Monday, March 3, 2014

පාටින් ගේ පිංතූර 1st misfocus of Sri Lanka

මෙය මා විසින් කරන ලද රචනාවක් නොවේ. උපුටාගැන්මකි.
අප රටට ඡායාරුප ශිල්පය හඳුන්වා දුන්නේ කවුද?....කවදාද? අද ක්ෂණික වර්ණ ඡායාරූප මොහොතකින් ලබාගත හැකි තරමට මෙම ශිල්පය මෙරට දියුණුව ඇතත්, මෙහි පුරෝගාමියා ගැන කිසිවෙක් සඳහනක් නොකරති. හේ නමින් පාටිං නැමැති ඉංගිරිසි ජාතිකයෙකි. ඡායාරූප ශිල්පය පාටිං මහතා ලක්දිවට හඳුන්වා දුන්නේ 1856 ජුනි 24 වෙනිදාය. මුල්ම කාලයේ එතරම් අත්දැකීම් නොවූ හෙයින්, වැරදි සිදුවුන අවස්ථාද බොහෝය. මේවා අතර, හාස්‍යජනක සිදුවීම්ද නැත්තේ නොවේ. මෙසේ සිදු වුන අත්වැරදි නිසා, අපේ රටේ ඉතිහාසයේ වැදගත් සිදුවීම් පිළිබඳ සිහිවටන ද අපට අහිමි වුන අවස්ථා කොතෙකුත් ඇත. මේ අප සඳහන් කරන්නට යන්නේ එවැනි එක් අවස්ථාවක් ගැනයි. 

1858 අගෝස්තු 3වන අඟහරුවාදා අප කාටත් වැදගත් දිනයක් විය. එයට හේතුව ලකිසුරු ශ්‍රීමත් හෙන්රි වෝඩ් අතින් ලංකා දුම්රිය සේවයේ මුල්ම පස් පිඩැල්ල කැපීමයි. එම වසරේ වැදගත්ම සිදුවීම එය බව අමුතුවෙන් කිවමනා නොවේ. එදා සමාජයේ කැපී පෙණුන ප්‍රභූ වශයෙන් 573 දෙනෙකුට විශේෂයෙන් මේ උත්සවය සඳහා රජය මගින් ඇරයුම් කොට තිබුනි. ඔවුන් සඳහා අලංකාර මංඩපයක් තනවා තිබුන අතර, එදා එය හැඳින්වුනේ “තාවකාලික බංගලාව“ නමිනි. උත්සවය නැරඹීමට තවත් දහස් ගණනක් ජනතාව පැමිණියද, ඔවුනට (විශේෂ අමුත්තන් සඳහා සාදයක් සංවිධානය කර තිබූ) මෙම බංගලාවට ඇතුළු වීමට නම් ඉඩ නොතිබුනි. සම්පූර්ණ උත්සවය සඳහා පවුම් 2013 කුත් සිලිං 19ක් සහ පැන්ස 6ක් වැයවූ අතර ඉන් පවුම් 570ක් මේ අපූරු බංගලාව තැනීම සඳහා වැය විය. 

උත්සවය ඓතිහාසික එකක් වූයෙන් එම අවස්ථාව ඡායාරූපයට නැඟීම පාටිං මහතාටම පැවරී තිබුණි. උත්සවයේ කුදු මහත් අනෙක් කටයුතු එකකටවත් දෙවනි නොවන රාජකාරිය පාටිං වෙත පැවරුණේ, අනාගත පරම්පරාවන් සඳහා මේ උත්සවයේ සිහිවටනයක් ඉතිරි කර තැබීම ඉමහත් වැදගත් කාරයයක් ලෙස, එදා සැළකුන හෙයිනි. නව ශිල්පය හඳුන්වා දී වැඩි කලක් ගතවී නොතිබුනෙන්, මේ පිළිබඳව එතරම් අවබෝධයක් ලක් වැස්සන්ට තිබුනේ නැත. එනිසා කල් තියා ඔවුන් දැනුවත් කිරීම කළ යුුතුව තිබුණි. ජන සන්නිවේදනය ඒ වන විටත් පුවත් පත් වලට සීමා වී තිබුනෙන්, පුවත් පත් වලටත් මෙහිලා බරපතල වගකීමක් පැවරී තිබුණි. එසේ හෙයින් ස්වල්ප මොහොතක් ඡායාරූප ගැනීම සඳහා නොසෙල්වී සීරුවෙන් සිටින මෙන් ජනතාවට පත්‍ර මාර්ගයෙන් කලින්ම දැනුම් දී තිබුණි. (“එක්සැමිනර්“ වැනි එදා පත්‍ර වලින් මේ පිළිබඳ කදිම තොරතුරු දැක ගත හැකිය ) මධ්‍යහ්නයේ සිටම ස්ථානය, එනම් අද බේස්ලයින් නමින් දන්නා පෙදෙස, ජනී ජනයාගෙන් අතුරු සිදුරු නැතිව පිරී පැවතිනි.

පාටිං මහතාද සියලු “වැඩදා“ ඡායාරූපය ගත්තේය. අහෝ. ඛේදයකි. ශුද්ධ කරගත් විට දිස්වුනේ කුමක්ද? රැළි සායක් ඇඳි, තරමක් මහත දෙහෙත කාන්තාවකගේ පශ්චාත් භාගය කදිමට පාටිං අතින් සේයාරුවට නැඟී තිබුණි.


මේ ඉහත ඡේදය උපුටාගනු ලැබුයේ ගාමිණි සමරසිංහ මහතා විසින් රචිත තීරුලිපි එකතුවක් වන ඇස ගිය රස තැන යන  පොතේ වූ තීරුලිපියකිනි. රටේ මෑත ඉතිහාසයට අයත් රසබර චරිත සහ සිද්ධින් කිහිපයක්ම මේ පොතට ඇතුලත් වෙයි. ඇසු අයගේ නොඇසු තොරතුරු රැසක්ම මේ පොතට ඇතුලත්ය.  එම තීරුලිපි එකතුවේ 1993 ඔක්තෝම්බර් 31 වන දා සිට 1994 නොවැම්බර් මස දක්වා වූ ගාමිණි සමරසිංහ මහතාගේ තීරුලිපි එකතුවක් ඇතුලත් වේ. 

වෘත්තියෙන් බැංකු නිළධාරියෙකු වුවද ඒ ගාමිණි සමරසිංහ මහතා ලේඛන කලාවට අසීමිත ආදරයක් දක්වන සම්මානනීය කතු වරයෙක් බව පොතේ පසුවදනේ දැක්වේ. 
පොතේ නම :- ඇස ගිය රස තැන්
කතෘ :- ගාමිණී සමරසිංහ
ප්‍රකාශණය :- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
මිල :- රු 175/=
පිටු :- 167
අංකය :- ISBN 955-20-2298-3

12 comments:

  1. විලි හැත්තෑවයිනෙ අර පුද්ගල කාවට බං

    ReplyDelete
  2. හැක් එහෙනං පාටිං අංකල්ට මොකක් හරි බිග් මිස්ටේක් එකක් වෙලා තියේ... සමහර විට එයාගෙ නෝන මතක් වුණාද කව්ද දන්නෙ

    ReplyDelete
  3. සාමාන්‍යයෙන් ඔඅය වගේ අවස්තා චිත්‍රයට නගනවා.

    ReplyDelete
  4. පුදුමෙ කියන්නෙ පස්සක්ම තිබුන එක.

    ReplyDelete
  5. ඒ කාලෙයි මේ කාලෙයි වැඩි වෙනසක් නෑ වගේ

    ReplyDelete
  6. 'ඇස ගිය තැන්' නේ...ඉතින් හරි... :D

    ReplyDelete
  7. ඕක ඡායාරූප ශිල්පියාගේ වැ‍රැද්දක් නෙවෙයි.මොකද ඒ කාලේ කැමරාව අද තරම් හුරුබුහුටි දෙයක් නෙවෙයි.කරුමෙට ඒ කාන්තාව අදාළ අවස්ථාව ඉදිරියට ඇවිල්ලා.ඒ වුනාට ඔය අවස්ථාව චිත්‍රයට නැඟිලා තියෙනවාලු.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  8. ලංකාවේ පළමු ජායාරූපාගාරය කොල්ලුපිටියේ ප්ලාටේ ආයතනය යැයි මා අසා ඇත. මේ ආයතනය ත් ඔහුගේමද

    ReplyDelete
  9. අටසිය ගණන්වල පොටොත් නියමයිනෙ

    ReplyDelete
  10. ඇත්තටම ඔතන මොකද්ද වෙන්න ඇත්තේ ....ඔය විදියට පොටෝ එක වදින්න

    ReplyDelete
  11. අර ගෑණු මනුස්සයා ඉස්සරහට පැන්නද නැත්තම් පොටෝ මහත්තයාගේ ඇස ගිය තැන එතනද? :/

    ReplyDelete
  12. වෙනි අයිය ගත්ත වගේමයි නේ

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...