Friday, May 9, 2014

නාගර්ජුන සාගරය Nagarjuna Sagar

නාගර්ජුන සාගරය වනාහී මෑත ඉතිහාසයේ මිනිසුන් විසින් බර යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව තනන ලද විශාල ජලාශයකි. මේ අන්දමින් බර යන්ත්‍රෝපකරණ රහිතව තනන ලද කෘතිම ජලාශ වලින් මෙම නාගර්ජුන සාගරය අග්‍රස්ථානයේ පවතින බව  විද්වතුන්ගේ අදහස වී තිබේ. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්ථයේ පිහිටා ඇති නාගර්ජුන සාගරය 1955 දී වැඩ ආරම්භ කොට 1967 දී වැඩ නිමකරන ලද්දකි. එවකට ඉන්දියාව පිටරටින් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ මුදල් හිඟයකින් පෙළුන හෙයින්ද බොහෝ ජනයාට සෙත සැලසෙන කර්මාන්තයක් වූ හෙයින්ද නාගර්ජුන සාගරයේ වැඩ ආර්ම්භ කරන ලද්දේ එවකට අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු මහතා විසින් 1955 දෙසැම්බර් මස 10 වෙනිදාය. එම මහා සාගරයක් බඳු නාගර්ජුන සාගර් විවෘත කරනු ලබන්නේ 1967 දී එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනිය විසිනි. 
නාගර්ජුන ජලාශයේ පිටවාන
 නාගර්ජුන සාගරය කෙතෙක් විශාලදැයි දැනගන්නට අපිට සැපයෙන එක් ඉඟියක් නම් එයින් ජලය නිකුත් වෙන වම් සහ දකුනු ඇලයි. එහි දකුණු දිග ඇලෙන් කිලෝමීටර 204 දිගට යනතෙක් කෙත්වතු සාර කරමින් ජල විදුලිය උපදමින් ජලය ගෙනියන අතර වම් ඇලෙන් කිලෝමීටර 290කටත් වඩා දුරකට ජලය ගෙනයනු ල‍ැබේ...මෙම වම් සහ දකුනු ඇලවල් දෙකෙන්ම අතර මගදී ජල විදුලිය උත්පානය කරනු ලබයි. එතරම් විශාලතර ජලාශයකි මේ නාගර්ජුන සාගරය. 

මෙහි ඉදිකිරීම් උස මීටර 150ක් පමණ වන අතර මීටර් 1600ක් පමණ මෙම වේල්ල දිගු වේ. මෙයින් ලැබෙන ජලයෙන් වර්ග කිලෝමීටර 5000කට අධික වපසරියක ඇති වගා කටයුතු වලට ජලය සැපයේ. මේ මහා වේලි කර්මාන්තය හේතුවෙන් ජලයේ ගබඩා කරගත් විභව ශක්තියෙන් මෙගාවොට් 800ක ධාරිතාවයක ජල විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවද ඇත. (ලංකාවේ දැනට නිපදවෙන සමස්ථ ජල විදුලිය ධාරිතාව මෙගාවොට් 1500කි)
Official name నాగార్జునసాగర్ ఆనకట్ట
Nagarjuna Sagar Dam
Location Nalgonda/Guntur districts, Andhra Pradesh
Coordinates 16°34′32″N 79°18′42″ECoordinates: 16°34′32″N 79°18′42″E
Construction began 10 December 1955
Opening date 1960
Construction cost 1300 crore rupees
Dam and spillways
Impounds Krishna River
Height 124 metres (407 ft) from river level
Length 1,550 metres (5,085 ft)
Reservoir
Creates Nagarjuna Sagar Reservoir
Total capacity 11,560,000,000 m3 (9,371,845 acre·ft)
Active capacity 5,440,000,000 m3 (4,410,280 acre·ft)[1]
Catchment area 215000 km² (83012 sq mi)
Surface area 285 km2 (110 sq mi)
Power station
Commission date 1978-1985
Turbines 1 x 110 MW Francis turbines, 7 x 100.8 MW reversible Francis turbines
Installed capacity 816 MW
මේ විකි පිටුවේ තොරතුරු වලින් නාගර්ජුන සාගරය ගැන සංඛාත්මක තොරතුරු ඔබට පහසුවෙන් බලාකියා ගත හැකිය. 

නාගර්ජුන කොන්ඩ

මේ නාගර්ජුන යන නාමය ක්‍රිස්තු වර්ශ 225ත් 325ත් අතර මේ පලාතේ විසූ ප්‍රකට බෞද්ධ ස්ථානයක නමකි. නාගර්ජුන කොන්ඩ යනුවෙන් හැදින්වෙන්නේ නාගර්ජුන කන්ද යන අදහසයි. කොන්ඩ යනු තෙලිඟු බසින් කන්ද හෝ ගිරිහිස ඇඳින්වීමට යොදන වචනයකි. අප කොන්ඩ කැවුම් යැයි පාරම් බාමින් කන්නේ පුරාණයේ තෙළිඟු කෑමක් දයි දන්නේ නැත. නාගර්ජුන කොන්ඩ නැමැති මේ ස්ථානය ආසන්න නාගර්ජුන සයුරටද කොටසක් යටවූ බෞද්ධ නටඹුන් රාශියක් ස්ථානගතව ඇත. මේ කාල ප්‍රාන්තරය සලකා බලන විට ලංකාවේ රජවරු කිහිප දෙනෙක්ම සිට ඇති අතර එයින් මහසෙන් රජතුමා ප්‍රකට රජෙකි. නාගර්ජුන කොන්ඩ නැමැති මේ ස්ථානයේ තිබූ විශ්ව විද්‍යාලයකින් බෞද්ධ ධර්මය බෙදාහල බවත් එකල ‍මෙහි බෞද්ධ ශිෂ්ඨාචාරය බලවත්ව පැවති බවත්  කැණිම් වලදී හමු වූ පුරාවස්තු අධ්‍යන වලින්‍ පෙනී යයි. 

මේ බුදුපිළිම වහන්සේ නාගර්ජුනකොන්ඩ නැමැති ස්ථානයෙන් සොයාගන්නා ලද පුරාවස්තු අතර ප්‍රකට එකකි. 

උක්ත නාගර්ජුන සාගරය තැනීමේදී මේ බොදු පුරාවස්තු ඇති බිමෙන් කොටසක් වතුරට යට වන බව පෙනි ගොස් තිබේ. ඉන් පසු‍මේ විහාරාරාම ආදිය උගුල්ලුවා ගෙන ගොස් වෙනත් තැනක පිහිටවන්නට ඉන්දීය බලධාරින් ක්‍රියාකොට අැත. පුරාවස්තු සියල්ලම උගුල්ලුවා නැවත පිහිටුවා ඇතැයි සිතන්නට බැරි වුවත් බොහෝ ඒවා නැවත ප්‍රතිනිර්මාණය කොට ඇති බවක් ආරංචි මාර්ග බැලූවිට පෙනී යයි. 
නාගර්ජුනකොන්ඩ විහාරයේ පුරාවස්තු කිහිපයක්

මේ නාගර්ජුන සයුර ඉන්දීය ඉන්ජිනේරු ශීල්පින්ගේත් මහජනයාගේත් ධෛර්ය විදහාපාන එක්තරා නිමැවුමකි. නාගර්ජුන සයුර තැනීමට ඉන්දීය පුරවැසියන් 45,000ත් 70,000ත් අතර පිරිසක් දොලොස් වසක් තිස්සේ වෙහෙස වී ඇත. එහිදී උණ බම්බු වලින් තැනූ විශාල අට්ටාල මත සිට ගල් සහ කොන්ක්‍රීට් ප්‍රවාහනය කරමින් ඉතා වෙහෙසකර පසුබිමක මේ කම්කරු පිරිස සිය දෑ‍තේ ශ්‍රමය වගුරුවමින් මේ නාගර්ජුන සයුර වෙනුවෙන් දහදිය හෙලන්නට ඇත. මේ ඉදිකිරීම් කර්මාන්තය අතර හදිසි අනතුරු වලින් මනුෂ්‍යයින් 175ක් පමණ පරලෝ සැපත් වූ බව ද වාර්ථා වල සඳහන් වෙයි.


නාගර්ජුන සයුර තනන අවස්ථාවේ ගත් දුර්ලභ පැරනි සේයාරුවක්
මේ ඉන්දීය විශ්වකර්ම කර්මාන්තය හේතුයෙන් ලංකාව තරම් වූ විශාල වපසරිය මනුෂ්‍යයින්ට එකල විදුලිය බලය බෙදාදීමේ අවස්ථාව ලැබි තිබුනි. මේ හරහා නල්ලමල වනාන්තරයෙන් පෝෂනය වූ  ක්‍රිෂ්ණා නදියේ ජලය මිනිස්සු රාශියකට වැදගත් වන ආකාරයට පරිභෝජනය කිරීමේ මහගු අවස්ථාවක් පහල විය. ‍මෙයින් අපිට ලබාගත හැකි ආදර්ශයක් නම් ජනතාව විශාල ප්‍රමාණයක් රක්ෂා නැතිව සිටින අවස්තාවක විශාල යන්ත්‍රෝපකරණ සහ නවීන තාක්ෂනය මතම යැපෙන්නේ නැතිව මනුෂ්‍ය ශ්‍රමය භාවිත කරමින් වඩාත් සමාජයට ඵලදායී ලෙස විශාල සංවර්ධන ව්‍යාපෘති සිද්ධ කිරීමයි. ඒ හරහා සංවර්ධනය සඳහා යෙදවෙන මහා ධනස්කන්ධයේ සැලකිය යුතු කොටසක් අදාල සමාජයේ දුප්පත් ජනතාව අතරම බෙදී යයි. අනාගතයේ මේ වාරිකර්මාන්ත ආදියේ ප්‍රතිලාභ ලබන්නෝද ඒ මහා වාරිකර්මාන්ත තැනීමට ශ්‍රමය දුන් ඒ අසබඩ ජනතාව නිසා ඔවුන් වඩාත් භක්තියෙන් සහ ගෞරවයෙන් එම වාර් කර්මාන්ත දෙස බැලීමටද මෙය හේතුවක් කොට ගනු ඇත.

13 comments:

  1. මිනිස් ශක්තිය විදහා පාන විස්මිත නිරමාණයක්..

    ReplyDelete
  2. අම්මෝ.... අපේ රටේ වැව් හදන්න ඇත්තෙත් මෙච්චර කට්ට කාල වෙන්න ඇති...
    ඒත් අපේ යක්කුන්ට ඒවැයි අගයක් නැති හැටි අම්මප
    ස්තූති තොරතුරු බෙදාගත්තට

    ReplyDelete
  3. මිණිසා අතින් නිමැවුන සුවශේසි නිර්මාණයක්. මේ වගෙ තවත් නිර්මාණයක් තමයි උමතු අශ්වයා මූර්තිය. මේක හදන්න පටන් අරන් තියෙන්නේ 1948 ඉදන්. තවත් අවුරුදු 60ක් වත් යනවලු උමතු අශ්වයාගෙ වැඩ ඉවර කරන්න.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  4. නොදැනම හිටපු කතාවක් , ස්තුතියි

    ReplyDelete
  5. නියම විස්තරයක්.... වටිනවා..

    ReplyDelete
  6. මේ සංකල්පයයි වැදගත්.

    ReplyDelete
  7. ඉතාමත්ම වටිනා තොරතුරු රාශියක්. ගොඩාක්ම ස්තූතියි.

    ReplyDelete
  8. අදමයි දැනගත්තෙ බොහොම ස්තුතියි

    ReplyDelete
  9. සියැසින්ම දැකගත් ස්ථානයකි. නාගර්ජුන් සාගර් සිට නාගර්ජුන් කොණ්ඩා වෙත යන නැව් ගමන අතිශය විනෝදාත්මකය.මේ ගැන සංචාරක සටහන් කීපයක්ම මවිසින් බ්ලොග් ගත කොට තිබුණද මගේ පැරණි ලිපි සියල්ලේම පිංතුර දැන් මැකී ගොස් ඇති බැවින් ලිංකුව නොදමමි. මේ අගනා දත්ත සහිත සටහනට ස්තුතියි.

    ReplyDelete
  10. හොඳ සටහනක් අමිල,ඒත් මට තේරුම ගන්න බැරි නැවත නැවතත් සිදුකරන ඔබේ අනවශ්‍ය මහප්‍රාණ ලොල්බවයි.

    ReplyDelete
  11. මේ වගේ දැන් කරන්ඩ අමාරුයි.දැන් මිනිස්සු තාක්ෂණයට හුුරු වෙලා. ඉස්සර වගේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්ඩ පුළුවන් මිනිස්සු ඉන්නෙත් ටික දෙනයි.ඒ ගොවිතැන් කරන මිනිස්සු ටික. ඔවුනුත් දියුණු තාක්ෂණයට නතු වෙලා. මට මතකයි මෑතක් වන තුරු මිනිස්සු කුඩා වැව් හැදුවා අතින් පස් ඇදල. නමුත් දැන් ඒකත් නතර වෙලා . නවීන තාක්ෂණය නිසා

    ReplyDelete
  12. සුපිරියි මචං..එළ කිරි වගේ ලියල..

    ReplyDelete
  13. අඩේ මේක නම් නියමයි..

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...