Thursday, June 26, 2014

උස්සනගොඩ ඉඳන් කලමැටි මායිම Ussangoda and kalametiya

කලින් පෝස්ටුවට ඇනෝ යාලුවෙක් කදිම අදහසක් ඉදිරිපත් කරලා තිබුනා. ඒ අනුව උස්සන්ගොඩ කියන්නෙ මුල් කාලීන පාෂාන සහිත මහපොලව බිහිවුන යුගයේ තිබුන යම් යම් ලක්ෂණ දැකගන්න පුලුවන් තැනක්. ඒ වගේම මේ ඇස්ගෙඩිදෙකට පේන භූමි දර්ශන වගේම මනරම් නොගැඹුරු මුහුදු ජෛව පද්ධතියක්ද උස්සන්ගොඩට තියෙනවා. මේ මුල් පිංතූරෙ පේන්නෙ දේවදාර ගසක්. මම උස්සන්ගොඩ ආවෙ වෙරල දිගේ. පොඩඩක් ඇතුලට එහෙ මෙහෙ ඇවිදලා බැලුවා. ටික වෙලාවක් බීච් එක අයිනෙ ඉන්නකොට මට තේරුනා විශාල අවකාශයක් වයිඩ් ඈන්ගල් යටතේ අරගෙන රූපගත කරමින් සිටිය පිරිසට ගල් අල්ල අල්ල වෙරලෙ කරක් ගහන මාව බාධාවක් කියලා. ඉන් පස්සෙ මම වෙරළ දිගේම ඉදිරියට ගියා. 
මේ ඉන්නෙ දියකාවා වගේ සතෙක්. දියකාවා කොයෙින්ද මුහුදෙ. ඒත් ඉතිං දියකාවා වගේ එකෙක් වෙන්න ඇති කියලා බැලු බැල්මට හිතුනා. මූව ඡායාරූපෙට ගන්න මම ටිකක් වෙහෙසුනා.නමුත් මගේ සුපුරුදු කැමරාවේ තරම් දුරට නාභිගත කිරීමෙ හැකියාව මේ වෙනකොට මගේ අතේ තිබුන ඔලිම්පස් පොකට් කැමරාවෙ නැහැ. ඉතිං දුකසේ පුලුවන් හැටියට පොටෝවක් අරගත්තා. 
අපි මුලින්ම දැක්කා නේ දැල් අදිනවා උස්සන්ගොඩ අන්තයේ. එ් හරියෙත් පොඩි ධීවර වරායක් වගේ එකක් තියෙනවා. මේ තියෙන්නෙ ඊට වඩා කිලෝමීටර දෙකක් විතර මුහුදු වෙරල දිගේ තංගල්ල පැත්තට ඇවිදං ආවම කලමැටිය කියන වෙරළ තීරයට අයිති බෝට්ටු ටිකක්. කවුරුවත් හිටියෙ නැහැ. ඒත් මිනිස්සු හිටපු බවට හැඟවෙන්න සමහර තැන්වලින් යනකොට පට්ට දුඟඳක් නහයට දැනෙන්න ගත්තා. මේ වැල්ලෙ ටිකක් ඈතින් උදැල්ලකින් වලක් කපලා මලපහ කරන එක මහ දෙයක් නම් නෙමෙයි. ඒත් සමහරු ඒ විදියට වැල්ලෙ මලපහ කරන එකත් ඒකෙ උප සංස්කෘතියක් විදියට දකිනවා. මම නම් ප්‍රාර්ථනා කරන්නෙ ඒ වගෙ කාලකන්නි සහ අනික් මිනිස්සුන්ට කරදරකාරී උපසංස්කෘති මේන්ටේන් කරන අයට සොබාදහම විසින්ම දඩුවම් කරන්න ඕනි. හිතන්න බොග දාන්න පහත්වෙනකොට වෙරලෙන් මතුවෙච්චි කක්කුට්ටෙක් ඔය අස්සකට රිංගල දෂ්ඨ කලොත් කාරිය, පංකාදුයි නේ ආතල් එක. 
මේ පොටෝව ගත්තෙ මුහුදු වෙරලේ වුනත් හිතාගන්න බැරි තැන්වල තිබුන සමහර ලක්ෂණ පෙන්වන්න. ඒ කිව්වෙ මෙ ්කියන තැන මුහුදු වෙරලේ අවසාන වෙලා ගොඩබිමට සෙට් වෙන හරිය. මේ හරියෙ මේ විදියට ලොකු කොරල් කෑල්ලක් තිබෙන්න තියෙන හැකියාව අඩුයි. නමුත් ටිකක් ඈතින් ඒ වගේ කොරල් තියෙන තැන් තියෙනවා. ඒ අනුව බොහොම ඉස්සර කාලෙක මේ කොටස් සමහරක් මුහුද තුල තියෙන්නට ඇති. 


මූදු වෙරල ලස්සන බලන්න එන සහ ධීවර වැඩට එන අය වෙරලට සහ මුහුදට දිරන්නෙ නැති කුනු එකතු කරනවා. ඒ වගේම අවට පරිසරය තුල බෝතල් පොලිතින් ඉතිරි කරලා යනවා. සමහර විට මේ විදියෙ සක්කිලි වැඩ කරන්නෙ යන එන මිනිස්සුන්ගෙන් සියයට එකක් වෙන්න ඇති. හැබැයි එයාල කරන වැඩේ තව අවුරුදු දෙතුන් සීයකින් බ්ලොග් ලියන අයටත් ඒවා ගැන බැනලා බ්ලොග් පෝස්ට් දාන්න තරම් කාලයක් අවලස්සන ඉතිරි කරනවා. මේ වීදුරු සහ සමහර පොලිතින් ප්ලාස්ටික් වර්ග පොලවට එකතු වුනාම අවුරුදු සිය ගනන් දිරන්නෙ නැහැ කියලා ඕනි බබෙක් දන්නවා. නමුත් හැමදාම මේ වගේ දේවල් අපිට ලංකාවෙ සංචාරක ස්ථාන වලින් දකින්ඩ හැකියාව ලැබෙනවා. 

 මේ තියෙන්නෙ අර ඔරු තිබුන මුහුදු වෙරලේ ඉඳලා මහ පාරට යන අතුරු මාවත. මේක කිලෝමීටර දෙක තුනක් දිගට තියෙනවා. මූදෙ ඉඳලා එනකොට මීටර් සීයක් දෙසීයක් ගියායින් පස්සෙ මේ හරියෙදි මුගටියෙකුයි මීමින්නෙකුයි බොහොම ඈතින් පාර පනිනවා දැක්කා. පොටෝ අල්ලන්න තරම් ළඟින් නම් නෙමෙයි උන් ගියෙ. මුගටියා නම් ඒ තරං නොදකින සතෙක් නෙමෙයි. නමුත් මීමින්නා ටිකාක් දුර්ලභයි. මේ පාර මැදිනුත් රෝද පාරක් තියෙනවා පේනවා ඇති. ඒ ත්‍රීවිල් වල මැද රෝදේ ගිහින් හැදුන පාර. 
මේ පාර වැටිලා තියෙන්නෙ කලමැටිය කලපුවේ මායිමේ. මේ කලපු බිමට මම පොඩ්ඩක් ගියා සුලුදිය ටිකක් බාලා එන්න. ඔන්න එතකොට දැක්කා ඈත පඳුරු අස්සෙ වඳුරො සෙට් එකක්. අවාසනාවට වඳුරු රංචුවේ විස්සක් විතර හිටියත් උන් ඔක්කොම පඳුරු අස්සෙන් පැනලා ගියත් එක පොටෝවක් වත් ගන්න ලැබුන් නැහැ. එක අතකින් වඳුරු අමුතු සතෙක්කැයි පොටෝ ගන්න
 මේ එන හරක් කාන්ඩයෙ ඉන්න අවසාන හරකා නැවතුනා අනික් උන් ටික ගියා. අවසාන එකා ටික දුරක් ආපස්සට ගිහින් නැවතිලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මට ටිකක් බය හිතුනා. මම නිකං වෙන ගමනක් යනවා වගේ හැරිලා ආයිත් පොඩඩක් ඇතුල් අඩිපාරකට ගිහින් හරකාට යන්න ඇරියා.ඌත් මට බයේ වේගෙන් ගියා. ඌ අනින එකෙක්ද මන් දන් නැහැ අං දෙක ටිකක් දිගට තිබුනා. 
මේ පොටෝවේ වනජීවින් දෙන්නෙක් ඉන්නවා. එකෙක් මොණරා. පාරෙ ඈතින් ඇවිදං යන්නෙ ටිකක් පාර දිහා බැලුවානම් බලාගත හැකි. ඒ වගේම පැත්තක පඳුරකින් පාර බලන්න මාන බලන තලගොයි හාමි කෙනෙකුගේ ඔලු කෑල්ලෙන්  ටිකකුත් සැලකිල්ලෙන් බලන කෙනෙකුගේ ඇසට අසුවේවි. 
එක පැත්තකින් කලපුව අනික් පැත්තෙන් කැලේ. ඒ කැලේ තියෙන පැත්තෙ ඉඩමක් මේන් මේ වගේ එළි පෙහෙලි කරලා තිබුනා. මට පෙනුන විදියට මේ කලපුව අසබඩ පාරෙන් එහාපැත්තෙ බිම වනජීවින් බහුල තැනක්. ඒ වගේ පලාතක මේ විදියෙ කැලෑ ගිනිතියලා ගොයිතැන් කරන එක පරිසරය පැත්තෙන් බැලුවොත් සුබදායක නැහැ.  මූකලං කැලේ සත්තු වතුර බොන්න එන්න වෙන්නෙ මේ විදියෙ ඉඩකඩම් ගිනිතිබ්බාම උන් ලොකු අමාරුවක වැටෙනවා ඇති.
මේ කලමැටිය කලපුව. කලමැටිය කලපුව අභයභූමියක් විදියට තමයි නම් කරලා තියෙන්නෙ. ඒත් කලපුව මැද ඔරුකාරයෙක් මාලු අල්ලනවා දැක්කා. එක වෙලාවක ඒ මාලු අල්ලන මිනිහා තමුන්ගේ හබලෙන් දෝයි බෝයි ගිල වතුරට ගහනවාත් දැක්කා. අරුම පුදුම අභයභූමි. සමාර විට අනාදිමත් කාලෙක ඉදලා මේවා රක්ෂිත වෙන්නත් කලිං මිනිස්සු මේ කලපුවේ ධීවර රස්සාව කරනවා ඇති. 
කලපුවට වතුර එන එක ඇලක් හෝ ජල මූලාශ්‍රයක් තමයි මේ. මේ ඇලවල් වල මී හරක් නම් ඇති පදං දැකගන්න පුලුවනි. කොක්කු සහ වෙන්ත සතුන් කඩොලාන කැලේ ඇතුළට වෙන්න ඉන්න ඇති. දැක්කෙ නම් නැහැ. ඒත් සද්ද නං ඇහුනා.


මීගවයින් දක්කාගෙන යන ගොපල්ලෙක් තමා මේ ඉන්නෙ. උස්සන්ගොඩ ගැන කියවෙන ජනප්‍රවාදයන් අනුව උස්සන්ගොඩ පැත්තේ ඉඳලා තියෙනවා මංගර කියාල දෙවිකෙනෙක්. එයා තවත් දෙවි කෙනෙක් එක්ක රන්ඩුවක් ඇතිවුනාට පස්සෙලු ඒ ලේ වලින්ලු උස්සන්ගොඩ රතුපාට වුනේ. ඒ මංගර දෙවියන් ගොපලුන්ට ආරක්ෂා කරන දෙවි කෙනෙක් විදියට කාලයක් ගරුබුහුමන් ලබලා තියෙනවා. දැන් නම් දෙවිගොල්ල අඩුවෙලා නැතිවෙලා ගිහින් ඇති. 
සරුසාර කඩොලාන පරිසරය, හම්බු පන් පන්වර්ග තෘණ,නෙලුම් මානෙල් ඇතුලත් පරිසර පද්ධතිය හිතට සැනසිමක් එකතු කලා. ටික වෙලාවක් නැවතිලා හුලං පාර විඳගන්න කියාපු තැනක්. 
මේ තමා කලපුවේ අවසානය. කලපුවෙන් පස්සෙ ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානෙ සමාර අය කලපුවෙ ගාල් හදාගෙන හරක් ඇතිකරනවා. එල ගවයින් මී ගවයින් ආදිය. ඒ වගේම සමාර ජනතාව ධීවර හෝ ගොයිතැන් කටයුතු කරනවා ඇති. මොනවා නමුත් මේ වගෙ සංවේදී තෙත් බිමක් ජනාවාස එක්ක තියෙන සමීපතාවය වැඩියි. කලමැටිය කලපුවේ අනික් පැත්තෙ කෝමද දන් නැහැ. මේ කියන්නෙ කලමැටියෙ උස්සන්ගොඩ පැත්තෙ මායිම ගැන
. ඉතිං මෙ අමතර පිංතූරු කිහිපයත් එක්ක උස්සන්ගොඩ සංචාර සටහන නිමා කරනවා. එකම සටහනකට මේ තුනම එකතු කරන්න පුළුවන් වුනත් එතකොට දීර්ඝ වෙහෙසකර එකක් වෙන නිසා මං කොටස් කරලා තමයි ලිව්වෙ.

13 comments:

  1. ශා... අර ඇළ පාර නම් හරිම ලස්සනයි. කෝකද ඉතින් ඔය කියන උස්සන්ගොඩ කදු මුදුන

    ReplyDelete
    Replies
    1. ලොකු කන්දක් නැහැ පොඩි ගැටටක් වගේ එකක් තියෙන්නෙ ..

      Delete
    2. ගැටයක් වුණත් එක් නෑනෙ යකො...
      මාත් මෙච්චර කල් බලංහිටියෙ ඔය කියන කදු මුදුන බලන්න
      සැක් ඉතරක්..
      චාමරය අපිව කාල..
      උස්සන්ගොඩ කදුමුදුනට සිසිල ගෙන එන

      Delete
  2. Boga daana unta bena bena umba koheda sulu diya demme kiyapan macho

    ReplyDelete
  3. දියකාවො ( cormorants) වැඩියෙන් ඉන්නෙ රට ඇතුලෙ ජලය තියන තැන්වල.
    කලපු ආශ්‍රිත ප්‍රදේශවලත් උන් සමහරවිට දකින්න ඉන්නව.
    ඒත් විවෘත වෙරලේ ( open coast ) වාර්තා වෙන්නෙ නැහැ මන් දන්න තරමට.
    කලමැටිය කලපුවක්නේ.

    ReplyDelete
    Replies
    1. දියකාවො කියන්නෙ මූදු වෙරලෙ නොඉන්න කුරුල්ලො ජාතියක් නෙවෙයි, සාමාන්‍යයෙන් seabird කෙනෙක් හැටියට ගනන් ගැනෙන කුරුල්ලෙක් විශේෂයෙන්ම කූඩු හදන්න rocky beaches වල. ලංකාවෙදි නම් මමත් කවදාවත් බීච් එකක දැකල නෑ සමහරවිට මෙතන කඳු එක්ක බීච් එකක් නිසා වෙන්න ඇති. ලංකාවෙ කලපු වල නම් අනන්ත ඉන්නවා.

      Delete
  4. pissuwa honda nadda yako

    ReplyDelete
  5. මම කවදාවත් ගිහින් නැති තැනක්.. බොහොම ස්තුතියි මේ ෆොටෝ ටිකටයි විස්තරේටයි.

    ReplyDelete
    Replies
    1. ලොකු වෙහෙසක් නැහැ..කතරගම යනකොට යත හැකි..දැන් බලන්න තැන් ගොඩයි නෙව..හම්බන්තොට වරාය..මත්තල ගුවන්තොට අලුත් සංචාරක ස්ථාන..

      Delete
  6. වෙරලෙ කක්කුට්ටො නෑ බං...
    කකුළුවො මිසක්...

    ජුන්ඩයියව තම මිරිකන්න වෙන්නෙ උන්ට

    ReplyDelete
  7. මේ සටහන් ටිකම කිහිප පාරක් කියෙව්වා. උස්සන්ගොඩ මේ තරම් විවිධත්වයක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ. මේ වගේ ලිපි වලින් තමයි තේරෙන්නේ අපි කොයිතරම් පොඩ්ඩයිද දැනන් ඉඳලා තියෙන්නේ මේ තැන් ගැන කියලා.
    කොළඹට දුර නිසා අපිට මේ තැන් මේ වෙද්දි මඟ හැරෙනවත් වැඩි. ඒක අවාසනාවක්.

    ReplyDelete
  8. අඩේ.... අපේ ගම්පලාත් හරියටම ඇවිත්..... උඔ  උස්සන්ගොඩ පිට්ටෙනියට ගියාද බන්.... හරිම ගුප්ත තැනක් ඒක..... අක්කර ගනනාවක පිට්ටෙනියෙ තැනින් තැන ලොකු රවුම් විදියට තණකොල මැරිල ගිය සලකුණු තියෙනවා........

    ඔය පිට්ටනියෙ තියෙන කලු ගල් ඒමත් හරි අමුතුයි.... යකඩ වගේ...ලොකු උණුසුමකට අහුවෙලා පිච්චිලා තියෙන සලකුණු තියෙනවා....පස රතුම රතු පාටයි....

    ඔය පිට්ටනිය ගැන නං අමුතු කතන්දර ඒමත් තියෙනවා....ඔය හරියෙ හොටෙල් කීපයක්ම හදන්න ගිහින් ඒ සියල්ලෙම වැඩ නතර උනා අමනුස්ස සීන් වගයක් ඇවිත්......

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...