Friday, April 4, 2014

පාන් සහ රෝස Bread and Roses

ලංකාවෙදි කම්කරුවන් ගැන කතාබහ කරන සවිධාන ආදිය තිබිල තිබෙනවා. ඒ අය කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටලා තිබෙනවා. මේක අතීත කාලෙන් කියන්ට යෙදුනෙ දැන් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීම කියන එක ඉතාම දුර්ලභ දෙයක් වෙලා තිබෙන නිසා. කම්කරුවන් කිව්වාම සමාගමක ප්‍රධාන විධායක නිළධාරියාත් නීතිය අනුව කම්කරුවෙක්. 

සේවක අයිතිවාසිකම් ලබාගැනීම කියන්නෙ දීර්ඝ ඉතිහාසයක් තිබෙන මාතෘකාවක්. ලෝකයේ ඒබ්‍රහම් ලිංකන් මහත්මයා විසින් තහනම් කරන්නට කලියෙන් වහල් මෙහෙය කියලා එකක් තිබෙනවා. එතනදි වහල්ලු සලකලා තිබෙන්නෙ කරත්ත වල බඳින හරක් ගානට. ඒ මිනිස්සු බොහෝවිට කළු ජාතිකයින්. ඒ කළු ජාතිකයින් වහල් මෙහෙයට යොදාගන්න කතාවක් ආශ්‍රිත 12 years slave චිත්‍රපටියකට පසුගිය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය විදියට සම්මාන ලැබුනා. 

මේ කම්කරුවන්ගේ සහ සමස්ථ සමාජය තුල තැලෙන මිනිසුන් ගැන කතාකරන අය බොහෝවිට වාමාංශික මත දරන්නන් වෙනවා. බොහෝ වාමාංශීකයින්ගේ පූර්ව ආචාර්යවරයා ලෙස සලකන්නේ කාල් මාක්ස්. කාල් මාක්ස් විසින් සමාජයේ යාන්ත්‍රීකරණය හරහා කම්කරු ශ්‍රමයට අත්වෙන ඉරණම ගැන අලංකාර විදියට විග්‍රහ වෙලා තිබෙනවා. ඒ වගේම කතාවක් අපේ රටෙ හිටපු ලෝ පතල වියතෙක් වෙන ආනන්ද කුමාරස්වාමි මහත්මයත් 1900 තරම් ඈත කාලෙදි කියලා තිබෙනවා. 

කාල් මාක්ස් සහ විවිධ වාමාංශික දාර්ශනිකයින්ට දුක් විඳින,ශ්‍රමය ඉතාම ලාබෙට විකුනන මිනිසුන් ව විග්‍රහ කරන්න පුළුවන් වුනා. නමුත් කිසිම විටක ඔවුන්ට සැනසීම ලබාදීම කියන කාරණාව නම් ලේසි නැහැ. කාල් මාක්ස් ගේ තියරි සහ වාමාංශික දර්ශනය තේරුම් ගන්න අමාරුයි. නමුත් ඒ තේරුම් ගන්නවාට වඩා සිය දහස් ගුනයක් අමාරුයි සැබැවින්ම දුක් විඳින මිනිස්සු ඒ දුකින් මුදවා ගන්න එක. 

මම අවස්ථා ගනනාවකදී අපේ කන්තෝරුවේ වැඩකරන පිරිසිදු කරන්නියන් ගැන කතාකරලා තිබෙනවා. මේ තියෙන්නෙ ඒ ලියපු ඒවා කිහිපයක්. මේක ඉතාම ඛේදනීය තත්වයක්. එක මනුස්සයෙක්ට දෙන්නෙ රුපියල් හාරසිය පනහයි. වාඩිවෙන්න තැනක් නැහැ. බත් එක ලිහාගෙන කන්න කාමරයක් නැහැ. ඒ මිනිස්සු සමහරු ඉන්නෙ ටොයිලට් වලම මුල්ලක. ඒ මිනිස්සු කැන්ටිමට ගියාම සලකන්නෙත් වෙනස් මිනිස්සු කට්ටියක් විදියට. මම ඇතුලු ඒ මිනිස්සු මහත්තයා කියන ගොඩක් අය ඒ අයව නොදැක්කා වගේ යනවා. රුපියල් හාරසිය පනහ ගන්නත් ඒ මිනිස්සු දවස් පහේම වැඩට එන්න ඕනි. උදේ හයහමාර වෙනකොට ඇවිත් ඉන්න ඔනි. හතර හමාරට තමයි සේවය අවසාන වෙන්නෙ. 

මේ ලංකාවෙ පිරිසිදු කරන්නියන් අපේ කන්තෝරු වටපිටාවෙදි මුහුනදෙන තත්වය. පිට කියලා ලොකු වෙනසක් නැහැ. පාර අතුගාන මිනිස්සු කුනු බක්කිය අරගෙන යන මිනිස්සු මම ඉන්න කන්තෝරුවෙ සී මැදුරු කවුලුවෙන් පාර බලනකොට විටකදි පේනවා. ඒ වෙලාවෙදි අපේ කන්තෝරු සගයෙක් කිව්වා මචං දියුනු රටවල කාර් එකෙන් බැහැලා කුනු අස් කර්නනෙ. ටොයිලට් හෝදන මනුස්සය ලස්සනට ඇදල පැලදල කාර් එකේ එන්නෙ කියලා. එතකොට තව එක්කෙනෙක් කියනව ඇහුන. ලංකාවෙ නගර සබා කොම්පැනිවලින් ඇවිත් පාර අතුගාන ඔය මිනිස්සු සමාරවිට කවමදාවත් කාර් එකක ගිහිල්ලවත් නැතුව ඇති කියලා. 

මේ මම කන්තෝරුව කියනකොට සමාර යාලුවො මට හිනාවෙනවා. මේක මට වැරදීමක් නෙමෙයි. බොහෝ කාරණා අතින් සුද්දා ඔෆිස් කියලා කියන තැනින් අපේ කන්තෝරු වෙනස්. ඔවුන් ඔෆිස් කියල වචනෙන් හඳුන්වන වැඩකරන්න පහසු තෘප්තිමත් වටපිටාවක් අපේ කන්තෝරුවල නැහැ. හැම තැනම කැපිලි කෙටිලි.වැඩ කරනවා ට වඩා නොකර ඉන්න හේතු හොයන එක තමයි සිද්ද වෙන්නෙ. පිරිසිදු කරන්නියන් සම්බන්ධයෙනුත් එහමයි. ඒ මිනිස්සුන්ට අවශ්‍ය බඩු ඇඳුම්, ඉන්න හිටින්න තැන් මොකුත් දීල නැතුව වැඩකරන්න කියන මෝඩ වැඩ දැන් දියුනු රටවල ඔෆිස් වලින් ඈත්වෙලා. ඉතිං කට ඇරල අපි ඔෆිස් යනවා කියල මේ යටත්විජිත යුගයේ කන්තෝරුවට යන ගමනට කියන්න පුලුවන්ද? 

මේ මම අද විස්තර කරන ෆිල්ම් එක දුවන්නෙ පිරිසිදු කරන්නියන් පිරිසක් සිය විමුක්ති සටන මෙහෙයවෙන තැන ඉඳලා. මේක හරිම වේදනා සහිත එකක්. මේ ෆිල්ම් එක සටන ජයගැනීමෙන් සහ දුක් සහිත සිද්ධියකින් නිමා වෙනවා. නමුත් මේ විදියට සටන දිනන එක ඉතාම අහඹු දෙයක්. ඒ රටවලට වඩා මේ වගේ රටවලදි ඒ වගේ වෘත්තිය සටන් කියන්නෙ හීනයක් විතරයි. මේ චිත්‍රපටියෙ ඉන්න ලස්සන නිළඇඳුම් ඇඳුපු පිරිසිදු කරන්නියො දැක්කාම කස්ටියට ලංකාවෙ පිරිසිදු කරන මහත්මියන් සහ පිරිසිදු කරන සේවක මහතුන් මතක් වෙන්නෙ නැතිවෙයි. නමුත් මේ ඉන්නෙ අද ලංකාවෙ අපේ කන්තෝරු පාරවල් අතුගාන මිනිස්සු වගේම ජාතියක්ය කියලා හිතුවා නම් ටිකක් ගැඹුරට වදින චිත්‍රපටියක් බවට මේක පත්වේවි. 

ෆිල්ම් එකේ කතාව කෑලි ගලවලා වෙන් කරල විස්තර කරන්න තරම් සංකීර්ණ නැහැ. බොහොම ලස්සන මනබඳින ගෑනු ලමයෙකුත් ෆිල්ම් එකේ ඉන්නවා. හැන්ඩ්සම් කොල්ලොත් කිහිප දෙනෙක්ම ඉන්නවා. වෘත්තිය සමිති දේශපාලනය,ආදරය සහ ජිවිත ගමන එක්ක යන ලස්සන චිත්‍රපටියක්. 

http://www.imdb.com/title/tt0212826/?ref_=ttmd_md_nm

12 comments:

  1. //බොහොම ලස්සන මනබඳින ගෑනු ලමයෙකුත් ෆිල්ම් එකේ ඉන්නවා. //

    චිත්‍රපටය මුලදිම බලෙන් මොනාදෝ කරගන්නෙ මේ ලමයද??

    තාම මුල් ටික බොල බැලුවේ...

    ReplyDelete
    Replies
    1. බලෙන් මෙයාට මොනවද කරන්න යන එකක් නම් තියෙනවා..කරගන්න හදන එකක් නම් නැහැ.

      Delete
  2. මේ වගේ චිත්‍රපටියක් බැලීමෙන්වත්, හොම්බට දෙකක් ඇනලා කීමෙන්වත්, අපේ අම්බරු දේශපාලුවෝ වෙනස් වෙන්නේ නැති එක ගැනයි දුක.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කියන්නෙ මිනිස්සු අපේක්ෂා කරන පුද්ගලයින්...ගේ ස්වබාවය....දේශපාලකයින්ට මිනිස්සු ඉල්ලන්නෙ නැති දේවල් දෙන්න බැහැ..

      Delete
  3. තේ හදන්න,වැසිකිළිය පිරිසිදු කරන්න පාර අතු ගාන්න වෙනම අය මේ රටේටනම් නැහැ.ටයි කොට් ඇදගත්ත විධායක ශ්‍රේණි වල පොරවල් කිසිම අකැමැත්තක් නැතිව තමන්ට පැවැරුනු දවසේ නියමිත පිරිසිදු කිරිම් ටික කරනවා.එහෙමයි කියලා මේ කපේ දී ඔය වාගේ දෙයක් ලංකා වේ කරන්ඩ බෑ.
    අවුරුද්දු 15කට 20 කට කලින් ඒකල කිර්තිමත් ඇඟුලුම් සමාගමක ලොක්කත් ජපානයට ඇවිත් ඒ සිස්ටම් ඒක ලංකාවේ ක්‍රියා කරවලා බලන්න උත්සහා ගත්තා.උඩ ඉඳන් පහලට ලොක්කාට ජපන් උණ හැදිලා කියලා හිණා වේලා ,වැඩ මඟ හැරියා මිසක් අඩුම පහළ මට්ටමින්වත් සහයොගයක් ලැබුනේ නැහැ කියලා මං අහලා තියේනවා.

    ReplyDelete
    Replies
    1. එකපාර ලොකු දේවල් කරන්න බැහැ..නමුත් සැලකිය යුතු දෙයක් කල හැකියි..

      Delete
  4. මේ රුපියල් 450 දවසකටද? මාසෙකටද?

    ReplyDelete
    Replies
    1. රුපියල් හාරසිය පනහක් දවසට.. ඇමරිකන් ඩොලර් වලින් ගත්තොත් 4ක් විතර ඇති. දැන් ලංකාවෙ සාමන්‍ය නගබරද කඩේක බත් මුලක් රුපියල් එකසිය විස්සක් විතර වෙනවා.. ඒකත් කලාතුරකින් කඩේක..නැත්තම් බත්මුල රුපියල් එකසිය පනහක් විතර තමයි..

      Delete
  5. පිරිසුදු කරන්නියන්ගේ තත්වය අපේ ආයතනේදීනම් ගොඩක් හොඳට පවත්වා ගන්නවා. කැන්ටිමෙන් කෑම ගන්න උනත් ඩිපාර්ට්මන්ට් වල තියෙන ෆිල්ටර් වලින් වතුර ගත්තත් අපි ඒ අයට විරුද්ද වෙන් නෑ. මොකක් හරි හේතුවකට පිටින් කෑම මොනවාහරි (කේක් වගේ) ගෙනාවත් පුලුවන් හැම වෙලාවකම ඒ අයටත් කොටසක් දෙනවා.

    ReplyDelete
  6. අපෙ ඔෆිස් එකෙත් ඉන්නව කාන්තාවක්.අපිනම් ඔක්කොමහරි ආදරෙයි එයාට.අපිට හරිම හිතවත්.හරිම අවන්කයි.එයාටනම් ඔෆිස් එකෙ අය හොදට සලකනව.

    ReplyDelete
  7. කන්තෝරු සහ ඔෆිස් අතර වෙනස පැහැදිලි කර තිබීම අගය කොට සලකමි.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...