Wednesday, June 11, 2014

ලංකාව කලාව සහ මාකට් එක

විනෝදාස්වාදය මූලික කරගත් නිර්මාණ කාර්යයෝ කලාව ලෙස හඳුන්වයි. කලාව සඳහා උගතුන් විසින් විවිධ අර්ථකතන දක්වා ඇති මුත් විනෝදය මූලික කරගත් නිර්මාණ කාර්යන් කලාව වන බවක් මා සිතමි. එවිට සංගක්කාර විසින් සෙල්ලම් කරන ලද ක්‍රීඩා තරඟයකින් අප ලබන්නේ විනෝදයක්මැ නොවේදැයි යමෙකුට සිතෙන්නට හැකිය. එයද එසේමය. ක්‍රීඩාවෙන් ලබන විනෝදය හා නාටක,ගායනා, උත්සව ආදියෙන් ලබන විනෝදය වෙනස් වන්නේ කෙසේදැයි සිතීම අමාරු වැඩකි. මිනිසුන් කන්ඩායම් වශයෙන් ඒකරාශී වී සතුටුවන්නට පටන් ගත් තැන ක්‍රීඩා සහ කලාත්මක නිර්මාණ වලින් සපිරි උත්සව පවත්වන්නට ඇත. පසුකාලීනව වෙන්වුවත් මනුෂ්‍යයා ක්‍රීඩාවෙන්ද ලබනුයේ විනෝද කටයුත්තක් බව පෙනේ.

දකුණු ආසියානු කලාපයේ මනුෂ්‍ය යෝ සාමාන්‍යෙයන් කය වෙහෙසා කරන ක්‍රීඩාවන්හි දක්ෂයෝ නොවෙති. එකිනෙකා හා දැඩිව ගැටෙන පාපන්දු රගර්, බාස්කට් බෝල ආදී ක්‍රීඩාවන්ට දකුණු ආසියාතිකයෝ වඩාත් ප්‍රිය නොකරති. ඔවුන් ආශා කරන්නේ ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ට වෙති. මා සිතන්නේ ලෝකයේ කලාව ගැන කවර නම් වූ මති මතාන්තරයක් තිබිය හැකි වුවද මනුෂ්‍යයාගේ සිතන ආකාරයද ලෝකයේ කලාප අනුව බෙදේ. අලියා නැමැති විශාල සත්වයා අප්‍රිකානු සහ ආසියානු ලෙස ජාති දෙකෙකට බෙදේ. එය පැහැදිලිව පෙනෙන වෙනසකි.

ඒ ආකාරයෙන කලාපයේ භූගෝලිය පසුබිමත් මිනිස්සු කාලාන්තරයක් තිස්සේ එදිනෙදා මුහුනපාන ගැටළු වල සුවභාවය අනුවත් කලා කෘති ලෝකයේ කලාපයන් අනුව වෙනස් වෙති. නිවර්ථන කලාපිය දේශගුණයක් යටතේ පවතින අප රටේ අතින් සම් වලට පහර දී ශබ්ධය ලබාගන්නා බෙර ආදිය වඩාත් ප්‍රචලිතව පැවතුනි. නමුත් ශීත කාලගුණයක් සහිත යුරෝපා රටවල ගිටාරය, වයලීනය වැනි තත් භාන්ඩ ජනප්‍රිය වී තිබුනි.

කලාව යනු මේ යැයිද කලා නිර්මාණ නම් මෙසේ විය යුතු යැයිද ලංකාවේ සිටින උගතුන් සහ ප්‍රවීන කලාකරුවෝ සීමා රීති ඉදිරිපත් කරති. ඒ කලා නිර්මාණ සම්බන්ධ නීති රීති බොහොමයක් ඔවුන් උපුටා ගන්නේ වෙනත් රටවල දැනුම් ධාරාවන් ඔස්සේය. උදාහරණයක් ලෙස හොඳ නාට්‍යයැයි නාට්‍ය වර්ගීකරණයේදී යොදාගන්නා මිමි ආදිය බොහොමයක් කපා ගෙන ඇත්තේ බටහිර පොතපත ඇසුරෙනි. බටහිර පොත් වඩාත් පරිශීලනය කොට වික්ටෝරියානු පරණ පොත පත අනුව මිමි කපා ගන්නේ අප රටේ උගත්හු කලා කෘති නම් ඒ ආකාර විය යුතු යැයි මහත් වූ වාද විවාද කරති.

ලෝකයේ සමස්ථ ජනගහනයෙන් 27%ක් දකුණු ආසියාතිකයෝය. යම් හෙයකින් ලෝකයේ ආර්ථික අතින් දකුණු ආසියාව මහත් විශාල තැනකට පත් වූයේ වී නම් අපේ නිර්මාණ සහ ඉන්දියානු නිර්මාන ලෝකය පුරා මහත් වේගයෙන් පැතිර යනු ඇත. නමුත් අදටත් දකුනු ආසියාව යනු දුප්පත් මිනිස්සු වැඩිපුර සිටින පලාතක් නිසා ඔවුන්ද විනෝදය ලෙස දකින්නට පුරුදු වී ඇත්තේ බටහිර සහ පෝසත් රටවල ජනතාව විඳින විනෝදයම වෙයි.

බල්ලොත් එක්ක බෑ යන නාටකයට විරුද්ධව විවිධ මත තැන් තැන්හි තිබෙනු මා දිටිමි. බොහෝ නාටක කරුවන් බල්ලොත් එක්ක බෑ දැක තිබුනේ බාල නාටකයක් ලෙසය. නමුත් බල්ලොත් එක්ක බෑ යනු මේ යුගයේ වඩාත්ම ජනප්‍රිය නාට්‍යයයි. එය වාර තුන්සියකට වඩා වේදිකා ගත කොට ඇත. බල්ලොත් එක්ක බෑ යන නාටකය ගැන ලෝක මට්ටමින් සිතන බොහෝ ලාංකික නාටක කරුවො සහ පිරිස එය කසිකබල් නාටකයක් යැයි අවමානයට පත් කරති. නමුත් කලාව තිබිය යුත්තේ කලාව දන්නා අයට පමණක්ද? කලාව ගැන එතරම් දැනුමක් නැති සාමාණ්‍ය ජනයාට බල්ලොත් එක්ක බෑ යනු කදිම ප්‍රහසන නාටකයකි.

දෙබිඩ්ඩෝ යන නාටකයද මා විසින් නරඹන ලදී. එහි ගමන් කරන දේශපාලනික ප්‍රහසනය තරමක් ගැඹුරුය. එය තේරුම් ගන්නට ලාංකික ප්‍රේක්ෂකයා බොහෝවිට අසමත් වෙති. කොළඹ වසන නාටක ගැන දන්නා හදාරා ඇති ස්වල්ප දෙනෙක් හැර දෙබිඩ්ඩෝ වැනි නාටකයක් තේරුම ්ගත හැකි අය ඇත්තේ ස්වල්පයකි. එය දෙබිඩ්ඩෝ නාටකයේ ඇති ගැටළුවක්නොවේ. එය ප්‍රේක්ෂකයාගේ ගැටළුවක්ද නොවේ. එය ගැලපීම සම්බන්ධ කුඩා කතාන්දරයකි. උදාහරණ ලෙස චිත්‍රාල් සෝමපාල නැමැති ගායකයා නදී ගංගා තරණයේ යන ගීතය ගැයූ නිසා ඔහු ලංකාවේ අය දන්නා ගායකයකි. එසේම කලක් ජනප්‍රිය ගායික,ගායිකා දෙපළ ගේ පුතා වීම නිසාද චිත්‍රාල්සෝමපාල ජනප්‍රිය වී ඇත. නමුත් ඔහු විසින් ඔහුගේ සාමාන්‍ය සංගීත භාවිතාව වන මෙටල් මියුසික් ලංකාවේ ජනප්‍රිය මාධ්‍යයන් තුලින් විසුරුවන්නට කටයුතු කලාන්ම චිත්‍රාල්ට ලැබෙන තැන බොහෝවිට ශෝචනීය විය හැක. මන්ද මෙටල් යනු ලංකාව තුල ප්‍රචලිත සංගීත ධාරවක් නොවන බැවිනි. එහි වරද ප්‍රේක්ෂකයින්ගේවත්, චිත්‍රාල්ගේවත්,මාධ්‍යෙය්වත් නොවේ. එය ගැලපීම සම්බන්ධ දොසකි. 

ලංකාවේ නාට්ටි සහ සිනමාව සම්බන්ධයෙන් ඔවුන් විසින්ම දමාගන්නා ලද කොටු කිහිපයක් වෙති. සිනමාව සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව නැමැති මහා ප්‍රාකාරයක් තිබෙන අතර නාටක සම්බන්ධයෙන්ද එවැනි ප්‍රබල බලපෑම් වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වෙයි. ලාංකික නාට්‍ය කරුවෝ වසරකදී දෙවරක් පැවැත්වෙන යොවුන් නාට්‍ය උලෙල සහ රාජ්‍ය නාට්‍ය උලෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කරති. ඒ නාට්‍ය උලෙල වලින් තේරෙන්නේ කවර ආකාරයේ නාටක දැයි ඉවක් බොහෝ නාට්‍ය කරුවන්ට වෙති. එහි දී සම්මාන ලබාගන්නා දේශපාලනික ක්‍රමද සමහරුන් සක් සුදක් සේ දකිති. ඉතිං සම්මාන උලෙලවල් වසරක් පාසා තිබෙන අතර එයින් නාටක මෙන්ම නලු නිලි, සංගීත, වේදිකා පරිපාලන ආදී ක්ෂේත්‍ර වල ප්‍රවීනයෝද තෝරති.

මේ තේරීම හොඳයැයි බොහෝ දෙනා සිතති. නමුත් අවුල වන්නේ මෙසේ තෝරා ගැනීම අවුරුදු ගානක් තිස්සේ පැවතුනත් ඒ ඔස්සේ නාටක කලාවට ලැබී ඇති සෙත කුමක්දැයි යන්නය. සත්‍ය වශයෙන්ම ඒ සම්මාන උළෙලවල් හරහා ආන්ඩුව කරන්නේ සල්ලි නාස්ති කිරීමකි. ඒ උළෙලවල් වල ජයග්‍රහනය කරන නාටක බොහෝ විට වේදිකා ගත වන්නේ ඉතා අඩු වතාවන් ගණනකි. ඉන් පසු ඒවා යලිත් හමස් පෙට්ටියට බසී.

ඒ අතින් රවීන්ද්‍ර ආරියරත්න ගේ බල්ලොත් එක්ක බෑ නාට්‍යය වඩාත් උසස් එකකි. ප්‍රේක්ෂකයා නාට්‍යයක් බැලීමට සාමාන්‍යෙයන් රුපියල් 500ක් විතර වියදම් කරයි. මේ කාලයේ පවතින ලංකාවේ මිනිසුන්ගේ කලාවට වියදම් කිරීම් මැලිකම දෙස බලනවිට රුපියල් පන්සියක් පැය දෙකක් වෙනුවෙන් ගලවාගත හැකි නාටක අධ්‍යක්ෂක යනු මෝඩයෙක් නොවේ. ඔහු නියම වෙළඳ පොල ගැන අවබෝධයක් ඇත්තෙකි.

කලාව දියුනු කරගැනීමට නම් මිනිස්සු නිර්මාණ මුදල් දී නරඹන තැනට නිර්මාණ පත් විය යුතුය. සිනමා කර්මාන්තයේදී සිනමා හල් වලට සිනමා පටි නිකුත් වීම පාලනය විය යුතු මුත් එහිදී ලංකාවේ පවතින අධිකාරිවාදය සිනමා කර්මාන්තයට බාධාවකි. බොහෝ සිනමාහල් පාඩු ලබන තත්වයක් යටතේ පවතින තත්වයක් යටතේ ඇති බැවින් ඒවායේ තත්වය කණගාටුදායකය. සිනමාව ගොඩනැංවීමට නම් එය විකිනිය හැකි නිර්මාණ වලින් සහ ආකර්ශනීය ගතිලක්ෂණ වලින් පිරවිය යුතුය. එය කෙසේ කරන්නේද යන්න සිතීමත් අයිති වන්නේ කලාවටම වෙයි.

මා ඇමරිකාවේ කරන අධ්‍යන පාඨමාලාවක් හරහා පුරාවිද්‍යාව අධ්‍යනය කිරීමට පසුගිය කලෙක පෙළඹුනි. එහිදී පුරාවස්තු වෙන්දේසිය, පුරාවස්තු සුරැකිමට මුදල් ලබාගන්න ආකාරය, පුරාවිද්‍යා අධ්‍යන කටයුතු වලට මුදල් සොයාගැනීම ආදී මාකටින් වලට අදාල දේද උගන්වන ලදී. පුරාවිද්‍යාව නියම ලෙස සුරැකීමට නම් ඒවාද නියම ආකාරයෙන් වෙළඳපොල හා මිශ්‍ර විය යුතුය. ඇමරිකානු මොඩලයේ ඒ පාඨමාලා බොහොමයකදී විකිනීම සහ වෙළඳපොල ගැන විශේෂ පාඩමක් අන්තර්ගත වෙයි.

මෙය ලංකාවේ බොහෝ කලාකරුවන් සහ පිරිස අවබෝධ කරගන්නට අකමැති යථාර්තයකි. වෙළඳපොල උදෙසා කලා නිර්මාණයන් සිදු කිරීම සමහර අය දකින්නේ ආනන්තරිය පාපයක් වැනි දෙයක් ලෙසය. නාටක උලෙලවල් සිනමා උලෙලවල් ගීත උත්සව, කුඩා සාද, වට මේස, විවාද, කතා බහ වලින් කලාව මහජනයා අතරට යැවිය හැක්කේ අල්ප වශයෙනි. කලාවෙන් මිනිස්සු වෙනස් කරන්නට ප්‍රථම කලාවට ලැදි පිරිස වැඩිකරගත යුතුයැ. නැතිනම් ඒ කෘති ඉතා සීමිත පිරිසක් අතර සංසරණය වන කෂුද්‍ර අවකාශයක් තුල පිනුම් ගසන කුඩා සතෙකු මෙන් වෙනු ඇත.

මේ අතරින් මා දකින දක්ෂ කලාකරුවෙක් ලෙස සුනිල් පෙරේරා දැක්විය හැක. ලංකාවේ මිනිසුන්ගේ රුචිකත්වය මනාව හඳුනන සුනිල් ක්‍රිස්තියානි ආගම අදහන කොළඹ නාගරිකයෙකු වුවත් ගොවියාගේ උදලු ඇඩ් එකේ සිට බොහෝ ඇඩ් ගානකට කටින් පණ පොවන්නේ සුනිල්ය. එහි තේරුම සුනිල් යනු ලංකාවේ අති බහුතරයක් මිනිසුන් කැමති ගායකයකු වන බවය. ඇල්හාලේ බත්, කුරක්කන්, කැවුම් කොකිස් මුං අලුවා ආදී දේ ගැන කවි සිංදු තිබුනත් ඉඳිආප්ප නිර්මාණයකට ගත හැකි බව අපේ බොහෝ කලාකරුවන් සිතුවේ නැත. නමුත් සුනිල් ඉඳිආප්ප ගැන සිංදුවක් කලේය. කලාව කලාවෙන් එපිටට ගෙනගොස් මිනිසුන් අතර තබන්නට හැකි සුනිල්ලා,රවින්ද්‍ර ආරියරත්නලා සහ ඉරාජ්ලා සැබැවින් සමාජය වෙනස් කිරීමට අනුබල දෙන කලාකරුවෝය. 


වෙළඳපොල තුල විකිනෙන්නේ නැති පොතකින් සමාජයක් තැනීම කෙසේ වෙතත් කාලයක් ගිය තැන එයින් මීයන්ගේ බඩට නම් එයින් වාසියක් වෙනු ඇත.

16 comments:

  1. umbata thama pissuwa honda nedda yako

    ReplyDelete
    Replies
    1. ''මම ඇමරිකාවෙ---------------------- හි හි '' මුචලින්ද...! හැමෝම පිටරට ඒව කියන කොට උඹත් තැපෑලෙන් හරි ඇමෙරිකා ගියා කියපං..!

      Delete
  2. පොඩ්ඩක් පොඩ්ඩක් තේරුනා......
    කර්ම ෆිල්ම් එකත් අන්ඩර දෙමල වුනේ මේ ගැලපීම සම්බන්ධ දෝෂේ නිසා නේද??

    ReplyDelete
    Replies
    1. ජාතක කතාවක් ගත්තාම ඒකෙ මුල මැද අග කියලා කොටස ්තුනක් තිබෙනවා. ඒකෙ මැද ගැටුමක් තියෙනවා..අවසානෙයක් තිබෙනවා.. අපේ රටේ බහුතර රසිකයො හිතන්නෙ හැම කතාවකම මේ විදියෙ මුල මැද සහ අවසානයක් තියෙන්නට ඕනි කියලා.. නමුත් රුසියන් සාහිත්‍ය කෘති හෙම ගත්තම එයාල ඔය කියන කතාන්දර ශෛලිය වෙනස් කරගන්නෙ එක්දාස් අටසිය ගන්නවලදි.. බොහොම පොඩිකාලෙ රුසියන් කෙටිකතා මම බොහෝ වෙලාවක් කියවනවා. මොකද මට තේරෙන් නැහැ ඒකෙ කතාව මොකද්ද කියලා.. ඒත් පස්සෙ කාලෙක කතාවක් නැති එකත් මහ සරු ආතල් එකක් කියලා දැනුනා..

      සිනමාව ගත්තාම කලාත්මක සහ වාණිජ කියලා කොටස් දෙකයි..බොහෝවිට පිටරට සම්මාන ආදිය ලැබෙන්නෙ කලාත්මක ඒවට..සමාර කලාත්මක සිනමා කෘති බහුතර ජනී ජනයාට නොතේරි යන්නත් පුලුවනි..

      Delete
    2. ඒවා නොතේරෙන්නේ ඒවගේ කලාත්මක ඒවා ලංකාවේ හැදෙන්නේ කලාතුරකින් නිසා.....නැත්තම් හැමදාම එන්නේ ගස් වටේ නටන ජෝක් ලව් ෆිලම් විතරයි....

      රුසියන් සාහිත්‍යයේ බහුතරයක් ඒවාට පදනම් වෙලා තියෙන්නේ යුද්ධය හා එහි අතුරු ඵල....... ඒවායේ සමහරක් අතීතාවර්ජන,.....ඉතින් කතාවේ මුල් හරිය කතාවට සම්බන්ධ වෙන්නේ අගදී.

      Delete
  3. අමිල
    මේක පරණ කේස් එකක්. අපි පොඩි කාලෙත් මේ ප්‍රබුද්ධ-පීචං වාදය තිබුණා. ජෝතිපාල ගේ සින්දු, සාජන්ට් නල්ල තම්බි වගේ ජනප්‍රිය කලාව සහ සම්භාව්‍ය කලාව අතර.
    මගේ අදහස නම් විවිධ මට්ටමේ රසඥතා සදහා ඔය හැම එකක්ම ඕනෑ කියන එකයි.
    සිංහල බ්ලොග් අවකාශය ගැන කිව යුත්තේද එයමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඒම තමයි..තාමත් අපේ රටේ මීඩියා බදු අරගෙන ඉන්න කලාකාරයො ජනප්‍රිය කලාකාරයො නෙමෙයි..එයාලම හිතාගෙන ඉන්නවා එයාල පට්ට කියලා.. ඉතිං අර මිඩියා වල නැති ඒත් පොත් සිංදු හරහා ජනප්‍රිය කලාකාරයො සැලකෙන්නෙ පහත් පෙලේ අය විදියට...අපි නිර්මාණවලට අකමැති වීම වෙනත් කාරනාවක් ..නමුත් ඒ මිනිස්සුන්ට නිර්දය විදියට අපහාස කරන එක වැරදියි..

      Delete
    2. @ amila හිට්ස් වැඩියෙන් තියන බ්ලොග් සමහර බ්ලොග් කාරයොත් හිතන් ඉන්නව එයාලා පට්ටයි කියල.එයා හරි ජනප්‍රියයි කියලා. එහෙම පොර ටෝක් මේ අන්සතු දිනපොතේම තියෙනවා.''අපි නිර්මාන වලට හෝ මිනිස්සුන්ට අකමැති වීම වෙනත් කාරනාවක්.නමුත් ඒ මිනිස්සුන්ට නිර්දය විදියට අපහාස කරන එක වැරදියි.'' අම්මපා...?එතකොට ඔහේ රාජපස්සට අක්මැති වෙලා ඒ මිනිහගෙ ලබ්බෙ සයිස් එකට මෙතන බ්ලොග් ලිව්වේ...?

      Delete
    3. සමාවෙන්න ලබ්බෙ තරම කටින්ම මැනගෙන තියන අයට ලබ්බෙ තරම කියලා දෙන්න යෑම මගේ වරදක් වාගෙ..

      Delete
    4. @ amila ඔයාම නේද ඉස්සෙල්ලම ලබ්බේ තරම කටින් මැන්නේ? ඔයා මොකටද ඒක අනිත් අයට කියලා දෙන්න එන්නේ?අනිත් අයගේ ලබු මනින්න පත් කරපු කෙනාද ඔයා?මිනිස්සුන්ගෙ පර්සනල් දේවල් වලට අපහාස කරන්නේ ඇයි? ඒ මනුස්සයා ඔයාට වඩා පෙනුමයි නේ? ඉතින් එයා කීවද බලපියකෝ අර අමිලයාගෙ කැත කියලා? නැහැනේ?මතවාද වලට බනින එක වෙනම දෙයක්. කලිසම අස්සේ තියන එක මනින්න යන එක කුප්ප කම.

      Delete
  4. මිනිස්සු තමන්ට කැමැති කලා නිර්මාණ රසවිඳීම ගැන ගැටළුවක් මට නැහැ. ඒ වගේම "බල්ලොත් එක්ක බෑ" වාණිජ මට්ටමෙන් සාර්ථක වූ නිසාම හොඳ නිර්මාණයක් යැයි හඳුන්වනවට මම එකඟත් නෑ. සමහර විට එක වාණිජ මට්ටමෙන් සාර්ථක වූ හොඳ නිර්මාණයක් වෙන්න ඇති. විකුණන්න පුළුවන් යමක් නිර්මාණය කිරීම සහ නිර්මාණය විකිණිය හැකි පරිදි සකස් කර ගැනීම දෙකක් විදිහට මම දකින්නේ.

    කලාකෘතියක් නිමැවීමට, විචාරයට යන් කිසි සම්මත පොදු පිළිගැනීම් තිබිය යුතුයි කියලා මම විස්වාස කරනවා. වේදිකා නාට්‍යයක් ටෙලි නාට්‍යයකින්, චිත්‍රපටියකින් වෙනස් වෙන්නේ එය රඟ දක්වන මාධ්‍යය නිසාම නෙවෙයි. ඒ වගේම ඒ සීමා රීති ඉක්මවා යාමට නම් කලින් ඒවා හදාරා සිටිය යුතුයි කියන එකත් මම විස්වාස කරනවා. නිර්මාණකරුවෙක් කියන්නේ පොදුජනයාට වඩා තරමක් ඉදිරි දැක්මක් සහිත පුද්ගලයෙක් වෙන්න ඕනේ. තමන්ගේ නිර්මාණය ජනතාවට විකිණිය හැකි ආකාරය ගැන ඔවුන්ට හිතන්න පුළුවන් වන්නේ එතකොටයි. එහෙම නිර්මාණය වූ සරල සහ සංකීර්ණ නිර්මාණ තියනවා.

    නමුත් අපිට ඉන්නවා මාකට් එක තේරුම් ගත්ත නමුත් කලාව නොදන්න නිර්මාණකරුවෝ. ඒ වගේම කලාව දන්න, මාකට් එක තේරුම් නොගත්ත නිර්මාණකරුවෝ. මුලින් කී කට්ටිය ප්‍රමිතියකින් තොර බාල දේ කරලා මුදල් හම්බ කරගන්නවා (මෙතනදි ප්‍රමිතියක් කිව්වේ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට නොකර කියන අර්ථයෙන්). දෙවෙනි කට්ටිය තමන් කරන්නේ පට්ට නිර්මාණ බව හිතාගෙන ඒවා බලන්න මිනිස්සු නො එන එක ගැන දොස් කියනවා.

    ReplyDelete
    Replies
    1. I agree 100% percent.

      Delete
    2. @ amilaඅර කලින් එකේ ගවුම උස්සල පූසා පෙන්නන්නෙ ඔයාගෙ ''-----'' පොඩි කාලෙ නේද? එයා ඒ කාලෙ හරි නෝටිලු.

      Delete
  5. වැදගත් කතාවක් කියල තියෙන්නෙ. කොහොම නමුත් නිර්මාපකයා සහ වෙළඳපොල කියනඑක ගැන මටත් හරි මතයක් නං නෑ. උදාහරණයක් විදියට අද කාලෙ දේවත්වයට පත්වෙලා තියන අතීත නිර්මාණයක්, නිර්මාණය උනේ වර්තමානයේදි නං තත්වය මොනවගේ වෙයිද? කියන ප්‍රශ්නයට උත්තරයක් හිතාගන්න බෑ.

    ReplyDelete
  6. මට තියෙන්නෙ එක ප්‍රශ්නයයි.
    කලාව කරන්නේ මිනිස්සුය.
    කලාව විඳින්නේ මිනිස්සුය.
    එහෙනම් මිනිස්සුන්ට කලාව විඳින්නට අමුතුවෙන් උගන්නන්නට ඕනෙ වෙන්නේ ඇයි?

    ReplyDelete
  7. මා ඇමරිකාවේ කරන අධ්‍යන පාඨමාලාවක් හරහා පුරාවිද්‍යාව අධ්‍යනය කිරීමට පසුගිය කලෙක පෙළඹුනි. NAYAAA.............!

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...