Thursday, June 26, 2014

උස්සනගොඩ ඉඳන් කලමැටි මායිම Ussangoda and kalametiya

කලින් පෝස්ටුවට ඇනෝ යාලුවෙක් කදිම අදහසක් ඉදිරිපත් කරලා තිබුනා. ඒ අනුව උස්සන්ගොඩ කියන්නෙ මුල් කාලීන පාෂාන සහිත මහපොලව බිහිවුන යුගයේ තිබුන යම් යම් ලක්ෂණ දැකගන්න පුලුවන් තැනක්. ඒ වගේම මේ ඇස්ගෙඩිදෙකට පේන භූමි දර්ශන වගේම මනරම් නොගැඹුරු මුහුදු ජෛව පද්ධතියක්ද උස්සන්ගොඩට තියෙනවා. මේ මුල් පිංතූරෙ පේන්නෙ දේවදාර ගසක්. මම උස්සන්ගොඩ ආවෙ වෙරල දිගේ. පොඩඩක් ඇතුලට එහෙ මෙහෙ ඇවිදලා බැලුවා. ටික වෙලාවක් බීච් එක අයිනෙ ඉන්නකොට මට තේරුනා විශාල අවකාශයක් වයිඩ් ඈන්ගල් යටතේ අරගෙන රූපගත කරමින් සිටිය පිරිසට ගල් අල්ල අල්ල වෙරලෙ කරක් ගහන මාව බාධාවක් කියලා. ඉන් පස්සෙ මම වෙරළ දිගේම ඉදිරියට ගියා. 
මේ ඉන්නෙ දියකාවා වගේ සතෙක්. දියකාවා කොයෙින්ද මුහුදෙ. ඒත් ඉතිං දියකාවා වගේ එකෙක් වෙන්න ඇති කියලා බැලු බැල්මට හිතුනා. මූව ඡායාරූපෙට ගන්න මම ටිකක් වෙහෙසුනා.නමුත් මගේ සුපුරුදු කැමරාවේ තරම් දුරට නාභිගත කිරීමෙ හැකියාව මේ වෙනකොට මගේ අතේ තිබුන ඔලිම්පස් පොකට් කැමරාවෙ නැහැ. ඉතිං දුකසේ පුලුවන් හැටියට පොටෝවක් අරගත්තා. 
අපි මුලින්ම දැක්කා නේ දැල් අදිනවා උස්සන්ගොඩ අන්තයේ. එ් හරියෙත් පොඩි ධීවර වරායක් වගේ එකක් තියෙනවා. මේ තියෙන්නෙ ඊට වඩා කිලෝමීටර දෙකක් විතර මුහුදු වෙරල දිගේ තංගල්ල පැත්තට ඇවිදං ආවම කලමැටිය කියන වෙරළ තීරයට අයිති බෝට්ටු ටිකක්. කවුරුවත් හිටියෙ නැහැ. ඒත් මිනිස්සු හිටපු බවට හැඟවෙන්න සමහර තැන්වලින් යනකොට පට්ට දුඟඳක් නහයට දැනෙන්න ගත්තා. මේ වැල්ලෙ ටිකක් ඈතින් උදැල්ලකින් වලක් කපලා මලපහ කරන එක මහ දෙයක් නම් නෙමෙයි. ඒත් සමහරු ඒ විදියට වැල්ලෙ මලපහ කරන එකත් ඒකෙ උප සංස්කෘතියක් විදියට දකිනවා. මම නම් ප්‍රාර්ථනා කරන්නෙ ඒ වගෙ කාලකන්නි සහ අනික් මිනිස්සුන්ට කරදරකාරී උපසංස්කෘති මේන්ටේන් කරන අයට සොබාදහම විසින්ම දඩුවම් කරන්න ඕනි. හිතන්න බොග දාන්න පහත්වෙනකොට වෙරලෙන් මතුවෙච්චි කක්කුට්ටෙක් ඔය අස්සකට රිංගල දෂ්ඨ කලොත් කාරිය, පංකාදුයි නේ ආතල් එක. 
මේ පොටෝව ගත්තෙ මුහුදු වෙරලේ වුනත් හිතාගන්න බැරි තැන්වල තිබුන සමහර ලක්ෂණ පෙන්වන්න. ඒ කිව්වෙ මෙ ්කියන තැන මුහුදු වෙරලේ අවසාන වෙලා ගොඩබිමට සෙට් වෙන හරිය. මේ හරියෙ මේ විදියට ලොකු කොරල් කෑල්ලක් තිබෙන්න තියෙන හැකියාව අඩුයි. නමුත් ටිකක් ඈතින් ඒ වගේ කොරල් තියෙන තැන් තියෙනවා. ඒ අනුව බොහොම ඉස්සර කාලෙක මේ කොටස් සමහරක් මුහුද තුල තියෙන්නට ඇති. 


මූදු වෙරල ලස්සන බලන්න එන සහ ධීවර වැඩට එන අය වෙරලට සහ මුහුදට දිරන්නෙ නැති කුනු එකතු කරනවා. ඒ වගේම අවට පරිසරය තුල බෝතල් පොලිතින් ඉතිරි කරලා යනවා. සමහර විට මේ විදියෙ සක්කිලි වැඩ කරන්නෙ යන එන මිනිස්සුන්ගෙන් සියයට එකක් වෙන්න ඇති. හැබැයි එයාල කරන වැඩේ තව අවුරුදු දෙතුන් සීයකින් බ්ලොග් ලියන අයටත් ඒවා ගැන බැනලා බ්ලොග් පෝස්ට් දාන්න තරම් කාලයක් අවලස්සන ඉතිරි කරනවා. මේ වීදුරු සහ සමහර පොලිතින් ප්ලාස්ටික් වර්ග පොලවට එකතු වුනාම අවුරුදු සිය ගනන් දිරන්නෙ නැහැ කියලා ඕනි බබෙක් දන්නවා. නමුත් හැමදාම මේ වගේ දේවල් අපිට ලංකාවෙ සංචාරක ස්ථාන වලින් දකින්ඩ හැකියාව ලැබෙනවා. 

 මේ තියෙන්නෙ අර ඔරු තිබුන මුහුදු වෙරලේ ඉඳලා මහ පාරට යන අතුරු මාවත. මේක කිලෝමීටර දෙක තුනක් දිගට තියෙනවා. මූදෙ ඉඳලා එනකොට මීටර් සීයක් දෙසීයක් ගියායින් පස්සෙ මේ හරියෙදි මුගටියෙකුයි මීමින්නෙකුයි බොහොම ඈතින් පාර පනිනවා දැක්කා. පොටෝ අල්ලන්න තරම් ළඟින් නම් නෙමෙයි උන් ගියෙ. මුගටියා නම් ඒ තරං නොදකින සතෙක් නෙමෙයි. නමුත් මීමින්නා ටිකාක් දුර්ලභයි. මේ පාර මැදිනුත් රෝද පාරක් තියෙනවා පේනවා ඇති. ඒ ත්‍රීවිල් වල මැද රෝදේ ගිහින් හැදුන පාර. 
මේ පාර වැටිලා තියෙන්නෙ කලමැටිය කලපුවේ මායිමේ. මේ කලපු බිමට මම පොඩ්ඩක් ගියා සුලුදිය ටිකක් බාලා එන්න. ඔන්න එතකොට දැක්කා ඈත පඳුරු අස්සෙ වඳුරො සෙට් එකක්. අවාසනාවට වඳුරු රංචුවේ විස්සක් විතර හිටියත් උන් ඔක්කොම පඳුරු අස්සෙන් පැනලා ගියත් එක පොටෝවක් වත් ගන්න ලැබුන් නැහැ. එක අතකින් වඳුරු අමුතු සතෙක්කැයි පොටෝ ගන්න
 මේ එන හරක් කාන්ඩයෙ ඉන්න අවසාන හරකා නැවතුනා අනික් උන් ටික ගියා. අවසාන එකා ටික දුරක් ආපස්සට ගිහින් නැවතිලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මට ටිකක් බය හිතුනා. මම නිකං වෙන ගමනක් යනවා වගේ හැරිලා ආයිත් පොඩඩක් ඇතුල් අඩිපාරකට ගිහින් හරකාට යන්න ඇරියා.ඌත් මට බයේ වේගෙන් ගියා. ඌ අනින එකෙක්ද මන් දන් නැහැ අං දෙක ටිකක් දිගට තිබුනා. 
මේ පොටෝවේ වනජීවින් දෙන්නෙක් ඉන්නවා. එකෙක් මොණරා. පාරෙ ඈතින් ඇවිදං යන්නෙ ටිකක් පාර දිහා බැලුවානම් බලාගත හැකි. ඒ වගේම පැත්තක පඳුරකින් පාර බලන්න මාන බලන තලගොයි හාමි කෙනෙකුගේ ඔලු කෑල්ලෙන්  ටිකකුත් සැලකිල්ලෙන් බලන කෙනෙකුගේ ඇසට අසුවේවි. 
එක පැත්තකින් කලපුව අනික් පැත්තෙන් කැලේ. ඒ කැලේ තියෙන පැත්තෙ ඉඩමක් මේන් මේ වගේ එළි පෙහෙලි කරලා තිබුනා. මට පෙනුන විදියට මේ කලපුව අසබඩ පාරෙන් එහාපැත්තෙ බිම වනජීවින් බහුල තැනක්. ඒ වගේ පලාතක මේ විදියෙ කැලෑ ගිනිතියලා ගොයිතැන් කරන එක පරිසරය පැත්තෙන් බැලුවොත් සුබදායක නැහැ.  මූකලං කැලේ සත්තු වතුර බොන්න එන්න වෙන්නෙ මේ විදියෙ ඉඩකඩම් ගිනිතිබ්බාම උන් ලොකු අමාරුවක වැටෙනවා ඇති.
මේ කලමැටිය කලපුව. කලමැටිය කලපුව අභයභූමියක් විදියට තමයි නම් කරලා තියෙන්නෙ. ඒත් කලපුව මැද ඔරුකාරයෙක් මාලු අල්ලනවා දැක්කා. එක වෙලාවක ඒ මාලු අල්ලන මිනිහා තමුන්ගේ හබලෙන් දෝයි බෝයි ගිල වතුරට ගහනවාත් දැක්කා. අරුම පුදුම අභයභූමි. සමාර විට අනාදිමත් කාලෙක ඉදලා මේවා රක්ෂිත වෙන්නත් කලිං මිනිස්සු මේ කලපුවේ ධීවර රස්සාව කරනවා ඇති. 
කලපුවට වතුර එන එක ඇලක් හෝ ජල මූලාශ්‍රයක් තමයි මේ. මේ ඇලවල් වල මී හරක් නම් ඇති පදං දැකගන්න පුලුවනි. කොක්කු සහ වෙන්ත සතුන් කඩොලාන කැලේ ඇතුළට වෙන්න ඉන්න ඇති. දැක්කෙ නම් නැහැ. ඒත් සද්ද නං ඇහුනා.


මීගවයින් දක්කාගෙන යන ගොපල්ලෙක් තමා මේ ඉන්නෙ. උස්සන්ගොඩ ගැන කියවෙන ජනප්‍රවාදයන් අනුව උස්සන්ගොඩ පැත්තේ ඉඳලා තියෙනවා මංගර කියාල දෙවිකෙනෙක්. එයා තවත් දෙවි කෙනෙක් එක්ක රන්ඩුවක් ඇතිවුනාට පස්සෙලු ඒ ලේ වලින්ලු උස්සන්ගොඩ රතුපාට වුනේ. ඒ මංගර දෙවියන් ගොපලුන්ට ආරක්ෂා කරන දෙවි කෙනෙක් විදියට කාලයක් ගරුබුහුමන් ලබලා තියෙනවා. දැන් නම් දෙවිගොල්ල අඩුවෙලා නැතිවෙලා ගිහින් ඇති. 
සරුසාර කඩොලාන පරිසරය, හම්බු පන් පන්වර්ග තෘණ,නෙලුම් මානෙල් ඇතුලත් පරිසර පද්ධතිය හිතට සැනසිමක් එකතු කලා. ටික වෙලාවක් නැවතිලා හුලං පාර විඳගන්න කියාපු තැනක්. 
මේ තමා කලපුවේ අවසානය. කලපුවෙන් පස්සෙ ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානෙ සමාර අය කලපුවෙ ගාල් හදාගෙන හරක් ඇතිකරනවා. එල ගවයින් මී ගවයින් ආදිය. ඒ වගේම සමාර ජනතාව ධීවර හෝ ගොයිතැන් කටයුතු කරනවා ඇති. මොනවා නමුත් මේ වගෙ සංවේදී තෙත් බිමක් ජනාවාස එක්ක තියෙන සමීපතාවය වැඩියි. කලමැටිය කලපුවේ අනික් පැත්තෙ කෝමද දන් නැහැ. මේ කියන්නෙ කලමැටියෙ උස්සන්ගොඩ පැත්තෙ මායිම ගැන
. ඉතිං මෙ අමතර පිංතූරු කිහිපයත් එක්ක උස්සන්ගොඩ සංචාර සටහන නිමා කරනවා. එකම සටහනකට මේ තුනම එකතු කරන්න පුළුවන් වුනත් එතකොට දීර්ඝ වෙහෙසකර එකක් වෙන නිසා මං කොටස් කරලා තමයි ලිව්වෙ.

Tuesday, June 24, 2014

රූගත කරන උස්සන්ගොඩ Shooting Ussangoda

ඊයෙ අපි නැවැත්තෙුවෙ දැල් අදින තැනින්.
දැල් අදින මාමලා ටික ගජරාමෙට වැඩ. මීට මිනිත්තු ගානකට කලිං මම දැක්කා මේ එන පාරෙම කුඹුරු වැඩ කරන කන්ඩායමක්. මෙතනදි දැල් අදින කන්ඩායමක්. මේ කන්ඩායම් දෙක අතර දුර වෙනස කිලෝමීටරයක් වත් නැහැ. මූදට පස්සෙ පස් කන්ඩියක් වගේ වෙරළ එක්කම ස්වභාවික කඳු කෑල්ලක් තියෙනවා, ඉන් පස්සෙ තියෙන්නෙ කුඹුරු.මේ දැල් අදින ධීවරයො ආ මහත්තය ඔහෙත් ඇවිත් අදින්න කියලා කිව්වා. මම ගියෙ නැහැ.ගියානං මාලු ටිකක් අරගෙන ගෙදර යන්න තිබුනා.


මේ ඉන්නෙ මුහුදු ලිහිනියො ජෝඩ්ඩක්. ෆිල්ම් වල හෙම මුන් කෑ ගහනව දැකල තිබුනාට මම ඇත්තටම දැක්කෙ එදා. වැල්ලත් එක්ක මුං ඉන්වද නැත්ද කියලා පේන්නෙ නැහැ. ඒත් මුංගේ සද්දෙ නම් හෙන ගති. කුඹුරු හරියෙන් එනකොට ඇහුනෙ කොරවක්කන්ගේ සද්දෙ. දැන් ඇහෙන්නෙ මුහුදු ලිහිණියන්ගේ සද්දෙ. 

ලස්සන සමනල් යාලුවො දෙන්නෙක්. මූදු හුලං වදින සීමාවේ නිසා මුං හුළඟින් බේරෙන්න එක තැනක ටික වෙලාවක් ඉන්නවා. ඒ නිසා පොටෝ ගන්න ලේසියි. නැත්තං බුසු ගාල පියාඹල යන නිසා පොටෝ අල්ලන්න අමාරුයි. මේ සමනල්ලු ජාති නං දන් නැහැ. නමුත් උඩ පිංතුරෙ ඉඳපු සමනලා යනම් හැමතැනම වගේ අඩු නැතිව හිටියා.  සමනල්ලු වර්ග කිහිපයක්ම හිටියා. ඒවගේම බත්කූරන් වගේ පියාඹන වස්තුනුත් තිබුනා. උදේම පිටත් වුන නිසා ඒ වගේ පොඩි පොඩි යාලුවො ගොඩාරියක් හමු වුනා. 
උස්සන්ගොඩ ජනප්‍රිය වෙන්නෙ උස්සන්ගොඩටම ආවේනිකව තිබෙන රතුපාට පස නිසා. ඒ නිසාමද මන්දා මූධ අයිනෙ තියෙන වැල්ලත් මේ විදියට රතුපාට වෙලා තිබුනා සමහර තැන්වලදි. මේ වැලි හුළඟට අහුවෙලා ලක්ෂණ රටා ඇතිකරලා තිබුනා. 
 

මේ හරියෙ තියෙන පස රතුපාට වෙලා තියෙන්නෙ අධික භූ තාපයක් ඇතිවෙලා හෝ ආදිකාලේ ගිනිකන්දක් ඇතිවෙලා කියලා මතයක් තිබෙනවා. කොහොම නමුත් ලොකු රහසක් හිර කරගෙන මේ උස්සන්ගොඩ බිම අවට මේ විදියට අධිකව පිලිස්සිලා ගිහිපු ගල් ගොඩවල් සහ රතුපාට පස් තියෙන බිමක් ඉතිරිකරලා තිබෙනවා. මේ ගල් පිලිස්සිලා තියෙන්නෙ මොකක් නිසාද? ගිනිකන්දක් නිසාද? ගිනිකන්දක් නම් ඒක ඇතිවෙල තියෙන්නෙ මූදෙද? නැත්තං ඉස්සර මේ කොටස් තිබිල තියෙන්නෙ මූද ඇතුලෙද? රහස් ගොඩාරියක් තියෙනවා. කොහොම නමුත් මා හොඳින්ම දන්නා විදියට උස්සන්ගොඩ අවට මුහුද ජලජ ජීවින් සහ කොරල් සපිරි තැනක්. නමුත් ගොඩක් දෙනා තවමත් දන්නෙ උස්සන්ගොඩ භූමියේ තියෙන ලස්සන සහ අද්භූත බව විතරයි. එක අතකින් මිනිස්සු නොදැන සිටීම නිසා ඒවා ආරක්ෂා වේවි කියලා අපි හිතනවා. නමුත් එහෙමම නැහැ. උස්සන්ගොඩ කලමැටිය අවට තියෙන කුඩා කොරල්පර ඉස්සන් අල්ලන්න දැල් ගහන ධීවරයින්ගේ ප්‍රාථිමික ධීවර කටයුතු නිසා අවධානමට ලක්වෙලා තියෙනවා කියලා තමයි මම දන්න කියන නාවික හමුදා කිමිදුම් කරුවෙක් (වෙනත් අවශ්‍යතාවයකට උස්සන්ගොඩ කිමිදුන අයෙක් ) සඳහන් කලේ. මේ පහලින් තියෙන්නෙ ඒ විදියට තියෙන රතු පසේ පිපුන දම්පාට ලක්ෂණ මලක්.

ෙමේ වෙලාව උදේ අටට විතර ඇති. උදේම වැඩ පටන් ගනිපු රූපගත කරන කන්ඩායමක් සුද්දො කපල් එකක් එක්ක ඇවිත් තිබුනා. උන් දෙන්නා බදාගන්නවා ඇත පෙන්නනවා එක කෙලියයි. එතන. ඒක කැමර් කරන්න කැමරා කන්ඩායම විස්සක් විතර හිටියා. මොකක් නමුත් ප්‍රෙමා්ටින් වැඩකට වෙන්න ඇති. හැබැයි එකක් සුද්දටයි සුද්දිටයි බදාගන්න කියාම බොක්කෙන්ම බදාගන්නවා. අපේ ඩබලකට දැන් පොටෝගහන්න තොපි බදාගනිව් කියල කිව්වොත් ඉතිං කෙල්ලගේ  තනේ අනික් එකාගෙ ඇගේ වදියිද? පුකේ අත වදියිද කියලා කල්පනාවෙන් ඇඹරි ඇඹරි ඒක කරන්නෙ. ඊට වඩා මේ අවටියල් ඇහින්දාස් සුද්දො දෙන්නාගේ රංගන වැඩේ බොක්කෙන්ම කරා කියලා මට පෙනුනා.
 
මේ තියෙන්නෙ මම ගහපු දර්ශනයක්. පොඩ්ඩක් ලයිට් මදි නිසා රතු පාටට පේනවා ඇති. මේ බිම රතුපාට වෙලා තියෙන්නෙ ලයිට් දෝසයක් නෙමෙයි. ඒ ඇත්තටම තියෙන රතුපාට. 
මම කලිං කිව්වෙ ගල් පිච්චිල තියේ කියලා. මේ ඒ ජාතියෙ මූද අයිනෙම තියෙන ගල් ටිකක්. මේ ගල් අස්සෙ ඉඳලා සෝක් කකුලුවො ටිකක් දුවල හැංගුනා. පාන්දරම ගිය නිසා මොකෙක් වත් මනුස්සයෙක් දකින්න නැතුව ඇති. මං හිතන්නෙ ඒ අපි සුද්ද කරලා තම්බලා කන කකුලුවොම තමයි. කකුලුවො ටික පොටෝ ගැහුවා. නමුත් මේ වනකොට මගේ කැම නෙමෙයි අපේ අයියගේ සුට්ටි පොකට් කැම තමයි අතේ තිබුනෙ. ඒක ඉතිං පොයින්ට එක ලගට ගිහිල්ල පොන්ට් එක වැදි වැදි මිසක් ලස්සන සූට් එකක් ගන්න බැරි කුඩා බාන්ඩයක් නේ. ඒ නිසා කලින් පින්තුර වලට වඩා සුට්ටක් මේ පින්තුර කොලටි එක අඩු වෙනවා.

 මේ තීන්නෙ මනුස්සයො හදපු ස්මාරකයක් නෙමෙයි. ස්වාභාවිකවම හැදුන එකක්. පට්ට ලුක් එකක් තියෙනවා ඒකෙ. මෙතන තියෙන විසේසත්වෙ තමයි අර වැක්කෙරන තරම් රත් වෙලා තීනවා කියලා පේන්න තියෙන ගල් අසලම මේ හිරිගල් වලින් සමන්විත යම් යම් අවසාදිතයන් තැම්පත් වෙලා තියෙන එක. තැන් කිහිපෙකම ගොඩබිමට ආසන්න වෙරලේ මේ වගේ හුනුගල් ස්ථර සහ පුරාණ කොරල් සහ හිරිගල් දකින්න ලැබෙනවා. ඒ කියන්නෙ මේ හරිය බොහොම ආදි කාලෙක මුහුදු වතුරට යට වෙලා තියෙන්නෙ ඇති. 

ගොඩක් වෙරලබඩ තැන්වල සරුවට වැවෙන පාසි ටිකක් වෙරල කිට්ටුවම තිබිලා මම කැමරාව තුලට දාගත්තා. මේ හරියෙ ගල් සහ වෙරල කඩතොලු ගතිය නිසා මුහුද ජීවින්ගෙන් පිරිල ඇති. ඒත් ඉතිං අපිට ඒවා බලන්න කිමිදෙන්න හුරුවෙන්න වෙනවා නේ..

උස්සන්ගොඩ යන පාරෙම මුලින් ගියාට මම උස්සන්ගොඩට සැපත් වුනේ වෙරල පැත්තෙන්. වෙරල අයිනේ මිස ඇතුලෙ තියෙන අර ලොකු පිට්ටනිය දැගන්න ලැබුන් නැහැ. ඒක මම කලින් දැකල තියෙනවත් එක්ක. ඉන් පස්සෙ අපි කලමැටිය අභය භූමියෙ මායිමට ඇතුලු වෙනවා. ඒ විස්තර ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.

Monday, June 23, 2014

උස්සන්ගොඩ ගමන

උස්සන්ගොඩ තියෙන්නෙ මාතර තංගල්ල පැත්තෙ ඉඳන් හම්බන්තොටට යන ප්‍රධාන පාරෙ ඉඳලා කිලෝමීටර දෙකක් මූද දිහාට ගියාම. මූද අයිනෙ තියෙන ලස්සන තැනක්. මට ඉතිං ගෙදර ගියාම තනි බස් එකෙ දුර. ගෙදරින් උදේට කාල කැමරාවත් අරගෙන පිටත් වුනා ගමනට.




ඔන්න ඉතිං යන්න අහනවා නම් කෙනෙක් පාර දැම්මා. දැන් ලේසියි යන කෙනෙක්ට. 

 ගමනෙදි මුලින්ම හමුවුනේ බලු පූට්ටුවක්.බල සුභ නිමිති පෙර මහ නැකතටත් වැඩි කියාල කියමනක් තියෙනවා නේ..  මේ ගමනෙදි කෙලින්ම අපිට උස්සන්ගොඩ පොට් එකට බයික් එකක හරි වාහනයක හරි යන්න හැකියාව සහ පාර තිබෙනවා. නමුත් මම පයින්ම යන්නයි තීරණය කලේ. පයින් ගිය නිසා ටිකක් පොටෝ වැඩිපුර ගන්න හැකියාව ලැබුනා. 
මෙන්න මේ කොක් නයිදෙ අලුතින් හදන කුඹුරු වලට වෙලා උන්නා. එයා උදේ පාන්දරම වෙල් මාලු හොයනවා ඇති. මේ කොකා සාමාන්‍ය කොක්කුන්ට වඩා ලොකුයි. මූ ටිකක් තරමක එකෙක්. මූට පාලං කොකා කියලත් අපේ පැත්තෙ අය කියනවා. 
මේ කට කලු ටිකක් සාමාන්‍ය කොකාට වැඩිය ලොකු එකෙක්. මුගේ කට කලු නිසා හරියට මගේ පුංචි කැමරාවට පේන්නෙ නැහැ. සැලකිල්ලෙන් බැලුවොත් ලොකු හොටක් තියෙන බව පේනවා. 
මේ කාලෙ මේ පැත්තෙ මඩ වැඩ පටන් ගන්න කාලෙ වෙන්න ඇති. මිනිස්සු උදේ පාන්දරම නියරවල් ගහනවා. මේ වගේ තැන්වල කොක්කු සහ පක්ෂින් එනවා මඩ වැඩ වලදි මතුවන සත්තු හෙම කන්න. නමුත් දැන් කෘමිනාශක ආදිය ගහන නිසා කොක්කුන්ට ඉස්සර වගේ ගොදුරු ලැබෙන්න නැතුව ඇති. 
සරුවට වැවුන කෙහෙල් කොටුවක්. මේකෙ බෝඩ් එකක් ගහල තියෙනවා පේනවා ඇති ගහ කොල සරුවට වැඩේවා කියලා. ඒම ගහල තියෙන්නෙ ඇස් වහ කටවහ වදිනවාට. කෙහෙල් ගස් පේන්න නැතිවෙන්න පැලලි ගහනවාට ආවරණයට කරනවාට වඩා මේම ප්‍රාර්ථනාවක් කියලා බෝඩ් එකක් ගහන එක ලේසියි. 
පතොක් ගස්වල මල් පිපෙන කාලයක් වෙන්න ඇති. හැමතැනම වගේ මේ ජාතියෙ පතොක් ගස් දකින්න තිබුනා. හම්බන්තොට ගැන ඉගෙනගන්නෙකොට ඉස්සර කියන්නෙ මෙහෙ තියෙන්නෙ අර්ධ ශුෂ්ඛ කලාපෙ. මේ කලාපෙ වැවෙන ගස් කටුපඳුරු සහ ලඳුකැලෑ කියලා හඳුන්වනවා. ඒ අතර මේ වගෙ පතොක් වර්ග බහුලව තිබෙනවා. මේ පතොක් මල් ලස්සනට තිබුනාට කටු නම් හරිම විසයි. 

මේ තමයි රොටරි කරන වැඩේ. හාල ඉවරවෙල හොදට වතුර බැඳල තියෙල පස්සෙ රොටරි කරනවා. එතකොට පස ඉක්මන්ට ලේසියෙන් බුරුල් වෙනවා. මේ ගොයි මහත්තයාත් පාන්දරින්ම වැඩ පටන් අරගෙන. කෝමත් ඉතිං මේ වගේ ශුෂ්ක පැතිවල පාන්දරින් වැඩ පටන් අරගෙන 11 විතර වෙනකොට වැඩ නවත්වලා ආයෙත් දෙකට විතර තමයි වැඩ පටන් ගන්නෙ. 



නියම පාරෙ ගිහින් උස්සන්ගොඩ උද්‍යානයට යන්න නම් ටිකක් හැරිල යන්න වෙනවා. මං කෙලින්ම ගියේ බීච් එකට. එතන දැලක් අදිනවා මිනිස්සු ටිකක්. මාත් ටික වෙලාවක් බලං ඉදලා ආවා. ඒ පැත්තෙන් උස්සන්ගොඩට එන්න පුලුවනි. හැබැයි එහෙම ඇවිත් ආයේත ඇතුලට එන්න ඕනි උස්සන්ගොඩ අර බිම් මට්ටමේ තියෙන ගල් ජාති බලන්න. 
ඉතිං තව කැල්ලකින් ඉතිරි පිංතූරු ටික දාන්නම්..මේ බීච් එක මේ හරියෙදි පොලව මට්ටමට වඩා පට්ට ඈන්ගල් එකකින් තියෙන්නෙ. මීටර් දහයක් විතර පරතරයක් තියෙනවා සමාර තැන්වලදි බීච් එකේ උඩම තැන සහ වතුරු තියන තැන අතර.. ඇවිදින්නත් ටිකක් අමාරුයි ඒ නිසා..

Friday, June 20, 2014

මළ මිනිස්සු

මා පවුලේ අයද නෑයින් පිරිසක්ද වෙනත් දන්න කියන අය කන්ඩායමක්ද සමග අප ඥාතියෙකුග් මලගෙදරක ගියෙමි. ගොස් එහි අවසාන කටයුතු වලදී දෙසුම් පැවැත්වූ ගිහියනුත් සංඝයා වහන්සේලාත් දෙසූ ආකාරයට මියගිය සිංඥෝරිස් උපාසක මහතා අවට ගම්වාසින්ට නිහඬ සේවයක් කල කාටත් කරදරයක් නැති පංසලට හිතවත් ඥාතිනගේ මිතුරන්ගෙ දුකේදී පිහිටවෙන මහා කරුණාවන්ත අයෙකි. අපි කුඩාකල අපේ නිවසට පැමිනෙන විට ටොපි චොකලට් ආදිය රැගෙනවිත් අපිට දෙන නිසා සිංඥෝරිස් ආතා කරුණාවන්ත වැදගතෙකු යැයි මනසේ ඇඳගත්තෝය. 

අපේ වාහනය දැන් එන්නට පිටත් විය. වාහනසේ සිටි අපේ නැන්දලා, අක්කලා, සහ දන්න කියන අඳුනන අය සිංඥෝරිස් සීයාගේ මහත් ගුණ මතක් කරමින් බොහෝ සෙයින් ශෝක කතාවෙහි යෙදෙමින් ආහ. අපේ පියාද ඒ කතාවලට එකතුව “කොච්චර වුනත් හැම නෑදෑ ගෙදරම සිද්දවෙන මගුලක්,මරනයක් දානයක් මගෑරපුනැති හොද මනුස්සයා“ යැයි ගුණ ටිකක් කියාගෙන ගියේය.  මගදී හදිසි අවශ්‍යතාවයකට ටවුන් එකක් මැද වාහනය නවත්වන ලදී. ගඳක් හෝ අරක්කු බෝතලයක රුවක් දුටුවේ නැතිමු්ත ඉන් පසු වාහනය තුල වූ කතා ආදියෙහි වෙනස් වූ වෙනස් වීමත් අපේ පියාගේ ත් පුංචි තාත්තාගේත් කටවල් කෂණිකව ප්‍රාණවත් වූ ආකාරයත් සලකා බැලූ විට ඔවුන් වාහනය නවත්වා ඇත්තේ අරක්කු ස්වල්පයක් මිලදී ගැනීමට බව අප නිමානය කලෙමු.

එක්වරම අපේ පුංචි තාත්තා..

සිංඥෝරිස් ඉස්සර ගුරුකං කරන ඇදුරෙක් පස්සෙං ගියා නේද? මිනිහ ඒ වැඩත් දැනං හිටිය මං හිතන්නෙ.. යැයි කීය. 
ඔව් වොවු..මිනිහ ඒ ඇදුර එක්ක එකතුවෙල සමහර පවුල් නැතිවෙන්නම සල්ලි ගැරුවා. නුලක් දාන්නත් දාහක් දේවල් පූජ වට්ටි ඉල්ලනවා. ඒ ඇදුරත් හොද ගරානා කෙනෙක්. සල්ලිම තමයි. ඒවයිං තමයි ඉතිං ඔය පෙරහැරක් වගේ ඉන්න සිංඥෝරිස්ගෙ දරුපවුල නඩත්තු කලේ. ඇයි ඉතිං අවුරුද්දට එක ගානෙ පැටවු ගහන එක නේ ඒ ගෑනිගේ වැඩේ වුනේ. එක පෙළට ලමයි. සමහරු මරෙනෙටත් නැද්ද කොහෙද. මිනිහ මැරුන නිස හැමෝම හොඳ කියනවා. 

අපේ තාත්තා මැරුණ අයගේ ගුණ ගයන්නට පටන් ගත් අතර වාහනයේ ඇතැමෙක් එතෙක් කරගෙන ගිය වෙනත් කතා නවතා ඒ අපේ තාත්තාගේ ගුණ වරුණ අසාගෙන සිටින්නට විය. මෙතෙක් වෙලා මැරුන අයගේ ගුණ ගයමින් බොහෝ සොවින් ගිය ගෑනු පිරිසගේ මුහුනු වෙනස් වුන ආකාරය මට බලාගන්නට බැරිවීම ගැන මා දුක්වුනෙමි. 

ඒක ඇත්ත අයියෙ. ඔය මිනිහයි ඇති හොඳක් නැහැ. සමහර ගෙවල් වලට ඔය මිනිහ වැද්ද ගත්තෙත් නැහැයි කියල කතාවක් තියෙනව නේ..ඒ අපේ පුංචි තාත්තාය.. 

නැතුව නැතුව.. ඔහෙට කියන්න ඕකා ගෙදරකට රිංගන්න හදන්නෙ මිනිස්සු ඉන්න වෙලාවක නෙවෙයි. නැතිවෙලාවට. මනුස්සයෙක් වැඩට ගිහින් ඉන්න ගිනිදවාලක මනුස්සයෙක් ගෙදරකට එන සිරිතක් නැහැ නෙව. එක්කො පාන්දර නැත්තං හවසට තමයි නෑ හෑ දෑයො එන්නෝන. මේ මිනිහ ඒකටත් එක්ක. ඔය මලගෙදර නාපු නෑයො කිීප දෙනෙක්ම ඉන්නව මුන්දැගෙන් ළමයිතුත් ඉන්න. ගුරුකං වලට බයේ සමහර ගෑනු කැමති වෙන්න ඇති. අනිත් එක මිනිහ නිකං කකා බිබී ගුරයි පස්සෙ ගිය එක නෙව කරේ. ඒ යකාට ඒ තරං ඇදිල ගිය පෙනුමක් තිබුන් නැහැ නාකි වෙනකම්ම. ගෙදරකට වද්ද ගන්න හොඳ මිනිහෙක් නෙවෙයි ඔය මිනිහ. දැන් මැරුන නිසා මක්කවත් කියන්න හොද නැහැ. නැත්තං මං දන්නව උන්දැ වලං දැට්ට ඔලුවෙ දාගෙන ආපු කතා දෙක තුනකුත්.. අපේ තාත්තා කියා නිමකලේ හිනාවකුත් සමගය.

හෙහ් හෙහ ්හෙහ්.. දෙදෙනා සිනාවෙන්නට විය. 

ඉන්පසු වාහනයේ ඉදිරිපස හරියේ ගිය ගැහැනුද ඒ මියගිය සිංඥෝරිස්ගේ අනියම් සම්බන්ධතා ඒවායේ ළමයි, හොර සිල්, පංසලේ වැඩ වලදී ගසා කෑ සැටි ආදිය ගැන කුනු කුනු ගාන්නට විය. අපේ තාත්තාත් පුංචි තාත්තාත් තවත් විස්තර සිංඥෝරිස් ගැන කියූ අතර ඇතැම් ඒවා අසැබි වදන් වලින්ද සමන්විත වූයේ කතාකාරයින්ට උත්ප්‍රේරක වැඩි වූ නිසා වන්නට ඇත. 

මිනිසෙකු මිය ගිය පසු ඔහුගේ හොඳ ගැයීමත් හොඳ කීමත් සාමාන්‍ය සිරිතකි. නමුත් පුද්ගලිකව මෙන්ම පොදුවේද ඔහුගෙන් අවැඩ සිදු වූ මනුෂ්‍යෙයා් ඔහුගේ නුගුන කියති. ඒ අනුව ඒ නුගුන කියන අයගේත් ගුණ කියන අයගේත් අනෙක් මැදහත් අයගේත් අදහස් සියල්ල සලකා බැලූ කල ඒ පුද්ගලයා ගේ නියම චරිත ස්වභාවය ගැන අපිට දල අදහසක් ලබාගත හැක. 

නිකොලායි ගොගොල්ගේ මළ මිනිස්සු නම් නවකතාවක් ඇත. එය නිම වූ නවකතාවක් නොවේ. වෙළුම් තුනකින් සමන්විත පොතේ එක් කොටසක් ගොගොල් විසින්ම ගිනිතබා විනාසකොට ඇත. අනෙක් කොටස්ද විටින් විට ගිනිතබා ඇත. ගොගොල් මේ පොත පළ කර ඇත්තේ 1847 තරම් ඈත කාලයකදීය. එකල පැවති ඉඩම් හිමියන් ගැන දාසයින් ගැන රුසියාවේ වාසය කල එකී මෙකී නොකී බොහෝ මිනිසුන් ගැන විස්තර මේ නවකතාවේ ඇතුලත්ය. මේ නවකතාවේ වෙනස නම් එහි අන්තර්ගත විවිධ මිනිසුන් ගැන වූ අව්‍යාජ විස්තර කතාවයි. හොඳ ගති අලස ගති සහ ඔවුන් මහා සමාජයට දක්වන බැඳීම ගොගොල් විසින් කදිමට විස්තර කරයි.

මළ මිනිස්සු හි හොඳ පුද්ගලයින් කිහිප දෙනෙකු සිටින මුත් නවකතාව පුරාවට ගොගොල් විසින් උත්සාහ කොට ඇත්තේ හොඳ මිනිස්සුන්ට වඩා පොලොවේ ජිවත්වෙන හොඳ නරක ඇතුලත් සාමාන්‍ය මිනිස්සුන් ගැන විස්තර කිරීමටය. මෙය නීරස යැයි කෙනෙක්ට හැගෙන්ට පුලුවන් නමුත්  ගොගොල් යනු උපහාසය මතු කිරීමේ දක්ෂයෙකි. ඔහු චරිත වල ඇති කවර ගතියක් වුවද උපහාසයට ලක් කිරිමේ උපන් ගෙයි සමතෙකි.ගොගොල්ගේ මුල් පරිච්ඡේදය වඩාත් අපක්ෂපාතී වන අතර අවසාන කොටස් වලදී ඔහු දෙවියන්ට වැඩිපුර තැනක් ලබාදීමට කටයුුතු කොට තිබෙන අයුරක් පෙනේ. 

නිකොලායි ගොගොල් ගැන සිරිල් සී පෙරේරා මහතා ලියා ඇති පෙරවදන අනුව ගොගොල්ගේ මව දේව භක්තිය ඇත්තියක වූ අතර ගොගොල් මවට වඩාත් ආදරය කලේය. ඒ නිසාදෝ හෝ ගොගොල් පසුකලෙක දැඩි දේව භක්තිකයෙක් විය. මුල් කාලයේදී ගොගොල් ,අප්‍රසිද්ධ පුද්ගලයකු ලෙස මියයන්ට සිදුවේ යැයි දැඩි බියකින් වරින් වර පෙළුන බව ඔහු කියා ඇත. පසුකලෙක ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේට ඇළුන ගොගොල් වටා එයට අනුබල දෙන පිරිසක්ද  ඇතිවන්නට විය. ගොගොල් විසින් ලියන්නට යෙදුන මේ මළ මිනිස්සු කතාවට වස්තු බීජය ලබා දුන්නේ රුසියාවේ මහා කවියෙකු ලෙස එවකට සැලකූ අලෙක්සන්දර් පුෂ්කින් විසිනි. පුෂ්කින්ට එය ලබා දී ඇත්තේ ඔහු තුරඟ තරඟයක් නරඹන අතර සිටි ඔහුගේ මිතුරකු විසිනි.

කතාන්දර කියවා පුරුදු වුන චූටි දරුවෝ කතාවල අවසානයක් අපේක්ෂා කරති. ඔවුන්ට අනුව සෑම කතාවකටම මුලක් මැදක් සහ අවසානයක් තිබිය යුතුය. සමහර පාඨකයෝ කෙතෙක් වයසට ගියද දැනුමෙන් පෙනුමෙන් මුහුකුරා ගියද අර කුඩා කල කියවන කතා වලින් එහාට යන්නේ නැත. ඔවුන්ට කතාවක් නම් ඔවුන් සිතන පරිදි මුල මැද අග පිරිසිදුව පැහැදිලිව තිබිය යුතුයැ. එසේම ටොම් ඇන් ජෙරී කතාවේ මෙන් නිසි ලෙස පේන්නට සතුරා සහ හොඳ මිතුරා තිබේනම් වඩාත් ඒ පාඨකයින්ට පහසුය. 

නමුත් සැබෑ ලෝකයේ කිසිදු තැනක සම්පූර්ණ වැරදි පමණක් කරන මිනිස්සු නැත. ශුද්ධවන්තයෝ යැයි නම් කරන ලද පිරිසක් ඇති මුත් ඔවුන් ශුද්ධවන්තයින් බවට පත්වන්නේ ඔවුන්ගේ ශුද්ධ නොවූ ගුනාංග නොපෙනෙන පිරිසකට පමණි.  කතාන්දර හෝ බාල චිත්‍රපට වල මෙන් මුල මැද අග ලස්සනට ඇති කතාන්දරද මහපොලොවේ ඇතිවන්නේ ද නැත. 

මෙවනි රුසියානු ළමා කතාවක් වැනි කතාවක් ලංකාවේ පාඨකයින් බොහොමයක් අතර ජනප්‍රියය. එහි නම ගුරු ගීතය වෙයි. එක් කලෙක මා උගත් උසස් පාසලේ ගුරුවරයෙක් ගුරුගීතය නොදන්නා සහ නොකියවූ ලමුන් උපහාසයට ලක් කොලේය. එවකට මාද ගුරු ගීතය කියවා තිබූ මුත් එහි කිසිදු අමුත්තක් ඒ වනතෙක් නොදැක සිටි මා සිතා සිටියේ ගුරු ගීතය නමින් විශාල පොතක්ද තිබිය හැකි බවකි. නමුත් ශෝකය නම් මගේ ගුරුවරයා මහා කෘතියකැයි කියා තිබුනේ අර මා කියවූ කුඩා පොතටය. එය කියවූ මා හට එය හුදෙක් අහඹු චරිතයක් ඇතුලත් එය එවකට සෝවියට් දේශයේ පැවති පැවති රජයේ අවශ්‍යතාවයට ලියන ලද මිනිහෙකුගේ හුදකලා කතාවක් පමණකි. දුයිෂෙන් ලා ගණනින් වැඩි වූ පලියට සමාජයක් වඩාත් සාධාරන හෝ ලක්ෂණ වේ යැයි සිතීම මුළාවකි.

ගොගොල් ගේ මළ මිනිස්සු නවකතාව සෑම පිටුවකම පාහේ අලුත් දෙයක් අපට සම්භවෙන මායා කතාවක් වැනිය. නමුත් කතාවේ විස්තර කෙරෙන චරිත සැබෑ ලොව සිටින මිනිසුන් තරමට අපිට සමීප ගතියක්ද දැනේ. වසර එකසිය හැත්තෑවකට පෙර ගොගොල් විසින් මෙම පොත ලියන ලද්දේ වුවද අද අපේ සමාජයේද මේ ගොගොල්ගේ පොතේ දැක්වෙන විපරීත සහ සාමාන්‍ය චරිත පේන්නට ඇත. 
මේ පොතේ අවසාන පරිචඡේදවල කොටස් කිහිපයක්ම අඩු අතර ඉංග්‍රීසි පිටපත් ගනනාවක් කියවා කතාව මැනවින් ග්‍රහනය කොටගෙන පරිවර්ථන කාර්යය සිදු කලා යැයි සිරිල් සී පෙරේරා මහතා කියා ඇත. ඒ මහතා මේ කෘතිය පරිවර්ථනය කිරීමට වසර ගානක් තිස්සේ අධ්‍යයන කටයුතු කර ඇත.  සිරිල් සී පෙරේරා මහතා ඒ අතින් ගත්විට පිටු පන්සිය ගනනකින් සමන්විත මේ පොත පරිවර්ථනයට ගොඩාක් මහන්සි වන්නට ඇත. ඔහුගේ ඒ මහන්සිය සිංහල කියවන අපිට වඩාත් වැදගත්ය. සිරිල් සී පෙරේරා මහතා ඇතැම් යෙදුම් අපේ බස සමග මනාව ගලපා තිබේ. 

මේ පොත ගොඩගේ ප්‍රකාශනයක් වන අතර මා මිලදී ගත් පොත රු 300/=ක් ලෙස මිල නියම කොට ඇත.

Wednesday, June 18, 2014

ආගම නම් වූ විනෝදාංශය

හලාල් කේස් එකෙන් පස්සෙ යට ගිහින් තිබුන ආගමික ප්‍රෙබා්ධය යලිත් ඇතිවෙලා. අලුත්ගම සිද්දියෙන් හරිම සතුටුයි හැමෝටම. පිටින් පෙන්නුවෙ නැතිවුනාට පිටින් දුක් වුනාට කුමක් හෝ විශාල ආගමික ගැටුමක් කියන්නෙ පට්ටම විනෝදයක්. අයියෝ කියල දුක්වුනාට ඒකත් ආතල් එකක්. ගූ ගොඩක් දැක්කම ඇතිවෙන හැඟීමත් රසයක් විදියට කලාවෙ මූලිකාංග වල දැක්වෙනවා.  කිසිම ආගමක් වැඩක් නැහැ කියන මතයේ ඉන්න මම ඇතුලු පිරිසටත් ටිකක් අමුතු ගතියක් හිතට ඇවිත්. මොකද අපේ මතේටත් හරියන සරුබිමක් හමුවෙලා නේ තියෙන්නෙ. හරියට මහ වැස්සෙන් පස්සෙ වල් ගස් මල් ගස් කෙහෙල් ගස් කොන්ඩ ගස් ආදී හැම ගහටම ජීවයක් එනවා වගේ.

එකපාර ආගම් අතුරුදහන් වුනොත් ? 

මොහාතකට හිතන්න ලංකාවෙ තියෙන පංසල් පල්ලි සාදුලා, ලෙබ්බෙලා, පූසාරිලා,දේවගැතියලා,ෆාදර්ලා, ආගමික නායකයෝ ඕක්කොම එකම ක්ෂණයකින් අතුරුදහන් වෙලා යනවා. එහෙම වුනොත් සමාජයට මොකක් වෙයිද? බොහෝ ආගමික නායකයින් සහ බහුතරය හිතන විදියට එතකොට මාරම දෙයක් වෙලා සමාජයේ අපරාද විනාසකාරී දේවල් වැඩිවෙනවා. ඒක හිතාගන්න බැරිතරම් විනාසයක්. ඒ වගේ තත්වයකදි අපරාද භීෂන ඇතිවෙන්න තියෙන ඉඩකඩ ගැන කියල නිමකරන්න බැහැ. 

නලින්ද සිල්වා මහාචාර්යතුමා වරක් අහනව, මුලු ලෝකෙම ආර්ථික විද්‍යාව ඉගැන්වීම අවුරුදු පහකට නතර කලොත් ලෝකෙ මොන විදියට වෙනස් වෙයි ද කියලා. රසායන විද්‍යාව,භෞතික විද්‍යාව සම්බන්ධ කෙලින්ම ජීවිතයට බලපාන කරුනු තිබුනත් ආර්ථික විද්‍යාව කියන්නෙ පවතින දේවල් විග්‍රහ කරන විශයක්. ඒක නැතිවුනා කියල ලොකු දෙයක් වෙන්න බැහැ කියලයි මහාචාර්ය තුමා ලිපියකදි කියලා තිබුනෙ. නලින් ද සිල්වා කොයි තරම් බයිල කිව්වත් එයාගේ සමහර කාරනා වටිනවා. ඒ ආර්ථික විද්‍යාව නැතිවීම බලපාන ආකාරය විග්‍රහ කිරීම  ලක්ෂණ කතාවක්. 
 
ලෝකෙ ආගම් ඇදහීම් අඩුවෙන් තිබෙන රටවල් අනික් රටවල් වලට වඩා සාමකාමීයි. අපරාධ ආදිය අඩුයි. හැමෝම දැන් බෞද්ධ ආගම චෝයි ඒකෙනම් කිසි වරදක් නැහ කියනවා. නමුත් බෞද්ධ රටවල් විදියට හැඳින්වෙන, තායිලන්තය, කාම්බෝජය,මියන්මාරය,ශ්‍රී ලංකාව ආදී රටවල් ඇත්තටම සුපිරියිද? අනික් රටවල් වලටත් ආදර්ශ ගත හැකි මට්ටමක තියෙද? නැහැ නෙව. සමාරු කියනවා ඒක අදහන මිනිස්සුන්ගේ වරදක් කියලා. ඉතිං එහෙම වරදක් වුනත් ඒක හදාගන්න ආගමික ඒජන්තවරුන් හෙවත් පූජ්‍ය පක්ෂය සමත් වෙන්න එපායැ. ආගම් වැඩිපුර අදහන ආගමික රටවල් හිතන තරම් සාමකාමි සහ නිකලැල් නැහැ. ඊට වඩා ආගම් පයිසෙට ගන්න නොගන්නා රටවල් දියුනුයි. ආකල්ප,සමාජිය පැවතුම් වගේම ආර්ථික අතිනුත් ඒ රටවල් දියුනුයි. 

නාකි වුනොත් ඔයා සංවර වෙන්න ඕනි..
එෆ් එම් ස්ටයිල් එකට ගත්තොත්. “දැන් ඔයා දරුවන් ඉන්න තාත්තෙක් සමාරවට ඔයාට තව ටික දවසකින් සීයෙක් වෙන්නත් ලැබෙනවා.මේ වෙනකොට ඔයාට සීයෙක් වෙන්න වාසනාවට ලැබිලත් ඇති. ඉතිං දැන් ඔයා ඉස්සර වගේ කොල්ල හෝ  කෙල්ල විදියට ඉන්න බැහැ. ඔයා දැන් ටිකක් චාම් වෙන්න ඕනි. ළමයින්ට ආදර්ශයක් වෙන්න ඕනි. බොහොම සංවර වෙන්න ඕනි. සිංදු අහල, ෆිල්ම් බලල, ට්‍රිප් ගිහින්, ලව් කතා කියවල ගත්ත ආතල් දැන් ඔයාට හරියන් නැහැ. ආදී වශයෙන් වැඩිහිටියා සංවර විය යුතු ආාකාරය සමාජය විසින් නියම කරනවා. අපේ වැඩිහිටියො ඉන් පස්සෙ බොහොම සංවර වෙන්න හදනවා. හරිම නිවුන අය විදියට ඇඩ් දාන්න ලෑස්ති වෙනවා. සමාරවිට අසාර්ථකයි. නමුත් ජීවිතේ අර පොතේ තියෙන විදියට සමාජය කියන විදියට කූඩුව ගහගෙන ආගමික පැත්තට හේත්තුවෙන්න කියලා තමයි පිටින් ඉන්න අයගේ බලපෑම එන්නෙ.

ඒ නිසා අපිට අද බීච් එකකට ගියාට ලව් කරන නාකි කපල් දකින්න අමාරුයි. ෆිල්ම් හෝල් වල පෝලිම් වල නාකි කපල් දකින්න බැහැ. ඒ වගේම විනෝද සැනකෙලි මියුසිකල් ෂෝ වලත් නාකි අය අඩුයි. හැබැයි මහින්ද රාජපක්ෂ අමතන රැස්වීම් වලයි පංසල් පල්ලි, කෝවිල් වලයි නම් නාකි අය වැහි වැහැලා. මහින්ද රාජපක්ෂ අමතන පොදු අවස්ථාවක (ඉන්විටේෂන් රහිත) ඕඩියන්ස් එක දිහා බැලුවොත් ඉන්න වයසක උන්දලා රෑනක් ඔයාලට ලේසියෙන්ම මීටර් කරගන්න හැකියාව තිබෙනවා. සමාරවිට එතුමාගේ ඇමතීම තුල ජාතිය ආගම රට යන සාධක ගැන ඇතිකරන හැඟීම බලවත් නිසාත් එතුමාගේ තිබෙන කඩවසම් පෙනුම නිසාත් එහෙම නාකි පිරිස රැස්වීම් වල වැඩි වෙනවා ඇති.

 
ආගම සියලු ආතල් සැපයීම.. 

මේ ළඟදි අපේ තාත්තට කතා කරනවා තරුණ යමක් කමක් තියෙන තැනක නෑයෙක් සිල් ගන්න. නමුත් අපේ තාත්ත සිල් ගන්න යන්නෙ නැහැ. අර තරුණ පුද්ගලයා නිතරම සිල් ගන්න පංසල් යන අයෙක්. ඔහු විශ්වාස කරනවා තාත්තා සිල් ගැනීම හොදයි කියලා..අපේ තාත්ත මැරුනම කොහේ යාවිද කියන පස්නෙ අපේ තාත්තටත් වැඩිය අර උන්දැට තියෙනවා. සමාරවිට උන්දැට ඇතිවෙච්චි බිය අපේ තාත්තටත් බෝ කරන්න හදනෝ වෙන්න ඇති.

වයසක කස්ටිය කෝමත් පංසල් පල්ලි බදු අරං ඉන්නවා නේ. අපි බලමු තරුණ අය දිහා. බොහෝ ලාංකික තරුණ තරුනියන්ගෙන් නිකමට විනෝදාංශ මොනවද කියලා ඇහුවොත්? ලැබෙන උත්තර මොනවද? ටෙලි නාට්ටි බැලීම,මල් වැවීම,පොත් බැලීම, විනෝද සවාරි යෑම, පාටි වලට යෑම, ඉඳහිට ක්‍රිකට් මැච් බැලීම, චිත්‍රපටි බැලීම වගේ දේවල් වලට කොටු වෙලා. නමුත් ඇත්තම තත්වය ගත්තොත් ඕ කියන විනෝදාංශ වල පවා කාලෙකින් ඒ අය නිරත වෙලා නැහැ. රැකියාවට යන එන ආයෙත් ගෙදර ඇවිත් ගෙදර වැඩ කරනඑක, ටෙලි බලන එක, පෝර්ති බලන එක,  මැච් එක දවසට ඒක දිහා කට ඇරගෙන බලාගෙන සිටීම වගේ ඒකාකාරී ජිවන රටාවක් බොහෝ දෙනාට තිබෙනවා. ඒක වෙනස් කරගන්න ඕනි කියලත් අදහසක් ගොඩක් අයට නැහැ. 

ලාංකික තරුණ පරපුරේ එක්තරා කොටසක් ජීවිතයෙන් තෘප්ත වෙනවා කාලයකදි. එයාල ගෙවල් දොරවල්, යාන වාහන, ළමයි ආදිය අරගෙන ස්තාවර වෙනවා. සල්ලි කාරයො පිටිපස්සෙ ඉන්ෂුවරන්ස් කාරයොය් ක්‍රෙඩිට් කාඩ් ඒජන්තයොය් පන්නනවා හා සමානවම ආගමික පාර්ශවකාරයොත් පන්නනවා. ඉන් පස්සෙ බොහෝවිට අර මුදල් තියෙන තරුණ විය පසුකරන මනුස්සයා ආගමට ලැදි වෙනවා. බෞද්ධ නම් අලුත් අසපුවකට අලුත් ස්වාමින් වහන්සේ  කෙනෙකුට සෙට් වෙනවා. පල්ලි හෝ කෝවිල් නම් ඒවයි ගිහින් පැලපදියම් වෙලා වැඩ කරනවා. දැන් එයාල මෙලොව ජීවත් වෙලා ඉවරයි. යන තැනකට වැඩ සිද්ද කරගන ඉන්න තමයි උත්සාහ ගන්නෙ. මේ අපේ රටේ මිනිස්සු හුරුවෙලා තියෙන ක්‍රමය. පංසල්,පල්ලි,කෝවිල් නැතුව සමාරුන්ට ජීවිතේ ඉදිරිය ගැන හිතන්නවත් බැහැ. 

සමාජයේ මැදිවියේ ඉන්න යමක් කමක් තියෙන හෝ නැති බහුතර ජනයා මේ විදියට ආගමට ඇලිලා. සමහරු පන්සල් පල්ලි හෝ අසපු නොගියාට සිතින් පොතින් පතින් ආගම එක්ක නැඹුරු වෙලා. දැනට ලංකාවෙ නවකතා පොත් වලට වඩා ආගමික පොත පත විකිනෙනවා. මම හිතන්නෙ සුජීව ප්‍රසන්නගේ පොත් වලටත් වඩා මේ කාලෙ අසපු ස්වාමින් වහන්සේලාගේ ධර්මය ජනප්‍රියයි. සිංදුවක් අහලා ආතල් එකක් අරගන්න හුරුවන අය අම්මා කවිබණ අහන්න පටන් අරං. සමහරු අලුත් තාලවලට කියන ගාථා අහන්න පටන් අරන්. 

සීරුවෙන් බැලුවොත් ආගම විසින් සියලු විනෝදයන්හි සාරය උරාගෙන අලුත් මාකට් එකක් හදාගෙන යනවා. ඒ වගේම එන්න එන්නම ඒ ශ්‍රාවකයින් ගාන වැඩිවෙනවා. අලුත් ලවු ස්ටෝරියක්, පොර ස්ටෝරියක් බලන්න හෝල් එකකට යන සෙනගට වඩා දළදාගමනය මහින්දාගමනය බලන්න යන සෙනග වැඩියි. මොකද මිනිස්සු ජීවිතේ හැමතිස්සෙම පින රැස්කරගන්න උත්සාහ කරනවා. ආදරයටත්  වඩා ආගමික අංශයෙන් ලබන විනෝදය උසස් වෙලා. අද ‍ෂෝට් ෆිල්ම් එකක් කරන්න, අලුත් පොතක් ගහන්න, බිස්නස් එකක් පටන් ගන්න, ආදි එකී මෙකී නොකී සියලු වැඩවලට වඩා හරිම ලේසියි සිවුරක් හෝ ලෝගුවක් දාගෙන අලුත් ධර්මයක් දෙසන්න ගන්න එක. නැත්තං ආගමික ප්‍රොඩක්ට් හදන එක. (අතීත කතා ඇතුලත් ෆිල්ම්, ඉතිහාසය සහ ආගම ඇතුලත් පොත්, )

මීට දශක දෙක තුනකට කලිං හිටපු සමාර සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ කරපු ලොකු නිර්මාණ තියෙනවා. ඒ කාලෙ මුස්ලිම්,දෙමළ ලොකු ව්‍යාපාරිකයෝත් පල්ලි කෝවිල් හදන්න ඇති. මේ අය කවර හෝ හේතුවකට එයාලගේ ලග තිබුන අතිරික්ත ධනය මේ ආගමික සිද්ධස්තාන සහ ආගමික කටයුතු වෙනුවෙන් යෙදෙව්වා. ඔවුන් අලුත් ව්‍යාපාර, අලුත් කර්මාන්ත, අලුත් කලා කෘති වෙනුවෙන් ආයෝජනය කරන්නෙ නැතුව අමාරුවෙන් හම්බකරගනිපු තුට්ටු දෙක පංසල් පල්ලි වල ගල් ගඩොල් සිමෙන්ති වෙනුවෙන් වියදම් කලා. 

නිදහස ලබාගෙන අවුරුදු හැටක් ගත වෙනකොට ලංකා ආර්ථිකය තාමත් දුවන්නෙ ටී රබර් පොල්, ගෑනු සහ ඉතාම සුළු පරාසයක අපනයන ප්‍රමාණයකින්. එදා ඒ සල්ලි තියෙන මිනිස්සු මොලේ වෙහෙසලා අලුත් දේවල් හිතලා අලුත් කලා කෘති, අලුත් කර්මාන්ත, නව නිෂ්පාදන වෙනුවෙන් සල්ලි වියදං කලානම් අද වෙනකොට ලංකාව කියන්නෙ මාරම රටක්..

Monday, June 16, 2014

එයාල මොනව කරන්නද?

දැනට මරණ තුනක් සිදුවී ඇති නමුත් ඒ පිළබඳව කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි අධිකරණ අමාත්‍යවරයා චෝදනා කරන්නේ.බී බී සී.
 අළුත්ගම මුස්ලිම් සිංහල කලබලයක් වෙලා තුන්දෙනක් මැරිල. කාලෙකට පස්සෙ නිවුස් එකක්. අහ්. මරු. මාත් මොනවහරි ලියන්න ඕනි. ගලායන ගග තිබුනට වැඩක් නැහැ අපිත් ඇලක් දොලක් කපල අපේ වතුර ගගට යවන්න ඕනි නැත්තං ගගේ වතුර අපි ගන්න ඕනි. 

අධිකරණ ඇමතිතුමා කියනවා පරීක්ෂණ කරලා නැහැ කියලා. කාටද මේ කියන්නෙ? කාටද චෝදනා කරන්නෙ? කවුද චූදිතයා..කවුද වරදකාරයා? 

බොදු බල සේනා සංවිධානය පිටිපස්සෙ ආන්ඩුවට සම්බන්ධ ගෝඨාභය වගේ ලොකු අතක් තියෙනවා කියල හැමෝම කියනවා. ඇත්තද දන් නැහැ. අපි කොහොමද ඕව දන්නෙ. 

ගැටුම ඇති වුනාට පස්සෙ පොලිසිය ක්‍රියාත්මක වෙලත් නැහැ ඉක්මනට. පරක්කු වෙච්චි නිසා සහ නිවැරදිව සිද්ධිය පොලිසිය විසින් පාලනය නොකිරීම වැරැද්දට හේතුවෙලා. පොලිසිය කරන හැමදේටම ආන්ඩුව වගකියන්න ඕනි නැතිවුනත් ලංකාවෙ පොලිසිය තියෙන ව්‍යුහය අනුව රජය විසින් පොලිසියට යම් බලපෑමක් කල හැකියි. 

සමස්ථ සිද්දිය දිහාම යම් ප්‍රමාණාත්මක අවධානයකින් බැලුවොත් පේනවා සිද්ධිය තුල රජයේ නොසැලකිලිමත් කම සහ අදූරදර්ශී බව තිබෙනවා කියලා. සාමාන්‍යෙයන් මේ වගේ දෙයකදි විය යුුතු විදියටම වැඩිපුර ගුටි වදින්නෙ මුස්ලිම් අයට. 

දැන් අපේ රජය නියෝජනය කරනවා මුස්ලිම් මිනිස්සු කිහිප දෙනෙක්. ඒ අයට රජය ක්‍රියාත්මක වෙන විදිය වෙනස් කරන්න පුලුවන් වෙයිද? බැරි වුනෝතින් එයාල ඉල්ලා අස් වෙයිද? මුස්ලිම් මිනිස්සු අති බහුතරයක් අනේ මේ අපේ ජාතියෙ එකා කියලා මුස්ලිම් මිනිස්සුම පාර්ලිමේන්තුවට දක්කනවා. තමුන්ගේ ජාතියේ අය තමුන්ට පහරදෙනකොට කිසිම දෙයක් නොකර ප්‍රශ්ණ නිකං ඉබේ විසඳෙනකල් බලං ඉන්න රජයේ අභීත ප්‍රතිපත්තියට අපේ මුස්ලිම් නායකයොත් මුසු වෙලා. 

 රවුෆ් හකීම් වගේම අනික් මුස්ලිම් නායක අයත් මේකට විරුද්ධව පෙලපාලි යාවි,ප්‍රකාශ නිකුත් කරාවි, විපතට පත් අය බලන්නට යාවි, ආන්ඩුවෙන් අපි යනවා කියලා බොරුවට කියාවි. එච්චරයි. ඒ නිසා මේක කවදාවත් ඉතිහාසයේ දෙමල අරගලය වගේ එකක් වෙන්නෙ නැහැ සහෝදරවරුනි.  බොරුවට චූන් වෙන එකෙන් කිසි වැඩක් වෙන්නෙ නැහැ. 

අවසානයේ හැමෝම අහිංසකයි. හැම ලොක්කෙක්ම විශිෂ්ඨයි. හැමෝම හොඳයි. මැරුන සහ තුවාල ලත් අයගේ සමීප මිනිස්සුන්ට විතරක් සුළු වේදනාවක් උරුම වේවි. 

අහ් ඥානසාරට බනින්න මතක නැතිවුනානේ..එක්කො ඕන නැහැ..අතට බනින්න බැරි නිසා අපි ටූල් වලට බනිනවා. සිංහලෙන් කිව්වොත් එක් තරා අතකින් ඉස්කුරුප්පු නියන්, කටර් අඩු, මිටි හසුරුවන කොට ඒ අත ගොඩක් බලගතු නම් මිනිස්සු අර අතට බනින්නෙ නැතුව ටූල් වලට බනිනවා. 
එක පැත්තකින් ටූල් එකට බනින එක සනීපයි. එතකොට හැමදාම බැන බැන ඉන්න පුලුවන්. මොකද එයාල එක එක වෙලාවට එක එක ටූල් පාවිච්චි කරන නිසා.  අතට බැන්නම අත වෙන ටූල් එකකින් අපිට ගැහුවොත්..බුදු අම්මෝ ඒ නිසා ගෝඨා හොඳායි..ගොඩක් හොඳායි.. අනික් රාජපක්ෂියන්ස් ලාත් ගොඩාරියක් හොදයි. ඥාණෂාරයි ඒ වගේ අයයි පොලිසියයි ඒ චිත්‍රපටියේ හිටපු දුෂ්ඨ චරිතයි විතරක් වැරදියි.. 

අධ්‍යක්ෂකල තිර රචකයෝ මිනිස්සුද බං..නළුවො නේ වටින්නෙ? අරූ කට් ඇක්සන් කිව්වද ඌව පේනවද බං. නළුව නිළිය නේ අපිට පේන්නෙ.  ෆිල්ම් එකේ පේන දේ බලන් නැතුව අධ්‍යක්ෂක හොයන තෝ වගේ මෝඩ මූසල හරකෙක්.

Saturday, June 14, 2014

එල පොකට් කැම් එකක් Excellent Pocket camera

මම අද විස්තර කරන්න යන්නෙ මේ කැමරාව ගැන. මේකෙ මොඩල් එක SX280HS කියන ජාතිය. කැනන් canon තමයි හදන්නෙ. මේ කැමර් එක මේ ජාතියෙ අනික් කැමරා එක්ක සංසන්දනය කරාම වඩාත් වාසිදායකයි. අපි දැන් එකින්  එක අරගෙන බලමු මොකද්ද මේ කැමරාවෙ තිබෙන විශේෂත්වය කියලා. මේ කැමරා සාමාන්‍යයෙන් දැක්වෙන්නෙ පොයින්ට් ඇන් ෂූට් කියන වර්ගයට. පොයින්ට් ඇන් ෂූට් (Point and Shoot)  කියන එකේ සිංහලෙ තේරුම දැක්ක තැන ගැහුවා වගේ එකක්.

කැමරාවක වැදගත්ම කොටසක් විදියට ඉමේජ් ප්‍රොසෙසර් එක හඳුන්වන්න පුලුවනි. කැමරාව තුලට වැටෙන ආලෝකය අපිට පේන ආකාරයට තලයක් මතට ගන්න පුලුවන් වෙන්නෙ ඉමේජ් ප්‍රොසෙසරය නිසා. ඩිජිටල් කැමරාවලට ආවම තමයි ඉමේජ් ප්‍රොසෙසර් කියන කෑල්ලක් එකතු වෙලා තිබෙන්නෙ. ඊට කලිං තිබුනෙ ආලෝකය කෙලින්ම පටලයක් මත ප්‍රක්ශේපනය කිරීම. ඩිජිටල් කැමරාව තුලදී ආලෝක සංඥා කැමරාව තුලදි අංකිත නොහොත් ඩිජිටල් දත්ත බවට පත් කරනවා. මේ කැමරාවෙ කැනන් අයගේ අලුත්ම ඉමේජ් ප්‍රොසසර්(canon digic 6 image processor) එක අඩංගු වෙනවා. 

කැමරාව සතු මෙගාපික්සල් ගනන කියන්නෙ එතරම් වැදගත් දෙයක් නෙමෙයි. මනුස්ස ඇහැට මෙගාපික්සල් 5ක පොටෝවකුයි මෙගාපික්සල් 10ක පොටෝවකුය් එකවර වෙන්කර අදුනාගන්න බැහැ. මේ කැමරාව මෙගාපික්සල් 12ක(12.1 megapixels)  අගයකින් යුක්ත වෙනවා.මේ කැමරාව 20ගුණයක(20x optical zoom) විශාලන හැකියාවකින් යුක්තයි. මේ විසිගුනය ඇවිල්ලා පිංතූරයේ ප්‍රමාණය අඩු නොවී ගන්න පුලුවන් ඔප්ටිකල් සූමින් කියන ජාතියෙ විශාලනයක්. 

තවත් මේ කැමරාවෙ හොඳ ගැනකියනවා නම් ඔටෝ ෆෝකස් (autofocus with excellent image stabilization ) හැකියාව තිබෙනවා. ඒක ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්නත් කැමරාව සමත් වෙනවා. ස්ටැබිලයිසේශන් කියලා දැක්වෙන්නෙ වස්තුව හෝ කැමරාව තියං ඉන්න අපි ගැස්සෙන වටපිටාවකදි කැමරාව විසින් නියමාකාරයෙන් පිංතූරයක් ලබාගැනීම. ඒ වගේ ගැස්සෙන අවස්ථාවන් වලදිත් හොදට වැඩ කියලා තමයි විස්තර වල තියෙන්නෙ.
සාපේක්සව ගත්තාම අනික් පෙොකට් කැමරා වලට වඩා මේ කාන්ඩයේ කැමරාවල පිංතූර වල තත්වය බොහොම ඉහලයි. පිංතුර වල තත්වය මෙතන ඔබලා බලන්න.  

මේ කැමරාව ඩොලර් වලින්200ක පමණ මිලක් වෙනවා. ඩොලර් දෙසීයක් රුපියල් වලින් ගතහොත් රුපියල් 30,000/=කට කිට්ටු අගයක් ගන්නවා. රුපියල් තිස්දාහක් දීල පොකට් කැමක් ගන්නවා (Pocket camera)  කිවම කස්ටියට හිනා යයි. නමුත් මේ කැමරාව තත්වය අතින් ඉහල ඒ වගේම විශාල පරාසයක පොටෝ අවශ්‍යතාව වලට ගන්න පුලුවන් එකක්. 

මේ සූමින් කියනඑක වැඩිපුර තියෙන කොට අපිට ඈත ඉදන් පොටෝ ගන්න ලේසියි. මිනිසුන් හෝ සතුන්ගේ පොටෝ ගහනකොට අපි මිනිසුන්ට හෝ සතුන්ට ගොඩක් ලංවෙල පොටෝ ගහනකොට එයාල ඉන්නෙ සාමාන්‍ය විදියට නෙමෙයි.ඒක වෙනස් වෙනවා. උදාහරණ විදියට අපිට අවශ්‍ය නම් සීයා බුලත් කොටන ආකාරය ඡායාරුපයට ගන්න සීයයි වංගෙඩිය යටින් කැමරාව ඇල්ලුවොත් සීය කොටන විදිය වෙනස් වෙනවා. එයා පොඩ්ඩක් බය ගතියක් පෙන්වනවා. ඊට වඩා හරි ලේසියි ඈතින් ඉදලා සියටත් නොතේරෙන්න පොටෝව ගන්න පුලුවන් නම්.. 

වල් සත්තු පොටෝ ගන්න (wildlife photography)  කොටත් ඒ වගේ. වල් සතාගේ වල් ගතිගුණ පේන්න නම් ඈතින් ඉන්න ඕනි. නැත්තං සතා පොටෝ කෙසේ වෙතත් අපි ලංවෙන්නත් කලිං ඈතට ගිහින් තියේවි. 

මේ කැමරාව පසුගිය වර්ශයේ වගේම, මේ වර්ශයේ මුල කාලෙ ඩිජිටල් කැමරා රේටින් වල මුල් තැනට ආපු කැමරාවක්. වියදම් වෙන ඩොලර් ගානට සාපේක්ෂව මේ කැමරාව ගොඩක් වටිනවා කියල තමයි අන්තර්ජාලයේ බොහෝ තැන්වල සඳහන් වුනේ.  සමස්ථයක් විදියට ගත්තාම කැමරාවක අපි සලකා බලන බොහෝ අංශ මේ කුඩා කැමරාවෙන් සපුරාගන්න හැකියාව තිබෙනවා. මැනුවල්ඒ කියන්නෙ අපිට අවශය විදියට කැමරාව සකසා ගන්නත් සුලු අවකාශයක් කැමරාව මගින් සපයා දී තිබෙනවා. 

ලංකාවෙ තත්වයෙන් බැලුවොත් මීට වඩා සූමින් තියෙන සහ මීට ප්‍රමාණයෙන් ලොකු කැමරාවක් රුපියල් 40,000කට මිලදී ගන්න හැකියාවක් තිබෙනවා. ඒවා කොම්පැක්ට් කැමරා විදියට හඳුන්වන්න පුලුවනි. සමහර ඒවා 42ක්(42x)  විතර විශාලන අගයකින් යුක්ත වෙනවා. නමුත් වැඩේ තියෙන්නෙ ඒ කැමරා සාක්කුවෙ දාගෙන යන්න බැරි එක. අපිට අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවට කැමර් එක ගෙනියන එක අමතර වදයක්. මේ කැනන් කැමරාව නම් ඇත්තටම සාක්කුවෙ හරි හෑන්බෑග් එකේ හරි අරං යන්න පුලුවන් තරම් සුට්ටි එකක්. 

හහ් හහ් හා..ඕ camer මොකටද දැන් පෝන්(smart phone) තියෙනවා කියලා පිරිසකට හිතෙන්න පුලුවන්. නමුත් මේ කැමරාවෙ තිබෙන විශාල පරාසයක හැසිරවිමේ හැකියාවන්, සිංහලෙන් කිව්වොත් ඔප්ෂන්ස් ෆෝන් වල නැහැ. තිබුනත් ඒ ජාතියෙ ෆෝන් එකක් බොහොම මිල අධිකයි. කොහොමටත් මේ වගේ කැම් එකක පොටෝ අයි පෝන් කොලටි එකට වඩා හොඳයි කියලා තමයි මගේ නම් පුද්ගලික අදහස වෙන්නෙ. 

දැන් එන බොහෝ පොකට් කැමරා වයිෆයි තාක්ෂනයෙන් සහ ජී පී එස් ජියෝටැග් පහසුකමින් යුක්තයි. මේ කැමරාවෙත් ඒ දෙකම තිබෙනවා. නමුත් තාක්ෂණිකව ඒ භාවිතාවන් අනික් කැමරා තරම්  සුමට නැහැ කියලා තමයි විස්තර වල තිබුනෙ. අපි ලංකාවෙ මට්ටමින් කල්පනා කලොත් අපිට මේ දෙකම ඒතරම්ම වැදගත් වේවි කියාල හිතන්න බැහැ.

මේ ඔක්කොම හරිගියත් මේ කැමරාවෙ එක ලොකු පරහක් තියෙනවා. ලාබ බඩුවෙ හිලක් තියෙනවා වුනත් අපි හිල ගැන දන්නවා නම් අපිට හිල තිබුනත් හිල වහගෙන බඩුව පාවිච්චි කරන්න පුලුවන් නේ. මේ කැමරාවෙ බැටරි බලය සීමිතයි. බැටරි ඉක්මන්ටම බහිනවා. මම දැනට භාවිත කරන සෝනි පොකට් කැමරාවෙ ( sony cybershot W690)  බැටරි බලය ඉතාම ඉහලයි. පොටෝ 270 සෙට් දෙකක් ගන්න පුලුවන් එක පාරක් චාජ් කලාම.  මේ කැනන් එකට සමාන මට්ටමේ සෝනි කැමරා මේ වගේ දෙගුණයක් වගේ මිල වෙනවා.  මේ කැනන් කැමරාව ගන්නවා නම් තව අමතර් බැටරියක් දෙකක් ගන්න එක වඩාත් හොදයි කියලා තමයි කැමරාව ගැන තියෙන බොහෝ රිවිව්ස් වල දැක්වෙන්නෙ. 


අවාසනාවකට වගේ මේ කැමරා ලංකාවෙ සුලභ නැහැ. ඒත් ඒජන්ත මහත්මයන් ලව්වා කැමරාව ගෙන්නගන්න නම් පුලුවන් ඇති. එහෙම ගෙන්නුවත් රුපියල් 40,000ක් වගේ අගයක් යාවි.  දැන් තියෙනවා කප්රුක කට්ටියගේ අලුත් සර්විස් එකක් අපිට ඇමසන් සහ ඊ බේ වලින් බඩු ලංකාවට ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක්. මම ඒ ක්‍රමයට කප්රුක අයගෙන් අහලා බැලුවා කැම් එක කීයක් වෙයිද කියලා. කැම් එක ඇමසන් අයගෙන් කෙලින්ම අලුත්ම අලුත් එක අරගෙන මෙහෙට තැපැල් ගාස්තු මුද්දර ගාස්තු ඔක්කොමත් එක්ක රුපියල් 28,000කට ගෙන්වාගන්න හැකියාව තිබෙනවා කියලා ඒ අය මට ඊ මේලකින් දැනුම් දුන්නා. (මීඨ සති දෙකකට පෙර)

හැබැයි ඉතිං එහෙම ගෙන්නුවම ලංකාවෙන් ගත්තා වගේ නෙමෙයි ඉක්මන් වොරන්ටි නැහැ. මගේ පුද්ගලික මතය නම් මට කැමරාවක් අවශ්‍ය වෙලා තිබුන නම් ලංකාවෙන් රුපියල් 40,000කට අධික මිලකට ලංකාවෙ ඒජන්තවරුන්ගෙන් මිලදී ගන්නෙ නැතුව වොරන්ටි රහිතව ඇමසන් ලගෙන් අරගෙන කප්රුක හරහා ගෙන්නගන්න එක වාසියි. මෙතනදි ගැටලුව ඇමසන් වලින් ගද්දි වොරන්ටි දෙන්නෙ නැති එක නෙමෙයි ක්ලේම් කරන්න තියෙන අමාරුව. ඒකට ආයෙත් යවන්න වෙනවා නේ අමරිකාවට.. සමාරවිට ආයෙත් ඒ විදියට යවන සේවාවත් කප්රුක අය කරනවාද දන් නැහැ. එයාලගෙන් අහලම තමයි බලන්න ඕනි. 

මේ ඇමසන් අයගේ කැමර් එක ගැන තියෙන තැන.
මේ කප්රුක අයගෙන් මිල දැනගන්න හැටි. 
 කැමරාව මම සති දෙකකට පෙර බැලුව මිලට වඩා දැන් ඩොලර් 40ක් විතර මිල වැඩිවෙලා තියෙනවා. මම බැලුව වෙලාවෙ කැමරාව ඇමසන් එකේ ඩොලර් 180ක් විතර වගේ තමයි වුනේ. මේ තියෙන්නෙ මම ගෙන්නගත්ත කොටේෂන් එක.. 


Item Code/Name Qty Item Price Duty/Taxes Shipping Kapruka Fee Total
Canon PowerShot SX280 12MP Digital Came.. (Shipping Weight: 01 lbs)
$ 179.00 $ 16.44 $ 4.76 $ 8.95 $ 209.15
Total:  
$ 209.15
( Rs. 27,848 )

ප.ලි.ල (පසුව ලියන ලදී) :- මේ කැනන් පොකට් කැමරාවේ SX270HS මැති මොඩලයක් ඇති අතර එහි වයිෆයි සහ ජී පී ඇස් පහසුකම නැත. එම කැමරාව ඩුබායි හි ෂරෆ් ඩීජී නැමැති සාප්පුවේ ඩිනාර් 885 (රු 31380.14) කට තිබේ. ඩුබයි වලින් පහසුවෙන් බඩු ගත හැකි මාර්ගයක් ඇත්නම් එයද වාසි මාවතක් වෙනු ඇත.

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...