Tuesday, March 18, 2014

ජෝජ් වෝල් George Wall

සලාකා එක දිගේ ඉස්සරහට ගියාම ඒ හන්දියේ හමුවෙනවා මේන්න මේ ස්මාරකය. දෙමල පෙනුමක් තියෙන මේ ස්මාරකය කුමක්ද? ඔබ සිතනවා ඇති ඒ දෙමළ නිර්මාණයක් වෙන්න ඇති කියලා. නැහැ ඒ අපේ රටේ නිදහස් අරගලයේ කුඩා අවධිය නියෝජනය කරපු ජෝජ් වෝල් සිහිවන්න කරපු නිර්මාණයක්.

1948 ලංකාවෙ නිදහස් අරගලය කියල හැඳින්වුවාට සැබැවින්ම ලංකාව තුල අරගලයක් සිද්ද වුනේ නැහැ. සුදු ජාතිකයින් වෙනුවට කළු ජාතිකයින් ආදේශ වුන එක විතරයි වුනේ. පාලකයින් සහ ව්‍යාපාරිකයින් අතර මේ සටන ටිකක් පරණ කාලෙ ඉඳලම තිබුනා. ඒ සටනේ ස්වරූඵය වෙනස් වෙලා අවසානෙ එය ස්වදේශික ප්‍රභූන් නිදහස් අරගලයක් විදියට නම වෙනස් කරලා ඔවුන්ට පාලනය බලය ලබාගන්නට එය භාවිතා කලා. මේ අපේ රටේ ගැන කතාකරන පාසැල් පොත්වල පවා එවකට මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් බිඳැවැටීම කතා කරන්නෙ නැහැ. දෙවන ලෝක යුද්ධයේ අවසානය සමග අධිරාජ්‍යවල පැවැත්ම අභියෝග වලට ලක්වුනා. ඒ වගේම ඉන්දියාව වගේ දැවැන්ත අසල්වැසියන් ස්වාධීන වන්නට පෙරමුණ ගැනීමත් අපේ රටේ දේශපාලනික නිදහසට හේතු වන්නට ඇති.
කොළඹ නගර සභාව
එංගලන්තයේ ලැංකෂයර් පළාතේ උපත ලද ජෝජ් වෝල් ලංකාවට එන්නෙ 1846දි වතු නිළධාරි වරයෙක් විදියට. නුවර වතු නිළදාරියෙක් විදියට හිටපු ජෝජ් 1850 දි කොළඹට ඇවිත් ව්‍යාපාර කටයුතු පටන් ගන්නවා. ඒ වෙනකොට ලංකාවෙ තිබුනෙ කෝපි. ජොජ් වොල් ලංකාව වටේම ඇවිදිමින් කෝපි වගාව සම්බන්ධ අධ්‍යයන කටයුතු සහ ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවා. ඉන් පස්සෙ ලංකාවෙ ප්‍රථම වතාවට ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කියලා සංගමයක් ජෝජ් වෝල් විසින් පටන් ගන්නවා. ඒ වැවිලිකරුවන්ගේ සංගමය (The Planters’ Association of Ceylon) ලංකාව පුරා විහිදී සිටි වැවිලිකරුවන්ගෙන් සමන්විත වුනා. වැවිලිකරුවන්ගේ සංගමය පිහිටුවන්න ජෝජ් වෝල් දායක වුනා වගේම 1884 දක්වා එහි සභාපතිවරයෙක් විදියටත් ජෝජ් වෝල් බොහෝ කාලයක් සිය ධූරයේ වැඩ බලලා තියෙනවා. 

ලංකාව සුදු ජාතිකයින් පාලනය කලාට මෙහෙ පාලනයට මුල් අවධියේදී මහජනයාගේ මතය නියෝජනය කරන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. මුල් කාලෙ සියලු තීන්දු තීරණ යෝජනා අදහස් ආවෙ සීමිත පිරිසක් හරහා විතරයි. පස්සෙ ඒක ව්‍යාප්ත වුනා. ඇත්තෙන්ම මේ ආකාරයට ආන්ඩුකාරවරයාට තිබුන අසීමිත බලය සහ පුද්ගලයින්ගේ බලය ව්‍යාප්ත වන විදියට නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන්න එවකට සුදු ජාතිකයින්ගේම බලපෑමත් හේතු වුනා. 

සිලෝන් ටෙලිග්‍රාෆ් ඔෆිස් කුරුඳුවත්ත ශාඛාව
වතු පාලකවරුන් ලෙසත් විවිධ ව්‍යාපාර වලත් නිරත වෙලා ලංකාවෙ සුදු ජාතිකයින් සීමිත ප්‍රමාණයක් ජීවත් වුනා. ඔවුන්ගේ  මතය පවා රජය මගින් නියෝජනය නොවන කොට ඔවුන් ඉදිරියට ඇවිත් ඒ ක්‍රමය වෙනස් කරන්න දායකු වුනා. ඒවිදියට ඉදිරියට ආපු පතාක යෝධයෙක් තමයි ජෝජ් වෝල් කියන්නෙ. 1886දි එවකට තිබුන ව්‍යවස්ථාදායක සභාවට ජෝජ් වෝල් පත්වෙනවා. මෙහිදී වී සඳහා ඇතිකරන්න ගිය බදු වලට සහ මහජනයා පීඩාවට පත්කරලා රජය මගින් ඇතිකරන්න ගිය බදුවලට ජෝජ් වෝල් සහ එවකට සුදු ජාතිකයින් සහ සීමිත ලාංකියන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව විරුද්ධ වෙලා තිබෙනවා. 

ඒ කාලෙ ජෝජ් වෝල් විසින් දිනා දීපු තවත් එක දෙයක් තමයි අද අපි ඔය නගර සභා විදියට දකින්නෙ. කොළඹ සහ මහනුවර නගර සභා මුලින්ම ඇතිකරන්න ජොජ් වෝල් දායක වෙලා තිබෙනවා. මුල්ම නගර ශාලාව ගෑස්පහ හන්දිය හෝ ඒ ආසන්නයේ තිබෙන්නට ඇති. දැන් මේ තිබෙන ලොකු සයිස් නගර සභා ගොඩනැගිල්ල 1924දි ඉදිකරන්න ගතපු එකක්.  ජෝජ් වෝල් ආදීන් විසින් ආරම්භ කරපු සුදු වතු පාලකවරුන්ගේ ඉල්ලීම් ආදිය නිසා මාර්ග සංවර්ධනය, වාරිමාර්ග ආදිය තැනීම, දුම්රිය මාර්ග තැනීම ආදී වැඩකටයුතු වලට මුදල් යොදවන්න ලංකාවෙ එවක තිබුන බ්‍රිතාන්‍ය රජයට සිද්ද වෙනවා.

ලංකාවෙ මුල්ම පුවත්පත මුද්‍රනය කරන්නත් දායක වෙලා තියෙන්නෙ ජෝජ් වෝල්. ඉංග්‍රිසි බසින් මුද්‍රිත එය ස්වදේශිකයින් අතර මෙන්ම විදේශිකයින් අතරත් ජනප්‍රිය එකක් වෙලා තිබුනා. එකල රජයේ මතය මහජනයාට යනවාට වඩා බොහොම වේගයෙන් රජයට ගැති නොවන ජෝජ් වෝල් වැනි විරෝධ පාර්ශවයන්ගේ පුවත්පත් ජනතාවට සමීප වෙලා තිබෙනවා. පසුව රජය මගින් පුවත්පත් ආරම්බ කරන්න යෙදුනත් ජෝජ් වෝල් සිටි අවධියේදී ඒවා සාර්ථක වෙලා නැහැ.

ජෝජ් වෝල්ගේ ලංකාවට ඇවිත් ටික කාලෙකින් සාර්ථක ව්‍යාපාරිකයෙක් වුනා වගේම දශක දෙකකින් විතර පස්සෙ වෝල්ගේ ව්‍යාපාර බිඳවැටෙන්නට ගන්නවා. සමහර විට එය එවකට තිබුන කෝපි වගාවේ කොළ රෝගය නිසා වන්නටත් පුලුවන්. ඊටත්අමතරව පසුකාලීනව රජය සමග ගැටෙන ව්‍යවස්ථාදායක සභාවේ තැනක ජෝජ් වෝල ්සිටි නිසාත්,ව්‍යාපාරික කටයුතු වලට යොමුකරන්නට තිබු කාලය සමාජ ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වීම නිසාත් ජෝජ් වෝල් ගේ ව්‍යාාපාර අසාර්ථක වන්නට ඇති.  අවසාන භාගයේ සිය ගමරට බලා ගිය ජෝජ් වෝල් උපන් එංගලන්ත රටේදීම මියයන්න ඇත්තෙ දුප්පතෙක් විදියට.

දුම්රිය මාර්ග,මහාමාර්ග, පාලන ක්‍රමය, නීති පද්ධති ආදිය අපිට සුද්දා අලුතින්ම හඳුන්වා දුන්නා. ඒ සියල්ල සිද්ද වුනේ එවකට සිටි සුදු පාලකවරුන්ගේ මහා කරුණාව නිසාම නෙමෙයි. ඒ වෙනකොට අපේ රටට ඇවිත් සිටිය සුදු ජාතිකයින් සහ බුද්ධිමත් ස්වදේශිකයින්ගේ දේශපාලනික ව්‍යාපාරයන්ගේ ඉල්ලීම් නිසා බ්‍රිතාන්‍ය පාලකයින්ට රජය මගින් උපයාගන්නා සියලු මුදල් එංගලන්තයට යවන්න හැකියාවක් ලැබුන් නැහැ. ඔවුන්ට රටේ ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට වැදගත් වන ප්‍රතිංසංස්කරන රාශියක් සිද්ද කරන්නට සිද්ද වෙනවා. 

කොළඹ නගර සභාව ඇතුල
කොළඹ ටවුන් හෝල් සලාකා හරියෙන් ඇවිදින්න අවස්ථාවක් ලැබුනොත් බලන්න අර ස්මාරකය. එතනින් යන මිනිසුන්ගෙන් සියයට එකක්වත් ඒ මොකද්දැයි නොදැන එතන පසුකර යනවා ඇති.

(ජෝජ් වෝල් ගැන මට ලබාගන්න හැකි වුනේ සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණයි. ඒ ගැන ශාස්ත්‍රිය ලිපි සම්පාදනය කරන්නට කැමති අය ඉන්නවා නම් මූලාශ්‍ර සහ තොරතුරු සොයාගන්නට එතරම්ම අපහසු වන එකක් නැහැ.)

10 comments:

  1. ඇත්ත අදත් මං ඕක බලන් ආව හැබැයි ස්මාරකයක් කියල නං දන්නව... ඒත් කවුරු වෙනුවෙන් කෝම කොයි කාලෙ ඉදිවුණාද කියල දැනන් හිටියෙ නෑ... ස්තූතියි ඔබට වටිනා තොරතුරු බිදක් එක්කලාට...

    ReplyDelete
  2. මේකෙ මෙච්චර කතාවක් තියෙනව කියල දන්නෙ අදනෙ. මන් හිතුවෙ නිකම් ලස්සනට හදන්න ඇති කියල. ස්තූතියි.

    ReplyDelete
  3. උඹ හරි කැතයිනෙ බං...

    ReplyDelete
  4. අර නගර සභාව ඇතුලේ තියෙන පිළිමේ කාගෙද? :D

    ReplyDelete
  5. කොළඹ නගරයේ ඉතිහාසය ගැන වෙනමම ලියවුනු පොත් තියනවාද කියා මාත් හොයනවා.

    ReplyDelete
  6. "මුල්ම නගර ශාලාව ගෑස්පහ හන්දියේ තවමත් තියෙනවා..

    ReplyDelete
  7. බෝම තුති සහෝ..මෙච්චර දවසක් මම හැමදාම වගේ ඔතනින් ගියාට, අදයි දැනගත්තේ.

    ReplyDelete
  8. හොඳ විස්තරයක් නෙ. බොහොම ස්තුතියි අමිල !

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...