Sunday, April 13, 2014

අවුරුද්දට ගම ගිය හැටි

අපේ තාත්ත අපි දැන් ඉන්න ගේ හැදුවෙ අපේ තාත්ත හිටිය ගමෙන් ගොඩක් ඈතට වෙන්න නෙමෙයි. වැඩිම වුනොත් කිලෝමීටර පාලහක් ඇති. කිලෝමීටර් පාලහක් වුනාට වර්ෂා කලාප දෙකකට අයිති වෙන්නෙ. ඉස්සර ගමේ කෙනෙක් හමුවුනාම අහන්නෙ. ගමට වැස්සද? කියලා. ගමට වහින එකයි අපි ඉන්න හරියට වහින එකයි කේස් දෙකක්.

අවුරුදු කැවුම්. 
මේ අවුරුදු කාලේ සිනාවෙයන් රාලේ තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ කියලා රන්වල මහත්තයා නැට්ටිච්චියො ටිකක් වටකරං කියන සිංදුවක් හැමදාම අවුරුදු කාලෙට ටීවි එකේ යනවා. තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වගේ වෙන්න නම් ඉතිං ඒ කියන කෑල්ල තෙල් සහිත සමක් තියෙන දිලිසෙන තරං තෙල තියෙන කෑල්ලක් වෙන්න ඕන ඇති. ඒ කාලෙ අපෙ අම්ම අවුරුද්දට කැවිලි ජාති අවුරුද්දට කලිං හදනවා. දොදොල්,මුං කැවුම්, අතිරහ,රුලං වගේ ඒවා අවුරුද්දට අම්මල හදනවා. අපි ඒවා කනවා සහ හදන්න දායක වෙනවා.

අපේ අම්ම ඔය විසිතුරු කෑම ජාති හදන්න ඒ තරං දක්ෂ කෙනෙක් නෙමෙයි. ඔන්න ඉතිං පටන් ගන්නවා කැවුම් උයන්න. මික්සර් එක හරියට එන්නෙ නැහැ. ඒ ගමන කරන්නෙ කැවුම් පිටි ටිකට තව පිටි දාල තලපෙ ඝන කරගෙන හදනවා අතිරස හරි මුං කැවුම් හරි. ඔය වගේ හදන්න යන කෑමට වඩා වෙනස් අවුට්පුට් එකක් ලැබුන අවස්ථා කිහිපයක්ම තිබුනා මතකයි. 

බොහම පුංචි කාලෙ නං අපි කරන්නෙ ඔය රසකැවිලි උයන කොට හදන තැනට වෙලා ඇන තියං වාඩිවෙලා සිද්ධ වෙන වැඩේ බලාකියා ගන්න එක. ඒ දවස්වල කරන්නෙ අම්ම හරි හදන අක්කල නැන්දල මාමල හරි කියන සුලු රාජකාරි වෙන. "පුතා අර පිහිය ගන්න පැටියා" පුතා අර වලඳ අරං දියංකො වගේ රික්වෙස්ට් වලට ප්‍රතිචාර දක්වමින් වාඩි වෙල ඉන්න එක හරි විනෝද වැඩක්. ටික වෙලාවක් ඔහොම හිටියම ඉතිං පවු කාඩ් එකට ඔය හදන ඒවා ටිකක් ලැබෙනවා. ඉන් පස්සෙ ඉතිං තව ප්‍රතිවාදියෙක් හෙම ගෙදර ඉන්නවානං ඌට උජෝ වඩව වඩව අර ලැබෙන සුට්ට ගිලදාන එක තමයි රාජකාරිය.

පස්සෙ කාලෙක ඕක වෙනස්වෙලා අපිටත් වගකීම් එනවා. සාමාන්‍යයෙන් අපේ ගමේ ගෙවල් වලවුනත් ඉස්සරම අපි කුස්සියට යන්නෙ බත් ටික බෙදාගන්න විතරයි. අපේ ගෙදර කුස්සිය අපි ඔක්කොම ැවඩ කරන තැනක් වුනා.මං ටුයිටරේ එහෙම දැක්කා සමාර පුංචි ගෑනු අවුරුද්දට අත්තම්මා මතක් වෙනවා කියල දාල තිබුනා. එතකොට කොල්ලො කෙල්ලන්ට කියනවා අත්තම්මගෙන් කැවුං උයන්න පුරුදු වෙන එක හොදයකියලා. ඇයි බොල කෙල්ලන් කුස්සියටම දක්කන්න හදන්නෙ? බොලාට කැවුං ගෙඩියක් හදං කෑවහම හෙනද? අපේ ගෙදර තිබුන ඒහැමෝම උයන්න දායක වෙන එක මට පස්සෙ කාලෙක බොහොම වැදගත් වුනා. බෝඩිං ගත වුනාම කොහේ හරි ගිහින් උයන්න වුනාම මට කලිං ගෙදරදි අම්මට උයන්න උදව් වෙච්චි එක වැදගත් වුනා ගොඩාරියක්ම. ඒ වගේම ටිකක් උයන්න දන්න නිසා මෙලෝ රහක් නැති දේවල් කනකොට ඒ උයන උන් ඒ ලගදි දවසක ජීවිතේ මුල් වතාවට කුස්සියට ගිය උන් වෙන්න ඇතිය කියලත් මට හිතුන වෙලාවල් තිබුනා.

කාලානුරූපිව අවුරුද්ද වෙනස් වෙන්න ඕනි. දැං ඉස්සර වගේ අපේ ගෙදරත් දොදොලක් පතුගාගන්න අමාුරුයි. අනික දොදොල් කන්නත් අවුරුදු කාලෙට අපේ පැතිවල කට්ටිය නැහැ වගේ. ඉතිං ඒ නිසා අපේ ගෙදරටත් කේක් හදන වැඩේ ඇවිල්ලා. සමාරු ඉතිං ඒකටත් අංචිය අදිනවා. ඕවා බටහිර කෑමය..සිංහල අවුරුද්දට ඔය කෑම හරි නැතිය කියලා එක එක දර්ශන දානවා. ඒත් මම නං හිතන්නෙ අවුරුද්දට කට්ටිය එකතු වෙලා නුවරඑලි හරි පිටරට හරි ට්‍රිප් යන ආතල් එකට වඩා මොන මොනවා හරි අලුත් ආකාරයට ගෙදර දන්න කියන කෑම හදලා අවුරුදු සමරන එක හොදයි.

අපි අලුත් අවුරුද්දට හදන කෑමක්නේ කොකිස්. මට මතක විදියට ඔය කොකිස් කියන්නෙ පෘතුගිසි කාලෙ අපිට එකතු වෙච්චි කෑමක්.අච්චාරුත් ලන්දේසි කෑමක්ද කොහෙද.

වලකජ්ජු සෙල්ලං..
මේ තියෙන්නෙ කජු පුහුලන්. සාමාන්‍යන් මැයි මාසෙ තමයි ගොඩක් ගස්වල පලදරන්නෙ. අප්‍රෙල් වල ගැට සහ මල් හටගන්නවා. නමුත් මේ පාර නම් කජු පුහුලම් හැදිල තිබුන කලින්ම.අපි ගමේ ගිය වෙලාවෙ කජු පුහුලන් කඩා ගත්තා.
මේ කජු නාඹර. කජු නාඹර කඩල ඒවා ගිරෙන් හරි පිහියෙන් හරි පලල ඉවරවෙලා ඉව්වම පුදුම රහක් නෙව තියෙන්නෙ. දැන් කජු එලෝලු හදන්ෙන වේලපු කජු වලින්. ඒ කජු එලෝලු වලට කජු ගන්නෙ ගස් කජ්ජු වේලලා පලල ආයිත් පදමට වේලපු කජු වලින්.  නමුත් මේ නාඹර උයාගන්න පුලුවන් නම් සෝක් කෑමක්.

මේ කජ්ජු ගහ වැස්සට වැටිල බිම දිගේ වගේ තමයි හැදිල තිබුනෙ. ගහ යටත් කජු ඇට වැටිල වවුල්ලු බීපු පුහුලන් වලින්. දැන් නම් මේ කජු ඇහිදින්න,අත පොවන මට්ටමේ තිබුනත් පුහුලමක් කඩල කන්න කාරුවත් නැහැ. ඒත් අපි පුංචි කාලෙ අපි කජ්ජු ඇහිදින්න පාන්දර යනවා. පුහුලන් යාන්තං පාට වෙනකොට පොලුගහල කඩන් කනවා. ඉස්සර ගෙදරට අදින වස්තර වල හැමඑකකම වගේ එක එක ජාතියෙ කහට. කජුපුහුලන් කහට එහෙම අනිවා තියෙනවා. 

දැන් ළමයිට නිවාඩු ලැබෙන්න අඩුවෙන් අවුරුද්දට. අනික අවුරුදු ක්‍රීඩා කියල අපි පුංචි කාලෙ ඉතිරි වෙලා තිබුන ටිකත් ලමයි දැන් දන්නෙ නැහැ. ගොඩක් ගෙවල්වල දැන් දැන් ඔන්චිල්ලා වක් වත් නැහැ.අපි පුංචි කාලෙ වලකජ්ජු ගැහිල්ල,කල්ලි ගැහිල්ල, දාම් ඇදිල්ල,කැට ගැහිල්ල හෙම තිබුනා. අපිට කලිං පරම්පරාවට ඊට වඩා දේවල් තියෙන්නත් ඇති. අපි පුංචි කාලෙ ඒව නැතත් අඩුතරමෙ සෙට් වෙලා දවස තිස්සෙම ක්‍රිකට් ගහන ක්‍රිකට් පිස්සුවක් හරි තිබුනා. 

දැන් ළමෝ පාරවල් හෙම ක්‍රිකට ගහනව අඩුද මන්දා. අපිට නං ඉස්සර අපේ ලොකු වත්ත තිබුනා ක්‍රිකට් ගහන්න. ඒ දවස්වල ඒ වත්ත පෙනුනෙ ලෝඩ්ස් පිට්ටනියටත් වඩා ලොකු එකක් කියලා. දැන් නම් හිතෙනවා ඒ වත්ත හිතුව තරං ලොකු නැහැ කියලා. 

දෙමාපියො ලමයින් දක්කන්න අරගෙන තියෙන නිසා සහ දෙමාපියො ලමයිගේ පස්සෙ පිස්සු බල්ලො වගේ එලවන්න පටන් අරං තියෙන නිසා දරුවො අලුතින් හිතන්න අලුත් සෙල්ලමක් කරන්න කස්ටිය එකතුවෙල සමූහික ක්‍රියා කරන්න දැන් ළමයිට ඉඩක් නැහැ. අනේ උන් පවු. සමාර පොඩි උන් අවුරුද්දෙ වැඩි කාලයක් අයහපත් කාලගුනයක් තියෙන කැනඩාවෙ ඉන්න දරුවො වගේ. දවසෙම ටීවි එක. නැත්තං කොම්පිටරේ.
මේ පාර අපෙ ගමට හෙන පෑවුම. කොයි තරං පෑවිල්ල ගැහුවත් මේ ජාතියෙ මල් වත්තෙ තැන්තැන්වල හැදිල තිබුනා. වත්ත සුද්දකරපු තැනක මේමල් වගාකලාටත් වැඩිය ලස්සනට පිපිල තිබුනා. එක කොලයක් නැහැ. බුග් ගාල පොලවෙන් උඩට එසවුනු මල් පොකුර විතරයි තියෙන්නෙ. මේකෙ නමනං මම දන් නැහැ. හැබැයිමේ මල් ජාතියට විශාල අලයක් නම් තියෙන ආකාරයක් පෙන්නුම් කලා.ඒ අලේ වගේ කෑල්ලෙ අවශ්‍ය කරන පෝෂණය රඳවාගන්නවා ඇති පෑවුම් කාලෙට හරියන්න.
මේ තියෙන්නෙ රත් මල්. මේ නං ඔරිම ජිනල් රත් මල්. මේවා ඉස්සර ගන්නවා ගුරුකං වලට එහම. ඉක්සෝරා වගේ නෙමෙයි ටිකක් ඈතින් තමයි මල් තියෙන්නෙ. රත් මල් ගහ ගාවම එහා පැත්තෙන් තිබුන විසාල උණ පඳුරක්. ඉස්සර අපි වෙසක් එකට බට ගන්න බට කපන්නෙ ඔතනින්. මහ බටයක් කැපුවම අල්ලපු ගෙවල් වලටත් දීලා අපිටත් විසාල කූඩු හදන්න බට ඉතිරි වෙනවා. මේඋණ පදුරක්. අපි ඒ කාලෙ කූඩු හැදුවෙ උණ ගස් වලින්. අපේ පැත්තෙ අර පොඩි සයිස් බට ගස් නං ඒ කාලෙ දැකල තිබුනෙ නැහැ. ඒ දැක්කත් අපි හදන මහා කූඩු පැටවු කූඩු වගේ ඒවට ශක්තිමත් සැකිල්ලක් තියෙන්න ඕනි. අනික දැන් වගේ ලොකු ලයිට් බල්බ් නැති නිසා ඇතුලෙ පිත්තක් ගහල පහනක් වගේ තියන්නත් ඇහැකි වෙන්න එපායැ.

මේත් අපේ ගමේ වත්තෙ තිබුන මලක්. ලස්සනට පොටෝවට අහු වෙල තියෙනවා.

10 comments:

  1. ඔය බටයක් ඇවිත් මල් පිපෙන ගහට අපි නම් කියන්නේ වල් ළුණු කියලා. වඳ කරන්න බැරි ජාතියක්. අල කැල්ලක් තිබ්බත් එතන පැලවෙනවා ආපහු. තැඹිලි පාටයි කලාතුරකින් දම් පාට මල් පිපෙන ගසුත් තියෙනවා.

    ReplyDelete
  2. ඔය අන්තිම මල් ජාතියට අපේ පැතිවල නම් කියන්නේ "රාජ පොහොට්ටු" කියලා..

    ReplyDelete
  3. //ඇයි බොල කෙල්ලන් කුස්සියටම දක්කන්න හදන්නෙ? බොලාට කැවුං ගෙඩියක් හදං කෑවහම හෙනද?//

    හරිම ලස්සණ කියමනක්නේ. :D

    සුන්දර අවුරුදු සටහනක් අමිල. ලංකාවට දුවගෙන එන්ට හිතෙනවා...

    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම!!!

    ReplyDelete
  4. අමිල, අර ගොඩ මානෙල් වල ප්‍රබේධයක් නේද? මේවායින් දැන් ඇට හැදෙන්නේ නැති වුනත්, පරිනාමයේ එක අවස්තාවක ඇට මගින් ප්‍රචාරණය වුන ඒවා. වර්ෂා කාලයේදී වර්ධනය වන පොළොවෙන් උඩ කොටස (පත්‍ර) මගින් එකතු කෙරෙන ආහාර, අල වල ගබඩා කර ගැනීම මගින් වියලි කාලය තරණය කරනවා. මේ මල් වලට පෝෂණය සපයන්නෙත් ඒ අල. අපේ අවුරුදුත් ඉස්සර මේ වගේ තමා.

    ReplyDelete
  5. අර බටයක් වැනි කඳක් සහිත මල් වලට අපි පුංචි කාලේදී කිව්වේ ග්‍රෑම්ෆෝන් මල් කියලා. මොකද ඒ මල අර ඉස්සර තිබුන ග්‍රෑම්ෆෝන් වල ශබ්දය පිටකරන මලේ හැඩයටසමාන නිසා.

    ReplyDelete
  6. විචාරක හරි අපිත් ඕවා ගෙනත් ගස් වලට තියලා බඳිනවා ලවුඩ්ස්පීකර් කියලා. ඒ කාලෙනම් මාර සුන්දරයි.

    ReplyDelete
  7. අනේ බොලන්‍ රාජ පොහොට්ටු කියන්නේ මේන් මේවට
    (https://www.google.lk/search?q=raja+pohottu&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=DVFWU8ubEKGYyAG354HwCw&ved=0CAgQ_AUoAQ&biw=1680&bih=949#facrc=_&imgrc=CHobyT4tNU8Z0M%253A%3B_F3ADtrzsnFV0M%3Bhttp%253A%252F%252Fwww.agri.ruh.ac.lk%252Fmedicinalplants%252Fmedicinal_plants%252Ffamilies%252Fimages%252Fraja_pohottu.gif%3Bhttp%253A%252F%252Fwww.agri.ruh.ac.lk%252Fmedicinalplants%252Fmedicinal_plants%252Ffamilies%252Famaranthaceae%252Fplants%252Fraja_pohottu.html%3B300%3B209)

    ඔය දම් පාට මල යක්බේරිය හරි යක්වනස්ස හරි

    ReplyDelete
  8. දම් පාට මල යක්බේරිය ඒක ආක්‍රමණික ශාඛයක් කියලත් අහලා තියනවා..!!

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...