Monday, October 28, 2013

කෑම ලෑස්තියි Kema Lesthiy

නීතිය අධිකරණය සහ ක්‍රමය තුල ඇති අසාධාරනයන් නිසා බහුතර මනුෂ්‍යයින්ට ගැටලු වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. ලංකාව වගේ රටක දේශපාලනය කියන දේ හැමෝම බනින පහල තැනකට පත් වෙලා. අපි ලංකාවේ කිනම් වූ මාධ්‍යක් බැලුවත් දේශපාලකයින් හෝ නිළධාරින් තමුන්ගේ සේවාවන් මූලික ලෙසවත් ඉටු නොකර තීරණ නොගෙන තමුන්ටම සලකා ගන්නා ආකාරය දකිනවා.

ඉරිදා ලංකාදීපය වුනත් මුල පිටුවල ආන්ඩුවේ වරුණාව ගියාට එක පිටුවක් හරි ආන්ඩුවේ මැටිවැඩ වෙනුවෙන් වෙන් කරනවා. රාවය පත්තරේ ආන්ඩුවට බනින්න පිටු විස්සක් විතර වෙන් කරනකොට ආන්ඩුවෙ හොද කියන්න පිටු එකක් දෙකක්විතරක් වෙන් කරල තියෙනවා. ඉතිං වියයුතු විදියටම ලංකාවෙ ආන්ඩුවට කැමති මිනිස්සු ප්‍රමාණය වැඩියි. ඒ නිසා ලංකදීපය වැඩියෙන් විකිනෙනවා ඇති. අනික හැමදාම අදෝනා මලගෙවල් වගේ දේවල් දකින්න මිනිස්සු ආස නැහැ. ඒ නිසා මිනිස්සු රාවය ගන්නවා අඩු ඇති.

ආන්ඩුව සහ නරක දේශපාලකයින් පරාජය වෙයි කියලා සාධාරන ජනී ජනයා හිතාන හිටියට එයාල හැමදාම දිනිනවා. ඉතිං පත්තර වල බ්ලොග් වල සහ වෙනත් මීඩියා වලින් ආන්ඩුවට බැනපු මිනිස්සු එකතු වෙලා ආයෙත් මුල ඉදල මැතිවරනෙකින් පස්සෙ විපක්සෙට බනිනවා. ඒ අහක් වෙල සමාරු පුරුදු විදියටම පෙර ස්ටයිල් එක ගේනවා. ටොයිලට් එකට ගියාම වැඩේ හරියට වෙන්නෙ නැත්තෙ අර්ශස් අමාරුවට..ඒත් ඒ අර්ශස් එකටත් වගකියන් ඕනි ආන්ඩුව කියලා ලියනවා. සමාරු මේ රටේ ඉන්නෙ පට්ට මෝඩ ජනතාවක් කියලා ජනතාවට බනිනවා..
කොකා
ඔය හැමදේම අස්සෙ ආන්ඩුවට ඉඳ හිට රිදෙන්න ටොකු අනින පිරිසකුත් ඉන්නවා. මීගමුවෙ ධීවරයො, කටුනායක වෙළඳ කලාප සේවකයො.. ළගදි ඉතාම සුලු කාලෙකට හරි රතුපස්වල ජනතාව අඩු තරමෙ ඔවුන් ගැන වත් හිතුවා. රටේ අනෙක් මිනිස්සු නිදි. ඒ නිදි මොකද? එයාල නිදියනවා කියලා එයාලවත් දන්නෙ නැති නිසා. ඉලක්කයක් නොමැතිව ණය අරන් කොන්ක්‍රිට් ගොඩක් තැන් තැන්වල හදනවා. ඒවා බලාල මහජනයා රට දියුනුයි කියලා හිතනවා. නමුත් හැමදාම දුප්පතුන් කියන ජාතිය තවත් අනාත වෙනවා. නමුත් සෝමාලියාවේ මිනිස්සු වාගේ ලාංකිකයෝ බඩගින්නෙ මැරෙන්නෙ නැහැ. එක්කො මැදපෙරදිග. නැත්තං කොරියා. ඒකත් නැත්තං පන්දමෙන් කොහේ හරි ගරානා පොට් එකෙකට සෙට් වෙනවා.

මේ වගේ සමාජයක් වෙනස් කරන්න නම් දුප්පත් මිනිස්සුන්ට රටේ බහුතරයට ඇඟට රිදෙන්න දැනෙන් ඕනි මේ දේශපාලන ක්‍රමයේ තියෙන නිරුවත. සීතාම්බර පට කතාවෙ මෝඩ රජා හෙලුවෙන් පාරෙ ගියාට දැන් දේශපාලකයො එහෙම තමුන්ගේ වැරදි මහජනයාට යන්න ඉඩ තියන්නෙ නැහැ. හැම මාධ්‍යක්ම හැකි පමණ වාරණය කරලා එක්කෝ නමලා. දැන් පාරෙ හෑන්බිල් බෙදන්න බැහැ මොකද පරිසරය දූෂනය වෙනවා. පෝස්ටර් ගහන්න බැහැ තාප්ප දූෂණය වෙනවා. අතුපැලේ ඉන්න කෙල්ල දූෂණය වුනාම ඒක කියන්න යන ගෑනිවත් හැකිනම් දූෂනය කරලා දාන බලවත් පිංවතුන් සිටින රටේ තාප්ප දූෂණය මහ ලොකු ගැටලුවක්. හෑන්බිල් එකක් බෙදන එක පොලිසියෙ ඇතුලෙ දාන්න තරම් පරිසර දූෂනය කරන හේතුවක්.

විද්‍යුත් මාධ්‍ය තමයි මිනිස්සුන්ට වඩාත් සමීප. ඒ අතරිනුත් රූප පෙට්ටිය සහ රේඩියෝව. ඒ සියල්ල අසාධාරනයේ කළු වලාවලට නතු වෙලා ඉවරයි. සමාරුන්ට අන්දලා. සමහරු කපලා මහල ඇඳගෙන. සමාරු හෙලුවෙන්. නමුත් හෙලුව පෙන්වන්න තැනක් නැහැ. ටික දවසක් පෙන්වන්න තැනක් නැති හෙලුව තියාගෙන වැඩක් නැතිය කියලා අවබෝධ වුනාම ඒ අයත් ගිහින් රජගෙදරින් රෙදි අරං ඇඳගන්නවා.
ජල්ලියා හෙවත් ජෙලි ෆිෂ්
මේන්න මේ වගේ වෙලාවට අපේ රටේ අහිංසක මිනිස්සුන්ව මර නින්දෙන් නැගිට්ටවන්න විදියක් අලුතින් හිතන්න වෙනවා. එහෙම හිතන්න පුලුවන් මිනිස්සු කන්ඩායමකට කලාකාරයො කියාල කියනවා. කලාකාරයා කියන්නෙ කලාකරු අයිඩෙන්ටි කාඩ් එක බෙල්ලෙ එල්ලාගත්ත මනුස්සයකුට නෙමෙයි. දොස්තරෙක්, ඉංජෙක්, කොන්දොස්තරයෙක්, රියදුරෙක්, කුනු අදින්නෙක්, නීතීඥයෙක්, මාලුකාරයෙක්. ඔය එකී මෙකී නොකී හැම කෙනෙක් ළඟම නිර්මාණාත්මකව මිනිස්සුන්ට ිදෙයක් කාවද්දන්න පුලුවන් හැකියාවන් ඇති. එසේ හැකියාව තියෙන මිනිස්සු දහසක් දුක් ගැහැට අස්සෙත් නිර්මාණ කරනවා. ඒ නිර්මාණ මහාජනතාවට පේන්න එලියට ගෙනියන එක අමාරුයි. නමුත් ඒ අමාරුව ජයගන්න එක තමයි ගේම් එක.

කලාකාරයා තමුන්ගේ සියුම් මෙවලම් පාවිච්චි කරලා ඉතා ලක්ෂණයට හෝ රලුවට නිර්මාණ කරනවා. ඒ නිර්මාණ වලින් ජනතාව හිතන පතන සාම්ප්‍රදායික විදිය වෙනස් වෙලා රටක් හෝ ජාතියක් කියන්නෙ එක පවුලක බූදලයක් නෙමෙය එක දේසපාලක නිළධාරි පංතියකට ලියල දීපු එකක් නෙමෙය කියලා තේරුම් ගනීවි. මොනම ආකාරයක වත් වෙනසකට බහුතර ජනයා අකමැතියි. තියෙන විදියට වැනි වැනි බැන බැන ඉන්නවාට තමයි හැමෝම කැමති. හරියට නිකං පොඩි එවුං ලෙඩ හොද වෙනවා කියල දන්නවා වුනත් තිත්ත බේත් බොන්න අකමැතියි. ඒ වගේ වෙලාවට සීනි පෙන්නලා හරි තිත්ත බේත් පොවන එක තමයි දෙමාපිය වැඩිහිටියන්ගේ අරමුණ.

මේ විදියෙ කලාකාරයො දෙන්නෙක් පහුගිය දවසක සූට්ටක් හිට් වුනා. ඒ සුනිල් පෙරේරා සහ චමින්ද පුස්වෙඩිල්ල. එයිනුත් ඕනි බබෙකුට තේරෙන සුනිල් පෙරේරාගේ නාට්‍යමය ජවනිකාව විශිෂ්ඨයි. අදහස් වල බරට වඩා වැදගත් වෙන්නෙ අදහස් තේරෙන මිනිස්සු ගානෙ බර. සුනිල් පෙරේර ඉදිරිපත් කරන සිංදු සහ නිර්මාණ ලාංකීය සමාජයේ අති බහුතර ජනයාට තේරුං යනවා. මං හිතන්නෙ ඒ අමු සරල ගතිය නිසාම තමයි සුනිල් පෙරේරා අද රේඩියෝ ඇඩ් වල උදැල්ල විකුනන එකේ ඉඳලා ටොපි ලොසින්ජර දක්වා වෙළඳ දැන්වීම් රාශියක පෙනී සිටින්නෙ.

පුදබිමක් වටා ගෙතුන තිත්ත නාට්ටියක් පහුගිය දවසක බැලුවා. ඒක තමයි “කෑම ලෑස්තියි“. කෑම ලෑස්තියි කියන්නෙ බොහොම සරල නාට්ටියක්. නමුත් නාට්‍යය දේශපාලනය සමග දැඩිව ගැටෙනවා. දේශපාලනය මගින් විකුනන සිංහයා, ආගම සහ මිනිස්සු ගැන කතාව හොදින් ඉදිරිපත් කරලා තිබෙනවා. නාටකීය වශයෙන් නාට්‍යය තුල අඩුපාඩු ඇති. හොඳ වෙලාවට මම නාට්ටි ගැන වැඩිය පොත් පත් කියවල නැහැ. ඒ නිසා මට එච්චර ලොකු අවුලක් නම් පෙනුනෙ නැහැ. බාගෙදා පොත් පත් වැඩිය කියවල තිබුන නම් මට ගොඩක් වැරදි පෙනේවි.

කෑම ලෑස්තියි තුල රඟපාන ශ්‍රියන්ත මෙන්ඩිස් දක්ෂ විදියට රඟපානවා. සාමාන්‍යෙන් ශ්‍රියන්ත දැන් ඉන්න තැන ඉඳන් රඟපායි කියලා හිතන් බැරි නාට්ටියක්. නමුත් ශ්‍රියන්ත නාට්‍යය ලක්ෂණයට අරගෙන යනවා. මේ නාට්ටිය වැඩිහිටි තේමාවක්. ඒත් ඒකෙ යන සීන්ස් වලට පොඩි උන් බඩ අල්ලගෙන උඩ පැන පැන හිනා වුනා. සමාර පොඩි උන්ට හිනාව වැඩි කමට නැගිට්ටුනා. ඒ පොඩි උන් ආස කරන නලු නිලියො පුක බිම ඇනෙන්න බිම වැටෙන ගෑනු ඇක්ටින් කරන අමුතු ළමා ගතියකුත් නාට්ටියෙ තියෙනවා. ඒ වගේම මෙලෝ දේසපාලනයක් නොතේරෙන එකෙක්ට වුනත් හිනාවෙත හැකි සරල ජෝක් ගනනාවකින්ද නාට්ටිය සමන්විත වෙනවා. ඒ අස්සෙ ලව් වලට ආස කරන යාලුවන්ට ලවුත් පරණ කතාවලට ආස අයට පරණ ආතල් එකකුත් තියෙන ඕල් ඕඩියන්ස් අච්චාරු නාට්ටියක් තමයි කෑම ලෑස්තියි.

කවුරු මොනවා කිව්වත් අද නාට්ටිය තියෙන්නෙ බල්ලොත් එක්ක බැරිව. අද පවතින දේවල් කතානොකරන පරණ සිංහබාහු මනමෙ වලට අද මාකට් එකක් නැහැ. ඒවා අතීතයට කැමති අයට ආවඩන්න තාමත් ඉඳහිට යනවා. නමුත් “බල්ලොත් එක්ක බෑ“ කියන නාට්ටිය ගිය දුරත් එක්ක ලංකාවෙ වේදිකා නාට්ටිය අලුත් තැනකට වැටුනා. කුහක මිනිස්සු මොනවා කිව්වත් නාට්ටි බලන්නෙම නැති සෙට් වේදිකාවක් වෙත අද්දගනිපු බල්ලොත් එක්ක බෑ කියන්නෙ මෑත කාලීනව විප්ලවීය වාණිජ නාට්ටියක්. වීරයා මැරිලා, ලාස්ට් බස් එකේ කතාව, සිංදු කිරිල්ලී,දෙබිඩ්ඩෝ වගේ කතා කොච්චර හොද වුනත් ඒවා සාමාන්‍ය පොදු මහජනයාට තේරුං යනවා අඩුයි. ඉහල මධ්‍යම පාංතික උගත් පිරිසකට හැර ඒ වගෙ වැදගත් කතා තේරුම් ගැනීම අනෙක් ජනයාට ටිකක් අමාරුයි කියලයි මට හිතෙන්නෙ.

එතනින් අදහස් වෙන්නෙ නැහැ සම්භාව්‍ය,කලාත්මක නාට්‍ය,කෙටිකතා, නවකතා, සිනමාව වැඩක් නැහැ කියාල. නමුත් ඒ හා සමානුපාතිකව පොදු බහුතර මහජනයාට තේරුම් යන නිර්මාණත් තියෙන්න ඕනි. පුරහඳ කළුවර වාගේ සැර නිර්මාණ කරපු හඳගම පස්සෙ කාලෙක විදූ කියන සරල ෆිල්ම් එක ගැහුවෙ අර කලිං පුරහඳ කළුවර ගහපු ප්‍රේක්ෂක පිරිස ඉලක්ක කරගෙන නෙමෙයි. ඒක අවබෝධ කරගන්න බැරිවුන සමහර විචාරකයෝ පුරහඳ කළුවරෙන් පස්සෙ විදූ ට ගිය හඳගම කලාවෙන් වැටුනා කියලා මෝඩ චූන් එකක් ගන්නවා.
පාවී යන ජබර
කෑම ලෑස්තියි තුල කියවෙන දේශපාලනික කතාව සාමාන්‍ය බහුතර මහජනයාට තේරුං යනවා. ඒ වුනේ මොකද්ද කියලාත් ඉතාම පැහැදිලිව තේරුම් යනවා. රාවය පත්තරේ කලම්බු ටෙලිග්‍රාෆ් එකේ යන මහප්‍රාන වලට වඩා ජනයාට කා වදිනවා. ඉඩකඩක් ලැබුනොත් කෑම ලෑස්තියි බලන්න යන්න. කෑම ලෑස්තියි නාට්ටිය රට වටේ අරං යන්නෙ ජූඩ් ශ්‍රී මාල්. ජූඩ් ශ්‍රී මාල් ගේ කන්ටැක් එකක් නම් හොයාගන්න වැඩි අමාරුවක් වෙන එකක් නැහැ. ඕන ඉරිද පත්තරේක නාට්ටි තීරුවෙ ජූඩ් ගේ නම තියෙනවා.

Sunday, October 27, 2013

රුවැති ජනපදිකයෝ.

ඔබගේ නාලිකාව කෙසේද? මා නම් සුපුරුදු සුවෙන් සිටිමි. මා සිටින ජනපදයේ විස්තර කිහිපයක් ඔබහට කියන්නටයි මා මේ ලිපිය අද දින ලියන්ට සිතුවේ. ඔබ දුටු ඒ මුල් දිනේ නොදුටු යමක් අවුරුදු දෙකකට පසුව එකල මා දුටුවා මතකයි. ඒ තමයි ඔබේ නිරුවත. ලැජ්ජාවෙන් ඇඹරෙමින් විටෙක වෙවුලමින් සිටි ඔබ කෙමෙන් කෙමෙන් මා  ඒ නිරුවත විවෘත කල දවස මට අද වගේ මතකයි. ඊයෙ හවස මට ඔබ වැනි යුවතියක මෙහිදී හමුවුනා. මුහුන ඔබගේ වැනි නොවුනත් ඇයගේ අනෙක් නිරුවත් සිරුර ඔබගේම හැඩයක් ගත්තා. එය මතක් වූ විට මගේ අතීත මතක සැමරුම් අතරේ සැරිසැරූ ඔබව එක්වනම සිහියට ආවා.

නාලිකා මේ වෙසෙන විසල් දේශය විශාල රටක් තුල පවතින කුඩා ජනපදයක්. මෙය කුඩා කියා කීවාට මෙහෙ මිලියනයක් හෝ ඊට අධික ජනතාවක් වාසය කරනවා. එක්තරා කලකදී මෙම ජනපදය පටන්ගෙන තිබෙන්නේ වඩාත්ම ලිංගිකව සක්‍රියව ඇති සමාජයට අවැඩදායී ගැහැනු පිරිමින් පුනුරුත්ථාපනය කිරිම සඳහායි. නමුත් පසුකලෙක මේ පුනුරුත්ථාපනයෙන් පසුව ඇතිවෙන මිනිසුන් සහ ගැහැනුන්ගේ තත්වය සලකා බැලූ පාලක මන්ඩලයක් මෙය ජනපදයක් ලෙස පවත්වාගෙන විවිධ කර්මාන්තශාලා මෙහි ඇතිකර තිබෙනවා.

සාමාන්‍ය මනුෂ්‍ය වාසයෙන් බොහෝ දුර දුෂ්කර පලාතක් වන මෙහි කර්මාන්ත ශාලා විශාල ගනනක් තිබෙනවා. ඒ සියල්ලේම සියලුම ගැහැනු පිරිමි සිටින්නේ නිරුවත්වයි. මෙහි ඇඳුම් කියා තිබෙන්නේ කාන්තාවන් මාස මාරුවන කාලයට ඇඳීමට ඇති කලිසමක් වැනි ඇඳුමක් පමණයි. ඉතිරි සියලුම සිරුරු සාමාන්‍ය තත්වය යටතේදී නිරුවත් ව තමයි පවත්වාගෙන යන්නේ.

මේ ජනපදයට සාමාන්‍යෙයන් ඇතුල් කරන ක්‍රම කීපයක් තිබෙනවා. කොහොම වුනත් මම මේ රටට එන්න කැමති වුන නිසා මාව මේකට තෝරාගත්තා. අනෙක් රටවල් වලින් පැමිණි අය ඇඳුම් රහිතව වැඩ කරන්න කැමති වුනේ නැහැ.

නාලිනී. ඔබ සිටියානම් කියාවි මගේ වල්කමට සරිලන ජනපදයක් ලැබී ඇතිය කියලා. නමුත් නාලිනී එදවස ඔබගෙන් හාදුවක් ගන්නට , බොරුවට තරහා වී සිටි ඔබ පසුපස අයදිමින් ඒ ගෙනගිය සොඳුරු කාල පරිච්චේද මගේ සිතට දැන් දැන් පිවිසෙනවා. මේ යාන්ත්‍රික ගැහැනුද ප්‍රේමයේ ආලයේ දක්ෂ මුත් ඔවුන් අතර ඔබ ඇසුරු කල සමයේ තිබූ බොහෝ ගැහැනු ගති වියැකි ගොසිනි.

මෙහි පන්ති බේද ආගම් බේධ නැති කර වඩාත් කාර්යක්ෂම සේවයක් පටැන්ගැන්මේ අදහසින් මේ නිරුවත් වැඩපිළිවෙල පටන් ගත්තත් ඒ පන්ති විශමතාවය කියන කාරණාව ලෝකයේ නැති කරන්න බැරි දෙයක්ය කියන කරුණ මෙහිදීද පිලිගන්නවා. එකල මා විසින් කියන ලද පන්තියක් නැති ලෝකය හුදෙක් මනෝරාජිකයක් බව මට පසක්වුනේ මෙහෙදීය. ලක්ෂණ ඇඳුම්, හැඩ ශරීර, සුන්දර සමේ පැහැය ආදියෙන් පන්තිය නිර්මාණය නොවේ. දැන් මෙහිදී පච්ච කෙටීම්. ඉසකේ වර්ණ ගැන්වීම්. ලිංගේන්ද්‍රියන් අතර වර්ණ ගැන්වීම් ආදිය අනුව පන්ති නිර්මාණය වී තිබෙනවා.

රහස් තැන්හී රෝම සිඳිනවාද නැත්ද යන කාරණාව අරභයා මෙහි පැවති මත ගැටුමක් අවසන් වුනේ ළඟදි දෙතුන් දෙනකුට මරු කැඳවමින්. නමුත් මෙහි සාපේක්ෂව අඩු අපරාද ප්‍රතිශතයක් තමයි වාර්ථා වෙන්නෙ. මේ රටේදි අපිට ලිංගික හිංසන ලමා අතවර අහන්නලැබෙන්නෙ බෙහොම අඩුවෙන්.

දරුවන් ගේ වගකීම බාරගන්නට කැමති අය දෙදෙනකුට දරුවන් තැනිය හැකි වන අතර ඒ දරුවා ගේ සියලු අයිතීන් පියා සතු වේ. ඒ සියලු ජීවිත ගෙවී යන්නේ විලි වස්තර වලින් තොරවය. ලංකාවේදී එකල ප්‍රසිද්ධියේ සිප වැළඳගැන්මක් පවා ඉතා විශාල මැජික් එකක් වූ නමුදු දැන් මෙහි නම් ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවන්හි නිරත වීම කිසිවෙකුට ගැටලුවක් නැහැ.

අන්තර්ජාල සම්බන්ධතාවය අපිට නැතිවුනේ අන්තර්ජාලය හරහා වීඩියෝ ඇමතුම් ලබාගත හැකි කාලයේදීමයි. ස්කයිප් හරහා කතාකරන විට සැමවිටම කාන්තාවන් නිරුවතින් සිටින නිසා මෙහි කාන්තාවන් මුදල් ඉපයීමට ස්කයිප් යොදා ගත්තා. ඒ හරහා ජනපදයට දැරිය නොහැකි මට්ටමේ ඉල්ලීම් රාශියක් ජනපදයට ආවා. නමුත් ජනපද පාලනය සියල්ල හොදින් පාලනය කරන නිසා ඒ අඩුව වසාලන්නට ඔවුන් විසින් අන්තර්ජාලය වසා දැඹීමට තීරණය කලා.

මෙහි රූපවාහිනී වල නිතරම ඇඳුම් අදින බාහිර රටවල් සහ ඒ ජනපද වල සිදුවන දූෂන වංචා සියල්ල ඇඳුම් ඇඳීම නිසා ඇති වූ බවක් යැයි කියල තමයි කියන්නෙ. දැන් මෙහේ ජීව විද්‍යාඥයො වෙන කිසිම ලෝකෙට වැදගත් දෙයක් හොයාගෙන නැතත් ඇඳුම් නැතිව සිටීමෙන් ඇඳුම් ඇතුව සිටිමට වඩා වාසි තිබෙන බව විද්‍යාත්මකව සොයාගෙන තිබෙනවා. මහා පාලක තැන වන ෆ්ලවර් කිංබැක් ගේ සිත දිනාගනු පිණිස ඔහුගේ අදහසක් වෙන මෙය වඩාත් වටිනා කියනඑ කක් බව පෙන්වන්නට රජයේ සියලු මාද්‍ය උත්සාහ කරනවා.

පුද්ගලික මාධ්‍ය වුනත් මේ ජනපදය තුල නිරුවත්ව සිටීම කියන උදාර සංකල්පයට කිසිම හානියක් කරන්නෙ නැහැ. එයාල හැමවිටම කිංබැක් පරපුර වර්ණනා කිරීම් සිදු කරනවා. මේ නුදුරු දිනකදී එක් පුද්ගලික පුවත් පතක් කිංබැක් පරපුරේ තරුණ කුමාරයාගේ ලිංග ඉන්ද්‍රිය නියම දිග අඟල් තුනක් තරම් කුඩා බව වාර්ථා කොට තිබුනා. නමුත් කුඩා ලිංගයන් ඇති වීම වඩාත් සාර්ථක ජීවිත ගතකරන්නට හේතු වන බවත් පුරාණ රාජවංශවල මිසරයේ බැබිලෝනියාවෙ චිත්‍ර වලද ඒසේ කුඩා ලිංග ඇති කුමාරවරු නිර්මාණ්‍ය වී තිබෙන බව ඉතිහාසඥයෝ රාජමාධ්‍ය වල කියලා තිබුනා.

ඔයා නම මේ රටට මේ ජනපදයට කැමති වෙන එකක් නැහැ නාලිනී. ඒත් මේ රට හරි හොඳයි කියාල මට ගොඩක් වෙලාවට හිතෙනවා. බොරු සෝබන ඇඳුමින් වහලා ඇඳුම් සියකින් විතර වහල තව මති මතාන්තර ගානකින් වහගෙන ඉන්න දේවල් කෙලින්ම පේන එක හොඳයි. ආහ් කියන්න බැරි වුනා. මෙහේ හොඳම බඩ සහ බුරිය තෝරන උත්සවේදි මට ලොකු තෑග්ගකුත් ලැබුනා. ගර්ස්ල මගේ මැදිවියේ බුරියට ආසයි මෙයා.(ඔයාට ඉරිසියා හිතෙයි නේ)

මෙහි සීමිත පරිඝනක අවස්ථා තිබුනත් ඇතුලත ක්‍රියාත්මක ජාල තිබුනත් ඒවායේ බොහෝවිට නිරුවත් දර්ශන නිරුවත් රූප අඩුයි. නමුත් මෙහි ඇඳුම් අඳින අයගේ පිංතූර දැඩිව වාරණය කොට තිබෙනවා. ළඟදී එක් කොල්ලකු කැළයට ගොස් කොළ අතු ඇඳගෙන එය පිංතූර ගෙන මේල් කරලා තිබුනා. අහෝ ඒ කොල්ලාට ඒ කොළ අතු දිරා ගොස් කොල හැලී යනතෙක් අර කොළ අතු ඇඳන් ඉන්නට යෝජනා වුනා. ඒ අනුව කොල හැලී නොයකේ වද වේදනා විදිමින් සිටිද්දී පවා ඔහුට නීති අවසරයක් නැහැ ඒක ඉවත් කරගන්න. ඒ නිසා ඒ දෙස බලන බොහෝ දෙනා කොළ අතු යනු වරදැකැයි සිතා ගන්නවා. මීට කලකට පෙර බ්‍රෙෂියර් ඇඳි යුවතියකටද මාස දෙකක් එකම බ්‍රෙෂියරය ඇඳගෙන ඉන්නට සිදු වුනා. ඇය දකින විට කිලෝමීටරයක් දුර සිටින දරුවන් පවා පැන දුවන මට්ටමේ ගඳකි ඇගේ පරණ බ්‍රෙසියරයෙන් වහනය වූයේ. ඇය උදෑසන හමු වීම ඉතා අසුබ දසුනක් ලෙසද ජනතාව සිතන්ට හුරු වී තිබුනා.

මේ නිරුවත් ජනපදයේ ජනයා අනික් ජනපද වලට වඩා බුද්ධියෙන් සහ තර්කන හැකියාවනේ වැඩිය ිකියල තමයි සාමාන්‍ය පිළිගැන්ම තිබෙන්නේ. මෙහෙ සිසුන් බොහෝ කලක් ස්ත්‍රී ලිංග පතාගෙන පෙම් කරන්නෙ නැහැ. බොහෝ දේවල් ඔවුන්ට යොවුන් කාලෙදිම ලැබෙනවා. ඔවුන්ට ඉගැනැගැන්ම වනාහි විනෝදයක්. ලිංගික අත්දැකීම් පිටුපස ලව් මල ඉලව් ලේබල් ගහගෙන දුවන අපේ කාලෙට වඩා මේ ළමයි බොහෝම වේගවත්.

ඉතිං නාලනී එදා ඔයාට මාව ලැබුන නැහැ කියලා මට ලොකු දේවල් නැති වුනේ නම් නැහැ. මට ලොකු තරහකුත් නැහැ. මට මේ රටේ තියෙන තද ගතිගුණ වැඩිය දිරවන් නැහැ. නමුත් මට දැන් මේ රට නැතුව බැහැ. ගොඩක් දේවල් එල්ලගෙන කරපින්නගෙන එහේ මෙහේ ඇවිදින බරබාග වගේ නාලිනිලගේ ජීවිත වලට වඩා මෙහෙ සැහැල්ලුව මට වඩාත් සහනයක් ගේනවා. මේ සැහැල්ලු ගතිය එක්ක මට ආයෙත් ලංකාවේ බර ජීවිතයට එන්න අමාරුයි.

මං මෙහෙ තරුණ උන්ට හොරෙන් ඇඳුම් ඇඳන් ඉන්න රටවල කතාන්දර කියනවා. මං ඒ දවස්වලත් කතාන්දර කියන්න දැනං හිටියනේ. දැන් ඉතිං පොඩි පොඩි සිද්දියක් වුනත් හරි ලොකු කරලා කියනව මුං කට ඇරගෙන අහගෙන ඉන්නව. හැබැයි ඉතිං වැඩිකල් ඔය වැඩේ අදින්න ලැබෙන් නැහැ. මෙහෙ කාට හරි ආරංචි වෙනකල් විතරයි. ඉන් පස්සෙ කටට ප්ලාස්ටරයක් ගහල තියන්න්ත් පුලුවනි.

Thursday, October 24, 2013

උබන්ටු 13.10 ඒකත් කලිං වගේම අජූතද?

ලංකාවෙ පරිඝනක භාවිතා කරන අයගෙන් අති බහුතරය භාවිතා කරන්නෙ වින්ඩොස් හොර කොපි. මේ ලංකාවෙ සාමාන්‍ය පරිඝනක භාවිත කරන කෙනකුගේ පරිඝනකයකට නිකමට ඇතුලු වෙලා බැලුවොත් දකින්න තියෙන ඉතාම සාමාන්‍ය දෙයක් තමයි මැසිම භාවිත කරන කෙනාට වැඩිය මැසිමෙන් වැඩ ගන්නෙ වෙනත් පාර්ශව. මැසිමෙ සමස්ථ ධාරිතාවෙන් විශාලකොටසක් වෛරස් වලට හෝ වෛරස් ආරක්ෂන මෘදුකාංග වලට වැයවෙනවා. ඉතිරියත් ඉතිං මැල්වෙයාර් වලට සහ වෙනත් කේස් වලට වියදං වෙනවා. දාගෙන ඉන්නෙ ක්‍රැක් වර්ශන් එකක් නම් බොහෝවිට මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන(update)නොවීමේ ගැටලුවක් මතු වෙනවා. 

උබුන්ටු වලට වෛරස්(virus) එන්නෙම නැද්ද?

ඒකට හේතු කීපයක් තිබෙනවා.එකක් තමයි ලිනක්ස් කොයි තරම් හොඳ වුන්ත ලොකු මාකටින් කැම්පේන් නැති නිසා මිනිස්සු අතර ජනප්රිය නැති එක සහ යූසර්ලා අඩු එක. යූසර්ලා අඩු ඕ ඇස් එකකට වෛරස් හදනවාට වඩා වාසියි ගොඩක් අය පාවිච්චි කරන වින්ඩොස් වගේ එකකට වෛරස් හදන එක.  කෝම උණත් මම ලිනක්ස් පාවිච්චි කරන්නෙ 2007 ඉඳන්. මේ වනතෙක් මගේ මැසිමකට දන්න කියන කාලෙක වෛරසයක් ඇටෑක් කරලා ස්ටක් වෙලා නැහැ. වෙනත් පොඩි පොඩි ඩ්‍රයිවර් කේස් අනම් මනම් ගියත් මැෂින් ස්ටක් වෙච්චි වාර ගාන නම් ඉතාම අඩුයි. 

උබුන්ටු 1310 මාස නවයයි නේද?

උබුන්ටු අලුත් දිගු කාලින සංස්කරණ විදියට උබුන්ටු 1404 නිකුත් කරන්න හිතාගෙන ඉන්නවාලු. ඒනිසා උබුන්ටු ලාගේ 1310 මෙහෙයුම් පද්ධතිය සඳහා යාවත්කාලීන කිරීම් කරන්නෙ මාස නවයක් විතරයි. කොහොම වුනත් ඊළඟ මෙහෙයුම් පද්ධතිය ආවම අපිට මාරුවෙන්න පුලුවන් නිසා ලොකු අවුලක් නම් මතු වෙන්නෙ නැහැ. මංගාව තියෙන ලැප්ටප් එක දුර්ලභ එකක්. ඒකෙ වෙනම පොඩි වීඩියෝ කාඩ් එකක් කාරිය තියෙනවා. ඒත් ඒ මැසිම උබුන්ටු 1310 එක්ක බබා වගේ වැඩ. තව ඉතිං අපේ බෝඩිමෙ තියනෙ හුවායි ඩොංගල් ජාති හතරක්ම යසට අලුත් උබුන්ටුවත් එක්ක වැඩ කරනවා.

ඔය අලුත්ම එකේ තියෙන වැඩකිඩ මොනවද?

මේකෙ කියලා මහා ලොකු වෙනසක් නම් වෙලා නැහැ. ඒත් ඉතිං හැමදාම වගේ පෙනුම වෙනස් වෙලා තියෙනවා. උබුන්ටු වල තියෙන එක වාසියක් වෙන විශාල ගනනක් මුහුනත් හෙවත් ඩෙක්ස්ටොප්(KDE,gnome,Xfce,LXDE) පාවිච්චි කරන්න පුලුවන් එක. අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට අපිට පෙනුම වෙනස් කරගන්න පුලුවනි. අඩු හාඩ්වෙයාර් වලට අවශ්‍ය විදියට අපිට උබුන්ටු ලබාගන්නත් පුලුවන් එක එක වර්ශන් වලින්. මේ අලුත්ම උබුන්ටු ජාතිය ඒ ආර් එම්. (ARM core)එනම් මොබයිල් පෝන් වලට සවිකරන ප්‍රොසෙසර සඳහාද සහයෝගය දක්වනවා කියලා සඳහන් වෙනවා. ඒ කිව්වෙ මා කලිං ලිව්ව රාස්බෙරි පයි වාගෙ එකකට මේ උබුන්ටු 1310 ලේසියෙන්ම සහයෝගය දක්වනවාලු. මේ පොඩි ඒ ආර් එම් ප්‍රොෙසසර වලට සපෝට් කරන එකත් අලුත් දෙයක් නෙමෙයි කියලයි යාලුවො නම් කියන්නෙ. කලිං උබුන්ටු වර්ශන් වලත් ඒ ආර් එම් වලට වෙනම වර්ශන් එකක් ඇවිත් තියෙනවා. 

උබුන්ටු හැමෝටම හොඳයිද?

ඇත්තටම උබුන්ටු කියන එක හරි පුලුල් පරාසයක්. උබුන්ටු වලට එක එක කොටස් ඇතුලත් කරලා දාන ඇප්ලිකේශන්ස් වෙනස් කරලා එක එක ජාතියෙ උබුන්ටු සංස්කරණ නිකුත් වෙනවා.
මීඩියා වැඩ හෙවත් වීඪියෝ පොටෝ එඩිටිං සහ පබ්ලිෂිං වැඩ වලට හරියන්න මීඩියා උබුන්ටු (media ubuntu)කියලා සංස්කරණයක් නිකතු වෙනවා. 
පොඩි ලමයින්ට සහ ලොකු ලමයින්ට වටින මෘදුකාංග රාශියක් එකතු කරලා එඩියු උබුන්ටු (edubuntu) කියලා තවත් අධ්‍යාපනික මෙහෙයුම් පද්ධතියක්එනවා. 
ඒ වගේම තවත් උබුන්ටු ඇසුරෙන් නිර්මාණය වුන ලිනක්ස් මින්ට්(Linux Mint) වගේ මෙහෙයුම් පද්ධතිත් ගනනාවක් තිබෙනවා. 
අපිට වින්ඩොස් සෙවන් දාන්න නම් මැෂිමකට අවශ්‍ය කරන හාඩ්වෙයාර් ප්‍රමාණයක් තියෙනවා. උදාහරන විදියට දැන් පෙන්ටියම් 4 වර්ගයේ පරිඝනකයට වින්ඩොස් 8 කිට්ටු කරලා අපිට වෙබ් බ්‍රව්සින් කරන්න, සහ වෙනත් වැඩ කීපයක් එකවර කරන්න අමාරුයි. නමුත් උබුන්ටු වල තියෙන අලුත්ම වර්ශන් එකවෙන 1310 වර්ශන් එකත් පරණ පරිඝනක වලට දාන්න පුලුවන් විදියට ලුබුන්ටු(Lubuntu) සහ එක්ස් උබුන්ටු(Xubuntu) කියලා වෙනමම සංස්කරන එනවා. 

අලුත්ම එක ගත්තම තියෙන ආතල් එක මොකද්ද?

අපි අලුත් කලිසමක් කමිසයක් ගන්නෙ පරණ එක අඳින්න බැරි හින්දම නෙමෙයි නේ. පොඩ්ඩක් ඉතිං වැඩකෑලි දාල සෝබනයක් දාන්නත් ඕනි නේ.මොකෝ අපි සාන්තුවරු නෙමෙයි නෙව හැමදාම හම්පඩ අඳින්න.  අපි ගොඩ දෙනෙක්ට අර දොස්තරලා කාර් මාරු කරනවා වගේ ලැප්ටප් හෝ ඩෙක්ස්ක්ටප් අවුරුද්දෙන් අවුරුද්ද මාරු කරන්නත් වැඩිය සල්ලිය බාගෙ නැහැ නෙව. අනික ඒ වගේ මාරුකරලා අපට කොරගන්න මහ බක්කකුත් නැහැ නේ. මේ අලුත් උබුන්ටු ඕ ඇස් එක දාල ටිකක් ඒකට හුරු වුනාම අපිට වින්ඩොස් 8 භාවිත කරන යාලුවන්ට පේන්න පොඩි වැඩ කිඩ ටිකක් දාන්න හැකි.ඒ වගේම අලුත් ඇඳුමක් බෝනික්කාට ඇන්දුවා වගේ අලුත් පෙනුමක් අලුත් හැඩයක් ඔබේ පරිඝනක වැඩවලට ළඟා කරගන්නත් උබුන්ටු අලුත් සංස්කරණය හේතු වාසනා වෙනවා. 

 ඇපල් හරි වින්ඩොස් හරි දාල වැඩ පෙන්වන්න ගියොත් එක්කො හොරකොපි දාගන් ඕනි නැත්නම් සල්ලි දීල ගන්න ඕනි. උබුන්ටු ලැබෙන්නෙ තනිකර නොමිලේ. ඒ නිසා අපිට කිසි වියදමක් මහන්සියක් නැතුව ගිගාබයිට් එකක් වියදම් කරලා උබුන්ටු වලට මාරු වෙන්න පුලුවනි. දැන් ලේට් නයිට් පැකේජ් තියෙන නිසා රුපියල් පනහට වුනත් ගිගා බයිට් එකක් අපිට ලබාගන්න හැකි වෙනවා. 

ඕ ඇස් තුන හතර දැම්මම මැසිම කේස් වෙයිද?

මේක ගැනුලමයිට වගේ එන ජාතියෙ දරුණු ගැටලුවක්. ඉස්සර කාලෙ ටීවි එක ගත්තම ගෙදරකට ඒක අල්ලන්නත් වෙලාවක් තියෙනවා. පිහදාල උඩින් රෙද්දක් දාල ලස්සනට තමයි අපි ඒක පාවිච්චි කරන්නෙ. තාමත් පරිඝනකය කියන එකත් සමාරු ඒ විදියට භාවිතා කරන්න උත්සාහ ගන්නවා. ලැප් එක ගත්තාම මාස ගානක් යනකල් ඒකෙ එන අර ගැස්සීම් වලට ඔරොත්තු දෙන විදියට පැක් කරන ටේප් කෑලි ගලවන් නැහැ. පැක් එකේ එන පොඩි ස්පන්චි කෑලි පවා සමාරු කාලයක් පාවිච්චි කරනව. කොටින්ම මගේ යාලුවෙක් ටච් පෑඩ් එකට උඩින් අලවලා එන ස්ටිකරේ පිටින් ලැප් එක ටච් පෑඩ් එකක් යනකල්ම පාවිච්චි කලා. 

නමුත් දැන් පරිඝනක බොහෝවිට හදලා තියෙන්නෙ ටිකක් සැර පාවිච්චියට ඔරොත්තු දෙන විදියට. ඕක බබෙක් වගේ රැකබලා ගන්න ඕනි නැහැ. කකුල උඩ තියාගෙන මඳ ගැස්සීමක් යටතේ වුනත් පාවිච්චියට ගන්න පුලුවන් මට්ටමට තමයි දැන් ලැප් හදන්නෙ. මේ ලැප් වල ට හෝ ඩෙක්ස්ටප් වලට මෙහෙයුම් පද්ධති දෙක තුනක් දැම්මාය කියලා ලොකු අල ගෙඩියක්වෙන්නෙ නැහැ. ඕනිම නම් ඔෆිස් වැඩවලට වින්ඩොස් කොපියක් දාගෙන ඉන්ටනෙට් එකට ලොග් වෙනවිට උබුන්ටු හරි ලිනක්ස් එකකට හරි මාරුවෙන්න පුලුවන්. ඉන්ටනෙට් බ්‍රවුසින් වලට ලිනක්ස් හොඳයි කියන්නෙ ලිනක්ස් වලදි වෙන වෙන අනවශ්‍ය ටූල් බාර්, සොෆ්ට්වයාර්, ආදිය ඇවිල්ලා පරිඝනකයට ඇතුල්වෙලා කෝලං කරන්න තියෙන අවස්ථාව බොහොම අඩු නිසා. 

ලිනක්ස් ගැන අපි කියනකොට සමාරු හිතනවා අඩේ මේ මුං මේ අයිටී කාපර්ලා උන්ගේ ලොකුව කියවන්න මේ හදන්නෙ කියලා. ඇත්තටම දැන් උබුන්ටු හෙම හරිම පහසුයි පාවිච්චි කරන්න. ගොඩක් ග්‍රැෆිකල් ටූල්ස් ඒ කිව්වෙ පිංතූරෙ ඔබන කෑලි එනවා. කොමාන්ඩ් ගහන්න නැත්තටම නැති තරම්. තවදුරටත් උබුන්ට හෝ ෆෙඩෝර හෝ ලිනක්ස් පාවිච්චි කරනව කියන්නෙ ලොකු කමට හේතුවක්නෙමෙයි. අනික මම ඇවිල්ල අයි ටී කාපර කෙනෙක් නෙමෙයි. අපේ මහන මැසින් හදන කාපර් කෙනෙක් වෙච්චි අයියා කෙනෙක් වෙන ලක්මාල් කන්දෙවිතාන උන්නැහෙත් ළගදි ලිනක්ස් වලට මාරු වෙලා තිබුනා. 

ලක්මාල් අයියත් අයි ටී ගැන මහ පරතෙරක් දන්න මහ ලොකු අයි ටී පප්පෙක් නෙමෙයි. නමුත් ගෙදර පාවිච්චියට වැඩක් කොරගන්න ලිනක්ස් ඕ ඇස් එකක් පාවිච්චි කරන්න දැන් එතුමා දන්නවා. ලිනක්ස් වලට ආස කරන අයටත් නැති අයටත් උබුන්ටු 1310 හොඳ ලස්සන ඕ ඇස් එකක්. නැති ඇපල්, ජනේල ගැන වාත වෙවී ඉන්න නැතුව ඔබත් ට්‍රයි කරලා බලන්න අලුත්ම උබුන්ටු 1310 (Ubuntu 13.10) .

Tuesday, October 22, 2013

ඒකාකාරීත්වයේ විනෝදය

වැඩිය කතාබහක් නැති ගැමියෙක් එක දවසක් නගරයට එනවා. ඒ ගැමියාට ගමේ කඩ පිලේදි කතා කරන්න දෙයක් නැහැ. මොකද ඒ මනුස්සයාට වෙන දේවල් මුහුන දෙන දේවල් කිසි දෙයක් අලුත් නැහැ. හැමදාම එකම විදියයි. නගරෙට ආපු එක දවසක මේ මනුස්සයා නගරාධිපතිගේ අශ්ව කරත්තයට යට වෙලා පොඩ්ඩක් විසි වෙලා කානුවට ැවටෙනවා. ඒ මනුස්සයාව එක්කරං ගිහිපු නගරාධිපති තුමා අර ගැමියාට බේත් කරනවා. කකුලක් නොන්ඩි ගගහා ගමේ යන අර ගැමියාට දැන් ලොකු කතාවක් තියෙනවා කියන්න. අනික දැන් ඔහු නගරේ නගරාධිපතිතුමාගේ හිතවතෙක්. ගමේ ඔහුට ලොකු තැනක් ලැබෙනවා. කෝපි කඩේ දි කතාකරන්න දෙයක් දැන් ඔහුට ිතයෙනවා. නෑයො හමු වුනාම නෑයොත් දැන් වැඩියෙන් ඒ ගැමියාට ගරු කරනවා. 

අවසානෙදි පොඩ්ඩක් වෙනස් වුනත් මුලදි අර ගොලුවෙක් වගේ හිටපු ගැමියා එහෙම වෙන්න හේතුව තමයි ඔහු අවට ඔහුට සම්බන්ධ කිසිවක් වෙනස් නොවිච්චි එක.ඒක මානසිකව ඔහු නිශ්ක්‍රිය චරිතයක් බවට පත් කලා. මේ කතාව ලෝ පතල කෙටි කතාවක්. 

සෙබලෙක් එකපාර ලොකු ගොඩනැගිල්ලක ආගාරයට වැටෙනවා. ඔහු හීනෙන් වත් නොහිතු විදියට මේ ආගාරයට ඇතුලු වුන කෙල්ලක් මොහුව සිප වැලඳ ගන්නවා. ඒ සිප වැලඳ ගන්න කලිං ඔහු නිකම්ම සෙබලෙක්. ඇත්තටම ඒක වැරදීමක් නමුත් ඒක සෙබලාගෙ පැත්තෙන් මහා විශාල දෙයක්. හැමදාම නිල ඇඳුම දාගෙන තුවක්කු බටේ තියාගෙන එහෙ මෙහෙ ඇවිදින ලොක්කා කියනදේ කරන සෙබලාට මේ අත්දැකීම ලොකුයි. අනික යුවතිය ලස්සනයි. ඒ වගේම වංශාධිපති යුවතියක් වගේ පෙනුම. මේකත් කෙටි කතාවක් මට නම මතක නැහැ නෙව. 

මේ පාර සාහිත්‍යට හිමි නොබෙල් තෑග්ග හිමිවෙල තියෙන්නෙ කෙටිකතාපොතකට. ඒක හරි දුර්ලබ දෙයක්ලු.ඒ සම්මානනීය කෙටිකතා කාරිය කැනඩා ජාතික කාන්තාවක් කියලයි අන්තර්ජාලයේ තිබුනෙ. 


අපි කොයිතරම් වැදගත්, ධනය බලය, යස ඉසුරු ඇතිව හිටියත් අපිට සමාජිය වශයෙන් ගැටෙන්න අවස්ථාවන් නැතිවෙනකොට අපි රොබෝවරු වගේ ඒකාකාරී වෙනවා. මේ ඒකාකාරි බව විඳගන්න අමාරුයි. එතකොට එපි ඒ වෙනුවෙන් වෙන වෙනදේවල් ආදේශ කරගන්නවා. කලාව, දේශපාලනය, ආගම පොත් පත්, විනෝදාංශ ආදිය අපේ ජිවිත වල තිබෙන ඒකාකාරිත්වය නැති කරගන්න අපි පාවිච්චි කරනවා. ලංකාවෙදි නම් රූපවාහිනිය, අන්තර්ජාලය පුවත්පත් ආදිය තමයි මිනිස්සුන්ගේ ඒකාකාරි මානසික මට්ටම් වෙනස් කරන්නෙ. 

ලාංකික අපි කිසි කලාත්මක ගතියක් තිබෙන මිනිස්සු නෙමෙයි. අපේ ඇඟවල් වල කලාව ඇත්තටම නැහැ. අපිට කලාවක් කියන්නෙ ඇඟ ඇතුලෙ තියෙන දෙයක් නෙමෙයි. බාහිරින් අනුන්ට පේන්න කරන සෝබනයක්. 

මට පොඩි අතීතකාම කෑල්ලක් මතක් වෙනවා මේ වෙලාවෙ. අද කොළඹ වැඩකරන ඕනිම ආයතනික සේවකයෙක්ගේ දරුවෙක් ගෙන් තාත්තා ගැන ඇහුවොත් කියන්න තියෙන්නෙ මොනවද? 
උදේ තාත්ත වැඩට ගියා. රෑට තාත්ත ආවා, තාත්තා බොනවා. තාත්තා ටීවි බලනවා. තාත්තා ඉරිදට නිවාඩු. එදාට කාර් එක හෝදනවා. හෝ ගෙදර අස් පරස් කරනවා. සමහර ඉරිදට අපි චිත්‍රපටි බලන්න යනවා. ආ හිටපු ගමන් තාත්ත නිවාඩු දාල අපි කොහේ හරි එක්කරං යනවා. ඒ වගේ වාක්‍ය ගොඩක් තමයි තාත්ත ගැන කියන්න තියෙන්නෙ. 

මගේ අතීත කාම ස්ලයිඩ් එක ඒ අතින් නම් මාර බලවත්. අපේ තාත්තට ස්ථිර රස්සාවක් තිබුනෙ නැහැ. ඒත් වැඩියෙන්ම කලේ පහතරට එලවලු ගොවිතැන. ඔන්න එක කාලෙකදි තාත්ත පොල් ලෙලි ගහනවා මොකද පොල් කොප්පරා කරල විකුනන්න. සීයගෙන් ලැබිල තිබුන ලොකු වත්තෙ පොල් කඩල වේලල විකුනල සල්ලි ගත්තෙ අපේ තාත්ත. අපේ ගෙදර ඔක්කොමල්ල වෙනකක් තියා ගෙදර බල්ල පවා ඒ දවස්වලට පොල් එක්ක තමයි රාජකාරිය. තාත්ත විඩක් පොල් බිඳිනවා. තව වෙලාවක පොල් ගොඩ එකතු කරනවා.තව විඩක් ඔලුවට තැපැල් තොප්පියක් දාගෙන ගිනිගහන අවුවෙ පොල් වනනවා. ඒ අපේ තාත්තගේ පොල් ඉන්ටෆේස් එක. 

ඔන්න එකපාරක් තද පෑවුම. මොන ගොයිතැනක් වත් හරියන් නැහැ. අපේ කිවුල් ළිදේ විතරක් වතුර තියෙනවා. ඒ දවස් වෙනකොට අපිට වතුර තිබුනෙ නැති නිසාද නැත්තං වෙන හේතුවක්ද මන්දා අපේ පවුලෙ අය ගඩොල් රස්සාවට මාරු වෙලා. වත්තෙ උඩහට වෙන්න මහ වලවල් හාරල පස් ගන්නවා. ඒ පස්වල කල ගෙඩි වලින් වතුර ඇදල දාල මැටි හදනවා. ඔය හදන මැටි වලිං කුට්ටි අරං ගිහිං මං බෝල හදනවා. අපේ අයියල නම් ඔය පදම් වුන මැටි වලින්  ටැට්ටර්, බෝනික්කො, තුවක්කු අනං මනං හදනවා. ඒත් මට ඒ හසුරු කුසුලතාවෙ ඇවිත් නැහැ. ඉඳපු ගමන් තාත්ත ඇවිත මොකක් හරි කුරුල්ලෙක් වගේ එකෙක් හදලා දෙනවා. ඒක ඉතිං අපේ අය්යලට පේනනලා මං උඩදානවා උන්ට පේන්න. පස්සෙන් පහු ඔය ගැඩොල් කැපිල්ල මාසයක් දෙකක ගියාම ගැඩොල් පිච්චිල්ල පටන් ගන්නවා.

ගඩොල් පුච්චන්න ගත්තම ඒවට කොට , පොල්ලෙලි, පොල් පිති එකතු කරනවා හැම තැනම ඇවිද ඇවිද. හොයල ඒවා ගඩොල් පෝරම ගාවට ගේනවා. ඉතිං ඒ දවසට අපේ අම්මල අක්කල කස්ටිය කොරන්නෙ පොල්ලෙලි පොල්පිති එකතු කරන එක. පිරිමි කස්ටිය කරන්නෙ මහ ගස් කජ්ජු ගස් අඹ ගස් වගේ ඒවයි පල නොදරන ගස් කපලා අහක් වෙලා ඒවා පෝරම ගාවට අදින එක.

ඕකත් ටික දවසක් ගියාම ගඩොල්විකුනලා හෝ ගඩොල් අට්ටි ගහලා වැඩ නවතිනවා. ඉන් පස්සෙ පටං ගන්නවා ඔන්න මැහි වැඩ. මැහි වැඩ වලට සූරිය ගස් කපනවා ඇල්බීෂිය දඩු කපනවා. ගොක් කොල එක්ක වැඩ කරනවා. අපේ මැහි තිබුනෙ පුංචි කාලෙ අපි නොදන්න දිහාක. ඉතිං සතියෙ දවස් තුනහතරක්ම තාත්ත යි අයියලයි මැස්සෙ. මාව අරං යන්නෙ එහෙමත් දවසක. ඔය සූරිය දඩු කපන තැනකට වෙලා බිමට වෙලා වාඩි වෙලා ඉන්න කොට තාත්ත සූරිය කොලෙන් නලාවක් හදල දෙනවා. එක ස්වරයයි ඒකෙ වදින්නෙ. ඒක පී ස්වරය. ඕක ඉතිං පී....ක් ගගා පිඹ පිඹ ඉන්නවා. ඔන්න ඇල්බීසිය දඩු කපනකොට ඇල්බීසිය කොල අත උඩ තියලා ගැහුවම ටෝං ගාල මහ සද්දයක් එනවා. 
අයියල ඕක කරනවා මට පේන්න. මං තියලා ගැහුවම සද්දෙ එන් නැහැ. ඉතිං වෙලාවකට ඒකට අඩනවත් එක්ක. 

ගොක් කොල කපලා ගෙනියන්නෙ මැස්සෙ වැල් දඩු වලට තියලා බඳින්න. ගොක් කොළ තියෙන කාලෙට අපේ අය්යල හදනවා පට්ට කැටයම්. අපේ තාත්ත හදන්න දන්නවා ගොක් කොල වලිං හංසයෝ රූං පෙති හෙම. අයියලත් ඒවා දන්නවා. හැබැයි මට ඔය මොකක් වත් බැහැ හරියට. අල්ලගත්තත් වරුවක් යනවා එක ට්‍රික් එකක් අල්ලගන්න. හැබැයි මට ගොක් කොල නයා නම ්හදන්න පුලුවනි. ඒ දවස්වලට අපේ සෙල්ලම ගොක් කොළ එක්ක. 

තව කාලයක් එනවා අම්මලා තාත්තල බර වැඩ කොරටුවෙ. මම ඉතිං තනියම වාඩියෙ එක්කො කාරුහරි ගෙදර ඉන්නවා උයන පිහන වැඩවලට. කුස්සියට ගිහිනුත් බෑනෙ. අම්ම පටන් ගන්නවා එයැයිගෙ වැඩ කොරෝගන්න මට කියල. මේ නිකං පන්ඩිත සී්‍ය වගේ ඇවිද ඇවිද ඉන්නෙ මෙන්න මේ හාල් ටිකේ වී යැට ටික ඇහිදල දෙනවා. නැත්තං. මේ පලා ටික තොරන්න ටිකක් උදව් වෙන්න .. ඔන්න ඔය වගේ එක එක කොන්තරක් වැඩ ගොඩයි කුස්සිය පැත්තට ගියොත්. ඒ නිසා වාඩියෙ ඉන්න කාලෙ නම් වාඩිය ඉස්සරහ පැත්තෙ තමයි මගේ සෙල්ලං ඔක්කොම. 

අපේ අය්යලත් මැහි වල වැඩ. උන්ට වෙලාවක් නැහැ මාව නලවන්න. එක එක කාලෙට මගේ වයසෙ උන් හෝ බාල උන් හරි දෙක තුනක් සෙට් වෙනවා. ඔය අතරෙ එක දවසක් මට අදහසක් ආව ලේන්නු අල්ලන්න. මේක කියල දුන්නෙත් තාත්තමද මන්ද. ලොකු මැකනිසම් එකක් නැහැ. අපේ ගෙදර තියෙන කුල්ල හරි මහ වට්ටිය හරි ගත්තා. කුල්ලට හෝ වට්ටියට ගැහුවා ජැක් එකක්. ජැක් එකක් ගහලා ඒක තියනවා මිදුලෙ ලේන්නු එන හරියට. තියලා ඒක යට දානවා කුරක්කන් මල් හෝ තල වගේ දෙයක්. දැම්මහම ඔන්න ලේන්නු දෙමලිච්චො එනවා. මං කරන්නෙ අර ජැක් එකට ගැට ගහපු නූලක් හරි ලනුවක් හරි කෙළවරට වෙලා උන් හරියට සෙන්ටිමන්ටල් වෙනකල් කුරුමානම් අල්ලන එක. ලේන පොඩ්ඩක් අතුලට ආවම මං අදිනවා ජැක් එකට ගැටගහපු නූල . දැන් වට්ටිය හෝ කුල්ල පහත් වෙනවා බුග් ගාල. ලේනගේ කරුමයක් තිබුනොත් ලේන ඇතුලෙ. නැත්තං බොහෝ විට උෟ එලියෙ. 

මෙතනදි ලේන්නු හරි කපටි. උන් හැමවෙලේම සෙට් වෙන් නැහැ මගේ කුල්ල යටට. ඌ යනවා සුටුස් ගාල. ලේන් පැටවෙක් එකම එක පාරක් අල්ලගත්ත වගේ මතකයි. ඌත් අල්ලද්දි අර වල්ග කෑල්ලෙන් ලෝම අතේ ගෑවෙනවා.

මේ හැමදේම දැන් ගොඩක් ඈතට ගිහින්. සල්ලි කියන දේ අපිට දැන් දෙයිවරු වගේ වෙලා. අපි දැන් ජීවිතේ රස විඳින්නෙ පොත් හරහා. නැත්තං ෆීලුම් හරහා. එහෙමත් නැත්තං අන්තර්ජාලයෙන්. අපේ ජිවිත වල ඇක්ටිව් ගතිය නැත්තටම වගේ නැතිවෙලා යන්න කිස්ටුයි. අනුන්ගේ දේවල් බලලා ආතල් ගන්න හුරුවෙලා. අපි ජීවත්වුන ඒ කාලෙ පරිසරයත් මහ ලොකු ගමක් නෙමෙයි. නමුත් අපිට ඒ කාලෙ ජීවත් වුනා කියලා හිතුනා. මොකද නිතර අපේ ජීවිත වෙනස් වුන නිසා. නමුත් අද.. මං මේ එක්සෑම් ඔක්කොම පාස්වෙල අපේ කොම්පැනියෙ මගේ මහම ලොකුම බොසාගේ තත්වෙට මම පත්වුනත් අර එදා තිබුන ස්පීඩ් එකෙන් දැන් තියෙන අපේ ජීවිත වෙනස් වෙන්නෙ නැහැ.

හැමදාම එකම රටාව. කන්තෝරු යනවා එනවා නිදාගන්නවා. ආතල් කියල මාක් කරලා තියෙන දේවල් ටිකක් හැමෝම කරන නිසා අපිත් කරනවා එච්චරයි. හැමෝම බනින දේව්ල වලට අපිත් බනිනවා. හැමෝම කන දේවල් අපිත් කනවා. ලෝකෙ විශ්ව ගම්මානයක් වෙනකොට අපේ ජීවිත බොහොම කෙටි රාමු කෑල්ලක හිරවෙලා.ගැලවෙන්න අමාරු විදියටම. අර මුලින් කතාවලදි කියන්න කතාවක් නැති ගැමියා. අලුත් ජිවිතයක් නැති සෙබලා වගේ තත්වයට අපි නොදැනුවත්වම පත්වෙලා.

Wednesday, October 16, 2013

Clip (2012) ජනනේන්ද්‍රිය පෙන්වන ක්ලිප්

ක්ලිප් කියන ෆිල්ම් එකේ කුනුහරුප තියෙන රූප රාමු තියෙනවා. ගොඩක්ම පොඩි ළමයි බලන්න ඕනි නැති එකක්. 

පියා ලෙඩවුනු පවුලක කෙල්ලෙක් වටා තමයි මේ සිනමාපටය දිවයන්නේ. පියා ලෙඩවුනා කියලා මේ තරුණ දුවනියට ඒ ගැන එතරම් ගානක් නැහැ. ඇය මත්ද්‍රව්‍ය ගනිමින් සමාජ ශාලා වලට ගිහිල්ලා නරක දුවනියක බවට පත්වෙනවා. ඒ වයසෙ විදියට ඒ ගෑනු ලමයා ඉන් පස්සෙ පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධ වෙනවා. අවසානෙ ඒ දෙන්නා අවශේෂ ලෝකන් විශේෂ වෙලා ජෝඩු වෙලා වර්ගයා බෝ කරන සරල සාම්ප්‍රදායික පවුල් පසුබිමට අනුගත වෙනවා ඇති. මේ සිනමාපටය අපේ රටේ සම්භාව්‍ය කියල සලකන සිනමාපට වගේ. නමුත් ඒ ලංකාවෙ ෆිල්ම් තරම් බෝරිං නැහැ. 

ඒ ෆිල්ම් එකේ ෆෝන් එකක් හැමතිස්සෙම පෙන්වන්නෙ ඇයි...

ෆෝන් එක ආවට පස්සෙ අපේ ජීවිත ෆෝන් එකට අනුව වෙනස් වුනා. විශේෂයෙන්ම අනූව දශකයේ තරුණ ජීවිත සහ අද බස් වල යන තරුණ ජීවිත වෙනස්. ෆෝන් එක අපි වගේ නාකි තරුණයෝ වගේම යොවුන වයසේ ඉන්න අයත් වෙනස් කරන ලොකු සාධයක් වෙලා. පෝන් එක නිසා ළමයි ගොඩක් නරක් වෙනවා කියන අම්මල තාත්තල ඉන්නවා. නමුත් එදා ට වඩා ෆෝන් එක හොද දෙයක් වගේම නරකකුත් සිද්ද කරනවා.ෆෝන් සහ අන්තර්ජාලය විසින් ළමයා නරක් කරනවා කියලා ඒවයින් ඈත් කරලා ළමයා බල්ලෙක් වගේ කූඩුවක දාල ඇති කරන්න ගන්න උත්සාහය, ඒ ළමය ඇත්ත ලෝකෙන් ඈත් වෙන්න හේතු වෙන්න පුලුවනි. 


මේ ලග දවසක මම බස් එකේ යනකොට මම ගියේ වීදුරුව අයිනෙ. ටවුං හෝල් හරියෙන් ඒ අසුන හිස්වුනා. ඒ වෙලාව හැන්දෑවෙ හතට විතර ඇති. එකපාර ටිකක් මහත ලක්ෂණ යුවතියක් ආවා. එයා නිළඇදුම අනුව ජාතියේ විශ්වාස බැංකුවේ(Nations trust Bank) වැඩකරන යුවතියක්. වැඩිය බලන්න බැහැ. මගේ සීට් එක ලගමයි. කෙල්ල ටිකක් මහතයි. මගේ අත හෝ උරහිස එයාගේ අතේ වැදුනා. ඒක එහෙම වුනේ මගේ වනචර කම නිසා වෙන්නත් ඇති. ඒත් ඉතාම සුලු වෙලාවකින් ගෑනු ළමයා ඒ ස්පර්ශය විදින්න හුරු වුනා. එයා ආපු වෙලාවෙ ඉදලා පෝන් එකේ වැඩ.

පෙනුනු විදියට සැම්සුන ගැලක්සියක්. මගේ පෝන එකත් ඒ ජාතියෙමයි.. මාත් පෝන් එකේ ඇප් එකක් දාගෙන වැඩ. එයා චැටක මාත ්චැටක. ඉතිං සමාරවිට එයා කොල්ලත් එක්ක චැට් නොකරනවා වෙන්නත් ඇති. මාත් කෙල්ලෙක් හෝ ෆේක් එකක් හෝ මොකක් හරි එක්ක චැට් කලා.  දෙන්න එකලග සීට් එකේ වාඩිවෙලා අත් හප්පගෙන ගියත් ලෝක දෙකක යන්නෙ. දෙන්නම එකපාර ෆෝන් දෙක ශට් ඩවුන් කරගෙන හායි කියලා කතාවක් පටන් ගත්තනම්... ඒක කොයි තරම් ස්වාභාවිකද?

නමුත් එහෙම වෙන්නෙ නැහැ. ෆේස්බුක් කියන්නෙ වෝල් එකක් තියෙන තැනක්.. මේක වෝල් එකක් කිව්වම මම හිතුවෙ අර කැටපත් පවුර වගේ ආතල් එකට කවි ලියන සෙයා කරන කමෙන්ට් කරන තැනක්කියලා. නමුත් මිනිස්සු ගැටෙන හමුවෙන තැනක එකිනෙකා පුද්ගලික ලෝකවල තනිකරල සමාජයෙන් ඈත් කරන ලොකු වෝල් සිස්ටම් එකක්මේ ස්මාට් ෆෝන් හරහා එනවා. 

ඒ විදියට ජංගම දුරකථන මගින් වැට බැදලා ඈත් කරලා ජීවත් වෙන ජීවිත වල ෆෝන් එකත් එක්ක තියෙන ගනුදෙනුව. සහඒ තුල යොවුන් පරපුර කොටුවෙන පටු තැන් ටික ගානට කදිමට මේ සිනමා පටියෙ කියා ල තිබෙනවා. එ් සිනමා පටිය දුවන්නෙ කෙල්ලගේ ෆෝන් එකෙන් ගන්න ක්ලිප් මත. කොටින්ම ඉස්සරම කාලෙ විදිය අනුව මුලින්ම  කෙල්ල කතාව කියනවා වගේ තැනකින්. ඒක අලුත් දෙයක්ම නෙමෙයි. නමුත් මේ ෆිල්ම් එකේ ඒ මොබයිල් ෆෝන් එකකින් ජීවිතය දකින ආකාරය හොදට පෙන්වනවා.. 

කෙල්ල ලස්සන වුනා ට පුක නැහැ. 
ලංකාව ඉන්දියා වැනි රටවල හැදෙන බොහොමයක් සිනමා කෘති වාණිජමය ඒවා. ඒවා තුල බොහොවිට නිර්මාණය වෙන්නෙ තාත්වික නොවන රූපරාමු. ලස්සන සහ කෘතිම බව තුලින් ඔප්නංවපු අමුතු ලෝකයත්තමයි ජනප්‍රිය හින්දි දෙමල චිත්‍රපට බෝමයක තියෙන්නෙ. නමුත් ඉන්දියාවෙ ෆිල්ම් බලන මිනිස්සු අතිබහුතර  ඇත්ත ලෝකෙ පට්ට වෙනස් නෙව. 

මේ  කෙල්ලට පුක නැති සින් එක වැදගත් නැති දෙයක් විදියට දකීවි බලන අය. නමුත් සිනමාපටය පුරාවට පස්ස අඩුයි කියන එක ඉස්මතු කරන්න අධ්‍යක්ෂතුමා උත්සාහ ගන්නවා. සමහර විට මේ සිනමාපටියේ දැරිය යොවුන් වියේ මුල් කාලෙ ඉන්න දැරියක් කියලා පෙන්වන්න එහෙම කරනවා ඇති. අනික් කාරණය තමයි මේ ගෑනු ළමයාගේ සෞන්දර්යය ගැබ් වෙලා තියෙන්නෙ ඇගේ කදේ නෙමෙයි මුහුනෙ. නැති දේ ඇති කරලා පෙන්වන. ඇති දේ විසාල කරලා පෙන්වන ලෝකෙ නැති දේ නැති විදියටම පෙන්වන එක අමුතු දෙයක්. 

කතාවෙ පරම්පරා තුනක් ඉන්නවා නේද?
ඔව් ගෑනු ළමයා සහ නංගී එක් පරම්පරාවකත්. සීයා ආච්චි තවත් පරම්පරාවකත් අම්මා තාත්තා තවත් පරම්පරාවකත් මේ සිනමාපටියෙ පෙන්නුම් කරනවා. 

මෙ ෆිල්ම් එකේ ජනනේන්ද්‍රියන් බොහොම ලංකරලා පෙන්නනවා. ජනනේන්ද්‍රියන් බලන්න කැමති අයටත් වැදගත් එකක් වේවි. ඒ වගේම මතට අකැප දේට නතුවෙලා ඉන්න තරුණයින් යොවුන් කස්ටිය ජීවිතේ ගැඹුර ගැන නැවත වතාවක් හිතන්න මේ ෆිල් ම් එක නිසා පෙළඹේවි. මේක වැඩිිහිටියන්ට පමණයි එකක් වුනාට විනාසෙවෙමින් යන යොවුන් දරුවෙකුට ඔහු යන මාවත කැඩපතකින් වගේ දැකගන්න ලැබන දුර්ලභ අවස්ථාවක් මේ ෆිල්්ම එක හරහා ලැබෙනවා.

පට්ට සරල ගෙදර බල්ලටත් තේරෙන විදියට තියෙන ෆිල්ම් එක මගේ වචන පන්ඩිත වැඩි නිසා තව ටිකක් බර වෙනවා.මගේ විස්තරයට වඩා ෆිල්ම් එක ගති. හොයාගෙන බලන්න. හැබැයි ජීවිතයේ ලස්සන පාර්ශවය පෙන්වන එකක් නම් නෙමෙයි. 

මේ අයි එම් ඩී බී ලිංක් එක..

Tuesday, October 15, 2013

පාදඩ නීතිය සහ අරක්කු

යාලුවෙක් බාර් එකෙන් කාලක් අරගෙන පොඩ්ඩක් එහා කඩ පිලකට ගොඩවෙලා ඒක බිබී ඉඳලා. සිවිල් පිට පොලිසියෙන් ඇවිත් මිනිහා කුදලගෙන ගිහින්. 
“දැන් බලන්න මහත්තයෝ උසාවි දැම්මම අඩු තරමෙ දෙතුන් දාහක් දඩ..ඒ වගේද රස්තියාදුව, අද දවසම මේ ක ඇතුලෙ. මේ මුලු වැඩේටම මහත්තයට රුපියල් පන්දාහක් විතර වියදම් ඇති. අපිට හිතුමතේ මහත්තයල අල්ලන්න බැහැ. මේව ලන්දේසි රෝම නීති. ඒ නීතියෙ පාදඩ නීතිය කියන කොටසේ එක උප වගන්තියකට අනුව තමයි අපි පාරෙ බොන අයව අත්අඩංගුවට ගන්නෙ. ඔය බ්‍රැන්ඩි කාලකුයි බයිට් එකකුයි අරගෙන පොඩි බාර් එකක් ඇතුලට ගියා නම් , නැත්තං කාමරයක් අරං ගියානං..කොයි තරං ලස්සනද? කොය් තරම් ලාබද? අපිට කරන්න දෙයක් නැහැ. අපි ඉන්නෙ නීති අනුව වැඩ කරන්න. ඕන්නං උසාවියෙදි වරද පිළිගන්න පුලුවන්. නැත්තං නඩු වාර දහයක් පාලවක් නඩුව ගෙනියන්න පුලුවනි වරද පිලිගත්තෙ නැත්තං“ අපේ වෘත්තිය හැඳුනුම්පත් දෙකේ පොටෝකොපියකුයි ඇප කොලෙයි අරගෙන කොස්තාපල් මහත්මයා අපිට ඇප දෙන්න ගිය අපිට කතාන්දරය පැහැදිලි කරලා දුන්නා.

කොස්තාපල් මහත්මයා ඇත්තටම හොඳ මනුෂ්‍ය යෙක්. එතුමා සැරයි. ඇප දෙන්න ගිය අපිවත් සැලකුවෙ වැරදි කාරයො විදියට. නමුත් එතුමා අපිට කරපු වරදත් ඒකෙ තියෙන ආනිශංසත් නීතිමය පසුබිමත් එතුමාට හැකි පමණ විස්තර කළා. ලංකාවෙ දොස්තර ගොල්ල ගාවට බෙහෙත් ගන්න ගියාම අපි ලෙඩ බාගයක් කියන කොට බේත ලියල ඉවරයි. හද් දෙයියනේ අපිට තියෙන ලෙඩේ අපි අහගන්න වෙන්නෙ ෆාමසි එකේ ඉන්න එකාගෙන්. ඒකත් ඉස්පිරිතාලෙනං වොයිස් රෙකෝඩරයක් ඇන්න යන්න ඕනි අර බෙහෙත් දෙන කංකානම බේත් ගන්න පිළිවෙල කියාගෙන යන වේගෙට රෙකෝඩ් කරගන්න. ඔය දොස්තර ගොල්ලා ඔහොම නරුම වුනාට ඒ ගොල්ලා ඉගෙන ගන්න කාලෙදි ඔය හැමදේම කරුණාවෙන් ලොඩාට කියල දෙන්න ඕනි කියන කාරණාව කියලා දෙනවාලු. නමුත් ඉතිං එක ලෙඩාට විනාඩි ගනන් පිහිට වෙන්න ගියොත් අනික් ලෙඩ්ඩුන්ව චැනල් කරන්න බැරිවෙනවා කියන මහා කරුණාව නිසා ඒ අය එහෙම කරනවා වෙන්න ඇති.


යාලුවට ඇප දෙන්න ගියේ මායි තව අපේ දන් කියන ඩයල් එකකුයි. මං ඔය පොලිස් රිපොට් එකක් ගන්න පෝං නැතිවෙලා ඇන්ට්‍රි දාන්න හැර පොලිසියකට ගියාමයි. මේ කියන්නෙ මං වැරදි නොකරන සෝක් බබා කියලා නමෛයි. ඒත් මම පොලිසියට වැරදිකාරයෙක් වෙල ගිහින් නහැ. එදා රැ මගේ යාලුව එක්ක බ්ලොග් පෝස්ට් කීපයක්ම හිර කූඪුවෙ ඉදලා තිබුනා. හිට් දෙදාහ පනින බ්ලොග් පෝස්ට් එකකුත් ඉඳලා තියෙනවා මගේ යාලුව එක්ක ඊයෙ රෑ හිර කූඩුවෙ. ඒ තමයි තාත්ත කෙනෙක් දුවව දූෂණය කරපු සීන් එකක සැක කරුවෙක්. සැක කරුවා ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයෙක්. “තාත්තා විසින් දූෂණය කල දුවනිය සහ මව හැඬු කඳුලින් පොලිසියේ“ ඔය කෑල්ල විතරක් හෙඩිමෙ තිබුනත් ඇති හිට්ස් දාහක් විතර ඇවිත් තියේවි. නමුත් ඔය හිට්ස් උගසට තියල මට බැංකුවෙන් ණයක් වත් ගන්න ඇහැකිය? බැහැ නෙව. ඒ නිසා ඒ ගැන ලියන අය ඒ සිද්දිය තව ටික දවසකින් සිද්දිය ඇහින් දැකපු ,දූෂණය කරනකොට කාමරේ හිටපු, හූනෙක් කැරපොත්තෙක් සිද්දිය දැක්කා වැනිව ගොසිප් චැනල් එකක දාවි. අපි මොකටද ඕවට නිකං මාන්සි වෙන්නෙ. 

රෝම කාරයො මම මුලින්ම දැක්කෙ‍ෙසූරපප්පා කතාවෙන්. මතක විදියට රෝම කාරයො අපේ රට යටත් කරගත්තෙත් නැහැ. ඒත් රෝම ලන්දේසි නීති පොත් වල කොටස් කෑලි අපි අතර තවමත් තිබෙනවා. හොඳ දෙයක් නම් කොයි තරම් කල් තිබුනත් අගේ අඩුවෙන්නෙ නැහැ. දැන් ඔය අපේ රටේ නේ විවස්ථාව කියන එක වෛශ්‍යාවගේ පස්ස  වගේ හැමදාම අතගාන්නෙ.ඒ අතගෑවත් හැමදාම එකම තැන. වෛශ්‍යාව වගේමයි. පහන් කණූව යට කුඩේ තියං වන වන තොල් රතු කරගෙන බලං ඉන්නවා. හරියට අපේ ආන්ඩු වල මහත්වරු චීනෙ, රුසියාව, ජපානෙ, අමරිකාව, යුරෝපෙ ආධාර කුට්ටි ගේනකල් මග බලාගෙන ඉන්නවා වගේ. මෙච්චර දියුණු නම් මෙච්චර ආහ්චරිය නම් ඇත්තටම මොකටද ආයිබොන්ඩ ඔය තරං ආධාර හිඟා කන්නෙ? ඔහොම හිඟා කාල පච වෙලා ඉන්න රටක ඉන්න අපිට අභිමානයක් ගැන පොයි කියවන්න තියා අඩුතරමෙ ජාත්යන්තරේ පාරක රෙද්දක් ඇඳං යන්න ඇහැකිද? ..

පොලීසිවල වෙන අකටයුතුකම් විතරක් යන සයිට්ස් වගයක් තියෙනවා ලංකාවෙ. මානව හිමිකම් වලට වඩා බල්ලන් වැදගත් වෙන මිනිස්සු තමුංට වැරැද්දක් වුනාම අර මානව හිමිකම් ආයතන වලට පැමිණිලි කරනවා. ඒ මානව හිමිකම් ඒජන්තවරු ඒ සිද්ධි ගෙඩිය පිටිං පැමිණිලිකාරයාගේ කතාව විතරක් ඉන්ටනෙට් එකේ දානවා. එතනදි අර දියුණු මාද්‍ය සම්ප්‍රදාය වෙන සැම දෙසකින්ම තොරතුරු එක්රැස් කිරීමක් නැහැ. කවුරු හරි මොකක් හරි පැමිණිල්ලක් දැම්මද. ඒක ඉන්ටනෙට් එකේ ගෙඩිය විතරක් නෙමෙයි නැට්ටත් එක්කම.

 ඒව බලන මං හිතුවෙ ඉස්සර “ආ..වැඩිදවස් නැහැ ආන්ඩුවට. මෙච්චර වැරදි කරලා අහුවුනොත් ජාත්යන්තරෙන් අපිට කෙලවෙයි“ කියලා. නමුත් මං එහෙම හිතන්න පටන් අරං දැන් අවුරුදු පහ හයක් වෙනෝ. අනේ ඔ්‍ය යසට ආන්ඩු සහ ඒ මූනුම වැජබිලා ඉන්නෙ. ඒ සමාර වෙබ් අඩවි වලට අනුව අපේ රටේ ඒකාධිපති පාලනයක් තියෙනවා ඒක නිකං හිට්ලර්ගෙ පාලනේ වගේ ලු. සමාරු කියනවා උතුරු කොරියාව වගේලු. අනේ උන්දැලෑ බණ ඒ අයටම හොදයි. හිට්ලර් තමංගෙ රටේ මිනිස්සුගෙ හැඟීම් අවුස්සලා අවි ආයුධ හදලා නවීන තාක්ෂණික යෙදීම් කරලා ලෝකෙම අල්ලන්න ගියා. එතනදි හිට්ලර් අමරිකාවට හෝ වෙනත් රටවලට ගිහින් හිගාකාලා තාක්ෂණය ගෙනාවෙ නැහැ. ඒ වගේම ණය ආධාර අරගෙන රට දියුණු කරලත් නැහැ මම දන්න විදියට. හිට්ලර් යුද්දෙන් පැරදුනා. ඒනිසා දැන් හිට්ලර් සතුරා සමූළඝාතකයා. නරක පාලකයා වෙලා. නමුත් හිට්ලර් දින්නා නම්? ඕකෙ අනික් පැත්ත සිද්ද වෙනවා.  සිංහලෙන් සුද්දට බැනලා බැනලා ඒ කටින් රටවලට ගිහිං ඉංගිරිසියෙන් හිඟාකන හිඟන පාලකයොන්ට හිට්ලර් ගෙ නම ගාවවන් වත් හැකිද? බැහැ නෙව.

පොලිස් මහත්වරු කියන්නෙ අඩු පඩියට ලොකු සේවයක් කරන හැමෝගෙන්ම බැනුම් අහන ජාතියක්. ඉතිං පොලිසිය ඇතුලු ලාංකික නීතිමය රාමුවම අද වෙනකොට යම් යම් ඉරිතැලීම් ගානකට අහු වෙලා තියෙන බවක් පේනවා. මාලු අල්ලන්න බිලි පිති දානවට වඩා වලම ඉහලා කන එක ලේසියි. නමුත් ආතල් එක වැඩිවෙලා හිටිනේනෙ නැහැ. මොකද වලේ මාලු ටිකයි වතුරයි ඔක්කොම ඉවර වෙනවා. මං මීට කලිනුත් කියලා තියෙන විදියට සංචාරක කර්මාන්තෙට හෝටල් කාමර දාස් ගනන් හදලා උධ්‍යාන හදලා සංවර්ධනේ කොලත් අවසානෙ නීතියක් සමාදානයක් නැති රටකට පය තියන්න සුද්දො කැමති නැහැ. එතකොට අර කාමර දාස් ගනන් හෝටල් හදන්න ගිහිපු සල්ලි අයියෝ සල්ලි වෙනවා. 

මේ ක්‍රමයට වග කියන්න ඕනි ජේ ආර්. ඕක ඔය විදියටම නැතත් අපේ අය නිතර මතුරන මන්තරයක් තමයි ඕක. ආතර් සී ක්ලාක්ගේ කතාවල තියෙනවා සිසිර තාරකාගත නින්ද කියලා සංකල්පයක්. ඒ කියන්නෙ අභ්‍යාවකාශ යානයක වෙනත් ග්‍රහලෝක සොයාගෙන යනකොට කාලය බොහොම වර්ශ ගනන් ගතවෙනවා. ඒ කාලය ඇතුලත මිනිස්සු සිහි මූර්ජා කරලා හෝ නිදි කරලා තියලා නියමිත දවස් වේද්දි අවධි කරලා ගන්නවා. ඒ වගේ වික්ටර් අයිවන් සහ පිරිසකුත් ඔය ජේ ආර්ට පස්සෙ අද වෙනකල් ගෙවුන කාලෙ අමුතු නින්දක නිදාගෙන ඉදලා වාගේ හිටිවනම අවධිවෙලා ලියනවා. ජේ ආර් තමයි රට කෑවෙ කියලා.  ජේ ආර් මුත්ත මේ ක්‍රමය ගෙනල්ල දැන් අවුරුදු තිහකට වැඩියි. ඉතිං ඒ වෙනකල් මේ අද දක්වා මේ ක්‍රමය වෙනස් කරන්න බෑහැ කියලා හිතන අය තාමත් ඉන්නෙ අර සිසිර තාරකා නින්දෙ වෙන්න ඕනි. නිදිමත ඇතුලෙ මදුරුවෙක් කෑවම ඇහුරුන විටදි පොඩ්ඩක් ලියල දානවා.. ජේ ආර් තමයි අපි කෑවෙ කියලා. 

පොදු හේතුවක් අපි හැමෝටම ලැබනවා මේ සියල්ල උපේක්ෂාවෙන් විඳදරා ගන්න. ඒක තමයි විවෘත ආර්තිකය සහ ජේ ආර්. සමහර විට අර තාත්තා දුවනිය දූෂණය කරපු එකටත් විවෘත ආර්ථිකය සහ ජේ ආර් හේතුවෙන්න පුලුවන්. නිකමටවත් චින්තනය සහ ආන්ඩුවනම් ඕකට වග කියන්න වෙන එකක් නැහැ.

Wednesday, October 9, 2013

ගතානුගතිකත්වය

පිංතූරය ලිපියට කිසිසේත්ම අදාල නැත.
අග්‍ර ශ්‍රාවක ධාතුන්වහන්සේ පිදීමට ලක්දිව හැම පෙදෙසකින් විශාල ජනකායක් කොළඹට පැමිණියෝය. මිනිසුන් ගව මස් කෑමෙන් වලක්වනු සඳහා පටන් ගන්නා ලද අහිංසා පෙරහැර පැවැත්වීම අනතුරුව ලක්දිව නගරයක් ගමක් පාසා ලැව්ගින්නක් සේ පැතිර ගියේය. බෞද්ධයින් පමණක් නොව අනික් ආගම් අදහන පොදු ජනයාද ගව මස් අනුභවයට විරුද්ධව පැතිරුණු උද්ඝෝෂණයට එක් වූහ. නගරසභාවලත් පළාත් පාලන මණ්ඩලවලත් සේවකයන්ගේ වැඩ නැවැත්වීම නගරයක් නගරයක් පාසා පැතිර ගියේ මීට අනතුරුවය. වැඩ නැවැත්වූ පළාත් පාලන මණ්ඩලවල සේවකයන් වැඩට යත්ම කොළඹ නගරයේ අනික් කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ වැඩ නැවැත්වීම් ද ලැව් ගින්නක් සේ පැතිරෙන්නට වී ය.

“ගව පෙරහැර පැවැත්වීම රට පුරා වඩාත් පැතිරුණේ අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේ නිසා හටගත් ප්‍රබෝධයෙහි ප්‍රථිපලයක් වශයෙනි“ යි කියනු ලැබේ. “පළාත් පාලන මණ්ඩලවල සේවකයින්ගේ වැඩ නැවැත්වීම් ලැව් ගින්නක් සේ පැතිර ගියේ ගව පෙරහැර පැවැත්වීමෙන් ඇතිකරන ලද ප්‍රබෝධයෙහි ප්‍රථිපලයක් වශයෙනි“යි කිසිවෙකු කියනු මට ඇසන්නට නොලැබිණ.

ධාතුන් වහන්සේ පිදීම උතුම් පින් කමකි. ගව මස් කෑමෙන් වැලකීමද උතුම් වතකි. කම්කරුවන් වැඩ නැවැත්වීම උතුම් ක්‍රියාවක් ලෙස දකින්නේ දැන් තිබෙන ආර්ථික ක්‍රමය උඩු යටිකුරු කොට පෙරළෙනු දකින ආශාවෙන් ක්‍රියාකරන දේශපාලනඥයන්ද කම්කරුවන් ද පමණි. මේ පිබිදීම වනාහී අදහස් ද පරමාර්ථ ද විසින් අහසට පොළොව මෙන් දුරු වුවද එක් අංගයකින් සමාන වන බව නොකිව යුතුද? ඒ අංගය හැඳින්විය හැක්කේ ගතානුගතිකත්වය යන වචනයෙනි. ගතානුගතිකත්වය නිසා පැතිරෙන සියලු පිබිදීම් එකක් වන්නේ “ඝන සංඥාව“ නොහොත් රැලට එක්වීමේ ආශාව විසින් පමණි. මා මෙයින් අදහස් කරන්නේ ගවමස් කෑමෙන් වැළකීම ගතානුගතික ක්‍රියාවක් කොට දැක්වීමට නොවේ. පුද්ගලයකු සිතා මතා ගව මස් කෑමෙන් වළකිතොත් එය ගතානුගතික ක්‍රියාවක් නොවේ. එය කාගේත් ගෞරවයට භාජන විය යුතු ආත්ම සංයමයකි. ආත්ම සංයමය නැමැති හිණෙහි පළමු වන පෙත්ත ආහාරය නිසා හටගන්නා ගිජුකම මැඩීම යැය් කීවේ අහිංසාවාදියකු වූ ලියෝ ටෝල්ස්ටෝයි විසිනි. සිතාමතා මස් කෑමෙන් හෝ සුරුට්ටු සිගරට් බීමෙන් වළකින තැනැත්තා විසින් නොවළකින තැනැත්තාගෙන් ගරු බුහුමන් ලැබිය යුත්තෙකි. කුමක් නිසාද? පළමුවැන්නා එකම එක ආශාවක් වුවද මැඩ ගැනීමෙන් ආත්ම සංයමය පුරන්නෙකු වන බැවිනි. අනිකා තමාගේ ආශාවන් මැඩගැනීමට එවැනි වෑයමක් නොකරන්නෙකි.
ගව පෙරහැර පවත්වනු බලා අන්‍ය යෝද ඊට එක්වෙති. “ ඔක්කොම යනවා නෙව.වරෙල්ලා අපිත් නොගිහින් කොහොම? “ යි සිතමින් හෝ කියමින් හෝ අන්‍ය යෝද පෙරහැරට එක්වෙති. ගව පෙරහැර පවත්වන්නන් ගේ ප්‍රබෝධයත් හත් අට දෙනෙකු වැඩ නවත්වන විට අන්‍යන් ඊට එක්වීම නිසා පැතිරෙන ප්‍රබෝධයත් එක් අතකින් එකක්ම යයි මා කීවේ යට කියන චෛතසික ධර්ම සැලකීමෙනි. ආගමික උත්සවයක් නිසා හෝ ව්‍රතයක් නිසා හෝ ආර්ථික ප්‍රශ්නයක් නිසා හෝ හටගෙන පැතිරෙන ගතානුගතික ප්‍රබෝධය,මිනිසුන් සාධු චරිත ඇතියන් හෝ ශික්ෂිතයන් හෝ කිරීමට එතරම් වහල් වන්නක් නොවේ. ගතානුගතිකත්වය නිසා පිබිදුණු පොදු ජනයා ඇතැම් විට ශූර මිනිසුන් අතට හසු වූ කල වහලුන් වැන්නෝය.

ගතානුගතිකත්වයෙන් පුබුදනු ලැබූ ජනකායක් ප්‍රයෝජනවත් වනුයේ පැසිස්ට් ‍ආණ්ඩුවකට මිස ජනසම්මත ආණ්ඩුවකට නොවේ. පුද්ගලයන් වශයෙන් සිතාමතා ක්‍රියාකිරීමේ වරය හිට්ලර් ජර්මන් ජනයා අතරින් නැති කළේ ය. කොමියුනිස්ට් ආණ්ඩුවකට ද මුල අවස්ථාවේ ගතානුගතිකව සිතන ජනකායක් වුවමනා ය. එවැනි ජනකායකගේ උදවු නැතිව පැරණි ආර්ථික ක්‍රමය උඩු යටිකුරු කොට පෙරළිය නොහැකි බැවිනි.

අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේ පිදීමට විශාල ජනකායක් පැමිණීමත්, අහිංසා පෙරහැර පැවැත්වීමත්, ගව මස් කෑමෙන් වලකින්නන් වැඩිවීමත් අප රට බෞද්ධයන් පිබිදී ප්‍රතිපත්ති පූජාව සඳහා නැඟීමේ සලකුණු ලෙස සලකා බොහෝ දෙන සන්තෝෂ වෙති. පහත දැක්වෙන කරුණ ඔවුන්ගේ සැලකිල්ලට භාජන විය යුත්තකි යි හැඟේ.

මේ වර වෙසක් පෝය දවසෙහි පානදුරේ දොස්තරකුගේ ගෙදර ආයාකම කළ තරුණියක් තවත් ගැහැනුන් දෙදෙනකු සමඟ රන්කොත් විහාරයට ගොස් වැඳපුදා වෙසක් සැරසිලි බැලීමට ගියාය. පානදුරේ දිස්ත්‍රික් උසාවිය අසල සිය ගනන් ජනයා රැස්ව සිටි තැනට ගිය ඔවුහු කැරොල් කංඩායමක් බැලූහ. සාහසිකයෝ දෙදෙනෙක් ඇවිත් අර තරුණ ආයාව ඇදගෙන ගියෝය. ඈ විලාප නඟන්ට වූයෙන් ඇගේ එක් යෙහෙළියක් දිවගොස් ඈ අඳුනන මහතකුට තම යෙහෙලිය බේරාගන්ට ය යි ආයාචනා කළාය.

“ගොහින් උඹේ මහත්තයාට කියාපන්“ යි ඔහු කීය. සිය ගණන් ජනයා බලා සිටියදී ඒ සාහසිකයෝ තරුණිය ඇදගෙන ගියෝය. මොවුන් ට විරුද්ධව පවරන ලද නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමා ජූරියේ තීරණය අනුව ඔවුන් දෙදෙනාම වැරදි කරුවන් කොට දොළොස් අවුරුද්ද බැගින් සිරගෙට යැව්වේය.

මා මේ ප්‍රවෘත්තිය කීයේ මෙවැන් වල්කම් කරන මිනිසුන් ඉන්නේ අපේ රටේ පමණක්ය යන මෝඩ හැඟීමෙන් නොවේ. ගතානුගතිව සිතන්ටත් ක්‍රියාකරන්ටත් මිනිසුන් ලක්ෂයක් පුරුදු කිරීම උතුම්ය යන හැඟීමෙන් මෙහෙයනු ලැබීමෙනි. බුද්ධ ජන්මොත්සවය දවසෙහි, වෙසක් පහනින් ඒකාලෝක කරනු ලැබූ වීදියක රැස්ව උන් සිය ගණන් ජනයා බලා සිටියදී තරුණිය හඬව හඬවා නුදුරු වත්තකට ඇදගෙන ගිය සාහසික දෙදෙනකුට සාහසික අපරාධයක් ඒ තරුණියට කළ හැකි වූයේ කුමක් නිසා ද? ගතානුගතිකව සිතීමට මිස නුවණින් ක්‍රියාකිරීමට පුහුණු වුණු එකකුදු අර ජනකාය අතර නොසිටි නිසා ද? “ඝන සංඥාව“ නොහොත් විශාල ජනකායක් රැස්වුණු තැනක පහළ වන ගතානුගතික හැඟීම ගැන යන්තම් සිතිය හැකි එකම එක බියසුල්ලෙක් පවා වෙසක් සැරසිලි නැරඹූවන් අතර සිටියා නම් ඔහු “වරෙල්ලා“ යි කියමින් අඩි දෙකක්වත් ඉස්සරහට තබනු ඇත. එවිට අන් සියල්ලෝම “වරෙව් “ කියමින් ඔහු පස්සේ දුවති. ගතානුගතිකත්වය නිසා වියරු වුණු ඔවුන්ගෙන් සාහසිකයෝ නිසි දඬුවම් ලබති. ඇතැම් විටක ඔවුන්ට පණ බේරාගෙන එතැනින් යන්ට පවා නොලැබිය හැකි ය.

ගතානුගතිකතිකව සිතන්ට පුරුදු වුණු ඒ පිරිසෙහි ඇතැමෙකු “අපේ පාඩුවේ අපි ඉඳිමු“ යි සිතන්ට ඇත. “ඒකිත් නරක එකියක වෙන්න ඇති“ යි තවත් එකකු සිතන්ට ඇත. “ කලින් හාදකමක් නොතිබුනා නම් අඬගහන්න ඒවිය“ යැ යි තවත් එකකු සිතන්ට ඇත. “ හොඳ එකියක් නම් ආයා වැඩට එනවයැ“ යි තවත් එකෙක් හෝ එකියක් සිතීය.

ධාතුන් වහන්සේ විසින් ද අහිංසා පෙරහැර විසින් ද ප්‍රතිපත්ති පූජාවට පුබුදන ලද අර ජනකාය වෙසක් පහනින් එලිය කොට සවනක් රැසින් බැබලෙන කොඩි වැලෙන් සෙවණ කරණු ලැබූ වීදියකට බැස්ස සාහසිකයන් දෙදෙනෙකු තරුණියක ඇදගෙන යනු බල බලා නිසොල්මන් වූයේ කුමක් නිසාද? යට කියන ලද ගතානුගතික සිතුවිලි විසින් ඔවුන් අකර්මන්‍ය කරන ලද හෙයිනි යි නොකිව යුතුද?

එවැනි අවස්ථාවල දී මිනිසුන් නිසොල්මන් වන්නේ ඔවුන් ඔවුන් තුල සංවේගයක් උදහසක් හට නොගන්නා නිසා නොවේ. බියසුලුකමත් ගතානුගතිකව සිතීමත් එකකු ඉදිරියට යන තෙක් අනිකා බලා සිටීමත් යන කරුණු නිසාය. ප්‍රස්ථාවට උචිත සේ ක්‍රියා කරන්නෝ එවේලේම ආදීනව සිතන්නෝ ය. ඊට නිදසුනක් වශයෙන් තවත් පුවතක් කීමට කැමැත්තෙමි.

මීට අවුරුදු ගණනකට පෙර, තම දුවත් ආර්යාවත් සමඟ මොටෝරියේ ගිය කාන්තාවක ගාල්ලත් බලපිටියත් අතර තැනකදී සාහසිකයන් රැළක් විසින් නවත්වනු ලැබුවාය. කිතුල් පොලු ආදිය අතින් ගත් ඔවුහු රියදුරාට රිය පදවන්නට නොදුන්හ. කාන්තාවන්ට ද ඉවත්ව යන්ට නොදුන් හ. ගෑනුත් තිදෙනකු සාහසිකයන්ට හසුව සිටිනු එතනින් ගමන් කළ කවුරුත් දුටහ. මොටෝරියවලින් ගිය ඈයෝත් බස්රිය වලින් ගිය ඈයෝත් විපතට හසුවූවන් දුටහ. එහෙත් ගතානුගතිකව නොසිතුවේ එතැන පසුකොට ගිය මොටෝ බයිසිකල් කාරයෙකි. ඔහු සුද්දෙකි. ඔහු බයිසිකලය නවතා කාන්තාවන්ට උදව්වට ගියේ ය. ඔහු යලිත් බයිසිකලයෙහි නැඟී කෙලින්ම ගියේ පොලිසියටය. ඔහු පොලිස්කාරයෙකුත් සමඟ ආපසු පැමිණියේය. සාහසිකයෝ පොලිස් කාරයා ට ද තර්ජන කරමින් වඩාත් සාහසික වෙස් ගත්හ. සැණෙකින් සුද්දා ද පිස්තෝලය අතට ගැනීමෙන් සාහසික වේශයක් ගත්තේය. සාහසිකයන් මෙල්ල වූයේ ඊට පසු ය. කාන්තාවන් එතැනින් නික්ම ගිය පසු සුද්දා තම බයිසිකලයේ නැගී යන්ට ගියේය.

මේ පුවත නිසා මතුවන්නේ බියසුලුකුම පිළිබඳ ප්‍රශ්ණයක් නොවේ. ගතානුගතිකව සිතීමත් ප්‍රස්තානෝචිතව සිතීමත්, පිළිබඳ ප්‍රශ්නයක් යයි හැඟේ. විපතට පත් කාන්තාවන් පසුකොට කර බාගෙන ගිය සියල්ලෝම ගතානුගතිකව සිතන්ට පුරුදු වූවෝ ය. අර සුද්දා ප්‍රස්ථාවට උචිත පරිදි අදීනව සිතන්ට පුරුදු වූවෙකි. වෙනස එපමණකි.

මේ ලිපිය මාර්ටින් වික්‍රමසිංහ මහතානන් ගේ ඇත්ත යුත්ත නැමැති කෘතියෙන් උපුටා ගන්නා ලදී. මේ පොත මුලින්ම මුද්‍රනය වී ඇත්තේ 1955 දීය.

ISBN 955-8415-30-8
මිල රු 180/=

පිටු 164යි.

Tuesday, October 8, 2013

පැපුවා නිව් ගිනියාව (PNG)

පැපුවා නිව් ගිනියාව මේ දිනවල ලංකාවෙ ටිකක් ජනප්‍රිය රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවලින් යන අය පිටුවහල් කරන්නෙ පැපුවා නිව් ගිනියාවට. පැපුවා නිව් ගිනියාව කියන්නෙ ටිකක් ජනප්‍රිය නැති රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහින් අපේ අය ලෝකෙ ජනප්‍රිය වෙනවා. ඒ වගේම පැපුවා නිව් ගිනියා අයටත් තව ටික කාලෙකින් අපිව එපා වෙලා වෙන රටකට යවයිද දන්නෙත් නැහැ. ඔස්ට්‍රේලියාවෙ අලුතින් පත්වෙච්චි අගමැති තුමා බෝට්ටුවලින් ඔසී යන සංක්‍රමනිකයන් ඔසී වලට ගන්නෙම නැහැය. උන් ඔක්කොම එක්කාසු කොරලා කොටස් වශයෙන් පැපුවා නිව් ගිනියාවට යවනවාය කියලා තිබුනා. කොහොම වුනත් ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න සරණාගතයින් වෙන රටවලට පිටුවහල් කිරීම ගැන ඔස්ට්‍රේලියාවෙම සමහර කොටස් අතර මතබේධ තිබෙනවා.

මේ පැපුවා නිව් ගිනියා කියන රට ලංකාව වගේ හත් ගුණයක් විතර විශාල රටක්. ඔස්ට්‍රේලියා කියන මහද්වීපයට උඩින් ඉන්දුනීසියාවට යාබදව තමයි මේ රට පිහිටලා තියෙන්නෙ. ඉන්දුනීසියාවෙ කොටසක් තමය් පැපුවා දූපතේ අනික් කොටස. මේ දේශසීමා සම්බන්ධ අරගල අනූව දශකයේ තිබිලා දැන් නම් ඉන්දුනීසියාව සහ පැපුවා රට සාම ගිවිසුමකට යටත් වෙලා ඉන්නවා. මේ රට තරමක් ඈත කාලෙක ඉතිහාසයක් තියෙන රටක්. ක්‍රිස්තු පූර්ව පන්සියය ඒ කිව්වෙ අපේ රටේ ඉතිහාසෙ අනුව ගන්න බැලුවොත් විජය කුමාරයා ලංකාවට එන්නත් අවුරුදු දෙසීයකට විතර කලින් පැපුවා නිව් ගිනියාවෙ දියුනු වාසස්ථාන තිබිලා තියෙනවා.

දැන් මේ රටේ ඉන්න ජනගහනය තරමක් අඩුයි.වපසරිය අනුව වර්ග කිලෝමීටර 462,000 මේ රටේ ඉන්න මුළු ජනගහනය මිලියන 7කට පොඩ්ඩයි වැඩි. අපේ රටේ වර්ග කිලෝමීටර 65,000ක් ඇතුලෙ මිනිස්සු මිලියන 21කට වඩා ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතින් බැලුවොත් අපේ රටේ ජන ඝනත්වය එහෙම නැත්තං එක ඒරියා එකක ඉන්න මිනිස්සු ප්‍රමාණය වැඩියි.

පැපුවා රටේ උත්සව අවස්ථාවක්.
ඔස්ට්‍රේලියාවෙ ඇමරිකාවෙ පිටිසරබද පළත් වල ඉන්න අය කියන විදියට ඒ රටවල් ටිකක් පාලු ස්වභාවයක් ගන්නවා. සමහර වෙලාවට අක්කර සිය ගනන් තියෙන්නෙ එකම ජාතියෙ ගහ කොළ සහ පරිසරේ. වැඩිමනක් නෙමෙයි ඉන්දියාවට වන්දනාවෙ යන ආච්චිලත් කියන්නෙ එහෙ කෝච්චියෙ දවස් ගනන් යනකොට දවසක් නිදාගෙන ඇහැරුනත් දකින්න ලැබෙන්නෙ එකම ආකාරෙ දර්ශනලු. ඒ අතින් ලංකාව සුපිරි.

මේ නව ගිනියාව කියන රට දෙවන ලෝක යුද්දෙදි බොහොම සක්‍රිය රටක්. දෙවන ලෝක යුද්දෙදි ජපානය හිටියෙ ජර්මනියෙ සපෝට් එකට..අමරිකාව එංගලන්තය, ඔස්ට්‍රේලියාවට විරුද්ධ පැත්තෙ. මේ නව ගිනියා රටේදි බොහොම තද යුද්ධ තිබිලා තියෙනවා දෙවන ලෝක යුද්ද කාලෙ. ඒ කාලෙදි ජපාන සෙබලු ජපානෙ ඉඳල නැව් නැගල ඇවිත් අමරිකන් ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික සෙබලු ඒ රටවල ඉඳලා නැව් නැගලා ඇවිත් මේ විසාල දූපතේදී යුද්ධ කරගෙන තියෙනවා.

බොහෝ කාලයක් විවිධ ජාතින්ට යටත් වෙච්චි නවගිනියාව 1975 දි ඔස්ට්‍රේලියාවෙන් නිදහස ලබාගන්නවා. මේ රටේ මිනී කන ගෝත්‍රිකයෝ ඇතුලු විශාල ප්‍රමාණයක ගෝත්‍ර සංඛ්‍යාවක් තිබෙනවා. මේ රටේ තියෙන තවත් එක ලොකු අවුලක් තමයි පාරවල්. ගොඩක් මනුෂ්‍ය වාසයන් වලට මාර්ග පහසුකම නැහැ. පැපුවා නිව්ගිනියාව ලංකාව වගේ හත් ගුණයක් විශාල වුනාට එහෙ පාරවල් වල මුලු දිග කිලෝමීටර 8500ක් වගේ අගයක් ගන්නවා. ලංකාවෙ පාරවල් වල මුළු දිග සැලකුවොත් ඒක කිලෝමීටර ලක්ෂයකට කිට්ටු අගයක් ගන්නවා. මහා මාර්ග සහ දුම්රිය මාර්ග පහසුව නැති නිසා බොහෝ තැන්වලට යන්න වෙන්නෙ ගුවන් යානා වලින් සහ හෙලිකොප්ටර වලින්.

ලෝකයේ වැඩිපුරම ගුවන් තොටුපලවල්තිබෙන රටක් තමයි පැපුවා නිව්ගිනියාව කියන්නෙ.. මේ රට ආර්ථික අතින් එතර්ම හොඳ තැනක තිබෙන රටක්නෙමෙයි. අන්තර්ජාල වාර්ථා අනුව පැපුවා නිව් ගිනියාව ගණිකා වෘත්තිය සහ ලිංගික අපචාර වලට නමගිය රටක්. ටිකක් මුදල් හදල් තියෙන අයට සංචාරය කරන්න නම් පැපුවා නිව් ගිනියා කියන්නෙ ලස්සන රටක්. නමුත් අනාථයින් විදියට ඒ රටට යැවෙන අයට මොනවා වෙයිද කියල නම් හරියටම කියන්න හැකියාවක් නැහැ. 


View Larger Map
ගවේශනය නොකල රට..

මේ රට විශාල රටක්. ඒ කිව්වෙ සතා සීපාවා ගහ කොළ ආදිය තවමත් ඒ තරම්ම සිතියම් ගත වෙලා නැහැ. පැපුවා නිව් ගිනියාව ගිණිකඳු සහ ස්වාභාවික විපත් වලින්ද සපිරි රටක්. මිනිස්සුත් ගෝත්‍රිකයින් වශයෙන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ රටේ මිලියන හතක ජනගහනය භාෂා හත්සියයක් පමණ කතාකරනවා. රටේ ජනතාව බහුතරයක් දිළින්දන් විදියට තමය් පොත්වල තියෙන්නෙ. නමුත් ගෝත්‍රිකයින් කාල බීල ඇඳල ඉන්නවත් ඇති. දිළිඳු බව මනින එක නිර්නායකයක් තමයි ඒක පුද්ගල ආදායම. මේ රටේ බොහෝමයක් මිනිස්සුන්ගේ දෛනික ආදායම අමරිකානු ඩොලර් 1 කටත් වඩා අඩුයි කියල තමයි වෙබ් අඩවි වල විස්තර තියෙන්නෙ.

මේ රට සැඟවිලා තිබුනාට ඒඩ්ස් කොළරාව, පාචනය වගේ රෝගවලින් අඩුවක් නැති රටක් . ඒ වගේම මේ මිනිස්සු ඉන්නෙ සාපේක්ෂව සුවල්ප ගානක් වුනාට මේ අය ටිකක් කලහකාරි පුද්ගලයෝලු. ඔවුන්ට පොලිසි පද්ධති සහ සෞඛ්‍යාරක්ෂණය ඔස්ට්‍රේලියාව විසින් පුරුදු පුහුනු කරනවා කියලයි ජාලගත තොරතුරු කියන්නෙ.

Monday, October 7, 2013

රාස්බෙරි පයි

නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන රොකට් එකේ තිබුන පරිඝනකයේ ධාරිතාවයට වඩා අද භාවිත වෙන ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක පවතින වේගය වැඩියි කියලා කොහෙදෝ තැනක තිබුනා. නීල් ආම්ස්ට්‍රොන් හඳට යන්නෙ 1969දි. ඊට කලිං ලෝක යුද්ධ දෙකක් සිද්ද වුනා. මෙයින් දෙවනි ලෝක යුද්ධයෙදි විවිධාකාර අවි ආයුධ සහ උපකරණ සහිත තාක්ෂණ රාශියක් ලෝකෙට එකතු වුනා. නමුත්දෙවනි ලෝක යුද්ධය තිබුනෙත් 1950 දි. ඒ වෙනකොට සන්නිවේදනය සහ තාක්ෂණය අද එක්ක සංසන්දනය කරනකොට තිබුනෙ බොහොම පහල අඩියක. එතකොට දෙවන ලෝක යුද්දෙදි තිබුන උපකරණ කොයි තරම් ප්‍රබල සහ විනාශකාරි වුවත් ඒවායේ බොහෝවිට තිබෙන්නට ඇත්තේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට වඩා යාන්ත්‍රික කොටස්.

800 මෙගාහර්ට්ස්(800Mhz) පරිඝනකයක් කියන්නෙ මීට වසර දහයකට එපිට තරමක් විශාල වේගයක් සහිත පරිඝනකයක්. නමුත් අද ලොකු ප්‍රොෙසසර ආවට පස්සෙ සහ නව වීඩියෝ මෙමරි සහ දෘඩාංග (Hardware) දියුණුවත් එක්ක දැන් දැන් අපි සංඛ්‍යාත්මකව ගිගා හට්ස්, ගිගා බයිට් වලින් පරිඝනක දෘඩාංග ගැන කතාකරන තැනට ඇවිත්. ඒ නිසාම අපි අවිඥාණිකවම අර අඩු වේග තියෙන ප්‍රොෙසසර සහ මතකයන් පිළිබඳ තැකීමක් කරන්නෙ නැහැ. නමුත් 800 මෙගාහර්ට්ස් පමණ වේගයක් කියන්නෙ සාමාන්‍යෙයන් විශාල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න ලොකු වැඩක් කරන්න පුලුවන් මට්ටමේ හැකියාවක් තියෙන ප්‍රොෙසසරයක්. 

රාස්බෙරි පයි කියන්නෙ මොකද්ද?

රාස්බෙරි පයි කියන්නෙ පොඩි සයිස් එකේ පොඩි වැඩවලට ගන්න පුලුවන් පරිඝනක යන්ත්‍රයක්. පොඩි සයිස් සේකිට් කෑල්ලක් විදියට පෙනුනට මේකෙන් ගන්න පුලුවන් වැඩ කිඩ බෝමයි. මේ ජාතියේ පරිඝනක වලට දැන් කියන නම තමයි තනි පුවරුවේ පරිඝනක(Single Board Computer). තනි පුවරුවේ පරිඝනක වලින් ලාභම කාර්යක්ෂමතාවයෙන් වැඩිම වැඩි දෙනෙක් පාවිච්චි කරන එකක් තමයි රාස්බෙරි පයි(Raspberry Pi) කියලා හඳුන්වන්නෙ. මේ ජාතියේ තනි පුවරුවේ පරිඝනක දැන් දැන් ජනප්‍රිය වේගෙන එනවා. පරිඝනකයක් කිව්වාම ඉස්සර වගේ ලොකු ලොකු සයිස් එකේ හාඩ්වෙයාර් වලට යන්නෙ නැතුව පොඩි පොඩි වැඩට පොඩි පොඩි සේකිට් කෑලි අටෝගන්න පුලුවන් සරල තාක්ෂනයක් තමයි මේ තනි පුවරු පරිඝනක වල තියෙන්නෙ. 

 මේ තියෙන්නෙ රාස්බෙරි පයි කියන කෑල්ලෙ රූපරාමුවක්. මේ තියෙන විදියට මේ පරිඝනක ටිකක්දන්න කියන අයට නම් මේ කියන කෑලි බෑලි ටික හොඳටම වැටහෙනවා ඇති. මීට අමතර විස්තර ඕනි අය ඉන්නෝ නම් මෙතනින් විස්තර ටික ගත හැකි බබා වගේ.. 

මෙතනදි භාවිත කරන ප්‍රොෙසසර් එක ඇවිල්ලා ජංගම දුරකථන නිපදවන්න යොදාගන්න ජාතියෙ ප්‍රොෙසසර එකක්. ඒවායෙදි ප්‍රධාන වැඩකටයුතු වගේම වීඩියෝ හැසිරවිමත් එකම පුවරුවකින් කරන්න හැකියාව තිබෙනවා. 

 මේ සූටි පරිඝනක කොටසට පුලුවන් HD multimedia applications හයි ඩිෆිනිෂන් වීඩියෝ උනත් බලන්න. මම දැකපු ගෙදර තිබුනා අඟල් 42 ටීවි එකක් ඒකට මේ කෑල්ල ගහලා  අන්තර්ජාලයට සම්බන්ධ කරලා යූ ටියුබ් එකේ තියන  බෙන් ටෙන් කාටුන් එක පොඩි එකෙක්ට පෙන්වන්න ඒ ගෙදර හිටපු මාගේ යාලුවා සමර්ථ වුනා.

මේකෙ මිල හෙම.

මේක චීන කෑල්ලක් නම් නෙමෙයි. මේක ඇවිල්ල ඔරිමජිනල් එංගලන්ත බඩුවක්. එක්සත් රාජධානියෙ (United Kingdom) තමයි මේ කෑල්ල හදන්නෙ. මේ එක කෑල්ලක මිල අමරිකානු ඩොලර් 35ක් වෙන්නෙ. ($35). ඩොලර් තිස්පහ මෙහෙට එන නැව් ගාස්තු අනම් මනම් එක්ක බැලුවොත් රුපියල් 7000ක් විතර වෙයි. ඒ ගානට අපිට අද ස්මාට් පෝන්(Smart Phone) එකක් වත් ගන්න බැහැ. ඒ නිසා මගේ අදහස නම් ඒ ගානට මේ කුඩා පරිඝනකය බොහොම වටිනවා. 

මේකෙ ඇතුල යන ඕ ඇස් මොනවද? 

සිංහලයින් අතර පරණ කියමනක් තියෙනවා යකාගෙ  හැටියට තමයි විමානෙ කියලා. ඒ වාගේ අපිට මේ කෑල්ලෙන් ගන්න පුලුවන් වැඩ වල යම් කිසි සීමාවක් තිබෙනවා. මේකෙදි අපිට භාවිත කරන්න නම් එස් ඩී කාඩ් එකක් පාවිච්චි කරන්න වෙනවා මෙහෙයුම් පද්ධතිය දමා ගන්න.මේ එස් ඩී(SD Card)  කාඩ් එක 10 වෙනි පංතියේ(Class 10 memory Card)  හොඳ වර්ගයක එස් ඩී කාඩ් එකක් වෙනවා නම් වඩාත් හොඳයි. ගිගාබයිට් 4ක(4Gb or Over)  හෝ ඊට වැඩි එස් ඩී කාඩ් එකක් භාවිත කරන එක හොඳයි කියලයි අදාල වෙබ් අඩවියේ නම් තිබුනේ.  පරිඝනකයේ අවශ්‍ය සියලු දේ ඉක්මනින් ලෝඩ් වෙන්න හේතු වෙනවා මෙමරි කාඩ් එක හොඳ වේගයක් තියෙන එකක් වුනොත්. මේක ඇතුලෙ දුවන්නෙ ලිනක්ස් මූලික වෙච්චි මෘදුකාංගයක්. ඇන්ඩ්‍රොයිඩ් හදල තියෙන්නෙත් ලිනක්ස් මූලික කරලා. කුඩා ධාරිතාවක් තිබෙන තැන්වලදි ලිනක්ස් භාවිතා කිරීමෙන් වැඩි වාසි ලබාගන්න හැකියාවක් තිබෙනවා. 

කෙනෙක්ට එන්න පුලුවන් ඇයි මේකට ඇන්ඩ්‍රොයිඩ් දැ්ම්මෙ නැත්තෙ කියලා. ඇත්තටම මේ කෑල්ලෙ අරමුණ අපිට ගෙදර දොර වැඩ කරන්න පරිඝනක කෑල්ලක් හදාගන්න එක නෙමෙයි. මේ සූටි කෑල්ල පාවිච්චි කරලා නව නිපැයුම් නව උපාංග ආදිය තැනීම සහ අතරමැද කොටසක් ලෙස භාවිත කිරීම තමයි මේ කෑල්ල භාවිත කරන එකේ අරමුණ. ඒ වාගේ රාජකාරි වලදි අනාදිමත් කාලෙක ඉදලා ඔය වගේ වැඩ කිඩ රාශියක් එක්ක හොඳ සහයෝගෙන් වැඩ කරපු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය යොදාගන්න එක වඩාත් වාසිදායක් වෙනවා. උදාහරණ විදියට යම් අයෙක්ට පයිතන්,ජාවා(Python, java) වගේ ක්‍රමලේඛන බසකින් යම් විධානයක් දෙන්න වුනොත් ලිනක්ස් තිබීම වඩාත් වාසිදායක වෙනවා. 

මේකෙන් ගන්න පුලුවන් වැඩ රාජකාරි මොනවද? 

මේ කෑල්ල භාවිතා කරලා අපිට පුලුවන් ලේසියෙන්ම නෙට්වර්ක් කේබලය( Ethernet Connector) හෝ වයිෆයි (Wi Fi) හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අන්තර්ජාලයෙ තියෙන යූ ටියුබ් සහ වෙනත් වීඩියෝ සහිත තැන්වල වීඩියෝ කිසිම ආයාසයකින් තොරවම ටීවී එකෙන් බලන්න අපිට මෙම උපකරණය හරහා පුලුවන් වෙනවා. HDMI කියන අවුට් එක වගේම අපේ ටීවි වල තියෙන කහපාට ජැක් එකකුත් මේ උපකරණයේ තියෙනවා. ඒ හරහා අපිට පුලුවන් පෙන් එකක තියෙන වීඩියෝ මයික්‍රො එස් ඩී එකක තියෙන වීඩියෝ ආදිය කෙලින්ම ටීවි එකෙන් බලන්න. 

මේ උපකරණයට වයි ෆයි ඩොංගලයක් සම්බන්ධ කරලා වයිෆයි සම්බන්ධතාවය ලබාගන්නත් හැකියාව තිබෙනවා. ඒ වගේම කී බෝඩ් මවුන් ආදිය සම්බන්ධ කරගන්න අවශ්‍ය යූ ඇස් බී  දෙකකුත් තිබෙනවා. 

මේ පොඩි උපාංගය පාවිච්චි කරලා ප්‍රෝග්‍රැම් ලියන්න ඒ වැඩසටහන් ආශ්‍රෙන් වැඩකරන එල් ඊඩී බල්බ් වැල්, විවිධ උපකරන පරිපථ කුඩා පරිඝනක ක්‍රීඩා ආදිය නිර්මාණය කරගන්න පුලුවන්. මේ කාලෙ ජනප්‍රිය වෙච්චි ඇන්ග්‍රි බර්ඩ් වගේ පොඩි ගේම්ස් වුනත් මේක ඇතුලෙදි අපිට සෙල්ලම් කරන් හැකියාව තිබෙනවා. 

සයිස් එක 

මේ උපකරණය අපිට තනි සබන් කැටේ දාන්න ගන්න සබන් පෙට්ටියක දාල වහන්න පුලුවන් තරමට පොඩි එකක්. 

මොන කජ්ජක්ද මේ..මේව මොකටද දැන් පෙන්ටියම් පෝ එකක් පන්දාහට ගත හැකි. 

මේ පොඩි සර්කිට් කෑල්ලෙ අරමුණ ඇවිල්ලා කුඩා ළමයින්ට සහ කුඩා වැඩවලට අවශ්‍ය ගණනමය හැකියාව සහිත උපකරණ හදන එක. ඒකටම හරියන මෙහෙයුම් පද්ධතියකින් තමයි මේක සවිමත් වෙලා තියෙන්නෙ. සාමාන්‍යෙයන් හිතන්න ඔබට අවශ්‍යයි පොඩි කාර් සෙට් එකක් හදාගන්න පෙන් එකෙන් සිංදු ප්ලේ වෙන එකක්. ඉතිං අර කිව්ව රාස්බෙරි කෑල්ලට බලය දීලා පෙන්ඩ්‍රයිව් එක සෙට් කරලා පොඩි ඈම්ප් එකක් හරහා ගිහින් හරි ලස්සනට අතේ ගෙනියන සයිස් එකේ ප්ලේයර් එකක් හදාගන්න පුලුවනි. අවශ්‍යනම් වයිෆයි රිමෝට් එකක් පොඩි ඩිස්ප්ලේ එකකුත් සෙට් කරගන්න හැකියාව තිබෙනවා. කොටින්ම වයිෆයි සෙට් කලා කියන්නෙ ඔබට රථයේ යනකොට ට්‍රැෆික් එකකදි ස්මාට් ෆෝන් එකෙන් වුනත් සිංදු මාරු කරගන්න හැකියාව ලැබෙනවා. 

හැබැයි මේ වැඩේ කියන තරම් ලේසි සහ සරල සුන්දර නැහැ. ටිකක් හිතන්න කොඩ් කෑලි හොයන්න ඒවා ගහන්න..හාඩ්වෙයාර් අමුනන්න ආදි දැනුම ටිකක් තියෙන්න ඕනි. ඒ වගේ වැඩ කෑලිගොඩකට මේ පොඩි කෑල්ල පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා. 

මේ උපාංගයේ තවත් ඕනිනම් යන්ත්‍ර සූත්තර හදන්නත් ගන්න පුලුවනි. පොඩි සෙංසරයක් හදලා ඒක පහුකරන මීයන් ගාන ගනින්න වගේ දේකට වුනත් මේක ගැලපෙනවා. ඉතිං මේ තරමට කිව්වම මේක සබන් පෙට්ටිය සයිස් නම් ඉතිං තව වාසි කස්ටියට මතක් වෙන්න ඕනි. 


මේක පොඩි බෝතලේකට නැත්තං වෙන හැංගෙන තැනකට පැක් කරලා පේන් නැතිවෙන්න පවර් ආදිය දීලා රෙකෝඩ් වෙන්න කැමරාවක් අටවලා පොඩි සයිස් හොරු අල්ලන ගැජට්ටුවක් වුන්ත හදාගත හැකි. 
කෑල්ල බොහොම පොඩි නිසාත් ගන්න බලය අඩු නිසාත් වැඩ ගොඩක් කරන්න හැකියාවක් තිබෙනවා. 

රාස්බෙරි පයි හදපු සමාගමේ ලොකු තැන් බී බීසි නාලිකාවට කියලා තිබුනෙ එයාලගේ අරමුණ පොඩි ළමයින්ට පරිඝනක සම්බන්ධ දැනුම දෙන එක කියලා. ඒක ඇත්තටම මහ ලොකු ඉදිරි දැක්මක්. මම නම් පොඩිකාලෙ වැඩිය ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු එක්කෙනක් නෙමෙයි. නමුත් අපේ අයියා පුංචි කාලෙ මාලු ඇතිකලා. මහ ටැංකි පතයක් හදාගෙන ඒකෙ මාලු ඇතිකරලා ඒ මාලු විසාල වුනාම කඩවල් වලට විකුනලා ඒ සල්ලි වලින් පොර එල් ඊ ඩී බලුබ් වැල්, නයිට් රයිඩර් සර්කිට් ආදිය හැදුවා. 

ඔය සර්කිට් උණ තියෙන පුංචි එවුන් ජාතියක් ඉන්නවා. අපේ කාලෙ වගේම අදත් ඇති අපේ රටෙත්. ඒ වගේ එකෙක්ට පොඩියට  පැහැදිලි කරලා මේ ගැන කිව්වොත් එයා ඉන්ටනෙට් සර්ච් කරලා හරි වැඩ කිඩ ටිකක් හොයා ගනීවි. කොහොමත් අවුරුදු 12-18 වයසෙ පොඩි එකෙක්ට සම්පූර්ණයෙන් නිමවෙච්චි  කෑලි දෙනවාට වඩා දෙයක් හදාගන්න හැකියාව තියෙන කෑල්ල්ක දෙන එක වැදගත් කමක් තියෙනවා. 

රාස්බෙරි පයි කියන කෑල්ල කියන්නෙ බහුකාර්ය උපකරණයක්. මේකෙන් කරන් පුලුව්න වැඩ කිඩ ආදිය ගැන සහ ඒවා කරන කොට එන දොස් ආදිය ගැන අපිට මේ වගේ තැනක ලියලා කියන්න හැකියාවක් නැහැ. අලුත් අලුත් දෑ තනන්න කැමති අලුත් විදියට හිතන්න කැමති අයට රාස්බෙරි පයි වටින කෑල්ලක් වේවි.

Thursday, October 3, 2013

උළෙලක බුරි

මා හට කදිම පිංතූරු වැලක් ලැබුනි. ඒවා ලංකාවේ තිබුනා යැයි කියන සිනමා උළෙලක ඡායාරූප වේ. ඒ ඡායාරූප අපේ කන්තෝරුවේ මගේ සහෝදර සේවකයින්ට මහත් ආනන්දයක් ගෙනාවේය. ඒ සිනමා උළෙල සංවිධානය කර තිබුනේ දෙරණ නම් නාලිකාවයි. සාමාන්‍යෙයන් රූපවාහිනි ආයතනයක් සංවිධානය කරන අවස්ථාවක් වුවද මේ සේයාරූ ගත් අයගෙ දෝසයක් නිසා දෝ හෝ එය ඉතාම ග්‍රාම්‍ය මට්ටමේ අවුරුදු කුමරිය තරඟයකටත් වඩා එහා ගිය ඌන ලක්ෂණ පිලිඹිබු කරන්නක් විය.

 එහි සංවිධානය, පොටෝ ගැහිල්ල ,පසුබිම, මෝස්තර ගැන කතාකිරීමෙන් ඒවා සංවිධානය කරන සහ ඒවාට සහභාගි වන ලංකාවේ නළු නිළියන් හෝ පොටෝ කාරයන් අබමල් රේණුවක දෙයක් ඉගෙන ගන්නේ නැත. විවේචනය කිරීම එතරම්ම ඔවුන්ට අරහංය. එහෙත් ඉස්කෝලෙක, අධ්‍යාපන ආයතනයක, අඩුවශයෙන් ගමක අවුරුදු උත්සවයක හෝ සංවිධානයේදි සහ එහි අමුත්තන් ලෙස සහභාගි වීමේදි වැදගත් විය හැකි නිසා සටහනක් ලියා තැබීමට සිතීමි. 

උඩින් දාන ලද පොටෝ කරුවාගේ වග තුග ඇතුලත තීරුව නොවන්නට පොටෝ එකේ මුලින්ම පේන්නේ පූජා උමාශංකර් මහත්මියගේ රතුපාට ඇඳුමින් වැසුනු තනය වේ. මේ පිංතූරුවම ජැක්සනුත්,පූජාගේ මුහුනත් පේන ලෙස මඳක් එහා මෙහා කර ගත්තේ නම් කදිම ඡායාරූපයක් වන්නේය. නිවේදකයාගේ ටයි එක පේන්නට ඔහු ඇඳ පැළඳගෙන තිබේ. එය කදිමය.නැතිනම් නාරි දේහයක් මෙන් සුදු පැහැ වූද මේක් අප් වලින්ද කොන්ඩයෙන්ද අලංකාර කරන ලද ඔහුගේ මුහුන දැක ස්ත්‍රී රුවක් යැයි ප්‍රේක්ෂක ජනයා රැවටෙන්නට පුළුවන.
කමල් අද්දර ආරච්චි මහතාගේ පවුලේ පින්තූරය හැබැවින්ම ලස්සනය. පාට ගැලපීම සහ දරුවන්ගේ ඇඳුම් ද බිරියගේ ඇඳමද මනාව ඇති අයුරක් පෙනෙයි. මේ පින්තූරය නිසා කමල් ගේ ඇති ස්වභාවය තවදුරටත් වර්ධනය වේ. කමල් අද්දර ආරච්චි මෙහිදී මෙවන් අවස්තාවකට උචිත අයුරින් ඔහුද ඔහුගේ පවුලේ අයද හැඩගන්වාගෙන පැමිණ ඇත. 
මහාචාර්යවරුන් මෙසේ සම්මාන ගැනීම මම නම් ඒ තරම් කැමති දෙයක් නොවේ. නමුත් දැන් දැන් මෙවැනි ක්‍රියා ලෝක මට්ටමෙන්ද සිදු වේ. මා මේ වැනි පිංතූරු දෙක තුනක්ම දුටු අතර මෙහිදී භාතිය හා සන්තුෂ් දෙදෙනා මහාචාර්ය තුමාට ගෞරවයෙන් මඳක් නැමී සම්මානය ලබා දෙන්නේ නම් මනාය. මන්ද භාතියලා කුමන පදනමින් ගත්තත් මහාචාර්ය තුමාට ගරු කල යුතු බැවිනි. 
බැලූ බැල්මට මෙහි වරදක් නොපෛනන නමුත් සෝමරත්න දිසානායක නැමැති අය මෙහි සරමකින් සැරසී සිටිනු පෙනේ.ඔහු සරම ඇඳ සිටින්නේ නැත්නම් අමුඩයෙන් සිටින්නදැයි කෙනෙකුට සිතිය හැක.නමුත් දෙරණ ආයතනයම සංවිධානය කල මියුසික් වීඩියෝ සම්මාන උළෙලකදී මොහු කල සිංහ ඝර්ජනාව ඇසූ අය වෙත්නම් සෝමරත්න මෙහි සරම පිටින් සිටීමේ ගැටලුවක් සැබැවින්ම ඇති වෙනු ඇත. 
ලංකාවේ වෘත්තිය මට්ටමේ නිළියක් දැන් සිටීදැයි යමෙක් ඇසුවොත් එක් වරම මතක් වෙන එක නමකි පූජා. පූජා උමාශංකර් යනු සැබෑ ලස්සන යුවතියකි. එසේම පන්ඩිත කතා කියන්නට ගොස් තැන තැන චාටර් නොවී ගානට තමුන්ගේ තැන තබාගන්නට ද පූජා සමත්ව තිබේ. පූජා බොහෝ උත්සව අවස්ථාවලට එන විට එයට ගැලපෙන ලෙස අලංකාරව සැරසී සිටියි. මෙහිදීද පූජාගේ ඇඳුම සහ ඇගේ සිනාව දැකුම්කළුය. මේ සම්මානය ගන්නා පූජා මේ අවස්ථාව කැමරාගතවන බව දන්නා නිසාද ඇගේ ඇති හුරුව නිසාද ප්‍රේක්ශකයින් දෙසට හැරී සම්මානය ලබා ගනී. නමුත් සම්මානය දෙන අය සිය ප්‍රතිභාමත් ටයර් කොටසක්  මනාව පෙන්වමින් කැමරාවට පිටුපා සිටියි.
ශේෂාද්‍රිෙග් පියා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ද මවද ඒ ක්ෂේත්‍රය හා සම්බන්ධ අය වන අතර ඇයගේ සහෝදරියෝද ක්සේත්‍රෙය්ම අය වෙති. නමුත් වී(V) අකුර හැඩේට ඇති (Wedge-Shaped Body) ඇගේ සිරුරට මේ ඇඳම නොගැලපෙන බව ඇයට තේරුම් ගොස් නැතිය. වී අකුරු  හැඩය යනු ස්ත්‍රියගේ පශ්චාත් භාගය සහ ඉන අවට වට ප්‍රමාණයට වඩා උරහිස් පලල් යුවතියන් වේ. එවන් අය උරහිස් වඩා නිරාවරණය වන සේද සාපේක්ෂව කුඩා ඉඟටිය විශාලයට පේන සේද සිය ශරීර හැඩය වඩාත් කැතට ඉස්මතු නොවන ලෙස ඇඳ පැළඳ සිටිය යුතුය. මෙවන් අවස්ථාවකදී අත් රහිත දිග ගවුමක් හෝ කෝට් එකක් වැනි ඇඳුමක් ඇන්දේ වී නම් මැය මීට වඩා ආකර්ශණීය ලෙස පෙනෙනු ඇත.මින් පෙර අවස්ථාවල සාරිය ඇඳගෙන පැමිණි ශේෂාද්‍රි මීට වඩා ලක්ෂණට පෙනෙන්ට ඇත්තේ සාරිය මගින් ඇගේ හැඩ පාර්ශව වඩාත් ලක්ෂණ කරන බැවිනි.   මේ යුවතියගේ වඩාත්ම ආකර්ශණීය කොටස වන්නේ මුහුණයි. එවන් අවස්ථාවක කකුල්, පස්ස හෝ පපුවට වඩාත් අවධානය නොගෙන මුහුන එළිය වැටෙන ලෙස මෝස්තර නිර්මාණය කිරීම වැදගත්ය. 

මෙවන් වූ පුරුෂ හැඩයේ වී සිරුරක් ඇති ජනප්‍රියතම ස්ත්‍රී රත්නයකි ඇන්ජලීනා ජොලී. ජොලී බොහෝ උත්සව අවස්ථාවන්ට අඳින ඇඳුම් ආදිය කර උරහිස් පෙනෙන සේද ඇගේ කුඩා පස්ස සහ ඉන වැසෙන සේද වන ඇඳුම් ආදිය වෙයි. ලුනු(SALT), ඉස්මිත් මහත්තයයි පවුලයි(Mr & Mrs Smith) ආදි ළඟදී ගිය ජොලිගේ ජනප්‍රිය සිනමා නිර්මාණ වලදීද ජොලීගේ ඇඟේ ඇති පිරිමි ස්වභාවය ඉස්මතු වීම අවම වන පරිදි ඇගේ ඇඳුම් නිර්මාණය කර ඇත. එසේම කැමරා කරුවෝද සිනමා කරනයේදී සහ සේයාරූ ශිල්පයේදී ඒ ඒ හොලිවුඩ්/බොලිවුඩ් නිළි ස්ත්‍රින්ගේ අලංකාර හැඩතලඉස්මතු වෙන සේද ආකර්ශණීය නොවන කොටස් සැඟවෙන සේද කැමරා මෑනිමට සමර්ථයෝ වන බව බොහෝ පිටරට සිනමාපට තුලින් අපට පෙනේ. 
ඩ්‍රැකියුලාගේ මනාලිය නැමැති පොතක් ඩීමන් ආනන්ද මහතා විසින් ලියා ඇති බවත් මගේ මතකයේ ඇත. ඒ පොත යළි මුද්‍රනය කරන විට එයට කවරයක් අවශ්‍ය වේ නම් කදිම පිංතූරුවකි ඉහතින් ඇත්තේ. මේ මැතිනයගේ අතේ ඇති රෝස වන් පැහැය මුහුනේ ද තිබුනේ වී නම් කෙතෙක් අගේද? රටේ නැති විච්චූරන මූනෙ උලා එහි ඇති ස්වාභාවික ලක්ෂණ කැත කරගන්නට දඟලන්නේ ගැමි යුවතියෝ පමණකැයි අපි සිතමු. නමුත් මෙවැනි පිංතූරු දුටු කල මුංද “අපි මහා මහ ලොකු පොස් උදවිය“ යැයි අපිට පෙන්නුවාට සැබැවින්ම පොස් නැත.එහෙත් මැය කට උල් කර ඉංගිරිසි ඌරුවට සිංහල කතාකරන විට නම් එය කණට මාර චූන් එකකි ගෙන එන්නේ.
ස්ත්‍රියක් සැරසීමේදී උස සිරුරේ හැඩය සමේ වර්ණය ආදි බොහෝ සාධක ගනනක් මෝස්තරයක් දැමීමට වැදගත්වෙයි. බොහෝ ලාංකිය ගෑනු සිතා සිටින්නේ මොකෙක් හෝ ඇඳං ගිය එකක් තමන්ද ඇගේ දාගත් විට ලක්ෂණ බවකි. රූප පෙට්ටියෙන්ද පත්තර වලින්ද මග යනවිටද දකින ඇඳුම් පැළඳුම් ඒ ආකාරයට මසාගෙන හෝ කඩෙන් අරගෙන අපේ අය අඳිති. සමාරවිට එයාට එච්චර ලස්සන නම් මගේ කැතත් මැකිල යාවි යැයි ඔවුන් සිතනවා ඇත. ඒත් ඇත්ත නම් එක් යුවතියක් ඉතාම ලස්සනට හැඩ කරන ඇඳුම් මෝස්තරය විලාසිතාව අනික් ගැහැනියට නොගැලපී යෑමයි.

මෝස්තර නිර්මාණය කරගැන්මද එක්තරා කලාවකි.අත් හදා බැලීමෙන්ද අන්තර්ජාලය පිරිස්සීමෙන්ද තමුන්ගේ කොන්ඩය, සිනහව, හැඩය, සමේ පාට ආදිය අනුව ෆැෂන් සොයා ගත හැකිය. තමුන්ගේ සිරුරේ ආකාරයට වඩාත් ආසන්න පිටරට නිළියන් ආදිය දැකබලාගෙන ඔවුන් අනුව සැරසීමට යෑමත් තරමක් නුවනක්කාර වැඩකි. බොහෝ විට මා දැක ඇති හොලිවුඩ් බොලිවුඩ් නිළියන් කාර් එකට තෙල් ගහන විට පවා ලක්ෂනට පෙනේ. මන්ද ඔවුන් සැමවිටම සිය සිරුර මහජනයාට වඩාත් ආකර්ශනය ඇතිවෙන ලෙස වෘත්තිය මට්ටමේ උපදේශන සහිතව අඳින පළඳින බැවිනි.
මේ අර කුවේනි නෙව. කුවේනි යැයි හඳුනා ගැන්මට නොහැකි තරමට ඇයට කොමන් ආන්ටි පෙනුමක් ආරූඩ වී ඇත. කුවේනි සිනමාපටයේ වැදි දැරියක ලෙස නටන දර්ශනයේ සිටි මැය මීට වඩා හත් අට ගුණයක් හැඩට පෙනුනි. සමහර විට වැඩිපුර ටෝක්ස් දෙන්නට ගොස් ඒවා සිරවීමෙන් පසුව ශරීරයේ උඩ කොටස් දැඩි සුදු පැහැයක් ගත්තා වන්නටද පුලුවන. ඇගේ බඩ ආශ්‍රිත බුරි කලාපයත් අත් දෙකත් මඳක් දුඹුරු පැහැ ගන්නා අතර හෝටන් තැන්නේ තනබිමක එකවර දැවී ගිය කොටසක් මෙන් ඇගේ සැට්ටයෙන් උඩ සුදු පාටය. ඇසිලිං මාය්යා පොලේ යනවා වැනිව පෝස් එකද ඇරගෙන ඇදවී සිටින ඇය මීට වඩා කුවේනි හී වැදි ඇඳුමින් හැඩ බව කුඩා එකකුට බව පේනු ඇත. 
ජැක්ට පවුල් දෙකක් වත්ද? නැත මෙහි සිරි පැරකුමා ආසන්නේ සිටින්නේ ජැක් දුවයි. නමුත් බලන්නෙකුට ජැක් බිරින්දෑද ජැක් දුවද වෙනස එතරම් නෙපෙනේ.ජැක් පවුල මෙවන් අවස්ථාවකට සහභාගි වන විට මේ ආකාරයේ පිංතූරුවක් ගනී යැයි සීනෙන් වත් නොසිතා ඇති බවකි මට නම් පෙනුනේ. එක් ජැක් පුතෙක් තද නිල්ය, අනික් ජැක් පුතා සුදු කළිසමක් සහ නිල් සහ සුදු මිශ්‍ර ඇඳුමකි. සිනාසෙන විට පේන දත් සෙට් ටිකත් කාල වර්ණ කොන්ඩ රැවුලු ගසුත් හැර මොවුන් පස් දෙනා එකම වර්ණයකට ඇමිනෙන තැනක් මට නම් නොපෙනේ. 

ලංකාවේද මගුල් ගෙවල් වල පිංතූර වලට වඩා සැබැවින්ම සමාර මල ගෙවල් වල පිංතූර ලක්ෂනට පෙනේ. එයට එක හේතුවක් නම් මල ගෙවල පිංතූර බොහොමයක් එකම සුදු වර්ණයකට අනුගත වන බැවිනි. එකම පවුලේ පුතා තද නිල් මව තද රතු පියා තද කහ ආදි ලෙස විවිධ මිල අධික වෛවර්ණයන්ගෙන් සැරසී මඟුල් ගෙවල් කරා පැමිනෙන පිරිස මා දැක ඇත. එසේම  අමු මස් ගිල මේ දැන් සැපත් වූවාක් වැනි තද රතුපාට හෝ වෙනත් පාට කරන ලද ලිප්ස්ටික් කියුටෙක්ස් තල්ලි ද උලා ඇති නියපොතු තොල් සැබැවින්ම ඇසට අපාසුවකි. 

මෙහි පොටෝ අල්ලන ලද පුද්ගලයාගේ ද යම් යම් අඩුපාඩු ඇති බවක් මට පෙනේ. පොටෝ ඇල්ලීම මෙන්ම පොටෝ පළ කිරීමද කලාවකි. තමුන්ගේ කැමරාවට හසුවන්නේ කෙතෙක් වැදගත් අයෙකු වුවත් පිංතූර පළ කිරීමේදී ඒ පුද්ගලයාගේ ඉස්මතු වන දේ පිළිබඳ සැලකිය යුතු වෙයි. වර්ථමානයේ ඩිජිටල යුගය පැමිණිමත් සමග පොටෝ දාස් ගානකින් පොටෝ කිහිපයක් තෝරා නිවැරදිව වර්ණ සංකලන සිදුකිරීමේ හැකියාව ඇත. පොටෝ වඩාත් ආලෝකමත් කිරීම විචිත්‍ර වර්ණයෙන් සැරසීම සෑම ඡායාරූපයටම සාධාරණයක් ඉෂ්ඨ සිද්ධ කරන්නේ නැත. සැබෑ ආකර්ශනයක් සහිත කලාත්මක පිංතූර දැන් දකින්නට ඇත්තේ එදා සැලෝලයිඩ් කැමරා යුගේටත් වඩාත් අඩුවෙනි. 

පිංතූර කාරයාටත්, ගොසිප් අඩවියටත්, දෙරණටත් ස්තූතියි. 

 මොනවා හරි කුණු රහක් දැනුනම් යාලුවො එක්ක සෙයා කරගන්න.. මොන රසෙත් බෙදාගන්න එක හොඳ පුරුද්දක්..  

මෙහි ශේෂාද්‍රියැයි දක්වා ඇති අය එසේ නොවන බවත් ඇය සමනලී ෆොන්සේකා වන බවත් පාඨකයෝ විසින් මා හට පැහැදිලි කරන ලදී. සමනලී ෆොන්සේකා වුවද පරම්පරාව අනුව හොඳ පවුල් පසුබිමක් ඇති අයෙකි..   

Wednesday, October 2, 2013

ගයමු (Gayamu with Ranwala)

සහන් රන්වල ගේ රංවල බලකාය හැම මාසෙම අවසාන සතියෙ බන්ඩාරණායක ශාලාව පිටිපස්සෙ කමතෙ අමුතු ජාතියෙ සංගීත සංදර්ශනයක් පවත්වනවා. මේ පාර තිබුන එකට මාත් ගියා. මේකෙදි අපිට හොඳ සිංදු අහන්න ලැබෙනවා වගේම ඒවා ගායනා කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ ගයමු එකට සහභාගි වෙන හැමොෝටම කුඩා සිංදු පොත් පිංචක් ලැබෙනවා. ඒකෙ තියෙනවා පද. අපිට තියෙන්නෙ ගයන්න. ඒ අතර යම් යම් ප්‍රාසාංගික අත්දැකීම් කිහිපයකුත් අපිට ලැබෙනවා. 
කාලගෝලයයි දික්තලායි තමයි මේ ඉන්න.මේ කියන ජවනිකාවට අදාල ගීතයක් බොහොම යසට අනෙක් පිරිස විසින් ගායනා කලා. අපි කලේ ඉතිං බලං හිටපු එක තමයි. කාලගෝලයනම් සිරාවටම කාලගෝලයා වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. දික්තලා නම් ටිකක් දික් වුනානං හොදයි කියලත් හිතුනා. 
සහන් සිංදු දෙකකට එක වතාවක් ඒ සිංදුවල පසුබිම මේ පිංතූරුවෙ ඉන්න අයියත් එක්ක එකතුවෙලා අපිට කියාදෙනවා. මේ අයියත් ඇවිල්ල ටිකක් පොරක්.මට නම මතක නැහැ. ඒත් ගීතවල ඉතිහාසය ගැනත් හොඳ අවබෝධයක් තියෙන අයිය කෙනෙක්. සහනුත් ඉතිං වෘත්තිය නිවේදකයෙක් නිසා සමහර වෙලාවට අපිට හිනාවෙන්න දේවලුත් කියමින් ලස්සනට වැඩේ ඇදං යනවා. 
මේ බී ඇම් අයි සී ඇච් එකේ කමතෙ ගව ගාලකුත් තියෙනවා. ඒකෙ හරකුනුත් සිංදු අහන්න ඇති. මේ තැන නිර්මාණාත්මක විදියට නිර්මාණය කරලා තියෙනවා. ලයිට් ආදිය වුනත් ගාන්ට අඩු වැඩි නොවන විදියට තියෙනවා. සාමාන්‍ය කමතක රෑට හඳපානෙ කරන තොවිලයක් බලියක් වගේ එකක් බලනවා වගේ ආතල් එකක් මේකෙන් ලැබෙනවා. ෙ තොවිල් බලි යාග ඉස්සර තිව්වෙ පැට්‍රල් මැක්ස් ලාම්පු පන්දම් එළි පාවිච්චි කරලා. ඒ වින්දනයම ලබාදෙන්න දෝ මේ කමතේ සාමාන්‍ය රාත්‍රි එලිය තැඹිලි පාටක් ගන්නවා. මේ කියනකොට තමයි මතක් වුනේ. මෙතන දහ අට සන්නියක් හෙම නටන්න කියාපු තැන. යකාට ඕන හැටියෙ නටත හැකි. ඒ වගෙ එකක් තිබුනොත් යන්න ඕන බලන්න. වාඩි වෙලා බලන්නත් ඇහැක් නිසා කකුල් වලට නිවනක් ඇතුව දහාට සන්නිය බලාගත හැකි වෙයි. 
මේ කුඹුරු ලියදි කෑලි දෙක තුන මැද තමයි කමත තියෙන්නෙ. වටේ තියෙන පඩිපේලි වල තමයි මනුස්සයො වාඩිවෙල ඉන්නෙ. අකමැත්තෙන් වුනත් කියන්න ඕනි මෙතන තිබුන කුඹුරට වල් මැරෙන්නද මන්ද ග්‍රැෙමාක්සෝන් හෝ ඒ ආසන්න වල් නාශකයක් ඉහල තිබුනා. කෘමිනාශක,කෘතිම වල් නාශක ඉහින්නෙ නැතුව වතුර ටික බස්සල වල් ටික ඇහැල දැම්ම නම් තමයි මම කැමති. ඒත් ඉතිං එහෙම කරන්න උවමනාවක් එතන අයට තියෙන්නෙ නැතුව ඇති. 
සහන්ගේ සෙට් එකත් සහන් වගේම ක්‍රියාශීලියි. ටිකක් හැඩකාර කටකාර ගෑනු ලමයි හතර පස් දෙනෙකුත් ඉන්නවා. ඒ ඉන්න සෙට් එක ගායනයට,වාදනයට, වගේම ප්‍රාසංගික ඉදිරිපත් කිරීම්වලටත් උපන් හපන් කම් තියෙන සැබෑ දක්ෂයො ටිකක්.  අද කාලෙ අපිට දකින්න ලැබෙන වේදිකා නාට්‍ය වල ජවනිකා වලටත් වඩා සහන් මෙතනදි අපිට පෙන්වන ජවනිකා වල නළු නිළි කැලගේ ඉදිරිපත් කිරීම් වෘත්තිය මට්ටමක තියෙනවා. විශාල ගනන් දීල අපි ගිහින් බලන සමහර ඉවන්ට් වල තියෙන අමු ගතිය සහන්ගේ නිකං තියෙන “ගයමු“ එකේ නැහැ. සිංදු වුනත් මේ අය බොහෝදුරට නිවැරදි තාල වලට ගන්න උත්සාහ ගන්නවා. මෙ ්පාර සෝ එකේ සුනිලා අබේසේකර ලියපු “හිමිං සැරේ පියා විදා“ කියන ගීතය ගැහුවා. පස්ට ඈ..සහන් සිංදුව කියන්න කලින් කිව්ව මේක කියන්න අමාරු සිංදුවක්. ඔයාලට පුලුවන් තැන් වලදි අපි එක්ක කියන්න කියලා. එත් මේ ගෑනු ළමයි සෙට් එක සිංදුව ගායිකාව කියන ආකාරයෙන්ම ගායනා කලා. 
ටිකක් කලුවර වුනායින් පස්සෙ තිබුනා රියලිටි බක් මහ කුමරිය කියන විරිදුව සහ ඒ ඉදිරිපත් කිරීම. ඊට කලින් ගැහැනු ළමයි කිහිප දෙනෙක් නටන එකකුත් තිබුන. ගවුම් ඇඳල සිනාපපා කෙල්ලො ටික නැටුව නැටුං ටික පන්කාදුයි. ඒ නැටුං වලිං බලං හිටපු පොඩි උන් කුල්මත් වුනාද මන්ද අපිනං ටිකක් පිකප් වුනා ඒ නැටුං කෑල්ලෙන්.  ඒ සිංදුව මට මතක නැහැ නෙව(සිංදුවක් මතක තියෙන්නෙ කොහෙද කට ඇරං නැටුං බලං හිටිය නෙව) . රියලිටි බක් මහ කුමරිය කියන අවස්ථාවත් විනෝදමත් එකක් වුනා. විරිදු ලියපු කෙනා එලටම ඒවා ලියල තියෙනවා. 
මේ ඉබ්බා නම් ගයමු එකට කිසිම අදාලත්වයක් නැහැ. මට මේ ඉබ්බව දැක්කම අපේ රටේ කලාකාරයො මතක් වුනා. හැමෝම හැමතැනම බනිනවා. නමුත් විකල්ප නැහැ. ඒ අතින් සහන් උඩින් ඉන්නවා. අනේ අපිට මේ මාධ්‍ය වලිං හොඳ සිංදු ඇහෙන් නැහැ කියන මන්තරේම හැමදාම මතුරන්නෙ නැතුව ඒක වෙනස් කරන්න මේ වගේ පොඩි උත්සාහයන් හරි ගන්න සහන් ඉදිරිපත් වුනා. දැනට මේ සහන්ගේ “ගයමු“ තියෙන්නෙ ප්‍රජා සත්කාරයක් විදියට. බණ්ඩාරණායක ශාලාවෙ අය සහ වෙනත් පුද්ගලික මැදිහත් වීමත් නිසා සංගීතයට සහ පොත් මුද්‍රනයට යන මුදල ලබාගන්න හැකිවෙලා තියනවා. නමුත් මම නම් පුද්ගලිකව මේ අවස්ථාව රුපියල් පනහක් සීයක් මිල වෙන්න ඕනි කියල හිතනවා. මොකද අපිට අද කිසිම දෙයක් නිකං කරන්න බැහැ. අඩුතරමෙ සහන්ගේ කන්ඩායමට යන්න එන්න යන ගමන් වියදම හරි එයාලට ලැබෙන්න විදියක් තියෙන්න ඕනි.  අද නාට්ටියක් හෝ මොනයම්ම කලා අවස්ථාවකට රුපියල් සීයකින් අඩුව ටිකට් එකක් ප්‍රින්ට් වෙන්නෙ නැහැ. 

සහන් සහ පිරිස කියන්නෙ තවත් රංවල සෙට් එකක්ම නෙමෙයි. සහන් කියන්නෙ රංවල කියන නමේ තිබුන වෙළඳ වටිනාකම සම්පූර්ණයෙන් විකුනපු කෙනෙකුත් නෙමෙයි. කොහොම වුනත් අපිට අපේ සංගීතෙ අපේ කලාව කියලා මොනයම්ම හෝ ජන සංගීතයක්,ජන නැටුම් ආදිය තියෙනවා. ඒවා ටික අපේ පොඩි දරුවන් වෙත අරං යන්න රංවල බලකාය ගන්න උත්සාහය විශිෂ්ඨයි. දරුවන් මේ වගේ අවස්ථාවලට සහභාගි කරවීම තුල දරුවන්ගේ තිබෙන සබකෝලය නැතිවෙනවා. දරුවෙක් කොයි තරම් වැදගතෙක් උගතෙක් කලත් සබයක් ඉදිරියේ හැසිරෙන්න, ඉදිරිපත් කිරීමක් කරන්න දන්නෙ නැති අයෙක් නම් ඔහුට විශිෂ්ඨයෙක් වෙන්න ලැබෙන් නැහැ. පුංචි කාලෙ ඉඳලාම දරුවන් කලාත්මක දේට මේ වගේ අපේ රටේ දේවල් වලට හුරුකරන්න දෙමාපියන් උත්සාහ ගන්නවා. ඒ වගේ අයට රංවල බලකායෙ තියෙන වැඩසටහන් ලොකු උදව්වක් වෙනවා. 

“ගයමු“ සහ රංවල බලකායට ඒ ව්‍යායාමය ඉදිරියටත් නිර්මාණශීලිත්වයෙන් කරගෙන යන්නට ජවය ශක්තිය ලැබේවා. ගයමු බලන්න ගහින් ආපු අපේ මූලික ප්‍රාර්ථනාව වුනේ ඒක.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...