Sunday, March 23, 2014

ශිෂ්‍ය සංගම් තහනම නරකයි

කාලෙකින් අතීත කාමය අවුස්සන්න බැරිවුනා. ඒ නිසා සහ ශිෂ්‍ය සංගමයක් ගැන සමාජයේ තියෙන රාක්ෂ මතයන් ටිකක් හේදිලා යන්නත් එක්ක මම අපේ ශිෂ්‍ය සංගමෙන් කරපු වැඩ කිඩ ටිකක් කියන්න හිතුවා. ඇත්තටම ඒ සියලු වැඩ මම කලා නෙමෙයි. අපේ යාලුවො සහ මම එකතු වෙලා කරපු වැඩ.

උත්සව පැවැත්වීම.


ඒ කාලෙ අපේ ශිෂ්‍ය සංගමයෙන් උත්සව ආදිය පැවැත්වීමට මූලකත්වය ගත්තා. ක්‍රීඩා උත්සවයක් සහ අවුරුදු කාලෙට අවුරුදු උත්සවයක් පවත්වනවා. මේ උත්සව ආදිය පරණ විදියට වගේම අලුත් නවාංග වලිනුත් සමන්විත වෙනවා. සෑමඋස්සව කටයුත්තක් අවසානෙ අපේ ශිෂ්‍ය පිරිසක් එකතු වෙලා පොඩි පහේ ඩීජේ එකක් තියනවා. මේකට ගන්න බෆල් ආදිය අපි උත්සවේට කියලා කලින් ආයතනයෙන් ඉල්ලගනිපුවා. ඒ වගේම ගන්න කොම්පියුටර මැසිම ඒ කාලෙ නව නිපැයුම් කරන්න කියලා ආයතනයෙන් ශිෂ්‍ය කමිටුවකට දීපු එකක්. ආයතන පරිපාලනය නම් මේ වගේ ආයතන භූමිය ඇතුලෙ නටන ගයන ඩී ජේ තියන එක දකිනව ඇත්තෙ ආනන්තරිය පාප කර්මයක් විදියට. තව ඉතිං අඩුපාඩු මොනාහරි තියෙනවනං රුපියල් දහක විස්සක විතර කලෙක්ෂන් එකක් දානවා. ඒ එකතුවෙන ගානින් පොඩියට අපි වැඩේ කරනවා. හැබැයි සද්දෙ සහ කොලිටි එක නම ්කිසිම අඩුවක් නැහැ. ඒකෙදි මුලින් මුලින් ගෑල්ලමයි වැනෙනවා විතරයි. ටික වෙලාවක් ගිහින් නටනවා. කෝමත් ඕක හයට විතර පටන් ගත්තම හතහමාර විතර වෙනකල් ඇදල තමයි අපි නවත්වන්නෙ.

නව නිපැයුම් වැඩ..


මම ඉගෙනගත්තෙ ඉංජිනේරු විද්‍යාව උගන්වන ආයතනෙක. අපි අවබෝධ කරගත්ත දෙයක් තමයි අපි හැමදාම පොත් වලින් හෝ වෙනත් මාර්ග වලින් ඉගෙන ගත්තට අපිට තවත් ඉගෙනගන්න මාර්ග තියෙනවා කියන කාරණාව. මේ නව නිපැයුම වලට වෙනම ම කොමිටියක් පත් කරලා තිබුනා. ඒකට සියලුම වසර වලින් සියලුම අංශ වලින් සාමාජිකයින් පත් කරලයි තිබුනෙ. මේ නව නිපැයුම් කොමිටිය හරහා අපිට ආයතනයෙන් වගේම පිටින් ලැබෙන ප්‍රතිපාදන මේ නව නිපැයුම් කරුවන්ට බෙදල දුන්නා. ඇත්තටම සල්ලි නං ගොඩක් ලැබුනෙ නැහැ. නමුත් නව නිපැයුම් කරන අයට ලොකු තල්ලුවක් ඒකෙදි ලැබුනා. කොහේ හරි කැම්පස් එකක ප්‍රදර්ශනයක් තිබුනාම, නැත්තං ඉංජිනේරු ප්‍රදර්ශන තිබුනාම අපි ඒවා අරගෙන යනවා. ගොඩක් වෙලාවට ඒ නව නිපැයුම් හදන අය නෙමෙයි ඒවා කියල දෙන්න ඉන්නෙ. හදන අයට ඉගෙනගන්නයි බඩු හදන්නයි හැම ප්‍රදර්ශනේටම ගිහින් ඔලුව දාගෙන ඉන්නයි අමාරුයි. ඒ නිසා අපි බඩු හදන අය ලව්වා වෙන අයව පුරුදු කරවනවා. පුරුදු කරලා ඒ භාන්ඩය හෝ ක්‍රමවේදය ගැන හොඳ දැනුවත් කිරීමක් සහිත අය වැඩේට දානවා.

ඕවා ඉතිං පොතේ තියන විදියට කිව්වට, මටම සෙට්වෙලා තියෙනවා බඩුවෙන් වෙන ක්‍රියාදාමය දන්නෙ නැතුව වෙනත්ම බයිලයක් ගහනවා. ඒ්ත ඉතිං ටිපිකල් සිරි ලංකන් පීපල්ස්ල බණ අහනවා මිස ප්‍රශ්ණ කරන්න යන්නෙ නැහැ. ඒ නිසා ඕන බොරුවක් ගහන්ට පුලුවනි. එක පාරක් තිබුන මුහුදු රල භාවිතයෙන් විදුලිය නිපදවන්න පුලුවන් ගැජට් එකක් ඒක ඇවිල්ල පොඩි ඉදිරිපත් කිරීමක් විතරයි. මුහුදු රල උස් පහත් වන විට ඒ මගින් මොට්රයක් කැරකිල විදුලිය උත්පාදනය වෙනවා. මේක සාගර තරංග හෝ උදම් රල භාවිත කරල කරපු වැඩක් නෙමෙයි. දවසක් මම දැක්ක යාලුවෙක් ඕක විස්තර කරනවා ලෝකේ තියෙන සාගර කලාප සාගර තරංග සහ බ්ලා බ්ලා බ්ලා...වගයක් එක්ක. අහං හිටිය අංකල් කාරයත් වැඳගෙන වගේ අහගෙන ඉන්නව දැක්කා.


කලා වැඩ කටයුතු.


කලා වැඩ කටයුතු කිව්වහම අපේ කාලෙ සුපර්ස්ටාස් එහෙම ආපුම කාලෙ. ඒ නිසා ස්ටාස්ල වැඩිය හිටියෙ නැහැ. ඉතිං පොඩි පහේ කලාකටයුතු හෙම සංවිධානය කරලා ඒ ගොඩේ ගායකයො ටික පොඩ්ඩක් පිකප් කරන්න අපි උත්සාහ ගත්තා. මං හිටපු කාලෙ නම් ෆිල්ම් පෙන්වන්න බැරිවුනා අපිට ආයතනයේ ප්‍රොෙජක්ටර් එක ගල් කරගැනීමේ පොඩි අපහසුතාවයක් තිබුන නිසා. කෙනෙක් හිතන්න පුලුවනි ආයතනයේ ප්‍රොෙජක්ටර් එක ගල් කරලා ෆිල්ම් බලන එක වැරදියි කියලා. හැබැයි ෆිල්ම් බැලිල්ල කියන එකත් පොඩි ආතල් විදියකට කරන්න අපිට කලිං හිටපු සීනියර්ල සමත් වෙලා තිබුනා. ඔන්න කස්ටිය ෆිල්ම් එක බලනවා. එක අයියා කෙනෙක් හෝ පොරක් අර ෆිල්්ම එක ගැන විස්තර හොයං ඇවිත් බලල ඉවර වුනාම විනාඩි පහක් විතර විස්තර කරනවා. ඉන් පස්සෙ තව අය පස්න අහනවා මත ප්‍රකාශ කරනවා. ඒකත් නරකම නැති වැඩක්.


මමත් දරපු එක තනතුරක් තමයි අපේ ආයතනයේ තිබුන බිත්ති පුවත්පත් නිර්මාණ බෝඩ් එක අප්ඩේට් කරන එක. හැමදාම නිර්මාණ දාන්න දාන්න කිව්වට ගොඩක් වෙලාවට එකම සෙට් එකක් තමයි දාන්නෙ. ඔන්න ඉඳලාම එකෙක්ට ලව් මාන්දම ගැහුවාම කවියක් දෙකක් වැටෙනවා. තව ඉතිං ලෝකෙට අපි චෝක් බබාල කියල පේන්න කස්ටිය අම්මා, තාත්තා, දුප්පත්කම, නිදහස් අධ්‍යාපනය වගේ දේවල් ගැනත් දානවා. එකපාරක් ඔය බෝඩ් එක මොකුත් නැතුව වේලෙන කාලයක් ආවා. මම සංස්කාරකයා විදියට ඒක ටිකක් අවුල් කාරණාවක්. කස්ටිය නිර්මාන ගැන දැනුවත් කරලා නිර්මාණ ගන්න එක මගේම වගකීමක් වුනා. ඒ නිසා ඒ කාලෙ පොඩි වාදයක් පටන් ගත්තා. දෙපැත්තටම ලිපි දාන්නෙ මම. හැබැයි ලියෝ ගන්නෙ ෆොන්ට් එක වෙනස් දෙන්නෙක්ට කියලා.

ඕක දිගට යනකොට ඒ වාදෙට තව අය දායක වුනා. වාදෙ නැගලම ගියා. ඒ දවස්වල උදේ පාන්දර ඇවිත් කැන්ටින් යන්නත් කලිං කස්ටිය ගිහින් අර බෝඩ් එක දිහා බලං ඉන්නවා මොකද්ද අද යන තෙල් කෑල්ල කියලා. වාද බැලිල්ලට නම් කස්ටිය හරිම මනාප වුනා.

අධ්‍යාපනික දේශන වැඩමුලු..ඇවිදීම් ආදිය..


අපේ ආයතනය තිබුනෙ කොළඹ.කොළඹ තිබුනාට අපි ගොඩ දෙනෙක් ඇවිත් තිබුනෙ ඩොටේ ඉඳලා. මැත්ස් කලාට මොකද ඉංජිනේරු විද්‍යාව කලුද සුදුද කියලා අපි දැනං ඉන්නෙ නැහැ. ඒ නිසා ඒක මොන වගේද රවුංද හතරැස්ද කියලා දකින්න අපිට ලැබෙන්නෙ ඇත්තටම ට්‍රේනින් ගියාම තමයි. ඊට කලිං ඉංජිනේරු විද්‍යාෙව් ප්‍රාෙයා්ගික දේවල් හදාරන්න අපිට අවස්ථා අඩුයි. ඒ නිසා අපේ ජේෂ්ඨ අයියල අක්කල කල්පනා කරල තිබුනා පිට ක්ෂේත්‍රවල ඉන්න පොරවල් එක්කරං ඇවිල්ල අපේ ආයතනය ඇතුලෙ ඒ අයගේ දැනුම බෙදාගන්න ඕනි කියලා. ඒකට කියන්නෙ ගෙස්ට් ලෙක්චර්ස් පැවැත්වීම කියලා. ඒ වගේම අපි හැකි පමණ ආයතන නරඹන්න යන්න්ත උනන්දු වුනා. නර්ඩ් ආයතනය සහ තවත් එක කම්හලක් ඒ විදියට අපි බලාන්ට ගියා.

මේ ගෙස්ට් ලෙක්චර්ස් එහෙම සංවිදානය කරගන්න හිතන තරම් ලේසි නැහැ. ඒ මිනිස්සු ක්ෂේත්‍රෙය් බොහෝ රාජකාරි තියන අය. එහෙම අය ගෙනල්ල සමාරවෙලාවට සංවිධානය කලත් අපේ මිනිස්සු නැහැ වැඩේට. ඒ නිසා අපි තීරණය කලා පොඩි ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකක් කරන්න. අපේ සෙට් එකේ අදහස අනුව ඇඩල්ට්ස් ඔන්ලි කියලා රතුපාට අකුරින් සීල් එකක් විදියට ගහලා, සෙක්සි ගෑණුලමයෙකුගේ පිංතූරයක් ලොකුවට දාල යටින් ගැහුවා දැනුමින් මුහුකුරා ගිය වැඩිහිටියන් සඳහා පමණයි ගෙස්ට් ලෙක්චර් එක කියලා. ඒ මෙතඩ් එක හොඳ නැහැ. එහෙම ගැහුවාම ආයතනයේ තත්වය අඩුවෙනවාය, ලෙක්චර්ස්ලට හොද නැතිය. සදාචාරයට හොද නැතිය කියලා කස්ටිය කතාවුනා. මොන කතාව ආවත් අවසානෙ හිතපු නැති තරං සෙනගක් ඒ ලෙක්චර් එක අහන්න ආවා.

අපි ඉවන්ට් අපිට ඕනවට ඔහේ තියාගෙන තියාගෙන ගියාට මිනිස්සු එන්නෙ නැහැ. අර වගේ දෙයක් දැක්කම වෙනද දවාලියෙන් හොස්ටල් ගිහින් බුදියන්න හදන එකාටත් හිතෙනවා අඩේ මොකද්ද දන්නැහැ මේ වැඩේ පොඩ්ඩක් ඔලුව දාල බලන්න ඕනි කියලා.


කෑ ගැසීම්..

අපිටත් ඒකාලෙ අපේ ආයතනයේත් තිබුන ගැටලුවලට ඇමතිවරු අධ්‍යක්ෂවරු එක්ක විවිධ ගැටුම් කාරි තත්වයන් තිබුනා. දැන් ඔය වගේ ළමයි උද්ගෝෂනය කරාම කස්ටිය කියන දෙයක් තමයි ඕවා කතාකරලා විසඳගන්න පුලුවන් නේ කියන මෝඩ මැටි කතාව. කතාකරල විසඳගන්න පුලුවන් උන් කතාකරනවනම් සහ කියන දේවල් කරනවා නම්. එහෙම කරන්නෙ නැතිවෙන කොට සිසුන්ට කරන්න දෙයක් නැහැ. උද්ඝෝෂනය කරනව හැර. උදාහරණ විදියට අපි හිටිය කාලෙ එක කැම්පස් එකක ලමයිට තිබුන ලොකුම ගැටළුව ඔවුන්ට ලැබෙන ජලය අපිරිසිදු වීම. ඔය වගේ එකක් සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගමය ගහන්න පුලුවන් හැම තැනටම ලියුං ගහල හම්බ වෙන්න පුලුවන් හැම ලොක්කම හමු වෙනවා. නමුත් ප්‍රශ්ණෙ විසඳන්න කාටවත් ඌමනාවක් නැහැ. මොකද සමාරවිට ලොකු උන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තට උන්ගේ ළමයි සල්ලි දීල ඉගෙනගන්න නිසා වතුර ගැටළුව දැනෙන්නෙ නැතුව ඇති.

එහෙම ඒ සෙට් එකත් මේ අද ඊයෙ කස්ටිය වගේම බොහොම දුර බැහැර ඉඳන් කොළඹ ඇවිත් පිකට් කරලා පෙළපාලි ගියා. අවසානෙ ඒ කොල්ලන්ට කෙල්ලන්ටත් පොලිස් වතුර පාර ලැබුනා. සමාර විට වතුර ඉල්ලුව නිසා වතුර ලැබෙන්නත් ඇති. මම අද වෙනකොට නිදහස් අද්‍යාපනය අද තිබෙන තත්වයෙන් ම තිබිය යුතුය කියන මතයේ නැහැ. නමුත් උද්ඝෝෂණ කරන පෙලපාලි යන විරෝධතා දක්වන සිසුන් කෙරෙහි සාමාන්‍ය සමාජය දක්වන ඉතාම පටු ආකල්පයට කැමති නැහැ. මල් රාජපක්ෂලා කොටුවෙ පාරවල් වහගෙන කාර් රේස් යනවා අපේ අයට ඉවසන්න පුලුවනි. උත්සව නිසා වරු ගනන් පාරවල් වැහුනම ඒක ඉවසන්නත් පුලුවනි. නමුත් කැම්පස් කොල්ලො කෙල්ලො පොඩ්ඩක් එලියට බැහැල මොනවහරි ඉල්ලලා පිකට් කලාම අපේ අයගේ අහවල් ඒවට හරියට රිදෙනවා. ඔය උද්ගෝෂන වල මම කාලයක් ගියපු නිසාම දන්නවා. ශිෂ්‍යෙයා උද්ඝෝෂණය කරලා ඉවරවුනාම නිළදාරි බලධාරි අපිට සාකච්චා ලබාදෙනවා. නමුත් එතෙක් කල් සිසුන් යවපු ලිපි සිය ගානක් ඇහෙන් දැක්කෙ නැති ගාන්ට ඉඳපු ඇමතියා එකපාර මීඩියා වලට කියනවා අනේ ඒ ළමයි සාකච්චා ඉල්ලුවනම් දෙන්න තිබුනා කියලා.
බොහෝ දෙමව්පියො හිතං ඉන්නවා කැම්පස් ගිහිං නිවිල සිරිමත් මගෙ සකි වගේ චෝක් බබා වගේ ඉදලා එලියට ආවම හරි කියලා. නමුත් ඒ මතය වැරදියි. උදාහරණ විදියට කැටයක් අරගෙන බස් එකකට නැඟල කීයක් හරි ඉල්ලන්න කතාවක් පවත්වනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. හිඟන්නො කෙල ගහනවා. බස්වල පොත් යතුරුකටු විකුනන උන් ගෑනුලමයිට පවා කුනුහබ්බෙන් බැනල එලවගන්නවා. සමහර පොරවල් පොරත්වය පෙන්වන්න පස්න අහනවා. ඉතිං ඒ වගේ බස් එකකට ගොඩවෙලා කතාකරන්න හුරුවෙන කොල්ලෙක්ගේ කෙල්ලෙකුගේ අමුතු ස්කිල් එකක් ඇතිවෙනවා. සාමාන්‍යෙයන් කැම්පස් කියලා වෙන්කරලා තියෙන මහා රාමුවෙන් එලියට එන්න යම්තාක් හැකියාවක් අර පාරෙ කැට හොල්ලන සමාර ළමයිට හැකියාවක් ලැබෙනවා.

කැම්පස් කියන්නෙත් ඉස්කෝලෙම ලොකු සයිස් එක කියල හිතං ඉන්න මිනිස්සු ඉන්න සමාජයකදි ශිෂ්‍ය සංගම් සහ එහි ක්‍රියාකාරිත්වය ළමයින්ට වැදගත් වෙන හැටි කියල දෙන්න අමාරුයි. ඒ වගේමයි ශිෂ්‍ය සංගම් වගේම අධ්‍යාපන ආයතනත් නවීන ක්‍රමවේදවලට නවීන හැඩගැසීම්වලට අනුගත වෙන්න උත්සාහ කරන එකත් වැදගත් වෙනවා. එදා 1989 දි වුනා වගේ ශිෂ්‍ය සංහාර නම් කිසිසේත්කිසිම ශිෂ්ඨාචාරගත සමාජයක් අනුමත කරන්නෙ නැහැ. නමුත් තමුන්ගේ වැඩේ විතරක් කරගෙන තමුන්ගේ පාඩුවෙ ලිං මැඩියො වගේ කැම්පස් එකෙන් එළියට බහින්න හුරු වෙන පිරිසක් බිහිකරන්න මහ ජනතාවගේ සල්ලි වියදම් කල යුතුද කියලත් ලොකු ගැටළුවක් තිබෙනවා.
මේ කාරණාව ගැන මට තියෙන අත්දැකීම් ප්‍රමාණය අනුව ලිපිය බැලන්ස් කරනගන්න ලොකු ගේමක් දෙන්න වුනා. මේ වගෙ දිග ලිපි හතර පහක් ලියන්න තරම් සිදුවීම්, අත්දැකිම් රාශියක් මට තිබෙනවා. නමුත් පාඨක තොමෝ වෙහසට පත්වෙන්න පුලුවන් නිසා ඉතාම කෙටි සටහනක් ලියලා දැම්මා.

4 comments:

  1. I found this comment @ LCN : අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්වවිද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. එත් දිස්ත්‍රික් කෝටා එකට අඩු උසස්පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය ගැන නම් දුකයි. ඒ අයට අනාගතයක් නැහැ. අන්තරේ මේ අයව පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි බැහැ , පරිගණක හැකියා නැහැ , කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන සෝම්බිවරුන්ට අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු නුපුහුණු ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා

    ReplyDelete
    Replies
    1. දැන් වසර කිහිපයක සිට අන්තරය කියල දෙයක් නැහැ.. අන්තරය කියන දේ සක්‍රිය නැහැ. බොහෝ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිත් නැහැ.එදා ඉදලා කොළඹ සහ මොරටුව අන්තරයට ඇත්තෙත් නැහැ.. දැන් ඒ අන්තරයට දායක නොවුන ශිෂ්‍ය සංගම් නොතිබුන යුනිවර්සිටි අර කියන ලොකු තැනට ගිහින්ද?

      Delete
  2. අතීතයේත් වර්තමන්යෙත් ශිෂ්‍ය සංගම් වලට වැඩිපුරම දායකත්වයක් දෙන්නේ ආර්ථික වශයෙන් අමාරුකමක් දැනෙන ශිෂ්‍යයෝයි. ඔවුන්ට ඒ පීඩනය පිට කරන්න අවස්ථාවක් ශිෂ්‍ය සංගම් තුල තිබුන. එකේ කිසිම වරදක් නෑ මොකද එක කාලීන අවශ්‍යතාවයක්. නමුත් අද ෂිශ්‍යාට මේ පීඩනය පිට කරන්න ක්‍රමයක් නෑ. එ හින්ද ළමයි ගොඩක් අයාලේ යෑමත් සිය දිවි නසා ගනිමටත් හේතු වී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ශීෂ්‍ය සංගම කියන වචනය එක්ක ලංකාවෙ අපිට මැවෙන්නෙ දේශපාලනික මුහුනුවරක්. ක්‍රියාකාරි දේශපාලනයට කොන්දේසි විරහිතව කඩේ යන්නෙ ැනතිව ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වෙනවා නම් ඒකෙ කිසිම වරදක් නැහැ. අපේ රටේ පමණක් නොවෙයි මුදල් දීල ඉගෙනගන්න තියෙන ලෝකෙ පතල විශ්ව විද්‍යාලවලත් ශිෂ්‍ය සංගම් තිබෙනවා. හැබැයි එයාල ඒවා මගින් කරන වැඩ මීට වඩා වෙනස් වෙනවා ඇති. පවතින දේශපාලනයට කඩේ යන්නෙ නැතුව අඩුතරමෙ එකතුවෙලා ආතල් එකක් ගන්න, ට්‍රිප් එකක් යන්න, අලුත් දෙයක් කරන්න වගේ වැඩකට ශිෂ්‍ය සංගම් භාවිත වෙනවා නම් හොඳයි..
      වෘත්තිය සමිති හෝ ශිෂ්‍ය සංගම් දේශපාලනය කිරීමෙ වරදක් නැහැ. නමුත් උපක්‍රමශීලිත්වයෙන් තොරව හුදෙක් සාක්කුවට වැටී සිටීම මගින් වෙන්නෙ ඔවුන්ටත් ශිෂ්‍ය සංගමයට ඇතුලත් අනෙක් සියලුම අයටත් අසාධාරනයක්..

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...