Saturday, January 18, 2014

චිත්ත සැත්කම (2)

1 කොටස
අදාල පිංතූරයක් නොවේ 
“ ඔන්නං හිරිවට්ටලත් කරත හැකි යැයි කියූ දොස්තරයාගේ අත මහ විසාල මන්නයකි. පංසලේ අන්දර වැට ගාන්ට කැපීමට ගන්නා විසාල වතු කතුර වැනි විසාල කතුරක් බේත් විදින නේස් නෝනා අත ඇත. සිවුරු වැනි කහපාට රෙදි කඩක් පසෙක ඇති අතර නිරුවත් මනුස්ස ශරීරයක බඩක් ඉස්පිරිතාල ඇඳක් මත ඇත. නේස් නොනෙක් අවිත් ඉන්ජෙක්සන් එකක් ගැසූ පසු මියගියාවන්ව අර ඇඳ මත වූ මනුස්ස සරීරයේ මදක් එසවී තිබුන අතක් කපා දැමූ කෙසෙල් කදක් මෙන් ඩොග් ගා පහත්විය. මන්නය ගත් දොස්තර තැන බඩ පලා ඉන් පසු "මෙන්න මේක කපන් ඕන" යැයි ලොකු මාලු කූරියකුගේ බඩක් වැනි කෑල්ලක් මනුස්ස බඩ ඇතුලෙන් ඇද ගත්තේ එල්ලෙන වැල් වැනි නහර වැල් සමඟය. කෝ කපන් නැද්ද අහන්නාක් මෙන් පණ ගැහෙන ඒ කෑල්ල උස්සාගෙන දොස්තර තැන සිටියේය. මහ කතුර අතදරා සිටි නර්ස් කෙනා සුටුස් සුටුස් ගා දෙකෙලවර කැපුවේය, එවිටම ලේ පාරක් චූස් ගා විදින්ට විය“

"හපෝ...මං කපන් එපෝ" යැයි. කියමින් හාමුදුරුවෝ නින්දෙන් අවදි විය. සද්දය මහ හයියෙන් ඇසී නැත. පියෙසා්ම අසල ඇඳක නිදිය. වාට්ටුවේ බොහෝ දෙනා නිදිය. තමුන්ගේ සිවුරු රෙදි මඳක් ඈත් වී දෙකකුල් ඉහල කොටස්ද මනාව අන් අයට පේන බවක් සාදුට වැටහුනි. නැවත සිවුරු සකස් කරගත් උන්නාන්සේ යම්තම් මතක තිබුන සිහිනයද, මේ වන විටත් ගැහෙමින් පවතිනවා යැයි සැක සිතූ උන්වහන්සේගේ පිත්තාශයද සිහියට ගන්නට වෑයම් කලේය. "විකාර හීනයක්, මොන මගුලක්ද මේ, " දොස්තර මහත්තය මන්නයක් අතේ තියං..වෙන්න බැහැ නේ. " යැයි සිහිනය බොරු මායාවැකැයි සිහියට ගන්නට ඥානසේකර හිමිනම වැර වෑයම් කලේය.

"උදෑහැනම පැමිණි දොස්තර මහත්තයාට.. අනේ මහත්තයො මං වයසක මනුස්සය. උපරේෂන් ඕන් නැහැ". ඔන්න බේත් පෙත්තක් තිබුනම ඇති. යැයි හාමුදුරුවෝ පින්සෙන්ඩු වන්නට විය.

ලොකු හාමුදුරුවෝ උපරේෂන් එකට බය විත්තිය දොස්තර මහත්තයාට පසක් විය.

“අපි හැමෝම ජාති ජරා මරණාදී ලෙඩට දුකට පත්වෙනෝ. ඒක වලක්වන් බැහැ. ඔන්න මොන උපරේෂන්ද? කමන් නැහැ. බෙහෙත් වලිනුත් ඇහැකියි කියල දොස්තර මහත්තය කිව්ව" හාමුදුරුවෝ බලන්නට එන උපාසක අයට හාමුදුරුවෝ උපදෙස් දෙන්නට විය. හාමුදුරුවන්ට උපදෙස් දිය හැකි මට්ටමේ සිටි අය යාන්තම් උපදෙස් දෙන්නට විය. ඒත් දැනෙන වෙනසක් නම් සිද්ද නොවීය.

දවල් වරුවේ සියාතු උන්නැහැද පැමිණ තිබුනි. උන්දැගේ රබර් කට එතරම් හොද නැති බව දන්නා ලොකු සාදු වැඩිය වරුනා කතාකරන්න ගියෙ නැත.

"ඉතිං හාමුදුරුවනේ ඔබවාන්සේ කියනවිදියට ඔය සරීරෙ අනිත්‍යනං පිත්තාසෙත් අනිත්‍යයයි නේ. ඔන්න ඔහෙ ඕක කපල දාන්න. මට නං පේන්න තියෙන විදියට ලොකු හාමුදුරුවො පිත්තාසෙට බයයි. නැත්තං වැඩක් නැති කෑල්ල කපල අහක් කරන් දෙන් එපාය." මේවන් සෝ බර අවස්ථාවලද හාමුදුරුවන්ගේ සිත රිදවන්නට සියාතු ලොක්කා ඒම ගැන අනෙක් උපාසක අයගේ විරෝධය ඔවුන්ගේ මුහුනින් පිලිබිබු වන්නට විය. "මේ සියාතු ඔහෙ ඉගෙනගෙන තියෙනව තමයි. ඒත් උන්නාන්සෙ ඒකට විරුද්ද වෙන්නෙ හේතු ඇතිව. ඔහෙට ඕන්නං ඔහෙගෙ පිත්තාසෙ කපාගන්න අපේ හාමුදුරුවො බේත් වලිං හොදකර ගනීවි. "යැයි පියසෝම සියාතුට විරුද්ධව යමක් කීවේය.

සාහිත්‍ය රසයේ යම් පමණක දැනුමක් තිබූ සියාතු උන්නැහේට  මේ ජීවිතවල රකින්නට දෙයක් නැතැයි නිතර බණමඩුවල දෙසුවත්,ඒ  පංසල් රකින්නට  බොහෝ පන්සල්හි මස් කටු දී ඇතිකරන ඇතිකරන වෘකයින් වැනි විශාල බල්ලන් මතකයට නැගුනි. ඔහු ආ සිනාව මුව තුලම සිරකරගෙන ඔහේ බලා සිට 

“අනේ මන්දා ලොකු හාමුදුරුවනේ. ඔබවාන්සෙ දන්නව නේ. මගෙ ලග වැඩිය කැටයං නැහැ. ඔබවාන්සෙ ඔපරේෂම කරනවට මං මනාපයි. දොස්තරගොල්ල වුනත් කියන්නෙ ඕක අයිං කරනවනං හොදයි කියල නේ. “ නැවතත් සියාතු කියන්න ට විය.

එහෙනං හාමුදුරුවනෙ අපිත් යන්නං කියමින් තව ටික වෙලාවක් කතා කරමින් සිටි පිරිස එක එකා හාමුදුරුවන්ට වඳිමින් විසිර යන්නට විය. මෙවර පියසෝම උන්නැහේද ගිය බැවින් සාත්තුවට සිටියේ පොඩි නමය. පොඩි නම දැන් පොඩිම නැති බව ලොකු හාමුදුරුවන්ට වැටහුනි. දාන මාන ගැන පංසලේ කටයුතු ගැන පොඩිනම දැන් සැලකිය යුතු වගකීමකින් කටයුතු කරයි.

නර්ස් නෝනා පැමිණ ලේ ගැනීමද බෙහෙත් දීමද ආදී කටයුතු වල කරුණාවෙන් නිරත වෙයි. ඒ එන හැමවිටම පොඩිනම නැගිට ගනී. නර්ස් නෝනා එනවිට අසුනින් නැගිටීම පියසෝම කලත් එය පොඩිනම විසින් කල යුතු දෙයක්ද නොකල යුතු දෙයක්දැයි ඥානසේකර ලොක ුසාදුට තීරණය කල නොහැකි විය. දේවාලේ දෙවියන් උතුම්ය. වවුලන්ගේ ගුහාවේදී වවුලන් උත්ම්යැ. ජලයේදී මාලුන් නම් පීනන සතුන් උතුම්යැ. මේ ඉස්පිරිතාලැයැ තුල සිටින නෙස් නෝනල සහ දොස්තර මහතුන් වඩාත් උතුම්යැයි සැලකු විට නම් පොඩි නම ගරු කිරීම පිණිස හෝ වෙනත් කරුණක් පිණිස නැගිටීම මහත් දෙයක් නොවෙතැයි ලොකු සාදු සිතන්නට විය.

නිතර යන එන ලෙඩුන් බලන නර්ස්, ඇටෙන්ඩන් නෝනාවරුන් හා කතාකරන විට හා ඔවුන්ග් නාරි දේහයන්හී විවිධ ඉරියව් දකින විට පොඩිනමගේ දෙනෙත් දීප්තියෙන් බබලනු ලොකු සාදු දිටීය. කිසිම අලුත් දෙයක් නැතැයි යන ඉතාම සාමාන්‍ය බැල්මෙන් බලා සියලු දේ නතුකර ගැන්මේ හැකියාව තවමත් පොඩිනම කෙරෙහි නැත. පොඩිනමගේ කෑදර බැල්මේ කැත කාලය විසින් නසාලනු ඇතැයි ලොකුනම සිතුවේය. තමා කුඩාකල දාන මාන වලට ගිය විට “පොඩිනම මින් මනතට ගෑනු ළමයි දන් බෙදන වෙලාවට පාත්තරේ දිහා විතරක් බලාගන ඉන්නව හොඳයි. උපාසකම්මල බිම බලාගෙන වඳිනකොට භාවනා කොරනකොට හාමුදුරුවන්ගේ ඇහැ වටේ පිටේ ටිකක් හැරවුනාට කාරියක් නං නැහැ." යැයි සිය ලොකු හාමුදුරුවන් වරක් දුන් උපදෙසක් ඥානසේකර හිමිට මතක් විය.

සිරිත් පරිදි බොන අඟල් කිහිපයක් උස පිටි ජෝගුවත් තේ බොනකොට තේ එක වෙනුවෙන් කනවා යැයි කියා ගිලදමනු ලබන ග්‍රැම් සියක දෙසියක බිස්කට් පැකට් එකත් පංසලේදී හැන්දෑවේ හතට හතහමාරට විතර ගිලදමන පොඩිනම නමය හමාර වෙනතෙක් ටීවි එකේ නාට්ටි බලමින් සිට නින්දට යයි. පොඩිනම නින්දට ගිය පසු පංසල උස්සාගෙන ගොස් වෙනතැනක තැබුවත් ලේසියෙන් අවධි නොවන අයෙක් බව ලොකු සාදු දනි.

අහල ගෙදරක විසු සොපිනෝනා නැමැති උපාසකම්මා ගේ ගෙදර දවල් සැමියා එනවිට ගෙදර වෙනත් මිනිහෙක් සිට දුවගොස් ඇත. කිසිත් නොකියා සැනෙකින් ගෙදරින් නික්මුනු සොපිනෝනාගේ සැමියා (ඔහුගේ නමද සැමී විය) හැන්දෑවේ අටහමාරට විතර බොන තැනින් අවුත් වැටි වැටී පැමිණ නවහමාරට විතර සොපිනෝනාගේ ගෙදරට පැමිණ ඇත. පැමිණ සොපිනෝනාට හොඳෙහැටි පහර ගසා ගෙදරින් එලියට දමා දොර වසාගෙන තෝ පල අරුත් එක්කම. පඳුරු *සාවි යැය් බනිමින් එලවා දමා ඇත. පංසලට බොහෝ ආසන්න නිසා සොපිනෝනා පංසලට පැමිණ නිදාගෙන උදෑසනම අවධි වී ගොස් ගෙදර එලිපත්තේ සිට දැන් මිනිහාට වෙරි අඩුවී ඇතැයි සිතා..

දැන්වත් මේක අරිනව ඕයි..මට මේ එලියෙ ඉන්න බැහැයි යැයි කෑ ගසා දොර අරවාගෙන ඇත. බීපු සැමීටත් වඩා සැපට නින්ද යන පොඩිනම මේ කිසිම දෙයක් හාංකවිසියක් වත් දන්නේ නැත. ලොකු හාමුදුරුවෝ එදින රෑ , සොපීගේ හැට්ටයකින් විසිවී තිබුන ආයකට්ටක් ලොකු හාමුදුරුවන්ගේ ශයනය අසල අසල වැටී තිබෙනු උදෑසනම දැක ඇත. පොඩි වහන්සෙ ඕක දැක්කොත් විනාසයයැ සිතා ඥාණසේකර හිමි වහා එය ඇහිඳ නොපෙනෙන තැනක දැමුවේය.

විමලා නම් හෙදිය මැදිවිය ඉක්මවූ කතකි. ඇය රෑ දොලහට දෙන බේත් වේල සහ රාත්‍රියට දීමට නියමිත බෙහෙත් සේලයින් ආදිය සපයමින් වාට්ටුව සිසාර නිතර නිතර එහෙ මෙහෙ යන්නට විය. ඒ සෑම විටම මුලින්ම ඇති හාමුදුරුවන්ගේ ලෙඩ ඇඳ අසලින් ගිය විමලාට හාමුදුරුවෝ අවධියෙන් සිටින බව පෙනුනි. විටෙක ඔහු පත්තරය බලයි. විටෙක සිවිලිමේ ඇති පංකාව දෙස බලමින් කල්පනා කරයි. රෑ එකට පමණ හැරමිටි සද්දයක් ඇසී මදක් නින්දේ සිටි විමලා අවධි වන්නට විය. ලොකු හාමුදුරුවෝ රෑ අවදි වී වාට්ටුව දිගේ ඇවිදගෙන යයි.

වෙනත ්විටක නම් සහායකයකු උන්වහනසේ සමග අනිවාර්යෙන් වැසිකිලියට යයි. නමුත් පොඩිනම නම් මේ වෙලේ අවධිවෙනු නැති බව දත් ලොකු හාමුදුරුවෝ හැකිපමණින් අපහසු කම් ටික මගහැර නැගිට වාට්ටුව දිගේ වැසිකිලිය දෙසට ඇවිද යන්නට විය. අවධි කරන්නට වෙන කිසිවෙක් අහල පහල පේන්නට නොමැති වූ බැවින් විමලා එකවර වික්ෂිප්ත විය. මුන්වහන්සේ වාට්ටුව මැද ඇද වැටුනොත් වන්නේ ලොකු සන්තෑසියකි. එවිට ලෙඩුන් ගැන නොබැලුවේ යැයි නර්ස්ලාගේ වැරදිම නිතර සොයන දොස්තර මහත්වරුන්ගෙන් බැනුම් අසන්ට වනු ඇත. ඇය සිතීම පසෙකලා. ලොකු හාමුදුරුවන් වෙත ගොස්. “කොහෙද ඔබවාන්සේ මේ යන්නෙ“ යැයි ඇසීය. දෙබස් කීපයක් හුවමාරු කරගත් පසු විමලා විසින් යන්තම් වත්තම් කරගත් ලොකුහාමුදුරුවෝ වැසිකිලිය කරා යන දර්ශනය යම් ලෙඩෙක් අවදියෙන් සිටියානම් දැකගන්නට පිලිවන් කම තිබුනි. නමුත් කටකතාවක් ඇතිවීමට සියලු අවකාශය නොතබා වාට්ටුවේ කැස්ස තිබුනු ඇතමෙක්ද කැස්ස නවත්වා මේ මහ පාන්දර ජාමේ ගොරවමින් නිදිය.

දෙදෙනා වාට්ටුව මැදින් යන තර හාමුදුරුවෝ කැසිකිලියට යන බව ඇයට කීවේය. කැසිකිලියේ දොර ළඟට ගිය ඥානසේකර හිමි විමලා එලියේ සිටියෙදී ගොස් අවශ්‍ය කාරණාව කරගෙන පැමිණියේය.  වාට්ටුව මැදින් ගොස් කෙළවර මඳක් හැරී ගිය තැන වැසිකිලි කැසැකිලි පිහිටා තිබුනි. එය වාට්ටුවට මඳක් ඈතට වන්නට පිහිටා තිබුන බැවින් එයින් හමන අමිහිරි දුර්ගන්ධ කිසිවක් වාට්ටුවට ආවේ නැත. 

 මට නින්ද යන් නැහැ අර ඇදේ.. අද නම් ඇහැ පියවුනේම නැහැ. මං මෙතන ටිකක් වාඩිවෙල ඉන්නං. යැයි පිරිසිදු කරන්නියන් හට වාඩිවීමට තිබූ අසල ඉස්පිරිතාල බංකු කෑල්ලක හාමුදුරුවෝ වාඩි විය. කරුණාබර හාමුදුරුවන්ගේ වචන පෙලත් ඔහු පත්ව ඇති තනිකම සහ පාලුව ගැනත් නැමුනු සිත් ඇති විමලාවෝද හාමුදුරුවෝ අසලින් වාඩි විය.

හාමුදුරුවන් පෙර දින රෑ දුටු නපුරු සීනය ගැන විමලාට කරුණු හෙලිකලේය. පොඩි ළමයෙකු මෙන් මේ ලොකු සාදු බයවීම ගැන පොඩි සිනහවක් විමලාට පැමිණියත් ඇය විසින් ඉතාම කරුණාවෙන් හාමුදුරුවන්ට කාරණා වටහා දෙන්නට විය. හාමුදුරුවන්ගේ අතුත් සීතල වෙලා මඳකින් විමලාගේ කටහඩ ඇසෙන්නට විය. චිකේ මෙයා  විතරයි වගේ බය. දැන් යන්, ඔය ඇති ..විමලා එසේ කියූ විමලා සාදු අසලින් නැගිටින්නට විය.

වත්තන් කරගත් සාදු වාට්ටුවටත් ඇඳටත් සෙමෙන් ඇතුලත් කෙරුනි. ඉන් පසු විමලා විසින් දුන් නිදි පෙත්තක අනුභාවයෙන් උන් වහන්සේ නින්දට වැටුනි. උදෑසන පැමිණි දොස්තර මහත්තයාට “ දැන් මම පිත්තාසෙට බය නැහැ. මගේ අකමැත්තක් නැහැ දොස්තර මහත්තයෝ. අපේ උපාසක කට්ටිය මට පැහැදිලි කරල දුන්න “ යැයි ලොකු සාදු කියන්නට විය."

"හරි දැන් රිපොට් එකත් ලැබිල තියෙන්නෙ හෙට උපරේෂන් කරන්න පුලුවන් වෙයි.. මං ඊයෙ රෑ හදිස්සියෙන් එනකොට මේ පොඩිසාදු හොඳට ගොරව ගොරව නිදි. ලොකු හාමුදුරුවො වැසිකිලි පැත්තට යන් ඇති කියල මං ආයිත් ගියා. මං හිතන්නෙ අනික් උපාසක මහත්තය උපරේසන් එකෙන් පස්සෙ සාත්තුවට ඉන්නව නං වඩාත් හොඳ වෙයි. දොස්තර මහත්තයා කියන්නට විය"

දොස්තර මහතා එසේ කියන විට හාමුදුරුවන්ගේ සිරුරේ පදාසයක්ම හිරිවැටීගෙන ගියේය. සමාරවිට හාමුදුරුවන්ගේ පිත්තාශයද හිරිවැටී යන්නට ඇත.

8 comments:

  1. ගම්පහ රෝහලේ නම් වෙනම සංඝග්වාට්ටුවක් තියෙන බව මා දැක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මා කලින් කියන්නට අදහස් කලේ භික්ෂූන් වහන්සේලාට තනිවම තීරණ ගත නොහැකි තරම් සමහර විට දායකයන්ගේ බලපෑම් එනවා. අනික් කාරණය භික්ෂු වාට්ටු වලට සමහ රෝහල්වල වෛද්‍යවරුන් එන්නේ නැති තරම්. ගිහිල්ලා කැඳවාගෙන එන්න ඕනේ.

      Delete
    2. මේ කතාව මං හිතන්නෙ ගම්පහ රෝහල ගැන නෙමෙයි වෙන්න ඇති.

      Delete
  2. මුල ඉදන් අගටත් අග සිට මුලටත් කියෙව්වෙමි. :D

    ReplyDelete
  3. මේ වගේ අවස්ථාවල ස්වාමින්වහන්සේලත් කතා කරන්නේ අපේ භාශාවමද අමිල.. කතාව පුරාම හාමුදුරුවන්ගේ ඒ ස්වභාවය දැක්කා

    ReplyDelete
    Replies
    1. ඔව් සමාර ස්වාමින් වහන්සේලා සාමාන්‍ය ග්‍රාම්‍ය බසටත් වඩා දරුණු විදියට බාසාව පාවිච්චි කරන අවස්ථා තියෙනවා..කිතලගම සීලාලංකාර හාමුදුරුවො අන්න ඒ විදියට කතා බහ කරපු හිමිනමක්..
      ස්වාමින් වහන්සේලා සාමාන්‍ය මිනිස්සුන්ගෙන් මිදිල අලුත්ම ගරු බාසා කතාකරනවා දැන් දැන් අසපුවල නම්.. මම නම් හිතන්නෙ ග්‍රාමවාසී භික්ෂූන් ගම් වැසියන්ගේ බස බොහෝදුරට කතා බහ කරන බවයි..

      Delete
    2. ස්වාමීන් වහන්සේලා ඔවුනොවුන් අතර කතාබහ කරන්නේ අපි ඔබ සාමන්‍යයෙන් කතාබහ කරන දේවල් සහ ඒ විදිහටම තමයි. එහෙම නැති අයත් ඇති. ධර්ම සාකච්ඡා කරමින් ඒ වෙනුවෙන්ම කැපවී සිටිනා උදවිය ප්‍රායෝගික ලෝකයේ නැත්තටම නැති තරම්. මේ බව මම හොඳටම දන්න කාරනාවක්. සංඝ සමාජය හා ගිහි සමාජය තුල දැන් දැන් බොහෝම සමානකම් තියෙනවා. ඇඳුම විතරයි වෙනස්.

      Delete
  4. Ane bola ,thota lingika sewanaya nathuwa wena mathrukaawak eththema nadda?

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...