Saturday, March 15, 2014

සැමීගේ කතාව Sam's Story



ෆිල්ම් එකක් සහ පොතක් කියන්නෙ දෙකක්. පොතකින් හදපු ෆිල්ම් එකක් තුල පොතේ කතාව හොඳයිද ෆිල්ම් එකේ කතාව හොදයිද කියලා සිද්ධි දෙකක් තියෙනවා. ඒ අතරින් බොහෝ විට පොත ජයගන්නවා. නමුත් කලාතුරකින් වගේ ෆිල්ම් එක ජයගන්නවා.

සැමීගේ කතාවට සම්මානයක් ලැබුනා. මං හිටිය තැන වාඩිවෙල හිටිය මැදිවියේ ජෝඩුවක පිරිමිය කිව්ව “මේක අපිට හරියන් නැහැ. ඔය සම්මාන දිනන ඒව අපිට තේරෙන්නෙත් නැහැ. හැබැයි මේක ලෝකෙන්ම හොඳම නළුවා සම්මානෙ එක දිනපු එකක් නේ. “ කියලා. ඒ කිව්වෙ විවේක වෙලාවෙ. නමුත් ඒ මනුස්සය නැගිටල ගියෙත් නැහැ. මං හිතන්නෙ ෆිල්ම් එක ගැන හොඳක් ඒ මනුස්සයාගේ සිතේ ඇතිවන්න ඇති.

2.30 දර්ශන වාරයට ගියත් වෙනදා වගේම 2.00 වෙද්දි බොක්ස් ඔක්කොම පිරිල ඉවරයි. ආසන බොහොමයක් හිස්ව තිබුනා. අවසාන මොහොතෙ චිත්‍රපටය පටන් ගත්තටත් පස්සෙ ඔන්න කෙලිනැට්ටියො ටිකක් ලොකු කන්ඩායම් ඇවිත් ඕ ඩී සී එකෙන් වාඩිවුනා. මම ඉතිං කවදත් 100 ටිකට් නිසා ඉස්සරහටම ගිහින් උඩ බලාගෙන හිටියා. 100 ටිකට් පොත ටිකක් නොපෙනෙන්න තමයි ටිකට් කවුන්ටරේ තියං ඉන්නෙ. ඒ වගේම ටිකට් එක අරං දොරගාවට ගියාම ඇහුව..දන්නව නේ? ඉස්සරහම අර ගහල තියෙන්නෙ පුටුවෙ 100 කියලා කිව්වා. මම දන්න විදියට ගිහිං වාඩිවුනා.

ෆිල්ම් එකක් බලනකොට කතා කරන්න අමාරුයි මට නම්. ඒත් අර මං කියපු මැදිවියේ කපල් එකනං හිටපු ගමන් කතාකරනවා දැක්කා. මේ වගේ ටිකක් හොඳ චිත්‍රපටියක් අතරෙදි අර බොක්ස් වල ඉන්න අය සෙක්ස් කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බැහැ.

බොක්ස් තියෙන්නෙ සෙක්ස් කරන්න නෙමෙයි වෙන්න ඇති.  මම හිතන්නෙ නම් ඒ අය ඒක ඇතුලෙ ඉඳගෙන ජිම්නාස්ටික් කෙලිනවා ව‍ගේ ෆිල්ම් එක පටන් ගත් වෙලාවෙ ඉදල අවසානෙ වෙනකල් සෙක්ස්ම කරනව ඇති කියලා. ඒකත් ආට් ඔෆ් සෙක්ස් පැත්තට දාල පූර්ව ලිංගික අවධියේ කලාත්මක අවස්ථාවක් විදියට බොක්ස් වලට යන එක කෙනෙකුට අර්ථ දක්වන්න පුලුවන්. ෆිල්ම් හෝල් එකක් කියන්නෙ කොයි වෙලාවෙ මොකා පහත් වෙයිද කියලා හිතන්න බැරි අවධානම් කලාපයක්. රූම් හතර පහක් තියෙන පොඩි ගෙස්ට් එකකට ‍ජෝඩුව ගියානම් හෝල් එකකදි අම්මල,තාත්තල, වෙන්ඩ නෑයො, හෝ මොනයම්ම හෝ විරෝධතා සහිත අය මග ඇරල සෝක් ආතල් එකක් ගත් හැකි. ඒත් වැඩේ තියෙන්නෙ ඒවට යන්න සල්ලි නැති එක වෙන්න ඇති.


පවු අම්බානක පවු. දැන් ඔය ඉගෙනගන්න වයසෙ කැම්පස් ගිහින් ඉන්න ළමෝ සහ වෙනත් ඉගෙනගන්න ජෝඩු වලටත් ආසාවල් තියෙනවා. ඒ අයට රූම් එකකට වියදං කරන්න සල්ලි නැතුව නිසා මේවට එනවා ඇති.  ෆිල්ම් එකෙන් වෙන බාධාව. අනික් අයගෙන් වෙන බාධාව. පොදු ස්ථානයකදී ඇතිවෙන චකිතය නිසා වැඩේ හරියට කරගන්න ලැබෙන්නෙ නැතිව ඇති.

සැමීගේ කතාව සම්මානය දිනපු එක එක් පාර්ශවයකින් ෆිල්ම් එකට පාඩුයි වගේ. ලංකාවෙ සම්මානනීය චිත්‍රපට ධාරාව බැලුවොත් බොහෝවිට සාමාන්‍ය ජනයාට නොතේරෙන මට්ටමේ බොරිං ගතියක් ඒ ෆිල්ම් ඇතුලෙ තියෙනවා. සැමීගේ කතාව නම් හරිම සරලයි. පොඩි එවුන්ට වුනත් තේරෙන විදියට ෆිල්ම් එක හැදිල තියෙනවා.

ෆිල්ම් එක බලන්න ඕ ඩී සී එකට කෙල්ලො රොත්තක් පාත්වුනා කියල මම කිව්ව නේ. ඔන්න ඉතිං පොඩි ඇඩ් කෑල්ලක් ඒ කිව්වෙ සැමීගේ පොඩි ඇක්සන් කැල්ලක් ජෝක් එක්ක යනකොටම අර කෙලි නැට්ටියො ටිකගේ හිනාව පටන් ගන්නවා. ඒ වගේ පට්ටෙට හිනා යන තැන් පාලහක් විස්සක් විතර මුළු ෆිල්ම් එකටම තිබුනා.

‍අපිට ගම සහ අපේ රටේ අතීතය කියවෙන ටෙලි නාට්ටි‍ ගොඩක් තියෙනවා. නමුත් ඒවායේ සමස්ථ රූප තුල අපිට අම්බානක වෙනස් බවක් දැනෙනවා. කවදාවත් අපි ඒ ව‍ගේ අඳින පළඳින ගැනු ගම් වල දැකල නැහැ. ඒ ජාතියෙ කතා බාසාවක් උපන්තෙකට අහල නැහැ. මේ ව‍ගේ කෘතිම ගමවල් බලන එකත් වස අප්පිරිය වැඩක් . සැමීගෙ කතාවෙ ගමනම් මට බොක්කටම වැදුනා. ඒකෙ ඇත්ත ගම තියෙනවා කියල තමයි හිතුනෙ.

සමහර ලංකාවෙ ගම ගැන කියන ෆිල්ම් සහ ටෙලි වල ගම පෙන්වන කොටම ලොකු අඩුපාඩු පේන්න ගන්නවා. බොරු රැවුල් කෑලි බොරුයි කියල‍ පේනවා. චීත්ත ඇඳං පහත්‍ වෙන ගෑනුන්ගෙ ඉන්දියාව පේනවා. අලුත්ම චීත්ත මැදපු තුවා කරේ දාගත්ත පොරවල් ඉන්නවා. සැමිගේ කතාවෙ ඒ වගේ ‍අහුවෙන බොරු නම් තිබුනෙම නැහැ වගේ.


මිනිස්සු ගැන නිර්මාණය වෙන නිර්මාණ ජාති දෙකක් තියෙනවා. එකක් තමයි පොරවල් ගැන කතා කරන නිර්මාණ. අනික් ඒවා තමයි පොරවල් නොවන සාමාන්‍ය මිනිස්සු ගැන කතාවෙන ෆිල්ම්. දැන් දැන් ලෝකෙ සිනමාව අර පොරවල් ගැන කතාකරන එකෙන් වෙනස් වෙලා සාමාන්‍ය මිනිස්සුන්ගේම සුට්ටක් වෙනස් චරිත සිනමාවට ගේන්න හදන ගතියක් තිබෙනවා.


මේ අවුරුද්දෙ සම්මාන ‍ගොඩක් ගත්ත ටුවෙල් ඉයර්ස් ස්ලේව් (12 years Slave) කියන ෆිල්ම් එකේ කියවෙන්නෙ කලුජාතික වීරයෙක් ගැන නෙමෙයි. ෆිල්ම් එකේ සමස්ථ අරමුණ ඒ මනුෂ්‍යයාගේ හොඳ පැත්ත සහ වීරත්වය පෙන්වන එක නෙමෙයි. ඒ වගේම හොඳම ඇඳුන් වලට සම්මාන ගනිපු ‍ද ග්‍රේට් ගට්ස්බි (The Great Gatsby)කියන විචිත්‍රවත් චිත්‍රපටය වුනත් මට හිතෙන්නෙ ගට්ස්බිගේ වීරත්වයට වඩා කතාවට මුල්තැන දිලයි තිබුනෙ. සැමිගේ කතාව වුනත් හෙමයි. සැමී නිකංම නිකං ජෝක් එකක් හෝ ජෝකරයෙක් විදියටම ඉදිරිපත් කරන්නෙ නැතුව සාමාන්‍ය අපි වගේම කන බොන අඳින පලඳින හැඟීම් තිබෙන එහෙත් මඳක් වෙනස් චරිතයක් සැමී හරහා අපිට දකින්නට සලස්වලා තියෙනවා. ටිකක් බුද්ධියෙන් බැලුවොත් ඒ චිත්‍රපටයෙ සැමී හැර වෙනත් කතා ගනනාවක් දුවනවා කියල‍පේනව.

අපි ආසියාතික මිනිස්සු විදියට අපේ ළඟම හිතවතුන්, නෑයින්, පෙම්වතුන් ගැන බටහිර ජනතාවට වඩා සංවේදී සහ ලෙන්ගතු කමකින් පෙළෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නෙ අපිට මහා බරක්. බටහිර රටවලදි අවුරුදු දාහත දහ අට වෙද්දි ගෙදරින් හොයල නොබලන ස්වාධීන ජීවිතයකට ගෑනු පිරිමි ලමයි යොමුවෙනවා. අපේ දකුනු ආසියාතික සංස්කෘතිය ඇතුලෙ පවුල් බැඳිම් ඊට වඩා සංකීර්ණයි. ඒ වගේම ප්‍රබලයි.

අපේ රටේ තිබුන යුද්ධය නිසා මිනිස්සුන්ට තමුන්ගේ සමීපතමයින් ගොඩක් නැතිවුනා. ඒ සමීපතමයින් නැතිවීම ජාතික තලයේ මාධ්‍යවලින් හත් දවසෙ දානෙන් පස්සෙ ඈත්වෙලා යනවා. ලොකු ලොකු හමුදා කෙරුං කාරයො (මේජර්ලා, සෙන්පතියො, තරු ගනිපු දක්ෂ සෙබලු, විශේෂ පුද්ගලයො) ඉස්මතු වෙලා අනික් මැරුන සාමාන්‍ය වැසියො. සාමාන්‍ය සෙබලු ආදිය ගැන අමතක වෙනවා. සෙබලු සහ යුද්දයට මැදිවෙලා කොහේදි ‍හෝ මියගිය සාමාන්‍ය වැසියන්ගේ නෑසියන්ට, යාලුවන්ට, සමීප මිනිස්සුන්ට ලොකු වේදනාවක් හිමි වෙනවා.


අච්චර මෙච්චර වන්දි ලැබුනත්, තව අලුත් සම්බන්ධතා ඇතිවුනත් සමාර විට සමාර අයට ඒ අය‍ගේ ජීවිත කාලෙම අර නැතිවෙච්ච ජීවිත වල අඩුව තියෙන්න පුලුවනි. හුදෙක් නිකං මන්ද බුද්ධික‍ පොරකට වැඩිය යුද්ධය නිසා සහ තමුන් අයිති වුන දුප්පත් සමාජ ස්ථරය නිසා සැමීට සැමීව අහිමි වෙනවා. සැමීට අවසානෙ සතුට අයිති වුනත් සැමීගේ ලොරිය කියන හීනය එතකොට ඈතට ගිහින් ඉවරයි. සැමී ඉන් පස්සෙ තවදුරටත් ස්වාධීන ජිවිතයක්‍ නෙමෙයි. නිකංම නිකං මනුස්සයෙක්.

යුද්දෙට ආයුද ගෙන්නපු අයට කොමිස් ලැබෙන්න ඇති. අද යුද තරු වෙලා ඉන්න ‍ලොකු පොරවල් වලට යුද්ධය නිසා පරම්පරා ගානකට හම්බ කරගන්න චාන්ස් එන්නත් ඇති. එක බුලට් එකක් වත් ලංකාවෙ හැදුවෙ නැතුව පිටරටින්ම ඒවා අවුරුදු තිහක් තිස්සෙ ගෙනාවෙ ඇයි? කියල ඇහුවම මට නම් හිතෙන්නෙම ඒ කොමිස් නිසා වෙන්න ඇති කියලා. දුප්පත් කම නිසා යුද්දෙට ගිහිල්ල තරුණ කොල්ලො මැරුනා. සාමාන්‍ය වැසියො බෝම්බ වලට අහුවෙල මැරුනා. උතුර පැත්තෙ දෙපැත්තටම අහුවෙල යුද්දෙට මැදිවෙල හිටපු මිනිස්සු මොන විදියෙ ජීවිතයක් ගෙනිච්චද කියල හිතාගන්නවත් බැහැ.  

 මේ මම කියල තියෙන යුද්ධ මහප්‍රාන නැතුව සාමාන්‍ය වැසියන්ට තේරෙන බාසාවෙන් බොහොම සරලව චිත්‍රපටිය තියෙනවා. ‍කොටින්ම ෆිල්ම් එක ඇතුලෙ එක හමුදා ඇඳුමක් වත් පෙන්වන්නෙ නැහැ. ෆිල්ම් එකේ මියුසික්, දර්ශන, කතාව, කතා‍ව පෙළගැස්ම, නළු නිලියො ආදිය බොහොමයක් ජාත්‍යන්තර මට්ටමින්ම තියෙනවා. සිංහල භාසාවෙන් අපිට තේරෙන්නම තියෙන නිසා හෝල් එකකට ගිහින් බලන්න වටින තරම් ෆිල්ම් එකක් කියල තමයි අවසාන වසයෙන් කියන්න තියෙන්නෙ.

23 comments:

  1. එක බුලට් එකක්වත් ලංකාවේ නොහදා පිටරටින් ගෙනාවේ ඒවා සෑදීමට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර කොහොම වෙතත් අමු ද්‍රව්‍ය හැමදාම ආනයනය කරලා හදන්න වෙන නිසා. (වෙඩි බෙහෙත්, ඊයම්, පිත්තල, තඹ) ලක්ෂ ගණනින් ගේනකොට එකක මිල සොච්චමක්. (රු තුනක් හතරක් T 56) අපි හදන්න ගියානම් නියම ප්‍රමිතිය ගන්නත් සෑහෙන කාලයක් යනවා ඒක කර කර ඉන්න බෑ යුද්දය හෝ ගාලා යද්දී. මෙහෙ හදන්න ගියාම නිෂ්පාදන වියදම ඉතා අධිකයි. ඒකයි පිටරටින් ගෙනාවේ. ගැහිලි ගහපු එවුන් ගහන්න ඇති. ඒ ගැන වාදයක් නැහැ.

    ඉතිහාසයේ වුනෙත් අදත් අනාගතයෙත් වෙන්නෙත් එකමදේ. පවුල් මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වා කාලීනව මියගිය යුදවිරුවන් සිහිකරනවා (සෑම කඳවුරකම දිනපතාම සිහිකරනවා) බේරුණු වීරයෝ උපහාරයට ලක්වෙනවා. ඔවුන් අතර සැබෑ වීරයන් බහුලයි. එක්තරා කියමනක් තියනවා ලෝකයේම සොල්දාදුවන් ගැන 'සොල්දාදුවා නොමියේ කාලීනව වියැකේ' Soldier never dies just fade away

    යුද්දය පටන්ගන්නෙත් සාමය ඇතිකරන්නෙත් තරු ගහපු ආමි කාරයෝ නෙවෙයි. රාජ්‍ය පාලකයෝ. ආමි කාරයෝ කරන්නේ තමන්ට ලැබෙන අණ පිළිපැදීමයි.

    ReplyDelete
    Replies
    1. කාර්මික නොවන රටක අලුතින් කර්මාන්තයක් ආරම්භ කරන එක ලොකු වියදමක් යන වැඩක්.
      යුද්ධයක් විතරක් නෙමෙයි අපේ රට ඇතුලෙ බොහෝ ප්‍රශ්ණ සති පිරිත් වගේ එකුතවෙලා සංගායනා කරනවා මිසක විසඳුම් ඉදිරිපත් කරන්නෙ නැහැ. එහෙම විසඳුම් ඉදිරිප්ත‍නොකර ප්‍රශ්ණ හැමදාම තියාගන්න එක මෙහේ නිකං ජානගත පුරුද්දක් වගේ වෙලා.
      දෙමල මිනිස්සුන්ට ගැටළුවක් තිබුනා. ඒ නිසා එල් ටී ටී එක හැදුනා. දැන් ඒ සංවිධානය ඉවරයි. ඒත් අර දෙමල මිනිස්සුන්ට තිබුන ගැටලුවට අපේ අය දීපු විසඳුම කෝ? මොකක් ද අපේ අයගේ විසඳුම? ඒ පැත්තට තාම උත්තර නැහැ.

      Delete
    2. දෙමල මිනිස්සු එක්ක අපි සෑහෙන කාලයක් ගතකලා උතුරේ. ඒ මිනිස්සු කාටවත් ඔය දෙමල දේශපාලන පක්ෂ කියන මහා මානව හිමිකම් අරවා මෙව්වා අවශ්‍ය නැහැ. ඒ මිනිස්සුන්ට හොඳ ගුරුපාරවල් ඕනේ, වතුර ඕනේ, පාසල් ඕනේ, රෝහල් ඕනේ (මොකක්දෝ හේතුවකට අපිට වගේ අර මහා ගැඹුරු නම් තියන ලෙඩ ඒ මින්ස්සුන්ට නැහැ. හොඳ ග්‍රාමීය රෝහල් තිබුනම ඇති) ඒ මිනිස්සුන්ගේ ඉඩම් ටික ආපහු දෙන්න ඕනේ. එහෙම දීලත් හමුදා කඳවුරු දාගන්න තැන් තියනවා. මෝඩයෝ තීරණ ගන්නෝ වුනාම පහකරපුවා අනාගෙන හත්පොලේ ගාගන්නවා.

      ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙවෙයි දෙමල දේශපාලන පක්ෂ කතාකරන්නේ. ඒ නිසා අපේ මොට්ට වහන්සේලා විද්වත් මණ්ඩලයක් මගින් විසඳුම් යෝජනාවලියක් සකසා නිදහස් ජනමත විචාරණයක් තැබිය යුතුයි. එයින් දිනන්නේ දෙමල මිනිස්සු. ආණ්ඩුව නෙවෙයි. ඒ නිරුවත් සත්‍යයට මුහුණ දෙන්න බැරි හොරිකඩයෝ භංගවේවා.

      Delete
  2. මේ දිනවල කියවමින් ඉන්නෙ සැමීගෙ කතාව.තවම චිත්‍රපටය රස විඳින්නනම් අවස්ථාවක් ලැබුනෙ නැහැ.සිනමාපටය වගේම පොතත් කදිමයි.ඔබේ ලිපිය දැක්කම චිත්‍රපටය රස වින්දානම් කියලා හිතුණා.................

    ReplyDelete
    Replies
    1. දෙක දෙවිදියක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. කලිං පොත බැලුවොත් බොහොවිට පොත හොදයි කියල හිතේවි. මම නං තාම පොතෙ ඇහැට දැකලවත් නැහැ.

      Delete
  3. ෆිල්ම් එක මමත් බැලුවා. සමස්තයක් විදියට සෑහෙන්න හොඳයි. ඒත් ඉතින් කතාවක් නෑ වගේ. මම දකින විදියට ඒක හැඟීම්බර සිදුවීම් පෙළක එකතුවක්. මොනවා වුණත් ජගත් චමිලට සම්මානයක් ලැබුණ එක නං අනුමත කරන්න පුළුවන් ඉහළින් ම. ඒ තරම් හැඟීම්බර විදියට චරිතයට සාධාරණයක් ඉටු කරලා තිබුණා :) හැබැයි ටිකක් තාත්වික වෙන්න ඕනේ තැන් කිහිපයකුත් තියෙනවා. උදාහරණයක් විදියට මල්ලිගේ මරණේ දවසේ අම්මා අඬන හැටි හිතට වැදෙනවා මදි. තමන්ගේ පොඩි පුතා මැරිලා ඉන්න වෙලාවක ලොකු පුතා ගෙදර එද්දී අම්මා කෙනක් "දුක්බර" මුහුණකින් විතරක් එයා ව පිළි ගනීවි කියලා හිතන්න අමාරු යි නේද? හ්ම්ම්, ඒ වගේ සුළු සුළු තැන් කිහිපයක් ඇරුණ ම සමස්තයක් විදියට ෆිල්ම් එක විශිෂ්ඨ යි! අනිත් මිනිස්සුන්ගේ දුකට සංවේදී වෙන ඕනේ ම කෙනෙක්ට ආසාවෙන් බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබ පෙන්වන තැන මට නම් ඒතරම්ම අවුලක් නැහැ. හැම අම්ම ම පුතා නැතිවුනාම මහ හයියෙන් අඩන්නෙ නැහැ. ඒක විවිධාකාරයි. අනික ලොකු පුතා කියන්නෙ ඒ තරං ෆීලින්ස් පෙන්වන්න පුලුවන් කෙනෙකුත් නෙමෙයි. එතනදි අම්මා ලොකු පුතා ගැන හිතලා අඩන් නැතුව උන්නා වෙන්නත් පුලුවනි.

      Delete
  4. බලල නැති හිංද මොකුත් ඒ ගැන කියන්නෙ නැ... හැබැයි ඔබගෙ විචාරය ඇහුවට පස්සෙ බැලුව නං කියල හිතුන... බලමුකො... මං බලලම මොකට මොනාහරි කියන්නං

    ReplyDelete
  5. සිත් ඇදගන්නා සුළු විචාරයක්.

    ReplyDelete
  6. කතාව බලලම එන්නෝනි..

    ReplyDelete
  7. මම් පොත කියෙව්වෙ ගොඩක් කලින් ෆිල්ම් එක බැලුවෙ මේ දවස් 2කට කලින්
    … ෆිල්ම් එක හරි නෑ කියල මට නම් හිතුනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් පොත් කියවන අය කියන මනුපොත් ගෲපියෙත් බොහෝ පිරිස කියල තිබුනා පොත හොඳයි මීට වඩා කියලා.
      නමුත් චිත්‍රපටයෙ සිනමාත්මක අමුතු ගතියක් තියෙනවා.

      Delete
  8. ෆිල්ම් එක ගැන අහලා තිබ්බට බලලා නෑ. බලන්ට ආසාවෙන් ඉන්න ෆිල්ම් එකක්. පෝස්ට් එකට ෆිල්ම් එකට සහාය උණු අය ගැන විස්තරත් තිබ්බා නම් හොඳයි කියලා හිතුණා.

    අර ලියවිල්ලේ මැද කෑල්ල ෆිල්ම් එක වගේම රසවත් .... :D

    ReplyDelete
  9. ඇත්තටම පහු ගිය කාලේ ආව ෆිල්ම් එක්ක ගත්තම හෝල් එහෙකට ගිහිල්ලා බැළුවට කමක් නැහැ ජාතියේ ෆිල්ම් එකක්... හැබැයි සම්මාන දෙන්න තරං “විශේෂ“ දේවල්නං මට ඒ හැටි පෙනුනේ නැහැ... පොත කියවන්න උනේ නැති හින්දා මට පොතයි මේකයි අතරේ වෙනසක් කියන්නත් බැහැ. ඒත් සෑම්ගේ කතාව කියලා කිව්වට වැඩි හරියක් මේකෙන්නං මට පෙනුනේ සෑම්ගේ හාම්පුතාගේ කතාව වගේ එකක්... අහල පහල ඉන්න මිනිස්සුන්ගේ ලෙඩට දුකට උදව් කරන.. (ඒ ටික සෑම්ගේ කතාවට අදාල වෙන්නේ කොහොමද කියලා මට තාමත් තේරෙන්නේ නැහැ..සහ කථාවට අමුතු දෙයක් එකතු කලාද කියලත් තේරුමක් නැහැ..) මිනියට වියදම් කරන.. සේවකයින්ට සලකන... ළමයින්ට නිදහස දීලා තියෙන පට්ට බුවෙක් කියලනං කථෘවේ කියන්න හදනවා වගේ මට තේරුනේ...
    ඒ වගේම අභව්‍ය ස්ථාන කිහිපයකුත් තියෙනවා... අර පුත්තරයා අම්මට සිංහලෙන් “මං බෝට්ටු පදින්න යනවෝ‘ කියන ගමන් අසරණ සෑම්ට ඉංගිරිසියෙන් කොටනවා වගේ.. :D
    හැබැයි චිත්‍රපටිය අවසානයේදී ආශ්චර්යකුත් වෙනවා නේද..? කතාව පුරාවටම අමාරුවෙන් ඇවිදපු සෑම් අන්තිම සීන් එකේ කඩුල්ලෙන් පැනලා එනවා නිකං චූටි නගාට දං අහුර කඩං එන ගාමිණී ෆොන්සේකා වගේ.. :D

    කොහොම උනත් ගිහින් බලන්න කියලා කියන්න පුළුවන් තරමේ චිත්‍රපටියක් බවනං කියන්න පුළුවන් බය නැතිව.. ඒ ඇර තොරණේ කියන තරංම බලුප්නං නැහැ.

    ReplyDelete
    Replies
    1. විශේෂ කතාවක් ලොකු දෙයක් නැහැ තමයි. ඒ විදියෙන් බැලුවොත් මේ පාර ඇකඩමි සම්මාන දිනපු හොලිවුඩ් ෆිල්ම් දෙක තුනක්ම ඒ විදියයි. මහා කතාවක් නැහැ. පොඩි සිදුවීම් ටිකක් විතරයි.
      එතනදි අර ලොකු හාමුගේ තැන ටිකක් වැඩිපුර පෙන්වනවා වගේ ගතියක් තියෙනවා තමයි. ඒක මොන හේතුවක් නිසා වුනාද කියල නිච්චියක් මටත් නැහ.

      Delete
  10. විචාරය කියෙව්වාම බලන්න යන්නම ඕනි කියල හිතුනා. අගෙයි!!

    ReplyDelete
  11. මේ කමෙන්ට් එක දාන්න හිතුනේ උඩ තියෙන කමෙන්ට් කීපයක් නිසයි. මේක විතරක් නෙමෙයි, මොකක් හරි පොතක් ඇසුරින් කරපු ෆිල්ම් එකක් ගැන කතා කරද්දී/අදහස් දක්වද්දී ගොඩක් අය කරන දෙයක් තමයි පොතයි ෆිල්ම් එකයි සංසන්දනය කරල අදහස් දක්වන එක..
    තමන් කැමතිනම් ඕන දෙයක් සංසන්දනය කරගෙන අදහස් දක්වන එකේ කිසි අවුලක් නෑ. නමුත් මෙතැනදී පෙනෙන දෙයක් තමයි, ඒ අදහස් දක්වීම් කිසිවක් හුදු සංසන්දනයක් පමණක් නොව පොතේ තිබුණු දේම ෆිල්ම් එකෙනුත් බලාපොරොත්තු වී, එසේ නොවීම නිසා අදහස් දක්වනවා කියන කාරණය...
    පොත් සහ ෆිල්ම් කියන්නේ මාද්‍ය 2ක්.. පොතක් ඇසුරින් ෆිල්ම් එකක් කරපු පලියට පොතේ තියෙන දේම ෆිල්ම් එකේ තියෙන්න ඕනේ කියලා නීතියක් කොහෙවත් නෑ .. මේ දේ සාමාන්‍යයෙන් ගොඩක් අය පටලව ගන්නවා...
    ඒ එක්කම කියන්න ඕනේ, මේක ලංකාවේ විතරක් තියෙන අවුලකුත් නෙමෙයි. පොත් ඇසුරින් කරපු ගොඩක් ෆිල්ම් ක්රිටිසයිස් වෙලා තියෙන විදිහ ගැන පොඩි රිසර්ච් පාරක් දැම්මොත් තේරෙනවා ලෝකේ කෙහෙත් මෙහෙම තමයි කියලා...
    >
    චිත්‍රපටිය ගැන මගේ අදහස නම් , (මහා සිනමා කෘතියක් නොවුනත්..)..මේක ඉතාම සාර්ථක චිත්‍රපටියක්. මම පොතක් කියවලා තියෙනවා. පොතේ තියෙන්නේ වෙන රහක්. ෆිල්ම් එකත් ෆිල්ම් එකට අදාලව සරල බව ඇතුලේ ගොඩක් දේවල් කතා කරනවා. අපි ෆිල්ම් එක බලද්දී නිකම්ම නිකන් කතාව දිහා බලන් ඉන්නවට වඩා කියවා ගතයුතු රුප රාමු ගොඩක් මේ ෆිල්ම් එකේ තියෙනවා. හැම අතින්ම පිරිහිච්ච රටක මේ වගේ කාරනෙකදී රුප කියවන්නේ නෑ කියල මිනිස්සුන්ට දොස් කියන එක තේරුමක් නැති වුනත්.., මට නම් ෂුවර් ගොඩක් අය මේ ෆිල්ම් එක බලලා උඩින් පල්ලෙන් අතගානවා විතරයි කියලා... ෆිල්ම් එකට වඩා පොත හොඳයි කියන අයගෙන් පුංචි ඉල්ලීමක් කරන්නම්. "ඔමාගේ හීන" බ්ලොග් එකේ තියෙනවා කෙටි චිත්‍රපටියක් ගැන පොඩි විචාරයක්. කැමතිනම් ගිහිං බලන්න. අපි දකින රුප වල, පේන දේට වඩා කියවගන්න කොච්චර දේවල් තියෙනවද කියන දේ, අපිට ඒ ලිපිය හරහා හොඳට තේරුම් ගන්න පුළුවන්.
    මට නං පොතත් හොඳයි, ෆිල්ම් එකත් හොඳයි.
    >
    *** මම සැමිගේ කතාව ෆිල්ම් එක බැලුවේ 2008 දී.. ෆයිනල් රෆ් කට් එක.. දැන් රිලීස් වෙලා තියෙන එක එන්නේ අවුරුදු 5කට පස්සේ නිසා තව තව දේවල් කැපිලා කෙටිලා මණ්ඩලේ කතුරටත් අහුවෙලාද කියලා මම දන්නේ නෑ . එසේ වී ඇත්නම්, මේ කමෙන්ටුව පිළිබඳව මට සමාවෙන්න.

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටි සහ පොත් පටලවා ගැනීම බොහෝ දෙනා නිරතුරුවම කරගන්න දෙයක්. පොතකින් කියන කතාව ඒ විදිහටම චිත්‍රපටියට එකතුවිය යුතු යැයි මම හිතන්නේ නැහැ. කතා තේමාවට අනුකූලව සිනමාපටය ගොඩ නැගෙන්නේ සිනමාකරුවාගේ රූප කෝණයෙන්. එකම කතාවක් මාධ්‍යයන් දෙකකින් ඉදිරිපත් කරන්නේ දෙයාකාරයකට. කවි පන්තියකින් ඉස්මතුකරන යම් කතා පුවතක්,කවදාහරි කාට හරි චිත්‍රපටියක් කරන්න සිතුනොත්...අපි කවි හතර පහක් කොහොමද සිනමාපටය හා සංසන්දනය කරන්නේ කියන එක හිතන්න ඕන. ඒක කවදාවත් එහෙම කරන්න බැහැ.

      චිත්‍රපටයක් , නවකතාවක් හෝ කෙටිකතාවක්වූ අවස්තා තියෙනවාද?

      Delete
    2. ඔබ හරියට හරි අරූ .. ඒත් ගොඩක් අයට මේ කියන වටහාගැනීම නැහැ.
      >
      ෆිල්ම් එකක් පොතක් විදිහට ලියවිලා තියෙන අවස්ථා තියෙනවද කියන්න නම් මම දන්නේ නෑ අරූ. හැබැයි "total recall" කියන ෆිල්ම් 1 ගැන මෙහෙම දෙයක් කොහේදී හරි කියවලා තියෙනවා.(මුලාශ්‍රය මතක නෑ ) ඒ ෆිල්ම් එක හදන්නේ කෙටි කතාවක් ඇසුරින් වුනත් ෆිල්ම් එකෙන් පස්සේ නැවත එය නවකතාවක් විදිහට ලියවුනු බව. හැබැයි එතන නම් ප්‍රශ්න කරලා තිබුනේ ඇයි මේ වැඩකට නැති මගුල ආපහු ප්‍රින්ට් නොකර නවකතාවක් විදිහට දිගට ලිව්වේ කියලා...
      >
      මේ සිද්දිය ඔබටත් මතක ඇති. අපි පුංචි කාලේ මට මතකයි titanic ෆිල්ම් එක අයියල අක්කලාගේ උන්මාදයක් වෙලා තිබුණු කාලේ ෆිල්ම් එකේ කතාව එක එක නම් වලින් මල්පියලි පොත් වගේ පොඩි පොඩි පොත් විදිහට ප්‍රින්ට් කරලා විකුනන්න තිබුනා... හිකිස්... ඇත්තටම බැලුවොත් ඒවා නම් ෆිල්ම් වලින් පස්සේ ලියවුනු පොත් නෙමෙය් ...,
      කොල්ලෝ කෙල්ලොන්ගේ පිස්සුවෙන් ප්‍රයෝජනයක් අරං කීයක් හරි කඩාගන්න ප්‍රින්ට් කරපුවා.

      Delete
  12. සරල කාටත් තේරෙන කතාවක් තුලින් විස්මය ජනක රග පැමක් සහිත චරිතයක් නිර්මානය කිරිම සැබවින්ම විස්මය ජනකයි.

    ReplyDelete
  13. සැමීගේ කතාව ෆිල්ම් එක බලන්න ආසාවෙන් ඉන්නේ, ෆිල්ම් එක බැලුව යාලුවෙක් කිව්වා ෆිල්ම් එක නම් හොඳයි ඒත් (ප්‍රසිද්ධ සිනමාහලක නම් නෙවෙයි ) 20ක් විතර තමා ODC හිටියේ කියල. සම්මාන , විචාරකයන්ගෙ පැසසුම් ලැබුව ෆිල්ම්ස්වල කතා තේරෙන්නෙ නැහැ කියල තමා ගොඩක් දෙනා හිතන්නේ , ඒත් සැමීගේ කතාව සරල එකක් නිසා හැමෝටම රස විඳින්න පුලුවන් වේවි කියල හිතනවා.

    ReplyDelete
  14. අමිල.....ශ්‍රීලාංකික සිනමා හෝ ටෙලි කර්මාන්තය තුල මට පෙනෙන ලොකුම දුර්වලතාවයක් තමයි වේෂ නිරූපනය සහ කලා අධ්‍යක්ෂණය. ඔබ මතුකරන ඒ කාරණය ඉතාම නිවැරදියි. ඉස්සරනම් අවම පහසුකම් කියා සිත හදාගන්න පුළුවන්. හැබැයි දැන් එහෙම කියන්න බැහැ. ඔබ මේ ගැන උදාහරණයට ගන්නා අවස්ථා මේ කර්මාන්තය තුල අති බහුලයි.

    ReplyDelete
  15. පොත කියෙව්වා ඒත් තාම ෆිල්ම් එක බලන්න ලැබුනෙ නෑ. කොහොම වුනත් මේ දවස් වල ගොඩක් වෙලාවට කතාවට ලක්වෙන දෙයක් තමයි පොත වගේ නෙවෙයි පිචර් එක ගන්න දෙයක් නෑ කියලා. මම වුනත් ඔය කතන්දරේ කියල තියෙනවා සමහර විට. හැබැයි මම හිතන්නේ එතනදී අපි කරන්නේ මාධ්‍ය දෙකක්, කලා නිර්මාණ දෙකක් පටලවා ගැනීම කියලා. ඕක එක තැනකදී සරලවම කිව්වා ආගන්තුකයා (ලසිත). පොත කියන්නේ එකක්, චිත්‍රපටිය කියන්නේ තව එකක්. ඒ දෙක දෙකක්. ඕක ඒ ලෙවල් එකෙන් ගොඩදා ගත්තහම ප්‍රස්නේ හමාරයි!

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...