Friday, February 14, 2014

පංසල් යන ඇඳුම suitable temple

ඔය ඉන්නෙ මල් අරං බුදුන් වඳින්න යන ගෑනුය කියලා මතයක් තියෙනවා. නමුත් මේ මල් අරගෙන යන අය වෙනත් වැඩ වලට මල් ගෙනියනවා කියලත් මත තියෙනවා. අපි හිතමු නිකමට මේ යන්නෙ බුදුන් වඳින්නය කියලා. එතකොට එහෙම හිතුවාම මේ ගෑනු අය ඇයි සුදු ඇදන් යන්නෙ නැත්තෙ. ඇයි මේ එක්කෙනක් උඩ හෙලුවන් යන්නෙ. අනේ මන්දා දැන් නම් හිතනවා මම මේ අය පංසල් යනවා කියල හිතුව එක පවක් කියලත්.
මේ ඉන්නෙත් සිංහල ගෑනු දෙන්නෙක් අයිති වෙන්නෙ 1890ට කියලා සදහන් වෙලා තිබුනා. එතකොට නුවර පැත්තෙ රාජධානිය තියෙනකොට ලංකාවෙ සමහර කාන්තාවො උඩට ඇන්දෙ නැහැලු. ඒ අය පංසල් ගියෙත් මෙහෙමද? බුද්ධාගමේ කියල තියෙන විදියට කුලය සලකන එක වැරදියි. නමුත් තාමත් ලංකාවෙ පංසල් සංස්ථාව තුල කුල අනුව බෙදිමක් තියෙනවා. මේ අය යන්න ඇත්තෙ තමුන්ට කියල තියෙන තමුන්ගේ කුලේ අය මහණ වෙච්චි පංසලට. දැනටත් පංසලට එන කෙල්ලොන්ගෙ ලස්සන පලන්න පංසල් යන පාහර කොල්ලො නං කැමැත්තෙන්ම ඉන්න ඇති අඩු කුලේ අයගේ පංසලට යන්න. නමුත් එයාලටත් පස්සෙ කුලේ මතක් කරන්න දෙමාපියො ඉන්න ඇති. 
මේ වර්ථමාන අසපු සම්ප්‍රදායේ නැටුමක්. මේක තිබුනෙත් අසපුවක තමයි. මේ මල් ගන්න ලලනාවෙො නම් පංසලට සරිලනවිදියට ආගමට ගැලපෙන විදියට ඉන්නව කියල තමයි නිරූපනය වෙනවා ඇත්තෙ. දැන් නම් හොදයි ඔක්කොම වැහිල ගිහින්. නිසි නොනිසි හැමදේම වැහිල ගිහින් තව කාලයක් යද්දි පංසලට ගිහින් ගැනු ඇස් ගහවිය. කොන්ඩ පෙන්නලා කොල්ලන් අමාරුවෙ දාවිය කියලා ලොකු බුර්කාවක් එයිද? අනේ මන්දා . සමාජෙ අපි කිව්වත් නැතත් වෙනස් වනවා.

ගෑනු අය පංසල් යන්න ඕනි මේමය මේමය කියලා සමහර අය කියනවා. කොහොම ගියත් අපිට නං ඒවා වැඩක්නැතිය කියල හිතන්න බැරි මොකද? දැක්ක ගමන් චූන් වෙලා ගෑනු අයට හිරිහැර කරන්න යනවානං කෝ ඒ අයගේ සිල්. බුද්ධාගම කියන්නෙ ස්වභාවයෙන්ම ලිහිල් ආගමක්. ඒ ලිහිල් බව නිසාම එක එක කොටස් විවිධ අර්ථකතන දිගෙන රාමු සෙට් හදාගන්නවා. බුදුන් වහන්සේ රාමුවලින් මිදෙන හැටි ඉගැන්නුවට දැන් ඉන්න අය පුරුදු වෙන්න මේ රාමු අඩු බුද්ධ ධර්මෙට අලුතින් රාමු එකතු කරන්න.

21 comments:

  1. 1800 ගනන්වල පිංතුරෙන් ලොකු කතාවක් කියැවෙනවා

    ReplyDelete
  2. රාමු ගහගත්තාදෙන් කියමුකෝ. ඇයි ගැහැණු ඇඳුමට විතරක් රාමුව සීමා වෙන්නෙ.

    මගේ පෝස්ටුවක යාලුවෙක් කොටලා ගිය කවි කමෙන්ටුවක් මෙතනටත් ගැලපෙනවා කියල හිතුනා.
    .
    .
    .
    ඇඟේ නූල් පොටක් නැති ගැහැණිය..
    විලි ලැජ්ජා නැත. ගල් ගැහුවත් කමක් නැත.

    තන් දෙක, කකුල් දෙක, බුරිය පේන්න අඳින ගැහැණිය..
    සංකරය. හිත කලඹන සුළුය. පිරිමින් පරිස්සම් කරගත යුතුය.

    බිම බලාගෙන ඇවිදින බුරිය, තන් වැහෙන්න දණහිසෙන් පහලට අඳින ගැහැණිය..
    අන්න පුල හෙල කුසුම කසාද බඳින්න.
    අක්කාව, නංගීව ඒ විදිහට හදාගන්න.

    හිසේ සිට දෙපතුල දක්වා මුහුණත් සමඟ වැහෙන්න මුස්ලිම් ඇඳුම් අඳින ගැහැණිය..
    බලපිය ,
    ආගමික ත්‍රස්තවාදය හිස ඔසවා කාන්තා අයිතිය නැත්තට නැති කර ඇත.
    ඒ ම්ලේච්ඡයින් පන්නා දැමිය යුතුය.

    අම්මගෙ රෙද්දෙ සධාචාර රේඛාවක්නෙ යකෝ මේ...


    (උපුටාගැනීමකි)
    අදහස : චාමර ගුරුගේ

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  3. ////මේ අය යන්න ඇත්තෙ තමුන්ට කියල තියෙන තමුන්ගේ කුලේ අය මහණ වෙච්චි පංසලට. දැනටත් පංසලට එන කෙල්ලොන්ගෙ ලස්සන පලන්න පංසල් යන පාහර කොල්ලො නං කැමැත්තෙන්ම ඉන්න ඇති අඩු කුලේ අයගේ පංසලට යන්න. නමුත් එයාලටත් පස්සෙ කුලේ මතක් කරන්න දෙමාපියො ඉන්න ඇති. /// මේ කොටස් අපි කොහොමද හිතන්නේ ? පන්සල කියලා ලියන්නේ හරි වචනේ "පංසල" ද අයියේ ? මං දැකලා තියෙන්නේ නම් පන්සල කියලා

    ReplyDelete
    Replies
    1. පන්සල හෝ පංසල වේවා භාෂා භාවිතයේ යෙදුම් තර්කනය පැත්තකින් තිබ්බම කහ නූල දාගෙන හිටපු ගණින්නාන්සේලාගේ සිට නූතන ඩිජිටල්කරණය වූ ස්වාමීන් වහන්සේලාගේ යුගය හරහා කාසාය කණ්ඨක දක්වා භික්ඛු පරපුර ආගමික මධ්‍යස්ථානයේ සාරයට ඇතැම්විට පෝෂණයක් සහ ඇතැම්විට එහිම සාරය උරාගන්නන් බවට පත්වෙලා. නන්දා මාලනීගේ සිංදුවක් තියෙන්නේ “උපාසක අම්මා ඉපදුනු හීන කුලේ..“අන්න ඒ ගීතය පරිද්දෙන්ම වැඩ සිද්ධ වෙනවා

      Delete
    2. පන්සලේ කුල සිද්ධිය නම් දරුණුවටම තියෙනවා.. බලන්න අද නිකාය නම් කීයක් ද? ඒ ඒ නිකාය වලට පැවිදි කරගන්න කොට කුලේ බලනවා කියලා මාත් අහලා තියෙනවා..

      ඒ කෙසේ වෙතත් හැඟීම් දැනීම් වලට කුලයක් අදාල වෙන්නේ නැනේ කියන එක නම් ඇත්ත. සමහර විට රකින සිලුත් කැඩෙන්න පුළුවන්

      Delete
  4. ඔය උඩ පින්තූරෙ නම් පන්සල් යන එකක් නෙමෙයි. රජතුමා බැහැදකින්ට උන්වහන්සෙගේ යහන් ගැබට මල් අරන් යන අවස්තාවක්. දෙවෙනි එකත් පන්සල් යන එකක් නෙමේ. හැබෑට එයාලා පන්සල් යනකොට උඩුකය වහගන්ට ඇතිනේ. තුන්වෙනි එක නැටුමක් හන්දා අදාල නෑ.

    ගෑනුන් පන්සල් යනකොට අඳින ඇඳුම ගැන විතරක් හිතන්නේ පිරිමින්ට ඕනි විදියකට යන්ට පුලුවන් හන්දද?

    පටාචාරා ඇඳුම් නැතුව බුදුන් ඉස්සරහට දුවපු හැටි මතක් උණා. බුද්ධ ධර්මයේ හැටියට පුද්ගලයා කීවාම, ගෑනු පිරිමි භේදයක් නෑලුනේ. ඒක හදාගෙන තියෙන්නේ මිනිස්සු. :)

    ReplyDelete
  5. දැන් තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශණා කරපු බුදුදහමක් නෙමේයි....ඒ කාලේ බුදුහාමුදුරුවෝ විවේචනය කරපු බමුණන්ගේ බුද්දාගමක්!

    ReplyDelete
  6. මමත් අහලා තියෙන විදියට සීගිරි ලලනාවෝ යන්නේ මල් අරන් රජතුමා බැහැදකින්න.


    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com
    .

    ReplyDelete
  7. හෙළුවෙන් පන්සල් ගියත් තමන් හිතෙන් ධාර්මික නම් අනිත් අයත් ධාර්මික නම් කාගෙවත් සිල් කැඩෙන්න විදියක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ පොත්තේ ධාර්මික බව සහ ශ්‍රද්ධාව ගැන තටමනවා මිස පෙත්තේ ඒවා ගැන තමන් නොසිතන අතරම ලොවටද නොපෙනෙන් ලෙස සඟවාගෙන සිටීමයි.

    ReplyDelete
  8. ඔය බොරු පඩෂෝ බෞද්ධයින්ගේ මළ කෝළං නෙව.අනිත් උංගේ රෙද්දේ දිග පළලම තමයි හොයන්නේ.

    ReplyDelete
  9. රාහුල හාමුදුරුවෝ කවි නිර්මාණය කරල තියෙනවා.ඒ එක කවියක තියෙනවා.තමන්ගෙ ස්වාමියා වෙත යනකොට (යහනට) ලස්සනට සැරසිලා මල් ගවසගෙන යන්න කියලා. ඒ නිසා උඩ චිත්‍රය රජු වෙත යන බවක් පෙනේ. දෙවැනි එක ඇත්තටම හිතාන්ගන්න අමාරුයි.මොකද එදා මිනිස්සු මේ විදියට හිටියෙ නෑ.මේක පට්ටපල් බොරු කතාවක්

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මේ වකවානුවේ ක්‍රියාත්මක වන NGO අනුබල සහිත අසපු ව්‍යාපාරය, බෞද්ධ ශිෂ්ටාචාරය විකෘති කිරීම පරම අභිලාෂය කරගෙන සිටී.
    ඔහුන්,
    සිල් ගන්න අසපු සකසයි. පංසල්වලින් භක්තිකයන් ඈත් කරයි. ආගම සහ යාග හෝම ක්‍රම නැවත අර්ථ කථනය කෙරේ....

    ReplyDelete
    Replies
    1. මින් එක අසපු චේන් එකක් මෙහෙයවන්නේ අංක එකේ මිත්‍යාදෘෂ්ඨිකයෙක් වෙන කේ ඥාණානන්ද ය.

      Delete
  12. මං ඒ ලෙවල්ස් කරන කාලේ ඉස්කෝලේ අඳින සුදු කළිසම ඇඳන් පංසල් ගියා කියලා අපේ ගමේ තලිබාන් ලා මට බැන්නා!

    පන්සල් යන්න සුදු සරම අඳින්නය කියා මට අණ ලැබුණා.
    http://kathandara.blogspot.com/2009/07/blog-post_30.html

    උං තාමත් මගේ නොකියා කී පරිදි බම්බු ගහමින් ඇති!

    ReplyDelete
  13. පන්සලට යනකොටනම් ගෑනු අය විතරක් නෙවෙයි පිරිමි උනත් සංවරව තමයි යන්න ඕනේ. ඒ එකක් අනෙක බුද්ධාගමේ හොහෙවත් උගන්වන්නේ නෑ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරහන්න හරි වෛර කරන්න හරි කියලා. ගෑනු හා පිරිමි ලෙස එකිනෙකාගේ ලිංගිකත්වය ගැන අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම බෞද්ධ සමාජයටත් අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕනේ ලක්ෂණයක්.

    ReplyDelete
  14. ඉන්ග්‍රීසි මිශනරි කෙනෙක් (මන් හිතන්නෙ Selkirk - not sure) ) ලියල තියනව (1800s) බොහොම ශොක් වුන විදිහට ලන්කාවෙ පෙරහරවල ලීකෙලි නටන කෙල්ලො දණහිසට ඈද ගෙන නටන එක ගෑන.
    ඒ කාලෙ ඉන්ගලන්තෙ වික්ටෝරියානු සමාජයෙ ගෑනු ටෙනිස් (lawn tennis) සෙල්ලන්කලෙත් විලුඹ සහ මෑණික් කටුවට එනකම් ඈදුම් ඈදල.
    සුද්දො කාලෙට අනුව වෙනස් වුනා. අපි තාම සුද්දන්ගෙ වික්ටෝරියානු අගයන් අපේ සන්ස්කෘතිය කියල හිතනව

    ReplyDelete
  15. Nodanna de nokiya hitiyanam thamai wada hoda. oya kiyana dewal asapuwa thula sidda wenne ne.game pansale ai nedda uthsawa, lamai enne nedda natagena.nedda hewisi.nedda dhalada perahere me wage netum. ubalage thiyena kuhaka kama.gihin balapalla.

    ReplyDelete
    Replies
    1. Nodanna de nokiya :- මේක ගොඩක් තැන්වලට ගහන්න ගන්න පොදු ටූල් එකක්. සමහරු හිතාගෙන ඉන්නවා තමුන් පරසක්වල දක්වා හැමදේම දන්නවාය එයාලට පමණයි පොරටෝක් දෙන්න පුලුවන් කියලා. ඒහෙම අයගේ ආතල් එක කැඩුනම අනුන්ට දමල ගහන ගල් කෑල්ලක් තමයි නොදන්න දේවල් නොකියා ඉන්න කියන එක. ලංකාවෙ ගොඩක් බුද්ධිමතුන් තමුන් ඉගෙනගත්ත බවත් එක්ක මහන්තත්ත කම කියන බොරු අන්තට්ටුව පලදවාගන්නවා. ඔවුන්ට අනුව ඔවුන්ගේ මත විවේචනය කරන අනෙක් අය කිසිම දෙයක් නොදන්නා අය වෙනවා.
      oya kiyana dewal asapuwa thula sidda wenne ne :- අපි කියන්නෙ අසපුව තුල සිද්ද වෙන්නෙ මොකද්ද කියල ඇතුලෙ ඉන්න අයට ඒකට වැදගෙන ඉන්න සාදු අරින පඩෙත් සුවඳයි කියල හිතන් ඉන්න අයට වැටහෙන්නෙ නැහැ.
      pansale ai nedda uthsawa, lamai enne nedda natagena.nedda hewisi.nedda dhalada perahere me wage netum :- දලදා පෙරහැරේ අලි ඇතුන්ට රිදවමින් නැටෙවුවත් වැරදියි, අසපුවෙ අලි ඇතුන් ගෙනල්ල පෙරහැර කලත් වැරදියි..පනින්පිටියෙ දෙව්රම් වෙහෙරෙ කලත් වැරැද්ද වැරැද්දමයි. සත්ව හිංසාව තහනම් කරපු ආගමක කකුල් වලට දම්වැල් දාල බැදල උන් මහ පාරෙ ඇවිද්දන එක මහ ලොකු සර්ධාවද? අපි කියන්නෙ පංසල හොද යි අසපුව නරකයි කියල නෙමෙයි.
      ubalage thiyena kuhaka kama :- අපි මොකටද කුහක කම් කරන්නෙ.. අන්ධයො ගිහින් අසූචි වලවල් වල වැටිල අශූචි අතරෙ තියෙන පොඩි පොඩි වටිනා මිරිස් ලූනූ කෑලි අපිට පෙන්න පෙන්න ආතල් ගන්නවා. එතකොට අපි කිව්වම මචං උඹල ඉන්නෙ අසූචි වලක ගොඩ වරෙං කියලා..අර අශූචි වලේ ඉන්න හැත්ත හිතන්නෙ මේ අශූචි අසපුවට අපි කුහක කම් කරනවා කියලා.
      gihin balapalla.:- මම ගිහින් තියෙනවා. එතන හැමෝම අනික් අය කරන දේවල් බලාගෙන කරනවා. සාදුලා දිහා බලන් කරනවා. පොත් වල තියෙනවා කියලා ඒ විදියට හැසිරෙනවා. මොන දස වදයක්ද ඔය? මම එකවතාවක් නෙමෙයි හත් අට වතාවක්ම ඔය අසපුවල උඹල ගන්නව කියන හුජ්ජ ආතල් එක බල්න්න ගියා. ඒත් මම නං උඹල විදිනවා කියල විඳවන වේදනවා දැකල අනුකම්පා කරමින් ආවා. මෙරු මතුවුනාම උන් ලයිට් එකට ඇදෙනවා. උන් හිතනවා ලයිට් එක තමයි පට්ට තැන කියලා. සමාර විට උන් මැරෙන වෙලාවත් හිතං ඉන්නවා ඇති ලයිට් එක තරං සුපිරි තැනක් තවත් නැහැ කියලා.

      සාමාන්‍ය ජීවිතේ අනික් උන් ගැන නොබලන අනික් එකාට හෙනගැහිල ගියක් මගේ පවුලයි මාවි විතරක් ගැන හිතන,නොයෙක් දුරාචාර වලින් පිරිච්ච මිනිස්සු ටිකක් තමුන්ගෛ් හෘද සාක්ෂිය වහගන්න ඔ්‍ය වගෙ ආගමික ඒජන්ත වරුන පස්සෙ යනවා. ඒ වගේ එක ආගමික ඒජන්තවරු කොට්ඨාශයක් තමයි අසපුවල ඉන්නෙ. එයාල හිටිය කියල මේ මහා සමාජයට ලැබෙන දේකුත් නැහැ සෙට් එක පිටිං අපවත්වෙලා මලා කියල නොලැබෙන දෙයකුත් නැහැ.

      වතුර ඉල්ලලා කෑගහපු මිනිස්සුන්ට වෙඩිතියන්න කියපු, ගෙවල් කඩන්න කියල කෑගහපු මිනිස්සු අතුරුදහන් කරන්න උත්සාහ කරපු උන්ටත් දෙකට නැමිල පිරිත් කියල නූල ගැටගහන ගනින්නාන්සෙලාගෙන් රටට සෙතක් වෙනවා කියල හිතනවා නම් ඒක මායාවක් විතරමයි.



      Delete
  16. මේකට පන්සලද පල්ලියද කියල අදාල නෑ. මානව ශිශිටාචාරයේ ලින්ගිකත්වය කියන්නෙ අඩු වෙඩි වශයෙන් විවිද සන්ස්කෘතින්තුල පවතින පොදු දෙයක් පමනයි.මේකට සුද්දද සින්හලයද කියල වෙනසක් නෑ.

    මේකට තියෙනෙ එක තියරියයි. ඒ ත මා පෙන්නිම හා හෑන්ගීම තියරිය.කෙල්ලො ඈදුම් නෑතුව ආවොත් විතරද කොල්ලො බලන්නේ, නෑ.කොල්ලො කොහොමත් බලනව.කෙල්ලො පෙන්නනව.හෙබෑයිබ් අපි හෙමොට හෑමෝටම හෑදියාවක් කියලදෙයක් තියනවනේ.ඒකනිසා කොල්ලො හොරෙන් බලනවා, කෙල්ලො හන්ගනවා.
    කොල්ලො බලනවා කියන එක හෑමොම දන්න දෙයක්නෙ.එතකොට කෙල්ලො කොහොමද පෙනන්නෙ?
    ඈදුමෙන්ම තමා කෙල්ලො පෙන්නන්නෙ. කෙල්ලන්ගෙ ලොකුම දේ තමා කුට්ටම, දෙන් මෙතනදිත් කතාවෙන්නෙ ඒකනෙ.කොල්ලොත් ඉතින් මුලින්ම බලනේ ඔකනේ.අපේ සමාජයේ විදිහට කෙල්ලෙක්ගේ මල්වරවීම විශශ උනත් ඊට වෙඩිය කෙල්ලෙක් මුලින්ම බ්රා එකක් ඈදපු දවස කෙල්ලන්ට විශේශ්යි.7එ.8 පන්තිවලදි මුලින්ම බ්රා එකක් ඈන්දම තියන සෑලකිල්ල කෙල්ලො දන්නව.වෙනදවගේ නෙම්නෙ හොදට උල්වෙලා පේනවනේ.සමහරු කියයි බ්රා අදින්නෙ හොදට වෙහෙන්න කියලා. පිස්සුද, එතකොට පෑඩඩ් බ්රා අදින්නෙ මොන කෙහෙල් මලකටද.සාරි අදින කෙල්ලො බ්රාර කප් පිට බ්රාර කප් දාන්නෙ ඔක පෙන්නන තමා,නෑදිද.හෑබෑයි හන්ගන්න හදනවා,ඔක තමා ඈත්ත.

    ReplyDelete