Monday, January 27, 2014

යාන්ත්‍රිකාදරය

තාපසාරමයේ ගිරා කූඩු හමු නොවූ ගිරවු. (අදාල නැත)
වැඩකරන මිනිස්සු වැඩිපුර නිවාඩු ගන්නේ ඇයි. මේ ගැන හොයන්න ගිය ලංකාවෙ තියෙන එක්ස් පී වෙළඳ කලාපෙ අයට කාලෙකට ඉස්සර අලුත් හේතුවක් හම්බ වුනා. ඒ තමයි සෙක්ස් වෙනුවෙන් තමයි මිනිස්සු වැඩිපුර නිවාඩු ගන්නෙ. දැන් ඉස්සර වගේ නෙමෙයි පෘථිවියෙ වැඩිය ජනාවාස නැහැ..ඉන්න අයත් ලොකු වැඩ තොගයක් කරන්න ඕනි. මිනිස්සුන්ගේ වැඩ කිරීමේ හැකියාව අඩුවෙනවා කියන්නෙ ඉතිරි මිනිස්සු ටිකත් ටිකෙන් ටික විනාසයට යනවා. .

කලින් තිබුන බාධා වලට වඩා දැන් තිබෙන බාධා වැඩියි. ඒ නිසා ඒවට මුහුනදෙන්න සිද්ද වෙන වෙලාව වැඩියි. සමූහ ලිංගික කඳවුරු බිහි වුනේ ඒ වෙනුවෙන්.

බොහොම ඉස්සර කාලෙ සෙනසුරාදා ඉරිදා ලංකාවෙ රටවල පහල මට්ටමේ සේවකයෝ පාක් වල රූම් වල සහ හෝල් වලට වෙලා කපල් එක්ක ප්‍රේමයෙන් හිටියා. නමුත් නව ලෝකයේදී දියුනු රටවල මිනිස්සුන්ට තිබුන ගොඩක් දේවල් අපේ රටවලට කැපිල ගිහින් දැන් අපි වගේ රටවලට සිද්ද වෙල තියෙන්නෙ නිවාඩු දෙන්න බැරි තරම් වැඩ වලට පණ දෙන්න.

විද්‍යාඥයො හොයාගත්තා කාලෙකට කලින් ලංකාවෙ නිර්ධන පංතියේ සති අන්තය. විෂේසයෙන් තරුන වයසේ අයගේ. ඒ බොහොම දෙනෙක් ලිංගික සතුට හොයනවා. ලිංගික කුහකත්වය ලිංගික අසහනය. ලිංගිකත්වය නිසිලෙස නොලැබීමෙන් ඇතිවන මානසික නොසන්සුන්කම වැඩ කරන තරුණ ජනතාවගේ කාර්යක්ෂමතාවය සීඝ්‍රෙයන් අඩුකරනවා කියල හොයාගන්න විද්‍යාඥ ගොල්ලා සමත් වුනා.

මේ අතර ප්‍රේමය වගේ සංකීර්ණ හැඟීම් එක්ක කරන මානසික ගැටීමට වඩා එකවර ලිංගික සතුට සේවකයින්ට ලබාදෙන්න පුලුවන් නම් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩිවෙන බව ඉතාම හොරරහසින් හොයාගන්න මානව සම්පත් කළමනාකරනය සම්බන්ධ සමාජ විද්‍යාඥයෝ සොයාගත්තා. ඒ අනුව තමයි ලිංගික කඳවුරු පටන් ගත්තෙ. ගිය ගමන් මෙඩිකල් චෙකප් එකක් දාලා ඉන් පස්සෙ ඇස් වලට සහ කතාකරන්න බැරිවෙන්න උගුරට පොඩි උපකරණයක් සම්බන්ධ කරනවා. එතකෙට කතාකරන්න වත් දකින්නවත් බැහැ. ඉන් පස්සෙ තමයි කාමරෙට යොමු කරන්නෙ.

පින්කිට කඳවුරට යන එක වදයක්. ඒත් කඳවුරට නොයෑම යාලුවන්ගෙන් කතාන්දර අහන්න වෙන වැඩක් අනික කඳුවුරට ගියාම පින්කිට මාසෙට ගානක් පඩියට ඇඩ් වෙනවා. පින්කි ගොඩක් හොඳට කඳවුරේ හැසිරුනොත් එයාට අමතර ගානකුත් ලැබෙනවා. ඒටිකෙන් පිංකිට අලුත් ජීවිතයක් ගැන තියෙන හීනෙ එළිදක්වගන්න හැකිවේවි කියල පිංකි හිතුවා.

ඇස් දෙක වහපු ඒ කිව්වෙ ඇස් දෙක නෝට් වෙන්නම වහපු ජෝඩුවක් කැමර් ගොඩක් තියෙන කාමරේක ඇඳක් උඩට එනවා. දෙන්නට කතා කරන්න තහනම්.ඒ අයට හඬ පිට නොවෙන්න සහ ඇස් සම්පූර්ණයෙන් නොපෙනේන ඒව වහන හැටි ඒ තරම් අමාරුවක් වුනේ නැහැ. ඒවාට විශේෂ ක්‍රම තියෙනවා.

පිංකි කල්පනා කලේ නිතරම තමුන් ළඟින් වාඩිවෙල වැඩකරන්න තතනන යැංකි ගැන. යැංකි ටිකක් වයසයි වගේ. ඒත් යැංකි හරිම හොඳයි. පිංකිට වැඩ කරන්න බැරි වෙලාවට යැංකි ඇවිත් උදව් කරනවා. යැංකි පිංකිට ළං වෙන්න හදනවා කියල මැනේජ්මන්ට් එක දැනගත්තොත් ලොකු වරදක් වෙනවා. ඒ නිසා බොහොම අමාරුවෙන් පිංකි යැංකි ගෙන් ඈත් වෙන්න උත්සාහ කලා.

කැමරා නැති තැනක්හොයාගන්න හරිම අමාරුයි. යැංකිට කරන්න පුලුවන් ලොකුම දේ පිංකිගේ අත අල්ලන එක විතරයි. ඒකත් වැඩකරන අතරෙදි මොනවහරි දෙන වෙලාවට.

යැංකි මේ වීකන්ඩ් කඳවුරට යනවද කියල පිංකි දැනං හිටියෙ නැහැ. පිංකි යන්නෙ කොතන තියෙන කඳවුරේ මොන ආගාරයටද කියල යැංකි දැනං උන්නෙත් නැහැ. දෙන්න කතා බහ කලත් ඒවා කතාකරලා මිට කලින් වැඩකරපු අය ගොඩාක් දුරට මාරු වෙලා ගිය බව. සමහරු දරුණු වැඩ රාජකාරි වලට මාට්ටු වුන බව විතරක් පිංකි සහ යැංකි දැනං උන්නා. ඒවා සිද්ද වුනේ කොහොමද කියල කවුරුත් දැනං හිටියෙ නැහැ.

පිංකිට මේක වදයක් වගේ උනා. ඒත් කඳවුරට ගිහින් ආවම පුදුම සනීපයක් දැනෙනවා. සමහර දවසට ටිකක් වයසක කෙනෙක් වගේ රැළි ගැහුන හමක් තමුන්ගේ ඇඟේ වදිනවා කියල පිංකිට තේරෙනවා. නමුත් සද්දයක් පිටවෙන්නෙවත් ඇස් දෙකට පේන්නෙවත් නැති පුරුෂ රූපෙ මොන වගේද කියලා හිතන්න පිංකිට බැහැ. පොඩි වෙලාවකි්න එන දිගු සුසුම් හඩින් කියන්නෙ ඉක්මන්ට වෙහෙසට පත් වෙන නාකියෙක් වෙන්න අති කියලා. ඉතාම කලබල කාරයෙක් නම් ඒ පොඩි එකෙක් වෙන්න ඇති. පිංකිලා ගේ යාලුවො හැංගිලා කතාකරගත්තෙ එහෙමයි. ඒත් ඉතිං කවුද දන්නෙ යකඩ මිනිස්සු එනවද මන්ද බං සමහර දවසට ඇඟම තලල දානවා. ඒ පිංකිගේ මහත යාලුවෙක්.

ගොඩක් ඉක්මනට අනික් පැත්තෙන් වැඩේ ඉවර වුනොත් පිංකිට තවත් පුලුවන් කියල පාලනාධිකාරිය තීරණය කලොත් පිංකිට තවත් අවස්තාවක් ලැබෙනවා. ඒක ටික වෙලාවක් පවත්වා ගන්න පිංකි උත්සාහ ගන්නවා. මොකද නැත්තං තව එක්කෙනෙක් ගේ ඇඟට යටවෙන්න ලැබෙන නිසා.

නාසයෙන් එන සුසුම ්වලින් විතරක් මිනිස්සු අඳුනගන්න ක්‍රම හදාගන්න පිංකිලාට පුලුවන් වුනත් එයාලට කවදාවත් එයාලගේ කම්පැනිවල වැඩකරන දකින කොල්ලො මහත්තුරුන්ගේ සුසුම් හම්බෙන් නැහැලු. එහෙම කිව්වෙ පිංකිලම තමයි.ඒක හෙම නොවෙන්නත් පුලුවනි. ඒත් කවුද දන්නෙ.

යැංකිට හිතුනා සීයලයි කාලෙ වගේ නිවාඩු දවසට සෙල්ලම් කරන්න තියෙනං. නැත්තං යාලුවොත් එක්ක ඇවිදින් යන්න තියෙනං..යාලුවො එක්ක සීතලට බොන්න තියේනං මේ ලිංගික කෝස් එකට වඩා කොච්චර හොඳද කියල. කම්පැනියෙන් මාසෙකට ලැබුන බියර් ටික බොන්නත් විදියක් කම්පැනියෙන්ම දීල තිබුනා. එතකොට කොම්පැනියට ඒ විදියට පමණට බොන අය නිසා මෙඩිකල් වියදම් ලොකුවට යන එක පාලනය කරගන්න හැකි වෙලා තිබුනා.

ලැබෙන පඩියෙන් දරුවන් වෙනුවෙන් ඉතිරි කරන්න තියා පිටරට බලන්න යන්න ලැබෙන අවුරුද්දට වතාවක් ලැබෙන චාන්ස් එකටත් සල්ලි එකතුකරගන්න අමාරුයි. ඒ නිසා සල්ලි ටික ඉතුරු කරගෙන කොම්පැනියෙ සලාක ක්‍රෙම්ට හවසට දෙන බියර් ටික බිල සල්ලි ටික ඉතුරු කරගන්න යාලුවො වගේම යැංකිත් හුරුවෙලයි තිබුනෙ.

ගෛාඩක් ඉස්සර කාලෙ සීයලයි කාලෙටත් ඉස්සර පිංකිව හමු වුනානම් අපි දෙන්න ලවු කරාවි. පාක් වල යන්න ඇති. පාලකයින්ගෙන් ඉතාම අමාරුවෙන් බේරාගනිපු යාලුවෙක්ගේ පරණ ආදර කතා පොතක එහෙම දේවල් ලියවිල තිබුනා. නමුත් දැන් පොඩිකාලෙ ඉඳලම යැංකිල ඉගෙනගන්නෙ ගැහැනු පිරිමි අතර ඇතිවෙන්න පුලුවන් සෙක්ස් බැඳීම්ක් විතරයි කියලා. ප්‍රේමය ගැන සිතුවිලි ඇතිවුනත් ඒවා කඳවුර මගින් සම්පූර්නයෙන් නැතිවෙන බව හැමෝම විශ්වාස කලා.

අවුරුදු දාසය වෙනකල් කඳවුරට සෙක්ස් කරන්න යන්න දින ගැන ගැන හිටපු යැංකිලා ඒක මහා විනෝද ජාලයක් විදියට දැක්කා. ‘‘උඹල ඔය පැනගෙන ගියාට ඉල ඇදෙන තරම් ඇට කැඩෙන කල් ඕක කලාම ටික දවසකින් ම එපා වෙයි“ එහෙම කිව්වෙ පරණ අය. නමුත් කිසිම කෙනෙක්ට දැඩිව පාලනය විවේචනය කරන්න ශක්තියක් නැහැ.

එහෙම කලාම ඒ අයට මොකක්දෝ කරදර වගයක් වෙනවා. බොහොම සැහැල්ලු වැඩ කරන අයට පාලකයින්ට විරුද්ද වුනොත් තද අවුවෙ නැත්තං හිම උඩ ඉතාම නරක තැන්වල වැඩකරන්න ලැබෙනවා. ඒ අය පාලකයින්ට විරුද්දව කතාකිරීමත් ඒකට අනුව නරක තැන්වල වැඩ ලෑබීමත් හරියට ධර්මය සම්බන්ධ දෙයක් වගේ. යැංකි ඒ නිසා ඒ ගැන හිතන්නවත් ගියේ නැහැ. ඒත් පිංකි.

කවදාවත් දකින්න නොලැබෙන සුසුම විතරක් ඇහෙන අතින් තෙරපල විතරක් විනෝදය ලබන මේ අමු ලිංගික කඳවුර මහ පාපයක්. බලන්න ඕනි නම් එදාට වැඩේ නොකර බලන්න පුලුවන්. දෙන්නෙක් ඇස් වහගෙන ලිංගිකව හැසිරෙනවා කන්නාඩියක් දැම්මහම පේනවා. මොනම විදියකින් වත් ඔවුන් ඉන්න තැන අඳුනගන්න බැහැ. කාමරයකට වෙලා සෙක්ස් කරන එක හතර වටේ කැමරා මගින් රූගත කරලා වෙනමම ලොකේෂන් එකකට දාල පෙන්වනවා.

එහෙම බලන එකෙත් ආතල් එකක් තියෙනවා යැංකි හිතුවා. ශරීරයේ හඳුනාගන්න පුලුවන් හැම මාක් එකක්ම වැහෙන්න තද ස්ප්‍රේ එකක් ගහනවා. ඒක පැය දෙකකින් පස්සෙ ෂැම්පු කලාම යනවා. අනික් අයට තමුන් පෙන්නනවා කියල දන්නෙ ස්ප්‍රේ එක තදට වැදුනම තමයි. ඒත් ස්ප්‍රේ එක වදින එක කෙල්ලො සැලකුවෙ මහා ලොකු දෙයක් විදියට.

පිංකිටත් ස්ප්‍රේ එක වැදුනා. යැංකිට සණීප මදි වගේ දැනුනා. අද කඳවුරේ කරන සීට ්එකට නොවෙයි බලන සීට් එකකට යන්න යැංකි තීරණය කලා.මේ කෙල්ලගේ ෂේප් එක නම් ඒ විදියමය්. මේ පිංකිවත්ද? යැංකි හිතුවා..

ඒ ස් ප්‍රේ එකෙන් පස්සෙ හමුවුනේ තරුණයෙක් කියල පිංකිට හොඳටම විශ්වාසයි. වැඩි කලබලයක් නැති කෙනෙක්. හරිම ආදරෙන් සිපගන්නවා වගේ. අනේ මේ යකා වචනයක් වත් කතා කරනවා නම් පිංකිට සිතුනා.

ටික වෙලාවක් බලා හිටපු යැංකි. මේ පිංකි නම් වෙන්න බැහැ. එයා මට තමයි ආදරේ මෙහෙම උඩ පැන පැන උරන එකක් නැහැ. ඒකි හරි සංවර කෙල්ල. කියලා හිතුවා. 


“මේ නම් යැංකි හරි එයාගෙම යාලුවෙක් වෙන්න ඇති. මෙයා හුස්ම ගන්න වේගෙ අනුව නම් යැංකි වගේම කියලයි හිතෙන්නෙ. මොන මගුල වුනත් මොකද. තව සතියක් ඉන්න ඕනි. ගයිඩ් විඩියෝ එකේ විදියට සැප ලැබෙන්න තව උරන්න ඕනි. එතකොට මට තව බෝන්ස් එකකුත් එකතු වේවි.“ කියලා පිංකි හිතුවා.

13 comments:

  1. deiyane mey mokakkda mey :D

    ReplyDelete
  2. මේ හලෝ, මල් ගහලා ලියන එව්වා මල් කාරයන්ටම පෙන්නගත්තොත් තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. බැහැ නේ..එතකොට මල් බිස්නස් එක කරන්නෙ කෝමද?

      Delete
  3. පොඩි කාලේ සිහිනයක්.

    ReplyDelete
  4. මෙව්වගේ කතන්දර ලියන්න නම් මොළේ අමාරුව හොදම සයිස් එකෙන් තියෙන එකෙක් තමයි...

    ReplyDelete
  5. අනාගත ලෝකේ මේ වගේ සෘණාත්මකව දකින්නේ පවතින ක්‍රමේ වෙනස් වෙයි කියලා අංශුමාත්‍රයකවත් විශ්වාසයක් නැති එකෙක් තමයි.මටත් හිතෙන්නේ හැබැයි මේ වගේම තමයි.මේ යන සිස්ටම් එක වෙනස් කරන්ඩ කවුරුවත් එකතු වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේක වෙනස් කරන්න බැරි දිශාවකට තල්ලු වෙමින් යන්නේ. ඒ තරමටම මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙලා.

      Delete
  6. මිනිහා කියන එකා මේ විදියට ගියොත් අනාගතේ දවසක මේ තත්ත්වයක් ඇති වෙන්න බැරි කමක් නෑ. ආදරය වෙනුවට ලිංගකත්වය එදාට ඇවිත් තියෙයි.

    ReplyDelete
  7. ට්‍රේනින් නංගි ගැන හිත හිත ඉදල ගිහින් නිදාගත්තම මේ වගේ හීන පේනවා.....:D ඕන පුකක් වෙන්න කියල ඉක්මනට ඕක ඇදපන්....:D

    ReplyDelete
  8. සමහර දේවල් ලියන්න අමාරුයි..මට හමුවෙලා තියෙනවා තමන්ගේ විවාහක බිරිඳ සමග සංසර්ගයේ යෙදෙන්න තවකෙකුට දීලා ඒ දිහා බලාගෙන ස්වයංවින්දනයේ යෙදෙන මිනිසුන්. එවැනි දේ ලියන්න ගොඩාක් කරුණු තියෙනවා. මම කැමති නැහැ ලියන්න බ්ලොග් ලෝකය තුල ඒ දේවල්. නමුත් ඒ කරුණු ලිංගිකත්වය හා සම්බන්ධව සංවාදයකදී වැදගත්. තව බොහෝ වෙනස් චරිත මට හමුවී තිබෙනවා. අමිල ලියන දේවල් සිහිනම නොවේ කියලා හිතෙන්නේ මම ඔය කියන දේවල් ගැන හිතුවාම.

    ReplyDelete
  9. ගෝලීයකරණයේ වඩාත් අවාසිදායක අන්ත වලට තල්ලු වී ඇති රටවල මිනිසුන්ගේ විනෝදය ලැයිස්තුගත වෙලා. ඔවුන්ගේ විනෝදය මේකයි කියලා ඔවුන් නොදන්න ඉහල තැනකින්ම අණ ඇවිත් ිතබෙනවා..
    එතනදි එකී මිනිස්සුන් විනෝද වෙනවා යැයි ලැයිස්තු ගත කොට මනස් වලට බලෙන් ඔබ්බන දේවල් වලටත් පසු කාලීනව මාකට් එකක් හැදෙනවා.
    මේ දේවල් වලදි තමුන්ට අවාසි තැන්වලදි අපේ බොස්ලාගේ අවශ්‍යතා වලට අපිට නැමෙන්න වෙනවා. මේක තඩි සංකීර්ණ දෙයක්.ආශාවන් ලැයිස්තුගත වෙලා තිබෙන සමාජයක ලිංගිකව හැසිරීම මහා අලී විසාල විනෝදයක් විදියට දකින සමාජයක අනාගතය ගැන මං පොඩි මෙව්වා එකක් තමයි මේ ලිව්වෙ.
    ඉතිං දැනට බාගෙට වයිරස් එක ගිහිපු ඒක පොඩ්ඩක් එලියෙන් තියල හිතන්න බැරි අයට මේක මහා පිස්සු කතාවක්.

    ReplyDelete
  10. හ්ම්ම්

    ReplyDelete
  11. Maanasika asahanaya uparima wuu wita mewani katha liya, thamaama ewa kiyawa, pita karagena sathutu wey. ''Bara badada Saruwale?'' liyana kotama, mama meyage nommare dena gaththa.

    ReplyDelete