. ඔයා හිතන බමුනු වැඩ මේ ලෝකෙ වෙන්නෙ නැහැ..අපිත් මේ රජකමයි පරම්පරාවයි තියං ඉන්නෙ අමාරුවෙන්..ඔයා ඒකත් පොඩි මිනිස්සුන්ටයි කොල්ලටයි බල්ලටයි අනුකම්පාව දක්කලා මේ වස්තුව නැතිකරන්න හදනවා..

බලන්න අල්ලපු රටේ රජට දැන්, ලිමෝසින්ය, වොල්වෝය, බෙන්ස්ය ආදි වශයෙන් රථ රාසියක් තිබෙනවාලු.. එතුමාට නව මාලිගාත් ගොඩයිලු.. ඒ කුමාරය මේ ලගදිත් යුද්දයක්කරලා අල්ලපු රට එක්ක...රත්තරන් ගොඩක් ලැබෙන්න ඇති යුද්දෙන්...

ඒත් ඔයා මොකද කරන්නෙ සිද්දාර්ත....අඩුතරමෙ යාලුවො හම්බෙලා බිස්නස් එකක් කතාකරගන්න වත් උනන්දුවක් නැහැ... සතර පෙර නිමිතියි.. සසරයි... බනයි..ලොකු පොතුයි..එක්ක ඔට්ටු වෙවී ඉන්නවා...

හම්මේ වෙලාවට කියලා ආදිත්‍ය ට හිතුනි. වැරදිලා හෝ මේ බිරිඳ නම් අනාගත මෛත්‍රි බෝධිසත්වයින්ගේ වත් බිරිය නොවිය යුතුයැයි ආදිට සිතුනි. 

සිය කුරුල්ලෙක් වන් පුරුෂ දිවියේ පුරුෂ අයිතිවාසිකම් කොටසක් රැකියාව නිසාද අනික් ඉතිරි වූ සබ්බ සකල මනාවම බිරිය නිසාත් හේදී ගොස් ඇති බව ආදිත්‍යට සිතුනි. දැන් තමා පවුලටත් කන්තෝරුවටත් වහලෙකි.. කොලොම්බස් වෙලා අමරිකාව හොයාගන් තියා මේ කන්තෝරු ගෑනුයි මගේ ගෑනියි එක්ක ලග තියෙන කන්දක් වත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ... ආදි සිතුවේය..

බස් රියේ යන ආදිව දකින පුරුදු කෙල්ලෝ බස් රිය එතරම් තද නැත්නම් ආදිට කිස්ටු වන්නේ නැත.. ආදි බස් රිය තදද නැතිද යන්න බලන්නේ නැතිය.සිය පුරුෂ හිංසනය මත උපන් නොයෙක් පීඩාකාරි හැගුම් යටපත් කරගන්නට ඔහු කාන්තාවන් ට හේත්තුවෙන්නට බලයි.. ජැක් ගසන්නට බලයි. අසරණ ආදිට නොයෙක් කටකතා කෙල්ලන් තනති. වැඩිමනක් යාලුවෙක් නැති ආදි ඒවා අසාගෙන යති. නමුත් බාගෙදා බස් රිය හොදින් තදනම්ද එකිනෙකා වැඩිය නොපෙනේ නම්ද කෙල්ලෝ සිය පස්සා ආදි දෙස දක්වා ආදිව අපාසුතාවයට පත්කරන්නට දගලති.. සාහ් මේකිට උගන්වන්න ඕනි හොද පාඩමක් කියලා පටන් ගන්නා ආදි සිය කෙරුවාව පටන් ගනී..


මේ ළඟ දිනෙක ආදි එක්තරා ලොකු පුටුවක ලොකු මිසිකෙනෙක්ගෙන් තදින් බැනුම් ඇසුවේ ලියුමක් වැරදි ලෙස බෙදලාය කියලාය..වැදගත් ලිපියක් වූ එය වැරදි ලෙස අනවශ්‍ය තැනකට ගෙනහින් දුන්නැයි ආදි අසුව ඇත. ආහ්..ආදි මං බලන්න ඕනි නැහැනෙ මෙයා...ඔයා හරියට ලියුං ගේනව නේ...ඔන්න ඔයාම අස්සන් කරලා දාන්න අනේ...මං මෙ කම්පියුටර් එකේ වැඩක් නේ...කියා ලිපිය ගන්නා විට ඒ තැන මිසි කීවාය..

ආදි ලිපිය එතැන තබා ඔහුම හොර අස්සනක් ගසා ආවේය. පසු දිනෙක ලිපිය කොතනට බෙදා ඇත්දැයි ඒ හොර අස්සන බලන විට එවැනි අත්සනක් කලින් නැතිබවද පෙනුනි... අහෝ ආදි තව පොඩ්ඩෙන් මිස්ලාට උදව් කරන්නට ගොස් කනවාය. 

Saturday, March 30, 2013

පෞරාණික කෝට්ටේ (Great sinhala kingdom Kotte)

එක්වරම වැටුනු ගිනිපුපුරු පෙළ සෙනවියාගේ සිත සසල කිරීමට සමත් විය. එසැනින් කඩුව කොපුවෙන් ඇදගත් හේ තෙමේ මේඝ ගර්ජනා සේ මහා නාද කරන්නට විය. එතෙක් සමගිව සිටි දෙමළ හේවායෝත් සිංහල හේවායෝත් දෙපසකට වෙන් විය. දැන් එතැන තත්පර ගානක් තුල ඇතිවූ කුඩා යුද්ධයකි. ද්වන්ධ සටන් පෙළකි. මොහොතකට පෙර එකට සිටි සිංහල හා ද්‍රවිඩ සේනාවෝ එතැනම යුධ කරති. කඩුව කොපුවෙන් ඇද නාද කළ යුද්ධය ආරම්භ කල සෙනෙවියා වඩාත් නිර්භීතය. හේ සිය සමර්ථ කම් දක්වමින් යුධ කරයි. මැදිවියේ සිටියත් ආරෝහ පරිණාහ දේහයකින්ද මනා කොට පුරුදු වූ ශිල්පයෙන්ද ඒ සමාන ශූර බුද්ධියෙන්ද යුතු වූ සෙනෙවියා පරාජය කිරීම අමාරු කාරියක් බව පෙනුනි. සතර දිශාවෙන්ම එන පහර වලක්වන්නට අපාසු හෙයින් සෙනවියාට  උපායක් කල්පනා විය. අසල තිබු සියඹලා ගසට හේත්තු වූ සෙනවියාට දැන් පිටුපසින් එන සේනාවන්ගෙන් අනතුරක් නැත. එක දෙමලෙක් මූ නම් අද කඩුගාලාම මරමියි සිතා දෝතින්ම කඩුව අරා වේගයෙන් දිව එයි..සිංහල මහ සෙනෙවියා එසැනින් නැමී කඩුපහර වලක්වා ඒ දෙමලාගේ කඩුව වැරෙන් සියඹලා ගසේ වදින්නට සැලැස්වුයේය. ඉන්පසු කඩුව ඇදගන්නට තතනන දෙමල සෙබලාට වැරෙන් කඩුපතින් පහර දී ඔහු බිම හෙලුවේ කපාලු කෙසෙල් කදක් පරිද්දෙනි. මාරාවේශ වූ ද්‍රවිඩ සෙනෙවියෝද සෙබලුද මේ සිංහල සෙනවියාටම පහර දෙන්නට ආ මුත් ඔහු ගේ ශූර කඩු සරඹය ත් උපායශීලිත්වයත් නිසා සෙබලුන්ටත් සතුරු සෙනවිවරුන්ටත් මේ සිංහල සෙනෙවියා අසලට කිට්ටු වීමටවත් නොහැකි විය. ඒ අතර සිංහල සේනා සෙබලුද සෙනවියාට ආරක්ෂාව සැපයීමට වගබලා ගත්හ. එකිනෙකා කෑ ගහගෙන වැටෙන නදින්, කඩුපහර වල නදින් මුලු බිමම ඇලලී යන්නට විය. අනපේක්ෂිත යුද්ධය නිසා භූමියද දූවිල්ලෙන් වැසී ගියේයැ.

එක් සෙබලෙක් මේ වීර සිංහල සෙනවියා දෙස ඇසිපිය නොහෙලා බලාසිට ඔහුගේ සටනේ දුර්වල තැනක් සොයන්නට විය. නමුත් සටනටම කැපවූ දශක ගණනක අත්දැකීම්ද කාය ශක්තියද කැටිකරගෙන එය සිය අල්ලට  ලූ දුහුවිල්ලක්, මුඛයෙන් විදින සුළගින් අවටට පතුරවනවා සේ සිය කඩුවෙන් පාන සරඹය දුටු සෙබලාට සෙනවියාගේ එකදු හරඹ අඩු පාඩුවක් සොයාගත නොහැකි විය. තම සහෝදර සෙබලුන්ගේත් සෙනවියන්ගේත් හිස සහ කඳ බඩවල් කඩුපහරවල් වලින් කැපී යන අයුරු දුටු සෙබලාට මූ නම් ලේසියෙන් පැරදිය හැකි සෙනවියකු නොවේ යැයි හැඟුනි. එකනෙහිම ඔහුට උපායක් කල්පනා විය. පසුපසින් එන විපත් දුරුවනු පිණිස සියඹලා ගසට හේත්තු වී සිටින සෙනෙවියා  ගස මත සිට කරන සටනකින් පැරදිය හැකි වෙතැයි ඔහු සිතුනි.. අසල තිබූ හෙල්ලක්ද රැගෙන සියඹලා ගසට නැගුනු දෙමල හේවායා හොඳ ඉලක්කයක් බලා සෙනවියාට වැරෙන් හෙල්ල තුඩින් පහර දුනි. ඉදිරිපසින් එන දුනු හී කඩුපත් තෝමර පහර වලක්වාගනිමින් වේගයෙන් කඩුව හසුරවමින් සිටි සිංහල සෙනෙවියාට මේ ඉහලින් පැමිනෙන උවදුර ලකුණු වූයේ නැත. හෙල්ල පහරේ වේගයෙන්ම ඇද වැටුනු සිංහල සෙනවියා ඉදිරියෙන් පැමිණි කඩුපත් වලට හී වලට හෙලි පහරටද ලක්විය. තත්පර කිහිපයකින්ම වීරයාගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට සතුරු සේනාවෝ ක්‍රියා කලේ මූට යන්තම් වත් පණ ආවොත් අපිත් ඉවරයි යන මරණ භයෙනි.

මේ සෙනවියා වනාහි වීදිය බණ්ඩාරය.වීදිය බන්ඩාර කියන්නෙ කෝට්ටේ රාජධානියෙ හිටපු රණ ශූරයෙක්ය. මෙතුමා ඒ කාලයේ හිටපු රජුන් තනන්නෙක් විදියටත් හඳුන්වා දෙන්න පුලුවන්.  මේ අවසාන සටන සිදුවූයේ යාපනයේ නල්ලූර් කෝවිල අසබඩදීය.

වීදිය බණ්ඩාර කියන නම ඇසූ සැනින් එකල පෘතුගීසි සේනාවිධායකයින් පවා තැතිගන්නවාලු. මේ සෙවියාගේ අවසානය තමයි ඉහතින් දැක්වුවේ..මේ කාලෙ මුහුදුබඩ ප්‍රෙද්ශය තිබුනෙ පෘතුගීසින්ට..ඒ කිව්වෙ කෝට්ටේ හෙවත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහල රජෙක් ඉන්නකොට කොළඹ කොටුව පෙටා පැත්ත පාලනය කලේ පෘතුගීසින්..වීදිය බණ්ඩාර සෙනෙවියා වරක් පෘතුගීසින්ට අහුවෙලා අරගෙන යනවා පෘතුගීසින්ගේ කොටුවෙ තිබුන හිරගෙදරකට..නමුත් එවකට හිටිය වීදිය බන්ඩාරගේ බිසවක් කෝට්ටෙ ඉදලා කොටුවට උමගක් හදලා වීදිය බන්ඩාර නිදහස් කරගෙන ගියබවත් ඒ උමග බව සැකකරන්න පුලුවන් සාධක කෝට්ටේ තියන බවත් පුවත්පත් ලිපිවල සඳහන් වෙනවා.. 

මේ තියෙන්නෙ කෝට්ටේ ගැන මහැදුරු සෙනරත් පරණවිතාරණ මහතා පවත්වපු දේශනයක්..බොහොමයක් තොරතුරු මේකෙ තියෙනවා..මම ඒවා ආයෙ බ්ලෝග එකේ කොටන එක තේරුමක් නැහැ ඕනි අය මෙතන ඔබලා බලන්න.. 

දිගින් දිගටම ජනාවාස වීම නිසා පුරාණ කෝට්ටේ රාජධානියේ නටඹුන් බොහොමයක් නැතිවෙලා තියෙනවා. නමුත් අදටත් දකින්න පුලුවන් නටඹුන් කිහිපයක් කෝට්ටේ තියෙනවා..
මාධ්‍ය අතර සුප්‍රසිද්ධ දියවන්නා නව උයන අසබඩ බස් නැවතුමට පාරෙන් එහාපැත්තෙ දියවන්නා ඔය ළඟින්ම තියන පාරෙ තමයි මේ නටඹුන් බලන්නට යන්න තියෙන්නෙ..එතන ඉදලා කිලෝමිටර දෙක තුනක් ගියාම පැරණි සිංහල කොටු බැම්ම බලන්න පුලුවනි.


මෙන්න මෙතනින් තමයි හැරිලා යන්න තියෙන්නෙ.මේ තියෙන්නෙ කෝට්ටේ දියවන්නා ඔයට උඩින් අලුතින් හදන පාලම.
පුරාණ කොටුබැම්ම උඩ වැසිකිලි ගෙවල් ආදිය හදලා තියෙන්නෙ..සමහර ඉදිකිරීම්කිසිම හිරිකිතයක් නැතුව කොටු බැම්ම මතම ඉදිකරලා තියෙනවා. මේ කොටු බැම්ම අඩි හයක විතර පලලට ඉදි කරලා තියෙන්නෙ..කිලෝමීටර ගනනාවක් පුරා පැතිරුනු විසල් කොටුවක් තමයි තිබිලා තියෙන්නෙ..ඒ පාරෙ යනකොට දියවන්නා ඔය නෙමෙයි අනෙක් පස නිවාස අතරින් යාන්තම් කොටු බැම්ම දැකගන්න පුලුවනි.

 මේ බිම ඇවිල්ලා දුර්ගයක් ඒක මඩින් සමන්විත පංකජ දුර්ගයක් නිසා මේ කොටුවෙන් මෙපිට වගුර හරහා මේ කොටුවට පහර එල්ලකරන්න සතුරන්ට අපාසු වෙන්නට ඇති. ඒ වගේම මේ කොටුවට මෙපිට දියවන්නා වගුර මත තියෙනවා ඉස්සර පෘතුගිසි කාරයො කසිප්පු පෙරපු පොට් එකක්. ඒතැන පස්සෙ කාලෙක හැදුවා ලොකු බිල්ඩිමක්..ඒ පෘතුගිසි කාරයො කෝට්ටේ සීතාවක ආදි රාජධානිවලට ගහන්න සේනා සංවිධානය කරපු ගමන් ආතල් එකට බොන්න පෘතුගිසිකාරයො කසිප්පු පෙරපු පොට්ටෙකේ තමයි අපේ සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව අද පිහිටලා තියෙන්නෙ.



මේ පාරෙ තමයි යන්න තියෙන්නෙ. මේ පැත්තකින් තියෙන්නෙ ඇලක් වගේ එකක්..බාගෙදා ඒකත් පුරාණ අගලක් වෙන්නත් ඇති. මෙ හරිය පුරාවිද්‍යාත්මක අතින් අවුරුදු හත්සීයක් විතර පරණයි. නමුත් නූතන සිංහල බොදු අය මේ ගැන එච්චර තැකීමක් නැති බවක් තමයි පේන්න තිබුනෙ.
දිගටම ගියාම කොටුවෙ කොනේම මායිම එනවා. ඒ මායිමේ කොටුවේ කොටුබැම්ම මේ ආකාරයෙන් දිස් වෙනවා. මුලු කොටු බැම්මටම කොටු බැම්ම නිවැරදිව පේන්නෙ මෙතනදි තමයි..අනෙක් තැන්වල පස්වලින් කොටුව වැහිලා තියෙන්නෙ.
මෙතනදි ඔබට කොටු බැම්මේ පලල හිතාගන්නට හැකිවේවි..වත්මන් ගේට්ටු කණුවත් කොටු බැම්මත් සන්සන්දනය කලාම පුදුම හිතෙනව නේද? මේ විදියෙ පලල කොටුවක් කිලෝමීටර ගානක් දිගට ඩෝසර් නැතිකාලෙක හදනවා කියන්නෙ එක්තරා වික්‍රමයක්ම තමයි.
අවසාන හරියෙදි කොටුව  බැම්මට ටිකක් උස නගින්න තියෙනවා. එහෙම නැග්ගම මේ වගෙ පේනවා. මේ යට හියෙ තියෙන්නෙ ඇත්තෙ අගලක් වගේ එකක්. මේ කොටු බැම්ම මත ස්ථාන ගනනාවක මුර කුටි ආදිය පිහිටලා තිබුනා කියලා පුරාවිද්‍ය එකෙන් හොයාගෙන තියෙනවා. මේ කොටුව මත සිටි අලකෙෂ්වර ප්‍රභූ රාජයා මෙහි සිට සේනා සංවිධානය කොටගෙන යාපනයේ රාජ්‍යය කල ශ්‍රී ලංකා දේශයට එකල විවිධ අකටයුතු කම් කල පාලකයෙක් වූ ආර්ය චක්‍රවර්ති එලවන්නට සැලසුම් කල බව සෙනරත් පරණවිතාරණ මහතා කියා තිබෙනවා.
මේ අද පේන්න තියෙන කොටුවට වටා බොහෝ දුර පැතිරිච්ච පරාසයක මාලිගා මුර කුටි සේනා සංවිධාන සහ ප්‍රහාරක උපක්‍රමාදිය සහිත සහිත ප්‍රබල කොටුවක් ඒ කාලෙ තියෙන්න ඇති. නමුත් කෝට්ටේ රාජධානියෙන් පස්සෙ දිගින් දිගටම ජනාවාස වෙච්ච නිසා අනුරාධපුර පොලොන්නරුවේ වගේ කැලෑ වට නටඹුන් යටවුනේ නැති නිසාත් මේ නටඹුන් රාශියක් අද කොටුව සහතවත් තැන් කිහිපයක් පමණක් ඉතිරි කරලා කාලයේ වැලිතලාවට යටවෙලා ගිහින්. 
මේ තියෙන්නෙ කෝට්ටෙම කොටුව ඇතුලෙම පිහිටලා තියෙන පිරිසක් අලකේෂ්වර ප්‍රභූ රාජයාගේ රජ මාලිගය ලෙසත්, පිරිසක් ඔහුගේම සොහොන ලෙසත් හඳුන්වන ස්ථානයක්. කෙසේ වෙතත් මෙහි ප්‍රශස්ථ මට්ටමක ඉදිකිරීමක් එකල තිබෙන්නට ඇති.

 මේ අවට වෙසෙන මනුෂ්‍යෙයක් මා සමග මේ ගැන කතාබහ කලා. ඔහුගේ මතය වුනේ අලකේශ්වර කියන්නෙ දෙමල රජෙක් කියලා. නමුත් පරණවිතාරණ මහත්තයා කියන්නෙ අලකේශ්වරලා ඉන්දියාවෙන් ලංකාව ටඇවිත් බොහෝ කලක් මෙහි විසු බවත් ඔවුන් පොලොන්නරු යුගයේ පාලකයෙක් වුන නිශ්ශංඛමල්ල රජදවසේ සිට කෝට්ටේ දක්වා පරම්පරා දහයක සිට රාජ සභාවේ ප්‍රභූන් ලෙස සිටිබව ේඛනවල දැක්වෙනවාලු. ඒ අලකේෂ්වරගේ මුල්ම මුත්තලා ඇවිත් තියෙන්නෙ මලයාලම් රටෙ කාන්චිපුරෙන්ලු..බොහෝ කලක් තිස්සෙ ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහේ ඉලා ඉන්දියාවෙම රජෙක් වුන,එවකට ලංකාේ යාපනේ බලය හිමිව තිබුන ආර්ය චක්‍රවර්තිට කුඩුවෙන්න ගහලා සය වෙනි පැරකුම්බා රජතුමාට රජ වෙන්න සැලැස්සුවෙ මේ අලකේශ්වර බවත්, එසේ අලකේශ්වර විසින් මාර්ගය තනා දුන්නෙ නැත්න්ම සයවෙනි පැරකුම්බා රජට රට එක්සේසත් කරලා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන්න අමාරු වෙන බවත්, තමයි පරණවිතාරණ මහත්තයා කියලා තියෙන්නෙ. 

ඉතිං එහෙම දෙයක් කරපු ප්‍රභූ රාජයෙකු ගැන ඒ සොහොන තියෙන අවටම ජනයා මේ ...කොහෙද යන දෙමල රජෙකුගේ සොහොනක් නෙව කියලා අපහාස කරන එක වැරදියි.. ඒ අවට ජනයා ගොඩක් අය මේ වාගේ නටඹුන්  තියෙනවා කියල දන්නෙත් නැහැ. පාර නොදැන කස්ටියගෙන් පාර අහගෙන යන්න ගිහිපු මට හත් අටදෙනකුගෙන්ම පාර අහගන්නත් වුනා. නමුත් බොදු බල සේනාවේ  සිංහල සේනාව නංවන පෝස්ටර් නම් හැමතැනම තිබුනා. තමුං අවට තියෙන සිංහල උරුමයන් ටික තියෙන තැන්වත් නොදන්න සිංහලයින්ගේ බොරු සෝබන ජාති ලෙ මටනම් විහිලුවක්.
මේ වාහනේ ගියාට හරියට වටේම යන්න බැරිවුනා..ටිකක් පයිං යන්නත් වුනා..කොහොම වුනත් කොළට කිස්ටු අයට පයිං ඇවිදන ගමනක් දාන්න..පරණ දේවල් ගැන දැනගන්න පුලුවන් පස්ට තැනක් තමයි මේ කෝට්ටේ ඉපැරණි නටඹුන්..මම මේ දක්වලා තියෙන තැන්වලට අමතරව කෝට්ටේ රජමහා විහාරය, අම්බලම සහ තව ස්ථාන දෙකක් තියෙනවා මේ පැත්තෙ. මේ විශාල කොටුව හදන්න  කබොක් ගල් ලබාගත්තෙ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පිහිටලා තියෙන තැනින් කියලා ප්‍රකට මතයක් තියෙනවා.
 
 .හැමෝම ලස්සන කරපු අලුත් දියවන්නාව ගැනකතාකරනවා. ඒ ලස්සන කරපු දියවන්නාවට මෙපිටින් තිබුන සිංහලයාගේ  ඓතිහාසික උරුමයක නටඹුන් බලන්ටත් යනවා නම් එය වටිනවා. 

මේ නටඹුන් මේ තරමට හරි ආරක්ෂා වෙලා තියෙන්නෙ මේ කෝට්ටේ අවට ස්ථාන කීපයක් 1947දී අපේ නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ් ඩබ් කන්නංගර මහත්තයා විසින් නම්කරපු කමිටුවකින් පුරාවිද්‍යා ස්ථාන ලෙස නම් කරපු නිසා තමයි. එදා අපේ පරණවිතාරණ මහතා පරීක්ෂණ කරපු ඒ කාලෙට වඩා අද තාක්ෂණය දියුනුයි..තාක්ෂණය කොයි තරම් දියුනු වුනත් මේ වගෛ පුරාණ දේවල් ගැන ඒවා සංරක්ෂණය ගැන ඇතිවෙන කතිකාවන් සහ ක්‍රියාකාරී වැඩ එදාටත් වඩා අද අඩපන වෙලා අමතක වෙලා ගිහිල්ලාදෝ මන්දා. 

ඉතිහාසය රැකිය යුත්තේ මන්ද කියන එකට වාණිජමය හේතුවක් දෙන්න බැරිවුනත්..කොළඹ අවටම මේ වගේ පුරාවිද්‍යා ස්ථාන තියෙන එකත් ඒවා ලක්ෂණට හදලා තියෙන එක, සංචාරක ආකර්ශනය ලබාගන්න සහ ඒ හරහා විදේශ විනිමය එකතු කරගන්න අපි වගේ තුන්වෙනි ලෝකෙ රටකට  හේතුවාසනා වේවි කියලා මට හිතෙනවා. 

Friday, March 29, 2013

වැටුපට අමතරව

අද කාලේ හොඳ රැකියා අවස්ථා අඩුයි. ඒ වගේම ආයතනික පැත්තෙන් ගත්තොත් සුදුසු සේවකයනුත් අඩුයි. කොහොම වුනත් දැන දැන් වැටුප සාකච්චා කරලා රැකියාව දෙන තැන් වැඩිවෙලා තියෙනවා. වැටුප සාකච්චා කරනවා කියන්නෙ අපිට මාසිකව ලබාදෙන දීමනාව සලකා බැලීම කියලා ගොඩක් අය හිතනවා. නමුත් අපි රැකියාවක් කරන්නෙ ජීවත්වෙන්න..නමුත් රැකියාව ජීවිතේ වෙනවා කියන්නෙ තමුන්ට නොදැනිම තමුන් ආයතනයේ තිබෙන යන්ත්‍රයක් මට්ටමට වැටෙන එක. වැටුප් සාකච්චාවකදි හෝ රැකියාවක් සොයාබැලීමෙද ඉන්ටවිව් එකේදිම හැමදේම අහන්න බැහැ. අහන්න යන එකත් හොඳ නැහැ..ලංකාවෙ ඉන්ටවීවර්ස්ලා සමහරක් අය නම වැඩිය ගිරවා වගේ ප්‍රශ්ණ අහනවාට ආසත් නැහැ. ඒ වගේ වෙලාවට අපි යන්න ඉන්න ආයතනය ගැන පිටින් හොයාල බලන්න පුලුවන්. තමන් යන්න ඉන්න තනතුරට සමාන්තර අය ගැන හොයාලා බලන්න පුලුවන්..
 
ඉස්සර කාලෙ ලංකාවෙ තිබුනෙ රැකියා කිහිපයයි. ඉංජිනේරු, වෛද්‍ය, නීතිඥ සහ දිසාපති වගේ ලොකු අය වෙන්න තමයි හැමෝම උත්සාහ කලේ. ඒ රැකියා වලත් බහුතරයක් රජයේ රැකියාවලත් තමුන් කලයුතු රාජකාරි ආදිය පැහැදිලව තිබෙනවා. නමුත් තරඟකාරී ලෝකයක එහෙම නැහැ. එකම තනතුරේ වුවත් ස්ථාන දෙකකදී පැවරෙන රාජකාරි වෙනස් වන්නට පුලුවන්..
අපි රැකියාවල් සොයාගැන්මේදී සහ වැටුප් ගැන සාකච්චා කරද්දි සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් සලකා බලමු.

·         පැවරෙන රාජකාරි ධාරිතාවය.
දැන් බොහෝ ආයතන සේවකයින් විශාල සංඛ්‍යාවක් බඳවාගෙන වැඩකරනවාට වඩා සේවකයින් සුවල්ප ගානකින් සේවාව පවත්වාගෙන යන්න පෙළඹිලා තියෙනවා. මේ හරහා සමහර විට වෙනදා තුන් දෙනකු කල රාජකාරි එක් අයකු මත පැවරෙන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවක නිවාඩු රහිතව එකදිගට වැඩ කිරීම මානසික මෙන්ම ශාරිරික සෞඛ්‍යයට ඒ තරම් හොඳ ප්‍රවනතාවයක් නෙමෙයි. දැන් දැන් ලංකාවෙත් වැඩකරන විට ඇතිවෙන මානසික අසමතුලිත බව නිසා ශාරිරික දුබලතා පවා ඇතිවෙච්චි අය වාර්තාවෙලා තියෙනවා කියලා පහුගිය දවසක අපේ ආයතනයට දේශනයකට පැමිණි ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ දේශක මහත්මයෙක් පැවසුවා. ඒ නිසා තරමක් සැර ඉලක්කම් ගානක වැටුපක් ලැබුනත් තමුන්ගේ ධාරිතාවයට තමාගේ මනසට ශරීරයට නොගැලපෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන නැවත වතාවක් හිතන්න පෙළඹෙන එක වැදගත්. අපිට ජීවත්වෙන්න රැකියාවක් අවශ්‍යයි. නමුත් රැකියාව මතම ජීවත්වෙන්න ගියාම එතන මහ මූසල යාන්ත්‍රික ගතියක් ජනිත වෙනවා. ඒක දීර්ඝකාලිනව පවතින එක අපේ සෞඛ්‍යයට වගේම අපේ පවුල් ජීවිතවලටත් ඒ තරම් හොඳ නැහැ. 

විශ්‍රාම සැලසුම..

රාජ්‍ය අංශයේ නම් බොහෝදුරට රැකියාවලට යන අයට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. පුද්ගලික අංශයේ ලැබෙන්නෙ ඊපීඑෆ් ඊටී එෆ් සහ වෙනත් දීමනා තමයි. ඒත් සමහර ආයතන වෙනමම විශ්‍රාම සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ආයතනයෙන් ඉවත් වෙනකොට හරි නැත්තං විශ්‍රාම යනකොට හරි ලොකු මුදලක් තමුන්ගේ අතට ලැබෙනවා. අපේ රටේ රජයෙන් පුද්ගලික සේවකයින්ට විශ්‍රාම වැටුප් දෙන්න ක්‍රමයකුත් ආවා..නමුත් ඒක නැවතුනා. මේ ආකාරයේ සැලකිය යුතු ගානක් විශ්‍රාම සැලසුමක් හෝ වෙනත් ඊ පී එෆ්(EPF,ETF) ඊ ටී එෆ් ආදියට කැපෙන්නෙ නැත්නම් අපිට පුද්ගලිකව රක්ෂන හෝ වෙනස් බැංකුගත විශ්‍රාම සැලසුමකට යන්න වෙනවා. ඒ නිසා විශ්‍රාම වැටුප ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි.. සමහර ආයතනවල මූලික වැටුප අඩු වුවත් වෙනත් දීමනාදිය නිසා ලොකු මුදලක් අතට ලැබෙනවා. නමුත් ඊ පී එෆ් ඊටීඑෆ් ආදිය එකතුවෙන්නෙ මූලික වැටුේ ප්‍රතිශත අගයකට.


·         නිවාඩු සහ නිවාඩු ලබාගත හැකි ආකාර.
පුද්ගලික ආයතන වල සාමාන්යෙයන් තියෙන්නෙ අවුරුද්දටම නිවාඩු විසිගනනක් වගේ අගයක්. ඒ වගේම සමහර බැංකු සහ මූල්‍ය ආයතන වල මැනේජර මහත්වරුන්ට වගේ අයට මාසෙකට හෝ අවුරුද්දකට අනිවාර්යෙන්ම ගතයුතු නිවාඩු තිබෙනවා.තවත් ආයතන තියෙනවා අවුරුද්දකට අපි ගත්තෙ නැති නිවාඩු වලට ගෙවන. අවුරුද්දකට තිබෙන නිවාඩු සහ නිවාඩු ලබාගත හැකි ආකාර ආදිය අලුත්ම රැකියාවකට යන අයෙක්ට වැදගත් නැහැ. නමුත් ටික කාලයක් ගිහින් නෑයො, යාලුවො වැඩිවුනාම අපිටත්නොදැනිම අපිට නිවාඩු ලබාගන්න අවශ්‍ය වෙනවා. 

·         අමතර දීමනා සහ බෝනස් ආදිය.
ලංකාවෙදි නම් ආයතන පාඩු පිට දිව්වත් සමහර ආයතන වල සේවකයින්ගේ කැපවීම ආදිය සලකා බලලා බෝනස් ගෙවීමක් සිද්ද කරනවා. මේ බෝනස් ගෙවිම වර්ශ අවසානයේ වගේම වර්ශ මැදදි සිද්ද වෙනවා. මූලික වැටුප අඩු අගයක් වුනත් මේ ආකාරයේ දිරි දීමනා සහ බෝනස් ආදිය ලැබෙන තනතුරක් නම් මාසික වැටුපින් එකතුවෙන ගානට තවත් වැඩිමුදලක් වර්ශ අවසානයේදී එකතුවෙනවා. ඒවා ගැන ඉන්ටවිව් වලදි සාමාන්‍යෙයන් අහන්න බැහැ. අපි දන්න කියන අඳුනන කෙනෙක්ගෙන් යාලුවෙක්ගෙන් ඒවා ගැන දැනගන ඉන්න එක හොඳයි.රැකියාවට යන්න කලින්..

·         වෛද්‍ය පහසුකම්
රක්ෂණ සහ වෛද්‍ය පහසුකම් පැකේජය අද කාලෙ බොහොම වැදගත්. බොහෝවිට පවුලේ දරුවෙක් හෝ අම්මා තාත්තා ලෙඩවුනත් ලොකු මුදලක් යනවා පුද්ගලික ආරෝග්‍ය ශාලාවකට බෙහෙත් ගන්න ගියොතින්. ඒ වගේ අවස්ථාවල අපේ අතේ තියෙන මුදල් වියදම් වෙන්නෙ නැති ආයතනික රක්ෂණ පහසුකම් සහ වෛද්‍යාධාර පහසුකම් සමහර ආයතන වල තිබෙනවා. ඒවායේදී තමුන්ට වගේම තමුන්ගේ පවුලටත් රක්ෂණ ආවරණ වෛද්‍යාධාර ආදිය ලැබෙනවා. ඒ වාගේ පහසුකමක් ලැබෙන අවස්ථාවක් නම් ඒ ගැනත් අපිට හිතන්න වෙනවා වැටුප් ගැන හිතාගෙන යනකොට.

·         ආයතනික පරිසරය.
යම් ආයතනයක් තුල පවතින පරිසරය එක් අයකු නිසා වෙනස් වන්නේ නැහැ. අපි දන්නවා සමහර රාජ්‍ය ආයතන ආදියෙහි තියෙන්නෙ පුදුමාකාර කුල වටපිටාවක්. ඒවායේදි අපි ගියා කියලා අපිට විශේෂ තැනක් ලැබෙන්නෙ නැහැ. අර පවතින දාමයේම එක පුරුකක් වෙන්න තමයි අපිට සිද්ද වෙන්නෙ. මා දන්න ආයතනයක් තිබුනා එහි මීටින් යනුවෙන් පැවැත්වෙන දේවල් තියන්නෙ හරියට අපේ ඉස්කෝල වල රැස්වීම ්තියෙනවා වගේ.එකපසකට විතරයි ොරතුරු ගමන් කරන්නෙ. නිකමට වත් සේවකයින්ගේ දුක්ගැනවිලි නිදහසට කාරනා ආදිය අහන්නෙ නැහැ. ලොක්කන් හිතලා වැඩ කියනවා.සොක්කන් ලොක්කන් දෙන වැඩ කරනවා. ඉතිං ඒ වගේ ආයතන වල ලොක්කෙක් වීමත් මහ කරුමයක්. පොඩි වැඩකට සේවකයෙක් යැවුවත් ඒ වගෙ ආයතන වල හැමදේම ලොක්කගෙන් අහන්න පටන් ගන්නවා. මිනිස්සු හිතලා දෙයක් කරන්න පෙළඹෙන්නෙම නැහැ. ඒ වගේ ආයතන වලට ටිකක් නිර්මාණශීලි වගේ පුද්ගලයින් ගියාම ටිකක් නුහුරු නුරුස්නා ගතියක් එනවා. ඒ නිසා අපි අප්පා බුදුන් කාලෙ ඉඳලා ඒ විදියෙ පරිසරයක් තියෙනවා කියලා දන්න ආයතන වලට යන එක ගැන තවපාරක් හිතන්න ඕනි. 

·         ප්‍රවාහන පහසුකම්
කොළඹ බෝඩින් වෙලා කඩෙන් කාල කොළඹ රැකියාවක් කරන්න හිතනවා නම් බස් වලට,බෝඩින් වලට, කෑමටම රුපියල් දහදාහක් විතර අද වියදම් වෙනවා. ටිකක් ලොකු මට්ටමේ රැකියාවක් නම් ඊටත් වැඩි ගානක් කන්න බොන්න ඉන්නම වියදම් වෙනවා. නමුත් ටිකක් පඩි අඩු වගේ වුනත් ගෙදර ඉදලා රැකියාවට එතරම් දුර ගෙවාගෙන යන්න නැත්නම් ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද  ප්‍රවාහන වියදම් සහ ජීවන වියදම් ආදිය වැඩිවෙන වේගයෙන්ම වැටුප් ආදිය වැඩිවීම සිදුවන්නෙ නැහැ. දැන් දැන් ආයතන සේවකයින්ගේ ප්‍රවාහනය ගැනත් සොයලා බලනවා. ආයතනික මට්ටමින් සේවයට එන්න වායුසමනිත බස් පවා තිබෙන ආයතන දැන් තිබෙනවා. එහෙම නැති ආයතන වල ප්‍රවාහනය සඳහා වෙනමම දීමනාවක් දෙනවා.  දැන් වැඩිවෙන වියදම් ආදිය නිසා ප්‍රවාහනය සහ සේවා ස්ථානයට ඇති දුර ආදිය ගැනත් හිතන්න යොමුවෙනවා නම් ඒක හොඳයි.. ොකු තනතුරුවලදි නම් තමුන්ේ කාර්යාලයීය අවශ්‍යතාවයන්ට වාහනක් සපයනවද කියලා ොයලා බලන්නතඕනි. ොකද හැමදාම කැබ් සර්විස් වලට කතා කරලා ඒවා ක්ේම් කරලා ඒ විදියට වැඩකරන එක ඒ තනතුර අනුව වදයක් වෙන නිසා.

මේ කාලෙ තියෙන තරඟයත් එක්ක සමහර වෙලාවට ඉන්ටවිව් විස්සකට තිහකට ගියත් රැකියාවක් නොලැබි යන්න හැකියාව තිබෙනවා. නමුත් අපි රැකියාවක් ලබාගත්ත දවසෙ ඉදලාම අලුත් රැකියාවල් හොයන්න යන එක ඊට වඩා අවුලක්. ඒ නිසා රැකියා සෙවීමෙදි වැටුපට අමතරව යන්තමින් හරි මේ කාරණා ගැනත් සලකා බලනවානම් හොඳයි.

Thursday, March 28, 2013

පරිණාමවාදයේ බාප්පා alfred russel wallace


මු.ලි :- එකම විද්‍යාත්මක අදහස එකම කාල වකවානුවේ මිනිසුන් දෙදෙනකු තුලම ඇතිවූ දුර්ලභ අවස්ථාවකි මේ වොලස් සහ ඩාවින්ගේ පරිනාමවාද කතාන්දරය. වයසින් සහ සමාජ තත්වය අතින් ඩාවින් මුහුකුරා ගොස් සිටි බැවින් පරිණාමවාදයේ පියා ලෙස බොහෝදෙනා චාල්ස් ඩාවින්ව හඳුන්වා දෙති. නමුත් මේ කොටසින් රසල් වොලස් ද ඩාවින් තරම්ම දක්ෂයෙකු වූ බව අපිට රසල් වොලස් ගැන විස්තර දැනගැනීමෙන් සිතාගත හැක.

ඩාවින්ගේ පරිණාමවාදයේ මූලික සැලැස්ම 1838 දී ඔහුගේ සිතට පිවිසුනත් එකී මතය මහජනයා අතට පත්වීමට තවත් අවුරුදු 20ක් ගතවිය. මෙම අවස්ථාවේදී වුවද ඔහුගේ අදහස් ප්‍රකාශයට පත්කරන ලද්දේ එය නොකරම බැරි අවස්ථාවක් එළඹුනු හෙයිනි. එම කාර්යය මෙතරම් දුරට ප්‍රමාද වීමට හේතු රැසක් ඇත. එම කාලය තුලම ඔහු වෙනත් ජෛව විද්‍යාත්මක නිරීක්ෂණ කීපයකද නිරතව සිටියේය. එපමණක් නොව දිගටම වාගේ ඔහු අසනීප විය. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ සති ගණන් ඔහුට වැඩ කිරීමට නොලැබී යෑමය. එහෙත් ප්‍රධානතම හේතුන් වූයේ මේවාය. මුළු මහත් ජෛව විද්‍යාත්මක සිද්ධාන්තය සමඟ ඔහුගේ මෙකී මතය ගැලපෙන්නක් විය යුතු අතරමේ සඳහා දීර්ඝකාලීන වශයෙන් පර්යේෂණද කළයුතුව තිබිණි. එහෙමන්ම තම මතය නිසා බොහෝ දෙනෙකු කිපෙන බවද ඔහු මැනවින් දැනසිටි හෙයින්ද ඔහු තුළ නිසැකවම පැකිළීමක් විය. අවසානයේමේ අතර තවත් පුද්ගලයෙකු ඔහුගේ මතයට සමාන මතයක් බිහිකර ඇතිබවත් සැබැවින්ම මෙකී පුද්ගලයාගේ ග්‍රන්ථය මුද්‍රණයට පවා සූදානම් බවත් සැලවූ විටයතැතිගත් ඩාවින් තම මතය එළිදරව් කලේය. එකී පුද්ගලයා ඇල්ප්‍රඩ් රසල් වොලස් විය.

ඒ ආර් වොලස්ගේ (1823-1913) නම විශ්ව කෝෂ වලත්විද්‍යා ඉතිහාස ග්‍රන්ථ වලත් සාමාන්‍යෙයන් සඳහන් වන්නේ හුදෙක් ස්වාභාවික වරණය සොයාගත් සමකාලීනයා හැටියට පමණි. සැබැවින්ම ඔහු සංකීර්ණ වූ සිත් ඇදගන්නා සුළු චරිතයක් ඇත්තා වූත් පුද්ගලයෙකු විය. මොහු ඩාවින්ට වඩා හැම අතින්ම පැතිරුණු දැනුමක් ඇත්තා වූත් එමෙන්ම සිතුවිලි අතින් අදීන වූත් අයෙක් විය. ඔහුගේ ජීවිතයේ මුල් අවදිය බෙහෙවින් වෙනස් එකක් විය. දිළිඳු හා අසාර්ථක ජීවිතයක් ගතකල ගතකල පියෙකුගේ දරුවන් හයදෙනා අතුරින්එක් අයෙකු වූ මොහුට සරසවියට ඇතුළු වීමට තරම් සුදුසු ආදායම් තත්වයක් නොතිබුනා පමණක් නොවක්‍රමානුකූලව විද්‍යාවන් හැදෑරීමේ මඟක්ද නොවීය.
ඩාව්න් ගැන වූ කාටුනයක්

 1837 වනවිට 14 හැවිරිදි වියේ පසු වූ මොහු ලන්ඩනයට ගියේය. එහි ස්වල්ප කාලයක් ගොඩනැගිලි තැනීම පුහුණු විය. ඒ කෙසේ වුවත්ඔහු මෙසේ ලන්ඩනයේ ගතකලේ ස්වල්ප කාලයක් පමණක් වූ අතරඑම අවුරුද්දේම වෘත්තියෙන් මිනින්දෝරුවෙකු වූ ඔහුගේ සහෝදර විලියම් සමඟ එක් වූයේ එම වෘත්තිය පුහුණුවීමේ චේතනාව ඇතිවය. ඔහු මෙසේ වර්ෂ දහයක්ම මිනින්දෝරු වැඩ කලේය. (මෙම කාලපරිච්චේදය කැඩුනේ ටික කලක් පාසැල් ගුරුවරයෙකු ලෙස සේවය කල හෙයිනි.) එම කාලය තුළ පිටිසර පිළිබඳව හොඳ හැඟීමක් ඇතිවූ අතර භූ විද්‍යාවස්වාභාවික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ හැම අංශයකම පැතිරුණු දැනුමක් ඔහු ලබාගත්තේය. ඔහු විද්‍යාෙවන් ලැබූ මෙකී අවිධිමත් එසේවුවත් ප්‍රායෝගික අතින් බෙහෙවින් වටිනා පුහුණුව පරිපූර්ණ එකක් වූයේගවේෂණ පොත් (ඔහු කියවූ පොත් අතර බීගල් සවාරියද විය) උද්භිද විද්‍යාව සහ සත්ව විද්‍යාවභෞතික විද්‍යාව සහ මැතලස්ගේ ග්‍රන්ථයද කියැවීමෙනි.

වර්ෂ හා දින කිහිපයක් සිහියේ තබාගැනීම මෙම අවස්ථාවේ අපට ප්‍රෙයා්ජනවත් විනු ඇත. 1836 වනවිට ඩාවින් පරිණාමවාදියෙකු බවට පත්විය. 1838 වනවිට ස්වාභාවික වරණය පිළිබඳ සංකල්පය ඔහු සිත තුල ජනිත විය.වොලස් ඩාවින්ගේ බීගල් සවාරිය කියවූයේ 1839දීය. මේ වනවිටත් ඔහුගේ වයස අවුරුදු දහසයක් වූ අතර මේ වනවිට ඩාවින් තම පරිණාමවාදය ගැන තර්ක කිරීම අරඹා අවුරුද්දක් ඉක්ම පමණ ඉකුත් වී තිබිණ. වොලස් 1840 ගණන්වල මුල් භාගයේදී මැලතස්ගේ ග්‍රන්ථය කියවන විලද බව පෙනෙන්නට තිබේ. එහෙත් එවකට එම ග්‍රන්ථය ප්‍රචලිතව නොතිබිණි. ඒ කෙසේවෙතත්සාමාන්‍ය කියවීම හා ඔහුගේම නිරීක්ෂණ වල ප්‍රථිපලයක් වශයෙන් (මගේ ජීවිතය“ නැමැති ඔහුගේ සිත්ගන්නාසුලු ආත්ම චරිතයේ දක්වන අයුරු) ඔහුට 1847 වනවිට පරිණාමයේ සත්‍යතාවය ඒත්තු ගියේය. සැබැවින්ම කියතොත්, මෙම වකවානුව වනවිට ස්වාභාවික විද්‍යාව ඔහුගේ එකම කාර්යය වූ  අතරටික දිනකින් ම ඔහුගේ රක්ෂාව බවට පත්විය. එම වර්ෂයේදීම ඔහු තොරතුරු එක්රැස් කිරීමේ ගවේෂණයක් සඳහා දකුණු ඇමරිකාවට යාමෙනුත්, පසුව (1854-1862) මලයාවේ සහ නැගෙනහිර ඉන්දීය කොදෙව්හිද අනුරූප කාර්යයක නිරතවීමෙනුත් මේබව පැහැදිලි වෙයි.

ඇමසන් නිම්නය හා අග්නිදිග ආසියාවේ කැලෑවලද ගතකල මෙම අවුරුදු ගණනාව මුළුල්ලේම විශේෂයන් සහ ඔවුන් තුල සිදුවිය හැකි පරිවර්ථනය පිළිබඳ ගැටලුව ද ඔහුගේ සිත තුල හොල්මන් කලේය. 1855 දී ඔහු මෙම විෂය අලලා කෙටි ලිපියක් ලිවීය. මෙම ලිපියෙන් ඔහු තර්ක කළේ. විශේෂයෙන් (එවක පිළිගත් මතය අනුව) ක්ෂණිකව නොව සෙමෙන් සෙමෙන් බිහිවන්නට ඇති බවයි. එහෙත් මෙහිලා මෙම ක්‍රියාවලියට තුඩුදුන් පරිණාමවාදී යාන්ත්‍රණය කුමක්දැයි ඔහු විස්තර නොකළේය. කලින් ඩාවින් මුහුණපෑවක් මෙන් මොහුටද මුහුණපාන්නට සිදූවු එකම ගැටළුව මෙයම විය. පරිණාමය සිදුවූ බව ඒත්තු ගැන්ම පහසුය. එහෙත් සැබැවින්ම එය සිදුවූයේ කෙසේද යන්න ගැටළුවකි. මෙම ප්‍රශ්ණය මත ඔහු ඩාවින් සමඟ ලිපි කීපයක් හුවමාරු කරගත්තේය. තමා පරිණාමවාදී මතයේ පිහිටා එක්තරා පර්යේෂණ වගයක් කරමින් සිටින බව මෙහිදී ඩාවින් (වැඩිහිටි පුද්ගලයා) පිළිගත් නමුදු, තම සටහන් අතර අනාගතයේ පළකිරීමට බලාපොරොත්තු වන මහා ග්‍රන්ථයේ අත්පිටපත් දෙකක් තිබියදී පවා ඔහු ඒ කිසිවක් එළිදරව් නොකලේය. ගැටළුවට පිළියම් සෙවීමට ඔහු වොලස්ටම ඉඩහරින ලදී.

මලයාවේ ඔහු(වොලස්) කළ සංචාරයේදී මීට විසඳුම් ලැබුණි. 1858 ගිම්හාන සෘතුවේදී ඔහු ටර්නෙට්හි සිටියදී මැලේරියාවෙන් ඔත්පලව හුන් අන්දමත් උණ බසින අතරවාරවලදී විශේෂයෙන් පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් තමා දැන සිටි සියළු කරුණු සැලකිල්ලෙන් විමසා බලමින් රෝගය ගැන නොසිතා කාවදින අයුරු විස්තර කරයි. අවුරුදු දහයකට ඉහතදී ඔහු කියවූ මැලතස්ගේ ග්‍රන්ථයේ එන කරුණු හදිසියේම ඔහුගේ සිතට නැගිණි. නිරතුරුවම වර්ධනයවන ජනගහනයජීවන සටනවඩාත් හොඳින් අනුවර්ථනය වූවන්ගේ ප්‍රවර්ථනය හා ප්‍රචාරණය යන ඩාවින්ගේ සිතට නැඟුණු අතර එමගින් ඩාවින්ගේ මතයම ඔහු සිත තුලද ජනිත විය. තනි පංගලමේ පර්යේෂණයන්හි යෙදෙමින් කෙන්ට්හි වෙසෙන පුද්ගලයෙකුගෙන් සැතපුම් දහස් ගණනක් බැහැරව වෙසෙන තවත් පුද්ගලයෙකුගේ සිත තුලද ස්වාභාවික වරණය ජනිත වූයේ මේ ආකාරයෙනි.
රසල් වොලස් මහතාගේ සේයාරුවක්
වොලස් පැකිලෙන සුළු මිනිසෙකු නොවීය. උණය සුව විය. වරණය මගින් පරිණාමය සිදුවන ආකාරය පැහැදිලි කරමින් ඔහු පිටු විස්සක ලිපියක් ලිවීය. විශේෂයන් පිළිබඳ ගැටලුව අලලා ඩාවින් පර්යේෂණයන්හි නිරතව සිටින බව වොලස් දැන සිටි අතරමේ නිසා එංගලන්තයේ සිටින තම අවිධිමත් නියෝජිතයා ලෙස ක්‍රියාකිරීමට සුදුසු පුද්ගලයා ඩාවින් විය යුතුයැයි ඔහු කල්පනා කලේය. මෙහි ප්‍රථිපලය වූයේ ඩවුන් හවුස් හි විසු ඩාවින් වෙත වොලස් විසින් මලයාවේ සිට පාර්සලයක් යවනු ලැබීමය. එහි අඩංගු කරුණු ප්‍රමාණවත් අගයකින් යුක්ත වේ යැයි ඩාවින්ට හැඟේ නම්එය මුද්‍රනයෙන් පලකරවන මෙන් ඉල්ලීමක්ද ඒ සමඟ විය.

එහි සඳහන් කරුණු ප්‍රමාණවත් අගයකින් යුක්ත වූවා පමණක්ද? ඒ ඩාවින්ගේ මතයද විය ! සැබැවින්ම මෙහිදී වැඩිහිටි මනුෂ්‍යයා තුල හටගත් දෙගිඩියාව කොතෙක් වීද යන්න ඔබටම සිතාගත හැක. මෙම මතයම ඔහුගේ සටහන් පොත තුල අවුරුදු විස්සක් තිස්සේ තිබිණි. ඩාවින් විසින් එය වඩාත් සවිස්තරව ලියා තිබුණි. ඒත් වොලස්ගේ කෙටි රචනාවෙහි ඩාවින් දශක දෙකක් තිස්සේ දැරූ පරිශ්‍රමයේ ප්‍රථිපලයම වඩාත් පැහැදිලිවත්,වඩාත් ප්‍රබල අන්දමිනුත් දැක්වේ. වොලස්ගේ රචනාව මුද්‍රණයටම සූදානම්ව තිබිණි. එහෙත් ඩාවින්ගේ දල සටහන් තවමත් මුද්‍රණයට සුදුසු තත්වයේ නොවීය. ඔහු මහත්මයෙකු ලෙස ක්‍රියාකල යුතුය. ඉදින් වොලස්ට හිමි විය යුතු ගෞරවය ඔහු කෙරෙන් පැහැරගන්නේ කෙසේදඅවසානයේදී මේ දෙදෙනා අතර ගිවිසුමක් අතිකරගන්නා ලදී. ඩාවින් විසින් තම මිතුරන්ගේද උපදෙස් පරිදි වොලස්ගේ කඩදාසි තමන්ගේ සටහන් කීපයක්ද සහිතව ලන්ඩන්හී ලීනියන් සමාජය වෙත ඉදිරිපත් කරන ලදී.

ඩාවින් යුහුසුළු විය. එහි ප්‍රථිපලයක් වශයෙන් 1858 ජූලි මාසයේ ලන්ඩනයේදී උගත් ස්වභාවධර්ම විද්‍යාඥයින් සමූහයක් ඉදිරියේ කියවනු ලැබූ ඒකාබද්ධ වාර්ථාවක් මගින්,අවසානයේ ස්වාභාවික වරණය ඔස්සේ පරිණාමවාදය ලොවට හෙලි කරන ලදී. ඊළඟ වර්ෂයේ නොවැම්බරයේදී ඩාවින් ජාති සම්භවය නැමැති මහා ග්‍රන්ථය මුද්‍රනද්වාරයෙන් නිකුත් විය.

ප. ලි :-
මේ පහත සඳහන් කෘතියේ තිබූ කොටසකි. මෙම කෘතිය සරල සිංහලෙන් පරිණාමවාදය ගැන රසවත්ව විස්තර සහිතව ඇති එකකි. ඒ කාල වකවානුවේ ඓතිහාසික තොරතුරුද ඇතුලත්ව මෙය සිත්ගන්නා සුළු අයුරින් ලියා තිබේ. පරිණාමවාදය යන්න දැන් ලෝකය තුල එතරම්ම පිළිගන්නා මතයක් නොවුවත් පරිණාමවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කල නොහැකි අවස්ථාද ඇත. ජීව විද්‍යාව ගැන පුළුල් අවබෝධයන් නැති අයට පවා පරිණාමවාදය ගැන අදහසක් ගැනීමට මෙම කෘතිය යොදාගත හැක.

කර්තෘ :- ආචාර්ය මයිකල් ජෙ. කෙනී
මුල් කෘතිය :- ටීච් යුවර් සෙල්ෆ් ඉවල්‍යුෂන් 
පරිවර්ථන පොතේ නම :- පරිණාමය
පොතේ අංකය :- ISBN 955-20-1431-X
පරිවර්ථකයින් :- ජී. ඩබ්ලිව් නන්දිසේන
                ඇම් එච් ග්‍රීටා ද සිල්වා
ප්‍රකාශකයෝ :- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
පිටු ගණන :- 233(A5)
මිල :- රු. 150/=

Wednesday, March 27, 2013

අහිමි වන කප්රුක

පසුකරමින් මහ කඳුවැටි ඕවිටි..පාලු සෝන් පිටි රබර් වතු බඩවැටි...
ගල් මුල් වල පය හැපි හැපි වැටි වැටි...මතකයි හදපානෙ කැන්දන් ආ හැටි..

දැන් කෙල්ලට සල්ලි තියෙනවා.මට නැහැ. කෙල්ලට වස්තුව තත්වය දේපල හැමදේම තියෙනවා..මට ඒ ගොඩක් දේවල් සාපෙක්ෂවඅඩුයි. ඉතිං එයා දැන් බඳින්න යනවා. එයාට මනමාලයෙක් හමුවෙලා..
තියෙන්නෙ එක ඔප්ෂන් එකයි පැනලා යන එක..
ඒත් කෙල්ල ගැන හොඳටම දන්නෙ මම. මං කොහොමද පැනලා ගිහින් එයා එක්ක ඉන්නෙ..අනේ මන්දා..හිතන්න යනවාට වඩා නොහිතා ඉන්න එක හොදයි..

ගාන පර්ෆියුම් එක පන්දාස් ගානක්.. පන්දාස් ගානක් කියන්නෙ මගේ මාසික ආදායමෙන් හතරෙන් එකක්..
එකම දුව..ලොකු පවුලක. කොහොමද දෙමාපියො නෑයො එයාගෙ පරිසරය දාල ඇවිත් කාමරේක ඉන්නෙ.
ආදරය කියන්නෙ එකතුවීම නම් අනිවාර්යෙන් අපි එකතුවිය යුතුයි.
නමුත් ආදරය කියන්නෙ ජීවිතේ සතුට නම් එයාට මං එක්ක පැනලා ඇවිත් කුලී ගෙවල්වල ලගින එක පාඩුයි.
හැමදාම කතාකරන සන්තෝසෙ ජිවිත වල හැමදාම තියාගන්න බැරිවේවි. මම ගොඩක් හිතනවා වැඩියි. ඒත් අවුරුදු ගානක මගේ ඒකාකාර ජීවිතය මට උගන්වපු පාඩමක් තියෙනවා. හදිස්සියෙ සතුට සොයා යන්න ගිහින් විඳවනවාට වඩා හැමදාම විඳින දුක හොඳයි. මොකද ඒ දුක දැන්ට අපේ ඇඟට පයිත්තියං වෙලා. 

නිෂූ බඳින්න ඉන්න බෝයියා ඇවිත් එයාව කොහෙද එක්කරං යන්න. ඉතිං එයාට එලියට වෙලා ඉන්න කියලා නිෂූ කාමරේට ගිහිං මට කොල් කරලා අහනවා. සාලි මොකද්ද හොඳ ඇදුම කියලා..
නිෂු හමුවුනේ අහම්බෙන්. සල්ලිකාර වංශවත් බාගයක් අමරිකාවෙ සහ පිටරට ඉන්න් ඒ පවුලේ තිබුන පහලම කොක්කක් මිස් කෝල් වලින් සෙට් වුනා. ඉතිං ඒක දුරදිග ගිහින් අවසානෙ නිෂූ ගාව නැවතුනා..
වසර පහක ටෙලිපෝන් ප්‍රේමයක්. නිෂුට තාම මුකුත් දැනෙන් නැහැ. සමහර විට එයා මට ආදරේ කියාල සිය වතාවක ්කිව්වත් ඒක තාම දැනිලා නැතුව ඇති එකම පාරක්වත්. අපි හමුවුන වතාවන් වල සොඳුරු මතක සටහන් ගොඩක් එයාගේ රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක අහෝසි වෙලා යනවා කියලා ගානක්වත් නිෂුට නැහැ.

එහා හිතන තරම් සැහැල්ලුවෙන් මටත් හිතන්න හැකි වුනානම්. එයා බබෙක් වගේ. එයාලයි අම්මත් මට කිව්වෙ එහෙමයි. ඒත් බබෙක් වුනාට බබෙක්මත් නෙමෙයි. නිෂූව අතපත ගාපු මට එහෙම හිතුනා. එවේලෙ.
අපි නොගැලපෙන තැන් අපි කැමති දේවල් ගොඩායි. ඒත් අපි දෙන්නාට දෙන්නා.අනේ මන්දා.
තරහවෙලා දවස් ගනන් ඉඳලා ආයෙම කතා කරනකොට ආයිත් බැඳෙන හැටි හරිම ලක්ෂණයි.
මේක දිගට තිබුනොත් අවුලක්. හින්දි චිත්‍රපටියක් වගේ. ඒත් චිත්‍රපටියකට වඩා මේක දැනෙනවා. මොකද මම ඒකෙ පනගහන චරිතයක්.
සාලින්ද අයියේ.. ඔයාට මාව නැතුව ඉන්න බෑ වගේ නම් දැන්ම කියන්න ඈ.. තව මාසයයි තියෙන්නෙ? ඔන්න රෙජිස්ට්‍රේෂන් තියෙනකල් විතරයි හරිද?

ඔව් රෙජිස්ට්‍රේෂ්න් වලින් පස්සෙ වාහන ට්‍රෑල් යනවා. ඉන් පස්සෙ ඕනි ඩ්‍රයිවර මහත්තයෙක්ට පදින්න පුලුවන්. මට ප්‍රශ්ණයක් නැහැ තරිඳු තෙල් ගහයි මං පදින්නම්.. මම කියාගෙන ගියා.
චිකේ...සාලින්ද අයියා..ඔයා හරිම වල් වෙලා... තරිඳු අයියා දැනගත්තොත් මේවා කතාකරනවා කියලා මට පෝන් එකක්වත් අල්ලන්න දෙන්න එපා කියාල අම්මලට කියයි. ඒ නිෂු..
මං ඔයාට ඇප්ලයි කරන්න කිව්වට..අනේ මන්දා.. මටත බෑ වගේ...මං ඔයාට කවදා ඉදන්ද සාලින්ද අයියෙ කිව්වෙ..අලුත් රස්සාවක් හොයාගන්න.
කාර් කෑල්ලක් වත් ගන්න කියලා. ඔයාට ඒවා ඕනි වුනේ නැහැ. කොටින්ම බයිසිකලයක්වත්.. ඔයාට නැහැ..

හරි හරි නිෂූ..ඉතිං මට නැහැ. මට ගන්න ඕනිත් නැහැ.. කෙල්ලෙක් නිසා යකඩ ගොඩව්ල අතගාන්නයි ඒවා ගැරිජ් දාන්නයි මට බැහැ..විකාර..ගෙවල්..සල්ලි..ජොබ්..
ඔයාලයි තාත්ත මිනිස්සුන්ට දෙන්නෙ කීයද මාසෙට..ඔයාමයි කිව්වෙ ඔයාලගේ ලියන මහත්තයෙක්ට තාත්ත ගෙවන්නෙ විස්දාහයි කියලා..උන්ට කාර් තියෙද? උන්ට පර්පියුම් තියෙද? ඔය ජීවත් වෙන්නෙ සෝක් එකට..
නිෂු තේරුම් ගන්න..ඔයාලයි තාත්තලට බාප්පලට තරිඳු අයියලාට වගේ නෙමෙයි. අපිට දියුනුවෙන්න අමාරුයි. කොටින්ම මට ඔයාලයි තාත්තට වගෙ තුප්පහි බිස්නස් මට බැහැ..

ඔවු හැමදාම හිඟන්න වගේ ඉන්නවා. ඒ මදිවට හම්බ කරන මිනිස්සුන්ට ඉරිසියා කර කර කතා හද හද ඉන්නවා.. හැදෙන්න එපා.. හැදෙන්න හදන්නත් එපා.. මං මේ කතා කරාට ඔයාට වෙන කවුරුත් කෙල්ලො කතා කරන්නෙ නැහැනෙ. ඒ ඔයාගෙ තියෙන ඔය පන්ඩිත කමට.. ඔයාගෙ තියෙන ලොකුකමට..ඔයා ට මුකුත් නැතුවාට ඒ හැම එකටම උත්තර එනවානේ හොඳට..නිෂූට තරහ ගිහින් කියාගෙන ගියා..

(ම්ම්...නිෂු කොයිතරම් ෆේල්ද? එයා හිතනවා මං එයාට ඇත්තම කියනවා කියලා. අහෝ... දුර පරතරය නිසා අපි ඇතින් හිටියාම මං කියන ගොඩක් දේවල් ඇත්ත කියලත් නිෂූ හිතනවා.. කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති.. නරක වීඩියෝ බලන්නෙ නැති..කෙල්ලොන්ට විහිලු කරන්නෙ නැති මගේ සාලින්ද අයියා..මං නිකමට මං ගැන නිෂුගේ හිතේ තියෙන පිංතූරෙ ගැන හිතුවා..අහෝ කොයි තරම් ලස්සනද ඒ පිංතූරෙ..)
දවසට පුරා කනට ඇහෙන ඇහැට දකින කපටි ලෝකෙන් මිදිලා රෑට පැය බාගයක් නිසුගේ සුරංගනා ලෝකෙට යන එක මං පුරුද්දක් කරගත්තා. ඒක හරි ලස්සන එකක්..එයා ලස්සන සෙරෙප්පු ගන්න..එයාල ලස්සන ට්‍රිප් යන. එයාගේ ඥාති අක්කලාගේ බබාල සෙල්ලම් කරන සුන්දර ලෝකයක්. දවල් කාලෙදි මට හමුවෙන කපටි කයිරාටික මං වගේම මිනිස්සු අතරෙන් හෙම්බත් වෙලා අර සුරංගනා ලෝකෙ පැය බාගයක් ජීවත් වෙන එක මට නිකම් වෙහෙස නිවාගන්න කාටුන් ටෙලි බලන සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය පුරුද්ද තරමටම පුරුද්දක් වුනා. 

ඒත් නිෂුලා දුවන්නෙ එයාලට අයිති වතුවල,ෆැක්ටරිවල ආදායමෙන්..ඒ මිනිස්සුන්ගේ කඳුලු වලින් කියලා මම දැනගෙන හිටියා. එයා පෙඩිකාලෙ ඉස්කෝලෙ සුද්ද කරන්න ඉස්කෝලෙ මීටින් වලට පවා යන්නෙ එයාලගේ වත්තෙ හිටපු හොඳ මනුස්සයෙක්..එයාට ටිකක් උගතෙක් නමුත් ලේබර් කෙනෙක්..පොඩි බිස්නස් ගානක හිමිකාරයා වෙච්චි නිෂුගේ තාත්තගේ හොඳම සේවකෙයෙක් තමයි ඒ..ඉතිං අර අමරපාල කියන මනුස්සයා මහත්තයාගේ වැඩ කරලා ඒ මදිවට මහත්තයා වෙනුවට දෙමාපිය මීටින් වලටත් යනවා. ඒ දෙමාපිය මීටින් තියන්නෙ ඉස්කෝලෙ හදන්න..වත්ත සුද්ද කරන්න වගේ වැඩවලට කියලා නිෂුගේ තාත්ත දන්නවා. ඉතිං සුදුසු මනුස්සයා යවනවා. 

දවසක් නිෂුගේ කොන්සට් එකකට තාත්තා ගිහින්. වෙනදා තාත්තා විදියට අමරපාල එන නිසා හැමෝම ඇහුවලු නිෂූගෙන් තාත්තව පෙන්නලා කවුද මේ කියලා..ඒ හැමෝටම තාත්ත මුදලාලි මහතා..ඒ අපේ වැඩකරන කෙනෙක් මම තමයි නිෂුග් තාත්තා කියලා කිව්වලු..
ඒ කතා ටික ලියනවනම් ගොඩක් ..ඒත් ඒ කැත සල්ලි ගැන කිසිම කැතක් නිෂුගේ නැහැ. කොහොමත් මට ඒ කැත පෙනුනට කොහෙද සල්ලිවල කැතක්..

ෆැක්ටරියක වැඩකරපු මනුස්සයාගේ අතක් මැෂිමට ගිහින් තාත්තා ලක්ෂයක් දීලා සේප් කරගත්ත හැටි. ඒ මනුස්සයා පොලිසි යන්න හැදුවම පොලිසියට අරක්කු බොන්න දීලා සේප් කරගත්ත හැටි. පංසලේ හාමුදුරුවන්ට චෛත්‍ය හදන්න සල්ලි දීලා හාමුදුරුවො සේප් කරගත්ත හැටි..නිෂුට කතා ගොඩයි.
ලක්ෂ හතරක් දීලා පරණ කාර් කෑල්ලක් අරං පේන්ට් ගහලා ලක්ෂ 14ට දුන් හැටි.. ඒ කාර් එක බලන්න ආවොත් ආයිත් ගෙදර හොයං එයි කියලා තාත්තගේ ම වාහනේක කාර් එක පටවං ගිහින් මග බාලා මගදි පොඩිදුරක් ගිහින් අර මනුස්සයා මෝර කරලා කාර් එක වික්ක හැටි.. හරිම අභිමානෙන් හරිම කිංකිනි සද්දෙන් නිෂූ කියනවා. ඒවා නිසුගෙ තාත්තගේ වීරක්‍රියා..වගේ...

ඒ හැම එකටම මම හිනාවුනාට..මට අර දුකට පත්වුන මනුස්සයො ගැන වෙන වෙලාවට හිතෙනවා. ඉතාම අඩු දවස් කුලියට ෆැක්ටරිවල වත්තෙ වැඩකරන මිනිස්සු.. ඒ මිනිස්සු තමුංගෙ ගේ ළඟ තියෙන ගස්කොලං පවා මුදලාලිට ණයට දීලා හදිසිස්යට උගස් සල්ලි ගන්න මිනිස්සු..ඉන් පස්සෙ අර මුදලාලි මහත්තයා නියම දවසට ගිහිං ගෙදර අය බලා ඉද්දි ගහ කපං එන හැටි..ෆිල්ම් වගේ..ඒත් ඒ සල්ලි ..හරි වටිනවා..
මන්ත්‍රිතුමාට උදව්කරනවා කියලා ඇට් කරලා උන්දැලා සේප් කරගන්න හැටි..ඉන් පස්සෙ පාලං බෝක්කු කොන්තරත් අරං වැලි ගල් විතරක් දාල සිමෙන්ති නැතුව ඒවා හදන හැටි.. හරිම ලස්සන ඉංජිනේරු දැනුමකුත් මට ලැබුනා.. 

නිෂුට තාත්තා ඒ හැමදේම කියන්නෙ නැතුව ඇති.නමුත් නිෂුට ගොඩක් කතා ඇහෙනවා. ඒ ඇහෙන ඒවා හරිම හිනායන විදියට තාත්තගෙ වීර වැඩ විදියට මට කියනවා. ඒ කියන විලාසය හරිම ලස්සනයි.
ඔය මුදලාලියට පාඩමක් උගන්වන්නත ්පුලුවන් නිෂු එක්ක පැනලා ගියොත්. ඒත් එකම දුව..මුදලාලිගෙ..
අවසානේ..මුදලාලියෝද මනුස්සයෝය..කියලා මං වෙනදා වගේම නිකා ඉන්න තීරණය කලා.

Tuesday, March 26, 2013

සිරිපාදේ කැත විහිදේ worship with dirty clothes

ශ්‍රී පාදස්ථානය ඇති සමනල කන්දෙන් ලංකාවේ ප්‍රධාන ගංගා සතරක් පටන් ගන්නා බව අප සියලු දෙනාම කුඩාකල ඉගෙන ගෙන ඇත. සමනල කන්ද යනු ජල පෝෂක පෙදෙසකි. ලංකාවට වැස්ස ලැබෙන්නේ හුලං ඇවිල්ලා උස කඳු උඩ වැදිලා ඒ හුලං සමග එන ජලවාශ්ප අහසට ගිහිල්ලා ආදි ලෙස වන මෝසම් ආකාරයටය. බෙංගාල බොක්ක කැළඹුන විට සුලං තදින් හමයි තද සුලං කඳු වල වැදීමෙන් ඒවා ඝනීභවනය පහසු වෙයි. ඉන් පසු ඒවා යලි වර්ෂාව ලෙස පතිත වෙයි. මෙවන් වනාන්තර මගින් කරන එක රාජකාරියක් නම් මේ ජල බිඳිති ලෙස පොලවට පතිත වෙන ජලය ස්පොන්ජියක් පදරිද්දෙන් ගබඩා කොට තබාගැන්මයි. මෙ නිවර්ථන කඳුකර සදාහරිත වනාන්තර කොටස් වලට වැටෙන ජලය තාර පාරට වැටෙන වතුර වගේ ගලාගෙන ගොස් වාශ්ප වෙන්නෙ ්නැත. ඒවා මුල් සහ යටිරෝපන ශාඛ ජාල මගින් අවශෝෂනය කොටගෙන තබාගනී. 

සමනල කන්දේ ජෛවවිවිධත්වය.
සලකා බලනු ලබන වර්ග කොටසක එකිනෙකට වෙනස් ජීවින් ගොඩාරියක් ඉන්නා විට එය ජෛව විවිදත්වය ලෙස හඳුන්වයි. එසේ ගොඩාරියක් ජීවින් සිටින පරිසර පද්ධති ගනනාවක් ශ්‍රී ලංකාවට හිමිය. එයින් ප්‍රමුඛ එකකි සමනල කන්ද. මේ ළඟදිත් සමනල කන්දෙන් අලුත් ජාතියේ ගෙම්බන් වර්ග ගානක් සොයාගත් බව පුවත් පත් වල තිබුනි. සාමාන්‍යෙයන් ශ්‍රී පාදස්ථානය බලන්නට යනවිට දෙපස ඇති කඳුකර වනාන්තර දුටුවිටද අසිරිමත් ජීවින් රාශියක් දැකගත හැකිය. මේ සමහරක් ජීවින් සිටින්නේ මුලු ලෝකෙන්ම මේ සමනල කන්දේ පමණි. ඒ වැනි ජීවින් සමනල කන්දෙන් වඳ වුනොත් උන් මුලු ලෝකෙටම අහිමි වෙනවා ඇත. 

සිරිපාදෙ යනවිට පේන පරිසරය.
සමනල අඩවිය ඔස්සේ සිරිපාදයට නගින විට අපිට ක්‍රම ක්‍රමයෙන් ගස් වල උස අඩුවී දැඩි සුලං වලට සහ කටුක ගල් සහිත බිමට ගැලපෙන ආකාරයට අනුවර්ථනය වුන ශාක දැකිය හැකිය. රත්නපුර පලාබද්දල මාර්ගයේන යනවිට ගස්වල උස ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව හොඳින් නිරීක්ෂනය වෙයි. ඉහලට යනවිට ඇති කුරු ශාක පද්ධති වසර සිය ගානක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒ පරිසරයට අනුව සැදුන ස්වාභාවික බොන්සායි ශාඛ වර්ග මෙනි. 

සිරිපාදේ ඇති අනවශ්‍ය ශබ්ධය.
අපේ හිතාගත නොහැකි තරම් ඈත කාලයක සිට සිරිපා වන්දනාව තිබෙන්නට ඇත. බාගෙදා එය ගල් යුගයේ ගස් ගල් වන්දනා කරන යුගය තරම් ඈතට විහිදෙන්නට ඇත. මීට සියවසකට දෙකකට පෙර මේ සිරිපා අඩවිය වන සතුන් ගහන දිවියා, වලසා, වල් අලියා නිතර සැරිසරන අනතුරුදායක අඩවියක් වන්නට ඇත. ඒ කල සිරිපා කරුණාකරන්නට යන බැතිමතුන් අග්ගල කං ඩෝං පුතා, හෙලේ නගින් ඩෝං පුතා, වැඳල බහින මේ ගුරාට ,..සුමන සමාන් දෙවි පිහිටයි යනුවෙන් මහ හයියෙන් ශබ්ධ කරමින් යන්නටද ඇත. ඒ කල ඒ පුරාණ ශ්‍රී ලාංකිකයින් ශබ්ධ කරමින් යන්නට ඇත්තේ වන සතුන්ගෙන් විය හැකි අපල උපද්‍රව ආදිය දුරුකරගනු පිණිස විය හැක. දැන් බස්සෙකෙන් නල්ලතන්නියටම ගොස් සිද්ධාලේප කාරයාගේ පස්පංගු උගුර බී සිද්දාලේප වැසිකිලයක බොග දමා ලයිප්බෝයි ගාලා නාගෙන සිරිපාදෙ යන කාලේ ත් අර පරන කෑ කෝ ගැසීමේ පුරුද්ද ඒ ආකාරයෙන්ම අපේ අය රැගෙන යති. මේ හේතුව නිසා උදේ පාන්දර කුචු කුචු ගාන කුරුල්ලෙක්වත් ඒ සක්කිලි වන්දනා නඩවල සද්දයට ගහක ඉන්නේ නැත. 


පරිණාමිකව සත්වයා වැඩෙත්ම අනෙක් සතුන්ට පාද, නිය, සම ආදිය දැඩිව වැඩුනත් මිනිසාට වැඩිවුනේ ප්‍රධාන වශයෙන්ම සිය මොළය වෙයි. කිලෝ එකහමාරක් තරම් මොළයක් තිබෙන මිනිසා නිකම්ම පුරාණ අය කල පලියට පරිසරයට වින කරමින් යා යුතු නැත. කාලයේ තාලයේ හැටියට ආපු වන්දනාවේ පරිසරයට ගෝසා නොකොට සංසුන්ව නියම ආගමික වන්දනාවක් ලෙස යන්නේ නම් එය මනා යැයි මට සිතුනි. සමහර නඩවල අධික ශබ්ධය නිකං අල්ලපු ගමේ චන්ඩියෙකුට ගහන්න සෙට්වෙලා ඌ හොය හොයා කෑ ගහ ගහ බීමතින් යන පිරිසකගේ සද්දය වගේය. ආගමික අතින් බැලුවත් එය හරිම අශෝභනය.
සිරිපාදස්ථානය බාර උන්නාන්සෙලාද අපරාදෙ කියන්න බැහැ පුදුම සල්ලි පෙරේතයෝය. ඔවුන් ගමේ පංසල් වල මුස්ලිම් තම්බින්ට පාඩං උගන්වන්නට මහ හයියෙන් උදෑසන පිරිත් දානවා වැනිව සිරිපා යන මාර්ගයේ මහ පීකර් බැඳගෙන එක්තරා බිස්නස් එකක් කොරයි. එහි එක්වරම සුනිල් පෙරේරාගේ දැන්වීම් යයි. තවත් විටක ජනප්‍රිය ගායකයකගේ සිංදුවක් යයි. 
බොදු ගී බැති ගී යනු කුමක්දැයි නොදන්නවාදෝයි ඒවා අහන අයට සිතෙයි. ඊටත් වඩා නල්ලතන්නිය පහල සිට මහගිරිදඹ දක්වාම ඇති කන්දොස්කිරියාව විසින් ඒ පරිසරය ගැන බලන්නට තබා කනට නිවනක් ලැබෙන්නටද ඉඩකඩක් නොදෙයි. අපේ බුද්ධාගම ඇවිල්ලා මහ හයියෙන් සද්දකොරලා කෙලෙස් තවන පැරණි බමුණු දහමක් නොවන බවත් එහි ප්‍රධානම දෙයක් නම් සංසුන් බව ඇතිකරගැන්ම බවත් මේ උන්නාන්සෙලාට තේරෙන්නෙ නැත. හදිස්සියේ කෙනෙකු නැතිවුවහොත්, හදිසි ආපදාවක් වුවොත් දැනුම් දෙන්නට ඇමතුම් පද්ධතියක් තිබීමේ යම් හොඳක් ඇත. නමුත් එයින් නිතර දෙවේලේ සිංදු ඇඩ්, කතා ආදිය දමා එය හයියෙන් දැමීම, මහජන ඇමතුම් පද්ධතිය එෆ් එම් නාලිකාවක් කරගෙන මුදල් හොයන්නට යෑම,හරිම කුජීතය. බෞද්ධයෙක් වෙලා බෞද්ධයන් ගැන මට මේ විදියට ලැජ්ජා එනවා  නම් පිටරටින් සිරිපාදය බලන්ට එන අයවලුන්ට ඒ සද්ද පීඛර් සහ සද්ද දමාගෙන යන නඩ දුටුවිට අපිව පේනවා ඇත්තේ එක්තරා අන්දමක ශිෂ්ඨාචාර ගත නොවුනු මනුෂ්‍යය පිරිසක් ලෙසය. 

අපේ ඇමති මැතින්ගේ ප්ලෑන්..
නිශ්ශංකමල්ල රජතුමා ගේ ගව් ලිපි නැමැති එතුමා ආගිය තැන් සහ ඒවායෙහිදි කරන ලද පොර වැඩ කියන්නට ඔහු ගිය මාර්ගවල ගව්වෙන් ගව්වට තැනූ බව සැලකෙන ලිපි ජාතියක් ඇත. ඒවා නිකං අද කාලේ අපි කොහේහරි ගියාම ඒ ගැන බ්ලොග් වල ලියනවා වැනි කාරියක් වෙන්නට ඇත. නිශ්ශංකමල්ල රජතුමාත් අද කාලේ අය වගේය. අනුන්ගේ වැඩවල ප්‍රතිසංස්කරන ආදිය කොට තමුන්ගේ නම එල්ලා ගන්නට එතුමා සමතෙක් බව ඉතිහාස කතා  පවසයි. එතුමානෝද සිරිපා වඳින්නට ගොස් ඒ මගෙහි අපාසු තැන් කීපයක් ප්‍රතිසංස්කරණය කර ඇති බව ඉතිහාස පොත් වල සඳහන් වෙයි. අවසාන රජ සමයට අයත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පලාබද්දල රජ මාවතින් සිරිපා කරුණා කරන්නට පැමිණ ධර්මරාජගල තරණය කිරීමට අපාසු බව පෙනී ගොස් එය තරණය කිරීමට පහසු වන අයුරින් ගල මත පඩි පෙලක් කෙටු බව සෙල්ලිපියක සඳහන් වෙනවාලු. 

ඉතිං මීට ටික දවසකට කලිං වත්මන් රාජ කුමාරයකුත් පිරිවර එක්ක සිරිපාදෙ නැංගා. එතුමා බොහොම සැහැල්ලුවෙන් නගින රූප ආදිය අපිට පත්තරවල අන්තර්ජාලයේ දකින්නට ලැබුනා. හැබැයි ඒ රජ කුමාරයා ගිහිං ඇවිත් ටික දවසක් ගත වුනාට පස්සෙ කතාවක් ආවා සිරිපාදෙ ඇහැල කනුව හරියෙ රත්නපුර පාරෙ හෙලිකෝප්ටර බස්සන්න පුලුවන් හෙලිකොප්ටර අංගනයක් ඉදිකරන්න යනවා කියලා. 

සමහර විට පෙර රජදරුවන් මාර්ගයෙ අපාසු තැන් ප්‍රතිසංස්කරණය කරලා දුන්නා වගේ වත්මන් රජ කුමාරවරු මාර්ගයක් නැතුව ගුවනින් සිරිපා කරුණාකරන්න අවස්ථාව මහජනයාට ලබාදෙයි වගේ. අනේ වාසනාවන්..හෙලිකොප්පරෙන් සිරිපා කරුණාකරන්න ලැබෙන එක වගේ දෙයක් කල්පනා වෙන කුමාරවරු ඇමතිවරු සහ සට්ටැඹිවරු උපදින්නෙ ජාතියේ පිනටම තමයි.
මා කලින් කියා ඇති පරිදි මේ සමනල අඩවිය වැනි සංවේදී පරිසර පද්ධතිය සහ එහි වටිනාකම අපිට වචන වලිං ලියන්න බැහැ. ඒ වගේ තැනක මහ සද්ද තියෙන හෙලිකෝප්ටර නිතර බාන නග්ගන තැනක් ඇතිකලොත් ඒ පරිසර පද්ධතිය බොහොම ඉක්මනින්ම විනාස වෙලා යාවි. ඒ පරිසරය විනාශ වුනොත් එහි දරුණු ප්‍රතිපල අපිට නුදුරේදිම දැනගන්න ලැබේවි..මොකද මහවැලි කැළනි කලු වලවේ යන ගංගා..සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා ..එතකොට සමනල කන්ද උඩට හෙල්කොප්පර නැගලා එතන හෝටල් හැදිලා එතන විනාස වුනොත්..?

මීට දශක දෙකකට පෙර කන්ඩලම වැවේ තාවල්ල මත කන්ඩලම හෝටලය හදන වෙලාවෙ ඒකට විරුද්ධව විශාල පිරිසක් පාරට බැස්සා.. වක්‍රාකාරයෙන් ඒ නිසාමදෝ මන්දා හෝටල් පරිපාලනය ඒ හෝටලය පරිසර හිතකාමීව පවත්වාගෙන යන්න දැඩි උත්සාහයක් ගන්නවා.. නමුත් ඊට වඩා දෙතුන් ගුනයක් වැදගත් පරිසර පද්ධතියක් වෙන සමනළ කන්දට හෙලිකොප්ටර බාන්න යන මේ අද දවසේ ඒක කණට ඇහුනත් නොඇසෙන ඇසින් දැක්කත් නොදකින ජාතිමාමක දේශමාමක, දේශහිතෛශී පිරිසක් ගොලුවෙලා බලාගෙන ඉන්නවා.. 

පොලිතින්..
මේ ළඟදි මනුපොතේ දැක්කා මම ලක්ෂන දැන්වීමක්..එහි කියවුනේ ප්‍රංශයේදි හිතුන තැන සිපවැලඳගන්න පුලුවන් නමුත් හිතුන තැන චූ කරන්න බැහැ  නමුත් ලංකාවෙ හිතුන තැන චූ කරන්න පුලුවන් නමුත් සිපවැළඳගන්න බැහැ කියලා.. පොලිතින් කවර දාල යන්නෙ ඇයි කියන එකට හේතුවක් මට හිතාගන්න බැහැ.. අපේ රටේ සාක්ෂරතාවය හෙවත් අකුරු කියවන්න ඇති හැකියාව සාපේක්ෂව විශාලයි..ඒ විදියට පොලිතින් හලන එක වැරදියි කියලා අපේ අය දන්නවත් එක්ක..නමුත් ලංකාවෙ දේශීය සංචාරකයෝ යන එන ඕනි තැනක පොදු සාධකය තමයි පොලිතින් සහ කසල. මම හිතන්නෙ සිවිල් පිට පොලිසිය දාල අර ඉර කපනකං හැංගිලා බලං ඉන්න ට්‍රැපික් පොලිසි මාමලා වගේ කස්ටියක් දාන්න ඕනි පොලිතින් හලන අයට සැර දඩ ටිකක් ගහන්න..එතකොට වත් ඒ කැත වැඩේ ටිකක් අඩුවෙයි. 

වෙළඳ සැල්..
සිරිපා ඉමේ තියෙන වෙළඳ සැල් ඒ පරිසරයට ගැලපෙන්නෙ නැහැ..හරිම කැතයි. ඒත් ඒවා කාලයක් තිස්සේ ඒ තැන්වල තියෙනවා. අපේ අයත් ඒවායින් බඩු ගන්නවා. සමහර විට ගෝඨාභය මහත්තයා සිරිපාදෙ යන්න හෙම ගත්ත දාක ඒ තාවකාලික පැල්පත් වගේ කඩ නැතිවෙයි. අනේ මන්දා මිනිස්සුන්ට කන්න බොන්න ඕනි..ඇදුමක් අයිස ්කැප් එකක් ගන්න ඕනි..නමුත් ඒ තැන්වල තියෙන්න මහ ජාගර අවලස්සන ගතියක්...පොලිතින් කෑලි ටිකයි..අටෝගත්ත ටකරං කෑලියි..අපිරිසිදු කමයි. ඒ සමහර තැන්වල ස්ථිර පොඩි ගොඩනැගිලි ආදිය හදලා වැඩෙ ලස්සනට කරන්න පුලුවන් නම් හොඳයි.. නැත්නම් මේ කඩ වලින් පිටවෙන අපද්‍රව්‍ය ත් එකතුවෙන්නෙ අපේ අනාගත පරපුරට..

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...