Monday, March 10, 2014

යූනික රෝම Pubic Hair

යූනික රෝම යැයි හඳුන්වන්නේ මනුෂ්‍යයින්ගේ ප්‍රජනක ඉන්ද්‍රියන්ට උඩින් පිහිටා ඇති මවිල් වැවෙන ප්‍රෙද්ශය වෙයි. මේ  යූනික රෝම යනු අමු අමුවේ ඉංගිරිසි වචනය පෙරළීමක් වෙන අතර අප සිංහල බස කතාකරන අය අතර ලිංගිකත්වය එළිපිට කතාකිරීමේ ලක්ෂණයක් නොමැති බැවින් දෝ ඒ විශේෂ මවිල් පදාසය හැඳින්වීමට වදනක් නොමැත.
මෙය විකිපීඩියාවෙන් ගත් පිංතූරයකි. (http://en.wikipedia.org/wiki/Pubic_hair)
හිස වූ විශාල කෙස් තොගය හැරුන කල වෙනත් ස්ථාන කිහිපයකම මනුෂ්‍යයින්ට මයිල් පිහිටයි. ඉතාම කළාතුරකින් මිනිසකුගේ මුහුනේද සිරුරේද වලසකුගේ මෙන් ඝනව මයිල් පිහිටා තිබුනත් බොහෝ මිනිසුන්ට ඇත්තේ සම පේන තරම් වූ රෝම කූපයන් අඩු ප්‍රමාණයකි. විශේෂයෙන් දෙකකුල් අතර ඉකිලි යන ස්ථානයේත් අත් සිරුරට එකතු වන කිහිලි නැමැත් ස්ථානවලත් රෝම කූපයන් වැඩේ. එසේ වැඩීමෙන්

· සන්ධියේදී, ඝර්ෂණය නිසා ඇති‍වෙන තාපය පිටකිරීමත්.
· එම ස්ථානවලට පිටස්තර බලයකින් වෙන හානිය අවම කිරීමත්. (පහරකදි ලිස්සා යෑම ආදී)
· මනුෂ්‍ය ශරීරයේ සංඥා විෂේෂයක් ලෙස ක්‍රියාකරන සුවඳකාරක නිකුත් කිරීමත්.
සිද්ද වෙන බව සොයාගෙන ඇත. 


යූනික ස්ථානයේ (Pubic Area) හි වැවෙන රෝමකූපයන්ගෙන් කිනම් ඵලයක්ද? යම් කිසි ඵලයක් එයින් තිබේනම් ඒ මයිල් බූටෑව (bush) අයින් කල මතු යම් කිසි උවදුරක් විය යුතුයි නේද? යැයි පිරිසක් කල්පනා කරති. මනුෂ්‍ය පරිණාමය සලකන කල මිනිසා මේ පවතින අන්දමින් ශිෂ්ඨාචාරගත වී සිටියේ ඉතාම අඩු කලකි. බොහෝ කලක් මිනිසා ජීවත් වූයේ හෙලුවැල්ලෙන් දඩයම් කරමිනි.

එකල් හී වූ කිසියම් හේතුවක් පිට මේ
යූනික රෝම වැවුනාද නැතහොත් එය යම් කිසි හේතුවක් රහිතවම ඇතිවී දැයි කියන්නට විද්‍යාඥයෝද අපොහොසත් වෙති.

· වැඩිවිය පැමිණි ගැහැනු සහ පිරිමි වැඩිවිය පැමිණීම පෙන්වීමේ සංඥාවක් ලෙස
· ලිංගික ප්‍රෙද්ශයන් බාහිර උවදුරු වලින් ආරක්ෂා වීමේ වැසුමක් ලෙස.
· ලිංගික ආකර්ශනය වර්ධනය කරන යෙදවුමක් ලෙස.
· මනුෂ්‍ය ගැහැනු පිරිමි ආකර්ශනය වීමට යොදාගැනුන ස්වභාවික සුවඳ කාරක ගබඩා කරගත් ස්ථානයක් ලෙස
· යම් කිසි අමතර පීඩනයක් එල්ල වූ කල්හි එය බෙදාහරින ලෝම ආස්තරයක් ලෙස.

මේ
යූනික රෝම පෙළ සකස් වන්නට ඇතැයි විද්‍යඥයෝ සැක කරති. නමුත් මේ මතයෝ සියල්ලම අභියෝගයින්ට ලක් වී ඇති අතර මෙතෙක් මේ කාරණය නිසා මේ මයිල් සැකසුනේ යැයි ස්ථිරවම පිළිගත හැකි කාරණාවක් සොයාගන්නට නැත.

මේ මයිල් විශාල වශයෙන් තිබීමෙන් යම් යම් බැක්ටීරියා, කුඩා සතුන්, පුස් ජාති ආදිය ඇති වීමටත් ඉකිලි කැසීම ආදී රෝගාබාධ ඇතිවීමටත් හේතුකාරක විය හැකි බවට මතයක් ඇත. මේ මයිල් සියල්ල ඉවත් කර තැබීම පිරිසිදු බවට හේතු වේ යැයිද එය පිරිසිදු කම දැක්වෙන සංකේතයක් ලෙසද විශාල මතයක් සමාජය තුල ඇත.

මේ මයිල් වනාහී ඒ සිනිදු සමැති පරිසරයේ තෙත් බවක් ආරක්ෂා කරන ආස්තරයක් නිසා ඒ තුල යම් යම් සමට අහිතකර ජීවින් වර්ධනයක් විය හැකිය. නමුත් පිරිසිදුකාරක සහ බාහිර වියලීමේ ක්‍රෙමාපායන් වඩාත් ජනප්‍රිය වී ඇති මෙකල යම් අයෙක්ට අවැසි නම් ඒ මයිල් බූටෑව තබාගෙන එය පිරිසිදුව තබාගැනීමටද හැකියාවක් ඇත.

යුරෝප ඇමරිකා ආදී දියුනු රටවල ගෑනු විවේක දවසට ඇඳුම් ඉතා සුළු වශයෙන් ඇඳගෙන නාන්නට සහ විනෝද වන්නට යති. එවන් අවස්ථාවලදී ඔවුන් බිකිනිය නැමැති ඇඳුමක් අඳිති. එහිදී ශරීරයේ යට ඇති ගැහැනු රහසඟ සැඟවීමට ඇති එකම වැස්ම බිකිනිය වන බැවින්  මේ මයිල් කලාපය තිබුනහොත් ඒ බිකිනිය නිසි අයුරින් යටි කයට සවි නොවන ගැටලුවක් සහ දිගු රෝම කොටස් පිටට පෙනීමේ ගැටලුවක් ඇති වන බැවින් ඒ රටවල බොහෝ ගෑනු සිරිතක් වශයෙන් මේ මේ රෝම කොටස ඉවත් කරති.

සංස්කෘතිය සහ යූනික රෝම

ආදම් සහ ඒවා නිරූපනය කරන සිතුවම් වල මේ මයිල් කොටස නොපෙන්වා සිටීමට වැර වෑයම් කොට ඇත. බොහෝ පුරාණ ප්‍රතිමාවන්හීද මේ මයිල් කොටස නොපෙන්වා ඇති අයුරක් පෙනෙයි. නමුත් ස්ත්‍රින් කොටට ඇඳීම ලෝකයේ විවිධ ස්ථානවල විවිධ කාලයන්හී වෙනස් වූවා පරිද්දෙන්ම මෙම
යූනික රෝම තබාගැනීම හෝ ඉවත්කිරීම කාලය සහ සංස්කෘතිය අනුව වෙනස ්වී ඇත.

මයිල් ඉවත්කිරීම පිරිසිදු බවේ සංකේතයක් ලෙස දකින මුස්ලිම් කාන්තාවන්ද සිය ආගමික ග්‍රන්ථයට ගරු කරමින මේ මයිල් ඉවත් කිරීම සිදු කරති. මේ මයිල් ගැන කියන ලිපිය ඇතැමෙක් ඉතාම අප්‍රිය බවින් කියවනවා විය හැකි වුවද යුරෝපයේ වික්ටෝරියා රැජින රජ කරන කල්හී පෙම්වතුන් මේ
යූනික රෝම සිය සිහිවටන ලෙස තබාගන ඇත. එලෙස සිහිවටන ලෙස වූ මයිල් ගස් සමහරක් කෞතුකාගාරවලද ඇත.

වර්ථමානයේදීද ජපාන චීන ආදී රටවල ගැහැනුන් සහ මිනිසුන් බොහෝ අය මේ මයිල් කැපීමට විරුද්ධය. ඔවුන් ගේ අශ්ශීල චිත්‍රකතාදියේ(hentai comics) පවා නිරූපනය වන ගැහැනුන්ගේ
යූනික රෝම දිගට වැවී තිබෙනු නිරීක්ෂනය කල හැකිය. සිනමා කර්මාන්ත ආදියේදී නිරුවත පෙන්වීම මහත් වූ අසැබි ලකුනක් ලෙස යුරෝපීය සමාජ බහුතරයක් නොසිතයි. එනමුදු ඒ රටවල සිනමා කෘති වුවද ස්ත්‍රි නිමිත්ත දැඩි ලෙස ප්‍රක්ෂේපනය කර පෙන්වීම නොහොබිනා දෙයක් ලෙස සලකති. ඒ රටවල ඇති සිනමාපටවලදී ස්ත්‍රි නිමිත්ත වසා දර්ශන ගැනීමට අවශ්‍ය ආවරණයක් ලෙස මේ යූනික රෝම සලකති. සුප්‍රකට ටයිටනික් සිනමා පටයේ රෝස් ගේ චිත්‍රය අඳින දර්ශනයේ රෝස්ගේ රහසඟ නොපෙන්වීමට මේ මයිල් බූටෑව භාවිත කොට ඇත.
ජනප්‍රිය අමරිකානු අශ්ශීල වීඩියෝ කලාවෙහි රඟපාන ගෑනු බොහෝවිට සියලුම රෝමයෝ ඉවත් කර සිටිති. රෝම සහිත වීඩියෝද ලබා ගත හැකි මුත් වඩාත්ම පැතිර ඇත්තේ රෝම රහිත වටපිටාවන්හී සෙල්ලම් කරන වීඩියෝ ජාතිය. සමහර විට යූනික රෝම ආදිය තිබුන විට නියම ආකාරයේ දර්ශන හසු කරගැන්මේ අපහසුවක් ඇතිවිය හැකි නිසා එසේ කරනවා වන්නට ඇත.

මේ
යූනික රෝම කොටසේ ස්වභාවයද සංස්කෘතිය සහ ජාතින් අනුව විවිධ වෙයි. බොහෝවිට ඇස් බැමි වල ස්වභාවයම මේ යූනික රෝම සඳහාද අදාල වෙන බැව් ඇතැමෙක් කියා ඇත.

ධනවාදය සහ
යූනික රෝම
දැන් දැන් අප දියුනු යැයි සැලකූ බටහිර ඇතුලු ධනවත් රටවල්ද සිය මහජනයාගේ ධනවත් කම පවත්වා ගැනීම සම්බන්ධ ගැටළු වලට මුහුනපා ඇත. එවන් ආර්ථික වටපිටාවන් තුල තවදුරටත් මිනිසුන්ගේ මුදල් වියදම් වන මෝස්තර සහ අවස්ථා නිර්මාණය කිරීමෙන්,මිනිසුන් අතර මුදල් නොමැති අඩුව දරුණුවට දැනීම නිසා ඔවුන්ගේ දේශපාලන අධිකාරින් අභියෝගයට ලක් විය හැකිය. මිනිසුන් වඩාත් ගිජුකමින් අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කරන්නට යන සංස්කෘතියෙන් මිනිසුන් ගලවාගැන්මේ සියුම් උත්සාහයන් ඒ දියුනු ධනවාදී සමාජවලදී අද දවසේ දකින්නට ඇත.
 

 රූපලාවන්‍ය යන කෂේත්‍රය ඒ රටවලද විශාල වශයෙන් මිනිසුන් මුදල් වැයකරන පැත්තකි. මාගේ පුද්ගලික මතයක් මෙහි දැක්වීමට මදක් අවසර.

මා බස්රියේ යන අතර මීට මාස කීපයකට පෙර රේඩියෝ එකක වූ වැඩසටහනක් අසමින් ගියෙමි. එකල්හී ඒ රේඩියෝවේ ගියේ බැක්ටීරියා නසන අලුත් ජාතියේ යට ඇඳුම් ජාතියක් ගැනය. එහිදී නිවේදිකාව එක්වරම පැවසුවේ. “ හිතන්න ඔයා ඔෆිස් එකේදි හරි පාරෙදි හරි එකපාර අනතුරකට ලක්වෙනවා. අපි දන්නව ඇක්සිඩන්ට් එකක් වුනාම කවුරු වුනත් ඔබේ ඇඳුම් ගලවලා ඔබව ප්‍රථමාධාර වලට යොමු කරනවා. ඒ වගේ වෙලාවක තමුන්ගේ යට ඇඳුම පරණ සිදුරු සහිත එකක් වුනොත් ? ඔබේ ආත්ම විශ්වාසය එයින් පළුදු වෙන්න පුලුවන් නේද? “ ආදී ලෙසයි. පරණ ඉරුණු යට ඇඳුමක් ඇන්දාට කමක් නැතිය. ඕක කාරුවත් ගලෝල බලනවාදැයි යන පැරණි මුත්තලාගේ සංකල්පයේ සිටි මගේ මනසේද, පැරණි වෙඩි වැදුන යට ඇඳුම් ඉවත් කර අලුත් ඒවා ගන්නට, ඒ නිවේදිකාවගේ දැන්වීමෙන් දැඩි උත්තේජනයක් ලැබුනි. 


සුසුදු කාරක, ෂැමුපු,රෝම ඉවත්කිරීම, යට ඇඳුම් ආදී එතරම් වැදගත් නොවන ක්ෂේත්‍රයන් ගනනාවකට අද දවසේ ලෝකයේ මිනිසුන් නිකරුනේ මුදල් වියදම් කරති. සමාරවිට රෝගයක් නැති විටෙකදී මායා රෝගයන් වෙළඳපොල මගින් තනා ඒවාට විසඳුම්ද මේ වෙළඳපොල මගින්ම ලබාදෙති. එවන් වූ අප සමාජයට ඇටුවම් බැස්සූ එහෙත් සිරුරට වැදගත් නොවන ආහාර ජාතියකි කිරිපිටි. දැන් ලංකාවේ අයට නියම එළකිරි දුන්නද ඔවුන් බොන කිරිපිටි ජාතිය තරම් ඒවා රසවත් නොවීමේ ගැටළුවක් ඇත.
කැමරුන් ඩයස් නැමැති චාලිස් ඒන්ජල් හරහා ජනප්‍රියත්වයට පැමිණි කුප්‍රකට හොලිවුඩ් නිළියක විසින් මේ යූනික රෝම ගැන විප්ලවීය අදහසක් ඇය විසින් ශරීර සෞඛ්‍ය ගැන ලියූ පොතක ගෙන හැර දක්වා ඇත. ඇය කියා ඇත්තේ මේ යූනික රෝම පදාසය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කිරීමට විශාල මුදලක් ගෑනුන්ට දරන්නට වන බවත් එහෙත් එසේ ඉවත් කිරීමෙන් ගෑනුන්ට සිද්ධ වෙන විශේෂ දෙයක් නොමැති බවත්ය. ඇගේ මතය විවිධ තැන්වල අභියෝගයන්ට ලක් වී ඇති අතර යූනික රෝම ඉවත් නොකර නාන ඇඳුම් ඇඳීමේ නවතම මෝස්තරයක්ද ඉදිරිපත් කිරීමට ඇමරිකාවේ මෝස්තර නිර්මාණ ආයතන ක්‍රියාත්මක වී ඇත. එහිදී දැඩි ලෙස යූනික රෝම පැවතීම අශෝබන දෙයක් ලෙස සලකා නැත.
හඳුන්වා දී ඇති නව නාන ඇඳුම්
ප්‍රබල පිරිසිදුකාරක ඇති කලෙක මයිල් ඉවත්කිරීමෙන් විශාල වාසියක් ඇතැයි කියන කීමද මයිල් ඉවත් කිරීමෙන් අමතර ශොභාවක් ආකර්ශනයක් එතැයි යන කීමද සැබැවින්ම පිලිගත නොහැක. අනික් අතින් යමෙක් ඉතා ලේසියෙන් රේසර් කර ඉවත් කරගත හැකි මේ මයිල් තබාගෙන කුමටදැයි සිතා ඉවත් කලහොත් එයද එතරම් ලොකු සිද්ධියක් නොවේ. ආකර්ශණය වනාහී විවිධාකාරය. ලිංගිකත්වය ජනිත වන්නේ දෙකකුල් අතර ඇති ඉන්ද්‍රියන්හි නොව, හිසේ ඇති කන්දෙක අතර මොලයේ බව පන්ඩිතයන්ගේ අදහස වෙයි. යූනික රෝමවලින් ලැබෙන ආකර්ශනය සම්බන්ධයෙන්ද ඇත්තේ එවන් වූ කතාවකි.

26 comments:

  1. මේ වචනය public ද pubic ද?

    ReplyDelete
    Replies
    1. Public hair nowey, Pubic hair thamay hari wachanaya.

      Delete
  2. මේ වචනය public ද pubic ද?

    ReplyDelete
    Replies
    1. ගූගල සෙවුමකදී public hair සොයන විටද මුලටම එන බොහොමයක් ලිපි pubic hair වලට අදාල ලිපි වේ. ස්වයංක්‍රීය ලෙස සෙවුම් යන්ත්‍රෙයන් අකුරු ශෝධනය වීම නිසා වූ අකරතැබ්බයකි. ඉංගිරිසි බසකෙරෙහි මා තුල ඇති සහජ උදාසීනත්වය නිසා සිදුවූ මහත් වරදකි ඒ. මා එය වහාම ක්‍රියාත්මක වී ශෝධනය කළෙමි. ඔබගේ පෙන්වාදීම තුති.!!!

      Delete
    2. Ane may...., mokek hari kiyapu gaman, umbata english baha kiyala uu kiyapu eka pili ganna epa.Public hair kiyala labbak naha. Hari Wachanaya pubic hair thamay. Pubic area kiyanne oya pradeshayata. Ammapa umbalata English bari eka neme prashne, thopita Dictionary ekak wath ganna bari tharam bankoloth welaada?

      Delete
    3. Yako tho kanek nam thawa kanek gen paara ahanna epa. Dictionary ekak balapiya. Thopita Mahindata baninna thiyana unanduwa nahane english tikak igena ganna. Santhoshaaaay...chuuuti....!

      Delete
    4. ඇනෝ මහතානනි. මා වදන් කිහිපයක්ම ඩික්ශනරියෙන් බලා අදහස වැඩිදුර දැනගත්තෙමි. මා මේ විස්තර සොයාගත්තේද ඉංගිරිසි බසින් වූ තොරතුරු කියවා බැලීමෙනි. දැන් මෙකල අන්තර්ජාල ඩික්ශනරි අැති බැවින් අප විසින් පොත් භාවිතා කිරීමට වෙහෙස විය යුතු නැත. යමෙක් වරදක් පෙන්වා දුන් විට එය පිළිගැන්ම කවර වූ තරාතිරමක අයකුගේ වුවද යහපත් ගතියකි.

      Delete
  3. /* ඉතාම කළාතුරකින් මිනිසකුගේ මුහුනේද සිරුරේද වලසකුගේ මෙන් ඝනව මයිල් පිහිටා තිබුනත් */

    මෙවැනි "රෝගී තත්වයක්" ගැන පුවතක් කලකට පෙර පත්තරවල තිබුණා!
    http://kathandara.blogspot.com/2012/03/what-women-want.html

    ReplyDelete
  4. Public Hair වලට වසා රොද කියාත් කියනවා යැයි මා කලකට පෙර සිතුවා. ඒ වචනය මා මුලින්ම දුටුවේ සුනන්ද මහේන්ද්‍ර ද මැල් ලියු නවකතාවකින්. මං හිතන්නේ උඩගෙදර මහත්මියගේ කතා වස්තුව.

    ඒ වචනයේ තේරුම සොයන්නට මට සිංහල ශබ්දකෝෂයක් ඒ දිනවල තිබුණේ නෑ. අදාල සංසිද්ධිය නිසා වචනය ඉබේම තේරුම් ගියේ මේ කියන්නේ අහවල් දේ ගැන කියායි. නමුත් පසුව දැනගත් පරිදි වසා රොද කියන්නේ යටි බඩේ ඇති රෝම පේලියටයි. (සරසවි සිංහල-සිංහල ශබ්ද කෝෂය, page 1150)

    ReplyDelete
    Replies
    1. විචාරක මාමේ මෙන්න මේ කක්කිතුමාටත් හරි වචනේ කියා දෙන්න.

      Delete
    2. සොරි සොරි typo එකක්. Pubic hair තමයි වචනේ. වැඩිය ඔය වචනේ type නොකරන නිසාද මන්දා වැරදෙන්නේ.

      Delete
    3. AI BAN PUKE MAIL

      Delete
  5. umbata nam macho sulu patu asahanayak neme thiyenne.

    ReplyDelete
    Replies
    1. මා වරක් මෙවැනි කමෙන්ට් දැමීමට මුදල් ගැනීමට අදහස් කල නමුත් පසුව මෙසේ අනික් කියන දේ නොව කියන්නාගේ කුල මල සෙවීමෙන් පාඨකයින් මහත් විනෝදයක් ලබන බවක් පෙනීයන බැවින් මා ඒ තීරනය මදක් පසකට කර ගත්තෙමි.

      Delete
  6. යුනික රෝම තියාගන්නවාද කපනවාද කියන ඒක බොහො දුරට ති‍රණය වෙන්නේ බොයියා නැත්තම් හබීයාගේ ටෙස්ට් ඒක අනුව වෙන්න ඕනේ.

    අර ජපානේ කෙල්ලෝ කපන් නෑ කියපු ඒකනම් ඇත්ත. ඒකට බොහෝ දුරට හේතු වෙන්න ඇත්තේ ජප්පන්ගේ නාන සිස්ටම් ඒක වෙන්න ඕනේ.

    ReplyDelete
  7. ගැහැණු පියුබික් හෙයාර් ශේව් කරනවාට වඩා කරන්නේ ට්‍රිම් කරලා එක ගානකට තියාගන්න එක. ඒක පිරිමින්ටත් හොඳයි. කිහිල්ලේ මයිල් නම් ගෑනු කොහොමත් ශේව් කරනවානේ.පිරිමින්ටත් කිහිල්ලේනම් මයිල් බාලා හොදයි. අපේ බොසාගේ නම බාලා...අපි කියන්නේ මයිල් බාලා කියලා. ඌ දවසකට හැතැප්මයක් දුවනවා. ඒකයි ඒ.

    ReplyDelete
  8. චිකෙයියා මෙයා දාන එව්වා. මල හුටපරයක් වෙන්නේ තව ඩින්ගෙන් මේක බස් එකේ කියවන්න ගිහින්. හෙහ් හෙහ්

    ReplyDelete
  9. හහ් හා... කට්ටිය ලියන්න කියවන්න ලැජ්ජ වෙන ජාතියෙ කතාවක්...

    ReplyDelete
  10. Certaines femmes françaises se rasent les poils pubiens

    ReplyDelete
    Replies
    1. සෙරටන් නමැති මේ ඇනොගේ ෆෙම්මා ඒ කියන්න අම්මාගේ අම්මා ප්‍රැන්සිස් කියලා එකෙක් එක්ක රෙස්ට් හවුස් එකේ ඉන්නකොට පොලිසියෙන් අල්ලලා අර අතන තියන කෙස් ඔක්කොම ගැලෙව්වලු.

      Delete
  11. මචන් උඹ මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙලා බෙහෙත් ගනින්...

    ReplyDelete
  12. අඩෙ මාරවැඩෙ මමත් බැලුව.තියෙනවනෙ බොලෙ මටත්.හිලෙන් පෙනුන.

    ReplyDelete
  13. අමිල පොඩි නිවරැදි කිරීමක්,
    මුස්ලිම් ගැහැණු පමනක් නොව ඉස්ලාම් ආගමේ පිරිමින්ටත් තම රහසඟහි රෝම ඉවත් කිරීම අනිවාර්‍ය දෙයක්, එසේ තබා ගැනීම පිරිසිදුව සිටීමේ සංකේතයක් කොට සලකනවා. මෙය ගැහැණු පිරිමි දෙපක්ෂයටම පොදු දෙයක්.

    ReplyDelete
  14. මාර ලිපියක් ඈ.. මං මේ ලිපිය කියවනකන් මේ දේවල් ගැන දැනගෙන උන්නේ නෑ ( ගොඩක් දේවල් ගැන ) තැන්ක්ස්..

    ඇත්තටම වැදගත් ලිපියක්. දූපත් මානසිකත්වයෙන් ඉන්න කීප දෙනෙක් අවලාද කිව්වට මෙව්වා තමයි කතා කලයුතු සමහර මාතෘකා. සැබෑ වෙනසක් කරලා

    ReplyDelete
  15. නගරෙ හෙලුවෙන් ඉන්න අයට ඔය කියන වසා රොද ගැටලුවක් වෙලා. නමුත් වන්නියේ දුක්විදින කාන්තාවටත් ඔය පුරස්නෙ තියෙනවද කියල පරියේෂනයක් කරල බලන්න ඕනෙ.එක පැත්තකින් බලල හරියන්නෑ. හොද ලිපියක්. කියවන්න ලජ්ජා විය යුතු නෑනෙ යකෝ

    ReplyDelete
  16. අනේ බාන් ,උඹට තියෙන්නෙ සුලුපටු රෝගයක් නම් නෙමෙයි.

    ReplyDelete