Wednesday, July 31, 2013

අනේ sir වතුර මාරු කරලා දෙන්න (please change dirty water)


අද අපේ පියන් මහත්මයෙක් ආවා කන්තෝරු පැත්තෙ. මිනිහා ආ වෙලාවට අපි වැඩිය කතාවක් නැහැ. මොකද පොර අවුස්ස ගත්තොත් එකම තැටිය හත් අට වතාවක් දදා වාතයක් වෙනෝ අපිට වැඩක් කොරන්නත් නැහැ එයින් පස්සෙ. පොර අලුත් නිවුස් වගයක් හොයන්න ඇවිත්. අපි දැන් බලමු පොරට ඊයෙ වුන දේ. එයා කියන බාසාවෙන්මයි තියෙන්නෙ. 

මං ඊයෙ ගියා රතුපස්වල පැත්තෙ ඉඩමක් බලන්න. රුපියල් අනූදහයි පර්චස් එක. හප්පේ ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු පිරිල. උයං පිහං කනවා. තේ වතුර බොනෝ කන්න උයනෝ එක වැඩයි එතන. ඉතිං ටීවි එකේ කිව්වට පස්නයක් නැහැය අනම් මනම් කියලා වතුරු බැරල් තියල යාර පන්සියෙන් පන්සියට. මහ කළුපාට බැරල් අර උත්සව වලට හෙම තියන්නෙ පාර අයින් වල ආන්න ඒවා. පස්නයක් නැත්තං මොකටෙයි බැරල් වල වතුර පුරවල පාර අයින් වල තියල තියෙන්නෙ. බොරුව නේ මුංගෙ. 

ඒ පාර මං ගියා ඒව පහු කොරල ඉඩම තියෙන දිහාට. ඉඩම තියෙන්නෙ අර රතුපස්වල  ඔය කියන රබර් ග්ලවුස් පැක්ටරිය ළඟමයි. කැසිල් මහත්තයගේ ෆැක්ටරියක්ලු. කැසිල් මහත්තයගේ නිසා කවුරුවත් මොකුත් කියන්නෙ නැහැ. ඒ හරියෙ වතුර කටේ තියන්න බැහැලු ජරා වෙල. තෙල් කවලං වෙලලු. (ඔය අතරෙ ඉතිං අපිත් පස්න අහනවා. අහන අහන එකට උත්තර දීගෙන පොර කතාව ගෙනියනවා.)

මේකනේ වැඩේ ඔය ළඟ තියෙනව වෙල් යායක්. වෙල් යායට තමයි ෆැක්ටරියෙ කුනු බට හරවල තියෙනවා කියන්නෙ. ඉතිං වෙල් යායට වැටෙන අර කුනු වතුරු කෙමිකල් වතුරු යනවා පොලව දිගේ ලිං වලට. ලිංවලට යනවාය කියන්නෙ දැං අපි ලිදක් හෑරුවය කියන්න. අපි ළිඳ හාරන්කොට උල්පත තියෙන තැනට යනකල් අපි දෝනා ගහල ලිද හාරන්නෙ නැහැ නෙව. ලිඳ හෑරුවයින් පස්සෙ අවට තියෙන වතුරු අර ලිංවලට එනවා. ආන්න ඒ වගේ අර වගුරට පැක්ටරියෙන් යන කුනු වතුරු ටික ලිං වලට ඇවිල්ල. 

ඉඩං කෑල්ල ඇවිල්ල කිරිබත්ගොඩ පැත්තෙ මිනිහෙක්ගේ. හොද වෙලාවට මේ කලබල තියෙන දවස්වලම ගියේ. මිනිහ මේ ලිං වතුර කතාවක් යන්තං වත් කිව්වෙ නැහැ. මිනිහ කියපි ඔය සෙනග ටික දවසකින් නැතිවෙනවා. මේ අද හෙට විතරයි ඕවා. ඉන් පස්සෙ ගානක් නැහැ කියලා. මාත් ඉතිං ඔය මිනිහත් එක්ක ගහගෙන මොකටයි. මමනේ ඉඩම ගන්නවද නැද්ද කියල හිතන්නෙ. ආපයින්ම හැරිල ආව එන්න. මං දැක්ක කොහද තියෙනවා තව අවුරුදු ගානක් යනකල් ඔය විස ගතිය ලිංවලින යන් නැහැලු. අපේ මහත්තයාගේ නෝන දොස්තරනේ. දොස්තර නෝනගෙන් අහල බලන් ඕන ඒක ගැන. 

පුංචි එවුං ඉස්පිරිතාලෙලු කකුල් ඇඟිලි කුනු වෙල. නාකි මිනිස්සුන්ගෙත් කකුල් කුනුවෙලාලු. වැස්සයින් පස්සෙ අර ඔක්කොම කෙමිකල් කුනු ජරාව එක්ක කුනු වතුර ගෙව්ල දොරවල් ගාවට එනව ඇති. ඉතිං පුංචි උන් දන්නවයි වසක් විසක්. වෙනද වගේ ඇවිදිනෝ ඇති. පවු අම්මප හෙන ගහනවා මේ හැත්තට නං ඕවට.
ඒ පාර මර්වියා ආවා. ඕකා එවන්න ඇත්තෙ මහ එකා වෙන්න ඇති. මොකද ඌ ආවොත් බැහැ නේ. ඒ නිසා හැම එකටම නාන එකා එව්වා. ඌ ඇවිල්ල උගේ පුතත් ඉස්පිරිතාලෙලු ඒව බලන්නත් ඕනලු. අනං මනං කියනවා.මිනිස්සු හූ තිව්ව. හූ තියල යන ගමන් මරවිය බැන බැන ගියා. පැක්ටරිය වහනවා කියල අත් තියල දිවුරල ගියාට මොකද වැඩේ වෙලා නැතුව ඇති. ඒකනේ මිනිස්සු කලබල වෙල තියෙන්නෙ. 
 
ගඳ ගහන ජලාශයක මඳ පවනේ යන බෝට්ටුවක්.
ආයිමත් මිනිස්සු පංසලට ගිහිං ඇඳ පිටින්ම හාමුදුරුවො කුදලගෙන ආව. ඇවිල්ල පැක්ටරිය ඉස්සරහින් තියල ආයිමත් පටන් ගත්ත මිනිස්සුන්ගේ වැඩේ. බාගෙද ආමි එක දාල ගහවි. පවු මිනිස්සු. එහෙං දරුවොන්ගෙ කකුල් කුනුවෙල. අනික් පැත්තෙන් බොන්න කියන්න පුක හෝදගන්නවත් වතුර නැහැ. වතුර බවුසර වලින් බෙදුවට ඇහැකිය වැඩකට එහෙම ගන්න. ඔන්න වලං ගෙඩියක් හෝදගන් ඇහැක ඔය බෙදන ජුංඩෙන්. 

මිනිස්සුන්ට නං හොදට තරහ ගිහින්. 

පියන් තුමා යන්නට ගියේය. ඔහු පියන් තුමකු වුවත් ඔහු ඒ ඉඩම බලා ඇත්තේ ඔහුගේ කඩයේ වැඩකරන කඩේ බලාකියා ගන්නා කොල්ලා වෙනුවෙනි. ඒ කොල්ලා හැටන් වල දෙමල එකෙකි. අවුරුදු දොලහක් ඔහුගේ රෙදි කඩය බලාගෙන ඇත්තේ ඒ දෙමල කොල්ලාය. එබැවින් ඌට ඉඩමක් අරන් දී ගෙයක් හදාගන්න තැනක් තිය යුතුයැයි අපේ පියන් තැන සිතයි. 

ඒ මනුෂ්‍යයාට රතුපස්වල මිනිසුන් ගැන සැබෑ කරුණාව පහල වී ඇත. නමුත් ඒ සැබෑ කරුණාව අපිට පහල වෙන්නේ කවදාද? පොලොන්නරුව පැතිවල සමහර මිනිස්සුද බොන්න වතුර නැතුව වතුර බී වකුගඩු ලෙඩ හදාගෙන අමාරුවෙන් ජීවිතගෙනියයි. ඒ ආසන්න සමහර තැනෙක අධික ලෙස කෘෂි රසායන මිශ්‍ර ජලය භාවිත කිරීම ඉහල යෑම නිසාද රෝග වැඩිවෙන බවක්ද කියවේ. 

පිටරට සිට නිවුස් බලමින් රට ගැන හූල්ලන ජනතාවට මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් අහිතකර අයන පෙරා හරින හොඳ ජාතිවල වතුර පිල්ටර ටිකක් වත් බෙදන්නට හැකියාව ලැබේ නම් එය ඊ නිවුස් බලා රට ගැන හූල්ලනවාට වඩා සිය දාස් ගුණයක් වටිනා පිංකමකි. කරන්ට් එකෙන් දුවන එවන් ෆිල්ටර් ජාතියක් ලංකාවේ පවතින බවද එයින් එකක් රුපියල් 40,000/= පමණ වන බවද මා දන්නා ඒ පැතිවල වැඩකරන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතකුගෙන් දැනගතිමු. 

(මා ලබා දුන්නේ හුදෙක් සුළු ඉඟියක් පමණක් වන අතර පොලොන්නරු පලාතේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අය ගැන ලිපියක් පසුගිය රාවය පුවත්පතක වික්ටර් අයිවන් මහතා විසින් ලියා පළකොට තිබුනි. )

පොල් කැඩීම pluck the coconut

එදා නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ඒකට විරුද්ධ වුන ඩී ඇස් සේනානායක මහත්තයා කිව්වලු අපේ ගහක ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් ඉස්සරහට නැතිවෙයි කියලා. බලං ගියාම රට රටවල උපාධි තානාන්තර ගොඩක් නැතිවුනාට උන්නාන්සෙ එදා කියපු ඒ කතාව ඇත්ත. අද පොල් ගහකට ගෙඩියක් කඩාගන්න එකෙක් නග්ගවගන්න හොයන්න නැහැ. ගොඩක් පැතිවල දැන් දැන් කෙකිවලින් පොල් කඩන්න පටන් අරගෙන. කෙකිවලින් පොල් කඩනකොට හෙල්මට් එකක් දානවනම් හොදයි. මොකද කෙක්ක දිගේ පොලේ ඇවිත් ඔලුවට පත බෑ වුනොත් ඉතිං සදාකාලික දුබලතා හෝ පිං කරල ඇත්නම් ඔන් දස් පොට් දිවිය ලෝකෙ යන්න අවස්ථාව ලැබෙන නිසා. 
අපෙ මුත්තට තිබුන ටිකක් අක්කර පහ හයක පොල් කෑල්ලක්. ඉතිං අපේ මුත්තගේ මලයා කෙනෙක් ඉදලා තියෙනවා කළුතර බුලත්සිංහල දිහා. මිනිහා ඇවිත් එකපාරක් අයියන්ඩිව බලන්න. ඉතිං බුලත්සිංහල මලයා දැකලා තියෙනවා අපේ මුත්ත පොල් හිටෝල තියෙනවා වත්තෙ. මල්ලි මේ මොකට පොල් හිටවලා.. ඉඳපන් මම ඊලග පාර එනකොට බොට හොඳ වයින් රබර් පැල ටිකක් ගෙනත් දෙන්නම් කියලා කිව්වලු. ඉතිං බුලත්සිංහල රබර් වැවුනට අපේ පැත්තෙ කාස්ටක පොළොවට ඕව හරියනවැයැ. කොහොම වුනත් අපේ ගෙදරත් පොඩියට පොල් වගාවක් තියෙනවාය. කොටින්ම අපේ ගෙදර පොල් වගාෙව පොල් ගස් ගූගල් මැප් එකටත් පේනවාය. අපි දැන් බලමු ගූ මැප් එකෙන් අපේ ගෙදර පොල් වගාව. 
හොදටම පෙනුනෙ නැතත් බොහෝ දුරට පොල් වගාවක් කියලා පේන මට්ටමකට තිබෙනවා. ඉතිං පොල් කැඩීම ගැන කතා කරනවා නම් ඉස්සර අපේ වත්තෙ පොල් කඩන්න එන මිනිහා ටිකක් පහල තැනක ඉන්නවා කියලා තමයි සැලකුනේ. පොල් කඩන මිනිහා මිසක් පොල් කඩන මහත්තයා කියලා අපි කවදාවත් කියලා නැහැ. පොඩි කාලෙ වුනත් අපි පොල් කඩන කෙනාට පොල් කඩන මාමා කියල නැහැ. ඒත් අපේ ගෙදර අය ඒ මනුස්සයාට හොදට සලකනවා. කන්න බොන්න දෙනවා. නමුත් ඉතිං ඒ මනුස්සයත් අර පුරුදු රාමුව ඇතුලෙම ඉන්නවා මිසක වැඩිය ඉතිං තැන ලබාගන්න යන්නෙ නැහැ. පුටුවක වාඩිවුනත් ඒ මනුස්සය හොයන්නෙ පොඩි පුටුවක්. ඒත් අපේ පියානෝ හෙම ඕවා වැඩිය තකන මනුස්සයෙක් නෙමෙයි. දැන්  නම් පොල් කඩන එකා හොදට ටෝක් කරලා කතා කරනවා වගේ නම් මිනිහාට තේ වතුරු දෙන්න කේක් බිස්කට් පවා ගේන වෙලාවල් තියෙනවා අපේ පියානෝ. 

මේ පොල් කඩන මනුස්සයා සමහර උස ගස්වලට නගින කොට මැද ටිකක් නැවතිලා විවේක අරං ආයෙම නගිනවා. ඉතිං සමහර වෙලාවට මේ මනුස්සයා ගහේ මැදක් වෙනකල් නැගලා.. අල්ලපු පංසලෙ ඝන්ටාව පේනවාය කියනවා. ඒ වගේ වෙලාවට උඩ බලාගෙන හිටියොත් කොහොමත් ඝන්ටාවක් දැක ගත හැකි. නමුත් ඉතිං අපි ඒ වගේ වලත්ත වැඩ කොරන්නෙනැහැ ආයිබොවන්ඩ. ඉදලා හිටලා උඩ බැලුවත් තහනම් ඒරියා එක නොසලකා බලන්න වග බලා ගන්නවා. 

හැමදේටම යාන වාහන යන්ත්‍ර සුත්තර ඇති වුනා. නමුත් පොල් කඩන්න තාමත් පාවිච්චි කරන්නෙ පරණ ක්‍රමයම තමයි. සාමාන්‍යයෙන් ගහක පොල් කඩනකොට වලු දෙක තුනක් කඩල දානවා. පොල් ගස්වල වේලෙන්න දෙන එක පොල් ගහටත් අස්වැන්නටත් එච්චර හොද නැහැ. පොල් මුරේ ආවම හොදට ගස් ටික සුද්ද කරලා දාන්න ඕනි. දැන් නම් ගස් නගින ඈයො යන්තං ගෙඩිය කඩලා සල්ලි කොලේ අරං මාරු වෙනාව විතරයි. නමුත් ඉස්සර පොල් කඩන මිනිහා ගහට නැගලා කොළපු පරණ අතුකෑලි මටුලු අනම් මනම් අයින් කරලා ගහ හොඳට සුද්ද පවිත්‍ර කරල තමයි බහින්නෙ. 

අපේ ගමේ පොල් වත්තෙ පොල් කඩන දවස කියන්නෙ පුංචියට හිටියට අපෙත් හමයන ඒ වගේම ආතල් දවසක්.තාත්තල සීයල අම්මල හෙම නොපෙනන කන් ඉදලා පොල් කඩන මහත්මයාට අපි නොවදින වැදුම් වැදලා යන්තං වෑවරයක් කඩාගන්නවා. සමහර වෙලාවට තාත්ත හෙම ආවමත් වෑවර කඩල දෙන්න කියනවා. නමුත් ඉතිං අපි  පොඩි වුනාට බඩ පොඩි නැහැ නෙව. ඒ නිසා එක වෑවරයක් මදි. පොල් කැඩුවාම ඊලගට ඒවා පොඩි ගොඩවල් ගහනවා. පස්සෙ අපේ ගෙදර තිබුනා ඉස්සර අත් කරත්තයක්. අත් කරත්තෙට ගොන්නු නැහැ. අපිම තමයි ඕක තල්ලු කරන්න ඕනි. මට මතකයි රොබින් හුඩ් හෝ වෙනත් පිටරට පරණ කතාවක ඒ වගේ ලී රෝද තියෙන අත් කරත්ත තිබුනා. ඒකට පොල් පටවලා පස්සෙන් කෑලි දෙකක් එකතුවෙලා තල්ලු කරනවා. තව කෑලි දෙකක් ගොනා වගේ අදිනවා.. මෙහෙම එකතැනකට ගන්න පොල් ලොකු ගොඩවල් ගහලා පොල් අතු වලින්ම රළුවට වහලා මාසයක් හමාරක් තියෙන්න ඇරලා තමයි ආයි පොල් බිඳලා කොප්පර හදන්න ගන්නෙ. 

ඉතිං ඔය දවස ටිකක්මඩ වෙච්චි වැහි දවසක් කාරිය වුනානම් ඉවරයි ඉතිං. පණ පලයං පෙරේදා කියලා මඩ ගොඩවල් උඩිං අර කරත්තෙ තල්ලු කරන් යන්න ඕනි. ඕ කරත්තෙ තල්ලු කරලා පොල් අදින කාලෙ මම හරි හිච්චි කොල්ලා. මං වගේ හිච්චි එවුං ආයිම යන හිස් කරත්තෙට නගිනවා. නැගලා පොල් කඩන ඒරියාට එකට නොමිලේම ට්‍රාන්ස්පෝට් ගන්නවා. ඒ කාලෙ ඔය වගේ දවසට ගෙදර බල්ලා පවා අපේ පස්සෙන් වැටිලා එහෙම මෙහෙ යනවා. ඒ වගේ වැඩ වලදි ආච්චිද, සීයද, චූටි පුතාද, අම්මද තාත්තද, අල්ලුපු ගෙදර අයියලාද ඔක්කොම එනවා. ඇවිත් වැඩ කරන්න උදව් කරනවා. ඒ වගේම තමයි ඉතිං අල්ලපු වත්තෙ මඩුවක වගේ පොල් අතු හෙවිල්ලක්, මඩු ගැහිල්ලක් හරි මොනයම්ම දෙයක් තිබුනද ආයි ඉතිං කුලිකාරයො හෙවිල්ලක් නැහ. පොඩි මතක් කිරීමකින් සෙට් එකක් ම බහිනවා වැඩේට. 

ඉන්ඩියන් පොරක් ඉන්නව විල්බර් සර්ගුණරාජ් කියලා. මිනිහා හෙන ගොඩ ටයිප් එකට ඉංගිරිසි බස උච්චාරනය කරන කෙනෙක්. එයා මේ පොල් කැඩීම ගැනත් වීඩියෝව්ක කරලා තිබුනා. දැන් නම් මිනිහට සාරයි වගේ.. පේන්නෙ. ළඟදි චිත්‍රපටියක් කරන්න යනවා කියලත් තියෙනවා. 

Wednesday, July 24, 2013

එල් ඊ ඩී දාමු විදුලිය ඉතිරි කරගමු.(Turn for LED bulbs)

සී එෆ් එල් ෆ්ලොරසන්ට් සහ එල් ඊඩී බල්බ. 
නිවාස එලිය කරන්නට මේ ළඟක් වෙනකම්ම පාවිච්චි කලේ එඩිසන් ගොයියා හදපු සූත්‍රිකා පහන. තෝමස් අල්වා එඩිසන් ඕක හදන්න හත්සිය අසූ හය වතාවක්ද කොහෙද උත්සාහ කරලා තිබුනාලු. කාලයක් යනකොට අපිට වාසියට වගේ ෆ්ලොරසන්ට් හෙවත් ටියුබ් ලයිට් ආවා. ටියුබ් ලයිට් එකක් හයි කරනවා කියන්නෙ ටිකක් සංකීර්ණ වැඩක්. ස්ටාටරේ,ටිකක් ලොකු පවර් කන්වර්ටර් කෑල්ලක් ආදිය ටියුබ් ලයිට් එකක් හදන්න වැය වෙනවා. ඉතිං ටියුබ් ලයිට් එහෙම වුනාට සූත්‍රිකා පහන් වලට වඩා විදුලිය ලබාගත්තෙ අඩුවෙන්. කාලයක් යද්දි ඔය දිග ටියුබ් එක කොට වෙලා ඇඹරිලා බලුබ් ජාතියක් ආවා සුසංහිත ප්‍රතිදීප්ත පහන් නොහොත් CFL කියාල. මේ බල්බ් ජාතිය කලිං තිබුන ටියුබ් ලයිට් එක වගේ නෙමෙ. ගෙනාව ඩුග් ගාල හෝල්ඩරේට හයි කලා වැඩේ ලේසියි. ඉතිං ඔය ජාති දෙකම මේ බ්ලොග් එක කියවන බොහොම දෙනා දන්නවා.

මේ සූත්‍රිකා පහනට වඩා ඉතිරි සී එෆ් එල් සහ ටියුබ් ලයිට් වල එලිය ටිකක් හොඳ වුනාට පොඩි රසදිය කේස් එකක් මේ දෙකේම තියෙනවා. රසදිය කියන්නෙ බැර ලෝහයක්. රසදිය ඇතුලෙ තිබුනාට ඔය බලුබ් ආදිය පිච්චුනාම බලුබ් කුඩුවෙලා ගියාම රසදිය ඇඟට කාන්දු වෙලා මහ දරුණු ලෙඩා ජාති හැදෙන්න පුළුවන් කියලා තමයි දොස්තර මහත්වරු කියන්නෙ. මේ තුනට අමතරව අලුත්ම එකක් ආවා එල් ඊ ඩී බල්බ් වලින් හදන අලුත් ජාතියෙ ලොකු බල්බ් එකක්. 

එල් ඊ ඩී බල්බ් ..
මේ එල් ඊ ඩී බල්බ් වලට සිංහලෙන් කියන්නෙ ආලෝක විමෝචක දයෝඩ. ආලෝක විමෝචක දයෝඩ පත්තුවෙන්නෙ සරල ධාරවන් වලට. සිංහලෙන් කිව්වොත් ඩිරෙක්ට් කරන්ට් එකට. අපිට ගෙවල් වලට කණු දිගේ කෙලින්ම ලැබෙන ඇල්ලුවම ගැස්සෙන ධාරාව ප්‍රත්‍යාවර්ථ ධාරාව හෙවත් ඒ සී කරන්ට් එක ලෙසත් බැටරි වලින් ලැබෙන ගැස්සිලි අඩු ධාරාව සරල ධාරාව ලෙසත් අපිට සරලව හඳුන්වගන්න පුළුවනි. මේ එල් ඊ ඩී ලාම්පු වල මුලින්ම ආපු ලාම්පු ජාතිය තමයි චූටි එල් ඊඩී බල්බ් රාශියක් එක බල්බ් එකකට දාලා විසාල බල්බ් තඩියෙක් හදාගන්න එක . මේක නිකම් හරියට පොඩි එලියක් තියෙන කණාමැදිරියො අල්ලලා බලුබ් එකකට දාල ලකෙන් පුයිට් තියෙන කණාමැදිරියාගේ පස්ස එලියට හරවලා තියලා ලයිට් ගන්නවා වගේ වැඩක්. මේක එච්චරම කාර්යක්ෂම වැඩක් වුනේ නැහැ. ඒ වගේම හදන්නත් ටිකක් අමාරුයි. හැදුවත් ලැබෙන එලිය ප්‍රමාණය මදි ලයින් එකක් ආවා. ඒත් ශක්තිය ඉතිරි වීම අතින් නම් මේ කුඩාම එල් ඊ ඩී යොදලා හදන පහන් සුපිරි කියලා තමයි කියන්නෙ.

2008 වර්ශයේදී ෆිලිෆ්ස් කියන සමාගම අමරිකාවෙදි සම්මානයක් දිනනවා බලශක්තිය ඉතිරිකිරීම සම්බන්ධයෙන්. ඒ අලුත්ම තාලෙ එල් ඊඩී බලුබ් ජාතියකට. ඒ බල්බ් ඇවිල්ලා 1W වැනි සාපෙක්ෂ විශාල ශක්තියක් යටතේ වැඩකරන ඒවා. දැන් ඒ අලුත් එල් ඊඩී බලුබ් ජාති යොදලා හදන විසාල බල්බ තියෙනවා. (2,3,4)W ආදි විශාල පරාසයක මේ කුඩා එල් ඊඩී බල්බ ජාතිය දැන් තිබෙනවා. ඒ බල්බ වලත් එක එක ආලෝක ප්‍රමාණ නිකුත් කරන බල්බ තිබෙනවා. 

දැන් මේ බල්බ් භාවිත කරලා අපිට ඩ්‍රයිවර් සර්කිට් එකක්( පරිවර්ථනය කරන පරිපථයක්) නැතිව කෙලින්ම බැටරි කරන්ට් එකෙන් බලුබ් පත්තු කරත හැකි. ඒ නිසා මේ නව කුඩා එල් ඊ ඩී බල්බු  යොදලා විදුලි පහන් ආදිය සැහැල්ලු විදියට නිර්මාණය කරන්න හැකි වුනා. ඒ වගේම දැන් දැන් එන ජංගම දුරකථන ආදියේ කැමරාවෙ ෆ්ලෑෂ් ලයිට් එක විදියට වැඩකරන්නෙ මේ අලුත් ජාතියේ එල් ඊ ඩී SMD LED ජාතිය. නවීන මෝටර් රථවලට එන ලයිට් පවා දැන් දැන් එල් ඊ ඩි වලට හැරෙමින් යනවාලු.

මේ එල් ඊ ඩී බල්බ් එකක් සාමාන්‍ය වෙළඳ පොලේ නමගිය වෙලෙන්දන්ගේ රුපියල් 3000ක් විතර වෙනවා. නමුත් මෙ ්බල්බ් එකක් අපිට ඒ විදියටම නැතත් පොඩ්ඩක් ඒ ළඟින් යන විදියට පිටකොටුවෙන් බඩු අරගෙන හදාගත හැකි.

මේ බල්බ් එකෙන් විශාල ශක්ති ඉතිරියක් වෙනවද? 
මේකනම් ටිකක් බොන්න ඕනි ගැටලුවක්. නමුත් මේ එල් ඊ ඩී එලිය සූත්‍රිකා පහනට වඩා එලියෙන්  සෞම්‍යයි. අනික් ටියුබ් ලයිට් සහ ප්‍රතිදීප්ත පහන් වල තියෙන රසදිය සම්බන්ද ගැටලුව පැන නගින්නේ නැහැ. මේ නව එල් ඊ ඩී බල්බ් වලට විශාල ප්‍රමාණයේ තාප අවශෝෂක කොටස් එනවා. ඒ කියන්නෙ බල්බයේ තාපය ලෙස හානිවන ශක්තිය සාපේක්ෂව වැඩියි. ඒ නිසා මේ බල්බ් අපි හදන්නෙ 3,5,7,9,12,15 W ආදි වශයෙන් වුවත් ඒ අගයට වඩා තරමක් වැඩි අගයක් බල්බය විසින් ලබාගන්නවා වෙන් පුලුවනි. අනික් කාරණාව තමයි අපේ නිවෙස්වල භාවිතා කරන උපකරණ වලින් කෙතෙක් ප්‍රමාණයක් නිවසට ආලෝකය සපයන්න වැයවෙනවාද කියන කාරණාව. හොඳින් සලකා බැලුවොත් ඔබ මේ ලිපිය කියවන්න භාවිත කරන්නෙ පරිඝනක යන්ත්‍රයක් නම් ඔබ භාවිත කරන පරිඝනක යන්ත්‍රය නිවසේ සියලුම ලයිට් වලට වඩා වැඩි විදුලි බල ප්‍රමාණයක් ලබාගන්නවා වෙන්නත් පුළුවනි. 

මේ පිටකොටු ලයිට් වල කියන තරම්ම නම් ලකයක් එන්නෙ නැතුව ඇති. නමුත් පැරණි සූත්‍රිකා බල්බයට සාපෙක්ෂව සැලකිය යුතු ඉතිරියක් වෙනවා ඇති. 

බල්බ් එක හදාගන් බඩු ගන්න හැටි.

මෙන්න මේ කෑලි ටික තමයි බල්බ් එකක් හදාගන්න වැයවෙන කෑලි බෑලි ටික. මේ ටික අමුණලා කරලා ගත්තම යස බල්බ් එකක් තනාගත හැකි වෙනවා. යන්තම් පෑස්සුම් වැඩ කිඩ දන්න ඕනි කෙනකුට මේ බල්බය මේ විදියට හදාගත හැකි. කුඩා එල් ඊ ඩි SMD LED ජාතිය ගත්තට ඒ හැම එල් ඊ ඩි බල්බයක්ම එකම එලිය විහිදුවන්නේ නැහැ.1W බල්බ් වුනත් එක එක ලියුමන්ස් ගනන් වලින් තිබෙනවා. 90-110 වැනි ඉහල ලියුමන්ස් අගයක එල් ඊ ඩී බල්බයක් රුපියල් තිහත් තිස්පහත් අතර ගානක් වෙනවා. මේ දීප්තිය මනින ඒකකය ලියුමන්ස් ද ලිමන්ස්ද කියලා නම් මම දන්නෙ නැහැ. කොහොම වුනත් වැඩි ලියුමන්ස් ගානක් තියෙන බල්බ මිලදී ගත්තොතින් ඔබට වැඩි එලියක් ලබාගත හැකි වේවි. පොඩ්ඩක් විතර මිල වැඩි වුනාට එකම වොට් අගයෙන් වැඩි එලියක් ලබාගන්න හැකි වෙන එක හොඳයි නේද? 

මට වැයවුන මුදල නම් 7W බල්බ් එකකට රුපියල් 600ක් වගේ වුනා. මේ කියන්නෙ ඔක්කොම කෑලි බෑලි වලට යන ගාන. මීට වඩා අඩු මුදලටත් ඇති සමහර විට මීට වඩා වැඩි මිලටත් බල්බ් ඇති. පිටකොටු ඇවිදින කෙනෙක්ට නම් මේ බල්බ් දැන් හදපුවාත් අඩුවට තිබෙනවා. එක එක මොඩල් වලින් එක එක ජාතියෙන් මේ අලුත් එල් ඊ ඩී දාපු බල්බ් තිබෙනවා. නමුත් ඒවායේ වොට් අගයට වඩා විහිදෙන එලිය ගැනත් බලලා ගන්න පුළුවනි නම් හොඳයි. 

මීට අට වසරකට එපිට දී වගේ ලංකාවට සී එෆ් එල් ආපු කාලෙ පේමන්ට් වල සී එෆ් එල් තිබුනා රුපියල් පනහටත්. ඒ කාලෙ නමගිය සී එෆ් එල් වල මිල රුපියල් දාහක් විතර වුනා සාමාන්‍ය තරමේ එකක්. ඉතිං අර පනහට තිබුන ඒවා මිනිස්සු ගෙවල් වල ගිහින් ලාබෙට දාගත්තා. ටික දවසකින් ඒවා පිච්චිලා ගියා. ඒත් ටික දවසක් හරි එලිය තිබුනා. ඒවායෙන් බලය ඉතිරිවුනාද කියලා දන්නෙ නම් නැහැ. නමුත් ඒ බලුබ් එකක් රුපියල් දාහක් දීලා අරගෙන රුපියල් සීයක් බිල එන ගෙදරකට දාගත්තා කියලා ලොකු වැදගත් කමක් ලැබෙන් නැහැ. මොකක් හෝ ෆැෂන් එකකට දාන නිසා හැමෝම දැම්මා. 

ඒ කාලෙ විදුසර පත්තරේ ගියා ඔය පේමන්ට් සී එෆ් එල් හෙලාදැකලා ආටිකල් එකක්. ඒ දවස්වල බ්ලොග් තිබුනෙ නැහැ. මම ආටිකල් එකක් ලිව්වා විදුසරට කාර්යක්ෂමතාවය සම්පූර්ණයෙන්ම නැතත් යම් තරමක හෝ කාර්යක්ෂමතාවයක් මේ හරහා ලැබෙනවා කියලා. පේම්නට් එකේ තිබෙන බල්බ් භාවිත කිරීමෙන් විදුලි ඒකක කුඩා ප්‍රමාණයක් ඉතිරිවෙනවා කියලා රස දාල ලිව්වා.. ඒ මම දාපු උත්තර ලිපිය එකත් විදුසරේ පළ වුනා. දැන් නම් ඒ පරන පත්තරේ කොහෙද කියලා හොයන්නත් නැහැ.

ටෙක් කතා කියන කාලිංග පණ්ඩිත  සහ අනික් බලශක්තිය සහ විදුලිය ගැන කතා කරන අය අහන දෙයක් තමයි දැන් ඔය හදන බල්බ් වල ඇත්තම වොට් අගය කීයද කියන එක. නමුත් ඉතිං රුපියල් පන්සීයක් විතර ලයිට් බිලක් එන ගෙදරක ලයිට් වලට පිච්චෙන්නෙ රුපියල් සීයක විතර ඒකක ප්‍රමාණයක්. ඉතිං රුපියල් සීය පනහක් දක්වා අඩුකරන්න රුපියල් තුන්දාහක් දීලා ඔරිම ජිනල් එල් ඊ ඩී බලුබ් දානව කියන්නෙත් එක්තරා විහිළුවක්. 

 මට මුලින්ම එල් ඊ ඩි ගන්න පෙටා යන්න වුනේ මේ න්න මේ ලිපිය දැකලා..ඒකටත් ස්තූතියි..අලුත් ට්‍රෙන්ඩ් එකක් අල්ලගන්න ලැබුනෙ ඒක නිසා.. 

Tuesday, July 23, 2013

කඩේ නැත වඩේද නැත නමුත් හිලක් විතරක් ඇත.

සංචාරක ව්‍යාපාරයේ ආයෝජනය කරන ලද මුදල්.

බඩ ඇල්ලීමද දරුවන් වඩාගැන්මද, දරුවන්ට ආදරේ කිරීමද,තමුන්ගේ බලය රැකගැන්මට නොයෙක් අයුතු ක්‍රියාවල නිරත වීමද, විවිධ සංදර්ශන දැමීමද රාජ්‍ය පාලකයෙක් විසින් සාමාන්‍යයෙන් කරන දේවල් වෙති. නමුත් ඒ තරමින්ම රාජ්‍ය පාලකයාට දිගුකලක් වාසි ආත්කරගත නොහැක. කිනම් වූ වැඩකොටසක් රාජ්‍යය වෙනුයෙන් හේ කළමනාය. හේ තෙමේ දැඩි ලෙස ආත්මාර්ථකාමී වී තමුන්ගේ වස්තු දේපල තන්හාවෙන් තමුන්ගේ පවුලේ අයටත් තමුන්ගේ අවට අයටත් හොඳින් සලකන අයෙකු වුවත් ඒ සැමෙග් යහපත තකා කල යුතු  නොකල  යුතු වැඩකොටසක් ඇත. තේරෙන බසින් කීවොත්  වට්ටිය ලැබුනාට එයට වටින මැනික් එන්නට නම් කාරණා බොහෝ ගනනක් සපුරා ලිය යුතුයැ. දේශපාලනය යනු තමුන්ගේ උදර පෝෂණය සහ ව්‍යාපාර කිරීම පමණක් වුවත් ඒ දෙයැහි සාර්ථක වීමද යම්තාක් දුරට අමාරු කාරණාවකි.

සංචාරක කර්මාන්තය.


අපගේ රට තුල තිබූ වැඩි සල්ලි බොහොමයක් පසුගිය කාලයේ සංචාරක ව්‍යාපාර වෙනුවෙන් වියදම් කරනු පෙනුනි. සමහර දේශපාලකයෝ එළි පිටම සංචාරක වටිනාකම් සහිත ඉඩ කඩම් අත්පත් කරගැන්ම, ඒවා වෙනත් මිල වලට විකුනුම ආදිය කලෝය. නමුත් සංචාරකයින් යනු ලංකාවේ පොල් මදි වූ විට කේරලෙන් කන්න බැරි පොල් ගෙන ඒම තරම් සරල කාරණාවක් නොවන බව අපේ ඇත්තෝ අවබෝධ කරගත්තේ නැත. රටට පැමිණෙන සංචාරකයින්ගෙන් ලැබෙන රුපියල් මිලියන ගානක් වන ධනස්කන්ධයට වඩා රජයට ප්‍රාෙද්ශීය දේශපාලකයින් වටිනා බවක් පෙනේ. ප්‍රාෙද්ශීය දේශපාලකයින් යනු යලිත් සෙවිය නොහැකි ඉතාම දුර්ළභ රතු දත්ත වලටද ඇතුල කල යුතු තරමේ මනුෂ්‍යෙයා් ජාතියක් ‍ලෙස ආන්ඩුව සිතති. ඔවුන් කිනම් වූ පල් ක්‍රියාවන්හි නිරත වුවත් ඔවුන් ගැන තැකීමක් නොකරන්නේ ඔවුන් නැති වුවොත් මැතිවරණයකට එන්නට කිසිවෙකු නොමැති නිසා යැයි මැදහත් ලෙස බලන අයට පෙනේ. ලංකාවට එන සංචාරකයින් බොහොමයක් පැමිනෙන්නේ විසාල හෝටල වල නැවතී කන බොන අය නොවේ. එවන් රාජකීය සංචාරකයින් එන යන තැන් ලෝකයේ ප්‍රසිද්ධව ඇත.

මෙහි එන කුඩා වියදමකින් සංචාරය කල හැකි සංචාරකයින් සහ මෙහි කලක පටන් පැමිණෙන සංචාරකයින්ට තෘප්තිමත් විය නොහැකි මට්ටමේ වටපිටාවක් නිර්මාණය වූ කල බොහෝ දියුනු රටවල් සංචාරකයින්ට නුසුදුසු කලාපයක් ලෙස මෙය නම්කරන ලදී. අප්‍රිකාවේ දරුණු ගෝත්‍රිකයින් වෙසෙන කැලෑ වලටද සංචාරකයින් යනවා නම් මේ ධර්මද්වීපයට නොපැමිනෙන්නේ සංචාරකයින්ගේ කුඩුකේඩු කම නිසා යැයි කෙනෙකු සිතනු ඇත. නමුත් එසේ දැඩි අවධානමක් දෙන සංචාරවලට කැමති ඇත්තෝ වෙති. ඔවුන් ආයුධ මානාගෙන සියල් සූදානම්ව ඒ රටවලට යති. ගෝත්‍රිකයෝ මං පහරන්නෝ සිටින රටවලට යනවාට වඩා දේශපාලන අනුග්‍රහය ලබන අපරාධකරුවන් සිටින රටවලට යෑමට සංචාරකයෝ මනාප නැතුවා විය හැක. නඩු සහ බඩු හාමුදුරුවන්ගේ වන කල තමුන්ට අපරාධයක් ඇස් පනාපිටම සිදුවී තිබියදිත් අධිරාජ්‍යවාදී දේශද්‍රෝහී කුමන්ත්‍රන කරුවෙකු ‍ලෙස හංවඩු ගැහී රටින් පිටවන්නට කැමති සංචාරකයින් වෙත්නම් ඒ අතලොස්සකි. ඒ වැනි සංචාරකයෝ වෙත්නම් ඔවුන්ද එවැන්ම කපටි කමේ සහ මැරභාවයේ අගතැන්පත් සංචාරකයෝම විය යුතුයැ. එවැනි අය මෙහි පැමිණියොත් වෙන සන්තෑසිය නැවත විස්තර කිරීමට අවශ්‍ය නොවනු ඇත.

කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් යොදන බොහෝ මුදල් වලිං වාසියක් වෙන පාටක් නම් පේන්නට නැත. ඒ යොදන මුදල් කවර ආකාරයකින් මහජනයා වෙතින් සූරා කනු ලැබුවත් ඒවා සඵලදායක විදියට යෙදවුනේ නම් එයින් වාසියක් නැවත අප මහජනයා අතරම වෙසෙන සුළු පිරිසකට හෝ අත්වනු ඇත. නමුත් අද වී ඇත්තේ සොරාගත් හකුරු මුල වක්කඩේ හැංගූ කල වූ සන්තෑසිය වැනි එකකි.

උතුර

අත්පත් කරගත් නව මිල අඩු භූමියෙන්ද යටහත් පහත් වූද කීකරු වූද ලාභ ශ්‍රමයෙන්ද යුතු වූ උතුරු ප්‍රෙද්ශයේ වාසියක් ලංකාවේ රජය අත්පත් කරගත්තේ නැත. ඇඟලුම් ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර ලංකාවේ ශ්‍රමය මිල වැඩි නිසා බංගලිදේශය උගන්ඩාව කරා ගියේය. සිලෝන් තේ වලට වඩා ගුණාත්මක අතින්ද මිලෙන්ද අඩු වූ නිසා අපේ තේ වෙලඳාමද වෙනත් රටවලට සින්න විය. 


මීට වසර සිය ගනනකට පෙර අපේ රට පරජාතින් අල්වාගත් ගත්තෝය. ඔවුන් මුලින්ම අල්ලාගත්තේ මුහුදු බඩ පළාත්ය. ඒ මුහුදුබඩ පළාත්වල වැවිය හැකි මනා කිසියම් වූ සුවල්ප බෝගයක් විණිද ඒ බෝගයෝ සුද්දන් විසින් වවන ලදී. අම්බලන්ගොඩ සිට බොහෝ ඈත රට තුලට යන්නටද සුද්දෝ කුරුඳු වගා කලෝය. හම්බන්තොට පැත්තේ පොල්,පැඟිරි වැනි දේ වගා කලේය. එසේ අත්පත් කරගත් බිම්වල වැඩකිරීමට ලංකාවේ කම්මැලි මිනිසුන් අකමැති වූ කල රටින්ද සෙනග මෙහෙ ගෙනාවෝය. නමුත් උතුර අත්පත් කරගෙන එය සැමරීමත් එය මහා ජයක් කොට වාදනය කරමින් දේශපාලන වාසි ලබාගැන්මත් විනා සැලකිය යුතු වටිනා කිසිවක් මේ අත්පත් කරගත් බිමෙන් ලබාගැන්මට වත්මන් පාලනය අසමත් වී ඇත.

අතරින් පතර මිදි, කෙසෙල් ආදියද එලවලු වගා කරනවා යැයි විසල් දැන්වීම් දැමුවාට 1990 දශකයේ එක්වරම තේ වෙනුවට ඇඟලුම් රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගය වූවා සේ වෙනසක් රටට දැනෙන වෙනසක් නම් සිදු වුනේ නැත. දැන් උතුරේ සිටි දෙමල කොල්ලන් සහ කෙල්ලන් කොළඹ පැත්තේ හෝටල වල කොත්තු ගහන්නට ආප්ප දාන්නට හෝ වෙනත් කම්කරු රාජකාරි සඳහා පැමිණෙමින් පවතී. රජය විසින් යම් කිසි වැඩපිලිවෙලක් පුද්ගලික අංශය සමග එකතු වී හෝ සිදුකලා නම් ඒ ලාබදායි ශ්‍රමය උතුරේම තිබී බොහෝ කලක් යන තුරු ලාබ ලැබිය හැකි නිෂ්පාදන හෝ වගාවන් කල හැකි වන්නේයැ.

ඉන්දියාවේ බැංගලෝරය යනු මීට විසි වසකට පෙර කිසිවෙකුට වැඩි වැදගැම්මකට ගත් නගරයක් නොවේය. ඒ ප්‍රෙද්ශයේ එකල්හී සිටි පාලකයෝ බුද්ධිමත්ව කල්පනා කිරීම නිසා එතරම් කෘෂිකාර්මික සරු බිම් වලින් ගහන නොවූ බැංගලෝරය අමුතු තැනක් කලෝය. එසේ කිරීම තුල වඩා ලොකු ලොකු වාසි ලොකු තැන්වලට යන්නට ඇතත් එහි ජීවත් වූ මනුෂ්‍යෙයෝ බොහෝ දෙනාට පෙරට වඩා යහපත් දිවියක් හිමිවන්නට ඇත. ඒ තරම් ලොකුවට නොවූවත් අඩුතරමේ උතුරු පලාතේ වැවිය හැකි නව අපනයන බෝගයක් හෝ හඳුන්වාදෙන්ට අපේ පාලක හෝ ව්‍යාපාරික පන්තිය සමත් වූයේ නැත. දැනට ලංකාවේ අතිරික්ත වෙමින් පවතින ආහාර සඳහා වී නිෂ්පාදනය කිරීමට උතුරු පලාතද එක් වූ කල සිදු වූයේ වී මිල කිසිසේත් ඉහල නොයෑමයි. එනම් වී අතිරික්තයක් ඇති වීමයි.

අධ්‍යාපනය


ලෝකයේ මිනිසුන් දැන් ඉස්සර තරම් මැටි නැත. ලෝකයේ මිනිසුන් වැඩිපුරම වියදම් කරන ක්ෂේත්‍රයකි අධ්‍යාපනය. අධ්‍යාපනයේ ව්‍යාපාරික වටිනාකමද තරමක් ඉහල අගයක් ගනී. ලංකාව නිස්කලංකව ඉන්දියාව තරම් නරක ප්‍රතිරූප නැති රටක් වූවා නම් අප්‍රිකානු සහ වෙනත් දුප්පත් ආසියානු රටවල සිසුන් බොහොමයක් අධ්‍යාපනය සඳහා ලංකාව තෝරාගන්නවා ඇත. නමුත් දැන් තත්වය වෙනස්ය. මීට වසර හය හතකට පෙර ලංකාවේ ඉගෙනගන්නට කැමැත්තෙන් සිටි රටවල සිසුන්ට දැන් බොහෝ වෙනත් මාර්ග ඇති වී ඇත. එංගලන්තයේද විදෙස් සිසුන් අඩුවීමක් පෙන්නුම් කරන බව පසුගිය කාලයේ වාර්ථාවල පෙන්නුම් කලේය. එය දරුණු අන්දමේ කඩාවැටීමක් බවද සඳහන් විය.

ලංකාවේද අකුරු දෙකේ ඇමති තුමෙක් සහ ශිෂ්‍ය සංගම් නැමැති ජාතියක්ද නිදහස් අධ්‍යාපනය යන දෙයක් වෙනුවෙන් පයිට් කරන ජාතියක්ද අතර නිරන්තර ගැටුම් යති. නමුත් ඔවුන් දෙතුන් ගොල්ලාම ලෝකයට අවශ්‍ය මිනිසුන් කවරාකාරදැයි වටහාගත් අයුරක් පේන්නට නැත.වත්මන් සරසවි සිසුවාට අවැසි වන්නේ කෙසේ හෝ උපාධියක් සහ රැකියාවකි. උපාධි කඩ කරුට අවැසි වන්නේ කුමක් හෝ කොට කීයක් හෝ අතගා ගැන්මය. අපේ පාලක උතුමන්ලාට කුමක් අවශ්‍යදැයි කිසිවිටෙක පේන්නේ නැත. ඔවුන් විටෙක නිදහස් අධ්‍යාපනය නැමැති යල් පැනගිය හරක් හමට බැටදෙති. තවත් විටක කොහේ හෝ තැනක මූලික තත්වයන්ටවත් අනුකූල නැති උපාධී කඩ විවෘත කිරීම් වලට යති.

ජලයේ ඇති ජපන් ජබර ජලයෙ සෙලවීම් වලට වැනෙමින් අවකාශයෙන් හිරු එළිය සහ වාතයද ජලයේන අවශේෂ ඛනිජද ලබාගෙන සරුවට තැනී එනමුත් කිසිදු ප්‍රෙයා්ජනයක් නැතිව තිබෙන්නා සේ අපේ පාලකයෝද නිරන්තරයෙන් වැනෙමින් සිටිති. විටෙක මල් තැනී අලංකාරවද තවත් විටෙක කිසිම වැඩකට නැති අවුල් රාශියක්ද ඇති කරන මුත් ජබර වලට ඒ අවට දේවල් ගැන කිසිම ගානක් නැත.

බරක් ඔබාමා අමරිකාවේ ඉගෙනගන්නා කොල්ලන්ට කෙල්ලන්ට අන්තර්ජාල පහසුකම ලබාදෙන බවට පොරොන්දු වුනේය. ඔහු කීවේ සමස්ථ සිසුන්ගෙන් සියයට 99කට අන්තර්ජාලය ලබා දෙනවා කියලාය. සමහර විට රෙන්න බරක් හැදුනත් බරක් ඔබාමට දෙහි කපන අය ඒවා දකින්නේ නැතුවා විය හැක. ඒ හරහා පරිඝනක භාවිත කොට වඩාත් සාර්ථක ලෙස ළමයින්ට ඉගැන්වීම් කිරීමට වඩා ළමයින්ට ඉගැන ගැන්මට යොමු කිරීමේ වැඩසටහන් එහි ක්‍රියාත්මක වේලු.  ලංකාවේ ළඟදී ප්‍රශ්ණ පත්තරය සමග උත්තර පත්තර බෙදීමකට සම්බන්ධ නිළදාරියෙකු පැවසුවේ ප්‍රශ්ණ පත්‍ර සැකසීම වැරදි වලට බනිනවාට වඩා ප්‍රශ්ණ පත්‍ර මුද්‍රනය බොහෝ සෙයින් අමාරු කාරියක් බවත් ඔවුන් කුඩාකල මෙසේ ප්‍රශ්ණ පත්‍ර නොදී කලු ලෑල්ලේ ටීචර් විසින් ප්‍රශ්ණ ලියා දුන් බවත්ය. මේවා කියන කටද නිදහස් අධ්‍යාපනයේ ඵලයකි. එවැනි නොපැසුනු ඵල නිකුත්කරන වත්මන් නිදහස් අධ්‍යාපන විහිලුව සමහරු දකින විදියට රටට තවමත් සම්පතකි.

නීතිය.


සන්නස්ගල නැමැති පොත් ප්‍රකාශකයෙක් ළගදී ටීවි එකේ සිටියේය. සන්නස්ගල පොත් ගහන්නට ආවේ සිංහල ටියුෂන් කරන්නට ඇවිල්ලාය. මුදලට ශිල්ප දෙන සන්නස්ගලට මා සර් කියා ඇමතිය යුතුයැයි යමෙක් පවසන්නේ නම් මුදලට කුණු මාළු විකුනන මාලු කාරයාටද මා සර් කීමට පසුබට නොවෙමි. ඔහු හා ඒ වාදය මෙහෙයවූ නිවේදිකාව අසන ගැටළුවකට පිළිතුරු දෙන මේ මහා ආචාරියා පවසන්නේ තමුන් වැරදි කරු යයි ඔප්පු කළ හැකි නම් ලංකාවේ ඕනිම අධිකරනයකට ඉදිරිපත් වීමට පොලිසියකට යෑමට ඔහු කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවය. සමහර විට ලංකාවේ දැනට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයට මෙය වනාහි පුදුම සිතෙන අන්දමේ විචක්ෂණ ප්‍රකාශයක් විය හැක. නමුත් රටේ නීතිවලට රෙගුලාසිවලට එරෙහිව යන පුද්ගලයකු අල්වාගෙන දඩුවම් කිරීමට ඔහුගේ කැමැත්ත යන සාධකය තඹ දොයිතුවකටවත් වැදගත් නැත. සන්නස්ගල කිසියම් සිද්ධියකට සැකනම් ඔහු පොලිසියට කුදලාගෙන ආ යුත්තේ රටේ ඈත ගමක කෙහෙල් කැන් සොරකම් කළ පුද්ගලයකු පොලිසියට කුදලාගෙන එන ආකාරයටම මිස වෙනත් ආකාරයකට නොවේ.

මේ ආකාරයටම රටේ බලය හෝ නිලය ඇති බොහෝ අය තමුන්ට නීතියෙන්ද යම් කිසි විශේෂ සැලකිල්ලක් ලැබිය යුතු යැයි සිතති. බොහෝවිට මෙසේ සිතන අය බුද්ධිමතුන්ද උගතුන්ද නමගිය ව්‍යාපාරිකයින්ද වෙති. නමුත් ඉතාම සාර්ථකව නැතත් බොහෝදුරට දැනට අපිට වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති ඉංදියාවේ නම් ඉහල නිලවල මිනිසුන් පවා නීතිය ඉදිරියේ අසරණ වෙනු අපිට විටෙන් විට දැකිය හැක.  අපේ රටේ එක් විටෙක යමෙක් පොලිසිය විසින් ගරු සරු ඇතිව පොලිසියට රැගෙන යනවා දකින මුත් එයින් එහාට නම් කිසිවක් වෙන පාටක් නැත.

නීතිය යයි යමක් ඇත්තේ සරල සහ සංකීර්ණ අපරාධකරුවන් වංචා කරුවන් සාමාන්‍ය සමාජය හා ගැටීමෙන් සාමාන්‍ය මහා සමාජයට වෙන අවැඩ දුරු කරලීම සඳහා යැයි මා සිතමි. මේ වංචාකරුවන් සහ සමාජ විරෝධින් කොටු නොවන කල ඔවුන් වංචාවෙන්ම ඉදිරියට එයි. එසේ වන කල සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය පුරවැසියාටද පෙර කී අහිතකර මූලයන් සහිත සමාජය තුල පැවතීමට නම් එයට අනුගත විය යුතුය. මේ ආකාරයෙන් තවත් වසර කීපයක් පරිණාමනය වූ විට අපේ සමාජයේ සාධාරනය කතා කරන පුළුල් දැනුමක් ඇති මනුෂ්‍යයා ඔල්මොරන්දම් කාරයෙක් හෝ පිස්සෙක් යැය් හංවඩු ගැසී ඉවතට විසි වෙනු ඇත.

පවතින ක්‍රමය අනුව මිනීමස් කන ගෝත්‍රික ජනයා සිටින සමාජයකට සර්වජන ඡන්ද බලය ලැබුනේ වී නම් ඔවුන් අතරින් පත්වෙන්නා අනිවාර්යෙන්ම මිනීමස් කන අයකු විය යුතුයැ. මිනීමස් නොකන අහම්බෙන් ලොවට පහල වුනු පොන්නයෙක් වැනි එකෙක් එවන් සමාජයේද සිටිය හැකි මුත් ඌද නොයෙක් විට මූ නම් පොන්නයැකැ. මූ කෙසේදැ රට පාලනය කරන්නේ, මූ නිකමට මිනීමස් ටිකක්වත් කන්නෙ නැහැ, මිනීමස් නොකන.මිනිමස් රස නොදන්නා දිව කෙසේ ද අපිට උපදෙස් දෙන්නේ යැයි කියමින් ඒ මිනීමස් නොකන්නා සමාජයෙන් කොන් කරති. ඌ කවදාවත් ඒ ගෝත්‍රික කෘෘර සමාජයේ සර්වජන ඡන්ද බලයෙන් නම් බලයට එන්නේ ද නැත.

මිනිසුන් සතුටින් සිටීම තරම් ලාභයක් කිසිම තැනක ලොව නැතැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. මා කලින් කී ආකාරයට රජය කිනම් සහන දුන්නත් සංචාරකයන් පැමිනෙන්නේ නැතිනම් ඒ වියදම් කල මුදල් ගැන ඒ මහතැන්වලට දුක් වීමට සිදුවෙනු ඇත. මේ දැන් පවතින විදියට ලොකු තැන්ද තමුන්ගේ ලොකු දේවල් තවත් ලොකු කරගැන්මට නොහැකි වීමෙන්ද තමුන්ටද වංචාවන්ට හසු වන්නට වේදැයි බියෙන්ද අසතුටින් පසුවෙති. පොඩි තැන් ටික ලොකු තැන් දිහා බලාගෙන හූල්ලමින් අසතුටින් සිටිති. මේ ක්‍රමය තුල සතුටින් සිටිනවා යැයිපේන මනුෂ්‍යෙයින් බහුතරයක් වෙති. ඔවුන් සතුටින් නැතත් සතුටින් යැයි පෙන්වමින් ඒකාධිපති බලවේගයින්ට දිවා රෑ නොබලා බැලමෙහ කරමින් විසි කරන තුටු පඩුරක් දෙකක් විඳිමින් යෙහෙන් යති. නමුත් සියල්ලෝම තත්කාලීන නවීන ලෝක සමාජයෙන් බොහෝ දුරයැ. එය මෙසේ කීවාට එය අවබෝධ වන්නේද නැති අති බහුතරයක් මනුස්සයෝද අපි සමගම වෙසෙති.

Friday, July 19, 2013

ප්‍රාදුර්බූත ඇඳුම් කලාව (Old Sri Lankan garments)



බෝඩිමට යන පාරෙ ටිකක් ලොකු මාර ගහක් තියෙනවා. ඔය මාර ගහේ රුක් දෙවියෙක් ඉන්නවා. කවුරුවත් දන්නෙ නැහැ ඒත් මම දන්නවා. බීගෙන බෝඩිමට යන කොට අත් දෙක උස්සගෙන උස්සපු අත්දෙක මාර ගහට තියාගෙන හෙල විසික් වෙවී ඕග් ගගා වමනෙ දැම්මා මම ඉස්සර. තව ඉතිං බියර් හෙම බීල එනකොට බෝඩිමට යන්න කලිංයෙං බර නිදහස් කරගන්නත් මාර ගහ එහා පැත්ත උපකාර වුනා. කවදාවත් ගෑනියෙක් මිනිහෙක් ඉන්නවා දැකපු නැති ගෙවල්තුන හතරක් ලස්සනට මාර ගහට ඈතින් වෙන්න තියෙනවා. ඒ ගෙවල් ලස්සනයි. නමුත් ඒගෙවල් අස්සෙ මොක්කු ඉන්නවද කියලා දන්නෙ යක්කු තමයි. 
 
               චූ කරනකොට පරණ පුරුදු ඉස්මතු වුනා. ඉස්කොලේ කාලේ පුරුද්දක් තිබුනා චූ කරනකොට ආහ් ඌහ් ගගා වැනි වැනි චූ කරන සිරිතක්. මේක කිසිම අදාලත්වයක් නැති වැඩක්. නමුත් කොල්ලො සෙට් එක දුවල චූ කොරන කැසිකිලි කාමර එකට ගියාම එකෙක් දෙන්නෙක් ඕහ් ගානවා ඉන ඉස්සරහට පස්සට කොරනවා. ඒක මාත් පුරුදු වුනා. ශිෂ්ඨසම්පන්න කන්තෝරු කැසිකිලියෙ ඕක කරන්න බැහැ. ඒ වුනත් කවුරුත් නොදකින දැක්කත් අවුලක් නොවන මාර ගහට ඒ කිසි දෙයක් අවුලක් නැහැ. ඉස්සරහට  පස්සට ඉන පද්ද පද්ද චූ පාර ඈතට සැරෙන් විදිනවා. බියර් එකක් බිව්වම චූ යන අපූරුව ආයෙ කෑලි කපලා විස්තර කරන්න ඕනි නැහැ. දැන් චූ කරන්න ආස අය බියර් බොන්න ඕනි නැහැ. තැඹිලි ගෙඩි දෙකක් විතර කපං බිව්වත් ඇති. 


දවසක් එකපාර කලුපාට ලංකට් එකක් ඇඳගනිපු ටිකක් මැද වයසෙ පොරක් එකපාර මං චූ කරලා ඉවර වුනාම පේන්න ගත්තා. මම තමයි රුක් දෙවි.. මිනිහා මට කිව්වා. මේ මොන *කන්නෙක්ද මේ? පල ගෝතය බොරු නොකිය යන්න. මම කිව්වෙ තරහින්.උත්ප්‍රේරක ඒ වෙනකොට සරීරෙ වැඩකරපු නිසා ටිකක් සැරට වචන ටික තියෙන්න ඇති. තමා තේරුම් ගන්න නුවණින්. මම තමයි මේ මාරගහට අධිපති රුක්දෙවි. ආහා මාර රුක්දෙවි ද? මාරයි නේ. මට කියවුනා. 

එතකොට එකපාරටම කලුපාට ලංකට් එක්ක ඇඳගනිපු රුක්දෙවි අතුරුදන් වුනා. ඔය අතරෙ මං වෙනද වගේම මාර ගහ යට පොඩි වෙලාවක් රෙස්ට් එකක් ගන්න ඕනි කියලා මාර මුලක් උඩ වාඩි වුනා. මෙහෙම බෙබා වගේ බෝඩිමට ගියාම අනික් වුන් ගෙන් එක එක දෝස්මුර. බීමේ ආදිනව කියන්න එකෙක් ඉන්නවා. අනිකා බොන එක අඩුකරන්න කියනවා. මොන විකාරයක්ද? මගේ සල්ලි මං බිව්වා. මට වෙරි. ඒ කැටයං කිසි එකක් නැහැ. ටිකක් මෙතන ඉදලා වෙරි නෑ වගේ ගිහිං..මං දැං කාලා කියලා ඇගහෝදං නිදා ගත්තම. 

විනාඩි පහක් විතර වාඩි වෙල ඉන්නකොට ආයිත් සද්දයක් ආව. පස්සෙ බැලින්නං හෙන ලස්සන නිලමේ ඇඳුම දේව ඇඳුම වගේ ලස්සන කොස්ටියුම් එකකට ඇදපු පොරක් ඉන්නවා කලිං කලු ලංකට් එක ඇඳගෙන මිනිහෙක් හිටපු තැනම. මේ දෙයිය ම වෙන්න ඕනි මට හිතුනා. වැඩේ කියන්නෙ කලිං ලංකට් බුවාගේ මූනමයි. උගේ කකුල්මයි. සුවර් එකට ඒ කලු ලංකට් එකත් යටට ඇදල ඇති. දැන් නම් සුවර් මූ රුක්දෙවිම තමයි. මම හැම තැනම බිම තියලා වැන්දා රුක්දෙවිට හොදට. 

රුක්දෙවි බලලා. හහා හහා ඔය ඇති ඇති කිව්වා. රුක්දෙවි කැමති වුනේ නැහැ මිනිහට වැඩිය ගරු සරු දක්වනවාට. පොර කැමති යාලුවෙක් වගේ ඉන්නවාට. ගරු සරු නම් මිනිහට හොදට වදින පුදන බෝගහක් ගාවට ගියාම ලෙසට ගත හැකිලු. ඒත් මිනිහ කැමති නැහැලු ඒ සෝබන වලට. දෛවය නියම කරපු නිසා රුක්දෙවි වෙලා හිටියට මිනිහට නම් දැන් එපාවෙච්චි ලයින ්එකක් තමයි තියෙන්නෙ. කලිං ලංකට් එක ඇඳල ඇවිත් තියෙන්නෙ ඇඳුම කරදර නිසාලු . නිකං ඉන්නකොට ඉන්නෙ ලංකට් එක පිටින්ලු. ඒ ලංකට් කලර් එක මිනිහට අල්ලල ගිහින් තියෙන්නෙ පරණ ස්පයිඩර් මෑන් ෆිල්ම් පෝස්ටරයක් දැකලා. 

මෝල් වහන්සෙ කෙනෙක් ඌ නම්. පොර අහනවා ඌ ලංකට් එකට ස්පයිඩ්ර් මෑන් වගේද කියලා. යකෝ ස්පයිඩර් මෑන්ගේ ලංකට් එක මුගේ එක වගේය. අනික මූ මේ පියරු පාටට සුදු පාටට කෑල්ල වගේ ඉන්නවා. ස්පයිඩර් මෑන් එහෙමයැ. ඉතිං දෙවි නිසා මුගේ හිත තලලත් බැහැ. සුවර් නැහැ නේ ඕකුන් තඹේට. මිනිස්සු විස්සාස කරන්න බැරි එකේ දෙවිවරු වෙනම විස්වාසයැ ඉතිං. ඒ නිසා මම කිව්වා පොඩ්ඩක් විතර ඒ වගේ කියලා. පොරට සතුටු හිතිලා. පොර කියනවා හරි සනීප ඇඳුමලු ලංකට් එක. අමුඩෙ ඇන්ද වගේ නිතර අතගාල බලන් ඕනි නැහැලු පේනවද කියලා. 
 
මට තේරුන විදියට පොර අවුරුදු දෙතුන් දාහක් තිස්සෙ ජීවත් වෙනවා. සමහර විට අපෙ ්ලංකාව ජනාවාස වෙන ඒ කාලෙ ඉදලා මිනිහා රුක්දෙවි විදියට විවිධ ගස්වල ඉඳලා තියෙනවා. මිනිහ කිව්වා මිනිහට හොඳ සනීපෙයක් දැනෙන් නැහැලු අර ලොකු කිට් එක ගැහුවම. ඒ නිසා නිතර ඉන්නෙ ලංකට් එක පිටින්ලු.
ඉතින් මිනිහ ටිකක් පිට්වුනා. මම ඉතිං කෝකටත් කියලා මිනිහගෙන් ඉස්සර විත්ති හෙම අහන්න ගත්තා. මිනිහට සමහර දේවල් මතක නැතිවෙලා. ඒත් ඉතිං සමහර වල් ෂීන් කෝන් නම් පොරට කිරි ගහට ඇන්න වගේ මතකයි. 
 
අපි බලමු පොර කියපු කතාවක් කාරිය.
මේ පොඩිතැන දන්නවද අර දැන් කඩේ තියෙන තැන. ඒ හන්දියෙ ටයර් කඩේ ළඟ වලදා තියෙනව මිනියක්. ඒ මිනිය ගෑනු කෙනෙකුගේ. දැන් නම් එතන හොල්මනක් නැහැ. ඉස්ස ර තිබුනෙත් නැහැ. ඔය වලදා  තියෙන ගෑනි මලේ හෙන කලක් දුක් විඳලා. හැබැයි තරුණ කාලෙ තෙල් කෑල්ල. ගමේ ගොඩක් මිනිස්සු පෙරුවා ඕකට. අපේ රුක් දෙවි සෙට් එකේ උනුත් ඕක දිහා බලනවා පැණි හල හල ඉස්සර. 

ඒ ටයර් කඩේ ගාව කලිං තිබුන සොහොනේ හිටිය ගෑනි ඇවිල්ල සොපිනහාමි. ලේසියට අපි සොපි කියමු. සොපි ඇවිල්ල හතර අතින්ම ලස්සනයි. සොපි ඉස්සැර ඇන්දෙ හෙන කොට රෙද්දක්. ඔය උඹල දැන් බලන අවුරුදු උස්සවේට අඳින දිග චීත්ත කෑලි වැඩට අඳින් බැහැ බං. මඩ වැඩට ගොඩ වැඩට ඉස්සර ගෑනු ඇන්දෙ ටිකක් දනිස්ස හරියට වෙන්න තිබුන රෙදි කැල්ලක්. උඩට අඳින්නෙ ටිකක් දුර ගමන් ගියොත් විතරයි. සමහර වෙලාවට ඉතිං අවුවට පිච්චෙනවට කාරිය උඩට මොකක් හරි රෙදි කෑල්ලක් දා ගන්නවා. 

ඉස්සර ඔය දැන් යන කුණු ඇල තියෙන්නෙ. එතන තිබුනෙ ලස්සන දොලපාරක්. ඔය දොල අයිනෙ කුඹුක් ගහක හිටිය මගේ යාලුවෙක් නාගිත කියලා. නාගිතයට තනියම වැඩක් හරියට කොරගන්න බැහැ. මහ මොංගල් සතා ඌ. නාගිතය කාටවත් කියන්න එපා කියලා මට කියලා ඒ කතාවම තව හත් අට දෙනකුට කියලා. ඉතිං සොපි එනවා හැන්දෑවට ඔතන නාන්න. දැන් වගේ ගෑනුන්ට නාන්ට රෙද්දයි. අඳින්න එකයි. නාන්න යනකොට අඳින්න එකයි නැහැ. අනික දැන් වගේ යටට එකයි ඒක යටට එකයි උස්සල පෙන්වන්න එක ඇඳුමයි. එල්ලිල පේන්න එක ඇඳුමයි නැහැ. තියෙන්නෙ දෙකයි. ඒකෙනුත් තියෙන්නෙ කොපි දෙකයි. ඉතිං සොපි ඇවිල්ල කුඹුරෙ වැඩකොරන කොට නැත්තං හේනෙ ඉන්නකොට ඇඳන් හිටපු රෙදි කොටේ කඩා දාල පනිනව ඇලට. 

ඕක බලං ඉන්න අපේ රුක් දෙවි සෙට් එකට ඉතිං හරි චූන් එක. දවසක් අපේ එක රුක්දෙයි බූරුවෙක් වැඩ දාන්න ගිහින් තව පොඩ්ඩෙන් සොපිට මාට්ටු වෙනවා. මූ සොපී විහිලුවක් කරන්න හිතාගෙන කුඹුක් කිනිත්තකින් සොපී නාල කුනු අතුල්ලනකොට පස්සට ගැහුවා. හැබැයි සොපීට අපිව පේන් නැහැ. දැන් ඔයාලටත් අපි පේන්නෙ නැහැ ගොඩ වෙලාවට. මේ තමුසෙ කන බොන ෆනී මිනිහා නිසා තමයි මම මේ පොඩ්ඩක් තමුසෙ එක්ක පේන්න ඇවිත් චැටක් දාන්නෙ. 

සොපී අනික් පැත්ත හැරිලා බලලා ගහ ලගටත් ඇවිත් වට පිට බලලා. මේ ඕනි හයිකාරයෙක් ඉන්නවනං වරෙං. තොපේ ආච්චිටත් තියෙන්නෙ මෙයිං එකක් නේ.. බලාගනිව් කියලා මහ හයියෙන් මේකි කකුල් දෙකත් පලල්කොරගෙන අසුවල් කෑලි පෙන්න පෙන්න කුනුහබ්බ කියන්න ගත්තා. කුනුහබ්බ කියනකොට රුක්දෙවි විදියට අපිට පොඩි කේස් එකක් වෙනවා. අපිට ටිකක් ඉන්න නම් නිස්කලංක එන්වරන් මන්ට් එක්ක තියෙන් ඕනි. ඔය කාක්කො වගේ හැම ගහේම අපිට ඉන්න බැහැ. 
 
ඒ පාර නාගිතයත් එක්කරං අපි වෙන ගහකට ගිහිං සුට්ට වෙලාවක් ගිහින් සොපිගේ කුනුහබ්බ සද්දෙ ඉවරවුනට පස්සෙ ආවා. අපරාදෙ කියන්න බැහැ සොපි නං කුනු අතුල්ලනවා සෝක් එකට.
ඔය වගේ වෙලාවට මටත් ඕ කියන නිකංම අහන් ඉන්නබැහැ අතුරු පස්න එනවා.
ඉතිං ආර් ඩී(රුක් දෙවි) අංකල් සිරාවට ඒ කාලෙ මිනිස්සු අමුඩෙද හැම වැඩේටම ඇන්දෙ? ගෑනුත් වැඩිය ෆැසන් කලේ නැතු ව ඇති නේ..?

මේ ඔය ලමයට කියන්න ඉස්සර ඇඳුම කියලා වැඩිය සැලකිල්ලක් නැහැ. සමහර ගෑනු පවා සමහර මිනිස්සු ගැන කිව්වෙ විවිද විදිහට හදාගත්ත නම් මට මතකයි. ඔය මේ ලඟදි ආමි එකෙ ඉදලා මැරිලා ගමේ ලොකුවට ආචාර වෙඩි තියලා ගත්ත මලගෙදරක් තිබුනෙ. මට මතක විදියට පියන්ත ඒ කොල්ලගේ නම. පියන්ත විරුවා කියලා පීකරෙනුත් කිව්ව මතකයි. ඒ ආමි කාරයාගේ මී මුත්ත කෙනෙක් හිටියා කොයි පටා කියලා. පස්සෙ උන්දැ නාකි වුනාම කොයිපටා ගමරාල වුනා. කොයිපටා ගමරාල යාලු වෙල හිටියෙ ගොපලු කෙල්ලෙක් එක්ක ඉස්සර. ඔය ගොපලු කෙල්ලො ඇවිල්ල ඉස්සර හිටිය ජාතියක්. උන් තමයි හරක් බැලුවෙ. කොල්ලො යනවා කුඹුරු වැඩට බර වැඩට. ගෑනු තමයි හරක් බලන්න හෙම යන්නෙ. 

                             ඔය ගෑනු ළමයි සෙට්වුනාම සමහර ගස් යටට වෙලා කයි කෙලිනවා. එකියක් ඇහුවෙ නැතෑ බං. ඈ බං ඔය කොයි පටා ගමරාලගේ ඇත්තටම කොටද බං? කියලා.. එතකොට කොයි පටාගේ යාලුවෙච්චි කෙල්ලත් හිටියා. ඒකි කියපි. ඇයි තෝ ඇවිල්ල දික් කරල දෙන්නද කියලා.. මහ යායවල් වොල කුඹුරු වැඩ කොරද්දි හුජ්ජ බරක් හෙම හැදුනම ආයි ඒකට දැං වගේ ලොකු පෙට්ටි පෝටබල් වැසිකිලි තිබුනෙ නැහැ. බර හැදුන එකා හෝ එකී පාත් වෙලා වැඩේ කොරපි. අනික් වුන් අහක බලාගෙන ඉන්නවා. 

දැන් ඔය ලමය බලයි මං කෝමද පෝටබල් දන්නෙ කියලා. ලමයෝ බාසාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපිට වදින කියන දෙයියන්ට වදින කියන විදිත් වෙනස් වෙනවා. ඉතිං බාසාව අපිත් ඉගන ගන්නෙ එතනින් තමයි. මේ ළඟදි මගේ රුක්දෙවි පොරකට අඳෝනාවක්  කියලා ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට්  පාස් කරල දුන්නොත් දෙවියන්ට චොක්ලට් බිස්කට් පෙට්ටියක් දෙනවා කියලා. පොර චොක්ලට් බිස්කට් වලට පට්ට පෙරේතයා. මිනිහා ඇවිත් අපෙන ්අහනවා. 
 
අඩෝ ෆයිනෑන්සල් මැනේජ්මන්ට් කියන්නෙ මොකද්ද බං. කඩු ශිල්ප දුනු ශීල්ප, ගණිත මිණිත වගේ එකක් වෙන්න ඇති නේබං? ඕවයි පේපර් හෙම කොහේ හදනවාද දන් නැහැ නේ. සික් ලෝකෙ වෙනස් වුන හැටි. දැන් ඉතිං අපෙං පිංවතුන් ඇවිල්ලා ෆයිනෑන්සල් මැනේජ්මන්ට් පාස් කරලා ඉල්ලනවා. දැන් අපි දන්නේ නැහැ ෆයිනෑන්සල් මැනේජ්මන්ට් කියන්නෙ මොකද්ද කියලා. ඉතිං කියහං පේපරයක් වත් පාස් කරල දෙන්නෙ කෝමද? 

මොකද බං ඔචච්ර අඩන්නෙ කෑල්ල ලස්සනද? එක රුක් දෙවි යාලුවෙක් ඇහුවා.. සාමාන්‍යෙන් රුක්දෙවි අතර වුනත් කාන්තාවන්ට සම තැන දෙන වා ඒ නිසා ගෑනු ලමයි ආවම ඒ දුක් ගැනවිලි ඉක්මන්ට විබාග වෙනවා.
යකෝ මං කවදාවත් කෑලිවලට තැන දෙන් නැහැ ඕයි. මේ උපාසක අම්මට හිතිල නේ මට චොක්ලට් බිස්කට් පෙට්ටියක් දෙන්න. ඒ මනුස්සයගේ ආසාව ඉතිං දුවගේ ෆයිනෑන්සල් මැනේජ්ම්නට් පාස් කරල ාදෙන එක නේ..කොයි තරම් පිනක් වෙනෝද ඒ වගේ වැඩ වලිං.. 

කියලා දැන් මිනිහා කියවනවා. එහෙම කිව්වට ඉතිං අපි දන්නවා ඇවිල්ලා ඔය කියන පොයිය කියලා. ඉතිං අපි පොරට කෝම හරි පේපරේ හොයල දුන්නා පොර ඒක අර කෙල්ලටත් දීල. විබාගේ ලේසිවෙලා ඒත් කෙල්ල පේල් වෙලා. දෙයියො පේපර් එක දුන්නට උත්තර දුන්නෙ නැහැ කියලා කෙල්ල කුනු කුනු ගගා හිටිය කියලා වෙන රුක් දෙවියෙක් අපිට කිව්වා. 

ෆයිනෑන්නසල් මැනේජ්මන්ට් නමවත් හරියට දන්නෙ නැති අපි වගේ පරණ රුක් දෙයියා කෝමද ඕයි ඕකට උත්තර ලියලා දෙන්නෙ? ඔන්න ඔහොමයි අපිට ලැබෙන රික්වෙස්ට් වල තත්වෙ. 

ඉතිං ආර් ඩී අංකල් තව නිකං ගෑනු ගැන කතාවක් කාරිය එහෙම නැද්ද? නැද්ද ලව් ස්ටෝරි හෙම. 

ලව් කරනවද යකෝ රුක් දෙවියො. ඒ තරං සංකීර්ණ වෙන්න ගියොත් අපිට වෙන්නෙ චුත වෙන්න. අනික ලව් කරනවා කියන්නෙ අපි මනුස්ස ගෑනියෙක්ට හරි දේව ගෑනියෙක්ට හරි දෙවනි වෙනවා කියන එක. එහෙම වුනාම දේව අනුහස් අඩුවෙලා අපි විනාස වෙලා යනවා. ඒ නිසා කාමාසාව තිබුනාට ලව් බව් හරියන්නෙ නැහැ. බලලා සතුටක් හෙවත ්දුටු සතුට විතරයි. 

ඉස්සර හරක් බලන කෙල්ලෙක් ආව මං හිටපු කොහොඹ ගහකට. මේ මාර ගහ වගේ නෙමෙ කොහොඹ කොල තිත්ත වුනාට එල කිරි ගහ. ඉතිං කෙල්ල දවල් වෙන්න හරක් ටික ගිහින් දානවා කන්න. උන් ඒ ළඟපාත විල්ලුවෙ කකා ඉන්නකොට කෙල්ල බත් මුල ලිහලා ලබ්බ හෙම හදාගෙන කන්න හදනවා. දැන් තෝ බලයි කෙල්ලට ලබ්බක් කොහේද කියලා. ඉස්සර ප්ලාස්ටික් වතුරු බෝතල් නැහැ බං. තිබුනෙ ලබු කැටේ. 

ඒ කරලා ඒක කාල මේකි උඩ ඇඳුම ටිකක් බුරුල් කරලා කාරිය හුලං වදින්නත් එක්ක ටිකක් ඇලවෙනවා ගහ යටින්. මේකි පොඩි පරණ පැදුරු කඩමාල්ලක් ගෙනැල්ලා කොහොඹ ගහේම බෙනේක ගහල තිබුනා ටිකක් දවාට ඇලවෙන්න. ඉතිං මේකි නිදාගන්නවා හරිම ලස්සනයි. මං ඇහැ පියවෙන්න නැතුව ඒක බලං ඉන්නවා. දවසක් අතතියන්න යන්න හදල ආයි මේ දේව නීති මතක් වෙලා නිකා හිටියා. පස්සෙන් පහු ඔතන්ට ආව කියහං කෝ පිරිමි පරාණයකුත් ඉතිං කලිං අර යසට කාල නිදියගත්තු ගෑනි වෙන එකෙක් එක්ක පෙං කෙලිනවා මට බලන් ඉන්න බැහැ නේ. මං ඉතිං පරණ දිරච්ච අතු කඩා දමන්න ගත්තා. පස්සෙ මගේ ගහේ අතු අඩු වුනාම වෙන ගස්වල දිරච්චි අතු ගෙනල්ල මෙ  ගහෙන් කැඩුන වගේ දැම්මා. උන් දෙන්නා පස්සෙ ආව නැහැ. සමහර විට උන් පැලක් අටෝගන්න ඇති. 
 
ඉතිං (ආර් ඩි) අංකල් අද ගැන මොකද හිතෙන්න එදාට වැඩිය අද ෆන්ද? 

මට දැන ්ඇතිවෙලා. දැන් රුක්දෙවි විදියට ගස්වලට එන්න වැඩිය දේවසබාවෙ කස්ටිය කැමති නැහැ. මේ අපි සෙට් එක නැතිවුනාම රුක්දෙවිලා වඳ වෙලාම යයි. අද දෙයියො වගේම මිනිස්සුත් වැඩිවෙලා. මිනිස්සු වැඩි වුනාට මිනිස්සු හරිම ඈත් වෙලා. දැන් අපි කාලයක් ඉදලා ඉදලා අපිට තේරුං යනවා මිනිස්සු ගැන. ඒ කාලෙ මිනිස්සුන්ට ජීවිතේ කියන්නෙ විනෝදයෙන් සරලව ගෙවපු එකක්. අද වෙනකොට විනෝද වෙන එකත් සබ් කන්ට්‍රැක් දීලා.  

මිනිස්සුන්ගේ ඇඳුම් ගැන කෝමද ආර් ඩි අංකල්ගේ අදහස. ?

මාත් දැක්කා එක එක අය ඇඳුම් ගැන එක එක කතා කරනවා. සමහරු දෙවියන් වඳින්නත් ඇඳුම් නියමකරලා තියෙනවා. පංසලට එකයි දෙවියන් බලන්න එකයි. අනේ මන්දා. සංවර ඇඳුම් අසංවර ඇඳුම්. කපපු පලාපු වහපු ඇඳුම්. මොකුත් පේන්නෙ නැති පෝරණු ඇඳුම්. එක එක ජාති ඒවා. යටට අඳින ලස්සන ඩීසන් ඇඳුම්. උඩට අඳින චාට්ර් ඇඳුම්.. ගොඩායි. 

ඉස්සර මිනිස්සු ඇඳුම් ඇන්දා. අද ඇඳුම් විසින් මිනිස්සුව අන්දනවා වගේ එකක් තමයි තියෙන්නෙ.

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...