Friday, January 10, 2014

සාවියගේ මිදි


හිංචි පිංචි හාවිය
පැද්දි පැද්දි මග යද්දි
රංචු රංචු ඇස් ගෙඩි
ඈ ව පන්න ගන්න හදනවා

පෙත්තෙන් දෙපෙත්තෙන් පිබිදෙන
සිහින් සිනිඳු පියලි වලටත්
යදම් දමලා අයිතිකාරයො

පුංචි පුංචි ඇස්පෙති
සද්ද බද්ද නොකර
ඉස්සි ඉස්සි මේ පැත්ත
බලනවා කියා මට හිතෙනවා

කකුල් විකල් වනතෙක් බැඳ
විසල් කමල් රෙදි ඇඳ
වඳීවී බැඳේවී හස්තියෙක්
නොදන්නා දෙවියෙක්ට..

දන්න දා ඉඳන්
සින්න වී තිබුන ඒ මිදි
කන්න බෑ තිත්ත
පෙන්නුවාට ලස්සන

අන්න හස්තියාගේ සර්දාව
මෙන්න කෙල්ලගේ සුවාමිබක්තිය
එහෙමත් එකෙක් කියාවි
අයියෝ සල්ලී..

10 comments:

  1. සින්න වූ ඒ මිදී තිත්ත කියා හිත සනසවා ගන්නවා නම් ලොකු සහනයක්. මම දහ පාරක් විතර කියෙවුවා. 100% අදහසක් ආවේ නැහැ. ලස්සන නිර්මාණයක්.

    මෙදා පාර මම පරිවර්තනයක් කළා නිසදැසක් හයිම් ගිනොට් ගේ එන්න කියවන්න වැරදිකරු ගුරුවරයාද?

    ReplyDelete
  2. අවන්කවම කියන්න එපාය මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ

    ReplyDelete
  3. මේවා නරියෙකුගේම මිදි!

    ReplyDelete
  4. ඇතා දනගහල දේවාලෙට වඳිනව බලන්න ඉන්න මිනිස්සු හිතනවා අඩේ ඇතාට මාර සර්ධාවක් නේ තියෙන්නෙ කියලා..ඒත් සිරාවටම ඇතාට මොන සර්ධාවක්ද? කකුල් හතර යකඩ දම් වැල් වලින් බැඳලා අර හීනි තුඩක් තියෙන හෙන්ඩුවෙන් ඇන ඇන..කිසි නිදහසක් හරියට කෑමක් බීමක් නැතුව පොඩි සෝ එකක් විතරක් ඇතා දානවා..ඒක දකින බැතිමතුන්ට අනුව ඇතා හිතලාම කරන ලොකු වැඩක්...

    දැන් ඔන්න ගෑල්ලමයෙක් ඉන්නවා කොල්ලෙක් එක්ක යාලු හෝ කසාද බැදල. එයැයි අර කොල්ලා එක්කමයි.ඉන්නෙ..සදාචාරයට සංග්ස්කෘතියට අනුවම ජීවත් වෙනවා. නමුත් එයැයිතුත් කැමතියි වෙන කොල්ලන් ඒකක කතා කරන්න...නිදහසේ කිරිල්ලියෙක් වගේ පියාඹන්න ආසයි.. නමුත් සංක්ස්කෘතිය, සදාචාරය, බොරු සාටෝප වලින් අර හස්තියාගේ කකුල් වගේම බැඳිලා කෙල්ල ස්වාමිභක්තියෙන් ජීවත්වෙනවා.. අර හස්තියා දිහා බලලා ආනේ ඇතාගේ සර්ධාව කියලා මිනිස්සු මූනිච්චාවට ඇස් ඔලුවෙ තියාගෙන දුක් විදින ඇතා බලන සීන් එකයි..අර ස්වාමිබක්තිය තියනව කියල හිතං ගෑනු කෙනෙක් දිහා බලන සීන් එකයි එකමයි කියන තියරි එක තමයි මට හිතුනෙ මේ කවි ටික දැකල..

    ReplyDelete
    Replies
    1. තේරුනේ දැන් තමයි....

      Delete
  5. මටත් තේරුනේ නෑ නේ.. :o

    ReplyDelete
  6. තාම කල්පනා කරමින්..

    ReplyDelete
  7. මටත් හරි අදහසක් ආවේ නෑ....

    ReplyDelete
  8. Machan umba kawiya noliya ,oya pahala thiyana wisthare witharak demma nam ethi neda?Ethakota apita therenawa.Aparade umba eka wade deka kara gaththa.Mama kawi rasa windina kenek.Eth umbe magula nam anumaana karaganna wath bari wuna.Ekko umba kawi noliya indapan. Nathnam kawiyata pahalin theruma daapan.

    ReplyDelete
  9. Sinidu pethi kiyanne kellage rahas awayawada ban? Ehema ahanna hethuwa, umba nitharama ewa ganama liyana nisay.

    ReplyDelete