Tuesday, May 20, 2014

ප්‍රීති වෙසක් ඕනි එකක්

වෙසක් ඉවර වුනා. සමාර අය වෙසක් බලන්න ගිහින් තිබුනා. සමාරු වෙසක් නිවාඩුවට නිවාඩු ගත කරන්න ගිහින් තිබුනා. වෙසක් වලට කරන ලද දේවල් ගැන විවේචන ආදියත් තැන් තැන් වල තිබුනා. දන්සැල් ගැන තිබුනා.. නලා ගැන තිබුනා. 

මේ නලා ජාතිය අපේ අයගේ කණට වදයක්. මේක අද ඊයෙ ආපු වදයක් නම් නෙමෙයි මම හිතන්නෙ. ඒ වගේම මේ නලා වල සද්දෙ බාධාවක් වෙච්චි එකම කොට්ඨාශය අපිත් නෙමෙයි. ඔය නලා ගැටළුව පාපන්දු ලෝක කුසලාන වලදි පවා ආපු ගැටළුවක්. සමාර අය හිතන විදියට මේ අපේ රටේ ඉන්න මෝඩයො විතරයි නලා එහෙම ගහගෙන මහ සද්දෙන් වැඩ කරන කරන්නෙ. දියුනු රටවල ඉන්න සෝක් මිනිස්සු එහෙම නැහැ. මම අන්තර්ජාලයේ දැක්ක විදියට නම් නලා කේස් එකට රටවල් දියුනුද නැද්ද කියලා බලපාන් නැහැ. ඒ නලා ආතල් එක ගන්න සෑහෙන පිරිසක් ලෝකෙ ඉන්නවා. 

නමුත් වැඩේ තියෙන්නෙ මේකෙන් කණට දැනෙන ආතල් එක ටික වෙලාවකින් පස්සෙ බෝරින් වෙන එකයි. නමුත් පිඹින අයට ඒකෙ බෝරින් එකක් දැනෙන් නැහැ. 
දික්වැල්ල පෙරහැරවල මූලික අංගයක් වන මහ බඹා.

දන්සැල්..
දන්සැල් හොදයි. කොළඹ දන්සැල් පටන් ගන්නෙ රෑට. නමුත් මාතරින් එහාට අපේ ගම දිහා දන්සැල් මුලු දවස පුරාම බොහෝ වෙලාවට තියෙනවා. කොළඹ ඉන්න ජනගහනෙත් කොළඹට වෙසක් වලට එන පිරිසත් එක්ක බැලුවම වැඩේ සාධාරනයි. මොකෝ දීල පිරිමහන්න පුලුවනෑ දවස තිස්සෙම. මම කෑම කන්න ගිය මරදානෙ කඩේක මිනිස්සු කතාවුනා කඩල කිලෝ 50ක ප්‍රමාණයක් තැම්බුවාම ඒක ඉවර වෙන්න විනාඩි 10ක්වත් ගියේ නැහැය කියලා. ඒ තරමට සෙනඟලු. 

අපි ගෙදර හිටියාම හිතනවා. අඩේ දැන් මිනිස්සු වෙසක්බලන් නැහැ. අපි විදියට ඔන්ලයින් හරි ටීවි වෙසක්හරි බලනවා ඇති කියලා. නමුත් පාරකට බැස්සම තමයි මිනිස්සු බලාගන් ඇහැක් වෙන්නෙ. 

පෙරහැර ආතල්..
වෙසක් වලට අපේ පැත්තෙ තියෙන ප්‍රධාන පෙරහැරවල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් දික්වැල්ලෙ තියෙන පෙරහැරවල් විශේසයි. ඇසල එකට පෙරහැරවල් තියෙන්නෙ බොහෝ වෙලාවට දේවාල වල. වෙසක් පෙරහැරවල් තියෙන්නෙ විහාර වල. වැවුරුකන්නල, බතීගම,කුඩාවැල්ල වගේ පැතිවල ලොකු පෙරහැරවල් යනවා. ඉතිං ඔය පෙරහැරක් පාර පුරා යද්දි ඒ ට්‍රැෆික් එකකට මාත් අහුවුනා. මම හිටියෙ බස් එකක. බස් එක පැය තුනක් එකතැන. මොකද පෙරහැර පාරම බදු අරන් යනවා. 

බස් එකේ හිටිය සාමාන්‍ය මගී ජනතාවගේ පැත්තෙන් බැලුවොත් පට්ට අසාධාරනයි. නමුත් ඉතිං අති බහුතරයක් පෙරහැර බලන පිරිස එක්ක බැලුවම ඒ මුලු බස් හෝ වාහන වල ගිහිපු මිනිස්සු සාමාන්‍ය පිරිස පෙරහැර බලපු පිරිසට වඩා අඩුයි. වැඩි මතයට මුල් තැන නම් පාර වැහුවට කමක් නැහැ කියන එක තමයි අනුමත වෙන්නෙ. කෝම නමුත් මේ පාර වහන්නත් හේතුබූත වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි පෙරහර බලන්න සෙට් වෙන අධික ජනතාව. මේ ජනතාව වැඩි නිසා පාරෙ එක පැත්තක් ඕපන් කරලා බැහැ. දෙපැත්තෙන්ම මිනිස්ස පෙරහැර බැලුවෙ නැත්තං මිනිස්සු ගොඩකට පෙරහැර මිස් වෙනවා. ඒතරං සෙනග..

ගෙදර ඉන්න ළමයි බමයි ආච්චිල සීයල විතරක් නෙමෙයි සමාර වෙලාවට ගැබිණි මව්වරු පවා විසාල බඩවල් එක්ක මේ සෙනග ගොඩවල් අස්සෙ තෙරපිල බඩේ ඉන්න දරුවටත් පෙරහැර පෙන්වන්න එනවා. මේක අපිට අවුල්. මොන වදයක්ද මේ කියලා හිතෙනවා.  ඒ විදියෙ ගැබිණි මාතාවන්ට හෙම හැමෝම ඉඩදෙනවා පෙරහැර බලන්න. කෝම නමුත් මං මේ කිව්වට මාත් බඩේ ඉන්න කොට එක පෙරහැරක් හරි බලන්න යන්න ඇති. 

අපේ අම්මත් ඉස්සර ඔය පෝය දවස් වල ලොකු පන්සල් වලට යන්න පෙරහැරවල් බලන්න යන්න කානිවල් බලන්න යන්න හරි කැමති. අපි පුංචි ලමයිය් කියල නැහැ බස් එකක නැගල ඔහේ යනවා කාන්ඩෙම වෙසක් බලන්න.වැවුරුකන්නල, වෙහෙරහේනෙ හෙම තියෙන අලී විසාල බුදු පිළිම පෝය දවසට වන්දනාමාන කරගන්න එක මහත් වාසනාවක් කියලා තමයි අපේ ගම් වල සමහර අය හිතන්නෙ. 

මේ පාරත් වෙසක් බලන්න අපේ ගම දිහා ආපු මිනිස්සු ගොඩක් ඇවිත් තිබුනෙ ඩිමෝ බට්ටා ටයිප් පොඩි වාහන වල. ඒවයි මොකක් හරි පුටු කැලි තුන හතරක් දාගෙන දහයක් දොලහක් නැගල එනවා පෙරහැර බලන්න.  වෙසක් බලන්න. ඔහොම ආවම ඉතිංගොඩක් වෙලාවට බුද්ධාලම්බන ප්‍රීතිය කිව්වට එතන තියෙන්නෙ වෙනමම ආතල් එකක්. ටැට්ටර් වලට වඩා ඩිමෝ බට්ටා ටයිප් එක ලේසියි. ඉක්මන්ට යනවත් එක්ක නේ. 

මේ පාර ආන්ඩුවෙන් දන්සැල් බලන්න මහජන සෞඛ්‍ය මහත්වරුන් යොදවලා තිබුනා.ඒක හොද වැඩක්. කවුරු කලත් හොද දේට හොදයි කියන්න එපාය.ඒ වගේම කෑම දන්සැල් ගැන කිව්වොත් ගොඩාරියක්මේ තැන්වල තිබුනෙ අයිස් කිරිං දංසැල්.කෑම බීම වලින් දන් නොදීපු දෙය්ක හොයාගන් අමාරුයි. එක එක ජාතියෙ විවිධාකාර දන්සැල්රට පුරාම තිබුනා.එටිසලට් සමාගමෙන් ගාල්ලෙ කණ්නාඩි දන්සලකුත් දෙනව දැක්ක. ආච්චිල සීයල පෝලිමෙ හිටියා වෙසක් මහා කණ්නාඩි ගන්න. 

අපේ කන්තෝරුවල ඉන්න ලොකු මහත්වරු සහ ගොඩක් සල්ලි තියෙන මිනිස්සු මේ වගේ දිග නිවාඩු ආවම කරන්නෙ විනෝද ගමන් නිවාඩු සවාරි යන එක. ගමේ අය අවුරුද්ද සමරද්දි නුවර එළියෙ සුව විඳින්න කොළඹ ඉන්න මුදල් තියෙන අය යනවා. ඒ මුදල් හදල් තියෙන අයට සාමාන්‍ය දවස් හරිම පීඩනයක් විදියට පේනවා. ඉතිං නිවාඩු දවස් වල පීඩනය අඩුකරගන්න මොකක් හරි නිවාඩුවක් නිවාඩු ගතකරන තැනකට වෙලා ගතකරන්න ඕනි කියලා හිතනවා. 

නමුත් ඉතිං ගම්වල ඉන්න මිනිස්සුන්ට ජීවිතේ මේන්න මේ කෑල්ල පීඩනේය. මේන්න මේ කෑල්ල සතුටය කියලා ලොකු වෙනසක් නැහැ. වැඩ කරන ගමන්ම විනෝදයත් ගන්නවා.ඒ වගේම පෝයට අවුරුද්දට නිවාඩු ලැබුනාම එයාල සැනකෙලි උත්සව සංවිධානය කරලා තව ටිකක් බිසී වෙනවා. නැත්තං ඒවා බලන්න පෝලිම් වල යනවා. ඒක වෙනමම විනෝදය විඳින විදිහක්. 


මං ට්‍රැෆික් එකට අහුවුනේ බතීගම වෙසක් පෙරහැරට. ඒ වෙසක් පෙරහැරට නැටුං කන්ඩායම් ගන්න මුස්ලිම් ව්‍යාපාරිකයිනුත් උදව් කරලා තිබුනා. ඉතිං නිවේදකයෙක් ලයිට් කණු ගානෙ බැදලා තිබුන ලවුඩ්ස් පීකර් වලිං පෙරහැරට උදව් කරපු ව්‍යාපාරිකයින්ට, දේශපාලකයින්ට, ප්‍රභූවරයින්ට පිං දෙනවා, නිවන් සැප පතනවා. දිව්ය ලෝකෙ සම්පත්තිය පතනවා ආදී දේවල් කරනවා. ඔහොම කරලා එනවා මුස්ලිම් ව්‍යාපාරිකයින් ආධාර කරපු තැනට. එතන්ට ආවම නිවේදකයා හිර වෙනවා. මොකද මුස්ලිම් අයට කරන්න වෙන්නෙ ස්තූතිය විතරයි නේ. එයාල ගේ ආගම වෙනස් නේ..නෝ නිවන්, නෝ දිව්ය සැප, නෝ පින්..

මොනවා නමුත් උගත් බුද්ධිමත් පිරිස සාමාන්‍ය සමාජයට වඩා වැඩි සයිබර් අවකාශයට වඩා ඒ මිනිස්සු ආකල්ප වලින් උසස්. පංසල් වල හිටපු ඇත්තොත් අපි තන්බින් ගෙන් ආධාර ගන්නෙ නැහැය කියලා මහා උඩගු කමකින් ඉන්නෙ නැතුවඒ මුස්ලිම් පිරිසත් ගමේ පෙරහැරට දායක කරගෙන තිබුනා.ඒ වගේම මුස්ලිම් අයත් අපේ ජාතිය වෙනස්ය. අපේ පල්ලිය වෙනස්ය කියලා හිතන්නෙ නැතුව ආධාර දීල තිබුනා. කවුරු මොන විදියට දැක්කත් සාමාන්‍ය ජීවිතයේදි අපිට මුස්ලිම්ය, දෙමලය, ක්‍රිස්තියානිය කියලා හැමදාම වෙන්වෙලා වෛරක්කාරයො වෙන්න බැහැ.ඒ මිනිස්සු ඒ විිදියට එකතු විම ගැන නම් මට ඇති වුනේ සතුටක්. 

කෝම නමුත් මම මේ ලිපිය ලියන්න හේතු වුනේ. සයිබර් වාසී සමාර කුහක ජනතාවට අනුව මේ විදියට විකාර පෙරහැර, තොරන්, දන්සැල්, කූඩු ආදිය එක්ක වෙසක් සමරන එක වැරදියි. නමුත් මම කියන්නෙ මේ අපි අයිති අද දවසේ සංස්කෘතිය. අපිට ඒක දිරවන්නෙ නැහැ කියලා අපි ඒ විනෝද වෙන මිනිසුන්ගේ විනෝදය දිහා පහත් විදියට බලන එක වැරදියි. අපිට පොඩ්ඩක් වාහනේ පරක්කු වුනා කියලා එහෙම නැත්තං කණ පල්ලෙන් නලා සද්දෙ ඇහුුනා කියලා රටට ජාතියට සහ මිනිස්සුන්ට වෛර බැඳගන්න එකත් වැරදියි. 

ජාතියක් විදියට හෝ මොකක් හරි විදියට අපි ඉ්සසරහට යන්න නම් එකිනෙකාගේ විනෝදය ඉවසන්න හැකියාවක් අපිට තියෙන්නට ඕනි කියලයි මම නම් හිතන්නෙ.

15 comments:

  1. නමුත් අපේ ජොලිය පමණක් නොව අනුන් ගේ අපහසුව ගැනත් සිතිය යුතුය.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම එසේ විය යුතුයි. අද වෙසක් සමරන හැටි දැක්කම බෞද්ධ දර්ශනය සහමුලින්ම අමතක කරපු බවක් පේනවා. වෙසක් යනු සංස්කෘතික උත්සවයක් නොව ආගමික දිනයක් බව අමතක කරපු නිසා තමයි මේ විදියට කටයුතු සිද්ධ වෙන්නේ. බෞද්ධයෝ විදියට අපි කටයුතු කල යුත්තේ නිවන අරමුණු කරගෙන යි. එ්ක තමයි බුදුරදුන්ට කරන්න පුලුවන් ලොකුම ගෞරවය.

      Delete
  2. කෝම නමුත් මම මේ ලිපිය ලියන්න හේතු වුනේ. සයිබර් වාසී සමාර කුහක ජනතාවට අනුව//
    අමිලය ඕව ඒ අදාල තැනම කීව නං හොදයි කියල හිතෙන්නෙ නැද්ද...
    මොනා වුණත් තමන්නෙ ජොලිය තරංම ඒ හිංද අපාසුතාවට පත්නවන ජනගාව ගැනත් එත තප්පරේකට හරි හිතන්න පරාර්තකාමී වෙනව නං තමා හොද...

    මට මේක කියවද්දි දැනෙන හැම දේම මෙතන ලියන්න යන්නෙ නෑ... මොකද ඔයා කියවපු සමහර පෝස්ට් වල තිබ්බ ඒව මෙතන තියෙනව දැක්ක හිංද... ඔයා කරන්න තිබ්බෙ ඕන එකක් දෙකයි පණහයි කිය ඒ ඒ තැනම කියල එන්න

    ReplyDelete
  3. බොහොම රසවත් සහ දීර්ඝ 'පෙරහැර විස්තර කථනයක්' :D

    ඉතින් අර නිවේදකයාට කියන්න පුළුවන් මුස්ලිම් අයට, ඔබට අල්ලා දෙවිඳුන්ගේ ආශිර්වාදය නිබඳවම ලැබේවා කියලා.

    ReplyDelete
    Replies
    1. බෙබසෙ ලගපාතක හිටියනං කම්මුතුයි නේද

      Delete
  4. ඉස්සර වෙසක් බලන්න ගියේ අත්ටැක්ටරේ පිටිපස්සෙ එල්ලිලා.. රෑ නිදිමරාගෙන පෙරහැර බලනවා දන්සල් වඳිනවා.. එ් අතීතය මතක් වෙනවා...

    ජය වේවා!!!

    ReplyDelete
  5. ඔය නලානං මහ වදයක් මතකද එදා මැච් එක දවසේ ඒ නලා අපට දුන්න වදයක්..

    ReplyDelete
  6. එතකොට බලුපුකෝ උබ කියන්නේ වෙසක් බලන්න එන එවුන් සක්කිලි විදියට නලා ගහන එක හරි කියලයි.සුවර් එකටම උබත් ඒ බලුපුකක් කටේ ගහගෙන පාරේ හිටිය කෙල්ලගේම කන් අඩි පල පල වෙසක් බලන්න යන්න ඇති.උබේ ගෑනු ගැන කෙරුවාව උබම ලියලා තීනවනෙ.උබල වගෙ බලුපුකාලට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම්.අම්මපා.නලා කාරයො මිනිස්සුන්ට දුන්න වදෙ සාදාරනයි කියන මුන්ව තමයි ඉස්සෙල්ලම එල්ලන්න ඕනෙ.උබේ කන් දෙක දෙපැත්තෙන් නලා දෙකක් ගිරිය පුප්පගෙන ගැහුවම උබට තේරෙයි බලුපුකෝ ඒකේ රගේ.උබට සැරේකුත් කීවා උබේ ඔලුවේ තියෙන වසන්ගත අදහස් කුනුකන්දල් මේ බ්ලොග් බලුපුකෙන් මිනිස්සුන්ට පටවන්න එපා කියල.උබට ලියන්නම ඕනෙනන් වැදගත් දෙයක් ලියහන් නැත්තන් මේවගේ සක්කිලි වැඩ සාදාරනයි කියලා ලියන බලුපුකවල් නොලිය හිටපන්.

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්වා.තෑන්ක්ස්.මූට මානසික අසහනය....!මේ වගේම එකෙක් ඉන්නවා ගොසිප් ලන්කා එකේ කමෙන්ට් කරන ලක්ශාන්1993 කියලා,හැම එකේම අනිත් පැත්තමයි පේන්නෙ.මූමද දන්නෙ නැහැ.

      Delete
  7. ඔය බෞද්ධ මුස්ලිම් ක්‍රිස්තියානි වලිය අවුලවන්නේ ඒ ඒ සමාජවල ලොක්කො මිසක් පොඩෛ මිනිස්සු නෙමෙයි.පොඩි මිනිස්සුන්ට ඔය කෝකත් එකයි.

    ReplyDelete
  8. //එයාල ගේ ආගම වෙනස් නේ..නෝ නිවන්, නෝ දිව්ය සැප, නෝ පින්..//

    අහල නෑද්ද ඒ දිව්ය ලෝකෙ වර්ජින්ස් ල ගෑන

    ReplyDelete
  9. // ජාතියක් විදියට හෝ මොකක් හරි විදියට අපි ඉ්සසරහට යන්න නම් එකිනෙකාගේ විනෝදය ඉවසන්න හැකියාවක් අපිට තියෙන්නට ඕනි කියලයි මම නම් හිතන්නෙ.//

    වෙසක් දවසට කෙරෙන සැනකෙලි, ලවුඩ්ස්පීකර්, අමුතු පැටර්න් එකේ සංදර්ශනාත්මක සිල් වැඩ පිලිවෙලවල්, පූජා එන්න එන්න වැඩි වෙනවා කියල හිතෙන්නෙ නැද්ද. මේව සම්ප්‍රදායවල් රැකීම් ම නෙවෙයි ගොඩක් වෙලාවට අලුතෙන් එකතු වෙන අයිටම්. බන අහනව මිසක් අස්සනව කියල එකක් තිබුනෙ නෑනෙ අපේ සීයල ගෙ කාලෙ.

    ගාලු පාර කියන්නෙ ගාල්ලෙ ඉඳන් හම්බන්තොටටත් එහා අමාරු ලෙඩෙක් උනත් කරාපිටියට අරන් එන්න තියන පාර නේද? පැය තුනක් රස්තියාදු උනේ අමිල විතරක් නෙවෙයි නේද?

    ReplyDelete
  10. තම්බිලා උදව් කල එක කියන්නමද මේ බ්ලොග් පිටුව ලීවේ කියා සිතෙයි. බෞද්ධ දර්ශනය කියන්නේ මැටි ගොඩක් කියලා කිවු මෙම පොලොම්මාරුවේ ප්‍රාඥයා ගැන මොන කතාද?මට හරි විනෝදයි මෙම බ්ලොග් පිටුවට ගොඩ වී හිනා කාලා මැරෙන්න. ලියන්න ඒවා නැතුව බංකොලොත් වුනාම මෙහෙම තමයි.

    ReplyDelete
  11. දැන් බලන්න අපේ ඔස්ට්‍රේලියාවෙ නවසීලන්තෙ සහ වෙනත් රටවල ඉන්න ලංකාවෙ ඉන්න බෞද්ධ පිරිස වෙසක් සමරන ආකාරය. ඔවුන් පිරිස එකතු වෙලා ලොකු ක්‍රීඩාංගනයක් හෝ එවැනි අවකාශයක් කුලියට ගන්නවා. ඉන් පස්සෙ ඒක ඇතුලෙ භක්ති ගීත වෙසක් නාට්ටි,තොරන්,කූඩු සහ දන්සැල් තියෙනවා. එතනදි අනික් අයට බාධාවක් නැහැ. ඒ රටවල තියෙන්නෙ එක් තෝරාගත් කාලයකදී මහජනතාව හැම පිරිසකටම සීමිත ලෙස තමුන්ගේ විනෝදය ලබාගන්න පුලුවන් විදියක්..

    දැන් හිතන්න සමාන්තර බෞද්ධ රටකදි මර්වින් සිල්වා කියලා කොල්ලෙක් දන්සැලක් දෙනවා.දන්සැල දෙන්නෙ පාරම වහගෙන කෑ ගහගෙන හරියට පාකින් නැහැ. වාහන ඔක්කොම පාරෙම නවත්තල තියෙන්නෙ. පාර අවහිර වෙලා . ඔතනින් යන්න එනවා තිලින ගමගේ කියලා ආන්ඩුවෙ ලොකු පොරක්. දැන් තිලිණ ගමගේ කියන කෙනාටද වැඩිපුර බලය තියෙන්නෙ කියන කාරණාව අනුව ඉන් පස්සෙ සිදුවෙන දේ තීරණය වෙනවා. එක්කෝ දන්සැල මදකට නවත්වලා වාහන අයින් කරලා තිලිණ ගමගේ ගමන යනවා. නැත්තම් මර්වින් සිල්වා තමුන්ට අවැසි විදියට දන්සැල ඉවර කරනකල් අරයා බලාගෙන ඉන්නවා. සමාරවිට ඒ දෙකම නැතුව කේන්තියෙන් වුනත් හිනාවෙලා ගිහින් තිළින ගමගේ මර්වින් සිල්වගේ දන්සැලෙන් කනවා.

    ඒ දියුනු රටවලදි එක සලකන ලද වෙලාවකදි මිනිස්සු කොට්ඨාශ රාශියකට සීමාසහිතව තමුන්ගේ විනෝදය ලබාගත හැකියි. නමුත් ලංකාවෙදි සිදු වෙන්නේ ඒ කාලයේදී, ස්ථානයේදී, බලවත් වන අය විනෝද වෙද්දි අනික් අය අකමැත්තෙන් බලාගෙන සිටිනවා.

    මෙහෙ දන්සැල් පවත්වනවිට හෝ පෙරහැර තියන කොට පොලිසියට ඒ ගැන සීමා පනවන්න තිබුනා. විකල්ප මාර්ග හදලා දෙන්න තිබුනා. නමුත් එහෙම වෙන්නෙ නැහැ. එතනදි දන්සැල හෝ පෙරහැර කරන අය බලවත් නම් පොලිසිය ඒ අයට අවස්ථාව දෙනවා. එතනදි පාරෙ යන මිනිස්සු අතර ටිකක් විසාල අය ඉදලා එයාල බලවත් නම් එයාලට අවස්ථාව ලැබෙනවා. ඒ වගේ වෙලාවකදි එම්බියුලන්ස් ගියේ නැතත් මැතිවරුන්ගේ වාහන නම් යාවි කිසිම අවුලක් නැතුව.

    එකම වෙලාවකදි බොහෝ කොටස් වලට විනෝද වෙන්න නම් හැමෝම තමුන්ගේ විනෝදයට සීමාවක් දානවාට කැමති වෙන්න ඕනි. පාලකයෝ කියන ජාතිය හැමෝටම එකම වෙලාවකදි විනෝදය ලබාගත හැකි වන විදියට පද්ධතිය සකසන්න ඕනි. නමුත් මෙහෙදි හැමෝම හිතන්නෙ තමුන්ගේ විනෝදය ගැන පමණයි.

    කාලයකදි වෛද්‍යවරුන් තමුන්ගේ විනෝදය සම්පූර්ණ නැහැ කියලා වැඩ නවත්වනවා. ඉන් පස්සෙ හෙදියො, දැන් දුම්රිය සේවකයෝ, විශ්ව විද්‍යාල සිසුන්, බස් හිමිකරුවො. ..ඒ අයගේ ඉල්ලීම් බැලුවොත් එයාල ඉල්ලන සියල්ල දුන්නොත් බොහෝවිට තවත් පිරිසකගේ විනෝදය අහිම ිවෙනවා. නමුත් එක වරකට එක් පිරිසකට පමණක් විනෝද වීමට අවස්ථාව ලැබෙන නිසා එයාල විනෝදය ලබාගන්න අරගල කරන කල් අනික් පිරිස බලාගෙන ඉන්නවා.

    මේක ටිකක් ගැඹුරුයි. සමාර විට අනික් කෙනා විනෝද වෙන අවස්ථාව නැති කිරීමම සමහර අයගේ විනෝදය බවට පත්වෙනවා. ඒ වගේ කාරණා අතින් අපේ සමාජය තාමත් පසුගාමියි. අනික් මනුස්සය වෙනුවෙන් පොඩි හරි කැපකිරීමක් නොකරන අනිකාගේ විනෝදය අවහිර කිරීම සතුටක් කියලා හිතන තාක්කල් අපි මෙතනින් ඉදිරියට යන්නෙ නැහැ.

    මෙතනදි බස්වල හිටපු අය, ඒ පාරෙ වෙසක් නොබලා වෙනත් ගමන් ගිය අයට ලොකු අසාධාරනයක් වෙනවා. වෙසක් සමරන්නෙ නැති පාර අයිනෙ ඉන්න මිනිස්සුන්ට නලා වලින් ලොකු හිරිහැරයක් වෙනවා. ඔය පාර මැද තියෙන දන්සැල් පෙරහැර සංවිධානය කරන පිරිස් අතර..බොහෝවිට..ෂහ් එච්චර සෙනගක් පාර පැය හතරක්ම වැහෙන්න සෙනග හිටිය නේ“ කියන අයත් ඉන්නවා.

    දැන් මුලට එමු. අර දියුනු රටවල වගේ ජනාකීර්ණ නගරාසන්නව විශාල අවකාශ සකස් කරලා ඒවයේ මහජනතාවට වෙසක් එකට විනෝද වෙන්න අවකාශ දීල දන්සැල් ආදිය ඒවට ගෙනල්ල පවත්වන තත්වෙයක් ගැන අපිට හිතන්න පුලුවන්ද? හැමෝටම ඕනි අපි සංවිධානය කරන දන්සැල අපේ ගමේ අපේ පාරෙ ඉදගෙන පාරෙ යන අයට ඔෆර් කරන්න.

    ReplyDelete
    Replies
    1. යන්නෙ කොහේද, මල්ලෙ පොල්.....!

      Delete