Sunday, July 6, 2014

පුඤ්ඤසෝම කලාව සහ අපි


උදයකාන්ත අයිති එක්ස් කියන පරම්පරාවට. එක්ස් කියල දැක්වෙන පරම්පරාව ඉන්ටනෙට් එකට කලිං තරුණ වියට පත්වුන පරම්පරාව. වයි කියල හඳුන්වන්නෙ ඉන්ටනෙට් එකත් එක්ක තරුණ වියට එළඹෙන පරම්පරාව. මේ පරම්පරා දෙක අතර වෙනසක් තිබෙනවා. එක්ස් කන්ඩායම හඳට ගියේ දැනට තියෙන ඇපල් අයි ෆෝන් එකටත් වඩා පොඩි ප්‍රොසෙසරයක් එක්ක. ඒ මට්ටමේදි මිනිස්සුන් තාක්ෂණික උපකරණ වලට වඩා බොහොම බලවත්. නමුත් වයි කන්ඩායමට තාක්ෂණය කියන්නෙ අලුත් දෙයක් නෙමෙයි. එයාල තාක්ෂනය සමග වැඩිපුර ගනුදෙනු කරන අලුත් පරම්පරාවක්.

උදයකාන්ත වර්ණසූරියගේ ඉස්පැක්ටර් පුඤ්ඤසෝම බැලුව දවස්වලම ඉවන්ට් කිහිපයකට යන්න මට අවස්ථාව ලැබුනා. එකක් කොළඹ සෝසල් මීඩියා දවස, අනික නයනහාරිගේ සේයාරූ ප්‍රදර්ශනය අනික් එක ස්කිට්සෝ ලගේ ශෝ එක.. එක කාලයකදි අපි ලැබෙන චාන්ස් මග අරින්න හොද නැහැ. ඉන් පස්සෙ අපිට ඒ වගේ කාලයක් ආයිත් එන එකක් නැහැ. ඒ නිසා මම නම් බෝඩිමට වෙලා නිදියගන්න එකට වඩා විසාල ප්‍රයෝරිටි එකක් අනෙකුත් කලා වැඩ වලට දෙනවා.

උදයකාන්ත පුඤ්ඤසෝම හදල තිබුනෙ අමාරු වටපිටාවකදි. මේ කාලෙ සාමාන්‍යයෙන් කවුරුත් බොහොම බය හිතෙන චරිත ගැන. නමුත් ඉන්ස්පැක්ටර් පුඤ්ඤසෝම වඩාත් සාධාරන විදියට හැදිලා තිබුනා. ඇහැට පේන විශාල වැරදි ගොන්නක් සිනමා භාවිතය ගැන තිබුනත් පුඤ්ඤසෝම පවතින රාමුව තුල සාරථක කතා වස්තුවක් බවට නිසැකවම කියන්න පුලුවන්.

වර්ථමාන ආන්ඩුව ඉවරවෙලා සාර්ථක පොරක් ආන්ඩුවට ආවොත් අපේ ප්‍රශ්ණ විශාල සංඛ්‍යාවක් විසඳෙනවා කියලා පිරිසක් බලාගෙන ඉන්නවා. ඔවුන්ට අනුව අපේ වැරැද්ද තියෙන්නෙ අපේ නෙමෙයි. අපෙන් පිටත තිබෙන රාජපක්ෂ රෙජීමය හෝ වෙනයම් ඒ වගේ සාධයකයක් මත. අපිට ගොඩක් දේවල් කරන්න බැරි වෙලා තියෙන්නෙ ඒ පාලනය නිසා. කියලා බොහෝ දෙනා කියනවා. නමුත් ඒක අපි විසින්ම සමාර වෙලාවට හදාගෙන තියන නීතියක්. උදයකාන්ත මහත්මයා ඉතාම ලස්සනට කොස්තාපල් ඇතුලු පොලිසිය අමුවෙන්ම විහිලුවට ලක්කරලා පෙන්වනවා ආන්ඩු විරෝ කස්ටිය අපි බයකරන විදියෙ අමු මර්ධනයක් මේ පද්ධතිය තුල නැහැ කියලා උදයකාන්ත අපිට ලක්ෂණට පෙන්වනවා. ඒ වග යම් මර්ධනයක් තිබුනත් ඒ තුල පවා නිර්මාණයන් කරන්න බැරිවෙන විදියේ නිදහස සීමා කිරීමක් නම් නැහැ.

ස්කිට්සෝ ලගේ මියුසිකල් එක දවසෙ ගොඩක් තරුණයො බොන්න තියෙන කෑදරකම මම ඇස් ගෙඩි දෙකින්ම දැක්කා. බොන්නෙ ගංජද එහම නැත්තම් අරක්කුද කියන එක නෙමෙයි වැදගත් බොනවා කියන සංසිද්ධිය. අද ඒ ජාතියෙ බිමක් කියන්නෙ නිර්ධන පංතියට අයිති විනෝදයක් නෙමෙයි. අරක්කු බාගයක් අරං බයිට් ටික අරගෙන සැන්ඩි දාල ගහන්නත් රුපියල් හය හත්සීයක් යනවා. ඒ විනෝදය අහිමි කරගන්න ගොඩක් තරුණයො කැමති නැහැ. සමාරවිට ඔවුන්ගේ පරම විනෝදය තියෙන්නෙ ඒ ලබාගන්නා එතනෝල් හෝ නිකොටින් මත. ඔවුන්ම සමාර වෙලා වන් වල ලංකාවෙ දුප්පත් අය ගැන ලොකු කතාන්දර කියනවා.

අරක්කු බීම එක අතකින් මේ කැත ආන්ඩුව ශක්තිමත් කිරීමක්. විශාල බදු මුදලක් අපි ආන්ඩුවට ඒ හරහා ගෙවනවා. අනික් අතින් සියලුම දේශපාලනික අදහස් පහල වන්නේ මත් ගතිය හරහා නම් ඒ මත උඩින් වැටෙන මතවාදි අදහස් වල තියෙන ගැඹුර සහ පැතිරීම ගැන ඇතිවන්නෙ සැකයක්.

අද සමාර ඉවන්ට් වලට අපි ගියාම කැමරා කාරයො හොම්බ දිග කැමර් අරගෙන එහෙ මෙහෙ කැරකෙනවා දකින් ලැබෙන එක සුලබ වෙලා. පුඤ්ඤසෝම ගහපු උදයකාන්ත පාවිච්චි කරලා තිබුනෙ පරණ කැමර් කියලායි මට හිතුනෙ. මේ අලුත් පරපුර අත තියෙන කැමරා දැක්කම මට හිතෙන දෙයක් තමයි කෝ ඕයි ඕවයින් ගහන පොටෝ ? කියන පස්නය? කෝ ඇත්තට ඒවයින් ගන්න පොටො සහ විඩියෝ. ??

ලංකාවෙ ජනප්‍රිය යූටියුබ් චැනල් කීයද තියෙන්නෙ? ඒවයිත් දෙක තුනක්ම පිටරට ඉන්න ලංකාවෙ අය කරන ඒවා. අනික් ඒවා මියුසික් වීඩියෝ. ඊට අමතරව යූ ටියුබ් එකේ විශාල දෙයක් ලංකාවෙන් කියලා නැහැ.

කාලයක් තිබුන ලොකු චෝදනාවක් තමයි හැකියාව තියෙනවා කාරුවත් අත දෙන් නැහැ කියන කතාව. අද ලෝකය වෙනස්. අද වීඩියෝවක් හදාගන්න නම් පොටෝ එකක් ගහගන්න පෝන් කැමරාවක් තියේ නම් පුලුවනි. අන්තර්ජාලය කියන මහා සාගරය තියෙනවා ඕනි හැටියෙ නිර්මාණ මිනිස්සු අතරට යවන්න. ලංකවෙ වගේම පිටරට ට වුනත් ලේසියෙන්ම අපිට පුලුවනි නිර්මාණ යවන්න අන්තර්ජාලය පාවිච්චි කරලා.

අන්තර්ජාලය ලංකාවෙ අපි මොන විදියට කලාවට යොදාගන්නවද? තාමත් අපි චිත්රපටි සංස්ථාවට, කලා ඇමතිට, එහෙම නැත්තං ජේෂ්ඨ කලා කාරයින්ට බනිමින් කාලය නාස්ති කරන එක කොයි තරම් සාදාරනද?

නයනහාරිගේ ප්‍රදර්ශනය වැදගත්. ඒ නයනහාරි පොටෝ අරං තිබුන ජාතියෙ පොල් අතු වාඩිවල මාත් පුංචි කාලෙ ඉදලා තියෙනවා. ඒ ලංකාවෙ මෙහා කොනේ දකුනෙ. ඒ පෙටෝ බලන අය පොටෝ වල මිනිස්සු දිහා බලමින් ඉන්න කොට මගේ ඇහැ ගියේ පොල් අතු පැලේ තිබුන වෙනත් දේවල් වලට. එක පොටෝවක තිබුනා ඒ කට්ටිය ඉන්නෙ දුප්පත්ම ලක්ෂණ තිබුන පැලකට.පොඩි එකා එල්ලලා තියෙන්න සාරි කෑල්ලක. හැබැයි ඒ ගෙදර වටිනා කමින් වැඩි, ගැහැනු බාවිතා කරන පවුඩර් ටින් එකක් තිබුනා. සමාර විට ආධාර ලැබුන එකක් වෙන්න ඇති.

මගේ මතය වුනේ නයනහාරි ඔය ලයනල් වෙන්ඩ්ට් එකේ ප්‍රදර්ශනය තියනවාට වඩා පාරෙම, ස්ටේෂන් එකක,පිටකොටුව බස්නැවතුමේ තියන්න පුලුවන් නම් හොදයි කියන එක. ඒක මම අදහස් පොතේ ලිව්වා වාගේම නයනහාරිට කටිනුත් කිව්වා. එයා බොහොම නිහතමානිව ඒක පිලිගත්තා. තවදුරටත් අපි කලා නිර්මාණ ඔය ඉපැරණි වෙන්ඩ්ට් වගේ කලාගාර අස්සෙ වලව් පිංතූර වාගේ ගහං ඉන්න එක තේරුමක් නැහැ. නයනා කිව්ව විදියටම ඒ පොටෝ වල නිරූපිත මිනිස්සු කවදාවත් හුරු වෙලා නැහැ වෙන්ඩ්ට් එකට ඇවිත් පොටෝ බලාන්ඩ. පිටකොටුවෙ බස් ටෑන්ඩ් එකේ පේන තැන ඕක තිබුනනං අඩුතරමෙ එයාලගේ නෑයෙක් හරි බලාවි යන එන ගමන්.

කැමරාකරුවන් කියන අයට කැලෑ සත්තු, ගස් වැල් මල් සහ වෙඩින් වලට අමතරව සමාජ වගකි්මක් තියනවාය කියන කාරනාව ගෑනියෙක් වෙලත් නයනා ලස්සනට මතු කරලා තිබුනා. මහා විසාල දෙයක් නයනාගේ පොටෝ තුල නැහැ. නමුත් අපි දකින් අකමැති ඇත්තක් තියෙනවා. ඒ තමයි උතුර සහ දුප්පත්කම. අපි හිතන තරම් උතුර ලස්සන නැහැ කියන එක. මිනිස්සු ඇහැට ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවත් දකින්න අකමැති දේවල් එයාලට පෙන්වන්න අපි උත්සාහ කරන්න ඕනි. හැමෝම නැතත් ටික දෙනෙක් එතකොට තේරුම් ගනී රජයේ විද්‍යුත් මාධ්‍ය වලට එහා ගිහිපු ලෝකයක් ලංකාව ඇතුලෙම තියනවා කියලා.

බූන්දි වගේ සයිට් එකක් ගත්තොත් දේශපාලනික නොවන ආන්ඩු විරෝධී නොවන ලිපි ඒකෙ පලවෙන්නෙ නැහැ කියල චෝදනාවක් තියෙනවා. ආන්ඩුව පැත්තෙන් කලාවට ආන්ඩු පාක්ෂික විම ප්‍රමුඛතාවය ලැබෙන්න හේතුවක් වෙනවා වගේම බූන්දි ඇතුලෙදි විරෝධාකල්ප දරන නිර්මාණ කිරීම ඒ සයිට් එකේ ප්‍රමුඛතාවය ලැබෙන්න හේතු වෙනවා. දෙකම එකම විදියක මර්ධනයක්. හැබැයි පැත්ත වෙනස්. බූන්දියට ආදර කවි යවපු යාලුවෙක් කිව්ව විදියට ආදරය ඒ සයිට් ඇඩ්මින්ලාට අනුව කවියකට හේතුවක් නෙමෙයි.

කලාව කියන්නෙ විශාල පරාසයක්. ඒක ඇතුලෙ කලාකාරයාගේ දේශපාලනය අනෙක් හැම කෙනාගෙම දේශපාලනයට වඩා පලල් විය යුතුයි. උදාහරණ විදියට ලංකාවෙදි දුප්පත් මිනිස්සුන්ගේ එකම මට්ටමේ ඉන්න එකම පවුලේ අය පවා පක්ෂ අනුව රතු,නිල්,කොල පක්ෂ තුනකට බෙදිලා. එයාලට ඔය කියන පන්ති වෙනසක් පන්ති අරගලයක් නැහැ. දුප්පත් කමේ පතුල පවා පාට තුනකට බෙදිල ඒ ඒ පාට වඩා ලස්සනයි කියලා වෙන වෙනම හිතනවා. ඒක අස්සෙ කලාකාරයත් ගිහින් අනේ ඔයාල සමහර අය හිතං ඉන්න නිල් කොල පාට කැතයි..රතු තමයි ලාස්සන කියනවා නම් ඒ තරං මැටි වැඩක් තවත් නැහැ.

අපේ ලංකාව කලා නැඹුරුව අතින් පසුගාමියි. අපේ නිර්මාණ තුල පවා සමාජය ගැන දැඩි අසුබවාදි මානයක් දකින්න තියෙනවා. අපිත් ඉස්සරහට ගිහින් මිනිස්සු අතරට කලා නිර්මාණ ගෙනියනවා නම් අර උදයකාන්තට වගේ යට ඇඳුම් ප්‍රසිද්දියෙ පෙන්වන්න වේවි. නැත්තං කෙහෙල් ලෙල්ලට ලිස්සල වැටෙන මෝඩ ජෝක් දාන්නත් වේව. නමුත් ඒවා අතර හරි පොඩි වෙනස් දෙයක් හරහා මිනිස්සුන් පණිවිඩයක් දෙන්න පුලුවන් නම් ඒක මාරයි.

18 comments:

  1. ඔබ හරි අමිල. අපේ ගොඩක් උන් බයිලා ගහනවා විතරයි. කරන්නේ නෑ. හැම එකාටම ඕන ඉන්ස්ටන්ට් නූඩලස් වගේ පබ්ලිෂ් කරපු ගමන් හිට් වෙන්න. පොපියුලර් වෙන්න පොරක් වෙන්න. පොරක් වෙන්න එහෙම ලේසියෙන් බෑ. මට තියෙන ප්‍රශ්ණේ තමයි මොකටද බූන්දියේ කවියක් දාගන්න හිඟා කන්නේ කියලා. අපේ ජඩමාද්දිය වේදින්ගේ කැතම කැත වැඩක් මම උඹට කියන්නද. මාතලන් කියන නමින් මගේ ළිපියක් පත්තරේකට යැව්වොත් එකෙක් වත් දාන්නේ නෑ. ඒත් වෙන නමකින් යැව්වොත් දානවා. ඒ තරම් මැට්ටෝ ඉන්නේ ජනමාධ්‍ය තුලත්. කැමෝටම ඕන පොරවල් වෙන්න විතරයි. වෙනසක් කරන්න ඕන කිව්වට. කියනවා විතරයි. කරන්නේ නෑ. බූන්දිත් නම හදා ගත්තයින් පස්සේ. එයාලගේ සෙට් එකේ ඒවා විතරයි දාන්නේ.

    උඹ දන්න අළුත් නිර්මණ කරන ඕන එකෙක්ගේ ඒවා තියෙනවනම් මට එවපන්. මම දානවා මගේ සින්ඩියේ. අඩුම ගානේ 400-500 වත් බලනවා කොමෙන්ට් නොකලත්. ඊට පස්සේ ගේම ගෙනියන එක කයිය ගහන එකාගේ වැඩක්. එහෙමවත් ඇබරෙන්න ඕන නෑ. අර උඹ කිව්වා වගේ ඇයි තමන්ටම කර ගන්න බැරි. කල්ට් එකෙත් දාලා තිබුනා ගප්පියා ගැන. ඇයි හැම එකාටම කතන්දර කෙනෙක්, ගප්පියෙක්. බුන්දීයක් වෙන්න බැරි. බැරිකමදද? නැත්නම් හැටිද?

    ReplyDelete
    Replies
    1. /ඇයි හැම එකාටම කතන්දර කෙනෙක්, ගප්පියෙක්. බුන්දීයක් වෙන්න බැරි. බැරිකමදද? නැත්නම් හැටිද?/

      මට හිතෙන්නේ ඕන කමක් නැති එක වෙන්න ඇති, එහෙමත් නැත්නම් හැමදේම ලඟට ලැබෙනකං ඉන්න නුගුණේ නිසා වෙන්න ඇති..

      Delete
    2. JehanR ගේ යූ ටියුබ් චැනලය දැක තිබේද?

      Delete
    3. jehanr kiyanne pissu huththek. u susthi gahana pakek.

      Delete
    4. නියම චැනල් එක. තැනක් යූ

      Delete
    5. appoooo me matalan nam sirawatama guu godak...okage keruwawa uutama hodai..ube ewa media wala danna uba porak da ban..uba guu godak ne..dammoth eawath gada gahai..

      uba fail charithayak

      Delete
  2. //ඉස්පැක්ටර් පුඤ්ඤසෝම// කොස්තාපල් පුඤ්ඤසෝම

    ReplyDelete
    Replies
    1. ඔවු එක මට නිතර අමතක වෙනවා..

      Delete
  3. පුන්යසෝම නම් බැලුවා,ඒත් හිනාවෙන්න තරම් දෙයක් තිබුනෙ නැහැ.මම හිතන්නෙ ඊයෙ පෙරේද බලපු,ද ගෝඩ්ස් මස්ට් බී ක්‍රේසි ෆිල්ම් එක හින්ද වෙන්නැති.

    ReplyDelete
  4. මං හිතන්නේ උදයකාන්ත එක්ස් පරම්පරාවේ නොවෙයි, ඔහු ඊට පෙර බේබි බූමර්ස් පරම්පරාවේ කෙනෙක්.

    දැන් නං ඔහු ඩී-ජෙනරේෂන් ද මන්දා?

    ReplyDelete
  5. kathandara,babyboomrs,sahaD generation kiyanne mokakda? poddak thoraladenna.

    ReplyDelete
  6. පුඤ්ඤසෝම නම් තාම බලන්න ලැබුනේ නැති නිසා ඒ ගැන මොකුත් කියන්න දන්නේ නෑ. එත් උදයකාන්ත වර්ණසූරිය කියන්නේ මම නම් ඉහලින්ම ආග්‍ය කරන කලාකරුවෙක්. එය මොන විදියට ආණ්ඩුවට කඩේ යනවද යන්නේ නැද්ද කියන අදාළ නැති උනත් තමන්ගේ නිර්මාණය නිර්මාණය විදියට ජනතාවට දෙන්න දන්නා අතලොස්සක් අතරින් එකෙක්. උදයකාන්ත හදපු තාමත් බලන්න ආස හිතෙන ෆිල්ම් එකක් තමයි "ගිනි අවි සහ ගිනිකෙළි".
    පට්ට සින්දු විතරක් මිස හරි හමන් දෙබස්වත් නැති සමහර අලුත් සිංහල ෆිල්ම වලට වඩා "ගිනි අවි සහ ගිනිකෙළි" තාමත් ගව් ගානක් ඉදිරියෙන් කියල තමයි මට හිතෙන්නේ.

    SKITZO ලගේ සින්දු වගයක් මට ඊයේ පෙරේද YOUTUBE එකෙන් හම්බ වුනා. ඒ සින්දු ඇහුවම නම් ආපහු ගල් පොල් අරක්කු බොන්න ඕන නැහැ. අහනකොටම ඔලුවටම බොක්කටම වදිනවා. නමුත් ඒවා බොහෝ දෙනෙක්ට දිරවන සින්දු නම් නෙමෙයි. හැමදාම මල් සින්දු වලට බූට් සින්දු වලට වහ වැටිච්ච එවුන්ට SKITZO ලගේ සින්දුවක් දිරවගන්න නම් ඉතින් කාලක් වත් ගහන්න ඕන වෙයි.

    ReplyDelete
    Replies
    1. අයෙත් සිංහල චිත්‍රපටි නම් බලන්නේ නෑ කියලා හිතුණා පුඤ්ඤසෝම බැලුවට පස්සේ. ගොට්ට අල්ලන කටිටිය මොන විචාර දුන්නත් චිත්‍රපටි නිර්මාණය නොකළ යුත්තේ මෙන්න මේ විදියටයි කියන කට උදයකාන්ත මහත්තයා උදාහරණයක් ලබාදීලා තියෙනවා. ඒකට නම් ස්තූති කරන්නම ඕන. කොස්තාපල් පුඤ්ඤසොම කියන්නේ විහිලුත් නෙවෙයි, ගොන් පාටුත් නෙවෙයි. වෙන මොකක්ද එකක්. විකාරයක්.

      Delete
  7. කලාව කියන එක අද ලංකාවෙ පැත්තෙන් පැත්තට වෙනස් කියලයි මට හිතෙන්නෙ.මහා ලොකු පඩි වදන් ලියන්න තේරුනේ නැති වුණත් මට ඒක හැගෙනවා.අපේ ගමේ තේ කුඩ්ඩා ගේ මුද්‍රා නාට්ටි මුලු පලාතෙම පෙන්වනවා. හැබැයි එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා තරම් බලවත්ද නැද්ද කියන එක මට තේරෙන්නෙ නෑ .ඒත් දාස් ගණන් මිනිස්සු රෑ එළිවෙනකං ඇහැරගෙන තේ කුඩ්ඩගෙ නාට්ටි බලනවා.ඒත් තේ කුඩ්ඩ කලා කාරයෙක් ඒ මිනිස්සුන්ට විතරයි. ඒ ඔහුගෙ කලාත්මක බාවය ප්‍රාථමික නිසා වෙන්න පුළුවන්.ඒ වගේම මං පුංචි කාලෙ වේදිකා නාට්ටියක් බැලුවා නම ස්මාරකය ආරියරත්න අත්තනගොඩ කියල ගුරුවරයෙක් නිර්මාණය කරපු නාට්ටියක් .සමාජයට වැදගත් ආර්ශයක් සපයපු එකක්. රටේ මිනිස්සු දන්නෙ නෑ එහෙම එකක් තිබුණද කියල. ඒ වගේම ඒ ගුරුවරයා වීදි නාට්‍ය පෙන්න පෙන්න ප්‍රදේශ ගණනාවක් පුරා ගියා. මිනිස්සු සෑහෙන දෙනෙක් නරඹන්න එනවා. ඒක මේ රටේ බහුතරය දන්නෙ නෑ.ජාතික මට්ටමෙන් නොගියත් ජාත්‍යන්තරයට නොගියත් ප්‍රාදේශීය වශයෙන් කලාව දියුනුයි. ඒත් ඒ තත්වය තව තවත් දියුණු කරන්න ජාතික මට්ටමින් උත්සාහයක් ගන්නවනම් මේ රටේ කලාව විවිධ පැතිකඩයන් ඔස්සේ දියුණු කල හැකියි. නමුත් ස්ටාර් සංකල්පය මගින් ගායකයින් බිහි කරන්නට මාධ්‍ය ගන්නා උත්සාහය ඇත්තටම මේ රටේ කලාව දියුණු කරන්නට ගන්නා උත්සාහයක්ද යන්න සැක සහිතයි.මොකද මේ රටේ ප්‍රවීන ගායකයින් විසින් ගායනා කරන ගීත ඔවුන්ටත් වඩා ලස්සනට ගායනා කරල ස්ටාර් කෙනෙක් වෙන අය ඊට පස්සෙ සිංදු ගායනා කරනවද කියනවද කියල හිතෙනවා.ඒ තරමට අහන්නවත් අප්පිරිය ඒව තමයි මේ සාමාජෙට ගේන්නෙ. වැරැද්ද කාගෙද කොතනද කියන එක සමාජය දන්නවා. හැම දේම බලය ධනය යටකොට තියෙන බව විද්‍යාමාන නොවන්නේද,

    ReplyDelete
  8. යූ ටියුබ් ලින්ක් එකක් අහුවෙලා මාත් බැළුවා ඕක මේ ලගදි.. ඒත් හිතන තරම් දෙයක් නම් ඒකේ තිබුනේ නෑ..

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...