Thursday, July 24, 2014

ජොකා සහ සංස්කාරකයා underwear vs editor

ඊයෙත්රෑ තිස්සෙ එඩිට් කරලා තව පොඩි කෑල්ලක් ඉතිරිවෙල තියෙනවා මැගසින් එකේ.මේ මැගසිම වාම පැත්තට හෝ ආන්ඩුවට විරුද්ද පැත්තට බර එකක්. එතකොට තියන ඒවා රැඩිකල් වෙන්න ඕනි. නැත්තං මැගසිම දිහා බල්ලෙක්වත් බලන් නැහැ. කෝමත්මේ මැගසිම ගන්නෙ බොහොම ටික දෙනයි. ඒක තියාගෙන ඉන්නෙත් යාන්තං කිහිප දෙනෙක් නිසා. හෙට වුනත් විප්ලවේ ඉල්ලන උන්ගේ සෙම බේරෙන කවි විතරක් මේකෙ දැම්මනං ලියන උන්වත් මේක කියවන් නැහැ. 

තව පොඩ්ඩක් ඉඩ ඉතිරිවෙලා තියෙනවා පේජ් එකක. ඒක එයා හිතාමතාම ඉතිරි කලා. දවස් දෙක තුනක් තිස්සෙ දැන් මේ බඩකඩුත්තුව එක්කම හැප්පිල ලේඛකයාට දැන් මහන්සියි. ඒත් මොනව කරන්නද ලේඛකයා සංස්කාරකයා ඔක්කොම එකා නෙව. ඒ ඉතිරි වෙච්චි ඉඩට දාන්න ඉන්නෙ පිංතූර කතාවක්. ලොකු බක්කක් නැහැ. පිංතුරයක් දැම්මා කතාවක් දැම්මා. කෝ ඒකට පිංතුර. හාඩ් එකේ ඇති. ඔක්කොටම කලිං ගිහින් මූන කට හෝදං එන්න ඕනි. එහෙම හිතපු සංස්කාරකයා එලියට බැස්සා කාමරෙන්.

වැලේ වනලා තිබුන සංස්කාරකයාගේ විශාල සිදුරක් තිබෙන ජොකා සංස්කාරකයාට අලුත් හැඟීමක් ඇතුලු කලා. ඒකෙ පරණ සයිස් රුපියලේ කාසියක් දාන්න පුලුවන් සයිස් සිදුරක් තියෙනවා. සංස්කාරකයාට දැන් අයිඩියාස් ගලනවා.. පස්සෙ පිංතූෙර ගහන්න පුලුවන් කියලා හිතාගෙන දැන් සංස්කාරකයා පිංතුරෙ හිතිං එඩිට් කරනවා.. 

පිංතුරෙ ගත්තා.දැම්මා බැක්ග්‍රවුන්ඩ් එකට තල් පිට්ටනියක්, කැඩිච්ච ගයෙක් තියෙන යුද්දෙන් පස්සෙ යාපනේ ලයින් එකේ පොටෝවක්. දැන් පොටෝව පේන්නෙ වේලිලා ගිය, යුද්දෙන් විනාසවෙච්චි තැනක වැලක වනල තියෙන වෙඩිවැදුන වගේ හිලක් තියෙන ජොකෙක්. හරි පිංතුරෙ පස්සෙ හදාගමු දැන් කවිය ලියල ඉමු. දැන් සංස්කාරකයා නොහොත් ලේඛකයා ලියනවා කවිය. 

කාගෙද මේක
මේ සිදුර කුමක් නිසාද 
මේ යට ඇඳුම
විරුවකුගේද
නැතිනම් සතුරකුෙග්ද?
ඔහු ඇඳන් සිටින විටම මේ යට ඇදුම
සිදුරු කරගෙන උන්ඩය ගියාවත්ද?
සිංහල දෙමල මුස්ලිම්
කාගෙද මේක?
රස පරීක්සකයෙක් රස බලා
බාගෙදා මේක තම්බිද නැද්ද කියාවි
උන්ට අග හිඟ එක තියෙන නිසා
කියන්න හැකි වේවි ලේසියෙන්ම
ජොකාගේ හිමිකාරයා

වියලුනු බිමේ වියලි වියලි තිබෙන
මේ යටෑඳුම වගේ නේද ජීවිත
යුද්ධය මැදින් කොහේ ඇවිද ගියත් 
නිස්කාරනේ වේලෙන තෙමෙන
සිදුරු වුන වැඩක් නැති ජීවිත

 උණ්ඩයකින් සිදුරු වෙන තෙක් 
යුද්දය අස්සෙ ඇවිදින සන්නාහ වලින්
වටවෙච්චි ජීවමාන ජොක්කු

සමාරවිට තන් හා රතී රඟා මර දූවරු 
රෑට හොල්මන් කරද්දි
රතිය පිටකරගන්නත් තුවක්කුවෙන් වෙඩි තියන්න වෙන
අපේ කාලෙ වීරකයෙකුගේ වීර යට ඇඳුම..
කවුද දන්නෙ අයිතිකාරයා 
හිල් වුනු මේ යැටෑඳුමෙ.. 

සංස්කාරකයා නැවත කවිය කියෙව්වා. ම්හු..ඔහුට හරිගියේ නැහැ ඔහුම ලියපු එක. මේක හරිම අමුවෙන් කියපු එකක් නේ. ලංකාවේ 71,89,83 ආදී අවුරුදු ඉඳලාම සමහරු සමරනවා. හැබැයි ඒවටගේ සැමරුම් වලට ගන්නෙ ටිකක් බරසාර සිංදු..කවුද ඒවට අැන්ටන් ජෝන්ගේ "ෙප්මවතී මනම්පේරි තරුණිය..කතරගමේ සිටපු රූපරැජිනිය" වගේ සිංදු ගන්නෙ? පේමවතී මැරුනෙ භීෂනෙන්. සිද්දිය අන්තිම නරකයි. ඇනටන් ජෝන් කියන විදියට ඒක හැමෝටම තේරෙනවා. හැබැයි ඇන්ටගේ සිංදුව විරු ගීතයක් නෙමෙයි. ඒක අහනකොට මයිල් පිකප් වෙන් නැහැ. නැත්තං තේරුං යනවා වැඩි ගතියක් තියෙනවා..සික් මං ජොකා යුද බිමක වනන්න හොද නැහැ.බලමු වෙන තැනකවත් ජොකා වනලා..සංස්කාරක ලේඛකයා නැවත සිතන්නට ගත්තා..

අහ් ආව මරු අයිඩියාවක්. ආයිත් ජොකාමයි. වෙඩි වැදුන ජොකාගේ පාට වෙනස් කලා. දැන් ඒක තැඹිලි පාටයි. බැක්ග්‍රවුන්ඩ් එකේ පන්සලක්. සිවුරකුත් වැලේ වනලා තියෙනවා. 

කාලයක් තිස්සෙ
සිවුර එක්ක රැඳෙන
මේ සස්පෙන්ඩරේ
තනිපට දෙපට සිවුර
පටිය 
අඳනය සහිත 
අටපිරිකරට නැහැ නෙව
ඒ නිසා කවුරුත් පිං ගන්න
සස්පෙන්ඩර දෙන්නෙත් නැහැ නෙව
හයියෝ දෙයියනේ
ඕකක් පිරිකරට දුන්නම 
මොන සැප ලැබෙනවද කියලා
බණ පදයක් තියා ජාතකයක් වත් 
නැහැ නෙව
ඒ නිසා උපාසකම්මලාට
දෙන දෙනදේ යවන්න තියෙන 
පූජාකරන ගාථාවලට
ජොකා පුදන ගාථාවකුත් නැහැ නෙව..
ඒ නිසා හැමදාම හෝදලා හෝදලා
දැන් රුපියලේ කාසියක් පනින්න තරම්
හිලක් තියෙන සස්පෙන්ඩරේ
අලුත් සිවුරු අස්සෙන් 
වේලෙන අපූරුව..
සාදු කියන්න පිංතුවතුනි..
සාදු කියන්න..

මේක නම් මරු..ඒත්මේව මැගසින් එකට සැර වැඩියි. අවසානෙ හොයන් ඇවිල්ල බල සේනාව මගේ අනාගත කූට්ටමත් දිවිය ලෝකෙ යවාවි. මේකත් නවල කුනු බාල්දියට විසික් කරන්න ඕනි. කෝකටත් විසි නොකර ඔන්නොහො තියමු. ජොකා නිමිති කරගෙන ලියපු දෙවැනි පිංතුර කතාවත් ඒ විදියට හමාර වුනා.. 

ඇත්තටම ඇයි මට අලුත් එකක් ගන්න බැරි වුනේ..මේ ජොකා ඇත්තටම පරණයි. මේක වනමු අපි මැද පන්තියේ ඉගෙනගනිමින් ජොබ් කරන තරුණයෙකුගේ ඇඳුන් වැලක..

වඩේ එකෙන් එපිටට මට යන්න බැරිවුනා
කඩේ ළඟ සුවඳ විඳගෙන එන්න සිදුවුනා
මඩේ පිපුන නෙළුමක් වගෙ වෙන්න මට වුනා
පිපී දිලෙන මුත් මුල මඩ වලින් වට වුනා.. 

කොළඹ ඇවිත් රක්ෂාවක් සොයාගත් කල
ලොවම දිනුව යැයි මව්පියො පිනා ගිය කල
තවත් ඉහල යන්නට එක්සෑම් තිබු කල
මගේ වියදමට මදි නොව පඩිය මේ කල

ගෙදර ගේන්නෙත් නැතිනම් සල්ලිය බාගේ
බොන විදියක් වත් නැහැනේ  මේ අට බාගේ
සල්ලි කොහේ යනවද මේ අපෙ මෝලාගේ
කියා සිතනවා මවුපියො මසුරු සිටාගේ..

මසුරු සිටා ගෙන තිස්දාහක් කොල සල්ලී
එයින් බාගයක් දෙනවා විබාග සල්ලී
කොට්ට පනින්නට සිතුවත් නෑ මේ මල්ලී
කොට්ට තියා රවුමක් වත් පැන්නේ එල්ලී..

බෝඩිමෙ ගෑනි හට මසකට  තුනකුත් හරිය
කන්න බොන නාන එකටාත් දැන් හරි වියදමය
 ඇඳමක් පැලඳුමක් ගත්තත් උඩ හරියටය

ගත්තෙ නැහැ ජොකා වැහෙන්න නොපෙනන හරිය..

කවදා හෝ සමත්වී ඌ විබාග පේලී
යනවා ලොකු පුටුවකට ගෙන සහතික කෑලී
අාන් එදා එනතෙක් කටු කන මේ මල්ලී...ගේ
හිල ඇති  සස්පෙන්ඩරෙ යයි උගෙ පොඩි මල්ලී..


බෝඩිමක් ඉස්සරහ වනල තියෙන වැලක ජොකා.වනලා තියෙන විදිය පෙන්වලා පිංතුරෙ දමලා මේ කවිය දැම්මත් හරි..ඒත් ඉතිං කිසි ගෝ එකක් නැහැ නේ.. සික් ඒ පදවල කැත. එලිවැට තියෙල තියෙන්නෙ කෙහෙල් වැට වගේ..කෙහෙල් වැටේ කැන් හතර පැත්තටම වැටුනම ඒක වැට වගේ පේන් නැහැ..  මොන බම්බුවක්ද..මේ මැගසින් ඉඩට දාන්න ඕනි අර සිංහල මුස්ලිං දෙමල මස් හරක් මස් පිංතුරෙ..

ඒක දාල ජාතික සමගිය ගැන බයිලයක් ඇද්දම හරි.. මේ ජොකා දැම්මහම වගේ කැතකුත් නැහැ එතකොට.. ලේඛකයා නොහොත් සංස්කාරකයා සිතන්නට වුනා. ඔහු ජොකා තැන් තැන්වල වනමින් පොටෝසොප් වලින් ජොකා සහ බැක්ග්‍රවුන්ඩ් වෙනස් කරමින් කරන ලද මානසික ව්‍යෘයාමය නතර කර නැවත මස් කුට්ටි තුන සහ ජාතික සමගිය  ගැන මොකක් හෝ කතාවක් ලියන්නට සැරසුනා..

28 comments:

  1. ජොකා මීයෙක් කාලා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අර කවුද කිව්වලු නේද සිංහලයින්ගේ රසඥතාවද මොකද්දෝ එක පිරිහිලාය කියලා. මේක නම් ඒක නෙවෙයි. මූට ලියන්න දෙයක් හිතට එන්නෙත් නැහැ. නොලිව්වොත් තත්වෙට මදි. ඉතින් මේක ලිව්වා.

      Delete
    2. JOKA GE HIMI KARAYA KAKA

      Delete
    3. ane kaka...! adath awith mokak hari gon kathwak kiwwa neda?
      ane pls ban uba comment nokara idinko..!

      ube comment ekakata ekaga wena ekek pennapan balanna..! ubata thiyenne HEENAMANAYA.....! ube labbe katha kawaruth kiyawanne nathi ekata mun pali na yako..!

      Delete
  2. පට්ට පට පට අම්ලයො...
    ජොකෙක් හන්ද කයි තුනකුත් ලීව නේද...
    ඒක නෙමේ..
    ඇයි අර ජාති තුනක මස්...

    ReplyDelete
  3. මම හිතන විදියට අමිල ලියපු පට්ටම ළිපිය මේක. කන පැලෙන්න ගහලා තියෙනවා, ආයේ නෑ, විලි ලැජ්ජාවේ සන්තෝසෙන්ම ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මමත් බලපු ටිකෙන් මේක විශිෂ්ටයි..

      Delete
  4. හම්මේ මෙහෙමත් ගැහිල්ලක්... අවසානයේදි කාගේ උනත් ජොකා මධ්‍යම පන්තියටම සෙට් වෙන එක තමා වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ජෝගෙ උනත් කකා

      Delete
  5. සුපිරියි අමිල, ඔය කාගේ වැලේ වැනුවත් අන්තිමට හිල් ජොකා අන්දන්නෙ අපිටම තමයි බං...

    ReplyDelete
  6. උත්කෘශ්ටයි!

    ReplyDelete
  7. එල ද බ්‍රා. සුපිරියි පට්ටයි.

    ReplyDelete
  8. වනලා වනලා අවසානේ තැනක් නැති උනා..
    මස් කඩයේ කොක්කේ ජොකා වනලා බේරුනා..

    :D

    ReplyDelete
  9. 1 කවියට -

    දෙමළ ඩයස්පොරා එන්ජීඕ සල්ලි අරගෙන හමුදාවට කෙලවන්න හද තවත් එක පර බල්ලෙක්. මුන්ට ජොකා පේන්නෙත් රණවිරුවන්ට කෙලවන්න තීන උපකරණයක් විදියට. අඩෝ, තොගෙ අම්මට නරිය දැනගනින් අපී වීර රණවිරුවන්ට අපහාස කරාට තොගෙ ඔය ජොකා ඔලුවෙ දාල @!@$!%@$^##%& යවන්නෙ


    2 කවියට -

    තම්බින්ගෙන් සල්ලි අරගෙන සිංලයන්ට කෙලවන්න හද තවත් එක පර බල්ලෙක්. මුන්ට ජොකා පේන්නෙත් සිංහල බෞද්ධයට කෙලවන්න තීන උපකරණයක් විදියට. අඩෝ, තොගෙ අම්මට නරිය දැනගනින් අපී සේනාවෙ වීර ගැලවුම්කාරයට අපහාස කරාට තොගෙ ඔය ජොකා ඔලුවෙ දාල @!@$!%@$^##%& යවන්නෙ


    3 කවියට -

    විපක්ෂෙ ජාවාරම් කාරයන්ගෙන් සල්ලි අරගෙන රටබේරගත්තු ආන්ඩුවෙ පෙරලන්න හිතන තවත් එක පර බල්ලෙක්. මුන්ට ජොකා පේන්නෙත් රටේ මහා ආර්ථික දියුණුව විනාස කරන්න තීන උපකරණයක් විදියට. අඩෝ, තොගෙ අම්මට නරිය දැනගනින් අපී මුදල් ඇමති ගරු උතුමානන්ට අපහාස කරාට තොගෙ ඔය ජොකා ඔලුවෙ දාල @!@$!%@$^##%& යවන්නෙ



    ReplyDelete
  10. ඒඑක පාර තේරුම් ගන්ඩ බැරිවුණා...හත්අට වතාවක් උඩ යට මාරු කරල බැලුවම තමා කතාව තේරුනේ.....නියමයි...

    ReplyDelete
  11. හරියට බන භාවනා කරන හාමුදුරු වරුන්ට යට ඇඳුම් අවශ්‍ය නැහැ.

    ReplyDelete
  12. වත්කම් ප්‍රකාශනයක් කරන්න උනානම් හිල් ජොක්ස් එකයි කියලාත් ලියන්න වෙනවා.


    හොඳ සමාජ විවරණයක්.

    ReplyDelete
  13. ලොවෙත් නැතෝ...

    ReplyDelete
  14. උබ පලාතකටම වනල තියනවා ලොවෙත් නැති වෙන්නම

    ReplyDelete
  15. මට මතක් වෙන්නේ උඹ ඔය මස් කෑලි ටික වටේ රවුමක් ගිහින් ඇවිත් කිව්ව කතාව.
    "ඔක්කොම මස් එකම වගේ... හරක් මස් ගඳයි"

    ReplyDelete
  16. අති විශිෂ්ටයි...

    ReplyDelete
  17. ammata hukaganin ponna NGO ballo

    ReplyDelete
  18. පට්ට කියන්නේ වල්ල පට්ට

    ReplyDelete