Monday, January 27, 2014

කෑම බෙදන්නී


කෑම බෙදන්නී..සද්දෙන් කතා කරන්නී
මුදල් ගනින්නී..වැරදී නැවත ගනින්නී..
බැනුම් අසන්නී..එතකොට මට තද වෙන්නී
මට බත් එක බෙදාදෙන්න කවදද දෝනී...

බර වැඩිදෝ මන්දා ඇස් බිමට හැරෙන්නේ..
මට බත් බෙදනා විට ඇගෙ අත වෙවුලන්නේ
කෝම උනත් ඇගෙ නොම්බරෙ මා නෑ දන්නේ
ඒක දෙන වගක් නෑ මට තාම පේන්නේ..

තෝස එකට සාම්බාරු දෝරෙ ගලනවා
කපල දාපු පරාට උඩ හොදි ඉහිරෙනවා
පුංචි ළමැද කේස් එකෙන් පනින්න යනවා
මගේ හිතේ පෙම උතුරා යන්න හදනවා

ඔබ දුරක යන්නෙපා
මට නොපෙනි යන් නෙපා
පිටුපාල යන් එපා
මට දුකක් දෙන් එපා..
ඔය තාලෙට පැද්දෙන සෙක්කුව අහිමි වෙන් එපා..
හිමි වෙලා මිසක් මගෙ අත ඔබ ඈත යන් එපා..

9 comments:

  1. මේකෙ පූසෙක් ගැනද බං කියන්නෙ?

    ReplyDelete
  2. මේක කියන්නේ පූසෙක්ද

    ReplyDelete
  3. හංසයෝ ගැන කිව්වට පූසා ගැන කියන්ඩ බැරි වෙච්ච හින්දා වෙන්ඩ ඇති පූසගේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ

    ReplyDelete
  4. අවසන් පැතුම පුසා වෙන්ට ඕනේ නෙහ්... :D

    පට්ටම නිර්මාණයක්.. !

    ReplyDelete
  5. පූසා ගැන කියන්න .තියෙන්නෙ මෙච්චරයි : අදාල නැති පින්තූරයකි!
    මුගේ වැඩ එහෙමනේ....

    ReplyDelete
  6. පූසො ගැන කතා කරන්නෙ නෑ... අපේ ගෙදරින් වීස කැන්සල් වෙනවා තව ටික කාලෙකින්..

    මෙන්න මූ නිසා...?

    ReplyDelete
  7. අර කඩේ කෙල්ලෝ දෙන්න ආපහු ඉන්නවද බන් ????

    ReplyDelete
  8. පූසෙක්ව දාලා අපිව නොමග යවලා..

    ReplyDelete
  9. Ajith muthukumarana ta hariyana mal mal pada maalawak

    ReplyDelete